Tuesday, December 25, 2012

2013 ඔබගේ හොඳම වසර කරගන්න


මේක ඇවිල්ල වැදි බණක්. ඒ උනාට මටයි ඔයාලටයි ඔක්කොටම වටිනව.

2013 අවුරුද්දෙ ඔයාගෙ බ්ලොග්කරණය දියුණු කරගන්න ඕනෙද? 2012 අවුරුද්දෙ ඔයාගෙ බ්ලොග්කරණය ගැන පැහැදීමක් නැද්ද? ඉතින් 2013 අවුරුද්ද හොඳ එකක් කරගන්න උපදෙස් ටිකක් මෙන්න. (අන්න ඒ ටික තමා වැදි බණ)

විවෘත මනසකින් යුක්තව වැඩ කරන්න.
එකම දේ නැවත නැවත කරමින්, නමුත් වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන එක සාර්ථක වෙන දෙයක් නෙමෙයි. අයින්ස්ටයිනුත් මෙහෙම කියල තියෙනවලු. මේක ඉතින් බ්ලොග් ලියන එකටත් පොදුයි. බ්ලොගිං වලින් දියුණු වෙන්න, ඒකට තියෙන කැමැත්ත වැඩි කරගන්න ඕනෙ. (මේ දවස් වල නැත්තෙ ඒකනෙ) ඉතින් ඔයාලගෙ මනස විවෘත කරල අලුත් විදිහට හිතන්න, අලුත් දේ ලියන්න පටන් ගන්න.

හොඳ මානසික ස්ථාවරත්වයක් ඇති කරගන්න.
ඔයාගෙ බ්ලොග් ලිවීම සම්බන්ධයෙන් ඔයාට ලොකු ඉලක්ක තියෙනව නම් ඔයා බ්ලොග් ලිවීම සම්බන්ධයෙන් බරපතලව හිතන්න ඕනෙ. ෆ්‍රී ඩොමේන් එකක් වෙනුවට ඩොමේන් එකක් සල්ලි දීල අරගන්න. ලස්සන, ඇසට ප්‍රිය මනාප තීම් එකක් දාගන්න බ්ලොග් එකට. දිගු කාලීනව, ඔයාගෙ බ්ලොග් එකට කාලය හා ශ්‍රමය වැය කරන්න. (අන්න ඒක තමයි මමත් කරන්නෙ නැත්තෙ. :( )

ඔයා සාමාන්‍ය ලියන දේවල ලියන්න.
බ්ලොග් එකට ලිපියක් ලියන එක කාලසටහනකට කරන්න. උදා: සතියකට ලිපි දෙකක්. අලුතින් ලිපි එකතු වෙන එක තමයි බ්ලොග් එකක driving force එක වෙන්නෙ. ඉතින් ඒක හරහා ඔයාගෙ බ්ලොග් එකට එන සෙනඟත් වැඩි වේවි. ඔයත් එක්ක සාමාන්‍යයෙන් ඉන්න රසිකයන් ටික හැමදාම ඔයත් එක්ක තියාගන්නත් ඒක හේතු වේවි.

ඔබගේ ලිපි අන්තර්ගතය ඉලක්කගත කරන්න.
ඔබගේ බ්ලොග් අඩවිය වටා එකතු වන කණ්ඩායම සළකා, ඔවුන්ට ගැළපෙන ආකාරයට, ඔවුන්ට ලිපි ලියන්න. ඒ හරහා ඒ කණ්ඩායම ඔබ වටා සැමවිටම තබා ගැනීමට ඔබට හැකිවනු ඇති අතර ඒ හරහාම තවත් එවැනිම කියවන්නන් ප්‍රමාණයක් එකතු කර ගැනීමට හැකි වනු ඇත.

මුල් පිටුව තුළ ඇති අන්තර්ගතය හා අඩවිය තුළ සැරිසැරීමට හැකි ආකාර ගැන සැළකිළිමත් වෙන්න.
ඔබගේ බ්ලොග් අඩවියට මුලින්ම පැමිණෙන්නන්ට ඔබගේ අඩවියේ තිබෙන අන්තර්ගතයට ඉතා පහසුවෙන් ලංවීමට හා අඩවිය තුළ ඇති ලිපි පහසුවෙන් සොයා ගැනීමට හැකි විය යුතුයි. අනෙකුත් ලිපි වලට සබැඳියන්, landing pages, මෙනුවන්, ඉතා පිළිවෙළට සකසන්න. මේ හරහා ඔබගේ අඩවියට මුල්ම අවස්ථාවේ එන්නන්, සැමදා එන්නන්, RSS හරහා එකතු වන්නන් බවට ඔබට ඉතා පහසුවෙන් හරවා ගත හැකි වනු ඇත.

ඔබද, බ්ලොග් අඩවිය තුළ සිටින්න.
බ්ලොග් අඩවියේ පැත්තකින්, ඔබගේ ඡායාරුවක් යොදන්න. ඔබ ගැන අඩවිය තුළ විස්තර කියන්න. ඔබ ඔබගේ බ්ලොග් කියවන්නන්ට කතා කරන විඩියෝ දර්ශන එකතු කරන්න. ඔබගේ පුද්ගලත්වය බ්ලොග් අඩවිය තුළ ප්‍රදර්ශනය කරන්න.

ඔබගේ දර්ශනය/විවේචන ඉදිරිපත් කරන්න.
හුඟක් බ්ලොග් ලියන්නන් කරන දෙයක් තමයි තියෙන දෙයක්ම ආපහු ආපහු කියන එක. "සමහරු නම් දන්නව ඇති, ඒත් මේ නොදන්න අයට" කියල ලියනකොට, ඔයාගෙ බ්ලොග් එකට හැමදා එන කෙනෙක්ට එපා වෙන්න ඉඩ තියෙනව. එකම දේ හැමතැනම එකම විදිහට දකින්න කවුරුවත් කැමති නෑ. එහෙම තියෙන දෙයක් ගැන කිව්වත් ඔබගේ හැඟීම්, ඔබගේ විවේචන, දර්ශනය සහිතව ඒ විස්තර කියන්න. වෙන අය වගේ තියෙන දේම කියන්න යන්නෙ නැතිව ඒ දේ ගැඹුරට යන්න, සවිස්තරාත්මකව විමසල විස්තර කරන්න. ඒ හරහා ඔබට ඔබගේ කියවන්නන්ට ලං වෙන්න ඔවුන්ට අලුත් දෙයක් දෙන්න ඔබට හැකි වේවි.

පෙළඹෙන්න.
ඔබ කැමති  විෂයන් ගැන කතා කරන බ්ලොග්, වෙබ් අඩවි නිරික්සන්න, කියවන්න. ඒ අඩවි වල තිබෙන අලුත් දේ ඉගෙනගන්න. ඔවුන් කරන, ඔබව පොළඹවන ක්‍රියාකාරකම් ඔබගේ බ්ලොග් අඩවියට සම්බන්ධ කර ගත හැකි ආකාර ගැන සිතන්න.

ප්‍රසිද්ධ කරන්න.
මොනව උනත් නිකම්ම ඉඳල හරියන්නෙ නෑ. ඔබ ඔබගේ බ්ලොග් අඩවිය ප්‍රසිද්ධ කළ යුතුයි. විවිධ ආකාරයෙන් ඔබගේ බ්ලොග් අඩවිය මිනිසුන් වෙත ගෙන යන්න උත්සාහ කරන්න. ඔබ බ්ලොග් අඩවිය සමඟ ගත කරන කාලයෙන් 50%ක් ලිපි ලියමිනුත්, 50%ක් ඒ ලිපි මිනිසුන් වෙත ගෙන යමිනුත් සිටිය යුතුයි.

සංඛ්‍යාංක විශ්ළේෂණය කරන්න
ඔබගේ බ්ලොග් අඩවියට එන අය එන්නෙ කොහොමද, මොන පාරවල් වලින්ද කියල හොයල බලන්න (Blogger Stats, Google Analytics වගේ දේවල් මේකට භාවිතා කරන්න පුළුවන්.) ඉතින් ඒ එන මාර්ග තවත් විවෘත කරගන්නත්, එන්නෙ නැති මාර්ග හදා ගන්නත් මේ දේවල් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. 

ව්‍යාපාරික මනසක් ඇති කරගන්න.
මේක නම් අපේ බ්ලොග් කරුවන්ට එතරම්ම ප්‍රයෝජනවත් වෙන එකක් නෑ. නමුත්, බ්ලොග් එක කරගෙන යන අතරෙ ඔයාලගෙ බ්ලොග් එකට එන අය හරහා ආදායමක් ලබා ගත හැකි ක්‍රමයක් සිතන්න. Affiliate Links, ඔයාලගෙම භාණ්ඩ, වෙලඳ දැන්වීම් ප්‍රදර්ශනය වගේ දේවල උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. එහෙම කිව්වම affiliate links වලින් හා දැන්වීම් වලින් බ්ලොග් එක පුරවන්න එපා. එහෙම කළොත් නම් ඉන්න ටිකත් ඔයාව දාල යාවි.

කිසිදාක අතාරින්න එපා.
ආසාවෙන් බ්ලොග් එකක් පටන් ගත්තට කීයෙන් කී දෙනාද ඒක දිගටම කරගෙන යන්නෙ???
ඉතින් කවදාවත් අතාරින්න එපා. ටික ටික කරල හෙමීට ඉදිරියට යන්න.

ඔබට සුභ පැතුම්!!!

ඒත් එක්කම,
සුභ නත්තලකටත් මගෙන් ආසිරි!!!


මේ සම්බන්ධ මෙන්න මේ ලිපි හරහාත් ඔයාලට දැනුමක් ගන්න පුළුවන් වෙයි.


මගෙ බ්ලොග් ලිපි ඔබ ලඟටම ගෙන්වාගන්න. ඔබගේ ඊ මේල් ලිපිනය ලබාදෙන්න.


Delivered by FeedBurner

Thursday, December 13, 2012

Cylon Linux ස්ථාපනය කරමු

මගෙ මුල් ලිපියෙන් මම කිව්වනෙ Cylon Linux ගැන පොඩි විස්තරයක්. ඒකෙ හැඩහුරුකම් ඒව මේව ගැන. ඉතින් අද කියන්න හදන්නෙ Cylon Linux මෙහෙයුම් පද්ධතිය පරිගණකයේ ස්ථාපනය කරගන්නා ආකාරයයි. ඉතාම පහසුවෙන් මෙය ස්ථාපනය කර ගත හැකියි. 
මෙම මෙහෙයුම් පද්ධතිය සමඟ වැඩ කිරීමට, එහි නිර්මාපකයින් 1.7GHz ප්‍රොසෙසරයක් හා 1GB රැම් මතකයක් නිර්දේශ කරනවා. හාඩ් ඩිස්ක් එකෙහි 8.6GB ඉඩකුත් ඕනෙ.
වෙනමම Primary Partition එකක් හදන්න. ගැළපෙන Swap මතකයක් සඳහා තවත් පොඩි කොටසක් වෙන් කරන්න. ඒක වින්ඩෝස් වල Virtual Memory වගේ එකක්.

හරි දැන් වැඩේට බහිමු.

මුලින්ම භාගත කරගත්තු ISO ෆයිල් එක DVD එකකට ගහගන්න. ඊට පස්සෙ ඒකෙන් OS එක ලෝඩ් කරගන්න. (DVD එක Live රන් කරන්න) එතකොට ඔයාලට මෙන්න මේ වගේ ඩෙස්ක්ටොප් එක එයි. (මම වෝල් පේපර් එක වෙනස් කළා.) පේනව නේද අයිකන් 4ක්? ඒවායින් අන්තිම එක Install Cylon 12.04 කියන එක උඩ ඩබල් ක්ලික් කරන්න.


අන්න එතකොට ඔයාලට මෙන්න මේ ඩයලොග් බොක්‍ස් එක එනවා. භාෂාව තෝරා ඉදිරියට යන්න.


ඊට පස්සෙ මෙහෙයුම් පද්ධතිය ස්ථාපනයට අවශ්‍ය මූලික දේවල් තියෙනවද බලනව මෙන්න මෙහෙම. ඉදිරියට යන්න.


හාඩ් ඩිස්කයට කුමක් කළයුතුද යන්න මෙතනින් අහනවා. පාටිෂන් එක තේරීම සඳහා දෙවන එක තෝරල ඉදිරියට යන්න.


මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය විය යුතු පාටිෂන් එක තෝරා ගත්තම මෙහෙම එකක් එනව. දැන් තියෙන්නෙ ඒ පාටිෂන් එකට ස්ථාපනය කිරීම ඇරඹීමයි. Install Now ක්ලික් කරන්න.


ඔන්න ඉතින් ස්ථාපනය ඇරඹුනා. ටික වෙලාවක් යාවි.


ඔය අතරෙ Keyboard Layout එක අහනව. ඒකටත් අදාල එක තෝරල දීල ඉදිරියට යන්න.


ඔබගේ නම, පරිගණකයට දෙන නම, username හා මුරපදය දෙන්න.


ඊට පස්සෙ ඉතින් ඉතිරිටික වෙන්න දීල ටිකක් වෙලා බලාඉන්න.



හරි, ස්ථාපනය අවසන් උනාම මෙහම පණිවුඩයක් එනවා. Restart Now තෝරන්න.


ඔන්න ඉතින් දැන් පරිගණකය Cylon Linux වලින් Boot වෙනවා.


මෙන්න Cylon Linux.


මේ තියෙන්නෙ ස්ථාපනය කරන ලද Cylon Linux වල ඩෙස්ක්ටොප් එක.


දැනිතින් තියෙන්නෙ සෙල්ලම් කරන්න. ඔය උඩ තිබෙන Applications කියන මෙනුව දිග හැරියොත් ඔබට පෙනේවි අති විශාල මෘදුකාංග ප්‍රමාණයක් තිබෙනවා. පරික්ෂා කරල බලන්න.

එහෙනම් සෙල්ලමට ඉඩ දීල මම ඉවත් උනා. සුභ පැතුම්!!!

Friday, December 7, 2012

Cylon Linux සමඟ වරුවක්


හුඟක් අය දන්නව ඇති මේ දවස් වල ලංකාවෙ අපේ දක්ෂයො ටිකක් එකතු වෙලා ලිනක්ස් OS එකක් රිලීස් කරල තිබෙනව. ඒක තමයි Cylon Linux. උබුන්ටු පාදක කරගෙන තමා මේක නිර්මාණය කරල තිබෙන්නෙ.
ඉතින් මමත් ඉතින් මේක භාගත කරගෙන දාල බැලුව. ටොරන්ට් එකක් හරහා තමයි භාගත කරගන්න තිබෙන්නෙ. 2.5GB වෙනම ISO Image එක. පැය 6ක් වගේ කාලයකින් මට නම් භාගත කරගන්න පුළුවන් උනා.




මේ තියෙනෙ ඒ ඕඑස් එකට අදාල තාක්ෂණික දත්ත.
Package Management : Debian Packager with APT
Desktop Environment : Gnome Classic (also contains Unity & Gnome Shell)
Kernel Version : 3.2.0.30.32
OS Family : Unix-like
Source Model : Partially Open Source (Contains non-free applications)
Current Version : 12.04.1
Parent Distribution : Ubuntu Linux 12.04 LTS
License : Mainly the GNU GPL and various other free software
Architecture : Intel x86 (32bit)
Installation Medium : 2.5 GB ISO image
MD-5 Checksum : ba092dad03317677887565a4aa0a59f1
ඉතින් මේ ඕඑස් එක හදල තියෙන්නෙ දැනට භාවිත වෙන පරණ පරිගණකයකත් වැඩ කරන්න පුළුවන් වෙන්නයි. මේ තියෙන්නෙ තියෙන්න ඕනෙ System Requirements. 
Processor : 1.7 GHz
R. A. Memory : 1GB
V.G.A. Memory : Doesn't matter how much you got, but will be awesome if it supports 3D acceleration.
ඉතා හොඳ මෘදුකාංග එකතුවකුත් එක්කම නිපදවා ඇති නිසා භාවිතය ඉතාම පහසු වෙයි. මොකද මෘදුකාංග හොයන්න ඕනෙ නෑනෙ.
මේ තියෙන්නෙ තිබෙන ප්‍රධාන මෘදුකාංග ලැයිස්තුව.
Artha Dictionary
BleachBit
Docky
Xpad
CryptKeeper
CuttleFish
CCSM
Compiz (Patch)
GnomeSplit
RedShift
Qreator
Gloobus Preview
Ultra Copier
KGeography
KMPlot
KAlarm
Firestarter
Qucs
Step
PCSX (with spu,gpu plugins)
PlayStation Helper
Play on Linux
Inkscape
Blender (with Cycles)
Scribus
Hardware Lister
RawTherepy
Gimp 2.8 (with Plugin Registry)
MyPaint
Krita
Facebook
Pinta Image Editor
LibreCad
Scan2PDF
Dia
Rekonq Web Browser
Tor Web Browser
Rekonq Web Browser
Nightly Web Browser
Chrome Web Browser
Prozilla Download Accellerator
Deluge Bittorrent Client
V Mobile Broadband
FileZilla
gFTP
GnomePredict
Ticker
WiFi Radar
XHydra
Fogger
KeepInternet
Calibre Book Library
View Your Mind
Korganizer
GNUCash
KmyMoney
OCRFeeder
BlueFish Web Editor
Komposer Web Editor
Eclips IDE
Eric Python IDE
Dr.Python
Gambas 2.0
Quickly
Avogadro
Kalzium
Stellarium
Synaps
Screenlets
KdenLive
OpenShot
K3B
Acetone ISO
ConvertMe
Arista Trascoder
WinFF
Amarok
Smplayer
VLC Media Player
Audicious
Play it Slowly
Miro
Auducty
Lmms (No launcher)
Mix
Asunder CD Ripper
EasyTag
DeVeDe
DVD Styler
OGMRip
Imagination
Cheese Web Cam Booth
Guvc Webcam view
Kazaam Screencaster
RecordMyDesktop
Dvdisaster
Xfce Taskmanager
Web Content Control
Replay Video Cache Viewer
Synaptic Package Manager
Wine
Wicid
Xine
YPPA
ඔය ඉහත තොරතුරු ටික නම් ඔවුන්ගේ වෙඩ් අඩවියෙන්ම තමයි උපුටා ගත්තෙ. 
ඔවුන්ගේ වෙබ් අඩවියෙන් හා ඔවුන්ගේ මුහුණු පොත රසික පිටුවෙන් ඔබට තවත් විස්තර දැනගත හැකියි.

Graphic Designersලගෙ ජනප්‍රියම FOSS එක වෙන Gimp, Animatorsලගෙ ජනප්‍රියම FOSS එක වෙන Blender, ජනප්‍රියම FOSS Media Player එකක් වෙන VLC Player, ජනප්‍රියම වෙබ් බ්‍රවුසර් වන Firefox හා Chrome වෙබ් බ්‍රවුසරත්, ජනප්‍රියම චැට් මෘදුකාංගය වන Skype, Wine යොදාගනිමින්, ඔෆිස්, ෆ්ලෑෂ්, ඩ්‍රීම්වීවර් සහ ගොඩක් මෘදුකාංග මේක තියෙනවා. 





මම හැම දෙයක්ම කළේ නම් VirtualBox හරහා. සියළුම අත්දැකීම් ලැබීමට එය වඩා හොඳයි, කෙලින්ම ස්ථාපනයට පෙර.
මට පෙනෙනා ආකාරයට නම් අත්‍යවශ්‍ය සියළුම මෘදුකාංගත් එක්කම නිපදවල තිබෙන මෙම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ඉතා හොඳ එකක් විදිහටයි. 
ඊලඟ ලිපියෙන් තවත් විස්තර ටිකකුත් ස්ථාපනය කරගන්නා ආකාරය සරළව රූප සමඟ ඉදිරිපත් කරන්නම්.

ඉතින් ඔබත් භාගත කරගෙන DVD එකක් write කරගෙන Live රන් කරල හරි බලන්න.

ඒත් එක්කම කැම්ති අනිත් අයටත් භාගත කරගන්න සහය වෙන්න ටොරන්ට් එක සීඩ් කිරීම මගින්.

ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් මෙන්න.