Wednesday, April 27, 2016

3D Stereograms බලමුද

මේකට සිංහලෙන් කියන්නෙ මොකද්ද කියල නම් මම දන්නෙ නෑ. ඉංග්‍රීසියෙන් කියන්නෙ 
3D Stereograms කියල. මේ පහල තියෙන රූපෙ දැක්කම මොකද්ද හිතෙන්නෙ? මොකුත් නෑ?
ඔයාලට මතකද, අර චූටි චූටි බුද්ධ රූප ගොඩක් තියෙන රූපෙ. ඔව්, ඔය පහළ තියෙන එක තමා.
එක දිහා බලා හිටියම ලොකු බුද්ධ රූපයක් මැවිල පේන? අන්න ඒ වගේ රූප තමා මේ. සමහරු නම් කියන්නෙ ඒක පේන්න පින තියෙන්න ඕනෙ කියල. (මෙම රූපය සොයා දුන් සන්ධ්‍යා මිතුරියට මගේ ස්තුතිය).



මේ ලිපිය කියවල ඉවර කළාට පස්සෙ ඒ පිනට ඔයාලටත් උරුමකම් කියන්න පුළුවන් වෙයි.

තෙරෙන්නෙ නැද්ද බලන්න? සමහරුන්ට මේක බලන්න හරි ලේසි, සමහරුන්ට උත්සාහ කලාම බලන්න පුලුවන්, හැබයි ටික දෙනෙක් ඉන්නව මේව බලන්න කොහොමවත්ම බැරි, ඒ අයට තමුන්ගෙ ඇස් වල නාභි දුර තමන්ට ඕනෙ ඕනෙ විදිහට වෙනස් කරන්න බෑ.
පොඩි උදව්වක් දෙන්නම්. මෙන්න මේ සටහනේ විදිහට බලන්න උත්සාහ කරන්න. ඇස් දෙක අනන්තයට නාභිගත කරල රූපෙ දිහා බලන්න ඕනෙ. මමත් පුරුදු උනෙ ඔහොම තමා, ටිකක් අමාරු වෙයි සමහරුන්ට. උත්සාහ කරන්නකො.


වැඩේ හරි නේද? ඒ විදිහට මේ පහල තියෙන එක බලන්න. ඒක බලන්න හරි ලේසි රූපයක්. මේකෙ ලස්සන සමනයෙක් හැංගිලා ඉන්නව. දැක්කද?



මේක බලන්නකො. මේ රූපෙ ඇතුළෙ බුදු පිළිමයක් හැංගිලා තියෙනව.


මෙවන් රූප ගොඩක් හොයාගන්න පුළුවන් අන්තර්ජාලය තුළ සෙව්වොත්.
මමත් ට්‍රයි කරල තමා ඕක බලන්න පුරුදු උනේ. දැන් නම් තත්පරයකින් දෙකකින් පුළුවන්.
මේ තියෙන්නෙ තවත් එවන් ඒවා.





Monday, April 25, 2016

බ්ලොග් වසන්තය ඔන්න ආයෙත්

දයාබර මිතුරු මිතුරියනි,

ඔන්න බ්ලොග් වසන්තයේ බ්ලොග් මල් පල දරන්න පටන් අරගෙන. අපි හැමෝටම බ්ලොග් වසන්තයේ සුන්දරත්වය විඳගන්න කාලය ඇවිදින්. බ්ලොග් වසන්තය පිටුවෙහි පළ වෙන සියළුම ලිපි අතරින් ඔබගේ සිත් ගත් ලිපියට ඔබගේ මනාපය පල කරන්න ක්‍රමයක් ඔන්න හඳුන්වා දීලා තියෙනවා. බ්ලොග් වසන්තය පිටුවේ පළවන සෑම බ්ලොග් ලිපියක්ම අප මේ මනාප විමසුමට ඇතුලත් කරනවා. මැයි මාසයේ අවසානය දක්වා අපි මෙය පවත්වාගෙන යන්න තමයි බලාපොරොත්තුව.
ඔබගේ සිත් ගත් ලිපි 5ක් දක්වා ඔබට මනාපය පල කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි,බ්ලොග් අවකාශයේ ජීව නාලිය වන ප්‍රථිචාර දක්වන සහෘදයන්වත් අපි අමතක කරන්නේ නෑ. ඔයගොල්ලන්ට පුළුවන් ඔබගේ සිත් ගත් හොඳම කමෙන්ට් කරු නොහොත් හොඳම ප්‍රථිචාර දක්වන්නාටත් ඔබගේ මනාපයක් ලබා දෙන්න.
මෙන්න මේ ලින්කුව දිගේ චන්ද පොලට පිවිසිය හැක. ඇවැසි වන්නේ ඔබ ගුගුල් ගිණුමකින් සම්බන්ධ වීම පමණකි. අප ඔබගේ කිසිම පුද්ගලික විස්තරයක් ලබාගන්නේ නෑ....

පසුව පළවන ලද සිත්ගත් ලිපියක් නිසා ඔබට යම් අවස්ථාවක ඔබගේ මනාපය වෙනස් කිරීමට ඇවැසි නම්, නැවතත් මේ සබැඳිය දිගේ ගොස් ඔබේ මනාප වෙනස් කිරීමට හැකියාව තියෙනවා.

උපුටා ගැනීම