Wednesday, January 21, 2015

අලුත් බ්ලොග් කියවනයක් හා දැන් කාලෙ සිංහල බ්ලොග් ලියවිල්ල

මම සම්බන්ධ වෙලා ඉන්න පොඩි වැඩක් ගැන කියන්න සහ මේ කාලෙ සිංහල බ්ලොගිං ගැන මට හිතෙන දේවල් ටිකකුත් එකතු කරන්න තමයි මේ ලිපිය ලියන්න හිතුවෙ. ඒත් එක්කම පරණ බ්ලොග් කරුවන්ට ඒ කාලෙත් පොඩ්ඩක් මතක් කරන්න. 


"ලක් දැල" නැතිනම් "LK Grid" නමින් අලුතින්ම සිංහල බ්ලොග් සින්ඩිකේටරයක් අන්තර්ජාලයට එකතු වෙලා තිබෙනවා. 

"LK Grid" වෙබ් අඩවිය හරහා අනාගතයේදී තවත් වෙනත් සේවාවන් ලබා දෙන්න වැඩ කටයුතු සැළසුම් වෙමින් පවතිනවා. මුල්ම සේවාව හැටියට ඔබ වෙත ගෙන එන්නේ මේ සිංහල බ්ලොග් කියවනයයි.

මෙහි යම් නීති රීති ටිකක් තිබෙනවා. සමහරවිට ඔබට හිතේවි මේ නීති නම් තද වැඩිද මන්ද කියල. නමුත් එවන් නීති දැම්මෙ දැනට සිංහල බ්ලොග් ලියන්නන් කරන යම් යම් වැරදි යම් ප්‍රමාණයකට හරි අඩු කරන්න පොඩි තල්ලුවක් දෙන්න.
උදා: වෙනත් අඩවි වලින් කොපි පේස්ට් බෑ, පුවත් අඩවි වලින් එහෙමම දාන්න බෑ, රූප විදිහට ලිපි තියෙන්න බෑ, යුනිකෝඩ් වෙන්න ඕනෙ පුළුවන් තරමක්, සියළුම ඉල්ලීම් බ්ලොග් අඩවියේ ඇති ලිපි පරික්ෂා කිරීමෙන් අනතුරුව සළකා බලන්නෙ, එක එක තේරුමක් නැති ගැජට් එල්ලන් ඉන්න බෑ, තවත් තියෙනවා.

ප්‍රධානම නීතිය: ඔබගේ බ්ලොග් අඩවියේ තිබෙන ලිපි ගුණාත්මක භාවයෙන් ඉහළ වෙන්න ඕනෙ. 

මොකද මෙහෙම නීති දාන්න හේතුව?
අලුතින් ඇවිල්ල තිබෙන හුඟක් සිංහල බ්ලොග් ලියන්නන් කරන වැරදි තමයි, එහෙන් මෙහෙන් අහුල ගත්තු දෙයක් හොයන්නෙ බලන්නෙ නැතිව ඔහේ හිතේ හැටියට ලියල දානව. ලියනව කිව්වට සමහර ඒවයෙ වැකි නෙමෙයි තියෙන්නෙ, වචන වල ඉස්පිලි පාපිලි නෑ, ලියන සමහර දේවල් කිසිම තේරුමක් නෑ, සමහර ඒව බොරු. සමහර අඩවි වලට යන්න බෑ පරිගණකයත් එක්ක ස්ලෝ වෙනව. දැන හෝ නොදැන මැල්වෙයා දාගෙන, එක එක තේරුමක් නැති ස්ක්‍රිප්ට්ස් දාගෙන බ්ලොග් එක විනාස කරගෙන, ලෝඩ් වෙන්න හැට පැයක් යනවා.......
ඉතින් එහෙම බ්ලොග් වලට ඇත්තටම "ගුණාත්මක අන්තර්ගතයක් තිබෙන බ්ලොග් එකක්" කියන්න බෑනෙ. අන්න එහෙම ඒව අපි මේ සින්ඩියට එකතු කරන්නෙ නෑ. තරහ වෙන්න එපා. 

බ්ලොග් එක පිළිවෙලට ලස්සනට හදාගෙන, ලස්සනට වැදගත් විදිහට ලිපි ලියන බ්ලොග් වලට අපි ඉහළින්ම තැන දෙනව. ඉතින් අන්න එහෙම මට්ටමකින් එන්න.

මම සිංහල බ්ලොග් එකක් හදල ලියන්න ගත්තු කාලෙ සිංහල බ්ලොග් 50ක්වත් තිබුණෙ නෑ. හැබැයි ඒවායේ තිබුණු අන්තර්ගතය වටිනව, ගුණාත්මකයි. දැන් නම් ඒ කාලෙ බ්ලොග් ලිව්ව බොහොමයක් අයගෙ බ්ලොග් වසර ගාණකින් යාවත්කාලීන වෙලා නම් නෑ. නමුත් ටික දෙනෙක් ඉන්නව තාමත් ලියන. (මම ඇතුළුව)

ඒ කාලෙ අපි හැමෝගෙම දැක්මක් තිබුණ.
මොකද්ද?
"අන්තර්ජාලය තුළ ගුණාත්මක භාවයෙන් ඉහළ සිංහල අන්තර්ගතයක් ඇති කිරීම"
ඉතින් අන්න ඒක හිතාගෙන තමයි ඒ කාලෙ අපි ලිපියක් උනත් ලිව්වෙ. 

දැන් සිංහල බ්ලොග් ලියන අයට නම් එහෙම කිසිම හැභීමක් නෑ. හුඟක් අය වැඩිපුරම හොයන්නෙ Alexa Rank එක ඉහළ නංවගන්න, Traffic වැඩි කරගන්න විතරයි. බ්ලොග් එකේ වැදගත් දෙයක් ලියන එක නෙමෙයි. ඒවට එක එක ක්‍රම හොයනව. නමුත් එයාල දන්නෙ නෑ ඒකට තියෙන හොඳම ක්‍රමය "ගුණාත්මක ලිපි ලිවීම" කියල. 

දැනටමත් බ්ලොග් කිහිපයක් එම කියවනයට ඇතුළත් කරල තිබෙනවා. ඔබටත් පුළුවන් ඔබගේ බ්ලොග් අඩවිය ඇතුළු කරන්න ඉල්ලුම් කරන්න. පැය කිහිපයකින් ඇතුළු නොවේවි. නමුත් දිනක් දෙකක් ඇතුළත ඔබට පණිවුඩයක් ඒවි, බ්ලොග් එක ඇතුළත් කළාද නැද්ද කියල. (ඇතුළත් කලේ නැතිනම් ඒකට හේතුවත්).

එහෙනම්, අන්තර්ජාලය තුළ ගුණාත්මක භාවයෙන් ඉහළ සිංහල අන්තර්ගතයක් ඇති කිරීමට දායක වීමට ඔබටත් හැකි වේවායි පතනවා.

ලක් දැල මුහුණු පොතේ පිටුවටත් එකතු වෙන්න ආරාධනා කරනවා.

ප. ලි.: කිහිප දෙනෙකුගෙන්ම මට අසන්නට ලැබුණා ඔවුන්ගේ බ්ලොග් එක එකතු කළාද නැතිද යන වග සඳහන් කර එවන ලද ඊ ලිපිය ඔවුනට ලැබුණේ නැති බව.
බොහෝවිට එම ලිපිය ස්පෑම් ෆෝල්ඩරයට ගියා වන්නට පුළුවන්. එම නිසා ඔබ බ්ලොග් අඩවිය එකතු කරන්නට පෝරමය පුරවා info[at]lkgrid[dot]com ඊ මේල් ලිපිනය ඔබගේ Address Book එකට එකතු කරගන්න. එවිට, ලක් දැල හරහා එන සියළුම ඊ ලිපි ඔබ වෙත පැමිණේවි. 

Sunday, January 4, 2015

"පවුරු" සත්‍ය කතාවක් - ප්‍රභල පණිවුඩයක් - ආත්මීය කතාවක්



මම සාමාන්‍යයෙන් ප්‍රේම කතා කියවන්නෙ නෑ. නමුත් එකතුව ෆෝරම් එක හරහා ලැබුණු මිතුරෙක් ලිව්ව සත්‍ය කතාවක් තිබෙන මේ කතාව මම එක හුස්මට කියෙව්ව. 
ප්‍රේම කතාවක් හරහා ගොඩනැඟෙන, ප්‍රේම කතාවක් වෙන, නොවෙන, වෙනස් කතාවක්. 
කියවල බලන්න ඔබටත් ආරාධනා කරනවා.

මේ කතාව ගැන මටත් පොඩ්ඩක් ලියන්න හිතුනෙ, හිතට දැනෙන ප්‍රභල කතාවක් වගේම මේකෙන් ඉතා ප්‍රභල වගේම තරුණ ප්‍රජාවට ඉතාම හොඳ පණිවුඩයක් දෙන නිසා. 
මේ කතාව කියෙව්වට පස්සෙ සමහරක් ඔබගේ උනත් ඔබ හිතන ආකාරය වෙනස් වෙයි. හිත් හැදෙයි. හිත් ශක්තිමත් වෙයි.

ඉතින් ආරාධනා කරනවා "පවුරු" ඔන්ලයින් නව කතාව කියවල බලන ලෙසට. ගොඩක් දිගු කතාවක් නෙමෙයි, නමුත් ප්‍රභල කතාවක්.

පවුරු සත්‍ය කථාවේ සියළුම කොටස්..

1 කොටස  මෙතනින්

2 කොටස  මෙතනින්

3 කොටස  මෙතනින්

4 කොටස  මෙතනින්

5 කොටස  මෙතනින්

6 කොටස  මෙතනින්

7 කොටස  මෙතනින්

8 කොටස  මෙතනින්

9 කොටස  මෙතනින්

10 කොටස  මෙතනින්

11 කොටස  මෙතනින්

12 කොටස  මෙතනින් 

13 කොටස  මෙතනින් 
  
14 කොටස  මෙතනින් 

අවසාන කොටස  මෙතනින් 

 මෙය ලිව්වෙ "රවීන්ද්‍ර බණ්ඩාර" සොහොයුරා.
ඊමේල්: rmbraveen[ඇට්]gmail[ඩොට්]com
ෆේස් බුක්: www.facebook.com/freegetlanka
බ්ලොග් එක: http://www.freegetlanka.blogspot.com/

ඉහත දේ මේ පිටුවෙන් උපුටා ගන්නා ලදී.

ඒත් එක්කම, ඔහු මේ කතාව වෙනුවෙන් ගීතයකුත් රචනා කරල තිබෙනව. ඒ හැඟුම්බර ගීතය රස විඳින්නටත් ඔබට ආරාධනා කරනවා.


Thursday, January 1, 2015

සුභ නව වසරක් වේවා!!!

ඔබ සියළු දෙනාටම සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා!!!