Showing posts with label nanovik. Show all posts
Showing posts with label nanovik. Show all posts

Tuesday, May 10, 2011

PHP Developers Required | PHP Developersලා අවශ්‍යව ඇත



අපිත් සමඟ එකතු වෙන්න කැමති PHP Devepolersලා ඉන්නව නම් අපි කැමතියි ඔබව අපිත් එක්ක එකතු කරගන්න.

අවශ්‍යතා: ඉතා හොඳ PHP, MySQL පිළිබඳ දැනුමක්, CMS භාවිතා කර තිබීම, වෙලාවට ඉලක්ක සැපිරීමට ඇති හැකියාව
Basic Requirements : Good knowledge in PHP, and MySQL, Has experience in working with CMSs, ability to deliver targets with tight dead lines

ඔබ Joomla, Magenta, VirtuMart සමඟ වැඩ කර තිබේ නම් එය ඉතාමත් හොඳයි.
Knowledge in Joomla, Magenta, VirtuMart would be a definite advantage.

වැඩ කෙරෙන්නෙ කොන්ත්‍රාත් පදනමට හා මාසික වේතන පදනමටයි. ඔබට අර්ධ කාලීන ආකාරයට කළ වැඩ හැකියි.
Work will be done as contractual basic and payments would be as project based and/or monthly. ‍You can work part timely. 

එකතු වෙන්න කැමති අය ඉන්නවා නම් සම්පූර්ණ දත්ත පත්‍රිකාවක් (Curriculum Vitae) careers[at]nanovik[dot]com වෙත එවන්න. ඔබ කරල තිබෙන වැඩ ගැන අනිවාර්යයෙන්ම සදහන් කරන්න. මොකද ඔබව පරික්ෂා කරන්න අපට ඒවා අත්‍යවශ්‍යයි.
බොහෝ විට සම්මුඛ පරීක්ෂණයක් තියල තමා ගැළපෙන අයව තෝරා ගැනෙන්නෙ. 
If you are interested, please send your complete CV with your portfolio to careers[at]nanovik[dot]com. 
You'd be interviewed most of the time, before your are being selected.

Only the shortlisted ones will be contacted.

Sunday, February 27, 2011

Web Designers, Graphic Designers, Animators, Programmers ඕනෑ කර තිබේ

ඔයාලට මතකයිනෙ මම ඉස්සෙල්ල මගෙ ලිපියෙ කිව්ව අපේ යාළුවො කිහිප දෙනෙක් සෙට් වෙලා හදාගත්තු IT Firm එක ගැන.
ඉතින් අපි දැන් කට්ටිය හොයනව අපිත් එක්ක වැඩ කරන්න. මම ඉස්සෙල්ල ලියපු ලිපියටත් කිහිපදෙනෙක් මේල් කරල තිබුන එකතු වෙන්න කැමතියි කියල.
ඉතින් තව අය ඉන්නව නම් අපිත් එක්ක වැඩ කරන්න කැමති (Project සෙට් වෙන හැටියට හා Contract Basis) මේල් කරන්න අපිට (careers[at]nanovik[dot]com වලට)

අපි මෙන්න මේ වගේ අයව තමා හොයන්නෙ.
  • Web Designers (DreamWeaver, Flash, etc)
  • Web Developers (PHP, MySQL, XML, etc)
  • Graphic Designers (Photoshop, FreeHand, etc)
  • Animators (3DS Max, Blender, Maya, Flash)
  • Programmers (PC apps and Mobile Apps, Java, .NET)
ඉතින් ඔයාලත් කැමති නම් අර කිව්ව මේල් ලිපිනයට මේල් එකක් දාන්න. මතක් කරල ඔයාගෙ personal details, educational details, කරල තියෙන වැඩ, ඔයාගෙ හැකියාවන් දාල එවන්න. (CV එකක්ම එවන්න පුලුවන් නම් වඩාත්ම හොඳයි, Portfolio එකක් එක්කම. )
දැනට ගොඩක් වැඩ නම් නෑ, ඉතින් ඉල්ලන හැමෝටම එකපාරටම වැඩ සෙට් වෙන එකක් නම් නෑ. නමුත් අපි ඔයාලව තියාගන්නව standby, ඕනෙ වෙලාවට ටක් ගාල කතා කරල වැඩ ලබාදෙන්න. 

ඒත් එක්කම, ඔය කිව්ව Area වල වැඩ තියෙනව නම් ඒවත් අපිට කියන්න, අඩු මුදලකට කරල දෙන්න පුළුවන්. :) 
අපි ලබා දෙන සේවාවන් මෙන්න මේව තමයි.
  • Web Design (HTML, Flash, Hybrid)
  • Web Development (PHP, MySQL)
  • Wordpress, Blogger, Drupal, Joomla Theme Creation
  • SEO
  • Logo Design
  • Business Cards Design
  • Brochure Design
  • Banner Ads Design
  • Programming (PC and Mobile)
  • E Mail Marketing (මේක නම් තාම හරියටම නෑ. )
එහෙනම් දැනට නවතින්නම්.

Sunday, February 20, 2011

කාලෙකට පස්සේ, මගේ ජොබ් එක හා මේ දවස් වල...

ඉතින් කට්ටිය කොහොමද? කාලෙකට පස්සෙ ආවෙ. සමාවෙන්ඩ ඕනෙ. 
කැම්පස් අවුට් වෙලා ටික කලක් ගෙදරට වෙලා විවේකීව ඉඳල දැන් ජොබ් එකකට යනවනෙ. ඉතින් ටිකක් බිසී. පටන් ගත්තු ගමන්ම වැඩ නැති උනත් ගොඩක්. ගෙදර එන්නෙ රෑ වෙලා, දවස් 6ක් වැඩනෙ.
ඒ අස්සෙ ටිකක් කම්මැලිකමකුත් ඇවිල්ල තිබ්බෙ බ්ලොග් ලියවිල්ල සම්බන්ධයෙන්. ඒත් නවත්තන්නෙ නම් නෑ. :) යන්තම් "Photography සිංහලෙන්" එකටත් ලිපියක් දවාලියෙන් ලිව්ව.

ඉතින් පොඩ්ඩක් කියල ඉන්නම්කො මගෙ ජොබ ගැන.
මම "මාග ඉංජිනියරිං පුද්ගලික සමාගමේ" තත්ව ආරක්ෂණ විධායක නිලධාරියෙක්. තේරුනේ නෑ? Maga Engineering (Pvt) Ltd හි Quality Assurance Executive කෙනෙක්. දන් නම් තේරෙන්න ඇති ටිකක්. 

මොකද්ද මේ "මාග"??? 
මාග කියන්නෙ ලංකාවෙ තිබෙන විශාලතම construction company එකක් කිව්වොත් හරි. (තනි අයිතියක් සහිත ලංකාවේ විශාලතම civil construction company එක) මාර්ග, පාලම්, ඇළ වේලි, ගොඩනැඟිලි සෑදීම,  ජල නල පද්ධති එලීම තමා මේ සමාගමෙන් කරන වැඩ.

 
ඉතින් මොනවද මට කරන්න තියෙන්නෙ?
මගේ රාජකාරිය වෙන්නෙ සමාගම තුළ ක්‍රියාත්මක කෙරෙන තත්ව ප්‍රතිපත්ති හරි ආකාරව ක්‍රියාත්මක කෙරෙනවාද යයි පරික්ෂා කිරීමත්, ඒ සම්බන්ධව ගතයුතු අනෙකුත් අදාල ක්‍රියාමර්ග ගැනීමත් තමයි. 
මාග ඉංජිනියරිං තුළ තත්ව සම්මත 3ක් දැනට ලබාගෙන ක්‍රියාත්මක කෙරෙනවා. ISO 9001 - Quality Management System, ISO 14001 - Environmental Management System හා OHSAS 18001 - Occupational Health and Safety Management System. ඔන්න ඔය ටික ගැන බලා කියාගෙන ඉන්න තියෙන්නෙ. 
මගෙ ජොබ් එක තියෙන්නෙ නම් head office එකේ. නමුත් Quality Audits වලට එහෙම රට පුරාම තියෙන constructions sites වලට යන්න වෙනවා. යාපනේ, මන්නාරම, මොණරාගල, හම්බන්තොට, මහ නුවර, නුවර එළිය, කොළඹ අවට...... 

ඒව අස්සෙ තව වැඩත් තියෙනව. අපේ යාළුවො කිහිපදෙනෙක් සෙට් වෙලා හදාගත්තනෙ IT Firm එකක්. (පරණ එකේ යම් යම් අසාර්ථකකම් ටිකක් නිසා යළිත් මුළ සිටම ඇරඹුවා) ඒකෙ වැඩ ටිකකුත් කෙරෙනව. නම "NanoVik". නැණ + විකුම් කියන වචන දෙකෙන් තමයි නම හදාගත්තෙ. තාම ලොකුවට මොකුත් නෑ, අපිටත් වෙලාවක් නෑ නෙ. ඔයාල කැමති අය ඉන්නව නම් අපිත් එක්ක සෙට් වෙන්න. සයිට් එකේ තියෙන ඊ මේල් ලිපිනයට මේල් එකක් දාන්න. (දැනට නම් contract basis හොඳේ. )


"Photography සිංහලෙන්" එකෙත් වෙනස්කම් ටිකක් වෙයි ඉදිරි සති කිහිපය තුළ. ඒවත් බලන්න ඕනෙ. අපි කරන්න හිටි, නමුත් නැවතිලා තිබුනු දේවල් ටිකකුත් ආපහු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

"Guide To CSE" එකටත් තව සේවාවක් එක් වෙන්න තියෙනවා. (දැන් තියෙන එකක්ම නමුත් අලුත් ආරකින්). ඒකෙත් මේ දවස් වල testing යනවා. 

ඒ අස්සෙ මේ දවස් වල මට ආපහු Quantum Physics ගැන ආසාවක් ඇවිල්ලනෙ. :) 

ඒක නෙමෙයි ඔයාල දන්නවද Paradox of the Grand Hotel ගැන. interesting සිද්ධියක්., පොඩ්ඩක් කියවල බලන්නකො. සමහරුන්ට නම් තේරෙන එකක් නෑ. සමහර විට මම ඒ ගැන සරළ ලිපියක් ලියාවි. ඒත් ඉතින් මටත් ඕක හරියටම තේරෙන්නෙ නම් නෑ. :D

අද ලිපියෙන් නම් සමහරුන්ට කිසිම ප්‍රයෝජනයක් නැති වෙන්න ඇති, නමුත් කියන්න හිතුනු දේවල් ටිකක් කිව්වෙ. එහෙනම් මම ගියා. පුළුවන් වෙලාවක වැදගත් දෙයක් ලියන්නම්කො.


ප. ලි. ඒක නෙමෙයි, මගෙ බ්ලොග් එකේ folloiwersල ටිකටයි feed readersල ටිකටයි කෙල උනානෙ. ඉතින් කැමති නම් follow පාරක් දාල, feed එකටත් සෙට් වෙන්න ආරාධනා කරනවා...