Showing posts with label today. Show all posts
Showing posts with label today. Show all posts

Monday, July 12, 2021

Speak, Listen, Learn, join clubs at ClubHouse

 This is the latest social media thing going around in the globe.

"ClubHouse" is the latest social media platform which has come to the playground, which the slogan says as "Drop In Audio Chat".



However, it has come to the notice of many people and is performing very well in the short time period since it was launched.

What is ClubHouse in simple?
It is simply another social platform where people can create clubs, get like minded people together and have a group chat together. Yes, a group chat.
However, this has a fascinating method for that. There are rooms where people can create inside/outside those clubs. A room is a place where people can get together.

In this room, there are 2 types of people. People who are talking and people who are listening. Any listener can raise their hand and if the room moderators are willing, the listener can come to the speaking group, where it is called as the "stage".

The one and only pro and con in ClubHouse is, the one and only method of communicating inside clubhouse is by talking. If you want to show/tell/elaborate something, anything, you have to talk.

Due to this reason it self, there are huge number of clubs have been created mainly for sharing knowledge, having discussions, teaching people, specially improving language skills. This has become a huge leaning platform for many.

Currently the platform is only for members only and you would need an invitation to join clubhouse. You cannot simply download the app and register. (Every new person gets registered receive 5 invitation allowance and time to time new allowances as his/her invitees join. (At the moment, I have totally received like 20 invitation allowances and 6 remains with me. a.k.a. I have invited 14 people.)

I my self installed and got in to clubhouse from a friend invitation during last june, and this feels like having a great future.
I also connected to few foreign and local clubs on the platform and also had few talks/discussions too. It was a superb experience. 

Meanwhile, I also was able to create few clubs my self.

So, inviting to join with clubhouse (if you could find an invitation) and join with my clubs too.

My profile on ClubHouse

My Clubs on ClubHouse

Practice English Sri Lanka =

Learn Photography = 

There is a FB group for local clubhouse fans and you can go to that using thet link below.

I was able to list down most clubhouse local (sri lankan) groups and you can go to that list using the link below.

If you don't have an invitation, and if you want to join without being in the waiting list, use the link below to enter in to clubhouse and be a club member of one of my clubs.

So, am inviting anyone interested to join clubhouse and don't forget to follow me also. 

Good Luck. 

Monday, November 2, 2020

Memento Database භාවිත කර පුද්ගලික පුස්තකාලයේ පොත් සූචිගත කරගනිමු


මම මීට පෙර ලිපියක කතා කළා මගෙ පුද්ගලික පුස්තකාලය නිර්මාණය උනේ කොහොමද කියල හා එහි පොත් සූචිගත කරන්න ගත්තු උත්සාහයන්. මෙතනින් ඒ ලිපිය බලන්න ඔයාලට පුළුවන්.

ඒ ලිපිය ඉංග්‍රීසියෙන් ලිව්ව එකක් නිසා පොඩ්ඩක් ආපහු ඒ ගැන මම කියන්නම්. මම පොත් සූචිගත කරන්න ගත්තු උත්සාහයන් මොනවද කියල.

මුල්ම කාලෙ, ඒ කියන්නෙ මම 9 වසරෙ වගේ ඉන්නකොට තමා පුස්තකාලයක් කියන අදහස එක්ක මම දෙයක් කරන්න ආරම්භ කළේ. එතකොට මම කලේ CR පොතක් අරගෙන පිළිවෙලට අංක යොදමින් පොත් වලට විස්තර වගුවකට එකතු කළ එක. පොතේ නම, කතුවරයා, ප්‍රකාශකයා, මුද්‍රණ වර්ෂය, මුද්‍රණ වාරය, මිල, මිලට ගත් දිනය, පිටු ගණන වගේ දේවල් තමා ඒ වගුවේ ඇතුළත් උනේ. මේවාට අමතරව මම තව එක් දෙයක් එකතු කළා, Category number එකක්. 

මම ඒ වර්ගීකරණය කළේ, History, Literature, Science, General Knowledge, Religion කියන ප්‍රවර්ග වලට. ඒකට වෙනමම අංකයක් දාගෙන ගියා. උදා: බෞද්ධ පොතක් නම් 123 කියල ප්‍රධාන සූචිගත අංකයට අමතරව RL005 කියල වගේ Category Index Number එකක් දැම්ම. 

අවුරුදු කිහිපයකට ඉස්සෙල්ල මට ඕනෙ උනා මේක Digitalize කරන්න. ඉතින් මම කළේ, Google Sheet එකක මගෙ ඩේට බේස් එක හදාගත්තු එක. ඒත් ඒකෙ විවිධ ප්‍රශ්න තිබ්බ. ඒකත් අසාර්ථක උනු තැන මම MS Excel වලට මාරු උනා OneDrive එකෙන් Cloud Sync කරල. ඕක මම ගිය සැප්තැම්බර් වෙනකම්ම කරගෙන ගියා. 

ඕව කරන අතරතුරේ මම PC Software, Android Mobile Software, Cloud based platforms විවිධ ඒව ට්‍රයි නොකර හිටියෙ නෑ. ඒත් එකක්වත් මට හරි ගියෙ නෑ. මොකාක් හරි මට අවශ්‍ය දෙයක් නෑ. 

එහෙම ට්‍රයි කරපු android apps වලින් මට හොඳම කියන්න පුළුවන් 3 තමයි මේ. 

  1. My Library
  2. Handy Library
  3. Liblib

ගිය සැප්තැම්බර් වල ආපහු අවශ්‍යතාව පැනනැඟුන. ඉතින් ආපහු මුල ඉඳල හොයාගෙන යනකොට "Memento Database" කියන ඇප් එක හම්බුනා. ඒක මට ඕනෙ විදිහට customize කරගෙන මම දැන් දිගටම භාවිතා කරනව. මේක තෝරාගන්න මට හේතු උනු ප්‍රධානම කරුණ තමයි, දැනටමත් මම පොත් ලැයිස්තුවක් excel sheet එකකට එකතු කර තිබීම හා එය කෙලින්ම මෙම ඇප් එකට import කිරීමේ හැකියාව. 

ඒ ගැන දැන් කතා කරන්නම්.

https://mementodatabase.com/
Add caption

මෙන්න ලින්ක් එක. https://mementodatabase.com/

මේකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේකෙ paid version එකක් තියෙනව. Free version එකෙන් වැඩේ ගොඩ දාගන්නෙ කොහොමද කියල මම කියන්නම්.

Google Play Store/Apple App Store එකට ගිහිල්ල මොබයිල් ඇප් එක දාගන්න ෆෝන් එකට, උඩ වෙබ් අඩවියට ගිහිල්ල PC app එක ඩවුන්ලෝඩ් කරල දාගන්න පරිගණකයට. (දෙකෙන් එකක් ඇති, අවශ්‍යතාව අනුව තමා ඉතින්.)

Add New Library කියන එකට ගිහිල්ල Collections කියන එක තෝරන්න. ඒකෙන් Books කියන එක තෝරන්න. 


ඊට පස්සෙ Books Database එකක් හදන්න form එකක් එනව. ඒකට ඕනෙ කරන විස්තර හා ඔයාගෙ අවශ්‍යතා ඇතුළු කරල උඩ වම් පැත්තෙ තියෙන Tick Mark එක ක්ලික් කළාම ඔයාගෙ library එක create වෙනව. ඔයාට ඇතුළත් කළ යුතු data fields වෙනස් කර ගැනීමේ හැකියාවකුතු තියෙනව, Fields Tab එක හරහා. මම Index Number, Category Number කියල දෙකක් එකතු කරගත්ත. 


ඊට පස්සෙ ඉතින් තියෙන්නෙ පොත් එකතු කරන්න. 


ඔයාලට මම උඩදි කිව්වනෙ මම මේ ඇප් එක තෝරාගන්න ප්‍රධානම උනු හේතුව. මගෙ ලභ දැනටමත් මගෙ පොත් එකතුවේ තොරතුරු excel sheet එකක තියෙන එක.

මේ ඇප් එක අපේ Google Drive එකට sync කරන්න පුළුවන්. ඉතින් මම කළේ මගෙ Google account එක මේ ඇප් එකට link කරල, එක පොතක විස්තර මේ ඇප් එක හරහාම ඇතුළත් කරල ඒ තොරතුරු Google drive එකත් එක්ක sync කළ එක. එතකොට මගෙ G drive එකේ Google Sheet එකක් create වෙලා අදාල තොරතුරු ඔක්කොම එකතු වෙනව. 

ඊට පස්සෙ මම කළේ, මගෙ ගාව තියෙන excel sheet එකේ data ටික ඔක්කොම අලුත් ෆෝමැට් එකට ගැළපෙන විදිහට සකසල ගෙඩිය පිටින්ම copy and paste කළ එක Google sheet එකට. 

ඊට පස්සෙ ඇප් එක ඕපන් කරල sync කළ ගමන්, ඔක්කොම ෆෝන් එකේ. විනාඩි කිහිපයකින් ඔක්කොම අලුත් සිස්ටම් එකට move කරගන්න මට පුළුවන් උනා, මෙන්න මේ වගේ.

ඉතින් මගෙ පොත් වලට එක library එකකුයි, මගෙ පුතාගෙ පොත් වලට තව library එකකුයි මම මේ ඇප් එකේ create කළා. (free version එකේ database 3යි හදන්න දෙන්නෙ උපරිම). පුතාගෙ එකට නම් පොත් විස්තර තවම එකතු කළේ නෑ මොකද ඒකෙ දැනට database එකක් නැති නිසා.

හරි. දැන් තියෙන්නෙ අඩු පාඩු හදන්න. 

ප්‍රධානම දේ පොතේ කවරය. 

මේ ඇප් එකේ free version එකේ මුළු Cloud Storage capacity එක දෙන්නෙ 50MB. ඒකෙ තමයි මුලින්ම book covers සහ database data සේව් වෙන්නෙ. ඒ ප්‍රමාණයම තමා Google drive එකෙනුත් ගන්නෙ. 

පොත් වල කවර ෆොටෝ අරගෙන මේකට නිකම්ම අප්ලෝඩ් කළොත් පොත් 50කවත් කවර දාන්න බැරි වෙනවනෙ. 

ඉතින් මම කළේ, මුලින්ම පොත් වල කවර වල ෆොටෝ ෆෝන් එකේ කැමරාවෙන් අරගෙන default photo editing tool එකෙන් ගානට crop කරගත්තු එක. ඊට පස්සෙ මම ෆෝන් එකට දාගත්ත "Lit Photo" කියල android app එකක්. වෙනත් සුදුසු එකක් උනත් ඔයාලට භාවිතා කරන්න පුළුවන්. මේ ඇප් එකෙන් ගත්තු ඔක්කොම ෆොටෝ වල එක පාරම size/quality reduce කරන්න පුළුවන්. 

Compress Photos option එකට ගිහිල්ල, ඔක්කොම ෆොටෝ ටික සිලෙක්ට් කරල, Size 30KB වගේ දීල photos ඔක්කොම කම්ප්‍රෙස් කළා. 


ඊට පස්සෙ අන්න ඒ ෆොටෝ ටික ඇප් එකට අප්ලෝඩ් කළා. 

නිකං ගණන් හදල බලන්නකො. 50MB/30KB = පොත් 1700ක වගේ ෆොටෝ දාන්න පුළුවන්. ඊටත් වඩා පොත් තියෙන, පොත් එකතුවක් හදාගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, තවත් ෆයිල් සයිස් එක අඩු කරන්න. 

ඒව අප්ලෝඩ් කළාට පස්සෙ ඇප් එකේ පෙනුම මේ වගේ. 



මේ ඇප් එකේ තව ගොඩක් පහසුකම් තියෙනව. හොයල බලන්න, කරල බලන්න. 

මේකෙ මම තවත් කැමති ඔප්ෂන් එකක් තමයි, පොතක සියළු විස්තර ඕනෙ කෙනෙක් එක්ක පහසුවෙන්ම ශෙයා කරන්න පුළුවන් පහසුකම. (email, viber, whatsapp, sms, etc හරහා)


ඔයාගෙ පුස්තකාලය තුළ පොතක් තියෙනවද කියල හොයාගන්න ඕනෙ නම් පොතේ නම, කතුවරයා, වෙනත් තොරතුරු හරහා search කරන්න පුළුවන්. නැතිනම් අතේ තියෙන පොතක නම් ඇප් එකෙන් bar code එක ස්කෑන් කරල බලන්නත් පුළුවන්. 

පොතක් කවුරුහරි ඉල්ලගත්තොත්, ඒක මේකෙ ඇතුළත් කරන්න පුළුවන් වගේම, reminder එකක් set කිරීමේ හැකියාවත් තියෙනව. 

මේ ඇප් එකේ තියෙන දුර්වලකමක් දැන් කියන්නම්. මේ ඇප් එකට තොරතුරු එකතු කරන්න පුළුවන් උනාට Bar Code එක ස්කෑන් කරල, 95%ක්ම වගේ සිංහල පොතුත්, 5%ක් වගේ ඉංග්‍රීසි පොතුත්, ඒ search කරන Books database වල නෑ. සිංහල පොත් නම් හුඟක් ඒවයෙ නෑ. ඒත් මම ඒක අමතක කළේ අනිකුත් ගොඩක් පහසුකම් මට ලැබුණු නිසා. 

දැන් මගෙ පුස්තකාලෙ පොත් වල විස්තර මට ඕනෙ වෙලාවක ඕනෙ තැනක ඉඳන් බලන්න පුළුවන්. (ගෙදර ලැප්ටොප් එකේදි PC App එකෙන්, On the Go Mobile App එකෙන්, මොකක් හරි පරිගණයකකින් Google Drive එකේ තියෙන Google Sheet එකෙන්.)

එහෙනම්, ඔයාලත් ඔයාලගෙ පොත් එකතුව ලැයිස්තුගත කරන්න හොඳ ක්‍රමයක් තාමත් හොය හොය ඉන්න කෙනෙක් නම්, මේක ගැනත් සළකල බලන්න ආරාධනා කරනව. 

මම මේක රෙකමෙන්ඩ් කරන්නෙ මගෙ අවශ්‍යතා ගොඩක් මේක සපුරපු නිසා. (ප්‍රධානම දේ excel sheet එක importing හැකියාව හා cross platform compatibility)

Happy Reading..... Good Luck. 

Wednesday, June 14, 2017

හුඟ කාලෙකින් මේ පැත්තෙ


හුඟ කාලෙකින් බ්ලොග් එකේ ලියන්න බැරි උනා. වෙලාව තමයි ඉතින් නැත්තෙ, අනිත් එක විවිධාකාරයේ වැඩ වලට අතගහල නිසා එක එක වැඩ වලට ටික ටික වෙලාව දෙන්න එපැයි. ඒ කෙසේ වෙතත්, මේ දවස් වල නම් වෙලාව කියන එක ඇත්තෙම නෑ. 
කොහොම හරි ලියන්න නම් වෙලවක් වෙන් කළ යුතුමයි. මොකද ඒකනෙ මගෙ විනෝදාංශය.
මේ දවස් වල අලුත් විෂය පරාසයක් ගැන පොඩ්ඩක් මම අධ්‍යයනය කරනව. ඒ සම්බන්ධයෙන් පොඩි දේවල් ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනව. එතෙක් එකතු වෙලා ඉන්න.

සුභ රත්‍රියක්!!!

Monday, April 25, 2016

බ්ලොග් වසන්තය ඔන්න ආයෙත්

දයාබර මිතුරු මිතුරියනි,

ඔන්න බ්ලොග් වසන්තයේ බ්ලොග් මල් පල දරන්න පටන් අරගෙන. අපි හැමෝටම බ්ලොග් වසන්තයේ සුන්දරත්වය විඳගන්න කාලය ඇවිදින්. බ්ලොග් වසන්තය පිටුවෙහි පළ වෙන සියළුම ලිපි අතරින් ඔබගේ සිත් ගත් ලිපියට ඔබගේ මනාපය පල කරන්න ක්‍රමයක් ඔන්න හඳුන්වා දීලා තියෙනවා. බ්ලොග් වසන්තය පිටුවේ පළවන සෑම බ්ලොග් ලිපියක්ම අප මේ මනාප විමසුමට ඇතුලත් කරනවා. මැයි මාසයේ අවසානය දක්වා අපි මෙය පවත්වාගෙන යන්න තමයි බලාපොරොත්තුව.
ඔබගේ සිත් ගත් ලිපි 5ක් දක්වා ඔබට මනාපය පල කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි,බ්ලොග් අවකාශයේ ජීව නාලිය වන ප්‍රථිචාර දක්වන සහෘදයන්වත් අපි අමතක කරන්නේ නෑ. ඔයගොල්ලන්ට පුළුවන් ඔබගේ සිත් ගත් හොඳම කමෙන්ට් කරු නොහොත් හොඳම ප්‍රථිචාර දක්වන්නාටත් ඔබගේ මනාපයක් ලබා දෙන්න.
මෙන්න මේ ලින්කුව දිගේ චන්ද පොලට පිවිසිය හැක. ඇවැසි වන්නේ ඔබ ගුගුල් ගිණුමකින් සම්බන්ධ වීම පමණකි. අප ඔබගේ කිසිම පුද්ගලික විස්තරයක් ලබාගන්නේ නෑ....

පසුව පළවන ලද සිත්ගත් ලිපියක් නිසා ඔබට යම් අවස්ථාවක ඔබගේ මනාපය වෙනස් කිරීමට ඇවැසි නම්, නැවතත් මේ සබැඳිය දිගේ ගොස් ඔබේ මනාප වෙනස් කිරීමට හැකියාව තියෙනවා.

උපුටා ගැනීම

Monday, December 14, 2015

"රැකියා වෙළඳපළ ජය ගනිමු" ග්‍රන්ථය ඔබත් ලබාගන්න



මාස කිහිපයක උත්සාහයකින් පසුව ඔන්න ඔයාල බලාගෙන හිටිය අත්පොත එළිදක්වන්න තමයි මේ සූදානම් වන්නෙ.

පිටු 50කින් යුත් මේ පොතෙන් අන්තර්ගතය ගැන මුලින්ම කියන්නම්.
  1. "රැකියාවක්” කියන්නෙ මොකද්ද ඇත්තටම???
  2. ඇයි අපිට රැකියාවක් ඕනෙ කරන්නෙ?
  3. සාර්ථක CV එකක් සාදා ගනිමු
  4. මොකද්ද මේ CV එකක් කියන්නෙ?
    1. CV එකක් හදන්න ස්ථිර ක්‍රමයක් තිබෙනවද?
    2. CV එකක් භාවිතා කළ යුත්තේ ඇයි?
    3. ඔබ CV කීයක් සෑදිය යුතුද?
    4. ඔබගේ CV එකේ තිබිය යුතු ගුණාංග මොනවාද?
    5. CV එක තුළ තිබිය යුතු විස්තර මොනවාද?
    6. සාර්ථක CV එකක් කොහොම විය යුතුද?
    7. මෙන්න මේ දේවල් CV එකක තිබිය යුතුයි
    8. තම CV එක හදද්දි අයදුම්කරුවන් සිදු කරන වැරදි මොනවාද
    9. සාර්ථක CV එකක දිග
    10. සාමාන්‍ය CV එකක තිබිය යුතු Formatting
    11. ඔබගේ CV එක ඉලක්ක කිරීම
    12. මුද්‍රිත CV, ඊමේල් CV, වෙබ් CV
  5. ඔබගේ සුදුසුකම් ෆයිල් එක සකසා ගන්නේ කෙසේද
  6. Cover Letter එකක් නිවැරදිව සාදාගනිමු
  7. ජොබ් එකකට හරියට අයදුම් කරන්නේ කොහොමද
  8. සම්මුඛ පරීක්ෂණයකට හරියට මුහුණ දෙමු
    1. සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වන්නේ කොහොමද
    2. සම්මුඛ පරීක්ෂණයට අඳින්නෙ පළඳින්නෙ මොනවද
    3. සම්මුඛ පරීක්ෂණය දවස
    4. සම්මුඛ පරීක්ෂණයට මුහුණදෙමු
    5. සම්මුඛ පරීක්ෂණයින් පස්සෙ
  9. Professional Online Profile එකක් පවත්වාගෙන යන්න
    1. මොකද්ද මේ Professional Online profile එකක් කියන්නෙ?
    2. ඔන්ලයින් ප්‍රොෆයිල්, රැකියා සෙවීමට භාවිතා කළ හැක්කේ කෙසේද?
    3. LinkedIn හරහා Online Profile එකක් සාදාගන්න.
    4. මොකද්ද මේ LinkedIn?
    5. මොකද්ද LinkedIn වල අවශ්‍යතාවය?
Demo එකක් පහත ලින්ක් එකෙන් බලාගන්න.
https://drive.google.com/file/d/0B_fIzm0oL4ONUlZtWkhGc2liRFU/view?usp=sharing

මේ පොතත් එක්ක ඔයාලට නොමිලේ ලැබෙන දේවල්
  1. CV Templates
  2. Cover Letter Template
  3. බහුල සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්න වලට නිදසුන් පිළිතුරු
  4. "ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්නේ කෙසේද" නොමිලේ බෙදා හැරුණු ඊබුක් එක
  5. අත්වැල් කිහිපයක්
  6. ඒත් එක්කම ඔයාල ඉදිරියට හදන CV එකක දුර්වලතා හඳුනාගෙන, ඒවා නිවැරදි කරල, අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ නිවැරදි කරල ඒක හොඳ ආකාරයට හදල දෙනව. (එක් CV එකක් සඳහා) 
මේ දේවල් 6 ලැබෙන්න නම් ඔයා මේ පොත මිලට ගැනීම සිදු කළ යුතුම වෙනවා. 

අංක 6 ගැන කතා කළොත්, ඊට පස්සෙ උනත් ඔයාලට ඒ සේවාව ලබා ගන්නට හැකියාව තිබෙනවා. ඒ ගැන දැනගන්න මෙම සබැඳිය හරහා යන්න.
http://careerguidancelk.blogspot.com/p/cv-correction-service.html

මගෙ අත්දැකීම් හා දැනුම එකතු කරල තමයි මේ පොත නිර්මාණය කරල තිබෙන්නෙ. ඉතින් මම උනු මහන්සියට හා ගත කළ කාලයට ඔයාලගෙන් පොඩි මුදලක් අය කරනවා. ඒ වෙනුවෙන් ඔයාල තරහ වෙන එකක් නෑ කියල හිතනව. ඒ මිලටත් වඩා වටිනා දේවල් ටිකක් මේ හරහා ඔබට ලැබෙනව කියල මම ස්ථිරවම කියා සිටිනවා.
මම මීට පෙර, නොමිලේ ඔයාලට ලිපි රැසක්, කෙටි අත්වැල් දෙකක්, "ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්නේ කෙසේද" යන්න ගැන කතා කරන ebook එකක් ලබා දුන්නා.

ලොකු මුදලක් වෙන්නෙ නෑ. $1.49. (ඒ කියන්නෙ රු.200-220ක් වගේ පොඩි මුදලක්)

පහත Buy Now බොත්තම හරහා ඔබට මේ පොත මිලට ගන්නට හැකියාව තිබෙනවා. PayPal මගින් කෙලින්ම ඔබට මුදල් ගෙවිය හැකියි 
 Buy Now
$1.49

PayPal නොමැති අය සිටිනවා නම් මට ඊ මේල් ලිපියක් එවන්න. මම eZCash / mCash / Bank Transfer සඳහා අවශ්‍ය විස්තර එවන්නම්.

වැදගත් කරුණක් කියන්නට තිබෙනවා.
මේ පොත මම ඔයාල වෙනුවෙන් ගොඩක් මහන්සියෙන් ලියපු පොතක්. ඉතින් මම මිලක් නියම කරල තිබෙන මෙම පොත නොමිලේ බෙදා හරින්නට එපා යයි කාරුණිකව ඉල්ලා සිටිනවා. එසේ සිදුවන තැනක් දුටුවහොත් ඒ පිළිබඳ මා වහාම දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. 
ලංකාවේ බුද්ධිමය දේපළ පණත යටතේ එය ඉතාම වැරදි ක්‍රියාවක් කියලත් ඔබට මතක් කරන්නට කැමතියි.

ඉතින් ඔබ මෙම පොත ඔබගේ මිතුරන් හා බෙදා හදාගන්නා විට ඔවුන්ටත් මෙය මිලට ගැනීමට මෙම පිටුව වෙත ඔවුන්ව එවන්න කාරුණික වන්න.

Buy Now


මගේ Affiliate කෙනෙක් වී ඔබත් උපයන්න. 


මෙම පොත ඔබට පුළුවන් ඔබගේ වෙබ් / බ්ලොග් අඩවි හරහාත් විකුණන්නට. මම ඒ වෙනුවෙන් ඔබට 33%ක Affiliate Commission එකක් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නෙ ඔබගේ Affiliate Link එකකින් මගෙ පොත මිලට ගන්නා වාරයක් පාසා ඔබගේ Affiliate ගිණුමට $0.50 බැගින් බැර වෙනවා.
මේ මුදල් ඔබට ඔබගේ Paypal ගිණුමට කෙලින්ම ලබා ගන්නට පුළුවන්. 100%ම ලැබෙනව.
ඒත් එක්කම eZCash, mCash, Bankd Transfer (Commercial/Sampath) හරහාත් ඔබට ඒ මුදල් ලබා ගන්නට පුළුවන්. හැබැයි ඒවට නම් 5%ක service charge එකක් ගන්න වෙනව. 

වැඩි විස්තර සඳහා පහත සබැඳිය ක්ලික් කරන්න.
http://careerguidancelk.blogspot.com/2015/12/ebook-affiliate-programme.html

හැකියාවක් තිබුණොත් මෙම පොත තවත් වැඩිදියුණු කොට මුද්‍රණය කිරීමේ කැමැත්තකුත් මට තිබෙනවා. මේ උත්සාහය ඇගයීමකට ඔබත් බලාපොරොත්තු වනවා නම් ආරාධනා කරනවා මා වෙත ඔබට හැකි අයුරින් කුඩා ආධාරයක් වුවත් කරන ලෙස ආරාධනා කරනවා. 

 

වෙනත් කිසියම්ම හෝ ගැටළුවක් ඇති නම් cglk [at] consultant [dot] com හෝ madhawa.h [at] mail [dot] com හරහා මා හා සම්බන්ධ වන්නට ඉල්ලා සිටිනවා.

UPDATE:
මෙම පොත ඉදිරියට අන්තර්ජාලය හරහා සෘජුව මිලට ගැනීමට නොහැක. ඔබට මෙම පොත අවශ්‍ය නම් cglk [at] consultant [dot] com හෝ madhawa.h [at] mail [dot] com හරහා මා හා සම්බන්ධ වන්න. එවිට සියළුම විස්තර ඔබ වෙත නොපමාව ලැබෙනු ඇත. 

Digital Delivery by E-junkie

Saturday, October 31, 2015

මහතෙක් යයි කිව හැකි කොන්දොස්තර මහතෙක්


කොන්දොස්තර කිව්වම බස් වල යන ඕනෙ කෙනෙක්ට මතක් වෙන්නෙ "මොකද ඔතන නැවතිලා ඉන්නෙ, ඉස්සරහට යන්න", "ඔය මැද නැවතිලා ඉන්න මල්ලි, ඉස්සරහට යන්න", "ඔතනින් පස්සට යන්න" වගේ කතා කරුණාවෙන් නෙමෙයි සැර වැර දාල කතා කරන පුද්ගලයින් කණ්ඩායමක් නේද?
ඊට පස්සෙ, ඉතුරු නොදී මඟ ඇරල, අපි බහින තැන ලං වෙනකොට ඉතුරු ඉල්ලන්න කොන්දොස්තර හොයාගෙන බස් එකේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරට සෙනඟ මැද්දෙන් පීරගෙන යන්න වෙන අවස්ථා ඕනෙ තරම් ඔබ හැමෝම අත්විඳල ඇතිනෙ? නේද?

අද මම කාලෙකින් බස් එකක ගියා. ගෙදර ඉඳල කොළඹට. 122 අවිස්සාවේල්ල පිටකොටුව බස් එකක. 
මම නැග්ග බස් එකේ කොන්දොස්තර මහතා ගැන තමයි මේ කතාව.
ඔහුගේ කතා විලාසය හරිම අපූරුයි. හරිම මිත්‍රශීලී. "ඔය ඉස්සරහ ඉන්න මල්ලිය තරහ නැතිව පොඩ්ඩක් ඉස්සරහට යමුද පුතේ", "ඔය චූටි මහත්තය ඔතනින් පොඩ්ඩක් ඉඩ දෙනවද" වගේ තමයි මේ කොන්දොස්තර මහතා බස් එකේ යන අයට කතා කරන්නෙ.
"මල්ලිල ඉතින් ඉස්සරහට යන්නෙ ගෑණු ළමයි කවුරුහරි හිටියොත්නෙ නේද, ඒ ඉතින් එයාලගෙ හැටිනෙ" කියල විහිලුවෙන්ම කියනව එක වෙලාවක. 
ඉතිරි දෙන්න තියෙන අය හොයාගෙන බස් එකේ ඉස්සරහ ඉඳල පස්සට ගිහිල්ල ඉතිරි දෙනව. සමහරුන්ට මතක නෑ තමන්ට ඉතිරි ගන්න තියෙනව කියලත්. මෙයාම කතා කරල "මෙන්න මල්ලි ඔයාගෙ ඉතිරි සල්ලි" කියල ඉතුරිය දෙනව. එක් වරක් බස් එකෙන් පිරිමි ළමයෙක් බැස්ස, මෙයා කෑගහල ඒ මල්ලිට කතා කරනව, "මල්ලී, ඔයා ඉතිරි ගත්තෙ නෑ නේද?" කියල බස් එකෙන් බැස්ස කෙනාටත් කතා කරල ඉතුරු සල්ලි දුන්න.

මට එවෙලෙම හිතුන මේ කොන්දොස්තර මහත්තය ගැන නම් පොඩ්ඩක් කියන්නම ඕනෙ කියල. 
ඉහළින් තියෙන්නෙ ඔහුගේ ඡායාරූපයක් නම් නෙමෙයි, මම අන්තර්ජාලයෙන් සොයාගත්තු එකක්. 

මෙහෙම කොන්දොස්තරල සුහදශීලීව, මිත්‍රශීලීව කතා බහ කරනව නම්, අපහසුවෙන් උනත් මිනිස්සු බස් වල යයි බැණ අඬගහන්නෙ නැතිව. 

Wednesday, June 24, 2015

Group Buying සයිට් වලින් බඩු ගැනීම


මොනවද මේ Group Buying Sites?
තේරුම නම් අහන්නෙපා. උදාහරණෙකින් කියන්නම්.
ඩිස්කවුන්ට් සයිට්.
උදා: buynow.lk, mydeal.lk, anything.lk, easy.lk ....................

මේවයෙ හරි ලාභෙට බඩු තියෙනවනෙ. ඔයාල දැකල ඇති.
එයාල කියන විදිහට සමහර බඩු වල ඔරිජිනල් මිලෙන් 50%කට වඩා අඩු මිලකට එයාල සමහර බඩු අපිට දෙනවා.

ඒ කියන තරම් එච්චර අඩු මිලට දෙන්නෙ කොහොමද ඇත්තටම?
මම නම් වැඩිපුර දන්නෙ නෑ. නමුත් දේවල් දෙකක් දන්නව.
1. එයාලට Showroom maintenance වියදමක් යන්නෙ නෑ. (ඒකට අදාල විදුලිය, කුලිය, සේවකයින් සඳහා වැටුප්, අදාල වෙනත් වියදම්)
2. එයාල සමහර බඩු කොරියාව, චීනය, වියට්නාමය වගේ රටවලින් කෙලින්ම ගෙන්වනවා. ඉතින් ගොඩක් අඩු මිලට ගන්න පුළුවන්.

එතකොට ඔය එයාල කියන ඔරිජිනල් මිල?
ඒක මාකට් එකේ තියෙනව කියන මිලනෙ. හැබැයි සමහර දේවල් මම දැකල තියෙනව මාකට් එකේ තියෙන මිලටත් වඩා එයාල දාල තියෙන මිල වැඩියි. එක දන්නෙ නැති අය හිතන්නෙ මේව පට්ටම ලාභයිනෙ කියල.
හෝටල් වලටත් එහෙමයි. හුඟක් හෝටල් වල ඇත්ත මිල ගණන් මෙයාල දාල තියෙන මිල ගණන් වලට වඩා හුඟක් වෙලාවට අඩුයි.

මම කියන්න ආවෙ මේ දේවල් නෙමෙයි. මෙයාල කියන සමහර උපකරණ වල ක්‍රියාකාරිත්වය ගැන ගැටළු තිබෙනවා. ඉලෙක්ට්‍රොනික උපකරණ ගැන තමා මම කියන්නෙ.
සමහර වෙලාවට ඒවා සම්බන්ධ ගැටළු වලට ඔවුන් සාර්ථකව පිළිතුරු දෙන්නෙ නෑ.

උදා: මම easy.lk එකෙන් ගත්ත Pest Reject (කෘමීන් එලවන) උපකරණයක්. ගෙනල්ල පාවිච්චි කරල බැලුවම ඒකෙන් වැඩක් නෑ. ඒක දාල තිබ්බට මැස්සො, මදුරුවො, කැරපොත්තො එලවනව කියල. ඒක ඉස්සරහින් ඒ ඔක්කොම සත්තු ආතල් එකේ එහෙ මෙහෙ යනව. උන්ට කිව්වම කේස් එක උන් කියපි මේක මැස්සන්ට මදුරුවන්ට වැඩ නෑ කියල. ඊට පස්සෙ මම කිව්ව item description එකේ නම් ඒ ඔක්කොමල්ලටම වැඩ කියල දාල තියෙනව කියල. ඊට පස්සෙ කිව්ව එහෙනම් ඒක ගෙනත් දෙන්න refund කරන්නම් කියල. මට නිවාඩු දාගෙන නුගේගොඩට යන්න වෙලාවක් නැති නිසා ඒ රු.1250ට සමු දුන්න.

ඉතින් ඔන්න ඔහොම කේස් වෙන්න පුළුවන් කියලයි මට කියන්න ඕනෙ උනේ. ඕවායෙ තියෙන බඩු හරියට වැඩ කරනවද කියල ඇත්තටම ශුවර් නෑ. හොඳ ඒවත් අනිවාර්යයෙන් තියෙනව,
මම mydeal.lk එකෙන් ගත්තු 10000mAh Power bank එක දැන් කාලාන්තරයක් සුපිරියට වැඩ.

අනිත් එක, ඔය සයිට් වල තියෙන දේවල් වලින් 70-80%ක්ම ebay එකේ තියෙනව ඒ දාල තියෙන මිලට වඩා ගොඩක් අඩුවට. සමහර දේවල් 90%ක් වගේ අඩු මිලට.
උදා: Selfie Stick එකක් ඔය සයිට් වල 1000-1500/- අතර මිලකට විකිණෙනකොට ඒක ebay එකෙන් ගන්න පුළුවන් 200-300/= වගේ මිලකට.

Hotel Bookings ඔය සයිට් වලින් බලල කරන්න හිතනව නම් ඊට ඉස්සෙල්ල ඒ හෝටල් වලට කතා කරල බලන්න, සහ අනිවාර්යයෙන්ම agoda.com, bookings.com වල ඒ හොටෙල් වල මිල ගනන් චෙක් කරන්න. agoda වල එහෙම ගොඩක් වෙලාවට ගොඩක් අඩු මිලට තියෙනව.

හරි.
කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරි උනු නිසා හදිසියෙ හිතුනු දේවල් ටිකක් එකතු කරල මේ ලිපිය ලිව්වෙ. කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතනවා.


Tuesday, April 14, 2015

සුභ අලුත් අවුරුද්දක් වේවා!!!


ඔබ සැමට සාමය සතුට සෞභාග්‍යය පිරි සුභ නව වසරක් වේවා!!!

Thursday, April 9, 2015

වසන්තයට මගෙන් - තාම කල්පනා කරමින්

හ්ම්ම්. බ්ලොග් වසන්තය පටන් අරගෙන දවස් දෙකක්. තාම බැරි උනා මොකුත් ලියාගන්න. ලියන්න දෙයක් හිතට එන්නෙ නෑ. ඒත් එක්කම හරි හමං විදිහට වෙලාවක් ආවෙ නෑ. මේ පෝස්ට් එක ලියන්නත් පේජ් එක ඕපන් කරල පැය ගානක් තිබිල තමයි මේ මොකක් හරි ලියන්නපටන් ගත්තෙ. ඉක්මනට මොනව හරි කල්පනා කරල ලියන්න දෙයක් හොයාගෙන, ලියන්න ඕනෙ.


බ්ලොග් වසන්තයේ ලියවෙන බ්ලොග් වල ලිපි ඔයාලට පුළුවන් "ලක් දැල" බ්ලොග් කියවනය හරහා කියවන්න.





ප.ලි. ඔයාලට මතක් වෙනව නම් මට ලියන්න පුළුවන් දෙයක්, කියන්න අවසර තිබෙනවා.

Tuesday, February 17, 2015

පොතක් ලියන අදහස ගැන අදහස්


මට ඉතින් කාලාන්තරේක ඉඳන් තියෙන ආසාවක්නෙ පොතක් ලියන එක. ඒත් තාම ඒක කරගන්න බැරි උනා. (නොමිලේ දෙන පොතක් නෙමෙයි, මිලට දෙන පොතක්) 
අපි අපේ දැනුම නොමිලේ කොතරම් බෙදල දෙනවද. ඒවායින් අපිට කොතරම් හිතට සතුටක් දැනෙනවද. ඒව කියවල ඒවායින් සහයන් අරගෙන ස්තුති කරන අයත් කෙතරම් ඉන්නවද. නේද? ඉතින් නොමිලේ දෙන්න වෙන මහන්සියට වඩා මහන්සියක් වෙලා දැනුමට පොඩි මිලක් නියම කරන එක ගැන නරකක් හිතන්නත් එපා, හොඳද. 

නොමිලේම බෙදා හැරුණු පොඩි පොත් පිංච දෙකක් නම් ලිව්වනෙ. ඔයාල දන්නව ඇතිනෙ. 


ඒ දෙක නම් ඉතින් නැගල යනව. ට්‍රැෆික් පොතේ මම එක් සංස්කරණයකුත් සකස් කරල ඔයාලට දුන්නනෙ. මුල් එක හා පළමු සංස්කරණය ගත්තම මේ වෙනකොට දෙකම භාගත කරගත්තු පිරිස 2000කට වැඩියි. පොතකින් පිටපත් 2000ක් කියන්නෙ ඉතින් පොඩි ගාණක් නෙමෙයිනෙ නේද?

දෙවන එක ගත්තොත්, මම පොත හදන එකත් එක්කම අලුතින් බ්ලොග් අඩවියකුත් ආරම්භ කළානෙ "වෘත්තීය මාර්ගෝපදේශනය" සම්බන්ධව. ඒ පොත් පිංච මේ වෙනකොට භාගත කිරීම 600 ඉක්මවා යමින් තිබෙනවා.

ඉතින් ඇත්තම කිව්වොත් ඒ නොමිලේ ලබා දුන්නු පොත් පිංච දෙක මගෙ හිතට අනුව ගොඩක් සාර්ථක උනා. 

ට්‍රැෆික් ගැන පොත සම්බන්ධව ගොඩක් අදහස් මට ලැබුණ. ඉතින් ඒ පොත නම් සාර්ථකයි කියල මට හිතෙනව. නමුත් ඇත්තටම වෘත්තීය මාර්ගෝපදේශනය පොත සාර්ථකද කියල මට එතරම්ම ශුවර් නෑ. ඇයිද කිව්වොත් ඒක බලාගන්න විදිහක් නෑ. මොකද මට ඒ සම්බන්ධව ලැබුණු අදහස් අතිශය අවමයි. කියවපු අය පවා අදහස් දැක්වුවෙ හරිම අඩුවෙන්. 

මට පොතක් ලියන්න අදහස් කිහිපයක් තිබුණ මගෙ දැනුම් පරාසයත් එක්ක. (මගෙ අධ්‍යාපනික දැනුම පැත්තෙන් ඒ කිව්වෙ Engineering related පොත් ලියන්න නම් මගෙ අදහසක් නෑ, මොකද ඒ දැනුම උගන්නන්න තරම් ඉහළ නෑ.) ඉතින් මම කිව්ව විෂය පරාස තමයි, 
  1. කොටස් වෙළඳපළ
  2. ඡායාරූපකරණය
  3. වෙබ් ට්‍රැෆික්
  4. අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම
  5. වෘත්තීය මාර්ගෝපදේශනය

මේව සළකළ බැලුවම මට තේරෙනව අංක 2 ටිකක් අමාරුයි (මගෙ බ්ලොග් එක නම් ඔයාල දන්නව ඇතිනෙ? PhotographyLK, අංක 3, 4 ගැන අන්තර්ජාලයේ තොරතුරු එමටයි, හැබැයි අංක 3 ගැන මම ලිව්ව පොත් පිංච නම් සාර්ථකයි. අංක 4 සම්බන්ධව මම ලිව්ව පොත් පිංචටත් ලැබුණු අදහස් අඩු නිසා ඒකත් එතරම්ම මාකට් වෙන එකක් නෑ කියල හිතෙනවා. අංක 1 ගැන මම තවමත් හිතනව. හිතන එක නවත්තල පොඩි සැකැස්මක් කරගෙනත් යනව ඇත්තම කිව්වොත්. ඒක නම් සාර්ථක වෙන්නත් ඉඩ තිබෙනවා. මොකද මගෙ Guide To CSE බ්ලොග් එක වසර ගණනකින් යාවත්කාලීන කරල තිබුණෙ නැතත් ඒකට තාමත් හොඳ ට්‍රැෆික් එකක් එන නිසා. 

මගෙ බ්ලොග් එකේ පාඨකයන් විදිහට ඔයාලට යම් අදහසක් තිබෙනවා නම් මට සහය වෙන්න. පොතක් ලියන්න මට හැකියාව තිබෙනවා කියල ඔබ සිතන විෂය පරාසයක් පෙන්වා දෙන්න. 

එහෙනම් ස්තුතියි.

Sunday, February 8, 2015

අලුත් බජට් එක හා ත්‍රීවීල්/බස් ගාස්තු


ඔන්න ඉතින් අලුත් බජට් එකෙන් පෙට්‍රල් ඩීසල් මිල අඩු උනාලුනෙ.
ඒ නිසා කට්ටිය කතා වෙලා ත්‍රීවීල් ගාස්තු අඩු කළා. බස් ගාස්තු අඩු කළා. 

මාර කේස් එක කියන්නෙ දැන් කොන්දොස්තරලයි ත්‍රීවීල් කට්ටියයි කියන විදිහට ඉස්සර තිබ්බ ගාස්තු ඉස්සර තිබ්බ ගාස්තු වලට වඩා වැඩියිලු.
තේරුනේ නැද්ද මන්ද. 

මගෙ ගෙදර කට්ටියට උනු සත්‍ය උදාහරණ දෙකක් ගන්නම්.

  1. බජට් එකට ඉස්සෙල්ල අපේ ගෙදර ඉඳල බස් එකේ කොට්ටාවට යන්න ටිකට් එක රු.34යි. (ඒ කියන්නෙ ඉතින් 35යිනෙ, මොකද ඉතුරු රුපියල ඉතින් උන්ගෙ සාක්කුවටනෙ) බජට් එකෙන් පස්සෙ ඒ දුර යන්න ටිකට් එක රු.35යිලු!!! එතකොට ඉස්සෙල්ල ගාස්තුව??? ඒක රු.37යිලු. 37 දැන් 35ට අඩු වෙලාලු. 
  2. ඉස්සර පාදුක්කෙ ඉඳල අපේ ගෙදරට ත්‍රීවීල් ගාස්තුව රු.100යි. බජට් එකෙන් පස්සෙ ඒක රු.100-120 අතර ගාණක් වෙලා. එතකොට ඇහුවම "ඉස්සෙල්ල රු.100යිනෙ දැන් අඩු නැද්ද?" කියල. උන් කියනවලු කොහෙද 100ට ගියේ කියල. දැන් 100 කියන එකා කියනවලු ඉස්සර 120යි කියල. දැන් 120යි කියන එකා කියනවලු ඉස්සර 140යි කියල. තව ඌ ගණං හදන්නත් එනවලු. 


මොකාටද ඉතින් මේව කියන්නෙ.

එතකොට බජට් එකෙන් අපිට ඩබල් පාඩු, ත්‍රීවීල්/බස් කාරයින්ට "ඩබල් වාසි".

අනේ කාලේ වනේ වාසේ කිව්වලු. :D 

Thursday, January 1, 2015

සුභ නව වසරක් වේවා!!!

ඔබ සියළු දෙනාටම සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!!!


Sunday, August 24, 2014

අලුත් වැඩක් - වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳව වෙබ් අඩවියක් සමඟ පොත් පිංචක්

ඔන්න ඉතින් මම මේ දවස් ටිකේම මහන්සි උනු දේ ඔයාලට දෙන්නයි මේ හදන්නෙ.

1. වෘත්තීය මාර්ගෝපදේශනය ගැන ලිපි ලියවෙන බ්ලොග් අඩවියක්.
2. "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" නමින් සරළ සිංහල බසින් ලියවුනු පොත් පිංච

මතක ඇතිනෙ මම පහුගිය ලිපි දෙකකින්ම ඔයාලට කිව්ව මම සිදුකරමින් පවතින සමීක්ෂණයක් පිළිබඳව.  මේකත් ඒකත් එකට සම්බන්ධයි. තවමත් මට අවශ්‍ය තරම් ඒකට කට්ටිය එකතු වෙලා නෑ නිවැරදිම ආකාරයට ඒ තොරතුරු විශ්ලේෂණය කරන්න. 
ඉතින් ඔයාලට මම නැවත වරක් ආරාධනා කරනවා ඔබ මීට සම්බන්ධ උනේ නැතිනම් ඊට සම්බන්ධ වෙලා මගේ සමීක්ෂණයට සහයක් වෙන්න කියල. එහි තොරතුරු අනුව මට පුළුවන් ඔයාලට ගැළපෙනම ආකාරයේ අධ්‍යාපනික ලිපි හා තොරතුරු ලබා දෙන්න. 
එහි අවසන් පිටුවේදී මම ඔබගේ ඊ මේල් ලිපිනය අසනවා. එහි ඔබගේ ඊ මේල් ලිපිනය ලබා දෙන අයට මම මේ ඉහත කිව්ව ඊ බුක් එක මුලින්ම ලබා දෙනවා. දැනටමත් ඊට සහභාගී උනු අයට මේ පොත් පිංච අද හෝ හෙට ලැබේවි. අනිත් අයට ඔබ සමීක්ෂණයට සහභාගී වී දිනක් ඇතුළත ලැබේවි. සහභාගී නොවන/ඊ මේල් ලිපිනය ලබා නොදෙන්නන්ට තව සතියකින් දෙකකින් මම භාගත කළ හැකි සබැඳියක් ලබා දෙන්නම්.
වෙබ් අඩවිය 


ඊ බුක් එක





Friday, December 6, 2013

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" දෙවන සංස්කරණය සකසමින්....

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" කියල මම පොඩි පොත් පිංචක් ලියල ඔයාලට දුන්න මතක ඇතිනෙ?
දන්නෙ නැති අය මෙතනින් ගිහිල්ල ඒ ලිපිය බලල පොත භාගත කරගන්නකො. ඒකෙ පළමු සංස්කරණය මේ වෙනකොට භාගතකිරීම් 850ක් පමණ සිදුකරගෙන තිබෙනවා. මේ ලිපියත් තමයි මගෙ බ්ලොග් එකේ ලිපි වලින් වැඩිම පිරිසක් කියවපු ලිපිය. 
මේකෙ තව දියුණු කිරීම් ටිකක් සහ තව විස්තර ටිකක් එකතු කරල වඩා විස්තරාත්මක තොරතුරු එකතු කරල දෙවන සංස්කරණයක් සිදු කරන්න මම මේ දවස් වල සැලසුම් කරමින් ඉන්නෙ. ඒක අරඹන්න හුඟක් හිතන් හිටියට වඩා කාලයක් ගිය එකට නම් ටිකක් කණගාටුයි. 

හිතනවා ඔයාලටත් ප්‍රයෝජනවත් වේවි කියල. 

එහෙනම් නවතින්නම්. 

පළමු සංස්කරණයේ පිට කවරය


Thursday, October 17, 2013

ඇයි අපි බ්ලොග් ලියන්නෙ??? නවත්තන්න හිතෙනවද?

හ්ම්ම්. ඇත්තටම මම බ්ලොග් ලියන්න පටන් ගන්න ඉස්සෙල්ල මට මේ ප්‍රශ්නෙ ආව. පස්සෙ ඉතින් කොහොම හරි ලියන්න පටන් ගත්තනෙ. අවුරුදු 4ක් බ්ලොග් ලිව්වනෙ. දැන් ලියවෙන්නෙම නෑ. :(
ඇයි ඇත්තටම??? වෙලාව මඳ කමකුත් නෙමෙයි, ඇත්තටම කම්මැලිකමටද මන්ද. උවමනාවක් නැතිවද මන්ද.
නවත්තන්නත් හිතෙනව, ඒත් නවත්තන්න හිතෙන්නෙත් නෑ.

ඇයි අපි බ්ලොග් ලියන්නෙ? 
ආපහු අවුරුදු 4කට ඉස්සෙල්ල මගෙ හිතට ආපු ප්‍රශ්නෙම මම අද ආපහු උත්තරයක් හිතනව.
මෙන්න උත්තර.


1. අපි අලුත්ම දෙයක් තමයි දෙන්න හදන්නෙ.
අපි අපිට වැඩක් තිබෙන නැතිනම් අනිත් අයට වැඩක් තිබෙන, අපිට වැඩක් නැති, නැතිනම් වෙනත් අයටත් වැඩක් නැති දේවල් දවසක් ඇතුළත කොච්චර කරනවද? 
පරිගණකය ඉස්සරහට වෙලා ඉඳගෙන අපේම වචනයෙන් අපි බ්ලොග් ලිපියක් ලියනකොට මොකද වෙන්නෙ? අපි අපේම අලුත්ම දෙයක් ලෝකෙට දෙනව. සමහර විට ඒකෙ කියවන්න කෙනෙක් නැති වෙයි, සමහරවිට අදහස් එකක්වත් එන එකක් නෑ. නමුත්, අපි අලූත්ම දෙයක් ලෝකෙට දීල නේද? (කොපි කරන්නන්ට වලංගු නොවේ.)

2. ලියන එකෙන් අපි සතුටක් ලබනවා
බ්ලොග් ලියන එකෙත් එක්තරා සතුටක් තියෙනව. අපේ බ්ලොග් ලිපිය බලන්න ගොඩක් අය ඉන්නෙ නැති වෙන්න පුලුවන්, කමෙන්ට් එන්නෙ නැති වෙන්න පුළුවන්. නමුත් අපේම වචන වලින් අපේ හිතේ තියෙන අදහස් එකතු කරල ලිපියක් ලියනකොට ඒ ලිපිය පබ්ලිශ් කළාම ඇත්තටම හිතට සතුටක් දැනෙනව නේද?
සමහරු නම් සිය ගාණක් කට්ටියතමන් වටේ එකතු කරගෙන ලිපි ලියනව, එයාලගෙ ලිපි කියනවන්න කමෙන්ට් කරන්න සිය ගණන් කට්ටිය ඉන්නව. හැමෝටම එහෙම නෙමෙයි. 
නමුත් ලිපි ලිවීමෙන් සතුටක් දැනෙනව නේද?

3. අපි අලුත් දේවල් ඉගෙන ගන්නව
අපි බ්ලොග් එකක් පටන් අරගෙන ඒක දියුණු කරගන්න, ඒකට එක එක දේවල් එකතු කරගන්න තවත් විවිධාකාරයෙන් බ්ලොග් එක දියුණු කරන ආකාර ඉගෙන ගන්නව. බ්ලොග් එකට එන අයත් එක්ක කතා කරනකොට (කමෙන්ට් වලින්) අපි අන්තර් පුද්ගල සබඳතා ගොඩනඟන්න ඉගෙන ගන්නව. 
ඉගෙන ගන්නව කියන එක නවතින දෙයක් නෙමෙයිනෙ නේද?

4. අපි අලුත් මිතුරන් ඇති කරගන්නව
බ්ලොග් කියන්නෙත් එක්තරා සමාජ ජාලයක්. අපි බ්ලොග් කියවනව, අපේ බ්ලොග් වෙනත් අය කියවනව. ඉතින් එක ආකාරයේ කැමැත්තන් තියෙන අය එකට එකතු වෙනව. අපේ ලිපි කියවන්න ඇවිල්ල අපේ මිතුරන් වෙන අය කොච්චර ඉන්නවද. මගෙ PhotographyLK බ්ලොග් එක හරහා මම මිතුරන් සිය ගාණක් ඇතිකරගෙන තිබෙනව. Guide To CSE බ්ලොග් එකෙනුත් එහෙමයි. ඇයි මේ බ්ලොග් එකෙන්. කැම්පස් එකේදි සමහරු මාව දැක්කම මට ඒ දවස් වල කතා කළේ මගෙ නම කියල නෙමෙයි, මගෙ බ්ලොග් එකක නමක් කියල. :D 
ඇයි බ්ලොග් ලියන අපේ ලඟ පාතම හිටි අයත් හම්බෙනවනෙ. පිට රටවල් වල අයත්. කොහොම හරි, බ්ලොග් හරහා අපිට පුලුවන් ගමේ ඉන්න බ්ලොග් ලියන කෙනත්, ලෝකෙ පුරාම ඉන්න බ්ලොග් ලියන්නන් එක්කත් මිතුරු වෙන්න. 

5. අපි මිනිස්සුන්ට උදව් කරනවා
අපේ බ්ලොග් එකට එන්නෙ 10දෙනා වෙන්න පුළුවන්, 1000දෙනෙක් වෙන්නත් පුළුවන්. ගණන කීය උනත්, ඒ ලිපිය කියවන අය යම්ම හෝ ප්‍රයෝජනයක් ගන්නව නම් අපි කාටහරි එක්කෙනෙක්ට හරි යම් උදව්වක් නේද කරල තියෙන්නෙ?
අපි අධ්‍යාපනික දෙයක්, මොකක් හරි කරන හැටි ලිව්වොත්, ඒක ඉගෙනගන්න අයට කොච්චර පහසුවක්ද. අපි විහිළුවක් ලිව්වොත් කාගෙ හරි හිතේ සතුටක් ඇති කරන්න අපිට පුළුවන් නේද? අපි ලියන දෙයක් කියවල කෙනෙක් හිතන විදිහ වෙනස් කරගත්තු අයත් ඇති නේද?
අපි වෙනසක් කරන්න උත්සාහ කරනව නම් ඒ උත්සාහය කොතරම් පොඩිද ලොකුද කියල හිතන්න අපි අවශ්‍ය නෑ. වෙනසක් කරනව නම් එපමණයි අවශ්‍ය වන්නේ.

6. අපි මුදල් ඉපයීමක් කරන්න ආසන්නව ඉන්නෙ.
සමහරවිට දැනටමත් සමහරු බ්ලොග් එක හරහා මුදල් උපයනව. සමහරු කිසිම වාසියක් නැතිව වෙහෙසෙනව. (මමත් ඒ ජාතියෙනෙ). 
නමුත් ඇත්තටම ඉතින් මොකද. සමහරු බ්ලොග් හදන්නෙ මුදල් උපයන්න, සමහරු සතුටක් ලබාගන්න, මේ උඩ කිව්ව මොකක් හරි හේතුවක් නිසා.
රුපියලක් උපයන්න පුළුවන් උනත් ඒකත් වැදගත් නේද? ටිකක් මහන්සි උනොත් ඊට වඩා දෙයක් උනත් කරගන්න බැරි වෙන්නෙ නෑ. ටිකක් නිර්මාණාත්මකව හිතන්නයි ඕනෙ. රැකියාවක් කරන්නෙ නැද්ද? එහෙනම් ඇයි උත්සාහ කරන්නෙ නැත්තෙ? ඔබේම මුදලක් උපයන්න?

7. අපි හරිම ලස්සන ගමනක් යන ගමන් ඉන්නෙ.
බ්ලොග් ලිවීම කියන්නෙ ඇත්තටම හරිම ලස්සන දෙයක්. අර කිව්ව වගේ අලුත් යාලුවො, අලුත් දේවල් අපිට හම්බ වෙනව, ඉගෙන ගන්නව, උගන්නනව. මේ හරහා අපි කොයි පැත්තකට යාවිද අපිටම කියන්න බෑ. අපි තෝරාගන්නා යම් ඉලක්කයකට උනත් යන්න උනත් අපිට පුළුවන්, නැතිනම් වටපිට බල බල හෙමීට හිත හැරුනු අතේ යන්නත් පුළුවන්, සමහර විට එහෙම ගිහිල්ල ගොඩක් ලස්සන තැනක නවතින්නත් ඉඩ තියෙනව. 
ඉතින් හරිම ඉලක්කයක් නැතිනම් හිතන්න එපා, හිතේ හැටියට යන්න, ලස්සන තැනක ඔබ නවතීවි.

බැරි වෙලාවත් අපි බ්ලොග් ලියන එක නැවැත්තුවොත්????
අපි දන්නෙ නෑ අර ලස්සන තැන කොයි වගේ වෙයිද කියල.

ඉතින්.....
මම නම් බ්ලොග් ලියන එක නවත්තන්නෙ නෑ. 

Tuesday, September 17, 2013

මේ පාරත් Book Fair ගියාලු

මේ පාර පොත් ප්‍රදර්ශනේ බලන්න ගියා නම් තමයි, නමුත් ගිය පාර වගේ ලිපි ලියන්න බැරි උනානෙ.
ගිය පාර නම් යන්න ඉස්සෙල්ලත් එකක් ලියල, ගිහිල්ල ඇවිල්ලත් එකක් ලිව්ව. මේ පාර ගිහිල්ල ඇවිල්ල තමයි ලියන්නෙ. 
මේ ලිපි වලින් හොඳ පොත් ලිස්ට් එකක් හදාගන්න උනත් පුලුවන් වෙයි මේ පාර යන අයට.

මේ තියෙන්නෙ මම සහ අපේ නංග ගත්තු පොත් සෙට් එක. අම්මත් ගියානෙ. 


1-10 මම ගත්තුව, 11,12 අම්ම ගත්තුව, 13-19 නංගි ගත්තුව. 

1. පන්සිය පණස් ජාතක පොත
2. තෙවන ඇස - ලොබ්සාන් රම්පා
3. ජීවිතේ අභියෝග වලට සතුටින් මුහුණ දෙන හැටි - අජාන් බ්‍රහ්මවංසෝ
3. සිත් තැවුල් ඇති කරගන්න එපා, බලාපොරොත්තු සහගත වන්න. - අජාන් බ්‍රහ්මවංසෝ
4. විමුක්ති රසය - අචාන් චා
5. මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - 3
6. සප්ත අපරිහාණී ධර්ම
7. ඈ සහ ඇලන් - රයිඩර් හැගාඩ්
8. අස්වැන්න - ජයසේන ජයකොඩි
9. මිහිකතේ ගීතය - ආතර් සී. ක්ලාක්
10. චන්ද්‍ර ගවේෂකයෝ - ආතර් සී. ක්ලාක්
11. පාරමිතා ප්‍රකරණය - රේණුකානේ චන්දවිමල
12. පුණ්යෝපදේශය - රේණුකානේ චන්දවිමල
13. දිණමිණ සූප ශාස්ත්‍රය 
14. ලන්තෑරුම් දහසේ නිවස - වික්ටෝරියා හෝල්ට්
15. බඹර තුඩේ අභිරහස
16. A bend in the road - Nicholas Sparks
17. Why didn't they asked Evans? - Agatha Christi
18. Diamond in the rough - Diana Palmer
19. Death in the clouds - Agatha Christi

අනාගත සැළසුම් සඳහා මුදල් ඉතුරු කරගන්නත්, ගිය අවුරුද්දෙ ගෙනාපු පොත් ඔක්කොම තවමත් කියවල ඉවර නැති නිසත්, මේ පාර ගත්තෙ පොත් පොඩ්ඩයි. 

මේ පාර කට්ටිය හරියකට සෙට් වෙන්න බැරි උනා. නමුත් ටික ටික හරි මුණ ගැහුන. මමයි මගෙ කෙලි පොඩ්ඩයි ගියා. නිසුපා සහ බට්ටි කෙල්ල පරක්කු වෙලා ආවා, නෙරන්ජි, සිහින, චින්තක පස්සෙ සෙට් උනා, අයිස් සහ ඩී.ජේ ආව කිව්වට මට හම්බුනේ නෑ. අපේ දිමුතු ආවට මිනිහ ආපු ගමන්ම වගේ වාෂ්ප වෙලා තිබුනා. දුක්බර ලෙස උදිතට එන්න බැරි උනා මොකෝ ඌ දේස දීපංකරේ ගොහිල්ල නිසා.

කට්ටිය හරියකට සෙට් උනා නම් පොඩ්ඩං පාටියක් දෙන්න හිතාගෙන හිටියෙ, ඒත් මමයි මගෙ කෙල්ලයි ඉක්මනට ගියානෙ. (මම නම් ආපහු ආව). 
සිව්මාන ක්‍රියේෂන්ස් අනුග්‍රහයෙන්, මම මගෙ කෙලි පොඩ්ඩට ඇනිවසරි කාඩ් එකක් දුන්න. වැඩේ කියන්නෙ ඔක්කොම එදා එකම පාටට ගැළපුනානෙ. :)



Monday, July 1, 2013

උපන්දිනේ

පහුගිය අවුරුද්දටම වැදගත් ලිපි දෙක තුනකට වඩා ලියන්න බැරි උනු නිසා මම සද්ද නැතිව හිටියෙ. නමුත් ඊයෙ පෙරේද ඉඳල ආපහු වැදගත් දෙයක් ලියන්න පටන් ගත්තු නිසා මේක කියන්න හිතුන.

ගිය 28 වෙනිදට, ඒ කියන්නෙ 2013 ජුනි 28 වෙනිදට මගෙ මේ සිංහල බ්ලොග් එකට අවුරුදු 4ක් සපිරුනා.


ඉතින් එහෙනම්, යළිත් ප්‍රයෝජනවත් ලිපි පෙළක් එක්ක හමුවෙමු.

Sunday, April 14, 2013

සුභ නව වසරක් වේවා!!!

ඔබ සියළු දෙනාට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!!!


Saturday, February 23, 2013

මේකත් පොඩ්ඩක් බලමුකො.

මම මේ නිකමට හිතිල Windows Live Writer ඉන්ස්ටෝල් කළා. දැන් මේ ඒකෙන් බ්ලොග් පෝස්ට් එකක් ලියල බලන්න බැලුවෙ. හ්ම්ම්. නරක නෑ වගේ. කරදරයකුත් නෑනෙ. ඔප්ශන්ස් එහෙමත් ගොඩක් තියෙනව. ලින්ක්, විඩියෝ, රූප, වගු, ෆොටෝ ඇල්බම්, පිකාසා/ෆ්ලිකර් ෆොටෝ, සිතියම්, එහෙම එකතු කරන්න පුළුවන් පහසුවෙන්ම.
මම ප්ලගින් කිහිපයකුත් දැම්ම. ඒව නිසා, කෝඩ් ලියන්න, ස්කයි ඩ්‍රයිව් එකෙන් ෆයිල් දාන්න, ඇටෑච්මන්ට් දාන්න, ක්ලිප් බෝඩ් එකෙන් කෙලින්ම කොපි කරන්න, පිකාසා ඇල්බම් දාන්න එහෙමත් පුළුවන්.
ටිකක් ට්‍රයි කරල බලමුකෝ.
image
image

…..

Sunday, January 27, 2013

"SL Scientist" වෙබ් අඩවිය දියත් කෙරිණි

හුඟ කාලෙකට ඉස්සෙල්ල තිබ්බ හීනයක් තමයි මගෙ, සඟරාවක් කරන එක. නමුත් සැබෑ කරගන්න බැරි උනා.
මමයි මගෙ යාළුවො සෙට් එකයි  11 වසරෙදි සඟරාවක් කළා. සඟරාවක් කිව්වට ඒක ප්‍රින්ට් කළ එකක් නම් නෙමෙයි. අපේ යාලූවො සෙට් එක අතින් ලියල, පත්තර වලින් රූප කපල අලවල එහෙම කළ එකක්. ආසාවට කළා මිසක් ලොකු උවමනාවකින් කළ එකක් නෙමෙයි. ඒක අපි මාසයකට එක ගාණෙ මාස කිහිපයක් කළා. ඒකෙ නම උනේ "ලොව වටා". A5 සයිස් එකේ පිටු 20ක් විතර ඒකෙ තිබ්බ. කට්ටිය ලිපි හදනව, එකෙක් හිටිය අපේ ලස්සනට අකුරු ලියන්න පුළුවන්, ඌ කොපිරයිට් කරල ඔක්කොම ලස්සනට ලියනව. ඒ කාලෙ ඉතින් පරිගණක භාවිතය තිබුණත් අපිට එහෙමට දෙයක් හරි හැටි තිබ්බෙ නෑ. 
ඒ කෙසේ වෙතත් ඉතින් ඒක අපේ පංතිභාර මිසුත් හුඟක් හොඳයි කිව්ව, හැමෝම කියෙව්වත් එක්ක. ඒත් ඉතින් මාස කිහිපයකින් ඒක යට ගියා.
ඊට පස්සෙ ඉතින් කැම්පස් යන්න පටන් ගත්තට පස්සෙ තමා අන්තර්ජාලයේ කරක් ගහන්න ගත්තෙ. එතකොටනෙ මේ බ්ලොග් කියන එක සෙට් උනේ. මුලදි ඉංග්‍රීසි බ්ලොග් එකක් ලිව්ව, එතරම් ලොකුවට නෙමෙයි, පස්සෙ 2009දි තමා සිංහල බ්ලොග් ලියන්න ගත්තෙ. 
බ්ලොග් කියන එකත් එක්තරා ආකාරයක සඟරාවක් කියන්න බැරි කමක් නෑ. ඒත් එහෙමම නෙමෙයිනෙ. ඉතින් ඔහොම ඉන්න අතරෙ, මේ මාසෙකට දෙකකට උඩදි යාලුවෙක් එක්ක කතා කර කර ඉන්නැද්දි ආපහු මේ සඟරා කතාව එලියට ආව. ඉතින් ඌත් හෙල්ප් එක දෙන්නම් කියල වැඩක් පටන් ගත්ත. ඒත් ඉතින් උගෙන් නම් හෙල්ප් එකක් ලැබුණෙ නෑ. නමකුත් තෝරගෙන, ග්‍රැෆික් වැඩ වලට හැමදාම මට හෙල්ප් කරන මනුෂාන් මල්ලිට කියල ලෝගෝ එකක් එහෙම් හදාගෙන වැඩේ පටන් ගත්ත.
මගෙ අදහස තිබ්බෙ, මුලින් ඊ මැගසින් එකක් කරල පස්සෙ ටිකක් සල්ලි එකතු කරගෙන ප්‍රින්ටඩ් එකක් කරන්න.
ඉතින් LinkedIn එකේ එහෙම පෝස්ට් කරල කට්ටියක්ව සෙට් කරගත්ත ලිපි ලියන්න. හුඟක් අය කැමති උනා. මමත් ලිපි කිහිපයක් ලිව්ව. තව ටික දෙනෙක්ට කිව්ව, එක ලිපියක් හරි ලියල දෙන්නම් කියල කිව්ව.
ඒත් දුකයි කියන්න, අර LinkedIn එකේ මේ වැඩේට සහයක් දෙන්නම් කිව්ව අය එක්කෙනෙක්වත් මට ලිපියක් ලියල දුන්නෙ නෑ. :'(. 
මම, අපේ කැම්පස් එකේ නංගි කෙනෙක්, මල් කැකුළු බ්ලොග් එක කරන කෙනා, දුන්නු ලිපි ටික විතරයි. තවත් බ්ලොග් ලියන්නන් 2,3න් දෙනෙක් ලිපි ලියල දෙන්නම් කිව්ව. එච්චරම තමා.
මේ වැඩේ පටන් ගත්තෙ නොවැම්බර් මාසෙ. මගෙ ඉලක්කෙ තිබ්බෙ ජනවාරි මැද ඊ මැග් එකක් පබ්ලිෂ් කරන්න. ඒත් මේ ජනවාරි අග වෙනකොටත් ලිපි කිහිපයයි එකතු උනේ. 
ඉතින් මේක මට අතෑරලම දාන්න හිතුන. මොකද තව වැඩ ටිකක් නිසා, මේකට වෙලාව මදි වෙයිද කියලත් හිතුන. ඒත් ඔන්න ඔහේ සයිට් එකවත් පබ්ලිෂ් කරනව කියල හිතල අද සයිට් එක පබ්ලිෂ් කළා.

ඉතින් මොකද්ද මේ "SL Scientist"???


මේ අඩවිය තනිකරම විද්‍යාව සම්බන්ධ ලිපි ලියවෙන වෙබ් අඩවියක්. ඔන්ලයින් සඟරාවක්. වයස අවු:16-22 අතර අය තමා ඉලක්ක කරන්නෙ. පාසලේ උගනින පාඩම් ගැන අපි කියන්නෙ නෑ. නමුත් ඒ තියරි සම්බන්ධ වෙන වෙනත් දේවල් අපි කතා කරනව. ඉතින් මේ ලිපි හරහා ලැබෙන දැනුම A/L විද්‍යාව කරන නංගිල මල්ලිලට තමන්ගෙ අමතර දැනුම දියුණු කරගන්නත්, ඒ තියරි වල භාවිත ඉගෙන ගන්නත් ප්‍රයෝජනවත් වේවි.
A/L කරන අයට විතරක් නෙමෙයි, විශ්ව විද්‍යාල වලට යන්න පටන් ගත්තු නංගිල මල්ලිලටත් මේකෙ දැනුම ලබා ගන්න පිලි තියේවි. එයාලටත් විෂය කරුණු පහසුවෙන් තේරුම් ගන්න මේ ලිපි සහය වේවි.

කියවන්න විතරක් නෙමෙයි නංගිල මල්ලිලට ලියන්නත් පුළුවන් "SL Scientist" එකට. ඔයාලගෙ දැනුම දියුණු කරගන්නවත් එක්කම, දන්න දේවල් අනිත් අයට කියල දුන්නම තවත් දැනුම දියුණු වෙනව කියල ඔයාල දන්නවනෙ නේද. 

ඉතින් ඔයාලටත් ආරාධනා කරනව වෙබ් අඩවියට ගිහිල්ල ලිපි කියවන්න, තාම නම් දාල තියෙන්නෙ ලිපි කිහිපයයි. 
ඔයාලත් කැමති නම් ලිපි ලියන්න එකතු වෙන්න, සයිට් එකේ තියෙන Contact Form එකෙන් කතා කරන්න.
ඒත් එක්කම ෆෑන් පේජ් එකටත් ලයික් එකක් දාන්න. ලිපියක් එකතු උනු වහාම මේල් එකටම ගෙන්නගන්න Subscribe වෙන්නත් පුළුවන්. සයිට් එකට ඔයාලගෙ මුහුණුපොතේ ගිණුමෙන් ලොග් වෙන්න පුළුවන්, එහකොට ලිපි වලට කමෙන්ට් කරන්න, ෆෝරම් එකේ පෝස්ට් කරන්න, ලිපි ලියන්න ඔයාලටත් පුළුවන්.




ආ ඒත් එක්කම, අමතක උනානෙ. අද මගෙ උපන්දිනේ. හැබැයි විශේෂයක් නම් නෑ. ගෙදරටම වෙලා ඔහේ  ඉන්නව. :)