Showing posts with label mobile apps. Show all posts
Showing posts with label mobile apps. Show all posts

Monday, March 21, 2016

Windows / Android / iOS අතරින් හොදම ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතිය මොකක්ද?


තාක්ෂණය අපේ වටපිටාවේ හැමතැනම තියෙනව. තාක්ෂණය දැන් අපි ස්මාර්ට්ෆොන් එකක හැඩයෙන් හැමතැනම අරගෙන යනවා. කිහිපදෙනෙක්ට තමන්ගේ ජංගම දුරකතනය ගැන හොඳ දැනීමක් තිබුණත් බොහෝ දෙනෙක් ජංගම දුරකතනයක් මිලදී ගන්නේ ඒහි විශිෂ්ට ලෙස නිමවා ඇති ආකර්ශනීය ස්පර්ශක තිරය ගැන පමණක් අවධානය යොමුකරලා. ඒ නිසා ජංගම දුරකතනයක් මිලදී ගන්න කොට ඔබ මිලදී ගන්නේ මොන විදිහේ එකක්ද සහ ඔබ ඒ වෙනුවෙන් ගෙවන මිලට ලැබෙන වට්නාකමක් ලැබෙනවාද නැද්ද යන දේ ගැන විමසිලිමත් වීම වැදගත් වෙනවා. ඒ තීරණය ගන්න ඔබට උදව්වක් විදිහට මම විවිධ ජංගම දුරකතන මෙහෙයුම් පද්ධති අතර සංසන්දනයක් කරා. මේ දැක්වෙන ඔනෑම ජංගම දුරකතනයක් ශ්‍රි ලංකාවේදී විවිධ වෙබ් අඩවි ඔස්සේ ඉතාම සාධාරණ මුදලකට අන්තර්ජාලය හරහා මිලදී ගන්න ඔබට පුලුවන්. Kaymu වෙබ් අඩවිය ඒවා අතරින් එකක්.  (මමත් ටෙස්ට් කරන්න පොඩි දෙයක් විකුණන්න දැම්ම.) 

මෙය ඉතාම සරළ සංසන්දනයක් බවත් සළකන්න. 


මෙහෙයුම් පද්ධති සංසන්දනය




  • මුහුණත
android වලදී විවිධ නිශ්පාදකයින් විවිධ interface මගින් මෙහෙයුම් පද්ධති ප්‍රතිනිර්මාණය කරනවා. මේ දුරකතන වල මූලිකාංග සමාන වුවත් විවිධ කුඩා වෙනස්කම් රැසක් දකින්න පුලුවන්. ඒ නිසා ඔබට ගැලපෙන interface එක සහිත දුරකතනයක් තොරාගැනීම ඔබට අවස්ථාව තියෙනව.
Apple ios වලදී වඩාත්ම කැපී පෙනෙන්නේ එහි slick animations සහ සරළ බවයි. යාවත්කාලීන වලදීත් මේය එතරම් වෙනස් වෙන්නේ නෑ.
Windows phone වල ප්‍රධානම අංගය live tiles. එවා කැමති විදියට customize කරන්නත් පුලුවන්. එත් මෙවායේ ක්‍රියාකාරීත්වය android සහ ios තරම් යහපත් නැහැ.
Android වල්දී ඔබට සියලු Google apps ලබාගන්න පුලුවන්. එත් windows phone වලදී මේ පහසුකම ලැබෙන්නේ නැහැ.

  • Apps සහ විකල්ප App Stores
Android වලට ඇති ඉල්ලුම නිසාම වෙනත් app store මෙවනවිට බොහෝ ජනප්‍රිය වෙලා තියෙනවා. ios app store වලදී ඔබට වඩා ගුණාත්මක apps ලබාගන්න පුලුවන් වුනත් වැඩිපුරම නොමිලේ ලබාදෙන apps ඇත්තේ android play store (Google Play) වලයි.
Android වල ඔබට වෙනත් app stores වල ඇති apps පවා දුරකතනයට ඇතුල් කරගන්න පුලුවන් (side loading apps), එත් apple ios සහ windows වල ඔබට මේ පහසුකම ලැබෙන්නේ නැහැ.

  • මෙහෙයුම් පද්ධති යාවත්කාලීන වීම

සෑම ජංගම දුරකතනයක්ම නිතරම යාවත්කාලීන වෙනව. Microsoft සහ Apple ජංගම දුරකතන වල මෘදුකාංග ඔවුන් සතුවම තිබෙන නිසා නිරන්තරයෙන්ම යාවත්කාලීන කිරීම් ලබාදෙනවා. හැම අවුරුද්දකම අලුතින් Apple මෘදුකාංගයක් එලිදක්වනවා, එවිට කලින් තිබුණු devices යල්පැන යනවා. ඒ නිසා Windows  phone මේ අංශයෙන් ටිකක් ඉදිරියෙන් ඉන්නවා කියන්න පුලුවන්.
ඉදහිට කෙරෙන redesigning වලට අමතරව android දුරකතන එතරම් යාවත්කාලීන වෙන්නේ නැහැ. ඉතා සුළු ප්‍රතිශතයක් android උපාංගවල ප්‍රමාදවී යාවත්කාලීන ලැබෙන යෙදුම් ධාවනය වෙනවා.

  • වෙනස් කරගත හැකි බව
Android දුරකතන වල ප්‍රභලම ශක්තිය තමයි එහි වෙනස් කළ හැකි බව. එමගින් ඔබට ඔබේම interface එකක්, home screen කිහිපයක් shortcut සහ widgets සමග භාවිතා කිරීමට අවස්තාව ලැබෙනව. එවාගේම ඔබට කැමති යතුරුලියනයක් (keyboard) භාවිතා කිරීමේ අවස්ථාවද Google සමාගම ඔබට ලබා දෙනවා.
Windows phone වල live tiles වලින් එවායේ ප්‍රමාණය වෙනස්කරගන්න පුලුවන්, එත් iOS දුරකතන වල වගේම windows වලත් යතුරුලියනය (keyboard) එක වෙනස් කරන්න ඔබට බැහැ.
ප්‍රායෝගිකව බලනවිට සෑම ජංගම දුරකතනයක්ම විවිධ හාවිත කරන්නන් අරමුණු කරමින් නිශ්පාදනය කරන ලද ඒවායි. එක් සරළ සැසඳීමකින් ඔබට ජංගම දුරකතනයක් තොරාගැනීම කළ නොහැක්කක්, නිසා ඔබට ජංගම දුරකතනයක් අවශ්‍ය කුමන කාරණාවක් ඉටුකරගැනීමටද කියා තීරණය කිරීම වැදගත් වෙනවා. ශ්‍රි ලංකාවේදී ජංගම දුරකතනයක් මිලදී ගැනීමට takas වෙබ් අඩවියත් පහසුකම් සපයනවා.

Sunday, March 2, 2014

මම කැමතිම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලිස්ට් එක - 2

ටික දවසකට ඉස්සෙල්ල මම මේ සම්බන්ධයෙන් එක් ලිපියක් ලිව්ව. ඒක බලන්න මෙතනින් යන්න. ඒකට හුඟක් පේජ් වීව්ස් ආව. (අදට 750ක් වගේ)
ඉතින් ඒ ලිස්ට් එකේ ඉතිරියත් ලියන්න හිතුව. මේ ලිපියත් දිග වැඩි උනොත් තවත් කොටසක් දාන්නම්.

Photo Studio
සරළව ෆෝන් එකේ කැමරාවෙන් ෆොටෝ එකක් අරගෙන, ඒකට ඇඩ්වාන්ස් ලුක් එකක් දෙන්න පුළුවන් ඇප් එකක් තමයි මේක. මේකෙ සල්ලි දීල ගන්න තියෙන සංස්කරණයකුත් තිබෙනවා. ඒකෙ ඉතින් ඔප්ෂන්ස් වැඩියි.

ඉස්සරනෙ Google Talk තිබ්බෙ. දැන් තියෙන්නෙ Google HangOuts. මේකෙ ඉතින් ටෝක් වලට වඩා පහසුකම් වැඩියි. මේක වැඩිපුරම ප්‍රොමෝට් කරන්නෙ ගෲප් චැට් ඇප් එකක් විදිහට තමයි.


ගූගල් ට්‍රාන්ස්ලේටර් එක භාවිතා කරල නැති කෙනෙක් නම් හොයාගන්න නැති වෙයි මම හිතන්නෙ. ඒ ගැන කියන්න දෙයක් නැති තරම්.


ෆ්ලිකර් භාවිතා කරන්නෙ ඉතින් ඡායාරූපකරණයට බර අය තමයි. මේක Photo Sharing Platform එකක්නෙ. නමුත් ඉතින් අනිත් අයටත් තමන්ගෙ ෆොටෝ ශෙයා කරන්න මේක භාවිතා කරන්න පුළුවන්. 

මෙන්න නියම භාණ්ඩයක්. ෆෝන් එකේ කැමරාවෙන් ෆොටෝ එකක් හෝ කිහිපයක් අරගෙන, ඒක PDF එකක් කරගන්න මේකෙන් පුළුවන්.  


මේ කාලෙ හුඟක් ප්‍රසිද්ධ වෙලා තිබෙන චැට් ඇප් එකක්නෙ මේක. ස්කයිප් වගේ තමයි, නමුත් එතරම්ම ඔප්ෂන් නෑ. මේකෙ තිබෙන එක් විශේෂත්වයක් තමයි කෝල් වලදි භාවිතා කරන බෑන්ඩ්විඩ්ත් එක අඩු එක. ඉතින් වේගය අඩු ඉන්ටර්නෙට් සබදතාවයකිනුත් වොයිස් කෝල් ගන්න මේකෙන් පුළුවන්.


මේක සරළම නෝට් පෑඩ් එකක් කියල කිව්වොත් නිවැරදියි. වැඩි වැඩ නෑ. හිතට එන ඕනෙ දෙයක්, අමතක වෙන්න ඉස්සෙල්ල ලියල තියාගන්න ගැළපෙන ඇප් එකක්.


දැන් තියෙන්නෙ bar code නෙමෙයිනෙ, QR code. ඉතින් දැන් ටික ටික මේක ජනප්‍රිය වේගෙන එන්නෙ. බාර් කෝඩ් එකකට වඩා විශාල දත්ත ප්‍රමාණයක් මේකෙ ගබඩා කරන්න පුළුවන්කම තමයි හේතුව. ඉතින් මේකත් ඉදිරියට නැතිවම බැරි ඇප් එකක් වෙනවා නම් ශුවර්.


English to Sinhala Dictionary එකක් ෆෝන් එකේ තියෙන එක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් අවස්ථා එමටයි. අපේ ධනික සහෝදරයාගේ සමාගමේ නිර්මාණයක් වෙන මේ ශබ්දකෝෂය ඊට හොඳ සහයක් වේවි. මේක සම්මාන පවා දිනාගෙන තිබෙන ශබ්දකෝෂයක්.

WinRAR කියන්නෙ පරිගණකයකට නැතිවම බැරි ඇප් එකක්නෙ, ඇයි ඉතින් ෆෝන් වලට. ඒත් එහෙමම වගේ තමයි. ගොනු කම්ප්‍රෙස් කරල ඩවුන්ලෝඩ් කරගන්න, ඒව ඕපන් කරන්න අත්‍යවශ්‍යයිනෙ මෙවන් මෘදුකාංගයක්.

හරි ඔන්න අදත් වැදගත් ඇප්ස් 10ක් කිව්ව. මම ගණං කරල බැලුව. මගෙ විශ්ලිස්ට් එකේ ඇප්ස් 70ක් විතර තියෙනව. :D ඒවායින් මම බාගයක් වගේ ටෙස්ට් කරල තියෙන්නෙ. Free Apps වගේම Paid Apps දෙවර්ගයම.
තවත් වැදගත් ඇප්ස් ටිකක් ඊලඟ ලිපියෙන් දෙන්නම්. ඔයාලත් වැදගත් කියල හිතෙන ඇප්ස් තියෙනව නම් කමෙන්ට් එකකින් ඒ ගැනත් කියන්න.
මෙවත් තවත් ලිපි ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ගෙන්නගන්න ඕනෙ නම් මගෙ බ්ලොග් එකට Subscribe වෙන්න. 

Wednesday, February 19, 2014

මම කැමතිම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලිස්ට් එක - 1

ඇන්ඩ්‍රොයිඩ් දැන් නැගලම යන OS එකක් වෙලානෙ. ඉතින් දැන් බොහොමයක් දෙනා භාවිතා කරන ෆෝන් ඇන්ඩ්‍රොයිඩ් ඒව වෙලා. ඉතින් මමත් ඒ ජාතියෙන් එකක් ගන්න ඉන්නෙ. තාම නම් ගත්තෙ නෑ. නමුත් මම BlueStacks App Player කියන මෘදුකාංගය භාවිතා කරල ඇන්ඩ්‍රොයිඩ් අත්දැකීම් ලබා ගන්නව, සහ ඇප්ස් ටෙස්ට් කරල බලනව. 
ඉතින් මම හිතුව කාටත් ප්‍රයෝජනවත් වෙයි කියල් හිතෙන ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග ලිස්ට් එකක් දෙන්න. 

මේ සියළුම මෘදුකාංග Google Play Store හරහා භාගත කරගන්න පුළුවන් ඒව.


මේක ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑනෙ. ලෝකයේ දැන් තිබෙන ජනප්‍රියම වෙබ් බ්‍රවුසරය මේකනෙ.


මේක ගැනත් කියන කිසිම දෙයක් නෑනෙ. මේක නොදන්න කෙනෙක් ඉන්නව කියල මම හිතන්නෙ නෑ.


ඔෆිස් වැඩ කරන්න ගැළපෙන මෘදුකාංගයක්. MS office ගොනු මේකෙන් එඩිට් කරන්න, හදන්න පුළුවන්. ගූගල් එකෙන්ම දෙන මෘදුකාංගයක්.

භාවිතය ඉතාම පහසු, ගූගල් වෙතින්ම ලබා දෙන ෆයිල් හොස්ටිං සේවාව.

වීඩියෝ / වොයිස් චැට් කරන්න, ලෝකයේ වැඩිමදෙනෙක් භාවිතා කරන මෘදුකාංගය.

ෆෝන් එකේ / ටැබ් එකේ තියෙන තාවකාලික ෆයිල්, කෑශ් ඒව මේව කුණු ගොඩවල් සුද්ද කරන්න කියාපු සොෆ්ට්වෙයා එක.

මේක ෆයිල් බ්‍රවුසර් එකක්. සාමාන්‍ය ෆෝන් එකේම තියෙන ෆයිල් බ්‍රවුසරයට වඩා දියුණු හා සංකීර්ණ දේවල් කරන්න පුළුවන්. ෆෝන් එක Root කළොත් අනිවාර්යයෙන්ම දාගන්න ඕනෙ ඇප් එකක්.

මේක ඉතාම හොඳ මීඩියා ප්ලේයර් එකක්. බොහොමයක් ෆයිල් වර්ග ප්ලේ කරන්න මේක භාවිතා කරන්න පුළුවන්.

ඔබට නෝට් කරගන්න ඕනෙ දේවල් නෝට් කරල තියාගන්න සුදුසුම ඇප් එක. සියළුම ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලින් ඒ Notes Sync කරන්න පුළුවන්.

Foursuare කියන්නෙ Location Sharing කරන Social Network එකක් කියන්න පුළුවන්. අපිට විවිධ ස්ථාන වලට Chekin වෙන්න, ඒ තැන් ගැන අදහස් දක්වන්න පුළුවන්. මේකට GPS ඕනෙ.

Google Calender එක මමත් ලඟදි තමයි හරියකට භාවිතා කරන්න පටන් ගත්තෙ. ඒක මට ගොඩක් හිතට අල්ලල ගියා. SMS Alerts, Daily Agenda EMail, Calender Event Email වගේ ගොඩක් ප්‍රයෝජනවත් ඔප්ෂන් ටිකකුත් මේකෙ තියෙනව. Google Calender ඔන්ලයින් එකත් එක්ක මේකෙ කැලැන්ඩරය Sync වෙනවා.

ලිස්ට් එක ඉවර නෑ. තව තියෙනව. තවත් ටිකක් තවත් ලිපියකින් දාන්නම්.

Thursday, February 13, 2014

Ingress සෙල්ලම් කළාද?

තවම ගොඩක් අය මේ ගේම් එක ගැන දන්නෙ නැතිවැති. නමුත් මේක 2012 සිට එන ගේම් එකක්. ගූගල් විසින්ම හදවපු ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ගේම් එකක්. 2013 වසරෙදි හොඳම ගේම් එක විදිහටත් මේක සම්මාන දිනල තියෙනව. 
මේක Real World Reality Game එකක්. GPS හා ඉන්ටර්නෙට් ඕනෙ කරනව ගේම් එක සෙල්ලම් කරන්න.


මේක ගැන විස්තරයක් කිව්වොත් මෙහෙම පටන් ගමු.


පිටසක්වල සිට Exotic Matter අත්භූත ශක්ති විශේෂයක් අපේ ලෝකෙට එනවලු. ඒව පරිසරයට එන්නෙ ප්‍රසිද්ධ ස්ථාන, ප්‍රථිමා, වගේ තැන් වලින්ලු. ඒවට Portals කියල කියනව. ඒව හොඳයි ඒකෙන් මිනිසා දියුණු වෙනව කියල විශ්වාස කරන කණ්ඩායමක් ඉන්නව. එයාලට කියන්නෙ Enlightened කියල. ඒකට විරුද්ධ, ඒක අනතුරුදායකයි කියන තව කට්ටියක් ඉන්නව. එයාලට කියන්නෙ Resistance කියල. 

ඉතින් ගේම් එකේදි කරන්න තියෙන්නෙ මේ පිල් දෙකෙන් එකක් ඔයාලත් තෝරාගෙන ඒ පිලේ අභිමතාර්ථය වෙනුවෙන් වැඩ කරන එකයි. 

සෙල්ලම් කරන හැටි මේ විඩියෝ එකේ සරලව තියෙනව.


අර කිව්ව Portals තමන්ගෙ පිලට නතු කර ගැනීම, ඒවා පවත්වාගෙන යාම, විරුද්ධ පිලේ Portals වලට පහර දීම, එවා අල්ලා ගැනීම සිට තව ලොකු වැඩ තියෙනව. කණ්ඩායම් වශයෙන් එකතු වෙලා සෙල්ලම් කරන්න ඕනෙ ගේම් එකක්. 
හැබැයි මේක ගහනව නම් ඒ ඒ තැන් වලට යන්නම ඕනෙ. ඒ කිව්වෙ Portals වලට පහර දෙන්න, අල්ලා ගන්න, ඒක තියෙන තැනට යන්නම ඕනෙ. 
ලංකාවේ තවම එතරම්ම ජනප්‍රිය නොවුනත්, ලෝකය පුරා ඉතා වේගයෙන් ජනප්‍රිය හා ව්‍යාප්ත වෙමින් පවතින ගේම් එකක්. ලංකාවේ නම් කොළඹ අවට නම ගේම් එක ටිකක් ජනප්‍රියයි, නමුත් ඉන් පිටත ඉතාම අඩු Portals ගණනක් තමයි තවමත් හැදිල තිබෙන්නෙ. 


ඉතින් මමත් මේ ගේම් එක ගහන්න ලෑස්ති වෙන්නෙ. මගෙ යාලුවෙක් මේ ගැන මට මාස 3,4කට කලින් කිව්වෙ. දැක්ක ගමන් මාර ආසාවක් ආව. නමුත් අලුත් ෆෝන් එකක් ගන්න කිසිම උවමනාවක් තිබ්බෙ නැති නිසා ආසාව යටපත් කරගෙන හිටිය. ඒත් දැන් තත්වෙ වෙනස්. එන සතියෙ ෆෝන් එකක් ගන්නව. දැනට මම මේක මගෙ ලැප්ටොප් එකෙ BlueStacks Player දාල ඉන්ස්ටෝල් කරල චෙක් කරන ගමන් ඉන්නෙ. 

ඔයාලත් ට්‍රයි කරල බලන්න. මේකට 512MB RAM එකක් එක්ක 480*800px Screen එකක් තියෙන ෆෝන් එකක් අඩුම තරමින් තියෙන්නෙ ඕනෙ. 1GB RAM තියෙනව නම් කිසිම කරදරයක් නෑ. 
මම තෝරා ගත්තේ Enlightened පිල. ඔයාලටත් මම recommend කරන්නෙත් ඒකම තමයි. :)

විස්තර දැනගන්න, හා ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න www.ingress.com වෙත යන්න. ඔයාලට ගූගල් ගිණුමක් තිබිය යුතු වෙනවා. 

ඉතින්, එකතු වෙන්න ලෝකය දියුණු කරන්න / බේරා ගන්න. මම නම් දියුණු කරන්නයි කැමති. 

මෙන්න ගේම් එකේ ස්ක්‍රීන්ශොට්ස් ටිකක්. ඔක්කොම ගත්තෙ Google Play Store එකෙන්.




එහෙනම් Ingress ලෝකය තුලදී හමුවෙමු.

Wednesday, June 2, 2010

ඔයාගෙ ෆෝන් එකටත් Privacy Tool එකක්

මොකද්ද අනේ ඒ? 
මේක ඇවිල්ල sms යවන්න පුළුවන් ෆෝන් ඇප් එකක්. SafeBox කියන්නෙ තමුන්ගේ රහස් Contact List එකකට ඉතාම පහසුවෙන් කෙටි පණිවුඩ යවන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක්. මේකෙන් යවන, එන සියළුම තොරතුරු එම මෘදුකාංගය තුල සැමවිටම රහසිගතව ආරක්ෂා වෙලා තියෙනව.