Friday, October 2, 2009

Widgets

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] ගුරු හිමියන්ට බළල් වසුරු කැවීම - 2



පසුගිය කොටසින්,  
පොඩි හාමුදුරුවො ඔක්කොම වසුරු ටික කෑවනෙ. මතකයිනෙ. 
[මුල් කොටස කියවන්න.]
----------------------------- 
අද එතැන් සිට,

පස්සෙන්ද එළි උනා. ලොකු හාමුදුරුවො වෙනදා වගේම පංසල් වත්තෙ සක්මන් කරනව. පොඩි හාමුදුරුවොත් මොකුත් නූන වගේ මළුව ඇමදුව. ඊට පස්සෙ ලොකු හාමුදුරුවො මොකද කරන්නෙ කියල විමසිල්ලෙන් හිටිය. 
ලොකු හාමුදුරුවො වෙනද වගේම බණ මඩුවට වැඩිය. මොනවද දැක්කෙ, කිහිප පොලකම බළල් වසුරු. ඒ උනාට අද ලොකු හාමුදුරුවො තරහ ගත්තෙ නෑ. ඉස්සෙල්ල දවසෙ ගෝල නම හරිම ආසාවෙන් බළල් බෙටි වැළඳුවෙ මොකක් හරි රසක් නිසා වෙන්නැති කියල හිතපු ගුරු හාමුදුරුවො වසුරු පිඬක යන්තමට ඇඟිල්ල ඔබල දිවග තියල බැලුව.
ඔන්න ඕක වෙනකම් තමා පොඩි හාමුදුරුවො හැංගිලා බලාන හිටියෙ. විදාගම හාමුදුරුවො ඇඟිල්ල දිවග තියන සැනින් රාහුල හාමුදුරුවො මොකද දන්නවද කළේ?
"අපේ නායක හාමුදුරුවො බළල් බෙටි කෑවෝ !!!" 
කියල මහ හඬින් කෑ ගැහුව.
උදේ පාන්දර රාහුල හිමියන්ගෙ කෑගැසීම ඇහුනු උපාසක මහතුන් සහ ඇබිත්ත කොලුව, මේ මොන විපත්තියක්ද කියල දුවගෙන ආව. ඒ උනාට කාටවත් රාහුල හාමුදුරුවො කිව්ව එක හරියකට තේරිලා තිබුනෙ නෑ.
පොඩි හාමුදුරුවන්ගෙ හඬින් බය වෙච්චි ලොකු හාමුදුරුවො, බයයි ලැජ්ජාවයි හංගගෙන හෙමිහිට බණ මඩුවෙන් ආවාස ගේ පැත්තට ගියා.

[මුල් කොටස කියවන්න.]

7 comments:

  1. ස්තූතියි....මුල් කොටසින් දෙවන කොටස බලන්න පුරුකත් දැම්මා නම් තමයි වඩාත් හොඳ...

    ReplyDelete
  2. හික් හික් හී බි.පෙ.සි :D
    එළ කතාව

    ReplyDelete
  3. ලොකු හාමුදුරුවන්ට නහය නැද්ද? :D

    ReplyDelete
  4. nahaya wageda ban rasa kalama balannako.... :D

    ReplyDelete
  5. මොන රසද දන්නෙ නෑ...

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.