Sunday, June 18, 2017

අන්තර්ජාලය හරහා භාණ්ඩ විකුණන/මිලට ගන්නා ඔබගෙන් සහයක් අවශ්‍යයි


මම පොඩි සමීක්ෂණයක් කරනවා ලංකාවෙ අන්තර්ජාලය හරහා භාණ්ඩ විකුණන්නන් හා භාණ්ඩ මිලට ගන්නන්ගේ රටාවන් සම්බන්ධයෙන්. ඉතින් මම ඒකට පොඩි ප්‍රශ්නාවලියක් හැදුව. 
ඔබ ලංකාවේ ජීවත් වන,  අන්තර්ජාලය හරහා භාණ්ඩ විකුණන හෝ භාණ්ඩ මිලට ගන්න පුද්ගලයෙක් නම් ආරාධනා කර සිටිනවා මෙම ප්‍රශ්නාවලියට පිළිතුරු සපයල මට හැකිතරම් තොරතුරු එකතු කරගන්න සහය වන්නට කියා.

ප්‍රශ්නාවලියට සබැඳීය.

මෙයින් ලබා ගන්නා තොරතුරු විශ්ලේෂණය කර ලැබෙන නිගමන ඔබ සමඟ මම අනාගතයේදී බෙදාහදා ගන්නම්.
හැකියාවක් තිබෙනවා නම් මෙම පුවත ඔබගේ මිතුරන්ටත් පවසන්න. එවිට මට මෙහි නිරවද්‍යතාවය ඉහළ නංවා ගන්නට හැකි වේවි.

ස්තුතියි. 

Wednesday, June 14, 2017

හුඟ කාලෙකින් මේ පැත්තෙ


හුඟ කාලෙකින් බ්ලොග් එකේ ලියන්න බැරි උනා. වෙලාව තමයි ඉතින් නැත්තෙ, අනිත් එක විවිධාකාරයේ වැඩ වලට අතගහල නිසා එක එක වැඩ වලට ටික ටික වෙලාව දෙන්න එපැයි. ඒ කෙසේ වෙතත්, මේ දවස් වල නම් වෙලාව කියන එක ඇත්තෙම නෑ. 
කොහොම හරි ලියන්න නම් වෙලවක් වෙන් කළ යුතුමයි. මොකද ඒකනෙ මගෙ විනෝදාංශය.
මේ දවස් වල අලුත් විෂය පරාසයක් ගැන පොඩ්ඩක් මම අධ්‍යයනය කරනව. ඒ සම්බන්ධයෙන් පොඩි දේවල් ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනව. එතෙක් එකතු වෙලා ඉන්න.

සුභ රත්‍රියක්!!!