Sunday, May 30, 2010

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] තොටගමුවෙ හාමුදුරුවො යක්ෂයො පන්නපු හැටි

යක්කු බැඳ ගත්තට උං එක්ක වැඩ කරන එක ලේසි වැඩක් නෙමෙයි, මොකද උන් වැඩේ ඉක්මනටම ඉවර කරල ආපහු ඇවිල්ල ස්වාමියාගෙන් වැඩ ඉල්ලනව.

මම ඉස්සෙල්ල කතාවකත් කිව්වනෙ රාහුල හාමුදුරුවො යක්කුන්ගෙන් වැඩ ගත්ත කියල. මෙහෙම උන්නන්සෙ කියපු ඔක්කොම වැඩ ඉවර කරල යක්කු ඇවිල්ල උන්නාන්සෙට කරදර කරනව තවත් වැඩ ඉල්ලල. උන්නන්සෙට හරිම කරදරේ, නිදාගනන්වත් නෑ. ඉතින් මේ කරදරෙන් මිදෙන්න උන්නන්සෙ පොඩි උපායක් යෙදුව.

ඊලඟට යක්කු ආපු දවසෙ හාමුදුරුවො මෙන්න මෙහෙම වැඩක් දුන්න.

නාවා ගස් කපල ඒවයෙ අතු වල පට්ට ගසා වැවට දාල සතියක් තියන්න කිව්ව. සතියකට පස්සෙ ඒ ටික ගොඩ අරන් ආපහු අරන් එන්න කිව්ව.

ඉතින් යක්කුත් ඒ කිව්ව විදිහට නාවා කඳන් කපල පට්ට ගහල සතියක් තිබ්බ වතුරට දාල.
සතිය ඉවර උනාම යක්කු ගියා ඒ ටික අරගෙන එන්න. ඉතින් යක්කු වතුරට බැහැල ඒ කඳන් ටික ගොඩ ගන්න ට්‍රයි කළා. මොකද උනේ?

අනේ කොච්චර ට්‍රයි කළත් එක කොටයක්වත් ගොඩ ගන්න තියා උස්සගන්නවත් බෑ. කොට ඔක්කොගෙම හොඳට දිය සෙවෙළ බැඳිල ආඳ වගේ හැම එකක්ම ලිස්සල යනව. නාවා කඳක් පොතු ගහල පල් වෙන්න වතුරට දාල තිබ්බම ඒ දඬු අත තියන්නවත් බැරි තරම් ලිස්සනව, යකෙක්ට මිනිහෙක්ට තියා දෙය්යෙක්ටවත් ඒකක් නම් උස්සල ගන්න බෑ.

ඉතිං අනේ මේ අසරණ යක්කු ටික කොච්චර උත්සාහ කලත් වැඩේ කරගන්න බෑ. ඉතිඞ් උන් මොකද කළේ, හාමුදුරුවො දුන්න වැඩේ කරන්න බැරි වෙච්ච නිසා හාමුදුරුවො දඬුවම් කරයි කියන බයට ආපහු නොඑන්නම උන් ටික පැනල ගියා.

තමුන්ට නිතරම කරදර කරන යක්කුන්ගෙන් බේරෙන්න මේක තමා හොඳම ක්‍රමේ කියල හිතපු රාහුල හාමුදුරුවො, මේ කරන්න ඇරි වැඩේ දීල යක්කුන්ගෙන් බේරුනා.

Saturday, May 29, 2010

අඩවිය එක්ක ඉන්න කට්ටියට දැන් චැට් කරන්නත් පුළුවන්



මගෙ Guide To CSE අඩවියට ඔයාල ආවම, ඔයාලට තියෙන ප්‍රශ්න එහෙම කතා කරන්න, මම පොඩි forum එකක්  දැම්මනෙ, දැන් තවත් විශේෂාංගයක් එකතු වෙනවා, ඒ තමා Chat Room එකක්. ඔයාල මේ සයිට් එකට ආවම කට්ටියට එකතු වෙලා සකච්ඡා කරන්න දැන් ඔන්න ඔයාලට අවස්ථාවක් තිබෙනව, ඉතින් මම හිතනව කට්ටිය මේ දේවල් වලින් ප්‍රයෝජන ගනී කියල. 
මමත් සමහර වෙලාවට එතන ඉන්න ඉඩ තියෙනව, ඉතින් ඇවිල්ල පොඩ්ඩක් වචනයක් කතා කරල යන්න. ගැටළු තියෙනව නම් අහන්න, පුළුවන් ඕනෙම උදව්වක් කරන්න මම ලෑස්තියි.
ඉන්න කට්ටිය එක්ක කතා බහ කරල දැන අඳුන ගන්න, කොටස් වෙළඳපළ සම්බන්ධ ඔයාලගෙ ප්‍රශ්න සාකච්ඡා කරන්න.
සුභ පැතුම් හැමෝටම.
මෙන්න මෙතනින් යන්න Chat Room එකට.

Friday, May 28, 2010

E‍xMO 2010 - ඉංජිනේරු ප්‍රදර්ශනය


මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරනු ලබන දැවැන්තම තාක්ෂණික හා අධ්‍යාපනික ප්‍රදර්ශනයක්, ExMO 2010. මුළු ඉංජිනේරු පීඨයම මේ සඳහා දායක වන නිසා මේක ඉතාම දැවැන්තව මෙවර පැවැත්වෙනවා.
ප්‍රදර්ශනයේ ආරම්භක උත්සවය පැවැත්වෙන්නේ ජුනි මස 10 වනදා උදෑසන 10ටයි. එය දහවල් 12ට අවසන් වේවි. ඉන්පසු ප්‍රදර්ශනය විවෘත කෙරෙනවා. නමුත් මෙදින ප්‍රදර්ශනය නැරඹීමට අවසර ඇත්තේ, පාසල් සිසුන්ට, තාක්ෂණික අංශයේ පුද්ගලයින්ට (කර්මාන්ත හා ආයතන), හා විශේෂ ආරාධිතයින්ට පමණයි. 
ඊට පසු දින සිට සියළුම ජනී ජනයාට ප්‍රදර්ශනය විවෘත වෙනවා. මෙම ප්‍රදර්ශනය උදෑසන 9 සිට රාත්‍රී 7 දක්වා විවෘතයි. 
ප්‍රදර්ශනයේ ප්‍රධාන අරමුණු වන්නේ, ඉංජිනේරු ක්ෂේත්‍ර පිළිබඳ, කර්මාන්ත ක්ෂේත්‍රය, ජනතාව හා පාසල් සිසුන් දැනුවත් කිරීමත් ඒ හරහා ඉංජිනේරු උපාධිධාරීන් පැතිරී ඇති පරාසයන් පුළුල් කිරීමත්, පාසල් සිසුන්ගේ අනාගත ඉලක්ක සඳහා ගමන් කිරීමට ඔවුන් කළ යුතු දේ පිළිබඳ දැනුමක් ලබාදීමත්ය.
මීට අමතරව, මෙම ඉංජිනේරු සිසුන් ක්‍රියාත්මක වන ක්ෂේත්‍ර මොනවාද, ඒ ඒ ක්ෂේත්‍ර තුළ සිදුවන්නේ මොනවාද යන්නත් මේ හරහා ජනතාවට හා කර්මාන්ත ක්ෂේත්‍රයට ඇති ප්‍රයෝජන පිළිබඳවත්, අප රටට මෙම විවිධ ක්ෂේත්‍ර තුළින් සිදුවන සේවය පිළිබඳව දැනුවත් කිරීමත් මෙමගින් සිදු වෙනවා. 
මීට අමතරව තව එක් විශේෂ දෙයක් තිබෙනව, කවුරුහරි කියනව නම් "අපේ බදු මුදල් වලින් මුන් පිස්සු නටනව" කියල, එන්න ඇවිල්ලම බලන්න මේ ඉංජිනේරු සිසුන් මොනවද කරන්නෙ කියල, ඔවුන්ගෙන් රටට වන සේවය මොකද්ද කියල. ඔබේ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වේවි.

හරි දැන් ටිකක් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය ගැන පොඩ්ඩක් කියන්න.
මොරටුව විශ්ව විද්‍යාලයේ මේ වන විට ප්‍රධාන ඉංජිනේරු ක්ෂේත්‍ර 9ක් ක්‍රියාත්මක වෙනවා.
  • ඉලෙක්ට්‍රොනික හා සන්නිවේදන ඉංජිනේරු
  • පරිගණක විද්‍යා හා ඉංජිනේරු
  • විදුලි ඉංජිනේරු
  • කාර්මික ඉංජිනේරු
  • සිවිල් ඉංජිනේරු
  • රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු
  • ද්‍රව්‍ය විද්‍යා හා ඉංජිනේරු
  • භූ සම්පත් ඉංජිනේරු
  • පේෂ කර්ම ඉංජිනේරු

මෙම විවිධ ක්ෂේත්‍ර තුළ විවිධාකාරයේ තාක්ෂණික ක්‍රියාකාරකම් මෙම සිසුන් ඉගෙන ගන්නව, හා ඔවුන් ඒ හරහා විවිධ දේ සොයාගන්නව, ක්‍රියාත්මක කරනව විතරක් නෙමෙයි, ඒවායින් රටට ලොකු සේවයකුත් වෙනව. 
මෙම විවිධ ඉංජිනේරු ක්ෂේත්‍ර තුළ වෙන්නෙ මොනවද කියල ඔයාල දන්නෙ නැත්තම්, එන්න ඇවිල්ල බලන්න. මේ සමහර ක්ෂේත්‍ර ගැන ඔබ හොඳට දන්නව ඇති, සමහර ඒව ගැන ටිකක් දන්නව ඇති, සමහර ඒව නම් අහලවත් නැතුව ඇති. මේ හැම එකක් ගැනම ප්‍රදර්ශනය තුළදි ඔබට දැක ගන්න, අහගන්න, දැන ගන්න පුළුවන්. 
ඉංජිනේරු සිසුන්ගේ හැකියාවන් දැකගන්න, ලෝකයේ තිබෙන විවිධ තාක්ෂණික දේවල් පිළිබඳ දැනගන්න, ලෝකයේ නව තාක්ෂණයන්ට විවෘත වන්න......

මෙම ප්‍රදර්ශනය, ඔබගේ දැනුම, සිතිවිලි, ආකල්ප වෙනස් කරනු නොඅනුමානයි.

(ඉදිරියට මේ ගැන තව විස්තර කියන්න බලාපොරොත්තු වෙනවා. එකතු වෙන්න අප සමඟ.)

Wednesday, May 26, 2010

ට්විටරය තුළ files share කරන්න

FileTwt කියන්නෙ Twitter Application එකක්,. ඔයාලට ඒකට ෆයිල් අප්ලෝඩ් කරල ඒව ට්විටරය තුළ බෙදා හදා ගන්න පුළුවන්. ෆයිල් එක ප්‍රයිවට් තියාගෙන ඒක අනිත් අයටත් දෙන්න ඕනෙ නම් ඒකෙ ලින්ක් එකක් ඩිරෙක්ට් මැසේජ් එකක් විදිහට යවන්නත් මේකෙම පහසුකම් තියෙනව.


Monday, May 24, 2010

කොටස් වෙළඳපළ ගැන ඔබගේ ප්‍රශ්න අසන්න අළුත් තැනක්


ඔයාල දකින්නත් ඇති, මම "Guide To CSE" වෙබ් අඩවියේ පෙනුම වෙනස් කළා. ඒක කියන්න නෙමෙයි මේක ලිව්වෙ, ඊට වඩා වදගත් දෙයක් කියන්න.
දැක්කද දන්නෙ නෑ "Ask A Q" කියන සැබැඳිය?

එහෙනම් දැන්මම ගිහිල්ල බලන්න, අඩවිය තුළම, ඔබ සඳහාම කුඩා Forum එකක් අරඹලා තිබෙනව. ඔබගේ ප්‍රශ්න, අදහස්, උදහස්, යෝජනා, චෝදනා, එහි ලියන්න. අළුතින් ගිණුම් හදන්න ඕනෙ නෑ, ඔබගේ facebook, google, yahoo, myspace, opnid, twitter ගිණුම් යොදාගෙන ඔබට ඒකට ලොග් වෙන්න පුළුවන්.
ප්‍රශ්න අහන්න විතරක් නෙමෙයි, අහල තියෙන ප්‍රශ්න වලට ඔයාලත් උත්තර දීල, ඔයාලගෙ අදහස් දක්වන්නත් මැලි වෙන්න එපා.
දැන්මම ගිහිල්ල බලන්න, මෙන්න මෙතනින්.

මේක ගැන ඔයාලගෙ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා....

Saturday, May 22, 2010

Online Music Mixer එකකින් වැඩ කරන්න

Electro-House Blender කියන්නෙ ඔන්ලයින් තියෙන ඉතාම හොඳ Music Mixer එකක්, අපේ Tracks දාල, එක එක Effects එහෙමත් දාල ලොකු ලොකු වැඩ කරගන්න පුළුවන්.



Wednesday, May 19, 2010

ඔබේ අඩවියට ලස්සන games එකතු කරගන්න

Heyzap කියන්නෙ ඔබගේ වෙබ් අඩවියට, නැත්තම් බ්ලොග් අඩවියට එක එක විදිහෙ flash games එකතු කරගන්න පුළුවන් අඩවියක්. ඒකෙන් ඔයාලට පුළුවන් වැඩි කාලයක්, ඔබේ අඩවිය පාවිච්චි කරන අය අඩවිය තුළ තියාගන්න වගේම traffic වැඩි කරගන්න. ඔබට තෝරාගන්න games 12,000කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනව.


Saturday, May 15, 2010

මම හදපු මුල්ම flash අඩවිය

පොඩ්ඩක් හැකියාව පරික්ෂා කරන්නත් එක්ක මම සරළ Flash වෙබ් අඩවියක් හැදුවලු. පොඩි පොඩි අවුල් ටිකක් තියෙනව, ඒව ටිකත් ගොඩ දාන්න ඕනෙ. එතකං පොඩ්ඩක් බලල කියන්නකො හොඳ නරක. තාම ඉන්නෙ ප්‍රාථමික අවධියේ. මම දැන් ගමනක් යනව, ඉතින් වැරදි ටික හදන්න වෙන්නෙ අද රෑට තමා.


මේ වනතෙක් YouTube තුළ වැඩිම දෙනෙක් නරඹා ඇති විඩියෝ 10

ඔයාල මේක ගැන කවදාවත් හිතල බලල තියෙනවද? මොනවද YouTube තුළ ජනප්‍රියම විඩියෝ දර්ශන වෙලා තියෙන්නෙ කියල? Top 10 මොනවද කියල?
ඔයාලම බලල කියන්නකො ඔයාලත් මේව බලල තියෙනවද කියල.

මේ තියෙන්නෙ 2010 මැයි 12 වනතෙක් නරඹා ඇති විඩියෝ දර්ශන වලින් ජනප්‍රියම 10.

1.) Lady Gaga - Bad Romance - 202,638,903 views


2.) Charlie bit my finger - again ! - 188,791,124 views


3.) Evolution of Dance - 143,247,222 views

4.) Justin Bieber - Baby ft. Ludacris - 132,580,445 views



6.) Hahaha - 119,152,769 views


7.) Miley Cyrus - 7 Things - 118,286,992 views


8.) Miley Cyrus - Party In The U.S.A - 117,698,230 views (Embedding disabled by request)


9.) Jeff Dunham - Achmed the Dead - 111,893,349 views




10.) Lady Gaga - Just Dance ft. Colby O'Donis - 109,876,282 views


මෙතන ෂුවර් එකට ඔයාල බලල තියෙන ඒවත් ඇති.
අංක 5 හා 9 මම බලල තියෙනව, 9 නම් පට්ට. Miley Sirus ගෙ සිංදු මම අහල තියෙනව, නමුත් මෙතන තියෙන එක නම් බලල නෑ. (මගෙ ලඟ එයාගෙ අළුත්ම සිංදු නෑ නෙ :( )

Wednesday, May 12, 2010

Online GIF Animator එකක්

Loogix කියන්නෙ ඔන්ලයින් GIF Animator එකක්. ඔයාලට තියෙන්නෙ ඡායාරූප කිහිපයක් එතනට එකතු කරල ඒවට එක එක effect දාන්න. ඊට පස්සෙ Generate Animation එක ක්ලික් කළාම ඇනිමේශන් එක හදල දෙනව. html කෝඩ් එකකුත් දෙනව, ඔයාලට මේක මුහුණුපොත වගේ තැන් වලත් ලේසියෙන්ම දාගන්න පුළුවන්.

Saturday, May 8, 2010

කොළඹ කොටස් වෙළඳපළ ගැන හැමෝම දැනගත යුතු දේවල් ටිකක්

මේ දවස් වල හුඟක් කතා බහට ලක්වෙන මාතෘකාවක්නෙ, කොළඹ කොටස් වෙළඳපළ. විවිධ අය කොළඹ කොටස් වෙළඳපළ තුළ ආයෝජනය දිරි ගැන්වීම සඳහා විවිධ දේ කියනව (මමත් ඇතුළුව, :) හැබැයි මේකෙන් මට කිසිම ලාභයක් නෑ, රට වෙනුවෙන් දෙයක් කිරීමයි බලාපොරොත්තු වෙන්නෙ.) පත්තර වල ලිපි ලියවෙනව, රූපවාහිනී වැඩසටහන් පවත්වනව, වෙබ් අඩවි වල ලිපි ලියවෙනව, ගුවන් විදුලිය රූපවාහිනිය තුළ ඒ ගැන කතා කරනව. ඒ දේවල් වලින් ප්‍රයෝජනයකුත් නැත්තෙ නෑ කියල කියන්න පුළුවන්.
මේ දින වල කොළඹ කොටස් වෙළඳපළ විසින්ම (හරියටම කිව්වොත් ජාතික විනිමය කොමිශන් සභාවෙන්) එසේ දිරි ගැන්වීමක් කරල තියෙනව......


කම්මැලිකමට ෆ්ලෑෂ් ගේම් එකක් ගහමු

Scumlabs කියන්නෙ ෆ්ලෑෂ් ගේම්ස් තියෙන වෙබ් අඩවියක්. මාරම ගේම්ස් ගොඩක් තියෙනව. බලන්නකො ගිහිල්ල, කම්මැලිකමට කාලෙ ගත කරන්න කියාපු තැනක්.


Wednesday, May 5, 2010

ඩොලර් 5කට ඔයාල කරල දෙන්න කැමති මොනවද?

ඔයාලට ඩොලර් 5ක් දෙනව නම් ඔයාල එ වෙනුවෙන් කරන්න කැමති වැඩේ මොකද්ද?
සීඩී කවරයක් ඩිසයින් කරල දෙන්න?
කාගෙ හරි වෙබ් ඉඩකට වර්ඩ්ප්‍රෙස් දාල දෙන්න.
ෆොටෝ ටිකකින් ප්‍රසන්ටේෂන් එකක් හදල දෙන්න
ඔයාගෙ ලොකුම රහස අහගෙන ඉන්න.
පොඩි වෙබ් අඩවියක් හදල දෙන්න
ඩොලර් 5කට මේ වගේ එක එක දේවල් කරන්න කැමති කට්ටිය ඉන්න සයිට් එකක් තමයි Fiverr කියන්නෙ. ඔයාලටත් මේකෙ රෙජිස්ටර් වෙලා එහෙම ඔයාල කරන්න කැමති දේවල් දාන්න පුළුවන්. පොඩි ගාණක් අතට ගන්න පුළුවන් වැඩක්.

Saturday, May 1, 2010

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] සිනිඳු සේළය

.
(මගේ මැරතන් බ්ලොගයේ ලිපියකි.)
රාහුල හාමුදුරුවො මහණ වෙන්න ඉස්සෙල්ල (ඒ කියන්නෙ දෙමටානේ කුමාරය කාලෙ), විදාගම හාමුදුරුවො ලඟ කාලයක් හිටිය. විදාගම හාමුදුරුවො යන හැම තැනකම දෙමටානේ කුමාරයත් ගියා. (පෙර කතාවක්: මේ දෙන්නම හොඳ කවියො)
ඔන්න ඉතින් දවසක් දෙන්න යනව දුර ගමක දානයකට. ඔහොම යනකොට මේ දෙන්නට පැල්පත් කණ්ඩයක් හරහා යන්න වෙනව. මේ එක පැල්පතක් ඉස්සරහ මිදුලේ සිනිඳු සේළයකින් සැරසිලා හාල් ගරන කාන්තාවක් දකිනව.
ඈ ඉතාම රූමත්, ඇඳ සිටි සේළයෙන් මිදී පැන දුවන්නට උත්සාහ දරන රණ හංස යුවලක් මෙන් ඇගේ පීන පයෝධර සේළයෙන් නිරාවරණය වෙලා තිබුන. ඇය දැක්කෙ නෑ මේ අමුත්තන්.
මේක දැකල මත් වෙච්ච විදාගම හාමුදුරුවො, දෙමටානේ කුමාරය ඉන්නව කියලත් අමතක වෙලා හාල් ගරන මේ කාන්තාව දැකල මෙහෙම කිව්ව.
සිහින් සිනිඳු සුදු සේලේ,
හීන් ඇඟට ඇඳි සේලේ,
දෙමටානේ කුමාරයත් ඈතදීම මේ කාන්තාව දැක්ක. හාමුදුරුවන්ගෙ ගති ලක්ෂණ හොඳින් බලා හිටිය කුමාරයට තේරුනා හාමුදුරුවො මේ කාන්තාවටලොබ බැන්ද කියල. ඒක පෙන්නන්න කුමාරය මොකද කළේ, අර කවිය මෙහෙම සම්පූර්ණ කළා.
හාල් ගරන කත මිදුලේ,
දැක් මහණෙක් ලොබය කළේ.
හපෝයි........