Showing posts with label ගූගල්. Show all posts
Showing posts with label ගූගල්. Show all posts

Tuesday, October 27, 2009

Google Friend Connect එක දැන් Wordpress වලටත්



Google Friend Connect ගෑන දන්නවනෙ? ඔන්න දෑන් එම ප්ලගිනය Wordpress සඳහාත් සකසල. මෙමගින් කියවන්නන්ට මෙම wordpress බ්ලොග් සඳහාත් Google, OpenID, yahoo, AIM, හරහා ලොග් වෙන්න පුළුවන්. මෙමගින් ලොග් වන විට, එම ප්ලගිනය මගින් ඊට අදාල ලෙස wordpress ගිණුමක් අරඹනවාලු.


Google Friend Connect
කවුරු හරි ලිපියකට අදහස් දෑක්වු විට ඒවා Friend Connect activity stream එකේ පෙන්නනවා.
වෑඩි විස්තර සඳහා ගූගල් කෝඩ් වෙබ් අඩවියට යන්න.
උදාහරණ හා ආදර්ශන මෙතනින් හා මෙතනින් බලන්න.


Friday, October 2, 2009

ගූගල් වෙබ් අඩවි පරිවර්තන ටූලය (Website Translator Gadget) නිකුත් කරයි


ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක වෙබ් අඩවියක් කියවන්න, එම භාෂාව අපි දැන සිටිය යුතු වෙනව. මේ ප්‍රශ්නය නිසා සමහර වෙබ් අඩවි ලොව පුරාම භාවිත වීම අඩු වෙනව. (එම භාෂාව දන්නා අය විතරනෙ ඒක බලන්නෙ.) මේ නිසා එම පුද්ගලයින්ට උදව් කිරීමට, ගූගල්, වෙබ් අඩවියක් වෙනත් භාෂාවකට පරිවර්තනය කළ හැකි ටූලයක් ඉදිරිපත් කරල තිබෙනව.
මේක ක්‍රියාත්මක වෙන්නෙ "Google Translate" හරහා. මේ මගින් ඔබේ වෙබ් අඩවිය භාෂා 51කින් පෙන්වීමට ඔබට හැකියාව ලැබෙනව. ඉතින් මේක දාගත්තට පස්සෙ. ඔබේ අඩවියට යමෙක් පැමිණෙන විට, ඔබේ අඩවියේ භාෂාව හා ඔහුගේ/ඇයගේ වෙබ් බ්‍රවුසරයේ භාෂාව නොගැළපෙනවනම්, ඔහුට හෝ ඇයට, ඔබේ අඩවිය විසින්, අඩවිය තුළ පවතින තොරතුරු, ඔවුන්ගේ භාෂාවට පරිවර්තනය කළ යුතුදැයි අසාවි.




මේක කරගන්න හරිම ලේසී. ඔබට තිබෙන්නෙ, ගූගල් විසින් ලබා දෙන පොඩි කේත කොටස ඔබේ වෙබ් පිටුවට ඇතුළු කිරීම පමණයි.
හැබැයි පොඩි දෙයක් කියන්න ඕනෙ, මේකෙන් හරියටම හරි විදිහටම පරිවර්තනය වෙන්නේ නෑ. පොඩි පොඩි වෙනස්කම්, අවුල් වෙනව. ඒ නිසා සමහර දේවල් පරිවර්තනයෙන් පස්සෙ තේරුම් ගැනීමේ අපහසුතා එන්න පුළුවන්. වෙබ් පිටුව තුළ හුඟාක් තාක්ෂණික දේවල් නම් තියෙන්නෙ මේක හුඟක්ම ලෙඩ දෙයි.


ඒ උනාට ඉතින් මේ වැඩේ අගයන්න ඕනෙ, මොකුත් නැතුවට වඩා මෙහෙම එකක් හරි තියෙන එක ලොකු දෙයක්නෙ. අනේ ඉතින් මේ භාෂා 51ට සිංහලත් දාගන්න පුළුවන් නම් ගොඩම තමා. ඒත් ඒක වෙයි කියල නම් හිතන්න ටිකක් අමාරුයි, මොකද ලෝකෙ සිංහල භාවිත කරන්නන් ප්‍රමාණය ඉතා සුළු ප්‍රමාණයක් නිසා.

Sunday, August 2, 2009

ගූගල් එකේ මුහුණු පොතේ පිටුව



ඔන්න ගූගල් එක හොර රහසේම මුහුණු පොතේ fan page එකක් පටන් අරන්, ගිය සතියෙ සඳුදා පටන් අරන් තියෙන්නෙ, මමත් මේ අද තමයි දැක්කෙ. ලේසි නෑ දැනටමත් fans ල 266,638 ක් ඉන්නව. මාත් එකෙක්.
ගූගල් Adwords වලටයි iGoogle වලටයි පිටු තිබ්බ, ඒත් ගූගල් එකට කියල Official Facebook page එකක් දැන් තමයි පටන් අරන් තියෙන්නෙ. iGoogle පටන් ගත්තෙ නම් දැන් මාසෙකට විතර ඉස්සර, Adwords එක නම් ටික කාලයක් වෙනව.
ගූගල් එක ට්විටරයෙන් කතා බහ කරන එක තමා පහු ගිය කාලෙ කලේ, දැන් මුහුණු පොතටත් ඇවිල්ල. මේකට හේතුව මුහුණු පොත වගේ සමාජ ජාල වෙබ් අඩවි වලට එන සෙනඟ කන්දරාවම තමයි. ඔයාලත් දන්නව ඇතිනෙ තමුන්ගෙ වෙළඳාමක් ජනප්‍රිය කරගන්න තියෙන ලාභදායීම හා පහසුම ක්‍රමයක් තමයි සමාජ ජාල වෙබ් අඩවි කියල.
ගිහින් බලන්න එයාලගෙ පිටුවට.
ඔයාලගෙත් මොකක් හරි දෙයක් ප්‍රසිද්ධ කරගන්න ඕනෙ නම් මේක තමයි ලේසිම ක්‍රමේ, මුහුණු පොත.