රාහුල පොඩි හාමුදුරුවො තොටගමුවේ පංසලේ ඉන්න කාලෙ, මේ පංසලේ අතවැසි කම් කරපු මෝඩ පහේ තරුණයෙක් හිටිය, නම "සුර දෝතා". මිනිහ අතට අහු වෙන ඕනෙම දෙයක් කන්න නම් රුසිය. හැබැයි කිරි, මී කිරි වගේ ගව කිරි වලින් හදපු කෑම නම් පැත්ත පළාතටවත් ගන්නෙ නෑ. කොච්චර අප්පිරිය කළාද කිව්වොත්, කිරි ගවයෙක් දිහාවත් ඇහැක් ඇරල බලන්නෙ නෑ.
ඉතින් දවසක් රාහුල හාමුදුරුවො, මිදුල අමදිනකොට දැක්ක අයාලේ යන ගවයෙක් දාල ගිහිල්ල තිබ්බ ගොම බෙට්ටක්. මළුවෙ තියෙන ගොම බෙට්ට ඉවත් කරල දාන්න හාමුදුරුවන්ට පුළුවන් උනත් උන්නාන්සෙ එහෙම නොකර සුරදෝතා ගවයින්ට අකමැති බව දන්නා නිසා සුරදෝතා ලවා මේක ඉවත් කරවන්න හිතුවා.
උන්නාන්සෙ ඉතින් සුරදෝතාට කතා කළා.
සුර දෝ තාරාහුල පොඩි හාමුදුරුවො කවියෙන්ම තමා ඒක කළේ. දන්නවනෙ ඉතින්, උන්නාන්සෙ පොඩි කාලෙ ඉඳලම කවියට දක්සයි කියල.
වර මෑ තා
ගොම දෝ තා
දම ඈ තා
මේක ඇහිල ඉතින් මේ තරුණයා හාමුදුරුවො ලඟට ආව. ගවයන් පවා අප්පිරිය ඔහු, මේ ගොම බෙට්ටට කොහොම ලං වෙන්නද කියල බිම හාර හාරා කල්පනා කළා.
ඒත් ඉතින් හාමුදුරුවො කිව්ව දේ නොකර ඉඳල හතර අපායෙ වැටෙන්නද, බෑ නෙ.
මොනව කරන්නද, ඉතින් සුර දෝතා අප්පිරියාවෙන්ම ගොම ගොඩ අතට අරගෙන ඉවත් කළා.අනේ එදා ඉඳල දවස් තුනක් යනකම්ම මේ මනුස්සය අත් දෙකෙන් අල්ලල කෑමක් නම් ගත්තෙ නෑ.
හතරවෙනි දවසෙ මොකද උනේ!!!!!
පැදුරටත් නොකියා මිනිහ පංසලෙන් මාරු වෙලා ගිහිල්ල.
අය්යෝ පව්, සුර දෝතා!
ReplyDeleteඔයා හොදට කතා ලියනවා.
තවත් ලියන්න මගෙන් සුබ පෑතුම්!
බොහොම ස්තුතියි. :)
ReplyDeleteසහෝ ඔයාගෙ බ්ලොග් එකේ මාතෘකාවෙ තොටගමුව කියන එකට තොරගමුව කියල ගහ. ඒක නිවැරදි කලොත් හොඳයි
ReplyDeleteනියම ලිපිය. දිගටම මේ වගේ ලිපි දාන්න. ඔබට ජය
සුරදෝතා ඊටපස්සෙ අතින් කෑම කන්න නැතිව ඇති නේද?
ReplyDelete@ශාමින්ද: හරි, ස්තුතියි. මම වෙනස් කළා.
ReplyDelete@ගයාන්: දවස් 3ක් යනකම් කෑවෙ නෑ කියලයි කියන්නෙ, ඒ කාලෙ කොහොමද දන්නෙ නෑ කෑවෙ. පැනල ගියාට පස්සෙ කොහොම කෑවද දන්නෙත් නෑ. :)
දෙදෙනාටම ස්තුතියි අදහ්ස් වලට.
අනේ අම්මපා හාමුදුරු නමක් කරන වැඩක්ද කරලා තියෙන්නේ? එල කතාව මචෝ.
ReplyDeleteහික් හික් සුර දෝතා!
ReplyDeleteමරු කතා ටික මචං..තව ලියපන්..
ReplyDelete