Showing posts with label පරිවර්තන. Show all posts
Showing posts with label පරිවර්තන. Show all posts

Sunday, September 20, 2009

මාත් ගියා අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය බලන්න.



BMICH හිදී 11 වන වරට මෙවරත් අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය දැන් පැවැත්වෙනවා. ඊයෙ තමයි ආරම්භ උනේ, 27 වෙනිදා වෙනකම් මේක පැවැත්වෙනව.


ඔන්න ඉතින් මමත් ගියාලු අද ඒක බලන්න. පරණ යාළුවො ටිකකුත් සෙට් කරගෙන තමයි ගියේ. පරණ යාළුවො කිව්වට එකෙක්වත් පරණ නෑ, මම, මගෙ නංගි, අපේ අක්ක, උදිත, නිසුපා, දිමුතු සහ මනෝරි අක්ක. තව අපේ මිතුරියකට කතා කළා, අවාසනාවකට වගේ එයාට මේ දවස් වල විභාගයක්, දවස පරක්කු කළොත් අපේ අක්කගෙන් බැනුම්, එයාට එන්න වෙන්නෙ නෑ කියල. අර යාළුව නම් එයාගෙ කැම්පස් යාළුවො එක්ක යනව කිව්ව.

කොහොම හරි උදේ 9 වෙනකොට අපි BMICH එකේ. රෑ වැටුනු වලේ දවලුත් වැටෙමින්, ගිය අවුරුද්දෙ වගේම මේ අවුරුද්දෙත් ටිකට් ගත්ත. (විශ්ව විද්‍යාල සිසුන්ට ඇතුළුවීම නොමිලේ.) කමක් නෑ, ඒ සල්ලි ශිෂ්‍යත්ව අරමුදලකටනෙ යන්නෙ. හවස 5 වෙනකම් හිටිය. මගෙ නංගි, අක්ක, නිසුපාට නම් හවස් වෙනකොට එපා වෙලා හිටියෙ. 

කොහොමහරි මහලොකු මුදලක් අරන් ගියෙ නෑ, මේ දවස් වල ආර්ථික අවපාතයක්නෙ. පොත් කිහිපයක් ගත්ත. 
ලියොන් ගාර්ෆීල්ඩ් ගේ "ස්මිත්"
"තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ අප්‍රකට ජනප්‍රවාද"
චින්ගීස් අයිත්මාතොව් ගේ "සමුගනිමි ගුල්සාරි"
අර්ල් ස්ටැන්ලි ගාර්ඩ්නර් ගේ "අවිවේකී රූමතිය"
මේරි ශෙලී ගේ "ෆ්‍රැන්කන්ස්ටයින්"
ජෑන් ක්නැපර්ට් ගේ "ගෝහා"
ඔය කිව්ව පොත් තමයි ගත්තෙ. මේ අමුතු නම් තිබ්බට ඔක්කොම සිංහල හොඳේ. 

මගේ චින්ගීස් අයිත්මාතොව් ගේ සියළු පොත් එකතු කිරීමේ ඉලක්කයට තව ඒකක එකකින් ලන් උනා සමුගනිමි ගුල්සාරි සමඟ. එය පමණමයි මට සොයා ගතහැකි වූයේ චින්ගීස් අයිත්මාතොව්ගේ පොත් වලින් මගෙ ලඟ නැති. ගුරු ගීතය එහෙම නම් වැහි වැහැල වගේ හැමතැනම තිබුනා.
ෆ්‍රැන්කන්ස්ටයින්, මමයි නංගියි දෙන්නම කියවල තිබෙනව, නමුත් නංගිට ඕනෙ කිව්ව නිසා ගත්ත.
උදිත නම් ලොකු පොත් සෙට් එකක් ගත්ත.

සමහරවිට මම අපේ කැම්පස් එකේ යාළුවො එක්කත් යන්න ඉඩ තියෙනව. බලමුකෝ. අද සෙනඟ නම් හිටිය හුඟාක්. සමහර වෙළඳ කුටි තුළ විශාල තදබදයකුත් තිබ්බ.

ගන්න ආස පොත් නම් එමටයි, මට සුවිප් එකක් ඇදුන නම් මම ලොරියකට ඇති වෙන්න පොත් ගන්නව. කොහෙද එච්චර වාසනාවක්.

Monday, June 29, 2009

ගුරු ගීතය - චිංගීස් අයිත්මාතව්

මම කියවපු පොතක් ගැන කියන්න හිතුන. කතුවරයා "චිංගීස් අයිත්මාතව්", පොත "ගුරු ගීතය". හුඟක් අය මේක කියවල ඇති, කතාවත් දන්නව ඇති. මේ ඒ ගැන නොදන්න ටික දෙනාට.
මේ පොතේ කතාව දිග හැරෙන්නෙ කිර්ගීසියාවේ සොවියට් බලය ස්ථාපනය වන කාලය තුළ. තරුණ ගුරුවරයෙක්ගෙ තරුණ විය හා පළමු ආලය ගැන තමා මේකෙ කියන්නෙ.
කතාව හුඟක් ලස්සනයි. පොඩි පොතක්, කියවල බලන්න.

කතුවරයා ගැනත් චුට්ටක් කියන්නම්. චිංගීස් අයිත්මාතව් කියන්නෙ 1928 උපන්න, "සුප්‍රකට සෝවියට් ලේඛක ලෙනින් ත්‍යාගය" හා "රාජ්‍ය ත්‍යාගය" දිනා ගත්තු ප්‍රසිද්ධ ලේඛකයෙක්.
තව පොඩි දෙයක් කියන්න ඕනෙ. මට මේ පොත ගැන කිව්වෙ මම IDM Computer Studies එකේ පරිගණක පාඨමාලාවක් හදාරන කාලෙ ඒකෙ හිටපු මගෙ යෙහෙළියක්. පස්සෙ මම පොත මිලදී ගත්ත. ඊට පස්සෙ මම චිංගීස් අයිත්මාතව්ගෙ පොත් එකතු කරන්න පටන් ගත්ත. ඒව හුඟක් ලස්සනයි. තව මට එකතු කරගන්න පොත් කිහිපයක් තියෙනව. ඒ ටිකත් ගන්න ඕනෙ.