Sunday, October 28, 2012

Page Views ලක්ෂයක්


සමහරුන්ට නම් මේක පොඩි දෙයක්. මම නම් ඉතින් වැඩිපුර බ්ලොග් එක අප්ඩේට් කරන්නෙ නැති නිසා සහ ගොඩක් කට්ටිය කතා කරන මාතෘකා ගැන ගොඩක් පෝස්ට් දාන්නෙ නැති නිසා, මේ ඉලක්කම මට නම් ලොකු දෙයක්.
එක පාරක් මතකයි, බ්ලොගර් ස්ටැට්ස් ගැන මම මල්ලි කෙනෙක් එක්ක විවාදෙකුත් ගියා, මේ දෙන ඉලක්කම් වැරදියි කියල. ඇත්ත ගාණ මීට අඩුයි කියල. නමුත් ඉතින් මමත් දැන් පහසුව තකා පාවිච්චි කරන්නෙම මේක තමයි. 
බ්ලොග් එක පටන් ගත්තෙ නම් 2009.06.28. නමුත් බ්ලොගර් වල Statistics පෙන්නන්නෙ 2010 ජනවාරි  ඉඳල. එහෙම බැලුවොත් නම් මගෙ බ්ලොග් එකේ page views ගණන 100,000 වෙන්න ඇත්තෙ මීට කාලෙකට කලින්.
දැනට එතකොට බ්ලොග් එක පටන් අරගෙන අවුරුදු 3යි මාස 4ක් හරියටම. ලොකු කාලයක්. හැමදාම කියන්න වගේ අදත් කියන්න ඕනෙ, ඒ දවස් වල අපි බ්ලොග් පටන් ගන්නකොට ඔක්කෝම සිංහල බ්ලොග් තිබ්බෙ 200කටත් අඩු ගාණක්. දැන් නම් වැහි වැහැල. ලොකු ලොකු දේවල් කරන අය, ගොඩක් ප්‍රයෝජනවත් දේවල් ලියන අය දැන් ගොඩක් ඉන්නව. ඒත් එක්කම බ්ලොග් එකක් පටන් ගන්න ආසාවට නැත්තම් රැල්ලට පටන් අරගෙන ලිපි 2,3ක් ලියල නවත්තල දාන අය සිය ගණනින් ඉන්නව. දැන් නම් සිංහල බ්ලොග් දෙතුන්දාහක් ඇති සමහරවිට. නමුත් ඒවායින් අප්ඩේට් වෙන ඒව ඇත්තෙ 500කට අඩුවෙන් වෙන්න ඇති.

ඉතින් බ්ලොගර් Stats වලින් ගත්තු දේවල් අනුව,


ඔන්න ඔහොමයි පේජ් වීව්ස් වෙනස් වෙලා තියෙන්නෙ. පේනවනෙ? එච්චර කට්ටිය එන බ්ලොග් එකක් නම් නෙමෙයි කියල.:)

ඔය කට්ටිය වැඩිපුරම ඇවිල්ල තියෙන්නෙ මෙන්න මේ තැන් හරහා.

වැඩිපුරම කට්ට්ටිය බලල තිබෙන ලිපි ගැන කිව්වොත්,

මේ ලිපි 5 තමයි, All time highest hits දිනාගෙන තියෙන්නෙ.

වෙබ් අඩවියක ට්‍රැෆික් වැඩි කරගන්න හැටි කියල දෙන්න ලියපු ලිපි මාලාවත්, වෙබ් අඩවියක් නිර්මාණයේදී නොකළ යුතු දේවල් කියල දුන්නු ලිපි මාලාවටත් අමතරව, කොටස් වෙළඳපළ ගැන ලිව්ව ලිපි මාලාව හා තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ කතා ටිකත් ගොඩක් ජනප්‍රිය උනා. 

තවත් ඉදිරියට ඉතින් ලියන්න තමා බලාපොරොත්තුව. දැන් ඉතින් වෙලාවත් ටිකක් මදි සහ එක එක වැඩ නිසා කම්මැලිකමත් ටිකක් තියෙනව. ප්‍රයෝජනවත් ලිපියක් ලියන්න ඉතින් ටිකක් මහන්සි වෙන්න එපැයි.
මේ අවිරුදු 3 මාත් එක්ක හිටි හැමදෙනාටම බොහොම ස්තුතියි සහ ඉදිරියටත් එකතු වෙලා ඉන්න ආරාධනා කරනවා.


Friday, October 26, 2012

තවත් අමුතු, ලස්සන ෆොන්ට් ටිකක්

ඉස්සෙල්ල ෆොන්ට් ටික ගන්න ගියාම කට්ටියට ටිකක් කරදර උනානෙ. ඉතින් මේ සැරේ ඊට ටිකක් ලේසියෙන් බාගන්න පුළුවන් ෆොන්ට් ටිකක් දෙනව මෙන්න. මේව නම් ටිකක් අමුතු ෆොන්ට්ස් ටිකක්. බලාගෙන ගිහිල්ල පහලින්ම තියෙන ලින්ක් එකෙන් භාගත කරගන්න. මේ සමහර ඒව නම් ෆොන්ට් නෙමෙයිත් වගේ. :)

Upon The Overgrowth 



Wine Basement 



Dirty Feature  



Kaiju Monster G 



Soviet Style  




Lost in the Sound



Alien Dot 




Mad Style 




FurrySack




AquaColor 




 DK Mama Bear




Elmo 




 Kristen always not so normal 



Esperanza 



Clover Things 



Crosses n Hearts



Square Things 2 



Square Things 



Tile Things 



Grubo



Triangular HD



 Janda Celebration Script 



You Are Precious



The Line-Up 



Petrra fam 



ExtraFine Script 



Kurba 



Circuit board 



Sai19 Serif 



AlphaShapes grids 



AlphaShapes grids 2



AlphaShapes stars 3



AlphaShapes stars 4



AlphaShapes flowers 



Gel Stripped 



Bella K. Brackets 



My First Font 



OPM 



Handy Handy 



Stormys Narrow 



Just Breathe




Vtks Fresh 



Slaughterhouse 



CM Garaflora 



Janda Flower Doodles 



A Day In Autumn



Guest Service



 Briasco Rustic 



Afro



Profilsdco 


බලන්න මේ ටික ඔයාලට ප්‍රයෝජනවත් වෙයිද කියල.
මෙන්න මෙතනින් භාගත කරගන්න.
http://www.mediafire.com/?5s8npaxea95gtkt

Thursday, October 25, 2012

නොමිලේ ලබාදෙන ලස්සන ෆොන්ට්ස් ටිකක්

මටම මගෙ බ්ලොග් එක අමතක වෙලා කියල අද හදිසියෙ මතක් උනා. ඉතින් ලිපියක් ලියන්න හිතුන. ලිපි ටිකක් සඳහා අදහස් ගොන්නක් තිබ්බත් ටිකක් වෙලා අරන් ඒව ලියන්න ඕනෙ නිසා, ඉක්මනින් ලියන්න පුළුවන් මාතෘකාවක් අරගෙන ලිපියක් හැදුව.

ෆොන්ට් කියන්නෙ විවිධ නිර්මාණ කරනකොට අත්‍යවශ්‍ය වෙන දෙයක්. සඟරාවක්ද, පෝස්ටර් එකක්ද, අත් පත්‍රිකාවකද, මේ හැම එකක්ම ලස්සනට හදාගන්න, හොඳ නිර්මාණකරුවෙක් ලඟ ලස්සන ෆොන්ට් එකතුවක් තියෙන්න ඕනෙ. ඉතින් මම මේ දෙන්න යන්නෙ, එහෙම තෝරාගත් ලස්සන ෆොන්ට්ස් 30ක එකතුවක්.

Calluna Sans

calluna sans 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
square comic 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
ලෝගෝ වලට එහෙම නියම ෆොන්ට් එකක්.
alt alternative 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
dimitrina 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
1470 sorbone 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
හෙඩ් ලයින් වලට හොඳ ෆොන්ට් එකක්. නමුත් බොඩි එකට උනත් කමක් නෑ.
jesterday 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
ලස්සන රවුම් අකුරු. බැනර් වලට එහෙම ලස්සනයි.
classic blur 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
ගලාගෙන යන, වැල් අකුරු විදිහට තියෙන ලස්සන ෆොන්ට් එකක්.
waterfall 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
springsteel 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
seconda 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
මේක ටිකක් කැතයි වගේ පෙනුනට මේක ප්‍රින්ට් කරන්නම හදපු ෆොන්ට් එකක්. ඉතාම කුඩා ප්‍රමාණෙකට ප්‍රින්ට් කළත් පැහැදිලිව පෙනෙන ෆොන්ට් එකක්. 
skyhook mono 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
ඇහැටත් හරි පහසු, මම නම් ඉතාම ආස ලස්සන සිම්පල් ෆොන්ට් එකක්.
fr hopper 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
lintel 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
LCD වල පෙන්නන අකුරු වගේ එකක්.
ion c 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
florin sans 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
ඕනෑම ආකාරයක ග්‍රැෆික් ඩිසයින් එකකට හරියන රවුම් පිම්බුනු අකුරු තිබෙන ෆොන්ට් එකක්.
oval 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
මේකත් ලෝගෝ වලට නම් ගොඩක් හොඳයි.
giro 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
st ryde 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
planer 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
haymer 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
දැන්වීම් වලට නම් කියාපු ෆොන්ට් එකක්.
reklame script 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
මේකෙ සිම්පල් අකුරු නම් නෑ. වෘත්ත පාදක කරගෙන නිර්මිත ෆොන්ට් එකක්.
circula 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
danger 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
sketchetik 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
හෙඩ්ලයින් වලට, ලොගෝ වලට හොඳ ජ්‍යාමිතික ෆොන්ට් එකක්.
insign 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
මේකත් මට නම් හරිම ලස්සන ෆොන්ට් එකක්.
otari 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
විනෝදාත්මක ගතියක් තිබෙන, දැන්වීම් වගේ දේ වලට ගැළපෙන ෆොන්ට් එකක්.
cartwheel 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
පරණ ලතින් ඇමරිකන් ගතියක් තියෙන ෆොන්ට් එකක්.
museo slab 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
ටිකක් ජ්‍යාමිතික ගතියකුත් රවුම් ගතියකුත් තිබෙන ෆොන්ට් එකක්.
scriber 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
අර්නස්ට් හෙමිංවේ නමින් හදපු ෆොන්ට් එකක්. ඒකත් ලස්සනයි.
hemingway 30 Elegant and Beautiful Free Fonts for Creative Designs
ඔන්න ඉතින් පොඩි ලියක් දැම්ම. ටිකක් හොයන්නත් උනා. නමුත් ඉක්මනින් දාන්න ඕනෙ නිසා ලොකු මහන්සියක් උනෙත් නෑ.

බ්ලොග් එක අතෑරල දාල කියල කවුරුවත් හිතුව නම් එහෙම නම් හිතන්නෙපා. බ්ලොග් එක නම් මැරෙනකම් අතාරින්නෙ නෑ. :)