Showing posts with label money making. Show all posts
Showing posts with label money making. Show all posts

Sunday, October 9, 2016

30-50%ක ලාභයක් ලැබෙන ඔයාලගෙම ඔන්ලයින් බිස්නස් එකක් ආරම්භ කරන්න



මේ විදිහට බිස්නස් කරන අය ලංකාවෙ ඕනෙ තරම් ඉන්නව. මෙතනත් ඇති. 
ඔයාලටත් අදහසක් අරගෙන දෙයක් ආරම්භ කරන්න මම මේ ලියන්නෙ.

PTC, RevShare, Forex, Ad publishing ගොඩක් දේවල් කරල මේ ඉන්න හුඟක් අය ඩොලර් හොයන්න මහන්සි වෙනව. ඒවායින් අති සාර්ථක උනු අයත් ලංකාවෙ ගොඩක් ඉන්නව. අසාර්ථක උනු අය ඊටත් වඩා ඉන්නව.
මම කතා කරන්න හදන්නෙ physical business එකක් ආරම්භ කිරීම සම්බන්ධව. ලංකාව තුළ ක්‍රියාත්මක කරන.

කෙලින්ම කරන ක්‍රමේටම බහිමු.

අවශ්‍ය දේ:
  1. මිතුරන්ගෙ/නෑදෑයින්ගෙ සම්බන්ධතා
  2. පොඩි මුදලක්
  3. දිනකට පැයකට අඩු කාලයක්
  4. අන්තර්ජාල සම්බන්ධතාවක් හා අන්තර්ජාලයට සම්බන්ධ වීමට පරිගණකයක්
  5. බැංකු ගිණුමක් (Internet banking තියෙනව නම් වඩාත් හොඳයි) (HNB, Commercial, Sampath Recommended)
  6. ඡායාරූප ගත හැකි කැමරාවක් / ෆෝන් එකක්.

ක්‍රමය: 
  1. බිස්නස් එක කරන්න නමක් හදාගන්න. (රෙජිස්ටර් කරන්න ඕනෙ නෑ)
  2. ikman.lk, kaymu.lk, retailgenius.com වගේ අඩවි වල අර නම යටතේ ගිණුම් හදන්න.
  3. මිතුරන්, නෑදෑයින්ට කතා කරල එයාල භාවිත නොකරන, නමුත් භාවිතා කළ හැකි තත්වයේ තිබෙන, එයාල විකුණන්න කැමති උපකරණ, ද්‍රව්‍ය තියෙනවද අහන්න.
  4. ඔයා ඒව විකුණල දෙන්නම් කියල ඒව ඉල්ලගන්න, එයාල බලාපොරොත්තු වන මිලත් අහගන්න. (රු.12000ට ගත්තු dvd player එකකට 12000ක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. අඩුම ගාණෙ 9000ක් වගේ තමා. ඒ නිසා realistic මිලක් කියන්න කියන්න.)
  5. ඒවයෙ හොඳ ඡායාරූප ටිකක් ගන්න. (ඉන්ටර්නෙට් එකෙන් ගන්නත් පුළුවන්, නමුත් භාවිත කළ භාණ්ඩයක් නිසා ඒ රූප භාවිතාවෙදී දෙවරක් සිතන්න)
  6. ඒවයෙ විස්තරයක් අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන් නම් හොයාගන්න. එහෙම නැති ඒවට හොඳ විස්තරයක් හදාගන්න.
  7. අර උඩ ගිණුම් හදාගත්තු සයිට් වල ඇඩ් පෝස්ට් කරන්න ඔය කිව්ව ඡායාරූප හා විස්තර දාල.
  8. මිල තීරණය කරනකොට, ඒවයෙ දැනට වෙළඳපළ වටිනාකම බලල, ඊට අඩු, නමුත් විකුණගන්න පුළුවන් මිලක් දාන්න.
  9. උදා: ඔයා ගාව තියෙනව මාසයක් භාවිත කරපු DVD player එකක්. මාකට් එකේ රු. 13000යි අලුත්ම එකක්. මේක මිල කරන්න රු. 10000කට වගේ. ඊට වැඩියෙන් දෙන්න බෑ.
  10. ඔය වගේ අයිතිකාරයට ගාණක් දීල, ඔයාටත් ගාණක් තියාගන්න පුළුවන් විදිහට මිල කරල ඇඩ් දාන්න.
  11. ikman.lk එකේ නම් commissions නෑනෙ. නමුත් කතා කරන අය මිල අඩු කරල ඉල්ලයි. එතකොට අඩු කරන්නත් පුළුවන් තරමකට මිලක් දාන්න.
  12. kaymu.lk, retailgenious වල සයිට් එක commission එකක් ගන්නව. ඉතින් ඒ commission එකත් ඔයාගෙ මිලට ඇතුළු වෙන්න ඕනෙ මතක් කරලම.
  13. ඔහොම දාල බඩු ටිකක් විකුණගන්න පුළුවන්.
  14. අයිති කාරයට ගාණක් දීල ඔයත් ගාණක් තියාගන්නව.
  15. හරියට drop shipping වගේ. කීයක්වත් වියදම් වෙන්නෙ නෑ, ඉන්ටර්නෙට් බිල ඇරුනම.
සල්ලි ටිකක් තියෙනව නම් හා / හෝ ඉහතාකාරයට සල්ලි ටිකක් හොයාගත්තට පස්සෙ. 
ලංකාව තුළ තියෙන භාණ්ඩ මිලට ගෙන විකුණන්න පුළුවන් ඔයාට. නැති නම් ebay වගේ අඩවියකින් ගෙන්නල.

ebay ගැන කතා කරමු.
  1. ebay එකෙන් අපි ගේනව mp3 players. අනිවාර්යයෙන්ම retail box එකක් තියෙන්න ඕනෙ. නැතිනම් විකුණන්න අමාරුයි. බැරි නෑ. අමාරුයි.
  2. mp3 player එකක් $3යි කියමු. රු. 435යි.
  3. ලංකාවෙ මේක කඩේ ගන්න තියෙනව රු.900ට විතර.
  4. ඔයා මේව ගෙන්නල ikman එකේ ඇඩ් දාන්න. pickup Rs. 590/=, තැපෑලෙන් ගෙන්වාගැනීමට රු. 700/=, පාර්සලය තැපෑලෙන් මුදල් ගෙවා ලබා ගැනීමට, රු. 750/= ඔය වගේ. කොහොම කළත් මාකට් ප්‍රයිස් එකට වඩා අඩුයිනෙ.
  5. kaymu.lk එකේ ඇඩ් දානව නම් මතක් කරල එයාලගෙ commission rate එකත් මිලට එකතු කරන්න. ඒ කිව්වෙ, electronics වලට commission එක 20%යි නම්, මිල දාන්න රු.700/=ක් වගේ. courier charges මිලට ගන්න කෙනා ගෙවල ගනී.
  6. මෙහෙම කළොත් 30%ක ලාභයක් ලැබෙනව.
හැම භාණ්ඩයකින්ම 30%ක් ගන්න බෑ. මොකද මාකට් එකේ මිලත් එක්ක ගළපන්න ඕනෙ නිසා. නමුත් සමහර දේවල් වලට 50%ක් දක්වා යන්න පුළුවන්.
ඉතින් අපිට වියදම් වෙන ගාණයි, මාකට් එකේ ගාණයි බලලයි විකුණන්න භාණ්ඩ තෝරාගන්න ඕනෙ. 
වැඩි margin එකක් තියාගන්න පුළුවන් භාණ්ඩ තෝරාගන්න. 
ගොඩක් මිල අඩු ඒවයින් ගොඩක් විකිණුනත් ලාභෙ අඩු වෙන්න පුළුවන්. ගොඩක් මිල වැඩි ඒවයෙන් එකක් දෙකක් විකිණුනත් ලාභෙ වැඩි වෙන්න පුළුවන්.
උදා: ඔරලෝසු. මේවයින් 50%කට වඩා ලාභයක් ගන්න පුළුවන් සමහර ඒවයින්. (උදා: රු.180ට ගෙන්නල 300ට විකුණන්න පුළුවන්. රු.120යි ලාභෙ. 
Some Car Accessory. වියදම රු.3500යි කියමු. මේක විකුණන්න පුළුවන් රු.5000කට. රු. 1500ක් ලාභෙ. 
එක අයිටම් එකකින් රු. 1500යි. ඒක හොයන්න ඔරලෝසු 13ක් විකුණන්න ඕනෙ. 
හැබැයි ඔරලෝසු ගොඩක් විකුණන්න පුළුවන්. අනිත් එකෙන් විකුණන්න පුළුවන් ටිකයි. ඒවටත් ගණන් හදල බලන්න.

ඉතින් හොඳම margin තියෙන අයිටම් හොයාගන්න ඕනෙ. එතකොට තමා හොඳම ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්.
  1. FB Fan Page එකක් හදල ඒකට මේ ඔයාගෙ භාණ්ඩ වල පින්තූර, විස්තර, දාල පෝස්ට් හදන්න.
  2. Payhere.lk අඩවියෙ ගිණුමක් හදල ඔය අයිටම් වලට PayNow buttons හදාගෙන ඒ පෝස්ට් එකටම ඒකත් දාන්න. (මතක් කරල Buyer pays courier charges කියල දාන්න. ) එතකොට ෆෑන් පේජ් එකෙන් බඩු මිලට ගන්න කෙනෙක්ට කෙලින්ම මුදල් ගෙවන්න පුළුවන්. හැබැයි ඒ බඩු ඔයා ගාව අනිවා ස්ටොක් තියාගන්න.
  3. මුදලක් ගෙවල ෆෑන් පේජ් එකට ෆෑන්ස්ල ටිකක් එකතු කරගන්න. මතක් කරල හරියට niche එක දෙන්න, නැතිනම් ඒ ෆෑන්ස්ලගෙන් කිසිම වැඩක් වෙන්නෙ නෑ. ලංකාවෙන් විතරක් ෆෑන්ස්ල ගන්න. (එක ලයික් එකකට රු. 5ක් වගේ යයි)
  4. FB එකේ ඔන්ලයින් බිස්නස් පෝස්ට් දාන ගෲප් ගොඩක් තියෙනව. ඒවට ජොයින් වෙලා ඒවයෙ පෝස්ට් දාන්න.
  5. ebay ඔනෙත් නෑ. ලංකාව තුළම තියෙන දේවලුත් වික්කැකි.
  6. උදා: හකුරු.
  7. හොඳ කිතුල් හකුරු හොයාගන්න. ඒව කෑලි විදිහට පැක් කරල හා බෑයවල් දෙකක් විදිහට පැක් කරන්න. පැකට් කරල ලස්සන ලේබල් එකකුත් ගහන්න. (ඔයාගෙ බිස්නස් එකේ නම එක්ක)
  8. ඊට පස්සෙ ලස්සන ෆොටෝ ටිකක් අරගෙන සයිට් වල දාන්න.
  9. courier කරන්න කාඩ්බෝඩ් පෙට්ටි වල දාල.
  10. Courier Services අපිට උදව්වට ගන්නම වෙනව.
සාමාන්‍යයෙන් කොළඹින් භාණ්ඩය අරගෙන කොළඹ තුළම වෙන තැනකර ප්‍රවාහනය කරන්න courier service එකක් රු. 90-200 අතර ගාණක් ගන්නව. බස්නාහිර පළාත තුළම නම් උපරිම රු.250ක් වෙයි. නුවරට වගේ 300-400ක් වගේ හා අනුරාධපුර, මාතර වගේ යවනව නම් රු. 450ක් විතර ගන්නව. (කොළඹින් ආරම්භ කරල)
සමහර courier service එක්ක වැඩ කරන්න බිස්නස් එකක් විදිහට රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනෙ. සමහර ඒවට එහෙම කේස් නෑ. Cash On Delivery කරනව නම් අනිවාර්යයෙන්ම වගේ එයාලත් එක්ක contract එකක් අත්සන් කරන්න වෙනව. නමුත් eDelivers කියන courier service එක එහෙම නැතිවත් කරනව. 
බස්නාහිර පළාත තුළ විතරක් ක්‍රියාත්මක වෙනව නම් eDelivers කියන courier service එක හොඳයි. රු. 200යි. නැති නම් 
DOMEX කියන එක හොඳයි. TNT/AceExpress  කරන්නෙ delivery විතරයි. COD කරන්නෙ නෑ. 
තව ගොඩක් courier services තියෙනව. ඔයාලත් හොයල බලන්න. 

ඉතින් මේ දේවල් වලින් අදහසක් ගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සෙ තියෙන්නෙ ඔයාලගෙ උත්සාහය හා නිර්මාණශීලිත්වය.
ඉහළටම යන්න පුළුවන් මේ විදිහට ආරම්භ කරල හරියට කරගෙන ගියොත්. 


තව දෙයක් තියෙනව.
මෙච්චර දේවල් කරන්න බැරි නම් ඒ දේවල් කරන කෙනෙක්ට භාණ්ඩ supply කරන්න අතරමැදියෙක් විදිහට උනත් ඔයාට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒක ඉතින් field එකේ වැඩි වෙලාවක් ගත කරන්න ඕනෙ ජොබ් එකක්. 

උත්සාහ කරන්න. අනිවාර්යයෙන්ම ජය ගන්න පුළුවන්. 
ඕනෙ නම් හැකි උදව්වක් කරන්නම්. 

මේ ලිපිය සම්බන්ධයෙන් අදහසක් දැක්වීම සාමාජිකයින් සියළු දෙනාගෙන්ම මම බලාපොරොත්තු වෙනවා.


UPDATE - 20/10/2016
මේක කියවපු අය බිස්නස් එකක් ආරම්භ කළා නම් මට comment  කරන්න ෆේස්බුක් profile url එකත් එක්ක. තවත් උදව් කිරීමට මම සූදානම්. මෙහෙම බිස්නස් එකක් ආරම්භ කරන්න කැමති අයත් අදාලයි. හැබැයි වැඩේ පටන් ගන්නම ඕනෙ. නිකං ආවට ගියාට වැඩක් නෑ.

දැනට තිදෙනෙක් කියල තියෙනව එයාල සාර්ථක ආරම්භයක් අරගෙන කියල. 

එක්කෙනෙක් සතියක් යන්න ඉස්සෙල්ල රු. 12000කට වඩා උපයල (ලාභයම). 
දෙවැන්න දවස් දෙක තුනකින් රු.4000ක පමණ ඕඩර් ලබාගෙන. 
තෙවැන්නා කරන්න ට්‍රයි කරල අතෑරල තිබ්බ බිස්නස් එක ආපහු පටන් අරගෙන දවස් 3-4කින් ඕඩර් 5ක්ම අරගෙන. 



ඔයාලටත් එහෙම සාර්ථක වෙන්න පුළුවන්. එන්න එකතු වෙන්න. 


===============================

මාත් එක්ක එකතු වෙන්න කැමති අය පහත ෆෝර්ම් එක පුරවල එවන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSfitUCAHcdb3l8RDl7AySJVH68kuAxahGqC3jaX0rTCDvI1IA/viewform
එතකොට මේ ලිපිය විතරක් නෙමෙයි, ඊට වඩා ගොඩක් උපදෙස් හා සහය ලැබෙයි. 



Sunday, March 20, 2016

සල්ලි නැතිව Business පටන්ගන්න බැරිද?

උපුටා ගැනීමකි.



මෙම පැනය අසන ඕනෑම අයකුට ලැබෙන පිළිතුර 'බැහැ' යන්නයි. නමුත් ඔබ පුදුම වන පිළිතුරක් ලබාදීමට මා සූදානම්. එනම් 'ඔව්, පුළුවන්' යන ඓශ්චර්යජනක උත්තරයයි. වත්මන් තරගකාරී ලෝකයේ ප්‍රාග්ධනය ප්‍රධාන ව්‍යාපාර සාධකය බවට පත්ව තිබෙනවා. ප්‍රාග්ධනය, තාක්ෂණය, කළමනාකරණය හා අලෙවිකරණය ව්‍යාපාර පවත්වාගෙන යෑමට උදවු වන ප්‍රධාන සාධකයක්. නමුත් මේ කිසිවක් නොමැතිව ව්‍යාපාර පටන් ගැනීම අදහාගන්න බැරි කාරණයක්. නමුත් ලොව පුරා සෑම තැනකම මේ දේවල් පුදුමඑළවන ආකාරයෙන් සිද්ධ වෙනවා.

ප්‍රාග්ධනය ගැටලුවෙන් මිදෙන්න බැරිව බොහෝ දෙනා තමන්ගේ ව්‍යාපාරික අදහස් උපන්ගෙයි මරා ගන්නවා. මුළු සමාජයටම සාප කරමින් පවතින සමාජ ක්‍රමයටත්, මුදල් ණයට දෙන බැංකුවලටත් නිරන්තරයෙන් බැන වදිමින් ඔවුන් තම ජීවිත විනාශ කරගන්නවා. රැකියා වියුක්තිය, සිය දිවි නසාගැනීම, අධ්‍යාපන ක්‍රමයට බැන වැදීම, කැරලි ගැසීම, දේශපාලකයන්ගේ අතකොළු බවට පත්වීම යනාදිය විවිධ දූෂණ හා අපචාරයන්ට ගොදුරුවීම ආදිය තුළින් බොහෝ දෙනා ඊට පිළිතුරු සොයනවා.

මෙලොව උපදින සියල්ලෝම උපදින්නේත්, මිය යන්නේත් අතේ සතයක් නැතිවය. නමුත් ජීවත් වන අය සල්ලිවලට අසීමිත වැදගත්කමක් දෙනවා. අද ලොව සෑම දෙයක්ම සල්ලි නොමැතිව කිරීමට නොහැකි දේවල් ලෙස සැකැසී තිබෙනවා. එම නිසා සෑම දෙයකින්ම සල්ලි හම්බ කිරීමට අද සමාජය පෙලඹී තියෙනවා. සල්ලි නිතරම ප්‍රතිඵලයක්. නමුත් එය යමක හේතුව නෙවෙයි. වැඩ කළොත් සල්ලි, බඩු වික්කොත් සල්ලි, ඉගෙන ගත්තොත් සල්ලි. සල්ලි මවන්න පුළුවන් දෙයක්. ඒ කොහොමද? තමන්ගේ බුද්ධිය තුළින් ප්‍රායෝගික මිනිසකු ලෙස ජීවත්වීමට තම බුද්ධිය පාවිච්චි කිරීමෙන් බොහෝ දෙනකුට තම නිදන්ගත ජීවිත ප්‍රශ්නවලට විසඳුම් සොයාගන්න පුළුවන්.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුදල් පසුපසම හඹායන එක නතර කර මඳක් දෑස් විවර කර අවට පරිසරය දෙස බලන්න. වටිනා කියන සම්පත් බොහොමයක් ඔබ අවට තිබේ. ඒ තුළින් ඔබගේ ව්‍යාපාරයට අඩිතාලම සකසා ගත හැකිය. එසේ ආරම්භ කළ ව්‍යාපාර පිළිබඳ ඉතිහාස කතා බොහොමයක් අපට තිබෙනවා.
පහන් තිරයෙන් ව්‍යාපාරික ලොවට...

පහනක් දල්වා ගැනීම සඳහා පිරිසුදු රෙදි කැබැල්ලක් ඉරාගෙන පහන් තිරයක් හදා ගැනීම එදා අපේ සෑම ගෙදරකම සිරිතක් වුණා. අම්මා හෝ ආච්චි හෝ පහන් තිරයක් අඹරා ගැනීමට අත හෝ කකුල පාවිච්චි කළ ආකාරය ඔබේ සිතේ මැවෙන්න පුළුවන්. මෙය අපේ සිංහල සංස්කෘතිය තුළ පැලපදියම් වූ විශේෂ ලක්ෂණයක්. එහි අතීතය වසර දහස් ගණනක් වෙන්න ඕනෑ. නමුත් අද මොකද වුණේ? සෑම ගෙදරකම පහන් තියරක් ඕනෑ වුණාම රුපියලක් දීලා පහන් තිර පැකැට්ටුවක් කඩයෙන් ගෙන්නා ගන්නවා. අද කොයි ගෙදරද මේ සිරිතෙන් බැහැරවෙලා ඉන්නේ? ඔක්කොම කඩේට දුවනවා. එහෙම දුවන්නේ ගෙදරක පිරිසුදු රෙදි කැබැල්ලක් නැති හින්දද? නැත්නම් පහන් තිරයක් අඹරාගන්නට තාක්ෂණ ඥානයක් නැති නිසාද? එසේත් නැතිනම් ඒකට මිඩංගු කරන්න තරම් කාලයක් නැති නිසාද? මෙවැනි ප්‍රශ්න ඔබේ හිතට ක්‍ෂණයෙන් ගලා ඒවි

. ඒකට උත්තරය මොකක්ද? කවදා හෝ දවසක අපේ පුංචි රටේ පුංචි මිනිසකුට පහන් තිරයක් අඹරා කඩේකට දැම්මොත් එය විකුණා ගන්න පුළුවන් යන අදහස සිතක පහළ වුණා. වෙළෙඳපොළට රිංගාගෙන තම ආධිපත්‍ය ගොඩනඟා ගන්න පුළුවන් බව ඔහු තම අත්දැකීමෙන් තේරුම් ගත්තා. පසුදා උදේම ක්‍රියාත්මක වුණා. ඇඟලුම් කම්හලක ඉවත දමන රෙදි කැබැලි ගොඩක් දෑතට ගෙන පුංචි කතුරක ආධාරයෙන් සෙලෝපේන් කෑල්ලක් රත්කර පහන් තිර පැකැට්ටු කිහිපයක් තනා කඩේක එල්ලුවා. දින කිහිපයකින් පහන් තිර පැකැට්ටුව අලෙවි වුණා. ක්‍රමයෙන් ඔහු එම පුරුද්ද දිගින් දිගටම ගෙන ගියා. මුළු ලංකාතලයේම හැම ගෙදරකම මේ පහන් තිර පැකැට්ටුව සොයා එන තෙක් ඔහු දිගින් දිගටම පහන්තිර නිර්මාණය කළා.
සල්ලි නැතිව ව්‍යාපාර පටන්ගන්න පුළුවන් කියන කතාව බොරුවක්ද? වෙළෙඳපොළ ඉතා සියුම් ලෙස නිරීක්ෂණය කිරීමේ හැකියාව ඔහුට දායාදයක් වුණා. ව්‍යාපාර අදහස දියත් කරන්න කාසි නෝට්ටුවලින් සාක්කුව පිරී තියෙන්න ඕනෑ නෑ කියා ඔහු අපට උගන්වා නැද්ද?

තියුණු බුද්ධියෙන් හා අවංකකමින් ව්‍යාපාරික ලොවට....
එක්තරා තරුණයෙක් තමන්ට කළ හැකි දෙයක් ඇත්දැයි විමසුම් සිතින් පසුවුණා. ඔහු සතුව කිසිම මුදලක් තිබුණේ නැහැ. නමුත් ඔහු යමක් පටන් ගැනීමේ අදහසින් තියුණු ඇසකින් ජීවත් වුණා. එක් දවසක් පුවත්පතක විවිධ ප්‍රමාණයේ කළුගල් ඉල්ලා දැන්වීමක් පළකොට තිබුණා. අවශ්‍ය ප්‍රමාණය හා කළුගල්වල උපරිම මිල ගණන්ද එහි සඳහන් වුණා. අඩුම මිල ගණන් සඳහන් කරන්නකුට ටෙන්ඩරය ලබාගත හැකි බව ඔහු වටහා ගත්තා.

මේ අනුව පළමුව ඔහුගේ පදිංචි නිවෙස වටා ඇති ගල්වළ වෙත ගොස් ඔවුන් සමඟ මිල ගණන් සාකච්ඡා කළා. ටෙන්ඩරය තමන්ට ලැබුණොත් ඔවුන්ගෙන් කළුගල් ලබා ගන්නා බවත්, මුදල් ලැබුණු පසු ඔවුන්ට මුදල් ගෙවිය හැකි බවත් දන්වා සිටියා. කතිකා කරගත් මිල ගණන්වලට මඳක් වැඩිකර ඉතා අඩු මිල ගණන් ඇති ටෙන්ඩරයක් සකසා ඉල්ලුම් කළ පසු ඔහුට එය ලැබුණා. එය ඔහුගේ ජීවිතයේ විශාල ජයග්‍රහණයක් වුණා. ඉන් පසුව නියමිත දිනට කළුගල් සැපයීමට ඔහු ක්‍රියාත්මක වුණා. පොරොන්දුව වූ පරිදි කළුගල් සපයන්නෝ අදාළ ප්‍රමාණයන් පොරොන්දු වූ මිල ගණන්වලට ණයට ලබාදීම ඇරැඹුවා. කාලයත් සමඟ ඔහු ලක්ෂපතියෙක් වුණා. ඒ සඳහා ඔහුට වැය වුණේ ටෙන්ඩරයේ අයැදුම්පත්‍රය සඳහා වැය වූ මුදල පමණි. සල්ලි නැතිව පටන්ගත් තියුණු බුද්ධිය, තීරණ ගැනීමේ ශක්තිය හා ඔහුගේ අවංකභාවයයි.

මී කුණකින් ඇරැඹූ ව්‍යාපාරයක්....
අවසාන වශයෙන් මී කුණක් විකුණා පොහොසතෙක් වූ කතාව රැගත් චුල්ලසෙට්ටි ජාතකයේ කතාන්දරය ඔබට මතක් කරදෙන්න කැමැතියි. තම ජීවිතය කෙසේ නමුත් ගැටගසා ගනිමියි සිතූ ධෛර්යසම්පන්න අසරණ මිනිසකු මහ මඟ තිබූ මී කුණක් අතට ගෙන ඉදිරියට ගමන් කළා. මේ මී කුණ දුටු තවත් මනුෂ්‍යයෙක් ඒ මී කුණ තම බළලාට හොඳ යැයි සිතා කාසි කිහිපයක් දී මිලට ගත්තා. ඒ කාසි කිහිපයෙන් ප්‍රයෝජනවත් යමක් කළ යුතු සිතා පසුවදා මල් නෙළන ළඳුන්ට උක් හකුරු හා පැන් විකිණීමෙන් මුදල් ඉපයීමට ඔහු කල්පනා කළා. සිතූ පරිදි මල් නෙළන ලියන් සියලු දෙනාම ඔහුගේ සේවය ප්‍රශංසා කොට තමන් නෙළාගත් මල්වලින් මිට මිට දී ඔහුගේ සේවය අගය කළා. මේ පුරුද්ද දිගටම ගෙන ගියා. පසුව ඒ ළඳුන් ඒ මල් යායේ මල් කඩාගන්නට ඔහුට අවසර දුන්නා. මේ මල් විකුණා ඔහු ක්‍රමයෙන් පොහොසත් වුණා.

මේ අතර විශාල කුණාටුවකින් විනාශ වී ගිය උයනක තිබූ දර කන්දරාවක් ඉවත් කිරීමට ඔහු උයන් පල්ලාගෙන් අවසර ගත්තා. ඒ අවට සිටි ළමයින්ගේද ආධාර ඇතිව ඔහු ඉක්මනින් උයනේ දර සියල්ල ඉවත් කළා. ඒ දර කන්දරාව දුටු කුඹල් මිනිසකු ඒ දරවල වටිනාකම දැක ඒවා මිලට ගන්නට කල්පනා කළා. ඒ ගනුදෙනුකරුවා මුදල් හා වළං දී ඔහුව සතුටට පත් කළා. දැන් ඔහු පෙරටත් වඩා පොහොසත්. ඔහුට ලැබුණු වළං සියල්ල විකුණා ඔහු අවට ජනයා සමඟ ඉතා කුලුපග වී වෙළෙ¼දාම දියුණු කරගත්තා. පසු කලෙක අසුන් සඳහා තණකොළ සැපයීමෙන්ද, නැවියන් සමඟ ගනුදෙනු කිරීමෙන්ද විශාල ධනසම්භාරයකට උරුමකම් පෑවා. මේ සියල්ල මී කුණකින් ඇරැඹීම අදහාගත නොහැකි විප්ලවයක්. ව්‍යාපාරයක් අරඹන්න මුදල් අනිවාර්ය නොවේ යන කතාව යටගිය දවස මේ කතන්දරයෙන්ද ඔප්පු වෙනවා.

මෙලොව සියලු දෙය බිහිවීමේලා මුල්ව ඇත්තේ සිතය; මුදල් දෙවැනුවය
ව්‍යවසායකයන් ලෙස ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පුල පුලා සිටින ඔබ මුදල්වලට අනවශ්‍ය ප්‍රධාන තැනක් දෙමින් ඔබේ ව්‍යාපෘති අදහස යටකරන්න එපා. මුදල් වෙනුවට ඔබේ නිරීක්ෂණ ශක්තිය, ආත්ම ධෛර්යය, කැපවීම, ශිල්ප ඥානය, උපාය මාර්ග ආදිය මුදල් ලෙස සිතා ඒවා ඉතා යෝග්‍ය අයුරින් ගළපා ඔබේ ව්‍යාපෘති අදහස දියත් කරන්න. ඒ ගමන ඉතා සෙමින් විය හැකියි. එහෙත් ඔබේ ඉලක්ක වෙත ගමන් කරනු නොඅනුමානය. මෙලොව සියලු දෙය බිහිවීමෙහිලා මුල්වී ඇත්තේ සිතය. මුදල් දෙවැනුවය.

මේ කතන්දර කිහිපය නිසා ව්‍යාපාරයක් පටන්ගන්න අවශ්‍ය මුල්ම සාධකය පරිසරය නිරීක්ෂණය තුළින් ලබාගන්නා අවබෝධය සමඟ මුසු වූ එඩිතරකම හා කැපවීම බව පෙනෙනවා. සල්ලි හෝ ප්‍රාග්ධනය අජීවී වස්තූන්. ඒවාට අගය දිය හැක්කේ අපේ වටිනා සිතිවිලිවලට පමණයි. අපේ සිතිවිලි මලානික වූ විට අපේ මුදල්ද මලානික වෙනවා. සිතිවිලි ප්‍රාණවත් වූ තරමට මුදල්ද අප්‍රමාණ ලෙස ජීවයක් ලබනවා. අපේ ප්‍රාණවත් වූ සිතිවිලිවලින් ව්‍යාපාරයකට අවශ්‍ය සියලු සාධක ගොනු කරන්න පුළුවන්. එයට පරිසරය නිවැරැදිව හැදෑරීමත්, මිනිසුන්ගේ චර්යාවන් නිවැරැදිව වටහා ගැනීමත්, පරිසරය ඉදිරියේ ඔවුන්ගේ හැසිරීම් හා ප්‍රතික්‍රියා දක්වන ආකාරය වටහා ගැනීමටත් අපේ සංස්කෘතික රට අධ්‍යයනය කිරීමත් අද මූලිකව වැදගත් කරුණු වී තිබෙනවා.
මේ නිසා ව්‍යාපාරවලට අත ගසන ඔබ සල්ලිවලට මූලික තැනක් නොදී ඔබේ සිතිවිලිවලට නව ජීවයක් දෙන්න.

මුල් ලිපිය.

Wednesday, May 5, 2010

ඩොලර් 5කට ඔයාල කරල දෙන්න කැමති මොනවද?

ඔයාලට ඩොලර් 5ක් දෙනව නම් ඔයාල එ වෙනුවෙන් කරන්න කැමති වැඩේ මොකද්ද?
සීඩී කවරයක් ඩිසයින් කරල දෙන්න?
කාගෙ හරි වෙබ් ඉඩකට වර්ඩ්ප්‍රෙස් දාල දෙන්න.
ෆොටෝ ටිකකින් ප්‍රසන්ටේෂන් එකක් හදල දෙන්න
ඔයාගෙ ලොකුම රහස අහගෙන ඉන්න.
පොඩි වෙබ් අඩවියක් හදල දෙන්න
ඩොලර් 5කට මේ වගේ එක එක දේවල් කරන්න කැමති කට්ටිය ඉන්න සයිට් එකක් තමයි Fiverr කියන්නෙ. ඔයාලටත් මේකෙ රෙජිස්ටර් වෙලා එහෙම ඔයාල කරන්න කැමති දේවල් දාන්න පුළුවන්. පොඩි ගාණක් අතට ගන්න පුළුවන් වැඩක්.