Showing posts with label chrome. Show all posts
Showing posts with label chrome. Show all posts

Sunday, December 6, 2009

Google Chrome Bookmarks Sync අත්හදා බැලුවෙමි.

මම මේක ගැන මීට පෙර ලිපියක් දැම්ම, නමුත් මම ඒක ට්‍රයි කරල බැලුවෙ අද. නරක නෑ.
මුලින්ම ක්‍රෝම් අප්ඩේට් කරගන්න ඕනෙ vision 4 වලට. ඊට පස්සෙ Settings > Bookmark Synced.. ක්ලික් කරන්න. නැත්තම් Settings > Options > Bookmark Sync.
මුල්ම වරට නම් මේක ක්ලික් කරන්නෙ, ඔයාගෙ ගූගල් ගිණුමට ලොග් වෙන්න අහනව.



ලොග් උනාට පස්සෙ ක්‍රෝම් මගින් ඔයාගෙ සියළුම Bookmarks, Google Docs වලට සේව් කරනව.



ඔන්න ඔහොමයි පේන්නෙ.
ඒව ඕනෙ නම් වෙන අය එක්ක බෙදා හදා ගන්න උනත් පුළුවන්.
මේ ටික වෙන පරිගණකයකට දා ගන්න ඕනෙ නම් කරන්න තියෙන්නෙ, ඒ පරිගණකයෙත් Chrome 4 දාල, ඉස්සෙල්ල කිව්ව පියවර ටික අනුගමනය කරන එක.
Sync කරපුවයින් කොයිකක හරි update එකක් කළොත්, කරන්න තියෙන්නෙ, හැමතැනම ආපහු Sync කරන එක විතරයි.

Sunday, November 22, 2009

Chrome OS අද හෙටම එනවා

පසුගිය නොවැම්බර් 17 වනදා ගූගල් මගින් Chrome OS සම්බන්ධව විශේෂ සම්මන්ත්‍රනයල් තිබ්බලු, Chrome OS සම්බන්ධ Demos හා එහි අඩංගු විවිධ දේ සම්බන්ධව විස්තර කරන. එය ලබන අවුරුද්ද මුලදී එළි දැක්වීමට බලාපොරොත්තු වෙන බවත් එහිදී සාකච්ඡා වී තිබෙනව.
ඒත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබිල තිබෙනව (මට නෙමෙයි හොඳේ, TechCrunch එකේ කට්ටියට), තව සතියක් පමණ ඇතුළත Google Chrome OS එළි දැක්වෙන වග.
Chrome OS එක open source, සරළ, වේගවත්, වඩා ආරක්ෂිත හා සැහැල්ලු OS එකක් කියලයි කියැවෙන්නෙ, විශේෂයෙන්ම NetBooks ඉලක්ක කරමින්ලු මේක එන්නෙ.


"We're designing the OS to be fast and lightweight, to start up and get you onto the web in a few seconds. The user interface is minimal to stay out of your way, and most of the user experience takes place on the web. And as we did for the Google Chrome browser, we are going back to the basics and completely redesigning the underlying security architecture of the OS so that users don't have to deal with viruses, malware and security updates. It should just work."

Chrome OS එක දුවන්නෙ Linux Kernel එකක් මත, අලුත් windowing system එකක් එක්ක. 
මෘදුකාංග ලියන්නන්ට platform එක වෙන්නෙ අන්තර්ජාලය. සියළුම web applications මේ මත ක්‍රියා කරන අතර, ඔබ කැමතිම ජාල ක්‍රමලේඛ මලින් අළුත් මෘදුකාංග ලියන්න පුළුවන්.

අපිත් බලා ඉමු නේද මේක එනකං?






Friday, November 20, 2009

මැක් වලටත් දැන් ගූගල් ක්‍රෝම්


2008 සැප්තැම්බර් ඉඳල හැමෝම ක්‍රෝම් පාවිච්චි කරද්දි මැක් පරිශීලකයින්ට හිතෙන්න ඇතිනෙ අනේ අපිට කෝ ක්‍රෝම් කියල. ඔන්න ඔයාලටත් ක්‍රෝම් ලැබෙන්නයි යන්නෙ. මැක් වෙනුවෙන් ක්‍රෝම් වල බීටා සංස්කරණයක් ඉදිරි දෙසැම්බර් මාසෙදි නිකුත් aකරන්න යනවලු.



කොහොම හරි මාස තුනක් විතර යයිලු ඒකෙ බීටා කියන කෑල්ල නැති වෙන්න, ඒ කියන්නෙ 2010 පෙබරවාරි වගේ වෙනකොට මැක් කස්ටියට ක්‍රෝම් එනව මුල්ම සංස්කරණය විදිහට.
මේව හරියටම හරි දවස් නෙමෙයි, නමුත් මේ කාලය තුළ මේව සිද්ද වෙන්න පුළුවන්.
මෙන්න මෙතන බලන්නකෝ.

Loading image
Click anywhere to cancel
Image unavailable


Friday, November 6, 2009

ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයේ අලුත්ම බීටා සංස්කරණය bookmark sync පහසුකම සමඟින්



ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයේ අලුත්ම බීටා සංස්කරණය bookmark sync පහසුකම සමඟින් නිකුත් සර තිබෙනවා.
"For those of you who use several computers -- for example, a laptop at work and a desktop at home -- you've asked for a way to keep your Google Chrome bookmarks in sync across multiple computers," explains Google. "Today's new beta release allows you to do just that! You can keep your Google Chrome bookmarks synchronized and up-to-date across the multiple computers you use, without needing to manually recreate your bookmarks every time you use a different computer."
බලන්නකෝ මේක, මේකෙන් පෙන්නනව ඒක පාවිච්චි කරන හැටි.




මෙම පහසුකම ක්‍රියාත්මක කළ පසු, ඔබ පාවිච්චි කරන පරිගණක වලින් එකක හෝ bookmarks වල වෙනසක් කරන විට අනෙකුත් සියළුම පරිගණක වල එම වෙනස තත්පර කිහිපයකින් සිදු වෙනව.
තවත් කතාවක් ගූගල් කියනව, පෙර ස්ථායි සංස්කරණයට වඩා මෙම අළුත් සංස්කරණය 30% වඩා වේගවත්ලු, සහ එය ගූගල් ක්‍රෝම් පළමු සංස්කරණයට වඩා 400%ක වේගය වැඩි වීමක්.

මෙතන තියෙනව ඒක ක්‍රියා කරවන හැටි.
බීටා සංස්කරණය මෙතනින් බාගන්න.