Saturday, March 6, 2010

Widgets

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] සෘද්ධි තෛලය



අහසින් යන්න කැමති කට්ටිය ඉන්නවද? මම හිතන්නෙ හැමෝම කැමති ඇති අහසින් යන්න. ප්‍රවාහන වියදම් වලටත් හොඳ විසඳුමක්නෙ. නේද? ඔන්න ඉතින් මේක මේ තෙල හදන එක ගැන කියල දෙන එකක් නම් නෙමෙයි, මේක තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ තවත් ජනප්‍රවාදයක්. මතකයිනෙ මම මීට ඉස්සෙල්ලත් තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ කතා කිව්ව. (ගුරු හිමියන්ට බළල් වසුරු කැවීමජම්මෙද, පුරුද්දද?)
හරි හරි, දැන් එහෙනම් කතාව පටන් ගමුකො.

විදාගම මෛත්‍රී නායක හාමුදුරුවන්ගේ හා ශ්‍රී රාහුල හිමියන්ගේ බුද්ධි මහිමය නිසා උන්වහන්සේලා දෙනම ඉතාම ප්‍රසිද්ධියට පත් වෙලා හිටපු හිමි දෙනමක්. මේ හේතුව නිසාම තොටගමුවේ විජයබා පිරිවෙණට රට රටවලින් සිසුන් ආව ඉගෙන ගන්න.
මේ කාලෙ දකුණු ඉන්දියාවෙන් ආපු ශිෂ්‍යයෙක්, මෙහෙන් ඉගෙනගෙන තමුන්ගෙ රටට ගිහිල්ල, මේ හිමිවරුන්ගෙ දැනුම ගැන තම රටවැස්සන් ඉදිරියේ කියමින් උදම් අනනව. ඒ අතරෙදි මොහු කියනව, මේ හාමුදුරුවො ලඟ තියෙනව කියල මහා බලසම්පන්න තෙලක්, ඒක නළලෙ ගාගත්තු ගමන් අහසින් යන්න පුළුවන් වෙන.
මේ කතාව රට පුරාම ලැව් ගින්නක් වගේ පැතිරිලා යනකොට මේක අහන්න ලැබෙනව මලයාලි යකැදුරෙකුට. ඔහු ලඟ තියෙනව මේ කියන්නා වගේ තෙලක්. මේ බෙහෙත් වට්ටෝරුව නිසා මේ මනුස්සය හරිම උඩඟු ලෙස ජීවත් වෙච්ච කෙනෙක්. අර කතාව ඇහුව විතරයි මෙයා හිතුව මේ බලගතු තෛලය තමුන් ඇරුනම තවත් කෙනෙක් ලඟ තියෙන එක තමුන්ට නින්දාවක් කියල. එහෙම හිතල මෙයා මොකද කළේ, මේ තෙලත් අරගෙන හාමුදුරුවන්වත් මරල ආපහු එන්න හිතාගෙන අහසින්ම තොටගමු විහාරයට යන්න පිටත් උනා.

ඔන්න ඉතින් පංසලට ආපු යකැදුරා ආවාස ගෙට ගිහිල්ල එකත්පස්ව හිටිය.
මීට ඉස්සෙල්ල දැකල නැති මේ පුද්ගලයා දුටු වහාම ලොකු හාමුදුරුවන්ට තේරුනා මෙයා මෙරට කෙනෙක් නෙමෙයි කියල, ධූත ලක්ෂණ අනුව තේරුනා මෙයා ඇවිල්ල තියෙන්නෙ හොඳකටනම් නෙමෙයි කියල. ඒ නිසා හාමුදුරුවො, තමුන්ගෙ මන්ත්‍ර ශාස්ත්‍ර බලයෙන්, මුළු පංසල් වත්තම හා තමුන්වත් ආරක්ෂා කෙරෙව්ව.
යකැදුරාට, හිමිනම් දැක්ක ගමන් ඇඟ කිළිපොලා ගිහිල්ල බයක් චකිතයක් දැනුන, තමුන්ව පාලනය කරගන්න බෑ වගේ දැනුන.

ගුරු හාමුදුරුවො කිසිම අමුත්තක් පෙන්නනෙ නැතුව අහනව,
"ඉතින් උපාසක, අහවල් කටයුත්තකටද මෙහි පැමිණියේ?" කියල.
ඉතින් දෙන්න සතුටු සාමීචියෙ යෙදිල, සෘද්ධි තෛලයේ බෙහෙත් වට්ටෝරුව ගැන හාමුදුරුවන්ගෙන් විමසනව.
ගුරු හිමියො මොකද දන්නවද කරන්නෙ? තමුන් ලඟ එහෙම තෙලක් නැති බව දැන දැනත් කියනව,
"සෘද්ධි තෛලය. මගෙ මතකෙ හැටියට බොහොම කාලෙකින් ඔය තෙල හින්දෙ නම් නෑ, අනික උපාසක ඔය වගේ දේවල් අපට අකැපයි නෙව" කියල.
ඊට පස්සෙ මෙහෙම දෙබසක් යනව.
"අවසර හාමුදුරුවනේ, ඔය තෙල හිඳින වට්ටෝරුව එහෙම ඇති නොවෙද?"
"මොකෝ නැත්තෙ, ඔය පොත් ගුලේ කොහෙට හරි වෙලා ඇති. මේ ඇත්තන්ට උවමනා නම් හොයල දෙන්න පුළුවන්, පොඩ්ඩක් ඉන්ටකො බලන්න"
ඊලඟට හාමුදුරුවො රාහුල හාමුදුරුවන්ව අමතනව.
"රාහුල, කෝ මේ රාහුල"

රාහුල හාමුදුරුවොත් මේ දෙබස අහගෙනයි හිටියෙ. මෙහෙම වට්ටෝරුවක් නැති බව රාහුල හාමුදුරුවොත් දන්නව. මේක ලොකු හාමුදුරුවන්ගෙ මොකක්හරි උප්පරවැට්ටියක් තමයි කියල හිතපු රාහුල හාමුදුරුවො,
"අවසර අපේ හාමුදුරුවනේ" කියමින් එලියට එනව.
"රාහුලට මතකද අර සෘද්ධි තෛලය හදන වට්ටෝරුව තිබ්බ පොත? ඒක පොඩ්ඩක් හොයල ගේමුකො මේ ඇත්තන්ට බලන්න"
ඉතිරිය ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.


10 comments:

  1. අඩේ ඉක්මනට අනිකත් දාන්ඩකෝ.....

    ReplyDelete
  2. එහෙම බෑනෙ මල්ලියා, ඔයා ටීවී එකේ කතාවක ඉතුරු කොටස බලන්න සතියක්/දවසක් ඉන්නවනම් ඇයි මේකට බැරි?
    බලමු කස්ටිය මොනාද කියන්නෙ කියල. රෑ වෙලා හරි හෙට උදේ හරි ඉතුරු කොටස දාන්නම්.

    ReplyDelete
  3. හයියෝ,මතු සම්බන්ධ කරලා!!!!!

    ReplyDelete
  4. ඉතුරු කොටසත් ඉක්මනට ලියපන්

    ReplyDelete
  5. ලියල තියෙන්නෙ, දාන්න විතරයි තියෙන්නෙ. Only 3 clicks away. :D

    ReplyDelete
  6. kawru hari kiyanna puluwanda oyala me sinhala akuru type karanne kohomada kiyala? mama sinhala install karala thiyenne.. wena thanaka type karala methanata paste karanawada? ehema nathnam me box ekemada sinhalen type karanne?

    ReplyDelete
  7. ඔයාට විජේසේකර යතුරු පුවරුව පූලුවන් නම් කෙලින්ම මෙතන ටයිප් කරන්න පුළුවන්. (language bar එකෙන් සිංහල තෝරල).
    නැත්තම් phonetic විදිහට ටයිප් කරන්න පුළුවන් මෙතනම rSinglish වගේ පොඩි මෘදුහාංගයක් දාගත්ත නම්.
    නැත්තම් කොළඹ විශ්ව විද්‍යාලයේ unicode converter එක පාවිච්චි කරන්න.

    ReplyDelete
  8. දැන් තමයි දැනගත්තෙ.. Thanks!!!!

    ReplyDelete
  9. ඉතුරු ටික කෝ යකෝ .......... හිකිස්

    මේදවස් වල මේ කාලගුනයත් එක්ක පිස්සු වගේ .... ඒ අස්සේ මේ යකා කතාව බාගේට නවත්වලා ... මං අහන්නේ කෙන්ති යන්නේ නැද්ද ?

    ReplyDelete
  10. ඇයි බන් ඔය තියෙන්නෙ යටින් ලින්ක් එක ඊලඟ පෝස්ට් එකට.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.