මගෙ බ්ලොග් අඩවියෙ මම ලිව්වනෙ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගැන තිබෙන ජනප්‍රවාද කිහිපයක්. ඒව කියවල නැති අය කියවල බලන්නකො මෙන්න මෙතනින් ගිහිල්ල.
ජම්මෙද? පුරුද්දද?
සෘද්ධි තෛලය (කොටස් 1, 2)
තොටගමුව නොව අපගමුව
තොටගමුවේ හාමුදුරුවො යක්ෂයො පන්නපු හැටි
පුන් සඳයි දසවකයි
ගොම දෝත
එක දවසක් තොටගමු විහාරයට ආව උපාසක මහත්මයෙක්. මොකටද? පොල් පැළ හිටවන්න නැකතක් හදව ගන්න. ගුරු හාමුදුරුවො ඔහුට කිව්ව පස්සෙ දවසෙ එන්න හදල තියන්නම් කියල.
ඉතින් ඔන්න ගුරු හාමුදුරුවො පොඩි නමට ඒ කියන්නෙ රාහුල හාමුදුරුවන්ට කතා කරල කතාව කියල, උන්නාන්සෙට කීව නැකතක් හදල දෙන්න කියල. ඉතින් රාහුල හාමුදුරුවොත් පොත් ගුලට වෙලා වෙහෙස මහන්සි වෙලා නැකතක් හදල දුන්නලු ගුරු හාමුදුරුවන්ට.
ගුරු හාමුදුරුවො නිකං උන්නෙ නෑ, උන්නාන්සෙත් හැදුව නැකතක්, තමුන්ගෙ ගෝලයගෙ හැකියාව පරික්ෂා කරන්න. ඉතින් රාහුල හාමුදුරුවො හදපු එකත් එක්ක ගුරු හාමුදුරුවො හදපු එක සංසන්දනය කළාම දෙකම හරියටම හරි. ගුරු හාමුදුරුවන්ට හරිම සතුටුයි. උන්නාන්සෙට තේරුනා රාහුල හාමුදුරුවන්ට තව ඉතින් උගන්වන්න දෙයක් නොමැති බව.
ඉතින් ගුරු හාමුදුරුවො රාහුල හාමුදුරුවන්ට මෙහෙම කිව්ව.
"රාහුල, නුඹගේ නැකතට අනුව අපිත් පැළ සිටුවා නුඹගේ ශාස්ත්‍රය සළකා බලමු" කියල.
රාහුල හාමුදුරුවොත් එකඟ උනා.
උන්නාන්සෙගෙ නැකතට අනුව මෙන්න මේ දවසෙ මෙන්න මේ වෙලාවට මෙන්න මේ පැත්ත බලාගෙන පැළ සිටුවිය යුතුයි, මෙන්න මේ කාලය වෙනකොට අස්වැන්න නෙළාගන්න පුළුවන් කියල, කියවිලා තිබුනා.
ඉතින් අර නැකැත් පත රැගෙන යන්න ආපු උපාසක මහත්තයට කියල පොල් පැළ දෙකකුත් ගෙන්නාගෙන උන්නාන්සෙල දෙන්නත් ලෑස්ති උනා පොල් පැළ සිටුවන්න.
ඔන්න නැකත් දවසත් ආව.
උදෙන්ම අවදි වෙලා මුන්නාන්සෙල දෙන්න පැළ සිටුවන්න සූදානම් උනා. වලවල් දෙකකුත් හාරල, නැකැත් වෙලාව එනකම් බලා උන්න. ඉතින් නැකැත් වෙලාව ලං වෙනකොට, දුවන තරඟෙකට සූදානම් වෙලා ඉන්න ක්‍රීඩකයො දෙන්නෙක් වෙඩි හඬ ඇසෙනකම් බලා ඉන්නව වගේ දැන් ලෑස්ති වෙලා ඉන්නෙ දෙන්න.
ඔන්න නැකැත් වෙලාව ආව. මෛත්‍රී හාමුදුරුවො පොල් පැළය අතින් අරගෙන උස්සල වලට දාල පස් දාල වැහුව. රාහුල හාමුදුරුවො පොල් පැළය කකුලෙ මහපටැඟිල්ල හා දබරැඟිල්ල අතර රඳවාගෙන ඉඳල හරියටම වෙලාවට වලට අත හැරල, පස් දමල වැසුව. එතනින් ඉතින් පොල් පැළ සිටුවීමේ කාර්යය ඉවර උනා.
නැකතට පොල් වගා කරල ඔන්න වසර කිහිපයක් ගත උනා. ගුරු හාමුදුරුවන්ගෙ පොල් පැළේ හොඳට වැඩෙනව. ඒ උනාට අනේ රාහුල හාමුදුරුවන්ගෙ පොල් පැළේ??? කණාටු වෙලා.
ඔන්න තව ටික කාලයක් යනකොට පොල් ගස් වල මල් පීදෙන්න පටන් ගත්ත. මල් පීදෙනවත් එක්කම ඔන්න ආපහු "නැකැත් කෙළිය" කියන ගුරු ගෝල සටන ඇරඹෙනවා...
දවසෙන් දවස ගෙවිල යද්දි ගුරු හිමියන්ගෙ පොල් ගසේ මල් පීදිල ගෙඩි හැදෙන්න පටන් ගන්නව. අනේ ඒත් ගෝල හාමුදුරුවන්ගෙ පොල් ගහ වැට ඉන්නක් වගේ එහෙමමයි. ටික කාලෙකින් මේ කතාව ගම් රට පුරාම ආරංචි වෙලා... හැමෝම දැන් මේක ගැන තමයි කතාව.
ගුරු හාමුදුරුවන්ගෙ පොල් ගහ දැන් හොඳට පීදිලා හොඳට ගෙඩි හැදිල. ගහට දරාගන්න බැරි තරම් වලු බර වෙලා. රාහුල හාමුදුරුවන්ගෙ ගහේ ඔන්න යන්තම් මලක් ඇවිල්ල තියෙනව. පංසලට එන කට්ටිය ඔක්කොම මේක ගැනමයි කතාව. හැමෝම රාහුල හාමුදුරුවන්ගෙන් අහනව මොකද මේ වෙලා තියෙන්නෙ කියල. ම්හ්. රාහුල හාමුදුරුවො සද්දයක් නෑ.
ඔන්න ඉතින් ටික ටික ඵලදාව නෙලන කාලයත් ලං වෙනව. ගුරු හාමුදුරුවන්ගෙ පොල් ගහ නම් වලු බර වෙලා, ගෙඩි පිරිල, රන්වන් පාටින් බබලනව. ඒත් රාහුල හාමුදුරුවන්ගෙ කේඬෑරි පොල් ගහේ යන්තම් එකම එක පොල් වල්ලක් විතරයි තියෙන්නෙ. ඒකත් පොල් කීවට චුට්ටිම චුට්ටි ගෙඩි.
ඉතින් ඔන්න රාහුල හාමුදුරුවොයි ලොකු හාමුදුරුවොයි කතා වෙලා පොල් කඩන්න දවසක් තීරණය කරගෙන ඒ පණිවිඩය හැමතැනම ප්‍රචාරය කෙරෙව්ව. රාහුල හාමුදුරුවොත් එදාටම පොල් කඩනවය කියලත් කියල යැව්ව. අනේ මන්ද මොනව කඩන්නද කියල. මොකද උන්නන්සෙගෙ පොල් ගහේ තිබ්බෙ මේ පුවක් ගෙඩි විතර තරමෙ කළටි පොල් වල්ලක්නෙ.
පංසලට එන උපාසකයො විහිළුවෙන් අහනව,
"ඈ අපේ පොඩි හාමුදුරුවනෙ, ඔබවහන්සේ නෙළන්නෙ අර කළටි පොල් වල්ලද?" කියල.
හාමුදුරුවො මොකද දන්නවද කිව්වෙ?
ඒක ලිපියේ ඉතුරු කොටසෙන්.....
ඒක කියවන්න මෙතනින් යන්න...
රාහුල හාමුදුරුවො ඉන්දපු පොල් වලට කියන්නෙ "බිං පොල්" කියල නේද?
ReplyDeleteඅදටත් ගිංතොට පැත්තෙ හදෙනව කියලයි ආරංචිය.
මේ ජනප්‍රවාදයේ එන කතා කාලයත් එක්ක වැළලිලා යන්න නොදී, බ්ලොග් ගත කරපු එක නම් බොහොම හොඳ වැඩක්. මේ කතාවත් ගොඩක් රස වින්දා.
දිගටම කරගෙන යන්න.
ඔන්න bookmark එකකුත් දාගත්තා.
ම්ම්. ඒ ගැන නම් මම හරියටම දන්නෙ නෑ.
ReplyDeleteස්තුතියි එකතු වෙලා ඉන්නවට.
මම දෙවෙනි කොටස කියවල තමා මේක කියෙව්වෙ ..
ReplyDelete