ඔන්න ඉතින් කාලාන්තරේකට පස්සෙ බ්ලොග් එකේ මොනා හරි ලියන්න ආව. පහුගිය කාලෙ පෝස්ට් එකක් ලියන්න පට්ටම කම්මැලිකමක් තිබුනෙ. ඉතින් මෙන්න ආව කතන්දරයක් අරගෙන. මම කාලෙකට ඉස්සෙල්ල කියාගෙන ආපු කතන්දර සෙට් එකටම තවත් එකක්. තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවො සම්බන්ධ ජනප්‍රවාදයක්. මීට ඉස්සෙල්ල කියපු කතා බලල නැති කෙනෙක් ඉන්නව නම් මෙතනින් ගිහිල්ල කතා ටික හොයාගෙන කියවන්නකො.
හරි, අද කතාව "පුල කච්චන්නා".
අමුතු වචනයක්. දන්න වචනයක්ද? වෙන බාසාවක එකක්ද? කතාව කියවන් යනකොට තේරේවි. :)
අද කාලෙ නැති උනාට අතීතයේ, කුල වාදය තදින්ම තිබුන. ඉහල පැලැන්ති වල කුලත්, පහත්ම තලයේ කුලයනුත්. ඒ කාලෙ සමාජයේ උනු හැම කාර්යයක්ම එක්ක කුල වාදය පැවතුනා. ඒ කාලෙ, හැම ජන කොටසක්ම කොයිම හරි විදිහකට රජ මාළිගයට සේවාවක් කළ යුතු වෙනව. ඉතින් ඒ කරන කාර්යය අනුව ඒ මිනිස්සු උසස් පහත් කුල වලට බෙදෙනව.
හරි. ඉතින් ඔන්න එදා පසළොස්වක දවසක්. පළාතෙ දානපතියෙක්ගෙන් දනට වඩින්න ආරාධනාවක් ආව. ඉතින් ගුරු හාමුදුරුවොයි, රාහුල පොඩි හමුදුරුවොයි ඔන්න දානෙට වඩිනව. ඔය අතරමඟ ගොඩක් මඩ වගුරු සහිත ප්‍රදේශයක් පසු කරල යන්න මේ දෙනමට සිද්ද වෙනව. ඔන්න අමාරුවෙන් අමාරුවෙන් වඩින අතරෙ හදිසියෙම කොහෙන්ද මන්ද ආපු කොලු ගැටයෙක් "පුල කච්චන්නා පුල කච්චන්නා" කියල කෑ ගහගෙන උන්නාන්සෙල පහු කරල දුවගෙන ගියා.
ඉතින් මේ වචනෙ ඇහෙනකොටම ගුරු හමුදුරුවො, මේක මොන භාෂාවෙ වචනයක්ද, පාලිද සංස්කෘතද, වෙන බාසාවක එකක්ද කියල හිතන්න උනා. කොහෙද මතකෙට එන්නෙම නෑ, හැබැයි ඒකෙ තේරුම මේ දිව් අග තියෙනව වගේ, ඒත් මතක් වෙන්නෙම නෑ. ඉතින් ගුරු හාමුදුරුවො ඕක ගැනම හිත හිත මග වගුරු වලත් වැටි වැටි යනව. රාහුල හාමුදුරුවන්ට කිසිම තේරුමක් නෑ මොකද්ද මේ ලොකු හාමුදුරුවො පැටලිලා ඉන්න පඹ ගාල ගැන.
ඔන්න අර දානපතියගෙ ගේත් පහු කරගෙන ලොකු හාමුදුරුවො වඩිනව. රාහුල හාමුදුරුවො බලනව මේ මොකෝ කියල. දෙන් දානෙටත් වෙලාව ලඟයි. රාහුල හාමුදුරුවන්ට ඉන්ටම බැරි තැන ලොකු හමුදුරුවන්ගෙන් අහනව "ලොකු හාමුදුරුවනේ, දානෙටත් වෙලාව ලඟයි, දැන් අපි දානෙ ගෙදරත් පහු කරගෙන හුඟක් දුර වැඩිය" කියල. ඔන්න එතකොටයි ලොකු හාමුදුරුවන් පියවි සිහියට ආවෙ. ඉතින් දෙන්න ආපහු හැරිල ගියා.
දානෙ වැළඳුවට මොකද වෙන සිහියක. අර වචනෙ තේරුම ගැනමයි හිතන්නෙ. ගැටළුවක් ආවම ඒක විසඳන්නෙ නැතිව වෙන වැඩක් කරන්න බැරි පුරුද්දක් උන්නාන්සෙට තිබෙනව. ඉතින් හරියකට දානෙ වැළඳුවෙත් නෑ, උපාසක මහත්තය අහනව ලොකු හාමුදුරුවන්ගෙන් මොකක් හරි අසනීපයක්වත්ද කියල.
ඉතින් දානෙ අවසන් වෙලා පංසලට ආව විතායි ලොකු හාමුදුරුවො පොත් ගුලට ගිහිල්ල තියෙන තියෙන ශබ්දකෝෂ පෙරල පෙරල "පුල කච්චන්නා" කියන වචනෙ තේරුම හොයනව. නමුත් කිසිම පොතක ඒ වචනෙ නෑ. හොයාගන්න විදිහක්ම නෑ.
රාහුල හාමුදුරුවන්ටත් මේ වෙනකොට විවිධ භාෂා කිහිපයක් ගැනම හොඳ දැනුමක් තිබෙනවා. නමුත් ගුරු හිමියන්ට හිතෙන්නෙ නෑ ගෝල හිමියන්ගෙන් මේ ගැන විමසන්ට. ඒත් ගැටළුවට උත්තරයක් ඇත්තෙම නෑ, ඉතින් ගුරු හාමුදුරුවො තීරණේ කළා රාහුල හාමුදුරුවන්ගෙන් මේ ගැන විමසන්න.
"රාහුලට මතකද අපි අර දානෙට වඩිනකොට කොලු ගැටයෙක් පුල කච්චන්නා කියාගෙන දිව්ව? රාහුල දන්නවයි ඔය වචනෙ තේරුම?"
ඔන්න දැන් තමා රාහුල හාමුදුරුවන්ට ලොකු හාමුදුරුවො පැලලිලා උන්නු පඹගාල ගැන තේරුනේ.
"අනේ අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ මෙච්චර වෙලා හෙව්වෙ ඕක ගැනද? අපේ හාමුදුරුවනේ දන්නව ඇතිනෙ, ඒ හරියෙ පාරෙ එක පැත්තක ඉන්නෙ රදා කුලේ උදවිය, අනිත් පැත්තෙ කුඹල් කුලේ උදවිය. ඉතින් ඔය දෙපැත්තෙ කොල්ලො දෙන්නෙක් රණ්ඩුවක පැටලෙන්ට ඇති. ඔය දුවපු කොල්ල රදා කුළේ එකෙක් වෙන්න ඕනෙ. ඉතින් ඒ කොල්ල ගහයි කියන බයට වෙන්න ඕනෙ බැන බැන දිව්වෙ."
"ඉතින් රාහුල, මොකද්ද එතකොට ඒ කිය කියා ගිය වචනෙ තේරුම???" ලොකු හාමුදුරුවන්ට හරිම ප්‍රශ්නයක්.
"ඉතින් හාමුදුරුවනේ කොල්ල බයට වචනෙ නොපිට හරවලයි කිය කියා ගියේ, කල පුච්චන්නා කියන එක." කියල ඔන්නෙ රාහුල හාමුදුරුවො ප්‍රෙහෙළිකාව විසඳුව.
හි හි... මරු සිද්දිය :D :D
ReplyDeleteමරු කථාව..
ReplyDeleteතව නැද්ද?
වීදාගම රාහුල හිමිගේ ගුරු හිමි වීදාගම මෛත්‍රීය.
ReplyDeleteපහුවදා දානේට වඩින කොට කොල්ලෙක් දුවනවාලු කක පුසානවෝ, කක පුසනවෝ කියලා කෑ ගහමින්.
ReplyDeleteපස්සේ බැලිනං කහඹිලියා කේස් එකක්.
ඕ ලෑල් කාලෙ සිංහල පංතිය මතක් උනා.. :D
ReplyDeleteThanks ....the historical information ...
ReplyDeleteMy behavior is very much similar to that of Veedagama Mythree Thero
But I have a very sharp long term memory...
Thotagamuwe Raahula was titled Shud Baasha Parameshwara...
Next time write on how he gained the memory power like a computer after drinking Amoorthaya...
The nation should learn it roots and greatness...
It gives the inspiration and aspiration..