Showing posts with label book fair. Show all posts
Showing posts with label book fair. Show all posts

Thursday, October 4, 2018

මෙවර පොත් සල්පිල, මගේ අත්දැකීම් හා අදහස්

වෙනදා මෙන්ම මේ වසරේදීත් අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනා. පසුගිය වසරවල දී වගේම මේ වසරේදීත්  මම පොත් ප්‍රදර්ශනය බැලීමට සහ පොත් මිලදී ගැනීමට ගියා. 

පෝය දිනයේ දවල් 12ට ගත්තු ඡායාරූප දෙකක්

මේ ලිපිය ලියන්න ආරම්භ කළේ ප්‍රදර්ශනේ පටන් ගත්තු දවසට පස්සෙ දවසෙ උනත් මට මේක ඉවර කරල දාන්න වෙලාවක් ලැබුණේ නෑ. :( 

ගිය වසරේදී රාත්‍රි කාලයේ ගොස් ලබාගත් අත්දැකීම නිසා මේ වසරේදීත් පොත් ප්‍රදර්ශනේට ගියේ රාත්‍රී කාලයේ. පොත් ප්‍රදර්ශනය ආරම්භ කළ දිනයේ ම හවස 6 සිට 9 දක්වා මම පොත් ප්‍රදර්ශනය බැලීම සහ පොත් මිලට ගැනීම සිදු කළා
අන්තර්ජාලයේ ෆේස්බුක් හරහා පොත් සල්පිල සම්බන්ධ විවිධ ආකාරයේ tips share කිරීම නිසා මෙවර පොත් සල්පිල බැලීමට සහ පොත් මිලදී ගන්නා අයට ඒක ඉතා විශාල පහසුවක් වුණා. මමත් ඒ දේවල් වලින් යම් යම් අදහස් අරගත්ත. ඔය මුහුණුපොතේ කණ්ඩායම් අතරින් ඉදිරියෙන් හිටියෙ  "පොත් කියවන අය | Srilankan Book Readers" ගෲප් එක. 

මමත් පොත් ප්‍රදර්ශනේට පළමු දිනම සහභාගී වූ නිසා ලබාගත් අත්දැකීම් අනිත් අයට විවිධ ආකාරයෙන් ප්‍රයෝජනවත් විය හැකි දේවල් පිළිබඳව ෆේස්බුක් මත මගේ අදහස් පළ කළා. ඉන් ප්‍රයෝජන ලබා ගත් බොහෝ දෙනෙක් මට ස්තුති කරලා තිබුණා. 
හැමෝම මේ පාර කියල තිබ්බෙ මුලින්ම බාගේන් හෝල් එකෙන් පටන් ගන්න කියල. ගිය වසරේ මගේ අත්දැකීම් මත මමත් මුලින්ම ගියේ ඉතින් බාගේන් හෝල් එකට තමයි. 
බාගෙන් හෝල් එකේ තිබ්බ ස්ටෝල්ස් වක පොත් රාක්ක රාත්‍රී කාලයේ වනවිට ඉතාම අපිළිවෙල තත්ත්වයට පත් වී තිබුණත් යම් ආකාරයක හොඳ පොත් ලබා ගැනීමට හැකියාව තිබුණා. 
බාගේන් එකට යනවා නම් උදේ පාන්දරින්ම යා යුතුයි. මක්නිසාදයත් උදේ පාන්දර පොත් පිළිවෙළට තිබීම හා නව පොත් උදයෙන්ම එකතු කිරීමයි. මම දෙවන දිනයකුත් ගියානෙ. ඒ ගියේ පෝය දවසෙ. එදත් බාගෙන් එකටම තමා මුලින්ම ගියේ. හැබැයි සෙනඟ නම් පිරිල.
මුල් දිනයේ මම හා මගේ බිරිඳ පොත් මිලට ගත්තෙ, වැඩිපුරම ඉලක්ක කළේ අපේ අවු:3 පොඩි පුතුට ඉදිරියට ගැළපෙන පොත් ගන්න එක. දෙවනුව මගෙ ලඟ අඩු පාඩු තිබෙන පරිවර්තන කිහිපයක් හා තෙවනුව මනෝ විද්‍යා, ධනාත්මක චින්තන පොත් ටිකක් මිලට ගන්න. ඔයත් එක්කම මට අලුත්ම ආසාවක් ඇවිල්ල තිබ්බ ජන කතා පොත් එකතුවක් හදාගන්න. ඉතින් ඒකට ගැළපෙනපොත් ලිස්ට් එකක්ම මම ලියාගෙන තිබ්බෙ, ඒවත් ගන්න අදහස් කරගෙන හිටිය. 

ඉතින් දැන් මේ ඉවර වෙච්චි ප්‍රදර්ශනේ ගැන කියල වැඩක නෑනෙ. ඊලඟ අවුරුද්දෙ එකටත් ගන්න පුළුවන් අදහස් කිහිපයක් විතරක් කියන්නම්.
  1. ආරම්භ කරන්න බාගේන් එකෙන්. ඒකෙන් ඇති තරම් පොත් ගන්න. ඒකෙ 40% ඩිස්කවුන්ට් එකකට තියෙන පොත් අනිත් තැන් වල 20%ට තියේවි. ඉතින් ඒක බාගේන් එකෙන් අරගන්නෙ නැතිව අතාරින එක අපරාදෙ.
  2. ලිපි ද්‍රව්‍ය සම්බන්ධ කුටි ගොඩක් තිබුණත් අනිත් කොටස් වල, ඒවත් යම් ප්‍රමාණයක් බාගේන් එකෙන්ම ගන්න පුළුවන් වෙයි. ඒකත් සළකල බලන්න.
  3. පොඩි අයගෙ පොත් උනත් සාමාන්‍යයෙන් වැඩියෙන්ම තියෙන්න පුළුවන් තැන තමයි බාගේන් එක. (මේ අවුරුද්දේ නම් උඩින්ම)
  4. වාහනේක යනව නම් පාක් කරගන්න ටිකක් කට්ටක් කන්න වෙනව අනිවා. මොකද BMICH තුළ හා අවට පාකිං ස්පේසස් ගොඩක් නෑ. ගිය වසරෙ නම් ඇතුළෙම පාක් කරගන්න පුළුවන් උනාට මේ පාර නම් ඇතුළට යන්න හිතන්නවත් බැරි උනා. මුල්ම දිනයේ හවස 5ට යනකොටත් පාකිං ෆුල්. හෙවෙනිය ගිය දිනයේ උදේ 8.45ට යනකොටත් පාකිං ෆුල්. පොඩි කට්ටක් කාල එලියෙ හදල තිබ්බ පාක් එකේ දාගත්තෙ. 
  5. මැගී කාල බඩගින්න නිවා ගන්න හිතනව නම් ඒක අමතක කරන්න. යන්න මවුන්ට් ලැවීනියා එකෙන් දාල තියෙන ගමේ කඩේට. කඩල, මය්යොක්ක, බතල, රොටී, නූඩ්ල්ස්, කාල බඩ පුරවගන්න සමානම මිලට. සරුවත් එකක්, දොඩම් වීදුරුවක් බොන්න පිපාසයට. (මුදල් ගෙවා පළ කල ඇඩ් එකක් නොවේ)
  6. යන්න ඉස්සෙල්ල මැප් එක හොයනව නම් Colombo International Book Fair Facebook Page එකේ චෙක් කරන්න මුලින්ම. 
  7. පොත් හා කතුවරු හොයන්න මම භාවිතා කළේ grantha.lk වෙබ් අඩවිය. ඒකෙ All Books ගිහිල්ල පිටුවෙන් පිටුව බල බල පොත් තේරුව. ඒව Google Keep එකේ ප්‍රකාශකගෙ නමත් එක්ක දාගත්ත. එතකොට අදාල ප්‍රකාශක කුටියට ගියාම බලාගෙන බලාගෙන අරගෙන අරගෙන ගියෑකි. 
  8. ක්‍රෙඩිට් කාඩ්, අර ගිය අවුරුද්දෙ දුන්නු MyBookClub කාඩ් එකට කියල නම් කිසිම අමතර වාසි නම් තිබුණෙ නෑ මේ පාර. නමුත් ඒව අරගෙන යන්න එන පාරත්. සමහරවිට තිබ්බොත් එහෙම. 
  9. ෆේස්බූක් පොත් සම්බන්ධ ගෲප් වල සාමාජිකයින්ට අමතර වට්ටම් දෙන වෙළඳ කුටි තිබ්බ. ඒ නිසා එවත් පොඩ්ඩක් මතක තියාගෙන ගිහිල්ල මුදල් ගෙවනකොට අහන්න. මට එකක්වත් කියන්න මතක් උනේ නෑනෙ.
ඔය ටික තමා කියන්න තියෙන්නෙ. 
මේ ලිපිය මීට ඉස්සෙල්ල හාන්න තිබ්බ නම් තව ගොඩක් දේ ලියන්න තිබුණ. :( සමාවෙන්න ඒක බැරි උනාට.


මම හා මගෙ නෝන මිලට ගත්තු පොත් එකතුව මම මුහුණු පොතේ දැම්ම. මේ පහළ තියෙන්නෙත් ඒවමයි. 











කවුරු හෝ මිතුරන් හමුවෙයි කියල හිතුව. හමු උනේ නම් එකම එක මිත්‍රයයි. මාව දැකල ඇවිල්ල කතා කළාට ඔහුට මගේ ස්තුතිය.



එහෙනම් ලබන වසරේ පොත් ප්‍රදර්ශනයේදී හමුවෙමු.


Wednesday, September 27, 2017

මේ පාර බුක් ෆෙයා ගමන

කට්ටිය සෙට් උනෙත් නෑ.
මුලදි පෝස්ට් එකක් දෙන්නත් බැරි උනා ඉස්සර අවුරුදු වල වගේ.
මේක ලියන්නත් පරක්කු උනා.

ගත්තු පොත් වලින් කොටසක්

කොහොම හරි, මම මේ පාර පොත් සල්පිලට ගියේ මගෙ නෝනත් එක්ක ටිකක් රෑ වෙලා. මොකද පොඩ්ඩගෙ වැඩත් එක්ක නිවඩු දවසක දවාලක යන එක ඉම්පොසිබල්. :)

කොහොම හරි මේ පාර ගත්තු මගෙ පොත් ලැයිස්තුව තමයි මේ.

Book Name
Author
Publisher
Price
පුනර්භව ගවේශන
පරි: කුමාර සිරිවර්ධන
දයාවංශ ජයකොඩි
400.00
අරලිය මල් ආරාමය
ජයසේන ජයකොඩි
දයාවංශ ජයකොඩි
350.00
පිච්ච මල
ජයසේන ජයකොඩි
දයාවංශ ජයකොඩි
350.00
සිල් සුවඳ
ජයසේන ජයකොඩි
දයාවංශ ජයකොඩි
400.00
සුදු නෙළුම
ජයසේන ජයකොඩි
දයාවංශ ජයකොඩි
350.00
සැඟවුණු මහද්වීපය
පරි: ප්‍රභාත් මිරිහාගල්ල
ප්‍රතිභා ප්‍රකාශකයෝ
350.00
තැනිතලාවේ පිහිටි කුඩා නිවස
පරි: ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද
විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
360.00
රාමා උයන
පරි: එස්. එම්. බන්දුසීල
S & T Group
750.00
රාමා  - 2
පරි: එස්. එම්. බන්දුසීල
S & T Group
700.00
අඟහරු මිනිසා
පරි: තත්සරණි බුලත්සිංහල
S & T Group
650.00
ඔබේ යටි සිත හඳුනා ගන්න
පරි: විශ්රාවන ගලප්පත්ති
අරටුව ප්රකාශන
400.00
Secret - The Power
Rhonda Byrne
Simon & Schuster, UK
2,050.00
Secret - The Magic
Rhonda Byrne
Simon & Schuster, UK
1,160.00
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අත්හැරීම 3
ඉන්ද්‍රජිත් සුබසිංහ
-
140.00
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අත්හැරීම 5
ඉන්ද්‍රජිත් සුබසිංහ
-
115.00
භාවනාවේ ප්‍රවීනයෙකු වන මඟ
නිලන්ත හෙට්ටිගේ
සුසර ප්‍රකාශකයෝ
200.00
තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ
රියර් අද්මිරාල් සරත් වීරසේකර
ආකර්ෂා ප්‍රකාශකයෝ
400.00
ජේන් අයර්
පරි: එන්. පී. විජේරත්න
ආශිර්වාද ප්‍රකාශකයෝ
700.00
ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා අන්දර
පරි: චාමිකර වීරසිංහ
ෆාස්ට් පබ්ලිෂිං
250.00
මනරන්ජන මිත්‍යා කතා
තිලක් සේනාසිංහ
සරසවි ප්‍රකාශකයෝ
275.00
රාවණා මෙහෙයුම - 2
සුසිත රුවන්
ෆාස්ට් පබ්ලිෂිං
375.00
රාවණ යළි නැගිටියි
මිරැන්ඩෝ ඔබේසේකර
සමන්තී
350.00
ශ්‍රී ලංකාවේ රාවණ අධිරාජ්‍යයාගේ සංස්කෘතික උරුමය
මිරැන්ඩෝ ඔබේසේකර
සමන්තී
350.00
සිරිත් මල්දම
ඇම්. එල්. සිල්වා ගුරු මුහන්දිරම් තුමා
සුසර ප්‍රකාශකයෝ
70.00
නායකයෙක් වන්න
අනු: ලීලානන්ද ගමාච්චි
විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
200.00

ජයසේන ජයකොඩිගෙ පොත් ලිස්ට් එකෙන් කොටසක් දෙන්නම කියවල තිබ්බත් නෝනට ඒ පොත් ටික ඕනෙ කිව්ව නිසා ගත්ත. (ඒත් ගෙදර ඇවිල්ල බැලුවම දැක්කෙ අපි අරගෙන තියෙන්නෙ අතරින් පතර කියල. :( )
මේ සමහර පොත් ගත්තෙ තෑගි දෙන්න. 
මෙතන සඳහන් නොවුන පොඩිම පොඩි ළමයින්ට පොත් කිහිපයක් හා Nursing පොතකුත් තිබෙනවා.
ඉහත සඳහන් කරල තිබෙන්නෙ ඩිස්කවුන්ට් නැති ඔරිජිනල් මිල.
20-30%අතර ඩිස්කවුන්ට් තිබ්බ. 

ලොකු වැරැද්දක් උනා. මුලින්ම යන්න තිබ්බේ බාගේන් හෝල් එකට. ඒකට අන්තිමට ගියේ. වෙලාව මදි උනා. එතනට යනකොට 8.45යි. :( ඊලඟ පාර නම් ඒ වැරැද්ද කරන්නෙ නෑ කියල හිතාගත්ත.

යාළුවො නම් කවුරුවත් සෙට් උනේ නෑ. 
අපේ මිතුරු සෙට් එකටත් මේ පාර සෙට් වෙන්න බැරි උනානෙ. :(

Sunday, September 20, 2015

පොත් ප්‍රදර්ශනය බලන්න යනවාද? උපදෙස් ටිකක්

මුලින්ම කියන්න ඕනෙ, මේ උපදෙස් මම කොපි පේස්ට් කල ඒව ටිකක්. මනෝරම වීරසිංහ අය්ය මුහුණු පොතේ දාල තිබ්බ එකක්. නමුත් ඒක සිය ගුණයක් වටින නිසා ඒකම බෙදාගන්න හිතුවා. 

කෑම පුලුවන් නම් පිටින් අරං යන්න... ඉතාම දියාරැ, මස්කට්ටක් දාපු බත් වේලක් BMICH කැන්ටිමෙන් කන්න පැය භාගයක් පෝලිමේ ඉන්න වෙනවා.. වතුර බෝතලයක් අරං බැක් පැක් එකක දාගෙන යන්න.. ලැප් එක අයින් කරල.. මොකද අත රිදෙනවා නැත්තං..
නූඩ්ල්ස් කන්න එපා! බාගෙට තම්බල දෙන්නෙ හදිසිය නිසා.. වරක් කල් ඉකුත්වූ නූඩ්ල්ස් දාලා අහුවුණා.. ඒවා කාලා විදවන පාඨකයෙක් තමා මම.. කොකාකෝලා වල ප්‍රමිතිය පවා ඔතනදි බාලයි.. ඒ නිසා දෙපාරක් හිතන්න...
පර්ස් එකේ විතරක් නැතුව සල්ලි කිහිප පොළක තියාගන්න.. ඒ වගේම ATM ගැන වැඩිය විශ්වාසය තියාගන්න එපා. සල්ලි අතේ අරං යන්න.. සම්පත් ක්‍රෙඩිට් කාඩ් එක අමතර 5%ක් දුන්නට වැඩක් නෑ.. හේතුව 30% වට්ටම් දෙන තැන් වලින් කාඩ් එකෙන් ගෙවද්දි දෙන්නෙ 25%යි!
පුලුවන් තරම් හවස් වෙලා යන්න... තදබදය, විඩාව, පෝලිම් යන තුනම අඩුයි. රෑට ස්ටෝල්වල සෙනග නැහැ.. නිදහසේ තෝරන්න පුලුවන්...
දවස් දෙකක් යෑම තමා නුවණට හුරුම දේ. පළවෙනි දවසේ සැලසුමේ තියෙන සියලුම කුටි වලට ඔලුව දාන්න.. ප්‍රධාන කුටි වලට ඔලුව දාන්න ඕනි අන්තිමට.. මොකද ඒවට හිරවුණාම එලියට එන්න බෑ..
දෙවෙනි දවසෙ යද්දි යාලුවෙක් එක්කං යන්න.. තනියම යෑම හරිම බෝරිං..
නිරන්තරයෙන් බිල පිරික්සා, ඉතිරි මුදල් නිවැරැදිද බලන්න..මොකද කාටත් වරදිනවා...

නියමිත පරිදි වට්ටම් ලැබුණාද කියල බලන්න..
පොත මිලයට ගන්න කලින් වට්ටම ගැන විමසා සිටින්න.. සල්ලි ගස්වලින් කඩන්නෑනෙ නිකං පුදල එන්න... හැමවිටම පොත මුල් ප්‍රකාශකයගෙන්ම ගන්න බලන්න. එවිට වට්ටම වැඩියි...

උදාහරණයක් විදියට සුරස ප්‍රකාශන ආයතනය සිය කෘති වලට දෙන 30% වට්ටම, එළියෙ තියෙන වෙනත් ප්‍රකාශකයන්ගෙන් ගන්න බෑ.. ඒ අය දෙන්නෙ 20%යි.. මොකද ඒ අයට පොතක් දාන්නෙ 40%ක වට්ටමකට.. ඉතින් පිට පොතක් විකිණීමෙන් කුඩා ප්‍රකාශකයන්ට ලැබෙන්නෙ 20%ක ලාභයක් පමණයි.
පොතක් ගනිද්දි පිටු නිවැරැදිව මුද්‍රණය වෙලාද බලන්න.. මොකද, ප්‍රදර්ශනය ලංවෙලා මුද්‍රණාලවලින් පොත් එන්නෙ උණු උණුවෙ ආප්ප වගේ..හදිසියට ගැදරින්, බයින්ඩින්, කටිං වල දෝෂ ඇතිවෙන එක අතිශයින් ස්වාභාවිකයි.. මොකද සල්ලි දීලා පොත ගන්න ඕබ ඉන්නෙ කහටගස්දිගිලියෙ, මොණරාගල නම්, ආයෙ කොළඹ ඇවිත් ඕක මාරු කරන්න ඔබට දාස් ගාණක් වැය වෙනවා..
හැම විටම බිල්පත ලග තියාගන්න.. මොකද එකම පොත වෙන වෙන තැන්වල තියෙන නිසා පරීක්ෂා කරොත් ප්‍රශ්න ඇතිවෙනවා.. ඊයේ මට තෑගි වශයෙන් ලැබුණු පොත් ගැනත් ඒ ගැටලුවම ඇතිවුණා..

හෙට (සඳුදා) යනව නම් මගෙන් උපදෙසක්. 
හෙට මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ Convocation එක. ඉතින් උදේ ඉඳල හවස් වෙනකම් ඒක නිසා BMICH එක පැත්ත හුඟාක් කාර්යබහුව වෙයි. පාකිං අමාරු වෙයි, ට්‍රැෆික් කිහිප ගුණයකින් වැඩි වෙයි. 
ඒකත් හිතන්න.

වසර කිහිපයකට පෙර නම් මම පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් ලිපි ලිව්ව, දැන් නම් පොත් කියවෙනව ගොඩාක් අඩුයි. :(