Monday, March 29, 2010

අන්තර්ජාලය වෙනස් කළ වෙබ් අඩවි - 2



8. Apple

වෙබ් අඩවි වල සරළත්වය පෙන්නල දුන්න. වෙබ් අඩවි කිව්වම අපි වැඩිපුරම දකින්නෙ තොරතුරු වලින් පිරිච්ච ඒවනෙ. නමුත් ඇපල්ලගෙ වෙබ් අඩවි හරිම සරළයි. ඇපල් සමාගම ගැන කියන්නෙ ඕනෙ නෑ නෙ. ලෝකෙ තියෙන ලොකුම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදන ආයතනයක්.

අපි රසවිඳිනාඅකාරය වෙනස් කළා. Youtube කියන්නෙ ලෝකෙ තියෙන විශාලම video sharing වෙබ් අඩවිය.

ලුහුඩු දැන්වීම් පල කරන හැටි වෙනස් කලා. ඉතාම සරළව හා සිත් ඇදගන්නා විදිහට මෙම අඩවියේ ලුහුඩු දැන්වීම් පළ කරල තියෙනව. රටවල් හා නගර විදිහට තමා එන් කරල තියෙන්නෙ.

ඔන්ලයින් ප්‍රවෘත්ති වල වෙනසක් කලා. මේක ඇවිල්ල ලෝකෙ තියෙන හොඳම පුවත් අඩවියක්. (සයිට් එක නම් එච්චර ලස්සන නෑ. හික්ස්)

අන්තර්ජාලය පහසුවෙන් ලඟාවිය හැකි තැනක් කලා. නොමිලේ හා මුදලට වෙබ් ඉඩ දෙන්න යාහූ සමාගමෙන් හදපු වෙබ් අඩවියක් මේක, නමුත් දැන් නම් ක්‍රියාකාරී තත්වයේ නෑ. ටික කාලෙකට පෙර යාහූ ස්මාගම මෙම සේවය නවතා දැම්ම.

අපි තොරතුරු සොයාගන්නා හා බෙදා හදා ගන්නා ආකාරය වෙනස් කලා. දැනට තියෙන ලොකුම social bookmarking අඩවිය මේකයි කිව්වොත් නිවැරදියි.

මිලියන ගාණක් මිනිස්සුන්ට බ්ලොගිං කියන දේ හුරු කලා. අපි වැඩිපුරම බ්ලොගිං වලට පාවිච්චි කරන්නෙ බ්ලොගර් හා වර්ඩ්ප්‍රෙස් උනාට, මම හිතන්නෙ ලෝක ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් personal blogging වලට පාවිච්චි කරන්නෙ ලයිව් ජර්නල්. 

මෙන්න ඔක්කොටම වඩා ඩයක් එක. මෙයා හැම දෙයක්ම වෙනස් කලා. මෙයා ගැන නම් කියන්න දෙයක් නෑ නෙ. ගූගල් නැතුව දැන් කිසිම දෙයක් කරගන්න බැරි තත්වෙට ඇවිල්ල තියෙනව කිව්වොත් නිවැරද්යි මම හිතන්නෙ. 


Sunday, March 28, 2010

අන්තර්ජාලය වෙනස් කළ වෙබ් අඩවි - 1








අන්තර්ජාලය තුළ වෙබ් අඩවි මිලියන ගානක් තියෙනව, සමහර ඒව එක වගේ සමහර ඒව තමුන්ටම ආවේණිකයි. 
මේවායින් අඩවි තියෙනව, අන්තර්ජාලයට ලොකු බලපෑම් කරපු, මේ එහෙම අඩවි කිහිපයක්. මේවායින් සමහර ඒව නම් ශ්‍රී ලාංකික අපිට එතරම් හුරු නෑ, නමුත් මුළු ලෝකය සලකලයි මේ අඩවි ටික තෝරාගෙන තියෙන්නෙ.

1. Wikipedia

අපි තොරතුරු හොයන ක්‍රමේ වෙනස් කළා.







2. Amazon.Com

අපි මිලට ගන්නා හැටි වෙනස් කලා.

3. Hotmail

අපි ඊ මේල් පාවිච්චි කරන හැටි වෙනස් කළා.



අපි මිතුරන් හා සම්බන්ධ් වන හැටි වෙනස් කළා.

අපි කියනව හැටි වෙනස් කලා.

අපි පණිවිඩ හුවමාරු කරගනා ආකාරය වෙනස් කලා.

අපි සිංදු හොයන හැටි වෙනස් කලා.

ඉතිරි අඩවි ටික ඊලඟ ලිපියට.

Saturday, March 27, 2010

Google, MicroSoft හා Twitter


මේක තවත් පුංචී ගේමක්, ගේමක් කිව්වට දෙපිලක් අතර තියෙන තරඟයක්.
ඔයාල දන්නවනෙ, ගොඩක් අය micro blogging වලට පාවිච්චි කරන්නෙ ට්විටරය කියල. 
ඊළඟට තව දෙයක්, ගූගල් හා මයික්‍රොසොෆ්ට් දෙගොල්ලොත් ලොකු තරඟයක ඉන්නෙ කියලත් දන්නවනෙ? (competition in the enterprise application space) දැන් එයාල අලුත්ම තරඟයක් පටන් අරගෙන, Internal Micro Blogging. හිතන්නකො ට්විටරය, මොකක් හරි organisation එකක් ඇතුළෙ විතරක් පාවිච්චි වෙන වගේ දෙයක් කියල. 

ගූගල් Buzz කියන්නෙ හරියටම ට්විටර් ක්ලෝන් එකක් නෙමෙයි, නමුත් ගොඩක් සමානකම් තියෙනවනෙ. එයාල බස් ප්‍රසිද්ධ කරනවත් එක්කම කිව්ව, මේක ඉදිරියෙදි සංස්ථාපිත පරිසරයකට (corporate environment) ගැලපෙන විදිහට එනව කියල, ඒ කියන්නෙ මොකක් හරි organisation එකක් ඇතුළෙ විතරක් ක්‍රියා කරන්න පුළුවන් වෙන විදිහට. Google Apps හරහා සමාගම්, පාසල් වගේ තැන් වලට Google Buzz ක්‍රියාත්මක කරවන විදිහට එයාල වැඩ කරනව.

ඒ අතරෙ MicroSoftලත් ඔහොම එකක් හදමින් ඉන්නව, ඒකට එයාල දීල තියෙන නම Office Talk. මේක ඇවිල්ල කෙලින්ම ට්විටර් ක්ලෝන් එකක්ම තමා. (අකුරු 140යි ලියන්නත් පුළුවන්) නමුත් Google Buzz වලින් කරන්න පුළුවන් වැදගත්ම දේවල් ටිකත් කරන්න පුළුවන්. 

Office Talk - a Microsoft labs experiment

MicroSoftල මේක ගැන කියන්නෙ මෙහෙමයි.
"Ever wish you could share information broadly within your organization without emailing everyone? Ever wish you could keep the pulse of what people in your organization think is interesting? Microblogging has that potential. OfficeTalk is a concept test to explore the value of microblogging in the enterprise. OfficeTalk is deployed internally at Microsoft and has seen over 10,000 visitors and hundreds of messages posted daily. We're now making OfficeTalk available to a few customers in a small pilot test. Because this is an early-stage concept, the OfficeTalk microblogging experience itself looks very similar to other well-known services. The key difference is that the enterprise owns the data since the OfficeTalk server is hosted in the customer’s organization."

හොඳයි කියමුකො, හැබැයි Microsoftල ඔක්කොම දේවල් කොපි ක්‍රල නෙව. 

Sunday, March 21, 2010

Facebook, FarmVille සහ Bing




ඔය උඩ මාතෘකාවෙ තියෙන 3 නොදන්න කෙනෙක් නෑ මම හිතන්නෙ. කවුරු හරි ඉන්නව නම් නොදැන ඉන්න වටින එකම එක farmVille, ඒත් එක අහල නැති වෙන්නත් බෑ.
හරි හරි, දැන් මේ තුන අතරෙ තියෙන සම්බන්ධෙ මොකද්ද??? facebook හා farmville අතරෙ තියෙන සම්බන්දෙ මොකද්ද කියල නම් දන්නවනෙ. ඒත් බිං රිංගුවෙ කොහෙන්ද?
මෙතන තියෙන කතාව ලේසි පාසු කතාවක් නෙමෙයි. පට්ටම Marketing strategy එකක්. ඉගෙන ගන්න වටිනව, බිං ලගෙන්. 


එයාල තේරුම් ගත්ත, Social Networking කියන එකේ තියෙන වෙළඳ වටිනාකම, ඉතින් මොකද කළේ, FarmVille ගේම් එකට free credits දුන්න, එයාලගෙ facebook fan page එකේ ෆෑන් කෙනෙක් වෙනවට. කොහොමද වැඩේ. FarmVille ගහන අය අනිවා ඕක කරනවනෙ. ඔයාලත් කරල ඇති. 
කට්ටිය ට්විටරයට වඩා farmville පාවිච්චි කරනවලු, පාවිච්චි කරන අය ඒ ගේම් එක ඇතුළෙ එක එක ක්‍රියාකාරකම්, එකිනෙකා එක්ක විවිධාකාරයේ සම්බන්ධතා ඇති කරගනන්වනෙ. ඉතින් බිං කට්ටිය තේරුම් ගත්ත, මේක හොඳ තැනක් හොඳ පරීක්ෂනේකට කියල. ඉතින් එයාල අර මම මුලින් කිව්ව දේ කළා. 


මොනවද එයාලට ලැබුනෙ?


72% කට වඩා කට්ටියක්, ඒ ලින්ක් එක උඩ ක්ලික් කරල credits ගත්ත.
59,000ක් දෙනා ඒ පුවත තමුන්ගෙ news feed එකට publish කළා.
එහෙම දාපු secondary feeds වලට 70,000 ක්ලික්ස් ලැබුන. 
පැය 24ක් අතුළත බිං ෆෑන් පිටුවට, නව සාමාජිකයින් 400,000 ක් එකතු උනා. 


කොහොමද වැඩේ?

Saturday, March 20, 2010

කාලෙකට පස්සේ



මේ පැත්තෙ මම දැන් ටිකක් එනව අඩුයි, මොකද දැන් මගෙ "Photography සිංහලෙන්" අඩවියේ වැඩම තමා. පෙරෙයිද ඒකට තව බ්ලොග් අඩවියක් හැදුව ඒකට අදාල පුවත් හා නිවේදන පළ කරන්න. මේකට ගිහිල්ල ඔයාලට රූසර අඩවියට අදාල නිවේදන බලා ගන්න පුළුවන්.
කිහිප දෙනෙක්ම මට කිව්ව PhotoBlog Sindicator එකක් හදන්න කියල, මම ඒ ගැන වැඩි දෙයක් දන්නෙ නෑ. කාලිංග සහෝදරයට  මේල් එකක් යැව්ව ගිය සතියෙ, තාම ආරංචියක් නෑ. ලාංකීය සිතිවිලි කට්ටියට ඊයෙ එකක් යැව්ව. දැන් මේ ඒකට අදාල කෙනෙක් එක්ක චැට් කර කර හිටියෙ. නමුත් ඉතින් ඒකට ඕනෙ කරන වෙබ් අවකාශ එහෙම මට නෑ, :( ඒකටත් මොකක් හරි කරන්න වෙනව. බලමුකෝ. 
තව තව පොඩි පොඩි අදහස් තියෙනව, රූසර වෙනුවෙන්. ඒව එක එක දාන්නම්, ඒ බ්ලොග් එක සින්ඩියට එක් කළ වහාම. නැත්තම් ඔයාලට roosara.info ගියාමත් ඒව බලාගන්න පුළුවන්. 
තව ඔයාලගෙ තියෙන අදහස් දෙන්න. මට මේ අඩවිය ලංකාවෙ තියෙන ජනප්‍රියම වෙබ් අඩවියක් කරන්න ඕනෙ. :) 

Sunday, March 14, 2010

ඔයාලගෙ වෙබ් අඩවියට ChatBot එකක්



ඔයාල සමහරු ඔයාලගෙ වෙබ් අඩවි වලට tool bar එකක් දාල, චැට් කරන්නත් පහසුකම් හදල දීල තියෙනව මම දැකල තියෙනව. මමත් එක පාරක් එහෙම එකක් ගැන කිව්ව. මේ කියන්න හදන්නෙත් එහෙම එකක් ගැනමයි, නමුත් මේක චැට් සඳහා විතරයි. 
මේක පාවිච්චි කරන්න පුළුවන්, ඔයාලගෙ වෙබ් අඩවියට එන අය සමඟ අදහස් හුවමාරු කරගන්න. Agentsල කිහිප දෙනෙක් දාල, එයාල ඔන්ලයින් ඉන්නව නම්, එයාල එක්ක ඔයාගෙ අඩවියට එන අයට චැට් කරන්න, ප්‍රශ්න අහන්න, වගේ දේවල් කරන්න පුළුවන්. කවුරුත් ඔන්ලයින් නැත්තම් offline message එකක් යවන්නත් පුළුවන්.
මේක මට ලැබුනෙ මගෙ "Photography සිංහලෙන්" වෙබ් අඩවියට wordpress plugins හොයනකොට. ඒකට ම්ම ඒක දැම්ම, ගිහිල්ල බලන්නකෝ.
සල්ලි වියදම් කරන්න පුළුවන් නම් වැඩි පහසුකම් තියෙනව. ඒකෙ ගොඩාක් පහසුකම් තියෙනව, එන අය එන්නෙ කොහෙන්ද කියලත් කියනව, Analytics ත් පෙන්නනව. තව පහසුකම් ගොඩයි.
ගිහිල්ලම බලන්නකෝ, මෙන්න ලින්ක් එක.


මේ තියෙන්නෙ චැට් පැනල් එක. ඔය මම, ජපානයෙන් මගෙ වෙබ් අඩවියට ආපු එක්කෙනෙක් එක්ක චැට් කරන ගමන්.





Saturday, March 13, 2010

Phography සිංහලෙන් බ්ලොග් අඩවිය නව ස්ථානයට ගෙන යන ලදී.

"Phography සිංහලෙන්" බ්ලොග් අඩවිය එහි අළුත් නවාතැන වන www.roosara.info වෙත ගෙන යන ලදී. මෙම අඩවිය ඉවත් කිරීමක් සිදු නොවන අතර යාවත්කාලීන වීමද සිදුවනු ඇත.

මා සමඟ මෙතෙක් සිටි ඔබ සැමට ස්තුතිවන්ත වන අතර, ඉදිරියටත් ඔබේ සහය බලාපොරොත්තු වෙමි.

මොනව ලියන්නද මොනව කරන්නද...

අනේ ලියන්න දෙයක් හිතට එන්නෙ නෑ නෙ. වෙබ් සයිට්ස් ටිකක් ගැන නම් ලිව්වැකි, ඒත් ඒක අළුත් දෙයක් නෙමෙයිනෙ. තව මෛත්‍රී හාමුදුරුවන්ගෙ කතාවක්? එක දිගටම එහෙම ලියන එකත් හරි නෑ නෙ.
ලියන්න දේවල් හිතෙන්නෙත් නෑ.
ඒ අස්සෙ තාම මගෙ අලූත් තැන Photography සිංහලෙන් එක හරියකට සෙට් කරගන්න බැයි උනා. පොඩි පොඩි අවුල් කිහිපයක් තියෙනව. ගෲප් එකට පෝස්ට් එකක් දැම්ම, බලමු උදව්වක් ලැබෙයිද කියල. ඒකෙ තීම් එකත් එච්චර හරි නෑ කියල කිහිප දෙනෙක් කිව්ව, තීම්ස් 150 විතර බලල තමා ඕක තෝර ගත්තෙ. වෙන එකක් දාන්න වෙයි වගේ, නැත්තම් මමම එකක් හදනව.
එක ප්‍රශ්නයක් ටිකක් විසඳගත්ත. (මේ ලිපිය පබ්ලිශ් කරල ඉවර උනාට පස්සෙ තමා මේ වැඩ ටික කලේ, ඉතින් ලිපිය පොඩ්ඩක් වෙනස් කළා.) Zoundry Raven වලින් ලිපි ලියන්න හදන්නෙ. පරණ බ්ලොග් එකේ ලිපි ඉම්පෝට් කරගන්න බැරි උනු නිසා මේ මෘදුකාංගයෙන්ම තෝරාගත් ලිපි ටිකක් මේකටත් පබ්ලිශ් කළා. දැන් බ්ලොග් කියවනයට දාන්න ඕනෙ. ලිපි ටිකක් දෙන්නම් කියල කිහිප දෙනෙක් කිව්ව, ඒවත් එනකම් බලා ඉන්න ඕනෙ, ඒ අතරෙ මම ලිපි ලියන්නම්. :)

Tuesday, March 9, 2010

මම දන්න තාපදායකම ප්‍රතික්‍රියාව

බ්ලොග් එකක තිබ්බ, පොටෑසියම් ප'මැංගනේට් සහ මැන්ගනීස් ඩයොක්සයිඩ් ගැන කියල ලිපියක්. මමත් ගිහින් බැලුව, කෝ මේ වෙන කතාවක්නෙ එතන තිබ්බෙ.
ඉතින් ඕකත් එක්ක මටත් දෙයක් මතක් උනා, ඒ ලෙවල් කරන කාලෙ ඉගෙන ගත්තු දෙයක් ගැන.
මේක තමා මම ඉගෙන ගත්තු තාපදායකම ප්‍රතික්‍රියාව. (විද්‍යා විෂයන් නොකරපු අයට; තාපදායක ප්‍රතික්‍රියා වනාහී, රසායන ප්‍රතික්‍රියාව සිදුවන විට ශක්තිය පිට කරමින් තාපයක් නිකුත් කරන ප්‍රතික්‍රියාවන්ය.)

පොටෑසියම් ප'මැංගනේට් + ග්ලිසරීන්

ට්‍රයි කරල බලන්න. මේ දෙකම සුළු මුදලකට ෆාමසියකින් ගන්න පුළුවන්. හැබැයි පරිස්සමෙන්. ටිකක් අනතුරු දායක ප්‍රතික්‍රියාවක්.
මගෙත් එක්ක අබේධීර සර්ගෙ පංති ආපු අයට මතක ඇති සමහරවිට, මම මේක අත්හදා බැලුවෙ පංතිය ඇතුළෙ. :D :D :D (කාටවත් හානියක් උනේ නෑ,)
කරන්න ඉස්සෙල්ල මේක බලල ඉන්නකො. මේක ලියන අතරෙම අදිස්සියෙ මතක් වෙලා පොඩ්ඩක් යූ ටියුබ් එක පැත්තෙ ගිහිල්ල බැලුව.



(මම කරපු එකේ නම් මෙච්චර ගින්දර ආවෙ නෑ. :( මම ලෝබකමට පොඩ්ඩයිනෙ දැම්මෙ. :D )


Sunday, March 7, 2010

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] සෘද්ධි තෛලය - දෙවන කොටස



මතකයිනෙ එදා අවසන් වෙච්ච තැන? කියෙව්වෙ නැත්තම් මෙතනින් කියවන්න.
කොහෙවත් නැති බෙහෙත් වට්ටෝරුවක් ගේන්න කියල ලොකු හාමුදුරුවො පොඩි හාමුදුරුවන්ව යවනව.
අද එතැන් සිට....

අර කතාව අහපු යකැදුරා පුදුමෙන් පුදුමෙට පත් වෙනව. මෙතරම් වටිනා බලගතු වට්ටෝරුවක් මෙතරම් අනාරක්ෂිතව තිබීම, ඒ විතරක් නම් මදැයි, නන්නාඳුනන තමුන්ට ඒක දෙන්න ලෑස්ති වීම. මෙහෙම කල්පනා කරපු යකැදුරාට, හිතේ තිබ්බ තරහ නැති වෙලා හාමුදුරුවො ගැන කරුණාවක් ඇති වෙනව. 
රාහුල හාමුදුරුවොත් පොත හොයනව වගේ සද්ද නැතුව හිටිය, ගුරු හාමුදුරුවොත් රාහුල හිමියන්ට බැන බැන් ඉක්මන් කරල හොයන්න කියනව.
ලොකු හාමුදුරුවො මෙහෙම කියනව.
"මගෙ මතකයත් දැන් හරියකට නෑ උපාසක, මගෙ මතකෙ හැටියට ඔය පොත කලු මැදලත් නෑ"
ඔහොම කියන අතරෙ හාමුදුරුවො, තෙල සිඳීමට ගනී කියල සැක කරන්න පුළුවන් එක එක බෙහෙත් පැළෑටි ජාති කියනව. මෙහෙම හාමුදුරුවො කණා ගහන අතරෙ, ඔන්න යකැදුරාට තරු විසිවෙන්න තෙල හදන්න ගන්න බෙහෙත් ජාති දෙක තුනකුත් හාමුදුරුවන්ගෙ කටින් පිට වෙනව. 
ඕව අහෙනකොට යකැදුරා හිතනව, "මේ වටෝරුව නම් මෙහෙ අනිවාර්යයෙන්ම තියෙනව තමා, හාමුදුරුවො මේ එකට ගන්න පැළෑටි වල නම් මතක් කරනව තමා" කියල.

එහෙම හිතපු යකැදුරා මෙහෙම කියනව.
"අවසර හාමුදුරුවනේ, මම දන්නව ඔය වට්ටෝරුව, පොත් ඇදල මහන්සි වෙන්න උවමනා නෑ" 
මෙහෙම කියපු යකැදුරා, ඒකට ඕනෙ කරන බෙහෙත් පැළෑටි, තෙල හිඳින හැටි, බල ගන්වන හා බල බිඳින හැටි, ඔක්කොම හාමුදුරුවන්ට කියල දෙනව. තෙලේ බලේ බිඳින්න නම් තෙල් චුට්ටක් අරගෙන ඒක බැල්ලකගේ පස්ස පැත්තෙ ගාන ඕනෙ.
ඔක්කොම විස්තර අටුවා ටීකා ඇතුව කිව්ව යකැදුරා අවසර අරගෙන යන්න ලෑස්ති උනා. 
ඔන්න එතකොටම රාහුල හාමුදුරුවො පොත් ගුලෙන් එලියට එනව, "මේ තියෙනව හාමුදුරුවනේ පුස්කොල පොත" කියාගෙන. 
කොහොම කියලද හිතන්නෙ තිබ්බෙ නැති පොතක් එලියට ආවෙ???
යකැදුරා බෙහෙත ගැන කියන අතරතුරේ, රාහුල හාමුදුරුවො, පොත් ගුලට වෙලා යකැදුරා කියන ඔක්කොම දේවල් පුස්කොල පොතක සටහන් කලා. (මතකයිනෙ ලොකු හාමුදුරුවො කිව්ව, පොත කලු මැදලවත් නෑ කියල, ඒක තමා හින්ට් එක, ඒකට අමතරව පොඩි හාමුදුරුවොත් මොළ කාරයනෙ)

ඉතින් ඔන්න ඔය පොත ගුරු හාමුදුරුවො යකැදුරා අතට දෙනව. යකැදුරත් මේක තමා මගෙ ලඟත් තියෙන වට්ටෝරුව කියල හිතල, හාමුදුරුවන්ගෙන් සමු අරගෙන ටික දුරක් පයින් ගිහිල්ල සෘද්ධි තෛලය නළලෙ ගාගෙන ආපහු තම රටට යන්න පිටත් වෙනව.
හාමුදුරුවො මොකද කරන්නෙ, යකැදුරා කිව්ව විදිහට තෙල හිඳල, ඒකෙ බල බිඳින්න කියල හිතල තෙල් සුඟක් අරගෙන බැල්ලකගෙ පස්ස පැත්තෙ තවරනව.
මුහුද ඉහළින් ගමන් කරමින් හිටපු යකැදුරා, තෙල් බැල්ලගෙ ඇඟේ ගෑවුන සැනෙන් වතුරට වැටෙනව. තමුන්ගෙ තෙලේ බලේ බිඳිච්ච බව තේරුනු යකැදුරා පීනල එගොඩ වෙනව.
පොත අතට ගත්තු ගුරු හාමුදුරුවො, මේවා සංඝයාට අකැප ශාස්ත්‍රයක් කියල පොත පුච්චල දානව. එදා ඉඳල යකැදුරාත් තමුන්ගෙ අහංකාරකම අත ඇරල සරළව ජීවත් වෙන්න ගත්ත.

ඉවරයි...

Saturday, March 6, 2010

Photography සිංහලෙන් අඩවියට අදහස් අවශ්‍යයි



ඔයාල දන්නව ඇතිනෙ මගෙ "Photography සිංහලෙන්" බ්ලොග් අඩවියට LKServers මගින් දීපු Promotion එක ලැබුන කියල. ඒකට එයාලට  ආපහු ස්තුති කරන්න ඕනෙ.
ඔයාලගෙන් ඒක සම්බන්ධයෙන් අදහස් ටිකක් ගන්න හිතුව.
පොඩ්ඩක් මෙතනට ගිහිල්ල ඔයාලගෙ අදහස් පළ කරනවද? 
ඔයාලට හොඳ සේවයක් දෙන්න, ඔයාලගෙ අදහස් ඉතාම වැදගත් මේකට. 


http://photography-sinhalen.blogspot.com/2010/03/photography.html

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] සෘද්ධි තෛලය



අහසින් යන්න කැමති කට්ටිය ඉන්නවද? මම හිතන්නෙ හැමෝම කැමති ඇති අහසින් යන්න. ප්‍රවාහන වියදම් වලටත් හොඳ විසඳුමක්නෙ. නේද? ඔන්න ඉතින් මේක මේ තෙල හදන එක ගැන කියල දෙන එකක් නම් නෙමෙයි, මේක තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ තවත් ජනප්‍රවාදයක්. මතකයිනෙ මම මීට ඉස්සෙල්ලත් තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගෙ කතා කිව්ව. (ගුරු හිමියන්ට බළල් වසුරු කැවීමජම්මෙද, පුරුද්දද?)
හරි හරි, දැන් එහෙනම් කතාව පටන් ගමුකො.

විදාගම මෛත්‍රී නායක හාමුදුරුවන්ගේ හා ශ්‍රී රාහුල හිමියන්ගේ බුද්ධි මහිමය නිසා උන්වහන්සේලා දෙනම ඉතාම ප්‍රසිද්ධියට පත් වෙලා හිටපු හිමි දෙනමක්. මේ හේතුව නිසාම තොටගමුවේ විජයබා පිරිවෙණට රට රටවලින් සිසුන් ආව ඉගෙන ගන්න.
මේ කාලෙ දකුණු ඉන්දියාවෙන් ආපු ශිෂ්‍යයෙක්, මෙහෙන් ඉගෙනගෙන තමුන්ගෙ රටට ගිහිල්ල, මේ හිමිවරුන්ගෙ දැනුම ගැන තම රටවැස්සන් ඉදිරියේ කියමින් උදම් අනනව. ඒ අතරෙදි මොහු කියනව, මේ හාමුදුරුවො ලඟ තියෙනව කියල මහා බලසම්පන්න තෙලක්, ඒක නළලෙ ගාගත්තු ගමන් අහසින් යන්න පුළුවන් වෙන.
මේ කතාව රට පුරාම ලැව් ගින්නක් වගේ පැතිරිලා යනකොට මේක අහන්න ලැබෙනව මලයාලි යකැදුරෙකුට. ඔහු ලඟ තියෙනව මේ කියන්නා වගේ තෙලක්. මේ බෙහෙත් වට්ටෝරුව නිසා මේ මනුස්සය හරිම උඩඟු ලෙස ජීවත් වෙච්ච කෙනෙක්. අර කතාව ඇහුව විතරයි මෙයා හිතුව මේ බලගතු තෛලය තමුන් ඇරුනම තවත් කෙනෙක් ලඟ තියෙන එක තමුන්ට නින්දාවක් කියල. එහෙම හිතල මෙයා මොකද කළේ, මේ තෙලත් අරගෙන හාමුදුරුවන්වත් මරල ආපහු එන්න හිතාගෙන අහසින්ම තොටගමු විහාරයට යන්න පිටත් උනා.

ඔන්න ඉතින් පංසලට ආපු යකැදුරා ආවාස ගෙට ගිහිල්ල එකත්පස්ව හිටිය.
මීට ඉස්සෙල්ල දැකල නැති මේ පුද්ගලයා දුටු වහාම ලොකු හාමුදුරුවන්ට තේරුනා මෙයා මෙරට කෙනෙක් නෙමෙයි කියල, ධූත ලක්ෂණ අනුව තේරුනා මෙයා ඇවිල්ල තියෙන්නෙ හොඳකටනම් නෙමෙයි කියල. ඒ නිසා හාමුදුරුවො, තමුන්ගෙ මන්ත්‍ර ශාස්ත්‍ර බලයෙන්, මුළු පංසල් වත්තම හා තමුන්වත් ආරක්ෂා කෙරෙව්ව.
යකැදුරාට, හිමිනම් දැක්ක ගමන් ඇඟ කිළිපොලා ගිහිල්ල බයක් චකිතයක් දැනුන, තමුන්ව පාලනය කරගන්න බෑ වගේ දැනුන.

ගුරු හාමුදුරුවො කිසිම අමුත්තක් පෙන්නනෙ නැතුව අහනව,
"ඉතින් උපාසක, අහවල් කටයුත්තකටද මෙහි පැමිණියේ?" කියල.
ඉතින් දෙන්න සතුටු සාමීචියෙ යෙදිල, සෘද්ධි තෛලයේ බෙහෙත් වට්ටෝරුව ගැන හාමුදුරුවන්ගෙන් විමසනව.
ගුරු හිමියො මොකද දන්නවද කරන්නෙ? තමුන් ලඟ එහෙම තෙලක් නැති බව දැන දැනත් කියනව,
"සෘද්ධි තෛලය. මගෙ මතකෙ හැටියට බොහොම කාලෙකින් ඔය තෙල හින්දෙ නම් නෑ, අනික උපාසක ඔය වගේ දේවල් අපට අකැපයි නෙව" කියල.
ඊට පස්සෙ මෙහෙම දෙබසක් යනව.
"අවසර හාමුදුරුවනේ, ඔය තෙල හිඳින වට්ටෝරුව එහෙම ඇති නොවෙද?"
"මොකෝ නැත්තෙ, ඔය පොත් ගුලේ කොහෙට හරි වෙලා ඇති. මේ ඇත්තන්ට උවමනා නම් හොයල දෙන්න පුළුවන්, පොඩ්ඩක් ඉන්ටකො බලන්න"
ඊලඟට හාමුදුරුවො රාහුල හාමුදුරුවන්ව අමතනව.
"රාහුල, කෝ මේ රාහුල"

රාහුල හාමුදුරුවොත් මේ දෙබස අහගෙනයි හිටියෙ. මෙහෙම වට්ටෝරුවක් නැති බව රාහුල හාමුදුරුවොත් දන්නව. මේක ලොකු හාමුදුරුවන්ගෙ මොකක්හරි උප්පරවැට්ටියක් තමයි කියල හිතපු රාහුල හාමුදුරුවො,
"අවසර අපේ හාමුදුරුවනේ" කියමින් එලියට එනව.
"රාහුලට මතකද අර සෘද්ධි තෛලය හදන වට්ටෝරුව තිබ්බ පොත? ඒක පොඩ්ඩක් හොයල ගේමුකො මේ ඇත්තන්ට බලන්න"
ඉතිරිය ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.


Friday, March 5, 2010

Photography සිංහලෙන් පදිංචිය වෙනස් කරන්නයි ලෑස්තිය



LKServers එකේ Promotion එකට පින් සිද්ද වෙන්න මගෙ "Photography සිංහලෙන්" බ්ලොග් අඩවිය, www.roosara.info කියන තැනට පදිංචිය වෙනස් කරනව. තාම මම එතන වැඩ කටයුතු ඉවර නෑ. (අදනෙ ගෙදර ආවෙ, ඉතින් අද ඉඳන් තමා ඒකෙ වැඩ ටික හරිගස්සල එතන පදිංචියට සුදුසු තත්වයට පත් කරගන්න වෙන්නෙ.)
පොඩි පොඩි අවුල් ටිකක් තියෙනව ගොඩ දාගන්න බැරි වෙච්ච, ඒව ටික ගොඩ දාගෙන ඉන්න ඕනෙ මුලින්ම.  (එයාල අහල තිබ්බනෙ wordpress දාල ඕනෙද කියල, මම එපා කියල කිව්වෙ, නමුත් එයාල දාලමනෙ දුන්නෙ.)


ලොකුම ප්‍රශ්නෙ තමයි මට තීම් එකක් දාන්න බෑ. තීම් එකක් අප්ලෝඩ් කරන්න ගියාම මෙන්න මෙහෙම කතාවක් කියනව.

/home/roosara/public_html/wp-content/uploads/2010/03 නාමාවලිය සෑදීමට නොහැක. මාතෘ නාමාවලිය සර්වරයෙන් ලිවිය හැකිද?



ඔච්චරයි තියෙන්නෙ, අපිට පිළිතුරක් ඇතුල් කරන්න බොත්තමක්වත් නෑ.
ඔයාල විසඳුමක් දන්නවද? මම wordpress පාවිච්චි කරනකොට FTP client එකක් පාවිච්චියෙන් තමයි මීට පෙර themes හා plugins දැම්මෙ. මේකෙ අපිට ඒව කොරන්න බෑනෙ. wordpress ඇතුළෙ කරන දේවල් විතරයි, වෙන කිසිම දෙයක් අපිට කරන්න බෑ. 


දෙවෙනි ප්‍රශ්නෙ තමයි, සිංහලෙන් තියෙන admin panel එක ඉංග්‍රීසියට හරවගන්න එක. හරියකට කිසි දෙයක් තේරෙන්නෙ නෑ. :D


මේ ප්‍රශ්න දෙකට විසඳුම් හොයාගෙන තමා මට වැඩ පටං ගන්න වෙන්නෙ. එතකං මම කොට උඩ. :(
මේ promotion එක ලැබිච්ච අනිත් අය පොඩ්ඩක් මට උදව් කරන සේක්වා. වෙන අය උනත් කමක් නෑ. :)