Showing posts with label මුහුණු පොත. Show all posts
Showing posts with label මුහුණු පොත. Show all posts

Sunday, March 21, 2010

Facebook, FarmVille සහ Bing




ඔය උඩ මාතෘකාවෙ තියෙන 3 නොදන්න කෙනෙක් නෑ මම හිතන්නෙ. කවුරු හරි ඉන්නව නම් නොදැන ඉන්න වටින එකම එක farmVille, ඒත් එක අහල නැති වෙන්නත් බෑ.
හරි හරි, දැන් මේ තුන අතරෙ තියෙන සම්බන්ධෙ මොකද්ද??? facebook හා farmville අතරෙ තියෙන සම්බන්දෙ මොකද්ද කියල නම් දන්නවනෙ. ඒත් බිං රිංගුවෙ කොහෙන්ද?
මෙතන තියෙන කතාව ලේසි පාසු කතාවක් නෙමෙයි. පට්ටම Marketing strategy එකක්. ඉගෙන ගන්න වටිනව, බිං ලගෙන්. 


එයාල තේරුම් ගත්ත, Social Networking කියන එකේ තියෙන වෙළඳ වටිනාකම, ඉතින් මොකද කළේ, FarmVille ගේම් එකට free credits දුන්න, එයාලගෙ facebook fan page එකේ ෆෑන් කෙනෙක් වෙනවට. කොහොමද වැඩේ. FarmVille ගහන අය අනිවා ඕක කරනවනෙ. ඔයාලත් කරල ඇති. 
කට්ටිය ට්විටරයට වඩා farmville පාවිච්චි කරනවලු, පාවිච්චි කරන අය ඒ ගේම් එක ඇතුළෙ එක එක ක්‍රියාකාරකම්, එකිනෙකා එක්ක විවිධාකාරයේ සම්බන්ධතා ඇති කරගනන්වනෙ. ඉතින් බිං කට්ටිය තේරුම් ගත්ත, මේක හොඳ තැනක් හොඳ පරීක්ෂනේකට කියල. ඉතින් එයාල අර මම මුලින් කිව්ව දේ කළා. 


මොනවද එයාලට ලැබුනෙ?


72% කට වඩා කට්ටියක්, ඒ ලින්ක් එක උඩ ක්ලික් කරල credits ගත්ත.
59,000ක් දෙනා ඒ පුවත තමුන්ගෙ news feed එකට publish කළා.
එහෙම දාපු secondary feeds වලට 70,000 ක්ලික්ස් ලැබුන. 
පැය 24ක් අතුළත බිං ෆෑන් පිටුවට, නව සාමාජිකයින් 400,000 ක් එකතු උනා. 


කොහොමද වැඩේ?

Friday, February 26, 2010

Photography සිංහලෙන් මුහුණු පොතේ පිටුවක් ඇරඹුවා

.
මම මගෙ "Photography සිංහලෙන්" බ්ලොග් එකට මුහුණු පොතේ පිටුවක් ඇරඹුවා. ඔයාලත් ගිහිල්ල බලන්නකෝ. පොඩ්ඩක් share කරල, සප් එකකුත් දෙන්න අමතක කරන්නෙපා හොඳේ. කැමති අය ඉතින් ෆෑන් කෙනෙකුත් උනාට වරදක් නෑ.




මෙතනින් යන්න.
.

Saturday, October 24, 2009

මයික්‍රොසොෆ්ට් හා ගූගල්, ට්විටරය සමඟ ගිවිසුම් ගසති



මේ දෙගොල්ලො, ට්විටරයේ ස්ටේටස් අප්ඩේට්ස් බිං හා ගූගල් සෙවුම් වලට ඇතුළත් කිරීමට අවසර ඉල්ලා ගිවිසුම් ගහලලු. මුහුණු පොත සමඟත් මෙහෙමම කතා කරල කියලත් ආරංචියි.

Google's Marissa Mayer writes:

...we are very excited to announce that we have reached an agreement with Twitter to include their updates in our search results. We believe that our search results and user experience will greatly benefit from the inclusion of this up-to-the-minute data, and we look forward to having a product that showcases how tweets can make search better in the coming months. That way, the next time you search for something that can be aided by a real-time observation, say, snow conditions at your favorite ski resort, you'll find tweets from other users who are there and sharing the latest and greatest information.


http://googleblog.blogspot.com/2009/10/rt-google-tweets-and-updates-and-search.html





හැබැයි මේකත් එක්ක තවත් අනතුරුදායක තත්වයක් එනව, තමුන්ගෙ යාළුවන්ට විතරක් දැනගන්න දාන ස්ටේටස් එක (සමහරවිට පෞද්ගලික දේවලුත් දානවනෙ.) මුළු ලෝකයාටම මේක නිසා පේන්න සැළැස්වෙනව.
නමුත් කියැවෙන්නෙ එහෙම වෙන්නෙ නෑ කියල. මුහුණු පොත එහෙම, එසේ සෙවුම් යන්ත්‍ර වල ලැයිස්තුගත වන ඒව සීමා කරන්න, තේරීමක් කරන්න, අවශ්‍ය තේරීම් කිරීමට හැකි ලෙස සැකසුම් හදාවිලු.

මොකද වෙන්නෙ කියල ඉතින් පොඩ්ඩක් බලා ඉන්න තමයි තියෙන්නෙ.

Sunday, September 6, 2009

මුහුණු පොතේ වැඩි මිතුරන් ගණනක් ඕනෙද?

නම හොඳ උනාට ටිකක් සල්ලි යන වැඩක් හොඳේ.
දන්නවනෙ ඉතින්, මුහුණු පොත කියන්නෙ ඉතා හොඳ, කාර්යක්ෂම දැන්වීම් ප්‍රචාරණ මාධ්‍යයක්. තමුන්ගෙ මිතුරන් ගණන හෝ, රසික පිටුවකට ඉන්න රසිකයන් ගණන වැඩි නම් තමුන්ට ලැබෙන ප්‍රසිද්ධිය වැඩියි. නමුත් ඉතින් එහෙම මිතුරන් ගණන වැඩි කරගන්න එක නම් ලේසි නෑ.
ඒකට විසඳුමක් ඕස්ට්‍රේලියානු වෙළඳ ප්‍රචාරණ ආයතනයක් (uSocial) ලබා දීල තියෙනවලු. මොකද්ද දන්නවද, සල්ලි වලට මිතුරන්/රසිකයින් ලබා දීම0
එයාලගෙ පැකේජ කිහිපයක් තියෙනව, පටන් ගන්නෙ මිතුරන් 1000න්. වියදම ඇමරිකානු ඩොලර් 177යි. ඉවර වෙන්නෙ මිතුරන් 10,000න්, එකට යන්නෙ ඇමරිකානු ඩොලර් 1167යි.


Targetted Facebook Friends

මුහුණු පොතේ කට්ටිය මෙහෙම කියනවලු."We're just beginning an investigation now, but it's clear to us that potential customers of their service should be cautious," Facebook said in a statement."

ඔය කිව්ව කොම්පැනියෙ කට්ටිය මෙහෙම කිව්වලු අන්තිමට.
"The value of a person that is tricked, coerced or bribed into being a Facebook friend or fan is extremely limited and may actually work against whatever goals the customer is attempting to achieve."

Thursday, August 27, 2009

මුහුණු පොතෙන් දැන් ට්විටරය යාවත්කාලීන කරන්න පුළුවන්


Facebook to Twitter

ඔන්න දැන් මුහුණු පොතේ සිට ට්විටරයට updates යවන්න පුළුවන්. මේක මේ මුහුණු පොතට එන application එකක් නෙමෙයි, කෙලින්ම මුහුණු පොත, ඔබට ඔබේ status updates, events, photo updates, links වගේ හැම දෙයක්ම ඔබේ ට්විටර් stream එකට දාන්න හැකියාව ලබා දෙනව.
ඔබ ක්‍රියාත්මක කරන මුහුණු පොතේ පිටු තියෙනවනම් ඒවයෙ updates උනත් ඊට අදාළ ට්විටර් ගිණුමකට යවන්න පුළුවන්.
ඔබට කරන්න තියෙන්නෙ http://www.facebook.com/twitter/ එකට ගිහින් ඒ විකල්පය සක්‍රිය කරන්න විතරයි, එතැන් සිට මුහුණු පොත ඔබේ ට්විටර් stream එක යාවත්කාලීන කරනව.
ඔබට පුළුවන් ට්විටරයට යවන්න ඕනෙ දේවල් මොනවද කියල තෝරන්න.
ගිහින්ම බලන්න.

Sunday, August 2, 2009

ගූගල් එකේ මුහුණු පොතේ පිටුව



ඔන්න ගූගල් එක හොර රහසේම මුහුණු පොතේ fan page එකක් පටන් අරන්, ගිය සතියෙ සඳුදා පටන් අරන් තියෙන්නෙ, මමත් මේ අද තමයි දැක්කෙ. ලේසි නෑ දැනටමත් fans ල 266,638 ක් ඉන්නව. මාත් එකෙක්.
ගූගල් Adwords වලටයි iGoogle වලටයි පිටු තිබ්බ, ඒත් ගූගල් එකට කියල Official Facebook page එකක් දැන් තමයි පටන් අරන් තියෙන්නෙ. iGoogle පටන් ගත්තෙ නම් දැන් මාසෙකට විතර ඉස්සර, Adwords එක නම් ටික කාලයක් වෙනව.
ගූගල් එක ට්විටරයෙන් කතා බහ කරන එක තමා පහු ගිය කාලෙ කලේ, දැන් මුහුණු පොතටත් ඇවිල්ල. මේකට හේතුව මුහුණු පොත වගේ සමාජ ජාල වෙබ් අඩවි වලට එන සෙනඟ කන්දරාවම තමයි. ඔයාලත් දන්නව ඇතිනෙ තමුන්ගෙ වෙළඳාමක් ජනප්‍රිය කරගන්න තියෙන ලාභදායීම හා පහසුම ක්‍රමයක් තමයි සමාජ ජාල වෙබ් අඩවි කියල.
ගිහින් බලන්න එයාලගෙ පිටුවට.
ඔයාලගෙත් මොකක් හරි දෙයක් ප්‍රසිද්ධ කරගන්න ඕනෙ නම් මේක තමයි ලේසිම ක්‍රමේ, මුහුණු පොත.

Saturday, August 1, 2009

මුහුණු පොතේ Smileys


ඔයාල මුහුණු පොතේ ඉන්නවනම් අනිවාර්යයෙන් ඒකෙ තියෙන Chat App එක භාවිතා කරනව ඇති.
හැම chat app එකකම වගේ ඒකෙත් තියෙනව smileys. ඒව චැට් එකට දාන්න, ඒවට අදාල යතුරු පුවරු සංයෝජන දැනගෙන ඉන්න ඕනෙ. මමත් ඉස්සර දැනගෙන හිටියෙ, :), ;), :(, :D ටික විතරයි, ඒත් සමහරු එක එක අමුතු අමුතු ඒව එවනකොට මටත් හිතුන ඒ ගැන පොඩ්ඩක් හොයල බලන්න.
ඉතින් මට මෙන්න මේ ලිස්ට් එක ලැබුන.
දැන් ඉතින් මේව ගැන නොදැන හිටපු අයටත් පුලුවන් මේව පාවිච්චි කරල චැට් කරන්න.
Facebook Happy Smiley FaceFacebook Frown EmoticonFB sticking tongue out nyah nyahBig grin happy face for facebook chatGasp facebook smileyWinking face book smileynerd geeky facebook smiley glassescool hot sunglasses smiley faceGrumpy Angry facebook smiley codesunsure confused fb emoticoncrying sad facebook smiliesevil devil facebook smileyshark facebook emoticon
:):(:P:D:O;)8)8|>:(:\:'(3:)(^^^)
angel innocent facebook happy facefacebook kiss emoticonfacebook heart lovekiki japanese facebook smileysquint squinting facebook emoticonconfused dazed fb happy faceupset raging smiley for facebookfacebook pacman smileyfacecontent happy smiley facebookcrackbook robot smileyfaceputnam facebook emoticon
O:):-*<3^_^-_-O.o>:o:v:3:|]:putnam:

මේකෙන් ඔයාලටත් උදව්වක් ලැබෙයි කියල හිතනව.


Sunday, July 19, 2009

මුහුණු පොතේ සාමජිකයින් ගණන මිලියන 250 ඉක්මවයි


පසුගිය 17 වනදා මුහුණු පොතේ ලියාපදිංචි වී ඇති සාමාජිකයින් ගණන මිලියන 250 පසු කල බව Facebook CEO, Mark Zuckerberg පවසා ඇත.
මේ වසරේ මුල් භාගයේදී එහි සාමාජිකයින් ගණන මිලියන 100 ක් පමණ වූ අතර පසු ගිය මාසයේදී එම ගණන මිලියන 200 වී ඇත. මාසයක් පමණ කෙටි කාලයකින් එය මිලියන 250 දක්වා ඉහල නැග ඇත.

මුහුණු පොතේ වර්ධනය මේ සිතියමින් බලන්න.



ඒ කෙසේ වෙතත් ලංකාවෙ නම් මුහුණු පොතේ ඉන්න සෙනඟ ටික නම් හරිම පොඩ්ඩයි. මොකද ලංකාවෙ උන්ට කරන්න වෙන වැඩ තියෙනවනෙ, අනික ලංකාවෙ තාම කීයෙන් කී දෙනාටද පරිගණක තියෙන්නෙ, අන්තර්ජාල සබඳතා එක්ක.