Showing posts with label lateral thinking. Show all posts
Showing posts with label lateral thinking. Show all posts

Saturday, April 10, 2010

දෙදෙනෙකු අතර ඇති වන ආකර්ෂණය - උත්තරය

මතකයිනෙ මම ප්‍රශ්නයක් ඇහුව. දැක්ක නැති අය මෙතනට ගිහිල්ල බලන්න.
ප්‍රශ්නෙ ටිකක් තාක්ෂණික වැඩි වගේ නිසාද මන්ද, එච්චරම උත්තර ලැබුනෙ නම් නෑ, කමක් නෑ ඉතින්. දැන් ලෑස්ති වෙන්නෙ ඒකට උත්තරේ කියන්න.
ප්‍රශ්නෙ තිබ්බෙ දෙන්නගෙ ඇඟේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණ වල වෙනසක්.

සාමාන්‍යයෙන් 70kg කියල ගත්තොත් මිනිසෙක්ගෙ බර, ඒ පුද්ගලයාගේ ඇඟේ ඉලෙක්ට්‍රෝන මවුල 35523ක් තියෙනව. (මවුලයක් කියන්නෙ 6.022*10^23කට) මේ ඉලක්කම මම ගණං හදල ගත්තෙ, සිරුරේ තියෙන මූලද්‍රව්‍ය අනුපාත අනුව.
එතකොට එයින් 1% කියන්නෙ මවුල 355.23ක්. ඒ ප්‍රමාණෙ ස්කන්ධය වෙන්නෙ ග්‍රෑම් 19ක් වගේ පොඩි ගාණක්. දෙදෙනා අතර දුර මීටර් 1ක් කියල ගමු.

බර අනුව ඇතිවන ආකර්ෂණ බලය සැලකුවොත් ඒක නොගිණිය හැකි තරම් කුඩා බලයක්.
(ඉලෙක්ට්‍රෝනයක බර ග්‍රෑම් 9.1*10^-31, එතකොට GMm/r^2 කියන සමීකරණයට දැම්මම එන්නෙ මැස්සෙක්ගෙ පිහාටුවක්වත් උස්සන්න බැරි තරම් කුඩා බලයක්)

ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය 1.602*10^-19C. ඒ අනුව ඉලෙක්ට්‍රෝන මවුල 355.23ක වෙනසක් නිසා ඇති වන ආරෝපණ වෙනස නිසා ඇතිවන ආකර්ෂණ බලය නිව්ටන් 1.056*10^29 ක්. (F=kEe/r^2 සමීකරණයට ආදේශ කළාමයි බලය ලැබෙන්නෙ, K=9*10^9, E= 3.39*10^9, e= 3.46*10^9)
පෘථිවියේ ස්කන්ධය 5.974/10^24 Kg වෙන්නෙ.
එතකොට මේ එන උත්තරේට අනුව බැලුවම, ඒ ඉලෙක්ට්‍රෝන වෙනස නිසා ඒ පුද්ගලයින් දෙදෙනා අතර ඇතිවන බලය, අපේ පෘථිවියේ බරට සමාන බරක් උනත් එසවීමට සමත්. ඒ කියන්නෙ නිවැරදි පිළිතුර අ1ක 7.


කොහොමද වැඩේ? !!!

Sunday, April 4, 2010

දෙදෙනෙකු අතර ඇති වන ආකර්ෂණය



මේ කතා කරන්නෙ ආදරය වගේ දෙයක් ගැන එහෙම නොමෙයි හොඳේ. වස්තූන් දෙකක් අතර එම වස්තූන් වල ස්කන්ධය නිසා ඇති වන ආකර්ෂණය ගැන. උසස්පෙළට විද්‍යා හරි ගණිත විෂයන් හරි කරපු අයට නම් මේක අළුත් දෙයක් නෙමෙයි. දන්නවනෙ වස්තූන් දෙකක් අතර ඇති වන ආකර්ෂණය එම වස්තූන් දෙකෙහි ස්කන්ධයන්ගේ ගුණිතයට අනුලෝමවත්, ඒවා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතිකයි කියල.
සහ, ආරෝපණ දෙකක් අතර ආකර්ශණ බලය, එම ආරෝපණ දෙකෙහි විශාලත්වයන්ට අනුලෝමවත්, ඒවා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතිකයි.
මේකත් ඒ සම්බන්ධ ප්‍රශ්නයක්, හැබැයි සමීකරණ භාවිතාව අවශ්‍යද නැද්ද කියල අහන්න එපා, මම හරියටම දන්නෙ නෑ. මම විසඳන්න ට්‍රයි කළේ නිකං හිතල. 
මේකත් මම උපුටා ගත්තෙ IESL එකෙන් කරන Engineering News මාසික පුවත්පතින්. මතකයිනෙ අර lateral thinking ප්‍රශ්නෙ? ඒක උපුටා ගත්තු කලාපයෙන්ම තමයි. (මම දන්නෙ නෑ ඇයි කියල, මට ඒක එන්නෙ ටිකක් පරක්කු වෙලා, පෙබරවාරි එක එන්න ඕනෙ හරි නම් මාර්තු මුල සතියෙනෙ, නමුත් මට එන්නෙ මාර්තු අන්තිම සතියෙ.)


හරි හරි ප්‍රශ්නෙට බහිමු.
ප්‍රශ්නෙ හරිම කෙටියි, සරළයි,
ඔයාගෙ ඇඟේ තියෙන්න ඕනෙ ගාණට වඩා 1%ක් අඩුවෙන් ඉලෙක්ට්‍රෝන තියෙනව. ඔයාට අතේ දුරින් ඉන්න තවත් කෙනෙකුගේ ඇඟේ, තියෙන්න ඕනෙ ගාණට වඩා 1%ක් වැඩියෙන් ඉලෙක්ට්‍රෝන තියෙනව. ඔයාල දෙන්න අතර ඇතිවන ආකර්ෂණ බලය කොච්චර වෙයිද?
ගණං හදන්න ඕනෙ වෙන එකෙක් නෑ මම හිතන්නෙ, මොකද උත්තර කිහිපයකුත් දීල තියෙනව, ඒවායින් තෝරන්න ඕනෙ.
  1. මැස්සෙක්ව උස්සන්නවත් ප්‍රමාණවත් නෑ.
  2. මැස්සෙක්ව උස්සන්න පුළුවන්, නමුත් මිනිහෙක්ව නම් උස්සන්න ප්‍රමාණවත් නෑ.
  3. මිනිහෙක්ව උස්සන්න පුළුවන්, නමුත් අලියෙක්ව නම් උස්සන්න ප්‍රමාණවත් නෑ.
  4. අලියෙක්ව උස්සන්න පුළුවන්, නමුත් පිදුරුතලාගල කන්ද නම් උස්සන්න ප්‍රමාණවත් නෑ. 
  5. පිදුරුතලාගල උස්සන්න පුළුවන්, නමුත් හඳ තරම් බරක් නම් උස්සන්න ප්‍රමාණවත් නෑ.
  6. හඳ තරම් බරක් උස්සන්න පුළුවන්, නමුත් පෘථිවිය තරම් බරක් නම් උස්සන්න ප්‍රමාණවත් නෑ.
  7. පෘථිවිය තරම්, බරක් උනත් උස්සන්න පුළුවන්.
උත්තරයක් හිතල බලන්නකෝ. ගණං හදල හෝ නොහද ගොඩ දාන්න පුළුවන් ඇති.
මමත් විසඳන්න ට්‍රයි කරමින් ඉන්නෙ, මේක ලියන අතරෙත් හිතල බලනව. මම තවම උත්තරේ දන්නේ නෑ. (ඇත්තම කිව්වොත් මට උත්තරයක් හිතුන, හරියටම හරිද දන්නෙ නෑ. ;) ) පත්තරෙන්ම උත්තරේ ගන්න නම් මාස 4 ක් බලා ඉන්න වෙනව, මොකද එයාල මාස 4කට පස්සෙ තමා උත්තරේ කියන්නෙ. :(


ඔයාලත් ට්‍රයි කරල බලල උත්තරයක් ලැබුණොත් මටයි අනිත් කියවන අයටයි කියන්නකෝ.

Friday, April 2, 2010

අත්ත උඩ කුරුල්ලො කීයක් ඉතුරුද?



මේක ඇවිල්ල lateral thinking ප්‍රශ්නයක්. මතක ඇතිනෙ කාලෙකට ඉස්සෙල්ල අපේ උදිත සහෝදරයා මෙහෙම ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළා. 
මම මේ ප්‍රශ්නෙ උපුටා ගත්තේ "Sri Lanka Engineering News" Feb 2010 කලාපයෙන්. (Institution of Engineers - Sri Lanka (IESL) මගින් මාසිකව නිකුත් කරන පුවත්පතකි.) ඕකෙ තියෙනව පොඩි පොඩි වගේම ලොකු ලොකු ප්‍රෙහෙලිකා. මේකත් එහෙම එකක්.
හුඟක් අය මේක දන්නව, නමුත් මේකට දෙන්න පුළුවන් පිළිතුරු කිහිපයක් තියෙනව, ටිකක් වෙනස් විදිහට, ඒ කිව්වෙ Out of the Box හිතුවම ගොඩක් පිළිතුරු දෙන්න පුළුවන් එකම ප්‍රශ්නෙට. 


ප්‍රශ්නෙ මේකයි. (ප්‍රශ්නෙට මම චූටි වෙනස්කමක් කළා. :) ) 
දඩයක්කාරයෙක් දඩයමේ යනකොට දකිනව ගහක අත්තක කුරුල්ලො දෙන්නෙක් ලැගල ඉන්නව. දඩයක්කාරයා මේ එක කුරුල්ලෙක්ව බිමදාගන්නව. (තේරෙනවනෙ, ඒ කිව්වෙ මරනව.)
දැන් අත්ත උඩ තව කුරුල්ලෝ කීයක් ඉතුරුද? 
ඉතුරු ගාන විතරක් නෙමෙයි, ඒකට හේතුත් මම බලාපොරොත්තු වෙනව. නිර්මාණාත්මක පිළිතුරක් හිතල බලන්නකෝ.