Saturday, June 12, 2010

Widgets

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] තොටගමුව නොව අපගමුව


මෙන්න තවත් තොටගමුවේ හමුදුරුවන්ගෙ කතාවක්.

ජනප්‍රවාද වල හැටියට තොටගමුවේ හාමුදුරුවො, ගුප්ත විද්‍යාවන්ගේ කෙල පැමිණියෙක්. උන්නාන්සෙ යක්කුන්ගෙනුත් වැඩ ගත්තලු. මේ වැඩට ගත්තු යක්කු, හිමාලයෙන් ගෙන්නගත්තු උන්ලු.
දවසක් ඉතින් හාමුදුරුවො දුර බැහැර බණකට වැඩල ආපහු පංසලට වඩිනව, හොදටම රෑ වෙලා තනියම. හාමුදුරුවන්ට මහන්සියයි තනිකමයි පාළුවයි නිසා හාමුදුරුවොමොකද කළේ, කතා කළා යක්කු දෙතුන් දෙනෙක්ට, ගෙන්නල කිව්ව,

"මාව තොටගමුවට ගෙන යව" කියල.

යක්කු මොකද කළේ, තොටගමුව කිව්වෙ තමුන්ගෙ ගම කියල හිතල තමුන් අරක් අරන් ඉන්නෙ හිමාලයට අහසින් යන්න පටන් ගත්ත. හාමුදුරුවන්ට හරිම මහන්සියි, ඉතින් හාමුදුරුවො සැතපුනා ටිකක්. ඔන්න එක පාරට ඇහැරිච්ච හාමුදුරුවො බැලුව මොකද බොලේ මේ තමුන්ව මුහුද උඩින් අරන් යන්නෙ කියල.
ඉතින් හාමුදුරුවො යක්කුන්ගෙන් ඇහුව මේ කොහෙද මේ යන්නෙ කියල. විස්තරේ ඇහුවම හාමුදුරුවන්ට තේරුනා තමුන් කියපු දේ යක්කු වැරදියට තේරුම් අරන් කියල. ඉතින් හාමුදුරුවො ආපහු කිව්ව,

"තොටගමුවට නොව අපගමුවට ගෙන යව" කියල.

ඔන්න ඉතින් යක්කු, හාමුදුරුවන්ගෙ අණ පිළිපදිමින් හාමුදුරුවන්ව තොටගමුවට ඇරලුව.

8 comments:

  1. මේ අපේ මාධව මලයනේ. එල කතාවක්. පොඩි කුකුසක් කරන්න ඕන නිසා ඇනොනිමස් කොමෙන්ට් පාරක් දැම්ම ඕං

    ReplyDelete
  2. හික්ස්. :D
    හා හා, කැමැත්තක්.

    ReplyDelete
  3. මම අහල තුබුනේ තොටගමුවට නොවේ යකුනේ මාව මටගමුවට ගෙනියහල්ලා කියලා කිව්ව කියලයි . . .

    ReplyDelete
  4. මටගමුව = අපගමුව, වෙනසක් නෑ නෙ. :) වෙන්න පුළුවන්.

    ReplyDelete
  5. Thanks for posting this one in here. I definitely gained a lot.

    ReplyDelete
  6. Madhawa malli,
    Ithamath vatinawa mewa blog kireema..

    Me boho katha matath ape thaaththa kiya deela thiyenawa..

    Mamath me kathawa ahala thiyenne thotagagamuwata novey matagamuwata geniyapalla kiyalai...

    ReplyDelete
    Replies
    1. :) ස්තුතියි.
      ඔව් ඉතින් මේ හැම එකක්ම කට්ටින් කට පැවත එන ඒවනෙ, වෙනස් වෙන්න පුලුවන් යම් යම් දේවල්.

      Delete
  7. Madawa aiye Mata Sherlock Holmes sinhala PDF ganna phone bn

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.