Showing posts with label happy new year. Show all posts
Showing posts with label happy new year. Show all posts

Tuesday, April 14, 2015

සුභ අලුත් අවුරුද්දක් වේවා!!!


ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුභ නව වසරක් වේවා!!!

Saturday, April 11, 2015

අලුත් අවුරුදු නැකැත්

අලුත් අවුරුදු චාරිත්‍ර වලට අදාල නැකැත් කුමනාකාරයටද යෙදිල තියෙන්නෙ කියල බලාගන්න.
(වෙනත් වෙබ් අඩවියකින් උපුටා ගන්නා ලදී.)



හරියට බලාගන්න රූපය ලොකු කරගන්න ඒ මත ක්ලික් කරන්න.

Saturday, April 12, 2014

නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආරාධනය…

 නව වසර උදාවෙන මොහොතේ රතිඤ්ඤා පත්තු කරන ඔබ මොනම හේතුවක් නිසාවත් සිතන්නෙ නැහැ ඔබ පත්තුකරන රතිඤ්ඤා නිසා බරපතළ සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුවෙනවා කියලා. මොකද ඔබ දකින්නෙ ඇසෙන් පෙනෙන ලෝකය පමණයි. ගස්, ගල්, මනුෂ්‍යයෝ, ගෙවල් දොරවල් ඔබට පෙනෙන ලෝකය.

ඒ ලෝකය තුළ ඔබ නිවැරදිකරුවෙක් බව ඇත්ත. නමුත් පිංවත් ඔබ තරගයට පරිසරය දෙදරුම් කවමින් පුපුරායන රතිඤ්ඤා හඩින් මොන තරම් ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් මියයනවා ඇත්ද? කොතෙක් ඔබට නොපෙනෙන අමනුෂ්‍යයන් තුවාල ලබනවා ඇත්ද? මෙම ප්‍රේත, භූත අමනුෂ්‍යයන් මේ රාත්‍රියේ අත්විඳින්නා වූ පීඩනය නිසා ඔවුනගේ සිත තුළ සකස්වෙන්නා වූ වෛරය, ක්‍රෝධය නව වසරේ අසුබ තුටු පඬුරක් සේ ලෝකයාට ලැඛෙනවා.

ගස්වල වැඩ සිටින රුක්දෙවිවරු භුම්මාටු දෙවිවරු වැනි කොටස් මේ බිහිසුණු රතිඤ්ඤා හඬින් මොනතරම් කම්පාවෙනවා ඇත්ද. ඒ දෙවිවරුන්ගේ සිත තුළත් ද්වේශය, වෛරය, ක්‍රෝධය සකස්වෙනවා. මේ ද්වේශයත් නව වසරක් උදාවෙද්දී ඔබ ලබන අසුබ තුටු පඬුරක්මයි.

එම රාත්‍රියේදී රතිඤ්ඤා හඬට බියෙන් දුවන තිරිසන් සතුන් කොතෙක් නම් සිටිනවාද? මර බයෙන් ගැහෙමින් සැඟවෙන්න දිවයන ඒ සිත් තුළ ද්වේශය, වෛරය සකස්වෙනවා. මේ ද්වේශයත් නව වසරේ ලෝකයා ලබන අසුබ තුටු පඬුරක්මයි.
රතිඤ්ඤා කරලක් පුපුරා යනකොට එම හඬට, ගින්දරට පිළිස්සී දෙදරුම් කෑමට ශරීරය පුපුරා ගොස් මොනතරම් කුඩා කෘමි සතුන් මියයනවා ඇතිද? මේ විනාශවන සතුන්ගේ සිතේ සකස්වෙන ද්වේශයත් නව වසරේ ඔබ ලබන අසුබ තුටුපඬුරක්මයි.
ගස්වල, කැදැලිවල ජීවත්වෙන කුරුල්ලන්, කුඩා පැටවුන්, මෝරන බිත්තර මොනතරම් විනාශවෙලා යනවා ඇතිද? ඔය දෙදරුම්කෑමේ හඬට. එම කුරුල්ලන් බියට පත්වී අන් සතුන්ගේ ගොදුරු බවට පත්වෙනවා ඇතිද? මේ සතුන්ගේ සිත් තුළ සකස්වන ද්වේශයද නව වසර උදාවේදී ඔබ ලබන අසුබ තුටු පඬුරක්මයි.

ඉහත කොටස් අසහනයට, අපහසුතාවට, මරණයට, මරණීය වේදනාවන්ට, හිංසාවට පත්වීමෙන් සකස්වන්නා වූ අකුසල් කන්ද කරගසාගෙන තමයි නව වසරක් උදාවෙන්නේ. මේ අමානුෂික ඛේදවාචකය පිංවත් ඔබට නොපෙනෙන්නේ අවිද්‍යාවේ හඬ බලවත් වීම නිසාය.
පිංවත් ඔබට මාර සිතක් ඇතිවෙන්න පුළුවන්, රතිඤ්ඤා පත්තුකළාම සතුන්ව මරාදැමීමේ, හිංසාකිරීමේ චේතනාවක් ඔබ තුළ නැතිය කියලා. ඒ සිතිවිල්ල නිවැරදි වෙන්න පුළුවන්. නමුත් මියයන, තුවාල ලබන, හිංසනයට පත්වෙන, එම සත්වයන්ගේ සිතේ නැගෙන ද්වේශය, වෛරය, ක්‍රෝධය සුබ පිරිත් දේශනාවක් සේ නොව,
අසුබ වියරු අඳෝනාවක් සේ වායු ගෝලයට එකතු වනවා නියතය. බියෙන්, වෛරී චේතනාවන් සකස් කොටගෙන මියයන අමනුෂ්‍යයන්, තිරිසන් සතුන් වඩාත් නපුරු වියරු අමනුෂ්‍යයන් බවට පත්ව නැවත උපත ලබා, තමන්ගේ පෙර ජීවිතයේ විනාශයට හේතු වූ රතිඤ්ඤා පත්තු කළ මනුෂ්‍යයන්ගෙන් පළිගැනීමේ සිත් සකස්කොට ගැනීමේ ස්වභාවයද පිංවත් ඔබ තේරුම් ගත යුතුය.
සමාජය දිනෙන් දිනම වෛරය, ක්‍රෝධය, ද්වේශය වැඩෙන දිශාවටමද මනුෂ්‍යයා වියරු ස්වභාවයටම පත්වීමටද හේතු ඉහත කාරණා තුළද සැගව තිබීමට පුළුවන. මේ සිද්ධීන් දෙස බැලීමේදී ඔබට වැටහෙනවාද අවිද්‍යා සහගත ක්‍රියාවන් ඔබව මොනතරම් විනාශය කරා දුක කරා රැගෙන යනවාද කියලා?

පන්සලේ ඝන්ඨාරය නාද කරනකොට, හේවිසියක හඬ ඇසෙනකොට, මගුල් ඛෙර හඬ ඇසෙනකොට මොනතරම් සංහිඳීමක්, සංයමයක් එහි තිඛෙනවාද. එම හඬින් ඉහතින් දැක්වූ විනාශයන්, අකුසලයන් සිදු වෙනවාද? කුඩා කිරි දරුවෙක් නම් පීඩා විඳින්න පුළුවන්. පිංවත් ඔබට ශබ්ද පූජාවක් කිරීමට අවශ්‍ය නම් පමණක් මධ්‍යම රාත්‍රියට පන්සලේ ඝන්ඨාරය නාද කරන්න ගමටම ඇසෙන්නට. මගුල් ඛෙරයක් නාද කරන්න. මෙය සමාජයට නුහුරු දෙයක් බව ඇත්ත. එහෙත් ඔබ තුළින් නරකක් වරදක් නම් වෙනත් සත්වයකුට සිද්ධවෙන්නේ නැහැ.
දෙවියන් අමනුෂ්‍යයන් පවා මේ හඬට ප්‍රිය වෙනවා. තිරිසන් සතුන් පවා මේ හඬ විඳිනවා.

හැමෝගෙම ආශිර්වාදයෙන් තමයි වසරක් උදාවෙන්නේ. සශ්‍රීක දිව්‍යතලවල සිටින දෙවියන් පවා ඔබට ආශිර්වාද කරනවා.
කාටද මේ ආශිර්වාද කරන්නේ?
ශීලයට. පිංවත් ඔබ ශීලයෙන් හික්මුන නිසයි, රතිඤ්ඤා පත්තු කිරීමෙන් සත්ව ඝාතන, සත්ව හිංසා සිදුවෙනවාය කියන යථාර්ථය දැක්කේ. ශිල්පද ආරක්ෂා කරන්න උත්සාහ ගත් නිසයි ඔබ එම වැරදි ක්‍රියාවෙන් වැළකුනේ.
ශීලයට වටිනාකමක් දෙමින් තමයි එතකොට ඔබ නව වසර අරඹන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසයි ඔබ සත්ව හිංසාවෙන් වැළකුනේ. ශීලයට වටිනාකමක් දෙනවිටම ඔබ තෙරුවන් සරණේ පිහිටලා. රතිඤ්ඤා පත්තු කිරීමෙන් සතුනට මරණය දුක, හිංසනය සිදුවෙනවාය, මම එම සතුනට අභය දානය දෙනවාය කියලා හිතනකොටම ඔබ තුළ කුසල් චේතනාවක් සකස් වෙලා.

නව වසර පිංවත් ඔබ අරඹන්නේ සතර අපායෙන් මිදීමේ සාධක සියල්ලම දෝතින් දරාගෙනමයි. පුංචි දෙයකින්, මොන තරම් නම් වෙනසක් සිදුකරන්න පුළුවන්ද.

මේ පුංචි දෙය වෙනස් කර ගැනීමට නොහැකිවීමෙන්, ඔබ සසර මොනතරම් නම් දුර ගමනකට වැටෙන්න ඉඩ තිඛෙනවාද…?

මෙම ලිපිය මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපිපෙළින් උපුටාගත්තකි.

මට ලැබුණු ඊමේල් පණිවිඩයකින් ලබාගත්තකි. 
සියළු අයිතීන් කතෲ සතු වේ. 

Sunday, April 14, 2013

සුභ නව වසරක් වේවා!!!

ඔබ සියළු දෙනාට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!!!


Tuesday, January 1, 2013

සුභ නව වසරක් වේවා!!!

ඔබ සැමට ලැබුවා වූ නව වසර, සියළුම ලෝක වාසී ජනතාවට, සියළු වැඩ කටයුතු සාර්ථක වන, සියළුම පැතුම් ඉටු වන සුභ නව වසරක් වේවා!!!


Thursday, April 14, 2011

සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

Saturday, January 1, 2011

"මාධවගේ බ්ලොග් සටහන්" පාඨකයින්ට සුභ නව වසරකට ආසිරි!!!

"Madhawaගේ සිංහල Blogs" පාඨකයින්ට සුභ නව වසරකට ආසිරි!!!

මේ ලැබුවා වූ නව වසර ඔබට ඔබගේ පවුලේ සැමට සියළු පැතුම් ඉටුවන වසරක් වේවා!!!

Wednesday, April 14, 2010

හෙළ අවුරුද්දේ ඇරඹුම කොතැනද?

.
අලුත් අවුරුද්දේ හා පුරා කියල ලියන පළවෙනි ලිපිය. හැමෝටම මුලින්ම ආපහු සැරයක් සුභම සුභ අලුත් අවුරුද්දකට සුභැ පැතුම්!!! 
අලුත් ඇඳුමකුත් ඇන්දෙව්ව බ්ලොග් එකට. දැනුයි දැක්කෙ පොඩි මැහුමක දෙකක අවුලක් තියෙනව, එච්චරම ගාණක් නෑ. ඇඳුම ගැනත් පොඩි කොමෙන්ට් එකක් දාල යන්නකො.
එහෙනම් අද ලිපිය පටන් ගමුකෝ..

හෙළ අවුරුද්දේ ඇරඹුම කොතැනද?
මේකට උත්තර හොයන්න ගියොත් පේන්නෙ, මේක හෙළයන්ම පටන් ගත්තු එකක් බවයි. මේක රාවණා කාලයේ සිට හෝ ඊටත් පෙර සිට පැවතගෙන එන එකක් කියලයි පේන්නෙ.
හෙළි කියන්නෙ හිරුට කියන තවත් නමක්. මේ අනුව හිතුවම රාවණා කාලයේ ඉඳල හරි ඊටත් ඉස්සර ඉඳන් හෙළයන් හිරු මඟුල පවත්වල තියෙන බව අනුමාන කරන්න පුළුවන්. හිරු වන්දනාවට අතීත හෙළයන් කේතුකාකාර කඳු මුදුන් තෝරාගෙන තියෙනව. ඉසුරුමුණිය, සමනොළගිර, මෙන්ම වර්තමාන කෝනේෂ්වරම් හා මුණ්නේෂ්වරම් සහ දෙවුන්දර එදා තිබිච්ච හිරු දෙවොල් විදිහට හඳුනාගන්න පුළුවන්. මේ හැම එකකින්ම මූලික උනු දේවොල උනේ "හිරු දෙවිඳුන් වඩනා දොර" වන දෙවුන්දොරයි.
අප්‍රේල් මස අලුත් අවුරුදු සමයේදී දෙවුන්දරට හිරු මුදුන් වේ. එහෙයින්, අලුත් අවුරුද්ද උදා වන්නේ සිරිලකට හිරු මුදුන් වීමත් එක්කයි. එහෙම බලනකොට මුළු ලෝකයටම නව අවුරුද්දක් උදා වෙන්නේ දෙවුන්දරින්.
දෙවුන්දර ගල්ලෙනේ කන්ද කියන කඳු මුදුනෙ තියෙනව කළුගලින් කරපු පුරාණ ගොඩනැඟිල්ලක්. මේක මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් යළි ගොඩනංවනු ලැබුවා. ඒක පැරණි හිරු දෙවොලක් කියල තමා පැවසෙන්නෙ. අප්‍රේල් අවුරුදු සමයේදී මෙම ගොඩනැඟිල්ලට ලම්භකව හිරු මුදුන් වෙනව.

නාගරිකව, ග්‍රාමීයව කොච්චර අඩුපාඩු උනත්, නාගරීකරණයත් එක්ක ආපු කාර්යබහුලත්වය නිසා සියළු සිරිත් විරිත් ඒ විදිහටම කරන්න බැරි උනත්, මොන බාධා තිබ්බත් යම් ප්‍රමාණයකට හරි මෙම අවුරුදු සිරිත් විරිත් රැකිල තියෙනව. එකම දවසේ එකම වෙලාවේ සිදු කරන අවුරුදු සිරිත් කොච්චර අගය කළ යුතු දෙයක්ද. වෙන රටවල් වල මෙහෙම දේවල් නෑ නෙ.
ඒක නිසා අපටම උරුම මේ උත්සවය ඉදිරියටත් රැක ගන්න ඕනෙ.
පරම්පරාවෙන් පරම්පරාවට අවුරුදු පන්දහසක් තිස්සෙ පැවතගෙන එන මෙම හෙළ අලුත් අවුරුද්ද ජාතියේ, රටේ මහඟු සම්පතක්.
හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

සුභ අළුත් අවුරුද්දකට ආසිරි!!!

ලොව වටා සිටින සියළුම ශ්‍රී ලාංකිකයින්ට, සාමය සතුට පිරි, සියළු අනාගත සිතුම් පැතුම් ඉටු වන, ආදරයෙන් හා ජීවයෙන් සපිරුන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!


ඔබගේ සියළුම පැතුම් ඉටු වේවා...

Saturday, April 10, 2010

අලුත් අවුරුද්දට ලක ලෑස්ති වෙන ගමන්

සිංහල හින්දු අළුත් අවුරුද්දට තියෙන්නෙ තව දවස් 4යි නෙව. දැන් මේ ඒකට ලක ලෑස්ති වෙන ගමන්. මගෙ බ්ලොග් එකට අවුරුද්දට අළුත් ඇඳුමක් මහන ගමන්. ඒක මහල ඉවර උනාම (ඇත්තම කිව්වොත් දැනටම මහල ඉවරයි වගේ තමා, ලිපියක් ලියන පරක්කුව තියෙන්නෙ), ඒක අන්දල අළුත් ලිපියකුත් එක්කම එන්නම්කො.
මම කල්පන කළේ ඇඳුම අවුරුද්දට ඉස්සෙල්ල අන්දනවද, පස්සෙ අන්දනවද කියල. ඔයාලගෙ අදහස් කොහොමද?

Friday, January 1, 2010

සුභ නව වසරකට ආසිරි!!!




මාගේ සියළුම පාඨකයන්ටත්, සියළුම සිංහල බ්ලොග්කරුවන්ටත්, සියළුම ලක් වාසීන්ටත්, සියළු ලෝ වැසියන්ටත් තම සිතුම් පැතුම් ඉටුවන, සාර්ථකත්වයේ වසරක් වේවා, මේ නව වසර....