මතකයිනෙ එදා අවසන් වෙච්ච තැන? කියෙව්වෙ නැත්තම් මෙතනින් කියවන්න.
කොහෙවත් නැති බෙහෙත් වට්ටෝරුවක් ගේන්න කියල ලොකු හාමුදුරුවො පොඩි හාමුදුරුවන්ව යවනව.
අද එතැන් සිට....
අර කතාව අහපු යකැදුරා පුදුමෙන් පුදුමෙට පත් වෙනව. මෙතරම් වටිනා බලගතු වට්ටෝරුවක් මෙතරම් අනාරක්ෂිතව තිබීම, ඒ විතරක් නම් මදැයි, නන්නාඳුනන තමුන්ට ඒක දෙන්න ලෑස්ති වීම. මෙහෙම කල්පනා කරපු යකැදුරාට, හිතේ තිබ්බ තරහ නැති වෙලා හාමුදුරුවො ගැන කරුණාවක් ඇති වෙනව.
රාහුල හාමුදුරුවොත් පොත හොයනව වගේ සද්ද නැතුව හිටිය, ගුරු හාමුදුරුවොත් රාහුල හිමියන්ට බැන බැන් ඉක්මන් කරල හොයන්න කියනව.
ලොකු හාමුදුරුවො මෙහෙම කියනව.
"මගෙ මතකයත් දැන් හරියකට නෑ උපාසක, මගෙ මතකෙ හැටියට ඔය පොත කලු මැදලත් නෑ"
ඔහොම කියන අතරෙ හාමුදුරුවො, තෙල සිඳීමට ගනී කියල සැක කරන්න පුළුවන් එක එක බෙහෙත් පැළෑටි ජාති කියනව. මෙහෙම හාමුදුරුවො කණා ගහන අතරෙ, ඔන්න යකැදුරාට තරු විසිවෙන්න තෙල හදන්න ගන්න බෙහෙත් ජාති දෙක තුනකුත් හාමුදුරුවන්ගෙ කටින් පිට වෙනව.
ඕව අහෙනකොට යකැදුරා හිතනව, "මේ වටෝරුව නම් මෙහෙ අනිවාර්යයෙන්ම තියෙනව තමා, හාමුදුරුවො මේ එකට ගන්න පැළෑටි වල නම් මතක් කරනව තමා" කියල.
එහෙම හිතපු යකැදුරා මෙහෙම කියනව.
"අවසර හාමුදුරුවනේ, මම දන්නව ඔය වට්ටෝරුව, පොත් ඇදල මහන්සි වෙන්න උවමනා නෑ"
මෙහෙම කියපු යකැදුරා, ඒකට ඕනෙ කරන බෙහෙත් පැළෑටි, තෙල හිඳින හැටි, බල ගන්වන හා බල බිඳින හැටි, ඔක්කොම හාමුදුරුවන්ට කියල දෙනව. තෙලේ බලේ බිඳින්න නම් තෙල් චුට්ටක් අරගෙන ඒක බැල්ලකගේ පස්ස පැත්තෙ ගාන ඕනෙ.
ඔක්කොම විස්තර අටුවා ටීකා ඇතුව කිව්ව යකැදුරා අවසර අරගෙන යන්න ලෑස්ති උනා.
ඔන්න එතකොටම රාහුල හාමුදුරුවො පොත් ගුලෙන් එලියට එනව, "මේ තියෙනව හාමුදුරුවනේ පුස්කොල පොත" කියාගෙන.
කොහොම කියලද හිතන්නෙ තිබ්බෙ නැති පොතක් එලියට ආවෙ???
යකැදුරා බෙහෙත ගැන කියන අතරතුරේ, රාහුල හාමුදුරුවො, පොත් ගුලට වෙලා යකැදුරා කියන ඔක්කොම දේවල් පුස්කොල පොතක සටහන් කලා. (මතකයිනෙ ලොකු හාමුදුරුවො කිව්ව, පොත කලු මැදලවත් නෑ කියල, ඒක තමා හින්ට් එක, ඒකට අමතරව පොඩි හාමුදුරුවොත් මොළ කාරයනෙ)
ඉතින් ඔන්න ඔය පොත ගුරු හාමුදුරුවො යකැදුරා අතට දෙනව. යකැදුරත් මේක තමා මගෙ ලඟත් තියෙන වට්ටෝරුව කියල හිතල, හාමුදුරුවන්ගෙන් සමු අරගෙන ටික දුරක් පයින් ගිහිල්ල සෘද්ධි තෛලය නළලෙ ගාගෙන ආපහු තම රටට යන්න පිටත් වෙනව.
හාමුදුරුවො මොකද කරන්නෙ, යකැදුරා කිව්ව විදිහට තෙල හිඳල, ඒකෙ බල බිඳින්න කියල හිතල තෙල් සුඟක් අරගෙන බැල්ලකගෙ පස්ස පැත්තෙ තවරනව.
මුහුද ඉහළින් ගමන් කරමින් හිටපු යකැදුරා, තෙල් බැල්ලගෙ ඇඟේ ගෑවුන සැනෙන් වතුරට වැටෙනව. තමුන්ගෙ තෙලේ බලේ බිඳිච්ච බව තේරුනු යකැදුරා පීනල එගොඩ වෙනව.
පොත අතට ගත්තු ගුරු හාමුදුරුවො, මේවා සංඝයාට අකැප ශාස්ත්‍රයක් කියල පොත පුච්චල දානව. එදා ඉඳල යකැදුරාත් තමුන්ගෙ අහංකාරකම අත ඇරල සරළව ජීවත් වෙන්න ගත්ත.
ඉවරයි...
අපරාදෙ සංඝයාට අකැප නම් අපිට දෙන්න තිබුනනෙ.
ReplyDeleteඒක තමයි.. අපරාදෙනෙ වට්ටෝරුව.. :( මේ කාලෙ නම් ඔහොම පුච්චල දායිද ඒ වගේ වට්ටෝරුවක්?
ReplyDeleteඅපොයි අපරාදයක් නෙවැ
ReplyDeleteඑළ එළ..දිගටම ලියන්න..
ReplyDeleteසැහ්.. ඕක මට හම්බුනා නම්... අපරාදෙ...
ReplyDeleteමම නම් ලෝකෙ වටේ ගිහින් එන්න යනව..
ReplyDeleteමේක නම් ඇත්තටම ලස්සන කතාවක්.... මිනිසා කියන සත්වයාට ඔය දැනටමත් තියෙන බල පරාක්‍රම ටික ඇති. ඔයිට වඩා ජරමර ලැබුනොත් කොහෙන් නවතීද දන්නේ නෑ... ඒකම තමයි හාමුදුරුවන්ටත් හිතෙන්න ඇත්තේ.....
ReplyDeleteඔන්න මමත් ඔබගේ පරිවරටත් එකතු උනා දිගමට කියවන්න හිතාගෙන. දිගමට ලියමු අපි ඉන්නවා මේ පැත්තෙ
ReplyDeleteබොහොම ස්තුතියි. මගෙත් එක්ක කට්ටිය ඉන්නවනම් ඉතින් ලියන්න බැරියෑ හැමදාම. (වෙලාව තියෙන විදිහට :D )
ReplyDeleteඔකට පොඩ්ඩ්ක් එකතු කරන්නම් එත් මට හරියට මතක නැහැ. ඔය අනික් හාමුදුරැවන්ට හොද මතකයක් තිබිලා තියනවා. ඒක වෙලා තියෙන්නේ .. මතක හිටින තෙලක් බොතලේ පිටින්ම බීලලු. එහන්දා එකපාරක් අහපුවාහම හොදට මතක හිටියලු. එකෙන් තමයි අර වට්ටේරුව පුස්කොළ පොතේ ලියලා තියෙන්නේ ... හරියටම මතක නැහැ හොදේ ..
ReplyDeleteමට මතකයි මේ කතාව මීට අවුරුදු 20කට විතර කලින් අපේ අත්ත කියල දීල තියනවා. ඔය වගේ වෑත්තෑවෙ හාමුදුරුවන්ගෙ කතා වගේකුත් තියනව නේද. අර පිළිමයක් බිම දාපු කතාව එහෙම.
ReplyDeleteඔව්, උන්නාන්සේගෙ කතා වෙනම තියෙනව. මමත් අහල තියෙනව, ඒත් මතකයක් නෑ හරියකට.
ReplyDelete