Showing posts with label photography. Show all posts
Showing posts with label photography. Show all posts

Thursday, August 23, 2012

හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ දිනයක්

දිනය පසුගිය 19 වන ඉරිදා. උදේ පාන්දරින් නොකා නොබී (ඔය කිව්වට කිරි එකක් බිව්ව) ගෙදරින් පිටත් උනේ කවදාවත් ලබල නැති අලුත්ම අත්දැකීමක් විඳගන්න. ගෙදර ඉඳල පැය 2ක දුරක් (බස් 4ක්) ගෙවාගෙන ගමනාන්තයට ලඟා උනා. 

ගමනාන්තය : හොරගොල්ල ජාතික වනෝද්‍යානය

මේක තියෙන්නෙ මෙන්න මෙතන. (ක්ලික් කරල බැලුව නම් ලොකුවට පෙන්නාවි.)

වචනයෙනුත් කිව්වොත් මේ තැන තියෙන්නෙ හොරගොල්ලෙ. හොරගොල්ල වලව්ව එහෙම අහල ඇතිනෙ?ඒකත් මේ ලඟ තමා. නිට්ටඹුවේ ඉඳල වේයන්ගොඩ පැත්තට කිලෝමීටරයයි. 

මේ තැන ගැන කෙටි විස්තරයක් කිව්වොත්, මේ තමයි ලංකාවේ තිබෙන කුඩාම ජාතික වනෝද්‍යානය. වර්ගප්‍රමාණය අක්කර 33යි. ගම්පහ දිස්ත්‍රික්කය තුළ තිබෙන්නෙ. නමුත් හොඳ ජෛව විවිධත්වයක් තිබෙන කුඩා වන ගැබක්. නමටම අනුව, මේක හොර ශාකයන් පිරුනු පහත රට තෙත් වනාන්තරයක්.


සංඛ්‍යා වලින් කිව්වොත් ක්ෂීරපායී වර්ග 10ක්, පක්ෂි විශේෂ 64ක්, මත්ස්‍ය විශේෂ 7ක් හා සමණල් විශේෂ 28ක් මේ කුඩා වනාන්තරය තුළ වෙසෙනවා.
ඇතුළ් වෙනකොටම දැකගන්න පුළුවන් විශාල පුවරුව තමයි මේ ඉහළ ඡායාරූපයේ තිබෙන්නේ. වනයේ සිතියමක් හා මම මේ කියපු විස්තර ටික එහි තිබෙනවා. 
වනය තුළ ඉහළ සිතියමේ පරිදි සැම අත විහිදුනු, ගල් ඇතිරූ කුඩා අඩි පාරවල් තිබෙනවා. ඒ ඒ මංසන්ධි වලින් අංක කර තිබෙන දිශා වලට යනවා නම් මුළු වනය පුරාම කරදරයක් නැතිව යන්න පුළුවන්. ඔහේ වට පිට බල බල පමණක් ඔය අඩි පාරවල් දිගේ ඇවිදගෙන යනව නම් පැයකින් ඔබට පුළුවන් මුළු වනය පුරාම යන්න.


නමුත් අපේ කාර්යය උනේ ඒක නෙමෙයි, අපි එතනට ගියේ ඒකට නෙමෙයි. අපි මේ වනය තුළ පැය 8ක පමණ කාලයක් ගත කළා.

අපගේ අරමුණ : මේ වනය තුළ වෙසෙන සතුන් ඡායාරූපයට හසු කර ගැනීම.

ඉතින් ඔන්න ඔය අරමුණ පෙරදැදි කරගෙන තමා, මුහුණු පොත තුළ තුළ සංවිධානය කළ Event එකක් හරහා එකතු උනු 12 දෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායම කටයුතු කළේ. (කණගාටුවට කරුණක් උනේ මේ අවස්ථාව සංවිධානය කරන්න ප්‍රධානව සම්බන්ධ වෙලා හිටිය පුබුදු ඉන්දික සහෝදරයාට හදිසි කරදරයක් නිසා මේ අවස්ථාවට සහභාගි වීමට නොහැකි වීමයි. ඔහුගේ සීයාට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු.)

ඡායාරූපය: ප්‍රමිත දිල්රුක්

ඉතින් මේ කණ්ඩායම එකතු වෙලා මෙන්ඩිස් වික්‍රමසිංහ මහතාගේ සහයත් ඇතුව හාපුරා කියල කැලේට ඇතුළු උනා. (එතුමා එනකම් අනිත් අයට ඉතින් චුට්ට වෙලාවක් බලා ඉන්නත් සිද්ද උනා. ඕව මොනවද ඉතින්. දඩ කැමරා බඩු ටිකකුත් උස්සන් ආවෙ පවුල් පිටින්. :) ) 
ඉතින් දවල්ට කන බොන ඒව එහෙමත් සැලසුම් කරල, අපි කැලේ ඇතුළට ඇතුළු උනා. (ටිකටුත් ගන්න ඕනෙ හරිය. ලොක්කෙක්ට රු.40යි, පොඩ්ඩෙක්ට රු.20යි. + 12% වැට් බද්ද)

හ්ම්ම් දැන් නිදිමතයි හොඳටම. තව අඩු වැඩිය එක්ක ඊලඟ ලිපියෙන් හමුවෙන්නම්.

Monday, May 14, 2012

PhotographyLK අඩවිය අති සාර්ථක ලෙස දියත් කෙරුණු වගයි



මාස කිහිපයක විශාල ප්‍රයත්නයකින් පසුව සාර්ථක ලෙස PhotographyLK අඩවිය ඊයේ සවස 6ට අන්තර්ජාලයට මුදා හරිනු ලැබුවා.
මුදාහරිනු ලැබූ පසුව විශාල පිරිසක් අඩවිය නැරඹීමටත් පැමිණියා. Google Analytics අනුව, ඊයේ පැය 6ට (විවෘත කළ සවස 6 සිට දිනය අවසන් වන තෙක්) පැමිණි පිරිස පහත පරිදි වෙනවා.



ඊයේ දින අවසන් වන විට statistics මෙහෙමයි. (2012.05.13)



ඉතින් අඩවිය ගැන සවිස්තරාත්මක ලිපියක් පළ කරන්නයි මේ සූදානම.

PhotographyLK කියන්නෙ මොකද්ද?

ඡායාරූපකරණය සම්බන්ධයෙන් ඒ වෙනුවෙන් විවෘත කෙරුනු වෙබ් අඩවියක්.
නමුත් මේක තවත් එක් වෙබ් අඩවියක් නම් නෙමෙයි. PhotographyLK අපේ ඉහළ දැක්මක් තිබෙනව. ඉතින් අඩවියේ දායකයින් හා ඇඩ්මින් වරුන් මේ දැක්ම වෙනුවෙන් හා අඩවියේ අරමුණු සඵල කරගැනීමට එක් සිතින් බැඳි සිටින කණ්ඩායමක්.



අපේ දැක්ම
ඡායාරූපකරණය සම්බන්ධයෙන් අන්තර්ජාලය තුළ ශ්‍රී ලාංකිකයින් සඳහා තිබෙන ප්‍රමුඛම පෙළේ වෙබ් අඩව්යක් බවට පත් වීම.



PhotographyLK අරමුණු

අපගේ අරමුණු වෙන්නෙ පහත දේවල්.

“ඡායාරූපකරණයට ඇල්මක් දක්වන, ඡායාරූපකරණයේ යෙදෙන, ඡායාරූපකරණය සඳහා ආධාර සේවාවන් ලබාදෙන ඔබ සැමටම, සේවයක්, සහයක් ලබාදීම හා එම සියළුම දෙනාව එකම තලයක් මතට ගෙන එමින්, ඔවුනොවුන්ගේ අන්තර් ක්‍රියාකාරකම් පහසු හා සරළ කිරීම මෙම අඩවියේ ප්‍රධාන අරමුණයි.”
“ඡායාරූපකරණය සම්බන්ධව සිංහලෙන් ලියැවුනු ලිපි පළ කරමින්, ආධුනික ඡායාරූප ශිල්පීන්ට අත්වැලක් සැපයීමද මෙම අඩවිය හරහා අපි බලාපොරොත්තු වෙමු.”

PhotographyLK ඔබ වෙත ලබාදෙන සේවාවන්

  • ඡායාරූපකරණය සම්බන්ධයෙන් අධ්‍යාපනික ලිපි (මේ ලිපි, ප්‍රධාන වශයෙන්ම ආධුනික ඡායාරූප ශිල්පීන් ඉලක්ක කරමින් ගොඩ නඟන ලද ලිපි එකතුවකි.)
  • ඡායාරූපකරණය සම්බන්ධ කැමරා හා උපාංග පිළිබඳව, පොත්පත් සඟරා පිළිබඳව, වෙබ් අඩවි පිළිබඳව, මෘදුකාංග පිළීබඳව විචාරයන්.
  • ඡායාරූපකරණය සම්බන්ධ පොත්පත් , විඩියෝ දර්ශන බැලීම/ භාගත කර ගැනීමට පහසුකම්
  • ඡායාරූපකරණය සම්බන්ධ පුවත්, ප්‍රදර්ශන, වැඩමුළු සම්බන්ධ විස්තර ප්‍රචාරය
  • ඡායාරූපකරණය හා සම්බන්ධ පුද්ගලයින්, ආයතන, වලට තම විස්තර ඇතුලත් කළ හැකි ව්‍යාපාර නාමාවලිය
  • ඕනෑම සාමාජිකයෙකුට නොමිලේ තම දැන්වීම් පළ කළ හැකි ලුහුඬු දැන්වීම් පිටුව
  • සාමාජිකයින් විසින් එකතු කරන ලද ඡායාරූප වලින් පිරි පිංතූර ගැලරිය
  • කාලයෙන් කාලයට විවිධ තොරතුරු හා පුවත් ගෙන එන ඊ ලිපිය

මේ සේවාවන් වලට අමතරව තවත් සේවාවන් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

මූලික සාමාජිකයින්ට (Subscribers) ලැබෙන පහසුකම්

  • අඩවිය තුළ ලිපි කියවීම හා පහසුවෙන්ම අදහස් ප්‍රකාශ කිරීම
  • අඩවි පුවත් ලිපිය හා එක්වීම
  • Business Directory එකට Listings එකතු කිරීම
  • ලුහුඬු දැන්වීම් පිටුවට දැන්වීම් පළ කිරීමේ හැකියාව

තවත් පහසුකම් රැසක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න

PhotgraphyLK දායකයින්ට  (Contributors) ලැබෙන පහසුකම්

  • අඩවි සාමාජිකයින්ට ලැබෙන පහසුකම් සියල්ල
  • අඩවියට ලිපි ලිවීමේ හැකියාව
  • Business Directory එකට Listings එකතු කිරීම හා ඒවා Dash Boardහි සිට පාලනය කිරීමේ හැකියාව
  • Business Directory තුළ නොමිලේ Listings දෙකක්

ඉතින් සරළවම කෙටියෙන්ම කියන්න තියෙන්නෙ ඔය ටික තමයි. මේ දේවල් වලින් PhotographyLK කියන්නෙ මොකද්ද, PhotographyLK මොකද්ද කරන්න හදන්නෙ කියල ඔබ සැමටම අදහසක් එන්න ඇතියි කියල හිතනව.
තව අදහස් ගොන්නක් අපිත් එක්ක තිබෙනව, තව ඉදිරියට කරන්න සැලසුම් කරගෙනත් ඉන්නව දේවල් කිහිපයක්. පුළුවන් ආකාරයට කාලයෙන් කාලයට ට්ක ටික ඒවා එකින් එක ක්‍රියාත්මක කරන්න අපි හිතාගෙන ඉන්නව.

PhotographyLK වෙනුවෙන් ඔබට කළ හැකි දේ

  • PhotographyLK පිළිබඳව තොරතුරු අන් අයට පැවසීම
  • PhotographyLK අඩවියට සබැඳියක් / අඩවියේ දැන්වීමක් ඔබගේ අඩවියේ / බ්ලොග් අඩවියේ පළ කිරීම
  • PhotographyLK තුළ ලිපි ලිවීමට එකතු වීම
  • PhotographyLK වෙත පුවත් සොයා දීමට සහය වීම
  • අඩවිය පවත්වාගෙන යාම හා අඩවිය හරහා සංවීධානය කරන අවස්ථා වලට මූල්‍යමය සහය හා ශ්‍රම සහය ලබාදීම

ඡායාරූපකරණයට ලැදි, ඡායාරූපකරණයේ යෙදෙන ඔබ, අපිත් එක්ක සැමදාම එකතු වෙලා හිඳිමින්, අපිට සහයක් වේවි, මේ අඩවියෙන් ප්‍රයෝජනයක් ගනීවි කියල PhotographyLK අපි බලාපොරොත්තු වෙනවා.






ප.ලි. : මෙම අඩවිය සාර්ථක කරගැනීමට උර දුන් මනුශාන් සොයුරාට මගේ හද පිරි ප්‍රණාමය.
ඉදිරියට අඩවිය පවත්වාගෙන යාම සඳහා දැනට අප හා එක්ව ඇති අයටත් මගේ ස්තුතිය.
තවත් එකතු වෙන්න කැමති අය ඉන්නව නම් කියන්න. ඔයට සහයක් විය හැක්කේ කෙසේද කියලත් කියන්න.

Sunday, May 6, 2012

තව දින 6යි

මොකටද????

ඔයාලට මතකද දන්නෙ නෑ කාලෙකට ඉස්සර මම "Photography සිංහලෙන්" කියල ඡායාරූපකරණය ගැන ලියවෙන බ්ලොග් එකක් කළා. මුලින්ම බ්ලොගර් වල පටන් අරගෙන ඊට පස්සෙ වර්ඩ්ප්‍රෙස් දාල Roosara.info යන ඩොමේනය යටතේ අඩවිය පවත්වාගෙන ගිහිල්ල, ඊටත් පස්සෙ Roosara.net යන ඩොමේන් එක යටතේ පවත්වාගෙන ගියා. පස්සෙ පස්සෙ මට හරියකට වෙලාවක් නැති වෙලා බ්ලොග් එක අප්ඩේට් උනේ නෑ එතරම්. ඉතින් ටිකක් අභාවයට ගියා. 
අන්තිමට කෙල උනා. ටෙක්නිකල් ප්‍රොබ්ලම් එකක් නිසා ඩොමේන් එකට කෙල උනා. ඉතින් මම තීරණේ කළා උන දේ උනේ හොඳටයි කියල,
කට්ටියගෙන් අදහස් විමසල අලුත්ම ආරක වෙබ් අඩවියක් දෙන්න බලාපොරොත්තුවෙන් අලුතින්ම ඩොමේන් එකක් අරගෙන වැඩේට සෙට් උනා. ජනවාරි මාසෙ අඩවිය හදන්න පටන් අරගෙන, ඒකෙත් අවුල් ගොඩක් නිසා 75%ක් විතර හදල තිබ්බ අඩවිය අතෑරලම දැම්ම. ඊට පස්සෙ මේ අප්‍රේල් වල අවුරුද්දෙන් පස්සෙ ආපහු මේක ගොඩ දානවමයි කියල හිතාගෙන ආපහු මුල සිටම වැඩේට බැස්ස. 
ඉස්සෙල්ල පාර මාස 2ක් විතර තිස්සෙ කළ දේවල් ටික, මේ පාර සති 3කින් ගොඩ දැම්ම. තනියම නෙමෙයි, මගෙ මිත්‍රයෙක් මට ලොකු සහයක් උනා. අඩවියේ කටයුතු 90%ක්ම ඉවරයි. හැබැයි ලිපි ගොඩක් තව ඕනෙ කරල තිබෙනව. අනෙකුත් වැඩ නම් බොහොමයක් ඉවරයි. ඉතින් එන 12 වන සෙනසුරාදා සවස 6.00ට, මේ කියන වෙබ් අඩවිය ඔබ වෙනුවෙන් විවෘත වෙනවා.

ඔක්කොම හරි, මොකද්ද ඉතින් මේ වෙබ් අඩවිය??? පහල විඩියෝ එක බැලුවොත් ඔයාලටම තේරෙයි.




තේරුනා නේද දැන් මේ කියන්නෙ මොකක් ගැනද කියල?
"PhotographyLK" ඡායරූපකරණය සම්බන්ධ සියළුම පුද්ගලයින් එකම වේදිකාවක් මතට ගෙන එන්නට උත්සාහ දරන වෙබ් අඩවියක්. සේවාවන් බොහොමයක් එක්ක එන අඩවියක් කියල වීඩියෝව දැක්කම පේන්න ඇතිනෙ?

මේ අඩවිය මම තනියම හදපු එකක් නෙමෙයි. මනුෂාන් විමංස මල්ලි එක්ක එකට එකතු වෙලා හැදුවෙ. මනුෂාන් ලොකු වැඩ ප්‍රමාණයක් කළා. ඔහුට මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. 

ඉතින් මේ එක්කම ඔබගෙනුත් ඉල්ලීමක් කරන්නට කැමතියි. 
ඔබට ඡායාරූපකරණය සම්බන්ධ ලිපි ලිවීමේ හැකියාවක් තිබෙනවා නම් හෝ වෙනත් ආකාරයකින් අඩවියට සහයක් වීමට කැමති නම් ඔබගේ ඊ මේල් ලිපිනය එක්ක කමෙන්ට් එකක් දාන්න. ඒ කමෙන්ට් එක පබ්ලිශ් කරන්නෙ නෑ මම. නමුත් ඔබ හා සම්බන්ධ වෙන්නම් මේල් එකක් හරහා. 

තව කරන්න දේවල් ගොඩක් තිබෙනවා. ඒව ටික ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. වෙබ් අඩවියේ දුර්වලතා තිබුණොත් සමාවෙන්න ඕනෙ. (දැන්ම නම් දැනගන්න ලැබෙන්නෙ නෑ ඉතින් එන සෙනසුරාද වෙනකම්ම ඉන්න වෙනව. :) )

PhotographyLK කණ්ඩායමත් එක්ක එකතු වෙන්න ඔබටත් ආරාධනා...

Monday, January 30, 2012

අලුත් අවුරුද්ද, අලුත් ජොබ් එක, ISO, උපන්දින, තවත් දේ.

අලුත් අවුරුද්ද ගැන නම් කතා කරන්න හොඳටම පරක්කු වැඩී, ඒත් මොනා කොරන්ඩද, මගෙ මේ මඟුල් කබල් කොම්පියුටරේ එක්ක වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. විනාඩි 5ක වැඩක් කරන්න පැය බාගයක් යනව. පෝස්ට් එකක් ලියන්න ඕනෙ කියල හැමදාම හිතනව, ඒත් මේක දාගත්තම එපා වෙනව, ෆිල්ම් එකක් බලල නිකා ඉන්නව. මේ ලියන්නෙත් නෝට්පෑඩ් එකේ, මේකෙන් කොපි පේස්ට් කරල ගන්නව. 

ඉතින් අලුත් අවුරුද්ද කට්ටියට හොඳ ඇති කියල හිතනව. මට නම් පොඩි පොඩි වෙනස්කම් ටිකක් උනා, ඒත් එච්චර දේවල් නෙමෙයි. 2012, ලෝක විනාසෙ වෙනවයි කියන අවුරුද්දනෙ. මමත් එක දවසක් ලෝක විනාසෙ ගැන ලිපියක් ලිව්ව, කට්ටිය කියෙව්වද දන්නෙ නෑ. ඒක හැබැයි ටිකක් වෙන්ඩ scientific එකක් හොඳේ. 

පරණ අවුරුද්දෙ අන්තිම මාසෙ 9 වෙනිද, මම ජොබ් එක කරමින් උන් මාග ඉංජිනේරු ආයතනයෙන් ඉවත් වෙලා දෙසැම්බර් 12 වනදා අලුත් තැනක ජොබ් එකට ගියා. පෝස්ට් එක නම් එකමයි, Quality Assurance Executive, තැන Lanka Walltiles PLC. මීපේ තිබෙන ලංකා වෝල් ටයිල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ. 
 යාම් ඊම් නම් හරිම පහසුයි. ගෙදර ඉඳන් 1.2km වගේ. මම එතනම Training හිටපු නිසා මට කිසිම කරදරයක් නැතිව වැඩ ටික නම් අල්ලගන්න පුළුවන් උනා. ඒත් තව මදි. ශිෆ්ට් එකට වැඩ කීවට, ශිෆ්ට් එකට නොවන වෙලාවලුත් තිබෙනව. (6.00 - 14.00 හා 14.00 - 22.00 ශිෆ්ට් දෙක පමණයි.) එතනත් අවුලක්, හිටපු QA executive කෙනෙක් යනව. (ගිය සිකුරාද ඉඳල එයා නිවාඩු දාල නැවතුනා.) තව එක්කෙනෙක්ව ගත්ත ජනවාරි වල. ඒත් ඒ මනුස්සය ටයිල් ගැන කිසිම දෙයක් දන්න කෙනෙක් නෙමෙයි. ඉතින් අද ඉඳල මම හා අලුත් එකා එක ශිෆ්ට් එකේ ඉන්නව, ලොකු ප්‍රශ්න ආවෙ නැති උනොත් එච්චරයි. ඌත් පුරුදු වෙලා, තව supervisor කෙනෙකුත් වැඩට අලුතින් ආවම, මම ශිෆ්ට් එකෙන් නිදහස් වෙනව. එතකොට මගෙ වැඩ වෙන්නෙ ISO වැඩ. (ඒ කිව්වෙ, ෆැක්ටරි එක ISO 9001 හා ISO 14001 තත්ව සහතික ලබාගෙන තිබෙනවා, ඒව පවත්වාගෙන යාමට අදාල වැඩ). කොහොම හරි වැඩේ කරගන්න පුළුවන් වෙයි. :)
 
ඒ අස්සෙ කොම්පැනියෙන් මාව යැව්ව ට්‍රේනිං එකකටත් "ISO 9001 and Internal Auditing". බලන්න වෙන කොම්පැනි ඕවට කට්ටිය යවන්නෙ ඒ මනුස්සය permanant එහෙම උනාට පස්සෙ. මේකට ගිහිල්ල මාසයයි යැව්ව ට්‍රේනිං එකකට. :) මේක ගිය සතියෙ SLSI එකේ තිබුනෙ. ඒකෙන් කැම්පස් එකේ Total Quality Management විෂයට ඉගෙනගත්තු අමතක වෙලා ගිය ගොඩක් දේවල් මතක් කරගන්නත්, අලුතින් ගොඩක් දේවල් ඉගෙනගන්නත් පුළුවන් උනා. මමත් දැන් Certified, ISO 9001 Internal Auditor කෙනෙක්. :) හැබැයි එහෙම උනා කියල එක පාරම audit කරන්න යන්න බෑ, observer කෙනෙක් විදිහට audit කිහිපයකට සහභාගි උනාට පස්සෙ තමා මටම audit කිරීමේ හැකියාව ලැබෙන්නෙ.
Quality Mangement පැත්තෙන් ඉස්සරහට යන්න ඕනෙ නම් ඔයාලටත්, SLSI  එකේ තිබෙනව ඉතාම හොඳ පාඨමාලා ටිකක්. එක් දින පාඨමාලා, තෙදින, සතියක, සති කිහිපයක, මාස 6ක ඩිප්ලෝමා පාඨමාලාව. මිල ගණං නම් හරියටම මතක නෑ. 3750, 8500, 11500, 50000 වගේ අවට ගණං තමා පිළිවෙලින්.
 
ඊළඟට, වෝල්ටයිල් එකේ ISO 14001 External Audit (Survelence Audit) එකත් තිබුනෙ ගිය සතියෙ. ඒකටත් මහන්සි උනා. SLSI එකෙන් කට්ටිය ඇවිල්ල Audit කරල බලනව, අපි හරි විදිහට ISO 14001 ක්‍රියාත්මක කරනවද කියල. (ISO 14001 - Environmental Management System - පරිසර කළමණාකරණ පද්ධතිය) ඒකෙත් අවුලක් උනේ නෑ. Minor Nonconformities 3ක් ආව. ඒව හරිගස්සල එයාලට කියන්න ඕනෙ මාස 2ක් ඇතුළත.

ඉතින් මේ හැම වැඩක්ම නිසා ගිය සතිය නම් මාරම බිසී සතියක් උනා.
ඊලඟට, මගෙ උපන්දිනේ පසුගිය 27 වෙනිදට වැටිල තිබුනලුනෙ. :) මට දැන් එතකොට වයස 26ක්ලු. හ්ම්ම්. ටික ටික නාකි වෙනව නේද අපි? :( ඇයි මගෙ හොඳම මිතුරියකගෙ උපන්දිනයකුත් මේ ඊයෙ තිබ්බනෙ. අපේ නිපුසා හෙට්ටිවට්ටගෙ. ;) අන්න එයාටත් සුභ උපන්දිනයක් පතනවා. (මම කතා කොළා, මෙන්න මෙයා කළුතර බෝධිය වඳින්න යනවලු, කොහෙන් ගියාද දන්නෙ නෑ, සිග්නල් තිබුනෙම නෑ. :( සාමාන්‍යයෙන් නම් හොරණ හරහා ගියොත් සිග්නල් නැති තැන් නම් තියෙන්න විදිහක් නෑ. :D )

මම කරගෙන ආපු "Photography සිංහලෙන්" වෙබ් අඩවිය තාක්ෂණික ප්‍රශ්න ටිකක් නිසා වසා දැමුනා. නමුත් අලුත්ම අදහස් ටිකක් හා, අලුත්ම දේවල් ටිකක් එක්ක, අලුත්ම අඩවියක් මේ දවස් වල හදමින් ඉන්නව PhotographyLK නමින්. ඒකෙත් වැඩ ගොඩක් තියෙනව. මාර්තු මාසෙ වගේ දියත් කරන්න තමයි අදහස් කරගෙන ඉන්නෙ.

වැදගත්ම දෙයක් කියන්න තියාගත්ත අන්තිමට. මගෙ ආදරවන්තිය මාළිගාගෙ Research Project එක ගැන ගිය සතියෙ විදුසර (25 වනදා) පත්‍රයේ පිටු බාගයක ලිපියක් ගියා. (පත්තරේ තියෙනව නම් බලන්න, අන්තිම පිටුවෙ (පිට පැත්තෙ) පහළ ලිපිය) ඒ ගැන හරිම සතුටුයි.  ලොකු ජයක් ඒක. එයා ඒක International Journal එකකටත් යවල තියෙන්නෙ, ගිය සතියෙ corrections කරන්න ඕනෙ කරන තැන් කියල ආපහු එවල තිබුන, ඒකත් බොහෝවිට පළ වන්නට ඉඩ තිබෙනවා. ඒත් මේකටත් වඩා විදුසර පත්‍රයේ ලිපියයි වැදගත්, මොකද සාමාන්‍ය මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන් ඒකනෙ.
ඒගොල්ලන්ගෙ Convocation එකත් ලබන සතියට යෙදිල තියෙනව. (පෙබරවාරි 7) ඒ දවස තවත් විශේෂයි, එයාගෙ උපන්දිනේ. ලස්සන උපන්දින තෑග්ගක් වගේ. <3

ඔන්න ඕව ගැන තමා බ්ලොගෝලය පැත්තෙ මම ආපු නැති කාලෙ මට සිද්ද වෙච්ච විශේෂ දේවල්. මම ආපු නැති කාලේ එක එක දේවල් මේ පැත්තෙන් වෙලා තිබ්බ කියල වටින් ගොඩින් ආරංචි ආව. බලන්න ඕනෙ ටිකක් වටේ ඇවිදල. කොහෙද, වෙලාව තිබ්බත්, මේ මඟුල් මැසිම එක්ක වැඩ කරන්න හරිම අමාරුයිනෙ.
ඉතින් දැනට නවතින්නම්.
බ්ලොගෝලයේ ඉන්න සියළුම සහෝදර සහෝදරියන්ට ජයග්‍රාහී නව වසරක් ප්‍රර්ථනා කරනව. (පරක්කු උනු එක ගැන සමාවෙන්ට. )

Saturday, December 17, 2011

Image Today අතුරු කතා සහ අවාසනාවට ඇත්ත කතාව

දැන් නම් කට්ටියට අමතකද දන්නෙත් නෑ, මෙහෙම එකකට අපි ගියා කියල. (තව බ්ලොග් ලියන පිස්සො ටිකකුත් සෙට් උනා කියල මම කිව්වෙ.)
අවාසනාවට ඇත්ත කතාවක් කිව්වට මේක සතුටුදායක විදිහට අවසන් නම් උනා. මැද ටික විතරයි අවාසනාවන්ත. :D
මම ඉස්සෙල්ල කිව්වනෙ Image Today Exhibition එකට ගිය එක ගැන. ඒක කියෙව්ව නේද? නැත්තම් දැන්මම කියවල එන්න.

එක තැනකදි දැක්ක, අපි ෆොටෝ එකක් දුන්නොත් එයාල කැලැන්ඩර් එකක් ප්‍රින්ට් කරල දෙනව කියල. නොදොවකින්. මුලින් දන්නව නම් හොඳ ෆොටෝ ටිකක් පෙන් එකටවත් දාගෙන එනවනෙ. :( මම පෙන් එකත් සාක්කුවෙ දාගෙන ඒත් වැඩක් වෙන එකක් නෑ කියල ආපහු තියල ආවනෙ. සන්ජය කියනව අපි දෙන්න එකට ඉඳල එකක් අරගෙන ප්‍රින්ට් කරල කෙල්ලන්ට දෙමු කියල. :D :D එහෙම කොරල අල කන්ඩද. මම කීව ඒක හරියන්නෙ නෑ කියල. මම ශොප් එකේ එකාටත් කීවෙ කෙල්ලත් එක්ක ආව නම් දෙන්නගෙ ෆොටෝ එකක් දාගන්න තිබ්බනෙ කියල. :( 
ඊට පස්සෙ ඉතින් බැලුව ෆෝන් එකේ තියෙන ෆොටෝ වලින් මොකුත් කරගන්න බැරි වෙයිද කියල. මගෙ ෆෝන් එකේ තිබ්බ ෆොටෝ වලින් එකක් තෝරගත්ත. අරූගෙ ෆෝන් එකෙත් තිබ්බ ෆොටෝ එකක් තෝරගත්ත. ඉතින් ඒකත් මගෙ ෆෝන් එකටම දාගෙන ගියා අතනට ආපහු. අනේ මූ කියපි microsd card බෑ කියල. කොරහන්කො, ඉතින් මොකෝ කරන්නෙ. ඉතින් මගෙ ෆෝන් එකේ තියෙන ෆොටෝ ටික අරූගෙ කැමරාවෙ කාඩ් එකට ගන්න ක්‍රමයක් හොය හොය මුලු ප්‍රදර්ශනේ වටේම ඇවිද්ද. ලැප්ටොප් තියෙන හැමතැනින්ම ඇහුව. (කැමරාවෙ කාඩ් එක SD එකක්නෙ, ඒක අතන රිඩර් එකෙන් රිඩ් කළෑකිනෙ.)

ඕව හොයන් යන අස්සෙ, Model shoot දෙකටම අරූ සෙට් උනා. (ඉස්සෙල්ල පෝස්ට් එකේ මොඩ්ල්ස්ලගෙ ෆොටෝ ටිකක් මම දැම්ම. ඒ මගෙ මිත්‍රයගෙ වැඩ තමයි. දැක්කෙ නැත්තම් ගිහිල්ල බලන්නකො.)
මිලින්ද වීරසේකර අය්යවත් සෙට් වෙලා එයත් එක්කත් කතා කර කර හිටිය ටිකක්. ඒ අස්සෙ මම ලැප් එකක් ගන්නට තියෙන ඕනෙකම ගැනත් එයාට කීව. (එයා වැඩ කරන්නෙ HP, Apple Official Dealer වන DMS එකේ.) බජට් එක පොඩී නම් Unity එකෙන් ගන්නය කියල. Laptop.lk එකත් හොඳයි කිව්ව එකම කෙනා. එහෙම අරගෙන DMS එකේ Care Pack එක දාගන්නය කීව (අවුරුදු 3නේ වොරන්ටියට රු.15,000යි).
තවත් ඉතාම වැදගත් දෙයකුත් කිව්ව. Unity එකේ තියෙන ගොඩක් ලැප් Asian Region එකට හදපුව නෙමෙයිලු. ඉතින් මෙහෙ ඒවට spare parts නෑලු හරියට. අනිත් එක Climate වෙනස නිසා හුඟක් ලැප් අවුල් යනවලු. ඉතින් හිතාගන්න පුළුවන් නේද ඇයි මේ කට්ටිය HP ලැප් හොඳ නෑ කියල කියන්නෙ කියල. ඉතින් ගන්නකොට ටිකක් පරිස්සමින් ගන්න කීව. Middle East Region එකට හදන ලැප් ගොඩක් තියෙනවලු Unity එකේ. අන්න ඒවයින් බොහොමයක් මොඩල් වලට spares මෙහෙට එවන්නෙම නෑලු. ඉතින් එහෙම එකක් සෙට් වෙලා ඒකට කෙල උනොත්, කෙලාම තමා. :(

හරි හරි, ආපහු කතාවට. ඉතින් මම කීවනෙ අපි හැමතැනම ගියා කියල ෆෝන් එකේ තියෙන ෆොටෝ ටික SD card එකට ගන්න ක්‍රමයක් හොය හොය. හම්බුනේම නෑ, හවස 4.30 විතර වෙනකොට දෙන්නට හොඳටම හෙම්බත්. වැඩේ අතාරින්නත් හිතුන. අපේ දිනේශ් සහෝගෙත් ලැප මැරිල, චාජරෙත් නෑ. ඌ කීව බොරැල්ලට ගිහිල්ල කරගෙන වරෙන්කො කියල. අලුත් බලාපොරොත්තුවක්. අපි ඉතින් එලියට ආව. පස්සෙ කල්පනා කරල වැඩි ෂුවර් එකටත් එක්ක බම්බලපිටියට ගියා. ගිහිල්ල communications දෙක තුනකින් ඇහුව, ම්හ්. :( ඊට පස්සෙ මොකෝ කළේ, අපිට කරගන්නම ඕනෙනෙ. MC එකේ කඩේකට ගිහිල්ල MicroSD Card Reader එකක් සල්ලි වලටම ගත්ත රු.150ක් දීල.
ඉතින් ඕකත් අරගෙන උඩ පැන පැන ආපහු BMICH ඇවිල්ල මගෙ ෆෝන් එකේ කාඩ් එක අරකට ගහල අර ස්ටෝල් එකේ එකාට දුන්න.
හරිම සතුටුයි කියන්න, මගෙ කාඩ් එකේ මොකාක් හරි අවුලක්, මැෂින් එකෙන් ගන්නෙ නෑ. ඉතින් මොකෝ කරන්නෙ. ඔන්න මේ යකා කාඩ් එක රීඩර් එකෙන් ගලවල උගෙ කාඩ් රීඩර් එකට ගැහුවනෙ. 
අපි දෙන්නට නේද, පස්ට හැපී, කාඩ් එක රීඩ් කරගන්න පුළුවන් නිසා නෙමෙයි, දෙන්නට දෙපැත්තෙ ඉඳන් අරූගෙ කණ් දෙක රත් කරන්න හිතුන නිසා. ඇයි දෙය්යනේ, මූ ඉස්සෙල්ල MicroSD රීඩ් කරන්න බෑ කීව නිසානෙ අපි පැය ගාණක් කකුල් කඩෙත්තුව හැදෙනකම් එහෙට මෙහෙට ඇවිද්දෙ. :(
ඊට පස්සෙ හරි ගියෙ නැති තැන තවත් එකක් මතක් උනා, දුක කියන්නෙ ඕක ඉස්සෙල්ල මතක් උනේ නෑනෙ. සන්ජයගෙ ෆෝන් එකේ තිබ්බෙ MiniSD එකක්. ඒකට ආපහු ෆයිල් ටික දැම්ම, ඒක රීඩර් එකට දාල ෆොටෝ ටික මැෂිමට ගත්ත. 
ආපහු ශෝක්. උන්ගෙ කැලැන්ඩර් එකේ PSD එක නෑ. ඉතින් පුළුවන් Portrait විදිහට විතරයි, අපි දෙන්න දුන්න ෆොටෝ දෙක landscape. ඉතින් මොකෝ කොරන්නෙ, තව ෆොටෝ දෙකක් අමාරුවෙන් හොයල දාල දුන්න. යන්තම් ඔන්න එකා කැලැන්ඩර් දෙක ගාණෙ ප්‍රින්ට් කරගත්ත. (එකකට 150/=යි. )
ඉතින් ඔහොම මහන්සි වෙලා ලැබුනු ප්‍රථිපලේ තමා මෙන්න මේ පහල තියෙන්නෙ.

සයිස් එක අඟල් 13*19යි.

ඒ වෙනකොට වෙලාව හවස 5.30ත් වෙලා. ඊට පස්සෙ කෙලින්ම ගෙදර එන්න පිටත් උනා. 
මම ගෙදර එනකොට රෑ 7.30 විතර උනා. එවෙලෙම ලියන්න හිතුනත්, මහන්සි නිසා බෑ කියල හිතුව. 

ඔන්න ඔහොමයි උනේ. ඔන්න ඔහොමයි අච්චර දුක් විඳල අන්තිමට කතාවට ලස්සන අවසානයක් දුන්නෙ. :)

Saturday, December 10, 2011

Photo-Talk Photography Workshop එකට සහභාගි වෙන්නෙ නැද්ද?

[රූසර බ්ලොග් අඩවියෙහි පබ්ලිශ් කළ ලිපියේ පිටපතකි.]

මතකයිනෙ ඉස්සෙල්ල ලිපියෙන් ආරංචියක් දුන්න ඔය මාතෘකාවෙ තියෙනව වගේ එකක් ගැන? 
ඉතින් මේක ඇත්තටම සහභගි වෙන්නෙ නැති අයටයි.
මම පොඩි වැඩක් කළා, දැනට සාර්ථකයි, හෙටත් සාර්ථක වේවා කියල පතනවා.
ලයිව් ස්ට්‍රීමිං එකක්. එක එක වෙලාවට මම මගෙ ෆෝන් එකෙන් වැඩසටහනේ තැන් ලයිව් ස්ට්‍රීම් කරන්න හිතන් ඉන්නව. 
මේ තියෙන්නෙ මගෙ ලයිව් ස්ට්‍රීම් එක ඔයාලට බලාගන්න පුළුවන් ලින්ක් එක. 

ෆෝන් එකෙ පාවිච්චි කරන සොෆ්ට්වෙයා එක මීට ඉස්සෙල්ල නම් ඔහොම ඕනිම වෙලාවට පිස්සු කෙලල තියෙනව, වාසනාවන්ත විදිහට එහෙම නැති උනොත් ඔයාලට මෙතන බලාගන්න පුළුවන් වෙයි මම ස්ට්‍රීම් කරන විඩියෝ. එකක් ඉවර උනු ගමන් ඒක මගෙ මුහුණුපොත බිත්තියටත්, යූටියුබයටත් පබ්ලිශ් කරනවා. 
ඉතින් එන අයව දකින්න ආසාවෙන් සිටිනාතර එන්නෙ නැති අයට මේක යම් ප්‍රයෝජනයක් වෙයි කියල හිතනව. (මම කිව්ව අවාසනාවන්ත දේ උනේ නැත්තම්. ;) )

Tuesday, November 8, 2011

"Image Today" බලන්නට ගියෙමි සහ තවත් කතා

ලිපිය ලියන්න පරක්කු උනේ ඒව මේව ටිකක් සපයගන්න පරක්කු උන නිසයි. (තවත් දේවල් ටිකක් ලැබුනෙ නැති නිසා අද ලිපිය දානව කියල හිතුව.)
"මි" කිව්වට "මු" වෙන්න ඕනෙ හරි නම්. මොකද මම තනියම ඇතුළට ගියාට ඇතුලෙදි තව සෙට් එකක් සෙට් උනා නෙව.
හරි. "Image Today" කියල කියන්නෙ, පසුගිය සති අන්තයේ, BMICH එකේ පැවති ඡායාරූපකරණය සම්බන්ධ ප්‍රදර්ශනයක්. ඒකෙ තිබුනෙ ඡායාරූපකරණයට සම්බන්ධ වෙන ගොඩක් දේවල්. කඩ තමා වැඩිපුරම තිබුනෙ.
හරි කියන්නම්කො විස්තර.
මේකෙ තිබුන, කැමරා හා උපකරණ විකිණීමට, ඕඩර් කිරීමට. Fuji, Canon, Nikon, Olympus, Kodak, Benq වගේ ප්‍රසිද්ධ කැමරා මාදිලි.
ඡායාරූප මුද්‍රණය සම්බන්ධ මුද්‍රණ යන්ත්‍ර හා වෙනත් මුද්‍රණ යන්ත්‍ර, තීන්ත, කඩදාසි වගේ හැම දෙයක්ම මිලට ගන්න, බලන්න, ඕඩර් කරන්න පුළුවන්කම තිබුන.
මංගල උත්සව සම්බන්ධ දේවල්. ඇල්බම් හදන කට්ටිය, ඇල්බම් හදන උපකරණ, විඩියෝ හදන කට්ටිය, වීඩියෝ හදන්න පුළුවන් මෘදුකාංග, සඟරා...
ඡායාරූපකරණය සම්බන්ධ පොත්, සඟරා. (මේ පොත් නම් ඔක්කොම ඉංග්‍රීසි, පට්ට ගණං, සඟරා නම් තිබ්බ)
Lighting Equipment. Flashers, Reflectors, Diffusers, වගේ දේවල්.
ඡායාරූපකරණය සම්බන්ධ පොඩි වැඩමුළුත් තිබුන වෙලාවෙන් වෙලාවට. (අතුල රණරාජා මහතාගේ, ශාක්‍යා ස්ටුඩියෝ එක අයිති නිවේදකයාගේ (මට එයාගෙ නම මතක නෑනෙ. :( ) ) ඉන්ද්‍රනාථ තේනුවර මහත්මයාගෙත් එකක් තිබිල තියෙනව, අපි දැක්කෙ නෑනෙ. :( 
ඔක්කොටම වඩා, වැඩිපුරම කට්ටිය සෙට් උනේ Model Shoot එකට. Model Shoots දෙකක් තිබුන. එකක් තෙවෙනි ඇසේ කට්ටිය සංවිධානය කරල තිබුනු එකක්. අනිත් එක Heyleys ආයතනයේ FujiFilm stall එකේ තිබ්බ එකක්.




මෙම ඡායාරූප, සන්ජය විපුල අනුග්‍රහයෙනි.

Fuji ආයතනය විසින් අලුතින් කැමරාවකුත් හඳුන්වා දුන්නා. (DSLR එකක්ද කොහෙද, මම හරියටම දැක්කෙ නෑ. කීවෙ, ඒක Professional හෝ Advanced Amateur දෙගොල්ලන්ටම ගැලපෙන එකක් කියල. රු. 75,000 කැමරාව හඳුන්වාදීමේ මිල රු. 50,000යි.)
Heyleys stall එකෙන් raffle draw එකකුත් තිබ්බ. (ඒක ගැන නම් මම කතා කරන්නෙ නෑ. :D )

හරි හරි. ඉතින්, මම මුලින්ම යන්න හිටියෙ මගෙ යාලුවෙක් වෙන සන්ජය එක්ක. ඌ තමා මගෙ Photography companion. ෆොටෝ ගහන වැඩක් නම් ඌ එක්ක තමා ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙ. ඉතින් මූ බෑ කීවනෙ. (මම ඉස්සෙල්ල ෆොටෝ ෆෙයා ගිය වෙලාවෙ ෆ්‍රී ටිකට් දෙකක් ගත්තෙත් මූටයි මටයි කියලනෙ.) 
ඔය අතරෙ බ්ලොගෝලයෙ යාළුවන්ගෙන් ඇහුවම කවුද එන්නෙ කියල, චාපා, ශිරෝෂි, ගෙහාන් එහෙම එනව කීව. තව කිහිප දෙනෙකුත් එනව කීවලු. ඉතින් උන් නිසාම මම සෙනසුරාද යන්න හිතන් හිටි එක ඉරිදට වෙනස් කළා. වෙලාවත් පොඩ්ඩක් ඉස්සර කරල 11 යන්න හිටි එක 10ට අඩු කළා. මගෙ ලඟ ටිකට් තුනක් තිබුන, දෙකක් ටිකට් කියන්නම පුළුවන් ටිකට්, තෙවැන්න මගෙ ෆෝන් එකට ආපු එස් එම් එස් ටිකට් එක. :) චාපා ඕනෙ කීවනෙ ටිකට් දෙක. ඉතින් සෙනසුරාද ටිකට් දෙක එයාට නොමිලේ වික්ක. ගෙහාන්ට එකක් ඕනෙ කීව, ඒත් ඉතින් පරක්කු වැඩීනෙ එතකොට, ඒත් මම කිව්ව ඇතුළට ගන්නම් කියල. ;)

මම ඉතින් ඔන්න බස් එකේ යනකොට BMICH එකට යන්න, අර මගෙ යාළුව ඔන්න කතා කරනව "උඹට හැමදාම පොල්ල තියන්න බෑනෙ බන්, මම එනව, 11 විතර වෙයි" කියල. ඉතින් මමත් "හා" කීව. ඌ නම් කැමරාවත් අරගෙන කීව එන්නෙ. මම 10ට කොළඹ කැම්පස් එක ගාවින් බැස්සම මෙන්න චාප රිං කොරල. කතා කරල බැලුවම ශිරෝෂි ඇවිල්ලලු. ඉතින් එයාට කතා කරල බැලුවම මෙන්න කැන්ටිමට වෙලා ඉන්නවලු. මම ඉතින් ගිහිල්ල බැලුවම මෙන්න ඉන්නව තව දෙතුන් දෙනෙක් එක්ක. බැලුවම, සිංහයා, ස්කූබි ඩූ, අනේ අනිකගෙ නම තාමත් මතක් වෙන්නෙ නෑ නෙව. :( සොලි හොඳේ. 
ඉතින් කොහොම හරි ගියගමන් කිරි පැකට් දානෙකට සෙට් උනා. මමත් ඉතින් වේලිලා උන්නු නිසා පිං දීල බිව්ව. එකෙක්ට නම් මදිත් වෙලා පැකට් එකට වතුර ටිකකුත් දාල බොන්න හැදුව. ;) ඒත් එක්කම දැනගන්න ලැබුන, එයාගෙ ප්‍රියතම ප්‍රශ්නෙ (කවුරුහරි එයාගෙන් අහනවට කැමතිම ප්‍රශ්නෙ) "උඹ කාලද?" කියන එකලු. කිරි පැකට් එකක් බිව්වට දෙක තුනක් විතර වේලෙනකම් බලා හිටිය චාප එනකම්. ආ අමතක උනානෙ, තව එකෙක් කිරි බෝතලයක් අරගෙන ඇවිල්ල ඒක මේසෙ යට හංගගෙන තනියමම බිව්වනෙ. :( 
ආ ඔය ඉන්න අතරෙ පිංතූර පෙට්ටියෙ දිනේශ් සහෝදරයවත් සෙට් උනානෙ. :) ඌ නම් කීව 100ක් දීල බලන්න දෙයක් නෑ කියල. :( මට දුකත් හිතුන එහෙම කීවම (මට නම් ඉතින් කොහොමත් ෆ්‍රී නෙ.) ගුටි කන්න වෙයිද කියලත් හිතුන. මොකද මම සන්ජයට කතා ගොඩක් කියල තිබ්බෙ. ඔය අතරෙ ඌට කතා කළාම ඌ කීව අවුලක් නෑ බලමුකො, Model Shoot එකකුත් තියෙනවලු, ඒක නිසා කමක් නෑලු.
ඉතින් ඒක මම අරුන්ටත් කීව, බලමුකො කීව. ඉතින් ටිකට් ගන්නත් එපැයි, ඉතින් මොකෝ කළේ, මම හැමෝටම ෆ්‍රී ටිකට් දුන්න. :D :D :D. මට ආපු මැසේජ් එක හැම එකාටම ෆෝවඩ් කළා. චාපට ටිකට් එකක් දුන්න. ඉස්සෙල්ල දෙකක් ඉල්ලපු එකී මෙන්න එකයිලු ඕනෙ කියනව. ඉතින් අනිත් එක තියාගත්ත, පස්සෙ එනව කිව්ව ගෙහාන්ට. (ඒත් ඉතින් ටිකට් එකකුත් තියාගෙන ඉඳල මූ ආවෙ නෑනෙ. :( නැත්තම් හොරෙන්ම ආවද දන්නෙත් නෑ. :D ) ඔන්න ඉතින් ඊට පස්සෙ අපි කැන්ටිමෙන් පිටත් උනා. 
සිරිමාවෝ හෝල් එක ගාවට ආවම මෙන්න තියෙනව එක එක තොරොම්බල් කඩයක්. ඒකෙ හිටපු සර්පයෙක්ට ශිරෝශි බය උනානෙ. මට හරි වෙලාවට ෆොටෝ එක ගන්න බැරි උනා, චුට්ටක් ඉක්මන් උනානෙ. :( ඔක්කොටම වඩා දුක කියන්නෙ ඒ ගත්තු ෆොටෝ එකත් අතුරුදන් වෙලා තියෙන එක. ගෙදර ඇවිල්ල ෆෝන් එකේ බලනකොට ෆොටො එක නෑ. ( ;) )
ඊට පස්සෙ මම ඉතින් ස්කූබි ඩූ ට කිව "අපි බෙදිල යං" කියල. ඊට පස්සෙ මුන් බයේ යම්දෝ නොයම්දෝ කියල. මම ගියා ඇතුළට, sms එක පෙන්නල ගියා. අරුන් sms එක පෙන්නනකොට ඇහුවලු sms එක forward කරගත්තද කියලත්. කොහොම හරි ශේප් වෙලා ආව ඇතුළට. තව පොඩ්ඩෙන් ගුටිත් කනව, ඔය ඉන්දියන් කාරයො ලේසි නෑ. :D
ඇතුළෙ ඉතින් යනකොට සන්ජය කතා කලා ඌ ආව කියල. ඊට පස්සෙ ඌ එක්ක සෙට් උනා. බ්ලොග් කස්ටියගෙන් වෙන් උනා. වෙන් උනා කීවට එක එක වෙලාවට උන්ව සෙට් උනා. :) 
ඉතින් අරූ එක්ක වටේම ගියා. බ්ලොග් කස්ටිය නම් 2-3 වගේ වෙලාවක පිටත් වෙලා ගියා, උන් මම එනකම් කන්නත් බලන් හිටියලු, මම ඉතින් සන්ජය එක්ක රවුමේ නෙ. උන්ට කන්න කීව. 

ඔන්න ඔය අතරෙ තමා අවාසනාවට ඇත්ත කතාව පටන් ගන්නෙ. :D 
අන්න ඒ කතාව ටිකක් දිග නිසා මම ඒක වෙනමම පෝස්ට් එකක් විදිහට දානව. (link එක ක්ලික් කොළාද, තාම ඒ ලිපිය රෙඩි නෑ හලෝ. :) )

ඔය අතරෙ මට තව මිත්‍රයෙක් මුණගැහුනනෙ. මුහුණු පොතේ මිතුරු ධනන්ජ ෂශින්ද ඇල්විටිගල මල්ලි. මිනිහත් තව සෙට් එකක් එක්ක බැහැල හිටියෙ. (බලහන්කො, මූ ගෙදර ආවටත් පස්සෙ කියනව ඉන්ද්‍රනාථ මහත්තය එහෙම හිටිය කියල, එවෙලෙ කීවෙ නෑනෙ. :( මට ඉතින් නේද මුගෙ ඔලුව අතගාන්න හිතුන ටිකක් තදට. දැක්ක නම් කතා කරල එන්නත් තිබ්බ. :(

බලන්නකො මේ පහළ තියෙන්නෙ ප්‍රදර්ශනේ තුළ මම ගත්තු ෆොටෝ හා විඩියෝ ටිකක්.

මේ ඉන්නෙ මගෙ මිත්‍රය, සන්ජය 
















මම එකතු කරගත්තු ඒව මේව ටිකක් ඔන්න.

මේක දැන් ඇති වගේ. අර කතාව ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්. බ්ලොග් කාරයො ටික එක්ක ගත්තු ෆොටෝ එක ලැබෙනකම් දවස් දෙකක් බලාහිටිය, ඒත් නොලැබුනු තැන අද පෝස්ට් එක දැම්ම. (මේක ගැන තමා උඩමදි කිව්වෙ.)

එහෙනම් මම නවතිමි.

Monday, October 17, 2011

Theweni Esa Photo Fair 2011 ගියෙමි

ඔන්න ඉතින් මමත් හාපුරා කියල ජීවිතේ පලවෙනි වතාවට ගියාලු ඡායාරූපකරණය සම්බන්ධ Fair එකකට.  පොළක් කිව්වම ඉතින් ඔයාල දන්නවනෙ, බඩු විකුණන තැනක්නෙ, මේකත් එහෙම එකක් තමයි, විකුණන්නෙ ඡායාරූපකරණය සම්බන්ධ දේවල් තමයි. ගියේ සෙනසුරාද තමා ගියේ, ඒත් ලිපිය ලිවීම පරක්කු උනේ ගෙදර විදුලි අර්බුදයක් නිසා. 
මේක ගැන දැනගත්තෙ මම ෆොටෝ ටිකක් ප්‍රින්ට් කරන්න ස්ටුඩියෝ එකට ගිය වෙලේ. එතන තිබ්බ ෆ්‍රී පාස්. ඉතින් මම ඇහුවම මට 4ක්ම දුන්න. මම ඉතින් ගත්ත, විස්තරත් බලාගත්ත. මගෙ යාළුවෙක් ඉන්නව සන්ජය කියල, මේ වගේ වැඩ වලට මම ඌට තමා ඉතින් කතා කරන්නෙ. දළදා පෙරහැර බලන්න ගියෙත් ඌ එක්කනෙ. මිනිහත් ඉතින් එන්නම් කියල කිව්ව. ඔන්න සිකුරාද කියනව බෑඈඈ කියල. :( බුකියෙ මිතුරු මල්ලි කෙනෙක් එන්නම් කියල එයාටත් අසනීප වෙලා කිව්වනෙ. එදා උදේ ඔෆිස් එකේ එකෙක් එන්නම් කිව්ව, ඌත් ඊට පස්සෙ බෑ කිව්ව. ඉතින් මම තනියම ගියා. 
දවල්ට කාල එහෙම පිටත් වෙලා 2.15ට විතර ගියා සම්බුද්ධ ජයන්ති මන්දිරයට. "මාග" එකෙන් හැදුවට එදා තමා ඒකට මුලින්ම ගියේ. ඉතින් ටිකක් වටේ ඇවිදිනකොට මුණගැහුන තෙවෙනි ඇස එකේ ඉන්න අනූපම මහත්තයව. (මම එයත් එක්ක ) එයත් එක්කත් ටිකක් කතා කරල තෙවෙනි ඇස මැගසින් එකත් අරගෙන අර රැෆල් එකටත් දාල (ටිකට් එකේ කෑල්ලක නම ගම ලියල දාන්න තිබ්බෙ) ඉතිරි ටිකත් ගියා. ඔහොම වට දෙකක් ගියා. ඒ අතරෙ තමා මෙන්න මේ පහළ ෆොටෝ ටික ගත්තෙ.












අන්තිම එකට ඉස්සෙල්ල එක බැලුවොත් දන්න අඳුනන කෙනෙක් ඉන්නව. (හැමෝම නම් නෙමෙයි, සමහරෙක් දන්නව මුහුණු පොතේ අපේ ෆොටෝග්‍රැෆි ගෲප් එක්ක ඉන්නව නම් අනිවා දන්න කෙනෙක්.) පින්තූර පෙට්ටිය වෙබ් අඩවියේ ඇඩ්මින් දිනේෂ් පෙරේරා. (හෙවත් කෝට්ටේ දිනේෂ්) (ඔන්න මචෝ උඹේ පොඩි ඇඩ් එකක්. :D )
ෆොටෝ ටික බැලුවමම ඔයාලට තේරෙනව ඇති මේකෙ මොනවද තිබ්බෙ කියල. ඇත්තම කිව්වොත් ඡායාරූපශිල්පියෙකුට ඕනෙ වෙන හැම දෙයක්ම වගේ මෙතන මිලට ගන්න තිබුන. Canon, Nikon, Fuji, Olympus වගේ කැමරා හා උපාංග, ඡායාරූප මුද්‍රණ යන්ත්‍ර, මුද්‍රණ කඩදාසි, රාමු කිරීම සම්බන්ධ දේවල්, තව ගොඩාක් දේවල්. 
ඒත් ඉතින් මම නම් මොකුත් ගන්න නෙමෙයි ගියේ, බලන්න විතරයි. ගන්න නම් හිතුනු දේවල් එමටයි, ඒත් ඉතින් ඒව ගන්න නම් ලොතරැයියක්වත් ඇදෙන්න ඕනෙ.
මම ඉතින් අර වට දෙක ගිහිල්ල ඉවර වෙලා පිටත් වෙන්න ලෑස්ති වෙනකොට මෙන්න අපේ ඉස්කෝලෙ මගෙ ක්ලාස්මේට් ඇන්ඩ් අපේ කැම්පස් එකේ අපේ ෆැකල්ටියෙ හිටි එකක් ආව. අනේ ඌයි උගෙ යාලුවයි එක්ක තව වට 5ක් ගියා. :D (ඒකම විතරක් නෙමෙයි පරක්කු වෙන්න සිද්ධිය, sms යවල කරන තව තරඟයක් තිබ්බ, ඒකට sms යවල ඒකෙ ප්‍රතිඵල දෙනකම් ගිටියෙ.) කොහොම හරි 3.30ට පිටත්වෙන්න හිතන් උන්නු මම 5.45 වෙනකම් එතන හිටිය. අරුන් දෙන්න ගියා 5.30ට විතර. අන්තිමට ඒ තරඟෙ තෑග්ග නම් ලැබුනෙ නෑ. :(
ඒත් ඉතින් ඕකෙන් එක හොඳක් උනා. ඔන්න ඔය උඩ ෆොටෝ එකේ හිටි එකාව මුණගැහුන එක. ඒකත් අහම්බයක්ද මන්ද. මොකද මම 1වෙනි වටේ යනකොට ගියා NAPSL (National Association of Photographers - Sri Lanka) එකේ ස්ටෝල් එකට. ගිහිල්ල ඒ සංගමයේ සාමාජික ඉල්ලුම්පත්‍රයක් ගත්ත. ඔතන හිටිය සුදට සුදේ ටිකක් මහත් එකෙක්. මට එවෙලෙ ඌව එච්චර නෝට් උනේ නෑ. 5 වෙනි වටේ යනකොට තමා පින්තූර පෙට්ටිය අඩවියෙ ඇඩ් එකක් අයිනක තියෙනව දැක්කෙ. ඔන්න 6 වෙනි වටේද කොහෙද ගිහිල්ල ඔය NAPSL එකේ ස්ටෝල් එක ඉස්සරහ ස්ටෝල් එකේ Desiccators ටිකක් බලන අතරෙ  පොඩ්ඩක් අනිත් පැත්ත හැරිල බලනකොට දැක්ක රතු, කලු, සුදු බිස්නස් කාඩ් එකක් කෙනෙක්ගෙන් තව කෙනෙක්ගෙ අතට යනවා. බැලුවම අර මම මුලින් කීව එකා. අන්න එතකොට මගෙ මතකෙට ආව ඩයල් එක. :D පින්තූර පෙට්ටියෙ දිනේශ්. ඔන්න ඊට පස්සෙ ගිහිල්ල කතා කළාම මේකටත් මාව ක්ලික් උනා. :D ඔන්න ඊට පස්සෙ පොඩ්ඩක් ස්ටෝල් එකට වෙලා ඉඳගෙනම කතාවක් දාගෙන හිටිය. ඒ අස්සෙ අරූ පොඩ්ඩකට ගිය අතරෙ මට සිද්ධ උනා ස්ටෝල් එක බලාගන්නත්. :) ඕව ඉතින් අපට නුපුරුදුය. (ටෙක්නො එකේ අවුරුදු 4ක් එක දිගටම ස්ටෝල් වල ඉඳල තියෙනවනෙ. exhibitorsල නම් නෙමෙයි, Organisersල විදිහට. :) ) 
කොහොම හරි ඉතින් යන්තම් 5.45ට පිටත් වෙලා තමා ගෙදර ආවෙ.

ආ තව එකක් අමතක උනානෙ. නොවැම්බර් 4-6 දවස් තුනේ BMICH එකේ තියෙනව තවත් මේ වගේම Fair + Exhibition එකක්. ඒක Organize කරන්නෙ NAPSL එකත් එක්ක ඉන්දියානු කට්ටියක්ද කොහෙද. ඒකටත් යන්න තමා හිතාගෙන ඉන්නෙ. මේකට ආව නම් ඒ ප්‍රදර්ශනේට යන්න Free Entry Tickets ගන්න තිබ්බ. (ඒකත් මේ වගේ ෆ්‍රී එකක්ද නම් දන්නෙ නෑ)

ඔන්න ඕකයි මගේ Photo Fair 2011 කතාව. දිනේශ් කිව්ව, බුකියෙ කට්ටිය ගොඩක් එදා උදේ ආව කියල. මම ඉතින් ගියෙ හවසනෙ, මට නම් කාවවත් හම්බුනේ නෑ. :( 

Friday, October 14, 2011

"තෙවෙනි ඇස ඡායාරූපකරණය" පිළිබඳ ප්‍රදර්ශනය බලන්න හෙට යමි

සමහරෙක් නම් දන්නව ඇතිනෙ "තෙවෙනි ඇස" - Photo Fair 2011 ගැන. දන්නෙ නැති අය මෙතනින් ගිහිල්ල විස්තර බලාගන්නකො. 
තෙවෙනි ඇස ප්‍රමුඛ ඡායාරූපකරණය පිළිබඳ සඟරාවක්.
ඔවුන් මෙවරත් සංවිධානය කරනු ලබන "Theweni Esa - Photo Fair 2011" මෙවරත් පැවැත්වෙනවා.
ස්ථානය: කොළඹ 5 තුම්මුල්ල, ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේයි.
දිනය : ඔක්තෝබර් 15-16 

උදේ 10 සිට රාත්‍රී 7.00 දක්වා
ඉතින් මම නම් හෙට යන්න හිතාගෙන ඉන්නෙ. හවස 2 විතර වෙනකොට මම එතනට යනවා. ජොබ් එක කොරල තමා යන්නෙ. ඇතුළුවීම නොමිලේ. ඡායාරූපකරණය සම්බන්ධව ගොඩක් දේවල් මේකෙන් ගන්න පුළුවන් වේවි.

ඔයාලත් එනවද?

Thursday, October 14, 2010

"Photography සිංහලෙන්" වසරක උපන්දිනය සමරයි

"Photography සිංහලෙන්" බ්ලොග් අඩවිය පටන් ගත්තෙ හරියටම 2009 වසරේ අද වැනි දිනක (08.14 වන දින)
මුල්ම ලිපිය උනේ මෙන්න මේක.
මේ අඩවිය පටන් ගන්න හේතු උනේ, මම විශ්ව විද්‍යාලයේදී ඡායාරූකරණය ඉගෙන ගැනීම. ඒ හරහා මට ඡායාරූපකරණය ගැන ලොකු ආසාවක් ආව. ඒ ගැන තව තවත් ඉගෙන ගන්න ඕනෙ උනා, ඒ එක්කම, ඒ දැනගන්න දේවල් අනෙත් අය එක්ක බෙදා හදා ගන්න ඕනෙ උනා. 
ඉතින් ඒ වෙනුවෙන් මම මේ අඩවිය සකස් කළා. 
ඉතින් මම ලෙක්වර් වල ඉගෙන ගත්තු දේවල් පිළිබඳ ලිපි ලිව්ව, තව තවත් වෙනත් අඩවි, පොත් මගින් තවත් ඉගෙන ගත්ත, ඒ ඉගෙන ගන්න දේවල් ගැන ලිව්ව.
ඔන්න ඔය අතරෙ LKServers ආයතනයෙන් ඔවුන්ගේ Promotion එකක් විදිහට සිංහල බ්ලොග්කරුවන්ට වෙබ් අවකාශයක් ලබා දෙන වැඩසටහනක් පැවැත්වුවා, මමත් ඒකට ඉල්ලුම් කළා, මගෙ මේ බ්ලොග් අඩවියටත් ඒ අවස්ථාව ලැබුනා.
ඉතින් මගෙ මේ "Photography සිංහලෙන්" අඩවිය Blogger මතින් Self hosted Wordpress මතට Roosara කියන නමත් එක්ක, මාරු උනා. (ඒ 2010 මාර්තු මස)

මේ වසර තුළ මෙම බ්ලොග් අඩවියට "සතියේ ඡායාරූපය"  කියල අළුත් අංගයකුත් එකතු උනා. තවත් දේවල් කිහිපයක් ඉදිරියේදී එකතු වෙන්න තිබෙනවා. මනුශාන් සහෝදරයා එක්ක, තවත් දේවල් කිහිපයක් සැලසුම් කරමිනුයි ඉන්නෙ.
මේ වසරක කාලය තුළ මෙම අඩවිය එක්ක එකතු වෙලා හිටි හැමෝටම මගේ හෘදයාංගම ස්තුතිය පළ කරනවා. බ්ලොගර් වල සිට වර්ඩ්ප්‍රෙස් මතට ඒමත් සමඟ comments නම් සැළකිය යුතු ලෙස අඩු උනා, හේතුවක් නම් දන්නෙ නෑ. නමුත් එන අයගේ නම් අඩුවක් දැනුනේ නෑ.
ඉදිරියටත් මේ හැමෝම මෙම අඩවිය එක්ක එකතු වෙලා ඉදීවි කියල විශ්වාස කරනවා. 
ඔබ ඕනෑම කෙනෙකුට පුළුවන් මෙම අඩවියට සහයක් වෙන්න, විශේෂයෙන්ම ලිපි ලිවීමෙන්. (මටත් තිබෙන කාලය ටික ටික අඩු වෙලා යනවා.)

එහෙනම්, "රූසර අඩවියට සුභ උපන්දිනයක් වේවා!!!"

Wednesday, June 2, 2010

රූසර වෙනුවෙන් නව Flickr සමූහයක් දැන් ක්‍රියාත්මකයි

"Photography සිංහලෙන්" වෙබ් අඩවිය හා එක්වන ඔබට නව අවස්ථාවක්. දැන් මෙම වෙබ් අඩවියට සමාන්තරව, Flickr සමූහයක් ක්‍රියාත්මකයි. 

එම සමූහය හා එක්වී ඔබගේ ඡායාරූප, අදහස් උදහස්, බෙදා හදා ගන්නා ලෙස ඉල්ලා සිටිමු. 

මෙම අඩවිය හා සමූහය හා එක්ව, ඡායරූපකරණය පිළිබඳ දැනුම බෙදා හදා ගන්නට ඔබ සියළු දෙනාටම ආරාධනය කර සිටිමු.



Friday, April 30, 2010

අද විශේෂයි



වෙන අයට නම් නෙමෙයි මට. 
මගෙ මේ සිංහල බ්ලොග් අඩවියේ Followersල ගාන 100ක් වෙලා.
මගෙ "Photography සිංහලෙන්" වෙබ් අඩවිය වෙනුවෙන් හදපු මුහුණු පොතේ පිටුවෙ රසිකයින් ගාණ 1000 පැනල.
අද අළුතෙන් හැදුව "Guide To CSE" බ්ලොග් අඩවිය වෙනුවෙනුත් මුහුණු පොතේ පිටුවක්. ඒක හරහා මගෙ බ්ලොග් අඩවියට වැඩි දෙනෙක් පැමිණිම පමණක් නොව කොටස් වෙළඳපළ ආයෝජනයට ආසාවක් ඇති අය ඒ වටා රොක් වෙලා ඒකෙන් උදව්වක් ගනී කියල සහ කොටස් වෙළඳපළ ආයෝජනය දිරි ගැන්වීමක් වෙයි කියල හිතනව. තවත් දෙයක්, ඉදිරියේදී කොටස් වෙළඳපළ සම්බන්ධ බ්ලොග් අඩවිය තුළ ලිපි පළ කිරීමට Market researcher කෙනෙකුත් එකතු වෙන්න ඉඩ තියෙනව.

Saturday, March 20, 2010

කාලෙකට පස්සේ



මේ පැත්තෙ මම දැන් ටිකක් එනව අඩුයි, මොකද දැන් මගෙ "Photography සිංහලෙන්" අඩවියේ වැඩම තමා. පෙරෙයිද ඒකට තව බ්ලොග් අඩවියක් හැදුව ඒකට අදාල පුවත් හා නිවේදන පළ කරන්න. මේකට ගිහිල්ල ඔයාලට රූසර අඩවියට අදාල නිවේදන බලා ගන්න පුළුවන්.
කිහිප දෙනෙක්ම මට කිව්ව PhotoBlog Sindicator එකක් හදන්න කියල, මම ඒ ගැන වැඩි දෙයක් දන්නෙ නෑ. කාලිංග සහෝදරයට  මේල් එකක් යැව්ව ගිය සතියෙ, තාම ආරංචියක් නෑ. ලාංකීය සිතිවිලි කට්ටියට ඊයෙ එකක් යැව්ව. දැන් මේ ඒකට අදාල කෙනෙක් එක්ක චැට් කර කර හිටියෙ. නමුත් ඉතින් ඒකට ඕනෙ කරන වෙබ් අවකාශ එහෙම මට නෑ, :( ඒකටත් මොකක් හරි කරන්න වෙනව. බලමුකෝ. 
තව තව පොඩි පොඩි අදහස් තියෙනව, රූසර වෙනුවෙන්. ඒව එක එක දාන්නම්, ඒ බ්ලොග් එක සින්ඩියට එක් කළ වහාම. නැත්තම් ඔයාලට roosara.info ගියාමත් ඒව බලාගන්න පුළුවන්. 
තව ඔයාලගෙ තියෙන අදහස් දෙන්න. මට මේ අඩවිය ලංකාවෙ තියෙන ජනප්‍රියම වෙබ් අඩවියක් කරන්න ඕනෙ. :) 

Saturday, March 6, 2010

Photography සිංහලෙන් අඩවියට අදහස් අවශ්‍යයි



ඔයාල දන්නව ඇතිනෙ මගෙ "Photography සිංහලෙන්" බ්ලොග් අඩවියට LKServers මගින් දීපු Promotion එක ලැබුන කියල. ඒකට එයාලට  ආපහු ස්තුති කරන්න ඕනෙ.
ඔයාලගෙන් ඒක සම්බන්ධයෙන් අදහස් ටිකක් ගන්න හිතුව.
පොඩ්ඩක් මෙතනට ගිහිල්ල ඔයාලගෙ අදහස් පළ කරනවද? 
ඔයාලට හොඳ සේවයක් දෙන්න, ඔයාලගෙ අදහස් ඉතාම වැදගත් මේකට. 


http://photography-sinhalen.blogspot.com/2010/03/photography.html

Friday, March 5, 2010

Photography සිංහලෙන් පදිංචිය වෙනස් කරන්නයි ලෑස්තිය



LKServers එකේ Promotion එකට පින් සිද්ද වෙන්න මගෙ "Photography සිංහලෙන්" බ්ලොග් අඩවිය, www.roosara.info කියන තැනට පදිංචිය වෙනස් කරනව. තාම මම එතන වැඩ කටයුතු ඉවර නෑ. (අදනෙ ගෙදර ආවෙ, ඉතින් අද ඉඳන් තමා ඒකෙ වැඩ ටික හරිගස්සල එතන පදිංචියට සුදුසු තත්වයට පත් කරගන්න වෙන්නෙ.)
පොඩි පොඩි අවුල් ටිකක් තියෙනව ගොඩ දාගන්න බැරි වෙච්ච, ඒව ටික ගොඩ දාගෙන ඉන්න ඕනෙ මුලින්ම.  (එයාල අහල තිබ්බනෙ wordpress දාල ඕනෙද කියල, මම එපා කියල කිව්වෙ, නමුත් එයාල දාලමනෙ දුන්නෙ.)


ලොකුම ප්‍රශ්නෙ තමයි මට තීම් එකක් දාන්න බෑ. තීම් එකක් අප්ලෝඩ් කරන්න ගියාම මෙන්න මෙහෙම කතාවක් කියනව.

/home/roosara/public_html/wp-content/uploads/2010/03 නාමාවලිය සෑදීමට නොහැක. මාතෘ නාමාවලිය සර්වරයෙන් ලිවිය හැකිද?



ඔච්චරයි තියෙන්නෙ, අපිට පිළිතුරක් ඇතුල් කරන්න බොත්තමක්වත් නෑ.
ඔයාල විසඳුමක් දන්නවද? මම wordpress පාවිච්චි කරනකොට FTP client එකක් පාවිච්චියෙන් තමයි මීට පෙර themes හා plugins දැම්මෙ. මේකෙ අපිට ඒව කොරන්න බෑනෙ. wordpress ඇතුළෙ කරන දේවල් විතරයි, වෙන කිසිම දෙයක් අපිට කරන්න බෑ. 


දෙවෙනි ප්‍රශ්නෙ තමයි, සිංහලෙන් තියෙන admin panel එක ඉංග්‍රීසියට හරවගන්න එක. හරියකට කිසි දෙයක් තේරෙන්නෙ නෑ. :D


මේ ප්‍රශ්න දෙකට විසඳුම් හොයාගෙන තමා මට වැඩ පටං ගන්න වෙන්නෙ. එතකං මම කොට උඩ. :(
මේ promotion එක ලැබිච්ච අනිත් අය පොඩ්ඩක් මට උදව් කරන සේක්වා. වෙන අය උනත් කමක් නෑ. :)

Friday, February 26, 2010

Photography සිංහලෙන් මුහුණු පොතේ පිටුවක් ඇරඹුවා

.
මම මගෙ "Photography සිංහලෙන්" බ්ලොග් එකට මුහුණු පොතේ පිටුවක් ඇරඹුවා. ඔයාලත් ගිහිල්ල බලන්නකෝ. පොඩ්ඩක් share කරල, සප් එකකුත් දෙන්න අමතක කරන්නෙපා හොඳේ. කැමති අය ඉතින් ෆෑන් කෙනෙකුත් උනාට වරදක් නෑ.




මෙතනින් යන්න.
.

Thursday, September 3, 2009

Photography බ්ලොග් එකේ formatting ප්‍රශ්නයක්



ඔයාල මගෙ ඡායාරූපකරණය බ්ලොග් එක ගැන දන්නවනෙ.
http://photography-sinhalen.blogspot.com/
මට ඒකෙ ලිපි ලියනකොට එන ලොකුම ප්‍රශ්නයක් තමයි, මගෙ ලිපි වල formatting අවුල් යන එක. එඩිටර් එකේදි ලස්සනට හදල, පළ කලාම formatting අවුල් ගිහින්, බලන්නකො මගෙ අලුත්ම පෝස්ට් එක, ඒකෙ මේ අවුල ලොකුවට තියෙනව. 
http://photography-sinhalen.blogspot.com/2009/09/basic-camera-modes.html
මේක මට මගෙ පරිගණකය හරහා විතරක් එන ප්‍රශ්නයක්ද දන්නෙ නෑ. ඒත් මම හිතන්නේ නම් ඒ අවුල හැමෝටම පේනව ඇති කියල.
පොඩ්ඩක් බලල කියන්නකෝ.

Tuesday, August 18, 2009

මගෙ බ්ලොග් එක සින්ඩියට වැටෙන්න ඇයි මෙච්චර පරක්කු?


දන්නව ඇතිනෙ මම ඡායාරූප ශිල්පය ගැන බ්ලොග් එකක් පටන් ගත්ත කියල. (
http://photography-sinhalen.blogspot.com/) ඒක සින්ඩියට වැටුනු ගමන් පෝස්ට්ස් දානව කියලත් මම කිව්වනෙ, ඒත් දැන් දවස් 3ක් ගියා තාම ඒක සින්ඩියට වැටුනෙ නෑනෙ. මුලින් මේල් එකක් එවනව නේද? නොකිය දාන්නෙ නෑනෙ?
සිංහල බ්ලොග්කරණ තරඟාවලියටත් ඉල්ලුම් කලා, ඒකටත් දැන් දවස් 3යි, තාම එයාලගෙනුත් කිසිම උත්තරයක් නෑනෙ.
දුක තමා... මොකද ඉතින් කරන්නෙ, එයාලට හරියට වැඩ වත්ද?
තව දවසක් දෙකක් බලමුකො නේද...
ආ තව දෙයක්, දැනට ඒ බ්ලොග් එකේ page loads 150කුත්, unique visitors ල 99කුත් ඇවිල්ල තියෙනව. පටන් ගත්තු ගමන් දවස් 2කහමාරට නරක නෑ.
මේක නම් හුඟක් ජනප්‍රිය වෙයි කියල ෂුවර්. හැමෝටම ස්තුති වේවා.