මෙහෙම දෙයක් ගැන හිතුනෙ ගිය ඉරිදා දිවයිනේ තිබ්බ ලිපියක් දැකල. විකට නළු බර්ටි ගුණතිලක සමඟ තිබ්බ සාකච්ඡාවක්. කියවල බලන්නකො.
සමහරු නම් මේ කවුද කියල දන්නෙ නැතිව ඇති. අමතක වෙලා ඉන්න අයට, නම හරියට නොදන්න අයට කියන්නම්කො මතක් වෙන්න දෙයක්. මතකද "ඌ මට ගැහුව, මට ඌ ගැහුව" කතාව? අන්න ඒක මම බැලුවෙ ජාතික රූපවාහිනියෙ "විනෝද සමය" කියන රූපවාහිනී වැඩසටහන හරහා. (මට තේරෙන වයසෙ, ඊට ඉස්සෙල්ල ඒක වෙනස් විදිහට ගිහිල්ල තියෙන්නෙ ස්වාධීන රූපවාහිනියෙ.)
ඒක කළේ, බර්ටි ගුණතිලක, සැමුවෙල් රොද්‍රිගූ හා ඇනස්ලි ඩයස් කියන තුන්දෙනා තමා. ගැමුණු විජේසූරිය, මර්සි එදිරිසිංහත් සමහර කතා වල හිටිය.
ඉතින් මේවායෙ තියෙන විහිළු එක්ක බැලුවම අද තියෙන විහිළු මොනවද කියල හිතෙනව. ඒ විහිළු වල කිසිම කුණුහරුපයක් නෑ, දෙපිට කැපෙන වචන, කතා නෑ. පිරිසිදුම විදිහට විහිළු. සාමාන්‍ය ජීවිතේ කතා වලින් හදපු විහිළු. ඒවට ඇත්තටම හිනා යනව. දැන් ඉන්න විකට නළුවො කියාගන්නා කට්ටියගෙ විහිළු වලට කිති කවාගෙන හිනා වෙන්න ඕනෙ. එයාල කියන දේවල් වලට බලෙන් හිනා වෙන්න ඕනෙ. නැත්තම් හිනස්සන්න හදන්නෙ අඟර දඟර දාල කට ඇද කරල, එයාලම පෙරලි පෙරලි හිනා වෙලා. අනිත් ක්‍රමේ තමා අනිත් මිනිස්සුන්ව අපහාසයට / උපහාසයට පත් කරල. විකට නළුවො විදිහට රඟපෑම් කරන ප්‍රවීණ නළුවන්ගෙ තත්වය නම් ටිකක් වෙනස්. නමුත් ඔවුන්ටත් කතාවක පිටපත එක්ක යන්න වෙලා තිබෙන නිසා සමහරක් වෙලාවට ඔවුන්ටත් අර කිව්ව විදිහෙ වැදගැමකට නැති විහිළුත් කරන්න වෙලා.
ඇත්තටම ඇයි එහෙම වෙලා තියෙන්නෙ? මොකද්ද ඒකට හේතුව? දැන් එහෙම නිර්මාණ හැකියාවක් තිබෙන අය නැද්ද? නැත්නම් අසන්නන් / බලන්නන්ගේ රසවින්දනය මොට වෙලාද?
අර දිවයින ලිපියේ අවසානයේ බර්ටි ගුණතිලක මහතා පැවසූ දෙයක් උපුටා දක්වන්න කැමතියි.
"අපි එදා කළ විකට වැඩ සටහන් අසන්නන්ට, තවමත් මතකයි. අපේ නිර්මාණ තුළ රසික රසිකාවියන්ට නැවත, නැවතත් මතක් කරමින් සිනාවීමට යමක් තිබුණා. අද තියෙන්නේ වැඩසටහන අහලා එවේලේම කිති කවාගෙන සිනාසෙන්නයි. උපහාසයෙන් හාස්‍ය රසය අත්විඳීම ජනතාවට අහිමි වෙලා. පඳුරක් ගානේ විකට නළුවන් ඉන්නවා. සූරයන් තොරන්න තරග පැවැත්වුණත්, රසිකයන්ට අවශ්‍ය දේ දීමේ ශක්‌තියක් තිබෙන අය නැහැ. පනුවෙක් වගේ දඟලලා කෑගහලා, දඟලලා දෙබස් කීම විකට චරිත නිරූපනයක් නොවෙයි. නිර්මාණ ශක්‌තියක් තමන් තුළ තිබෙන්නට ඕනෑ."ඔන්න ඕක තමා ඉතින් සිද්ධිය. :(
ලිපිය නම් හුඟක්ම පුංචියි. මේ ටිකත් එක්ක ඉවර කරන්නම්.
මෙන්න මේ ලින්ක් වලින් ගියොත් ඔයාලට "විනෝද සමය" වැඩසටහන් කිහිපයක් බලන්නට පුළුවන් වෙවි.
http://www.sltune.com/browse-vinodha-samaya-videos-1-date.html
http://www.srilankajokes.com/srilankan_comedy.html
hahaha...ado thanks for posting this.
ReplyDeleteඅපි පොඩි කාලේ ජාතික රූපවාහිනියේ ගිය මේ වැඩසටහන බලනව මතකයි.කුනුහරප නෑ.නිකම්ම හිනායනව.බලෙන් හිනාවෙන්න ඕනේ නෑ.මේව බලද්දි දැන් තියන විහිලු මොනවද කියල හිතෙනව.
ReplyDeleteමතකය අලුත් කරාට ස්තූතියි!
ඒක තමයි. ඇයි එහෙම වෙලා තියෙන්නෙ? මොකද්ද මේකට හේතුව?
ReplyDeleteප. ලි. අපේ බ්ලොග් ලියන්නන් නම් ඉන්නව ඒ වැදගැම්මකට නැති විහිළු කාරයින්ට වඩා රසවත්ව කියවන්නන් හිනස්සන.
http://mamaiarui.blogspot.com/ මෙන්න මේකෙ ලිපි ටිකක් මම අද කියෙව්ව. වචනයක් ගානෙ හිනා යනව. :D :D :D
මේ සෙට් එකේ රේඩියෝ නාට්‍ය වල දෙපිට කැපෙන විහිලු මම අහල තියනව කොහොම උනත් දැන් තියන මල විකාර වගේ නෙවෙයි ඒ විහිලුවලට හිනා ය්නවා
ReplyDeleteඔව්. නමුත් දැන් තියෙනව වගේ ජරා ගණයේ කැත විහිළු නෙමෙයි. :)
ReplyDeleteමගේ මතකේ හැටියට දැනට අවුරුදු තිහකට විතර ඉස්සර දවසක කොටුවෙ, හොස්පිටල් ස්ට්‍රීට් එකේ බාර් එකක බර්ටි ගුණතිලක යාළුවො කට්ටියක් එක්ක අඩියක් ගහනව. මමය් තව යාළුවො කීප දෙනෙකුය් වෙන මේසෙක හිටියෙ. ඔය මනුස්සයව එතකොට රුපවාහිනියේ දැකල, ගුවන් විදුලියේ සෑහෙන කාලෙක ඉඳල අහල, හොඳට පුරුදු චරිතයක් නිසා මට අද වාගෙ මතකය්, අපේ ඇහැ කන වැඩිය තිබුනෙ බර්ටි සහ යාළුවො හිටපු මේසෙ පැත්තට හැරිල. කතා කල දේවල් නං ඇහුනෙ නැහැ, ඒ වුනාට අපිට ඒ මනුස්සයගෙ ඉරියව් දැක්කමත් හිනා එදා. ඉරියව් අමුතු නිසා නෙමේ, සාමාන්‍ය ජීවිතේ මනුෂ්‍යයෙක් කොරන කියන ඒව නරඹන්නන්ට අසන්නන්ට (විශේෂයෙන්ම රුපවාහිනියේදී) විනෝද සාගරයක් බවට පත් කල හැටි බර්ටි, ඇනස්ලි සහ සැමුවෙල් කියන තුන් දෙනා. කොටින්ම කියනව නං බර්ටි දිහාවෙ බලා ඉන්න කොටත් හිනා යනව.
ReplyDeleteඔව්. එහෙම නම් ඇති. මම නම් දැකල නෑ. නමුත් එහෙම ඇති කියල හිතෙනව.
ReplyDeleteබුවා කිව්ව වගේ රේඩියෝ වර්ෂන් වලදි නම් දෙපැත්ත කැපිල යන ඒව තිබුණා. අවුරුදු 8-9කට විතර කලින් හිරු ඇෆ්ඇම්/සිරස එකේ හවස වැඩසටහනේ මේ පරණ කෑලි ගියා.
ReplyDeleteමොනව වුණත් මේව ආයෙ ආයෙ වුණත් බලල හිනා වෙන්න පුළුවන් ඒවා...
මේ කට්ටිය තමයි නියම විකට රජවරු කියලා කියන්නේ. අනිත් අය ගොඩක් වෙලාවට කරන්නේ මෝඩ විහිලු නේ !!!
ReplyDeleteඅපි ඉස්සර රේඩියෝවෙ "විනෝද සමය" වැඩසටහන් ඇහුව. මොකද ඒ කාලෙ ටෙලිවිශන් තිබුනෙ නෑනෙ. පස්සෙ කාලෙක කලුසුදු රූපවාහිනියෙ "විනෝද සමය" බැලුව. ඊටත් පස්සෙ තමයි වර්නයෙන් බැලුවෙ.
ReplyDeleteකොහොම උනත් "විනෝද සමය" ට ලගින් යන්නවත් පුලුවන් වැඩසටහන් නැහැ කියන එක හරිම දුකෙන් තමයි කියන්න වෙන්නෙ
අලුත් පරපුරක් හැදුනෙ නැහැනෙ. නිර්මානශීලී මිනිස්සු බිහිවෙන්නෙ නැත්තෙ ඇයි?
දැන් ඉන්න එවුන්ගෙ ටිහිලු වලට කිති කවා ගත්තත් හිනා යන්නෙ නෑ.
ReplyDeleteඔබාගෙ කතාව සහතික ඇත්ත.
බර්ටි දිහා නිතං බලා හිටියාම ඇති. මුකුත් කියන්න ඕනෙ නෑ. දවසම හිනා යනව.
මම මේව සැරින සැරේ අහනව. ඒ හැම සැරේම අලුත් එකක් වගේ රසවිඳින්න පුළුවන්.
@Ano: මටත් හිතාගන්න බැරි ඒක තමයි. අලුත් නිර්මාණත් කිසිම වැඩක් නැති ඒව. හරිහමං නිර්මාණයක් බිහිවෙනව හරිම අඩුයි.
ReplyDelete@පැණි දොඩම්: ඔව් කොච්චර ඇහුවත් බැලුවත් ඒවට හිනා යනව. මේ ඌ මට ගහනව කතාව දහස් පාරක් බලල අහල තියෙනව, මේ ලිපිය ලියනකොට දෙපාරක් බැලුව දෙපාරමත් හිනා ගියා. :)
මටත් ඔය ඌ මට ගැහුව,මට ඌ ගැහුව කතාව යාන්තම් මතකයි. ඇත්ත දැන් තියෙන සමහර විහිලු කතා වලට හිනා යන්නේ නෑ නේ. අපේ නංගිත් මේ පොස්ට් එක කියවල මාත් එක්ක හිනා වෙවී මේක ගැන කිව්ව නියමයි කියලා. :D
ReplyDeleteදැන් තියෙන විහිළු කතා වලින් අතිශයින්ම කලාතුරකින් විතරයි හොඳ එකක් තියෙන්නෙ.
ReplyDeleteඔය ලින්ක් වලින් ගිහිල්ල බලන්නකො, තව විඩියෝ තියෙනව.
මොනා උනත් අපේ බස් රේඩියෝ (http://www.buzzradio.lk/) වට පින් සිද්දවෙන්න මේ ලඟදි දවසක විනොද සමයක් අහන්න පුලුවන් උනා....
ReplyDeleteඒ වගේම බර්ටි ගුණතිලක කලා කරුවාණන්ට දිගාසිරි පතමු...
http://www.facebook.com/VinodaSamaya
ReplyDelete@s_madhuranga: බොහොම ස්තුතියි මේකට.
ReplyDelete