Showing posts with label share market. Show all posts
Showing posts with label share market. Show all posts

Tuesday, September 27, 2011

කොටස් වෙළඳපළ ආයෝජනය ගැන කණෙන් අහලම දැනගන්න


ඔන්න ඔයාලට අවස්ථාවක් තිබෙනවා කොටස් වෙළඳපළ ගැන කොටස් වෙළඳපළ ආයෝජනය ගැන කණෙන්ම අහල දැනගන්න.
බස් රේඩියෝවේ (දන්නෙ නැති අයට: බස් රේඩියෝව කියන්නෙ සිංහල බ්ලොග්කරුවන් කණ්ඩායමක් විසින කරගෙන යනු ලබන අන්තර්ජාල ගුවන්විදුලි වැඩසටහනක්.) අද රාත්‍රී "බස් මැගසින්" වැඩසටහනෙන් මම එනවා ඔබත් එක්ක මේ ගැන කතා කරන්න.
ඔබත් කැමති නම් එන්න, සවන්දෙන්න බස් රේඩියෝ මැගසින් එකට.

වෙබ් අඩවිය : www.buzzradio.lk

වේලාව : රාත්‍රී 8.30 - 10.00
ඉතින් පොඩ්ඩක් අහගන්නකො මොනව ගැනද අපි කතා කරන්නෙ කියල.
  • කොටස් වෙළඳපළ කියන්නෙ මොකද්ද, ඒකෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද
  • කොටස් වෙළඳපළ ඉතිහාසය
  • ආයෝජකයෝ, තැරැව්කරුවෝ
  • කොහොමද සම්බන්ධ වෙන්නෙ
  • ආයෝජනයේ වාසි හා අවාසි
  • කොටස් මිල ඉහළ පහළ යන්න හේතු
  • පාඩු නොවී ආයෝජනය කරන්නෙ කොහොමද
  • බහුලව ඇසෙන ප්‍රශ්න
ඉතින් ඔයාලටත් කොටස් වෙළඳපළ ගැන තිබෙන ගැටළු වලට උත්තර හොයාගන්න මේක හොඳ අවස්ථාවක් වෙයි කියල හිතනවා. අසන්නන්ගේ ප්‍රශ්න වලටත් ඉඩක් ලබා දෙන්න තමා ඉන්නෙ, නමුත් වෙලාව පිළිබඳ ප්‍රශ්නය තමා තිබෙන්නෙ. බලමුකො අපි.

Tuesday, April 12, 2011

Guide To CSE වසරක උපන්දිනය සමරයි


මුලින්ම මගෙ සිංහල බ්ලොග් එකේ කොළඹ කොටස් වෙළඳපළ ගැන ලිපි ලියන්න පටන් අරගෙන, ඒවට ආපු අදහස් ගොඩ දැක්කම හිතුනු අදහසක් අනුව, කොටස් වෙළඳපල ආයෝජනය ගැන ලිපි කියන්න වෙනමම බ්ලොග් එකක් හදන්න හිතිල, http://guidetocse.blogspot.com කියන ලිපිනය යටතේ ඔන්න මම කොටස් වෙළඳපළ ආයෝජනය ගැන අධ්‍යාපනික ලිපි ලියන්න අලුතින්ම බ්ලොග් එකක් පටන් ගත්ත. ඒ 2010 අප්‍රේල් මාසෙ 12 වනදා. 
ඉතින් ඕක කරගෙන යන අතරෙ හිතුන මටම කියල ටොප් ඩොමේන් එකක් ගන්න මේ බ්ලොග් එකට. යාලුවෙක්ගෙ වෙබ් කාඩ් එකකින් සල්ලි ගෙවල ඉතින් ගත්ත ඩොමේන් එක, www.guidetocse.com කියල. ඒ 2010 ජුනි මාසෙ.
මේ පහු ගිය අවුරුද්දට, ලංකාවෙ විතරක් නෙමෙයි පිටරට වලත් ඉන්න කොළඹ කොටස් වෙළඳපළ ආයෝජනයට කැමැත්තෙන් හිටපු/ඉන්න හුඟ දෙනෙක්ට මගේ සහය ලැබෙන්න ඇති. මේ ලිපි ආශ්‍රයෙන් විතරක් නෙමෙයි කෙලින්ම ඔවුන් අසන ලද ප්‍රශ්න වලට ඊමේල් මගින්, චැට් හරහා, ෆෝරමය හරහා, පිළිතුරු සපයමින්.
ඉතින් මම හිතනවා මම මේ කරන ලද ව්‍යායාමයේ යම් ප්‍රතිඵලයක් තිබෙනවා කියල. එමගින් යම් පිරිසකටත්, ලංකාවෙ කොටස් වෙළදපළටත්. පොඩි මිනිහෙක් විදිහට ඉඳගෙන ඒ කරන්න ලැබුනු පුංචි සේවය ගැන මම ගොඩක් සතුටු වෙනවා.
පසුගිය මාස 2, 3ට ලිපියක් ලියාගන්න හරි හැටි වෙලාවක් නොලැබුනත්, කියවන්නන් අසන ප්‍රශ්න වලට මම හැකි ඉක්මනින් පිළිතුරු සැපයුවා. වෙබ් අඩවියට පැමිණෙන්නන් නම් අඩු වෙලා, ලිපි නැති නිසා. මගෙන් ඒ උනු අතපසු වීමට සමාව ඉල්ලා සිටිනවා Guide To CSE වටා සිටින පිරිසගෙන්.
 
අදට Guide To CSE බ්ලොග් අඩවියට වසරක් සපිරෙනවා. තවත් ඉදිරියට මට පුළුවන් හැටියට ඔබට සේවය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මට මේක තනියම කරන්න බෑ, මා වටා සිටින කියවන්නන් පිරිස මට ගොඩක් වටිනවා. ඔබ සැම ඉදිරියටත් මා හා සමඟ සිටිමින් මට සහයක් වන ලෙස මම ඉල්ලා සිටිනවා.
Guide To CSE සඳහා සහයක් වෙන්න කැමැත්තෙන් සිටිනවා නම් කරුණාකර මා හා සම්බන්ධ වෙන්න.

ඒත් එක්කම, මේ ලබන සිංහල හින්දු අලුත් අවුරුද්ද, සතුටින් සාමයෙන් සපිරුනු, සැමට ජය ලැබෙන වසරක් වේවායි පතනවා!!! ඔබ සැමට ජයෙන් ජය....

Monday, November 1, 2010

"Guide to CSE" වෙබ් අඩවිය සම්බන්ධ සමීක්ෂණයක්

"Guide To CSE"වෙබ් අඩවියේ වැඩි දියුණුකිරීම් කිහිපයක් සඳහා, සහ කියවන්නන්ට ඉහළ සේවාවක් ලබා දෙනු වස් අඩවිය පිළිබඳව අදහස් විමසමින් කුඩා සමීක්ෂණයක් පවත්වන්න තීරණය කළා.
ඔබ සැමට ආරාධනා කරනවා, මීට සහභාගි වන ලෙස හා, මිතුරන්ටත් මේ ගැන පවසමින් වැඩි තොරතුරු ප්‍රමාණයක් එක් රැස් කිරීමට සහය වන ලෙස.
ස්තුතියි.



Wednesday, June 2, 2010

"Guide To CSE" - නව ඩොමේනයකට





"Guide To CSE" සිංහල බ්ලොග් අඩවියට දැන් ඔබට www.guidetocse.com හරහා පිවිසිය හැකිය.
තවත් නව සේවා ඉදිරියේදී බලාපොරොත්තු වන්න. මේ අඩවිය වටා දැන් සැලකිය යුතු සෙනඟක් එකතු වෙනවා. ඒ අයට ඉහළම සහයක් මෙම වෙබ් අඩවිය හරහා දෙන්න මගෙ බලාපොරොත්තුවක් තිබෙනව. ඒ දේ වලට සහය දෙන්න පුළුවන් අය ඉන්නව නම් කරුණාකරල මට දන්වන්න. මේ අඩවිය සාර්ථකව ඉදිරියට ගෙන යාමට මටඔබගේ සහයත් ඉතා වැදගත්.

මා සමඟ එක්ව සිටින ඔබ සැමට ස්තුතියි.

Saturday, May 29, 2010

අඩවිය එක්ක ඉන්න කට්ටියට දැන් චැට් කරන්නත් පුළුවන්



මගෙ Guide To CSE අඩවියට ඔයාල ආවම, ඔයාලට තියෙන ප්‍රශ්න එහෙම කතා කරන්න, මම පොඩි forum එකක්  දැම්මනෙ, දැන් තවත් විශේෂාංගයක් එකතු වෙනවා, ඒ තමා Chat Room එකක්. ඔයාල මේ සයිට් එකට ආවම කට්ටියට එකතු වෙලා සකච්ඡා කරන්න දැන් ඔන්න ඔයාලට අවස්ථාවක් තිබෙනව, ඉතින් මම හිතනව කට්ටිය මේ දේවල් වලින් ප්‍රයෝජන ගනී කියල. 
මමත් සමහර වෙලාවට එතන ඉන්න ඉඩ තියෙනව, ඉතින් ඇවිල්ල පොඩ්ඩක් වචනයක් කතා කරල යන්න. ගැටළු තියෙනව නම් අහන්න, පුළුවන් ඕනෙම උදව්වක් කරන්න මම ලෑස්තියි.
ඉන්න කට්ටිය එක්ක කතා බහ කරල දැන අඳුන ගන්න, කොටස් වෙළඳපළ සම්බන්ධ ඔයාලගෙ ප්‍රශ්න සාකච්ඡා කරන්න.
සුභ පැතුම් හැමෝටම.
මෙන්න මෙතනින් යන්න Chat Room එකට.

Monday, May 24, 2010

කොටස් වෙළඳපළ ගැන ඔබගේ ප්‍රශ්න අසන්න අළුත් තැනක්


ඔයාල දකින්නත් ඇති, මම "Guide To CSE" වෙබ් අඩවියේ පෙනුම වෙනස් කළා. ඒක කියන්න නෙමෙයි මේක ලිව්වෙ, ඊට වඩා වදගත් දෙයක් කියන්න.
දැක්කද දන්නෙ නෑ "Ask A Q" කියන සැබැඳිය?

එහෙනම් දැන්මම ගිහිල්ල බලන්න, අඩවිය තුළම, ඔබ සඳහාම කුඩා Forum එකක් අරඹලා තිබෙනව. ඔබගේ ප්‍රශ්න, අදහස්, උදහස්, යෝජනා, චෝදනා, එහි ලියන්න. අළුතින් ගිණුම් හදන්න ඕනෙ නෑ, ඔබගේ facebook, google, yahoo, myspace, opnid, twitter ගිණුම් යොදාගෙන ඔබට ඒකට ලොග් වෙන්න පුළුවන්.
ප්‍රශ්න අහන්න විතරක් නෙමෙයි, අහල තියෙන ප්‍රශ්න වලට ඔයාලත් උත්තර දීල, ඔයාලගෙ අදහස් දක්වන්නත් මැලි වෙන්න එපා.
දැන්මම ගිහිල්ල බලන්න, මෙන්න මෙතනින්.

මේක ගැන ඔයාලගෙ අදහස් දක්වන්නත් අමතක කරන්න එපා....

Saturday, May 8, 2010

කොළඹ කොටස් වෙළඳපළ ගැන හැමෝම දැනගත යුතු දේවල් ටිකක්

මේ දවස් වල හුඟක් කතා බහට ලක්වෙන මාතෘකාවක්නෙ, කොළඹ කොටස් වෙළඳපළ. විවිධ අය කොළඹ කොටස් වෙළඳපළ තුළ ආයෝජනය දිරි ගැන්වීම සඳහා විවිධ දේ කියනව (මමත් ඇතුළුව, :) හැබැයි මේකෙන් මට කිසිම ලාභයක් නෑ, රට වෙනුවෙන් දෙයක් කිරීමයි බලාපොරොත්තු වෙන්නෙ.) පත්තර වල ලිපි ලියවෙනව, රූපවාහිනී වැඩසටහන් පවත්වනව, වෙබ් අඩවි වල ලිපි ලියවෙනව, ගුවන් විදුලිය රූපවාහිනිය තුළ ඒ ගැන කතා කරනව. ඒ දේවල් වලින් ප්‍රයෝජනයකුත් නැත්තෙ නෑ කියල කියන්න පුළුවන්.
මේ දින වල කොළඹ කොටස් වෙළඳපළ විසින්ම (හරියටම කිව්වොත් ජාතික විනිමය කොමිශන් සභාවෙන්) එසේ දිරි ගැන්වීමක් කරල තියෙනව......


Friday, April 30, 2010

අද විශේෂයි



වෙන අයට නම් නෙමෙයි මට. 
මගෙ මේ සිංහල බ්ලොග් අඩවියේ Followersල ගාන 100ක් වෙලා.
මගෙ "Photography සිංහලෙන්" වෙබ් අඩවිය වෙනුවෙන් හදපු මුහුණු පොතේ පිටුවෙ රසිකයින් ගාණ 1000 පැනල.
අද අළුතෙන් හැදුව "Guide To CSE" බ්ලොග් අඩවිය වෙනුවෙනුත් මුහුණු පොතේ පිටුවක්. ඒක හරහා මගෙ බ්ලොග් අඩවියට වැඩි දෙනෙක් පැමිණිම පමණක් නොව කොටස් වෙළඳපළ ආයෝජනයට ආසාවක් ඇති අය ඒ වටා රොක් වෙලා ඒකෙන් උදව්වක් ගනී කියල සහ කොටස් වෙළඳපළ ආයෝජනය දිරි ගැන්වීමක් වෙයි කියල හිතනව. තවත් දෙයක්, ඉදිරියේදී කොටස් වෙළඳපළ සම්බන්ධ බ්ලොග් අඩවිය තුළ ලිපි පළ කිරීමට Market researcher කෙනෙකුත් එකතු වෙන්න ඉඩ තියෙනව.

Thursday, April 22, 2010

Guide to CSE - නව පාර්ලිමේන්තුවත් සමඟ කොටස් වෙළඳපළ ඉහළට

.
ශක්තිමත් පාර්ලිමේන්තුවක් යටතේ ලංකාවේ ආර්ථිකයට හොඳ කාලයක් හා කොටස් වෙළඳපළටත් හොඳ කාලයක් එයි කියල හිතපු ආයෝජකයෝ අද කොටස් වෙළඳපළ වටා රැස් වෙලා.


සම්පූර්ණ ලිපියට >>>
.

කොටස් වෙළඳපළ සම්බන්ධයෙන් දැන ගන්න, සාකච්ඡා කරන්න

.

ඔන්න ඔයාලට කොළඹ කොටස් වෙළඳපළ ගැන දැන ගන්න, ඉගෙන ගන්න, ප්‍රශ්න අහන්න, ප්‍රශ්න විසඳ ගන්න, සාකච්ඡා කරන්න හොද අවස්ථාවක් ඇවිල්ල. ඒ වෙනුවෙන් Forum එකක් විවෘත කරල තියෙනව ඔයාල වෙනුවෙන්ම. ගිහිල්ල බලන්න, ඔයලගෙ ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න. 
ඒ ගැන දන්න කියන අය එක්ක සාකච්ඡා කරන්න, උපදෙස් ගන්න.
එන්න එකතු වෙන්න...
මෙන්න ලින්ක් එක.


Monday, April 19, 2010

අද කොළඹ කොටස් වෙළඳපළට විශේෂ දිනයක්

.

අද දවස කොළඹ කොටස් වෙළඳපළට විශේෂ දිනයක් වෙනවා. මොකද ප්‍රථම වතාවට කොටස් වෙළඳපළ සියළු කොටස් මිල දර්ශකය (ASI) ඒකක 4000 පසු කළා. පසු ගිය කාලය කොළඹ කොටස් වෙළඳපළ ඉතා ඉහළ ක්‍රියාකාරිත්වයක් වගේම ඉහළ වර්ධනයක් පෙන්වපු වෙළඳ පළක්. 
ඔයාල දන්නවනෙ, සියළු කොටස් මිල දර්ශකය කියන්නෙ සම්පූර්ණ වෙළඳපළ ගැනම මිනුමක් ලබාදෙන දර්ශකයක් කියල.
2009.04.20 වන දින ඒකක 1744.14 ක් වූ සියළු කොටස් මිල දර්ශකය, අද දින අවසානයේදී ඒකක 4015.36 ක් වුනා. ඒක 130% වර්ධනයක්.


Sunday, April 18, 2010

දැන්වීමයි - කොටස් වෙළඳපළ ලිපි පෙළ

.
මම ඉස්සෙල්ල කිව්වනෙ, මම මීට පෙර ලියපු, කොටස් වෙළඳපළ සම්බන්ධ ලිපි එක තැනකට කළා කියල. (මෙන්න මෙතනට) (http://guidetocse.blogspot.com)
ඉතින් ම්ම හිතුව, අළුතින් ලියන ලිපි හැම එකක්ම එතන ප්‍රසිද්ධ කරන්න. නමුත් මේ බ්ලොග් එකටත් ලිපියක් දානව, ඒකෙ ලිපියක් ලියූ වහාම. එතකොට ඔයාලටත් පහසුයිනෙ.
ඔයාලගෙ අදහස මොකද්ද ඒ ගැන? එ ක්‍රමේ වඩාත් පිළිවෙලයි නේද?
.

Monday, April 12, 2010

මගේ කොටස් වෙළඳපළ සම්බන්ධ ලිපි පෙළ

.
ඔයාලට මතකයිනෙ මම කොළඹ කොටස් වෙළඳපළ ගැන ලිපි පෙළක් ලිව්ව. ඒක එහෙ මෙහෙ තියෙන නිසා ඒව කියවන්න ඕනෙ කෙනෙක්ට ලේසියෙන් ඒව ටික පිළිවෙලට කියවන්න කරදරයිනෙ. ඉතින් මම ඒකට පොඩි වැඩක් කළා. මම CSE ගැන උනන්දුව ඇති වෙච්ච කාලෙ හදපු බ්ලොග් එකක් තියෙනව, ඒකට අර හැම ලිපියකම ලින්ක් එකක් දැම්ම, එකකට එක පෝස්ට් එක ගානෙ. (ලිපියෙන් චූටි කොටසකුත් එක්ක)
දැන් ඉතින් කට්ටියටම ලේසියෙන්ම ඒ ගැන තොරතුරු ඕනෙ නම් ඒ බ්ලොග් එකට ගියාම ඔක්කොම ලිපි ටිකට ගියෑකි. ඉදිරියේදී ලියන ලිපිත් එහෙමම එකතු කරන්න තමා හිතාන ඉන්නෙ.


Wednesday, April 7, 2010

කොටස් වෙළඳ පළ - A small Case Study


මේ ලිපිය ලියන්න ගිහිල්ල මට වෙච්චි දේ ඉස්සෙල්ල මම දාපු ලිපියෙන් දකින්න ඇතිනෙ? නැත්තම් මෙතනින්ගිහිල්ල බලන්න. එකම ලිපිය දෙවනි වරටත් ලියන නිසා පෙර ලිපිය තරම් දිග හා හොඳ නොවෙන්න ඉඩ තියෙනව මේක.

කොටස් වෙළඳපළ ගැන මම ලිපි පෙළක්ම ලිව්ව, ඒක මග නැවැත්තුවෙ ඒ දවස් වල ඒක ගැන මම කියන්න ඕනෙ දේවල් ඉවර කරපු නිසා (ඒක සම්පූර්ණයෙන්ම හැඳින්වීමක් වගේනෙ.) ඒ ලිපි කියෙව්වෙ නැති අය, අවසාන ලිපියට මෙතනිනුත්, මුල්ම ලිපියට මෙතනිනුත්යන්න.

හරි, අද ලිපිය පටන් ගමු එහෙනම්.
අද කියන්න යන්නෙ, ආයෝජනය ගැන තොරතුරු නෙමෙයි, වෙන කතා ටිකක්. පසුගිය කාලය තුළ කොළඹ කොටස් වෙළඳපළ ගැන විස්තර ටිකක් සහ තව අදහස් ටිකක්.

මුලින්ම බලමු අපේ මාකට් එකේ තත්වෙ.
CSE-market-details.JPG
උපුටා ගැනීම : Bloomberg - International Federation of Stock Exchanges

මේක බැලුවම මොකද හිතෙන්නෙ? අනිත් දකුණු ආසියානු කලාපීය රටවල තරම් ලොකු නොවුනත් කොළඹ කොටස් වෙළඳපළ කියන්නෙ ඩොලර් 10.58ක කොටස් හුවමාරු වන වෙළඳපළක්.

දැන් බලමු, පසුගිය කාලය තුළ කොළඹ කොටස් වෙළඳපළ ක්‍රියාකාරිත්වය කොහොමද වෙලා තියෙන්නෙ කියල.
cse-market-2009.JPG
උපුටා ගැනීම: Bloomberg
මොනවද පේන්නෙ? 2009 වසර තුළ කොළඹ කොටස් වෙළඳපළ 125.2%ක ඉතා ඉහළ වගේම ඉතා සීග්‍ර වර්ධනයක් පෙන්නල තියෙනව.

මෙතන තියෙනව විවිධ අංශ (Sectors) කිහිපයක් සම්බන්ධ විස්තර.
cse-return.JPG
උපුටා ගැනීම : කොළඹ කොටස් වෙළඳපළ
ඉහළම ක්‍රියාකාරිත්වයක් දක්වන ලද අංශ (Sectors) බැලුවම 17.5% ක මධ්‍යන්‍ය ක්‍රියාකාරිතවයක් තියෙන්නෙ, නමුත් සමහර අංශ ඉතා ඉහළ ක්‍රියාකාරිත්වයක් දක්වල තියෙනව. Food and Beverages කියන අංශය අධි ක්‍රියාකාරිත්වයක් දක්වල තියෙනව.

මේ තියෙන්නෙ 2010 වසරේ පලමු කාර්තුව තුළ කොළඹ කොටස් වෙළඳපළේ ක්‍රියාකාරිත්වය.
cse-market-2010.JPG
උපුටා ගැනීම: Bloomberg
බලන්න මේ කාර්තුව තුළ පමණක් කොළඹ කොටස් වෙළඳපළ 13.2%ක වර්ධනයක් පෙන්වල තියෙනව. බලන්න කලාපය තුළ අනෙකුත් කොටස් වෙළඳපළ වල තත්වය.

ලංකාවේ පසුගිය වසර කිහිපය තුළ ආර්ථික උද්ධමනය වෙනස් වෙලා තියෙන හැටි මේකෙන් පෙන්වනව.
cse-inflasion.JPG
උපුටා ගැනීම: ශ්‍රී ලංකා මහ බැංකුව
බලන්න, 2009 වසර තුළ උද්ධමනය ඉතා පහළ අගයක තියෙන්නෙ. 2010 වසර ආරම්භයේ පොඩ්ඩක් ආපහු වැඩි වෙල තියෙනව, නමුත් මධ්‍ය අගය සැළකුවාම ඒක අඩු වෙලා.

මේකෙ වැදගත් තොරතුරු ටිකක් තියෙනව, මේ තියෙන්නෙ කොළඹ කොටස් වෙළඳපළ තුළ ආයෝජනය සම්බන්ධයෙන් තිබෙන අවදානම් තත්වය පිළිබඳ වක්‍රයක්. (Risk Level)
cse-risk.JPG
උපුටා ගැනීම: JBS Reasearch
මොකද වෙලා තියෙන්නෙ? 2009 වසර තුළ ආයෝජන අවදානම ඉතාම විශාල ලෙස අඩු වෙලා 2008 වසරට සාපේක්ෂව.

නිගමන:

  • කොළඹ කොටස් වෙළඳපළ, දකුණු ආසියානු කලාපය තුළ ඉතා ඉහළ ක්‍රියාකාරිත්වයක් සහිත වෙළඳපළකි.
  • කොළඹ කොටස් වෙළඳපළ, පසුගිය කාලය තුළ ඉතා ඉහළ වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව ඇත.
  • වෙළඳපළ තුළ ඇති සමහර අංශ ඉහළ ක්‍රියාකාරිත්වයක් දැක්වීමට සමත් වී ඇත.
  • මේ වසර තුළද ඉහත කී වර්ධනය අපේක්ෂා කරනු ලැබේ.
  • ආර්ථික උද්ධමනය පහළ යාමත් සමඟ, ආයෝජන ප්‍රතිලාභද ඉහළ ගොස් ඇත.
  • කොළඹ කොටස් වෙළඳපළ තුළ ආයෝජන අවදානම පහළ බැස ඇත.


අවසන් නිගමනය:
බලා ඉන්නෙ නැතුව ඉක්මනට වැඩ පටන් ගනිල්ලා...

මේ තියෙන තත්වෙ හැටියට මේ අවුරුද්දෙත් මාකට් එක තව ඉහළ යයි කියල හිතෙනව.
මේ කාලය ගැන කියනව නම්, අළුත් අවුරුද්ද නිසා ටිකක් මාකට් එක ස්ථාවර තත්වයක තියෙන්නෙ. (ගොඩාක් ඉහළ යන්නෙත් නෑ, ගොඩාක් පහළ වැටෙන්නෙත් නෑ) අවුරුද්දට කට්ටියට සල්ලි එහෙම ඕනෙ වෙන නිසා කුඩා හා මධ්‍ය පරිමාණ ආයෝජකයින් තමුන් ආයෝජනය කළ මුදල් අතට ගන්නව. (කොටස් මුදල් බවට හරවනවා) ඉතින් වෙළඳපළ තුළ තියෙන මුදල් ප්‍රමාණය ටිකක් අඩු වෙනව. ඉතින් මේ කාලෙ කොටස් ටිකක් අරන් තියා ගන්න පුළුවන් නම් හොඳයි කියලයි මම හිතන්නෙ.
මැතිවරණය, මාකට් එකට ලොකු බලපෑමක් කරන්නෙ නෑ, මොකද බොහෝ දෙනෙක් දන්නව මේ හරහා ස්ථාවර ආණ්ඩුවක් ඇති වෙයි කියල. ඉතින් ඒක එච්චර මාකට් එකට බලපෑමක් කරන්නෙ නෑ.
මැයි වෙනකොට අර මුලින් කිව්ව ආයෝජකයින් අවුරුදු එහෙම කාල ආපහු පරණ වැඩේට බහින්න එනව, එතකොට ඔයාලට තියෙන්නෙ මේ කාලෙ අරන් තියපු කොටස් ටික ටිකක් වැඩි ගාණකට විකුණ ගන්න. මාසෙකින් ප්‍රථිලාභයක් ගන්න පුළුවන්.

ප.ලි.
මෙහි එන තොරතුරු ඒ ඒ තැන් වලින් උපුටා ගන්නා ලද අතර, මෙහි එන නිගමන මගේ නිගමනයි.

එහෙනම් සුභ පතනව.

Monday, January 25, 2010

කොටස් වෙළඳපළ ආයෝජනයට බිය විය යුතුද?



උත්තරය හරිම සරළයි, නෑ. කිසිම විදිහකින් බියවිය යුතු නෑ.


සමහරු මේ වැඩේට බය වෙන්න හේතු වෙන දේවල් කිහිපයක් තිබෙනව. එයාල මෙන්න මෙහෙම හිතන අය.
  1. මේක කරන්න පූළුවන් ලොකු ලොකු සල්ලි කාරයන්ට විතරයි.
  2. මේව කරන්න ගිහින් මගෙ අතේ තියෙන තුට්ටුවත් නැති වෙයි.
  3. කොටස් වෙළඳපළ තියෙන්නෙ කොළඹ ලොකු බිල්ඩිමක, මම වගේ පොඩි එකෙක්ට ඒ වගේ තැනකට යන්න බෑ. එතනට යන්න පුළුවන් ලොකු ලොකු බිස්නස් කාරයො විතරයි.
  4. මම ඉන්නෙ කොළඹ නෙමෙයි ඒක නිසා මේක මට බෑ.
  5. මම ඉංග්‍රීසි දන්නෙ නෑ, ඒ නිසා මට මේව තේරෙන්නෙ නෑ.
  6. මට ගිණුම්, ආර්ථික විද්‍යාව, මේ වගේ දේවල් ගැන කිසිම දැනුමක් නෑ.
ඔන්න ඕව තමා සාමාන්‍ය කෙනෙක්ට කොටස් වෙළඳපළ ආයෝජනය සම්බන්ධයෙන් තියෙන බයට හේතු වෙන දේවල්, තව දේවලුත් ඇති, මට දැනට මතක් උනේ මෙච්චරයි. 
හරි, බලමු මේ ප්‍රශ්න ගැන පොඩ්ඩක්.
  1. අතේ තියෙන ඕනෙම ගාණනින් මේ වැඩේ පටන් ගන්න පුළුවන්.
  2. එහෙම නැති වෙන්නෙ නෑ, මොකද ඔයාට උපදෙස් දෙන්න ගොඩක් අය ඉන්නව, එයාල ඔයාව අමරුවෙ දාන්නෙ නෑ.
  3. හය්යෝ, බිල්ඩිම ලොකු උනාට, නම ලොකු උනාට (ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සිව්වන මහලෙනෙ කොළඹ කොටස් වෙළඳපළ තියෙන්නෙ.) ඕනෙම කෙනෙක්ට එතනට යන්න තහනමක් නෑ.
  4. කොළඹ කොටස් වෙළඳපළේ ශාඛා 5ක් ලංකාව වටේ තියෙනව, තැරැව්කාර ආයතන වලත් ශාඛා කොළඹින් පිටත් තියෙනව. ඔයාලට එයාල මාර්ගයෙන් අවශ්‍ය විස්තර ලබාගන්න පුළුවන්.
  5. ඉංග්‍රීසි වල ප්‍රශ්නය එන්නෙ CDS ගිණුම ආරම්භ කරන්න ගියාම පුරවන්න තියෙන පෝරම සියල්ල ඉංග්‍රීසියෙන් තිබීම නිසා ඇතිවන ප්‍රශ්නය විතරයි. ඒක උනත් එච්චරම ප්‍රශ්නයක් නෙමේ, තැරැව්කාර ආයතනයෙන් ඒකටත් උදව් ගන්න පුළුවන්. නැත්තම් ඉංග්‍රීසි දන්න යාළුවෙක් ලවා පුරවගන්නකො. ඊට පස්සෙ කරන ඕනෙම දෙයක් සිංහලෙන් හෝ දෙමළෙන් කරන්න පුළුවන්.
  6. ඒව ගැන එහෙම විශේෂ දැනුමක් ඕනෙ නෑ, ටික කාලයක් යනකොට කොටස් වෙළඳපළ ගැන ඔබට ටික ටික තේරේවි. අර කිව්ව වගේ දේවල් වලින් යම් වාසියක් වෙනව, නමුත් ඒව දන්නෙ නෑ කියල ලාභ ලබන්න ඒක බාධාවක් නෙමෙයි.
ඔයා හුඟක්ම බය නම්, පොඩි හරි අවදානමක් ගන්න බය නම්, ඒකක භාර වගේ දෙයක් හරහා කොටස් වෙළඳපළට එකතු වෙන්න, ඒ ගැන දැනගන්න http://www.utasl.lk යන්න. 


මෙන්න මේක මට අද හම්බ වෙච්ච වෙබ් සයිට් එකක්, සමහරවිට ඔයාලට මේකෙනුත් උදව්වක් ගන්න පුළුවන් වෙයි, ගිහිල්ලම බලන්නකො. http://www.marketprices.lk/


පැරණි ලිපි කියවන්න.






Tuesday, December 1, 2009

කොටස් වෙළඳපළ ක්‍රියාකාරිත්වය බලන්නේ කොහොමද?


කොටස් වෙළඳපළ ආයෝජනය කළා වගේ නෙමෙයිනෙ, එතන මොනවද වෙන්නෙ කියල විමසිල්ලෙන් ඉන්න එපැයි, නේද? හරි හරි, ඉතින් කොහොමද කොටස් වෙළඳපළ ගැන බලන්නෙ? කොටස් වෙළඳපළ තුළ සිදුවන වෙළඳාම් පිළිබඳව දිනපතා පුවත්පත් වල (උදා:Daily News), කොටස් වෙළඳපළ තුළදීම, ඔබගේ තැරැව් කරුවාගේ කාර්යාලයේ පරිගණක වල සහ වෙනත් පොදු ස්ථාන වල, ප්‍රසිද්ධ කරනු ලබනවා. රූපවාහිනී හෝ ගුවන්විදුලි වැඩසටහන් හරහාද ප්‍රසිද්ධ කරනු ලබනවා. ඒ වගේම කොළඹ කොටස් නිකුතුවේ වෙබ් අඩවිය (www.cse.lk) තුළද එදිනෙදා සිදුවන වෙළඳාම් පිළිබඳව තොරතුරු ලබා දෙනව. ඒ වගේම ඔයාලට පුළුවන් කොටස් වෙළඳපළ මගින් නිකුත් කරන දිනපතා, සතිපතා, මාසික, කාර්තු, වාර්ෂික වාර්තා පරික්ෂා කරන්න, ඒව ඔවුන්ගේ වෙබ් අඩවියෙන් නොමිලේම ලබා ගත හැකියි. මෙම වාර්තා වල, වෙළඳපළ පිළිබඳ සංඛ්‍යාලේඛන, කොටස් මිල ගණන්, වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු අඩංගු වෙනවා.

මේ ඔක්කොටම අමතරව ඒ ඒ කොටස් තැරැව්කාර සමාගම්, කොටස් වෙළඳපළ පිළිබඳව සමීක්ෂණයන් සිදුකර සකස් කරන ලද සමීක්ෂණ වාර්තාද ඔබට එම සාමාගම් වෙතින් කියවිය හැකියි.
මේ හැමදෙයක්ම බලල ඔබට පුළුවන් වෙළඳපළ පිළිබඳව හරි හැටි අවබෝධ කර ගැනීමට. මීළඟට බලමු ඒ ඒ සමාගම් ගැන දැනගන්න හැටි.

කොටස් වෙළඳපළ පිළිබඳ පරණ ලිපි කියවන්න.

Friday, November 6, 2009

කොටස් වෙළඳ පළ ගැන වැඩිපුරම ඈසෙන ප්‍රශ්න

කොටස් වෙළඳපළ ආයෝජනය ගැන යම්ම හෝ සිතිවිල්ලක් ඈති සෑම කෙනෙක්ම අසන පළමු ප්‍රශ්නය,
මම කොටස් මිලදී ගත්තොත් මට හැම වෙලේම ලාභ ලැබෙනවද?
අපොයි නෑ.
කුමන ආකාරයක ආයෝජන ක්‍රමයක් උනත් ඒකෙ අවදානමක් තිබෙනව. අවදානම වැඩි වෙන තරමට ඒකෙන් ලැබෙන ලාභය වැඩියි. නමුත් ඉතින් හැමෝම එහෙම අවදානමක් ගන්න කැමති නෑනෙ, නේද?
ඒක නිසා තමයි, ඔබට ගැළපෙන ආයෝජන ක්‍රමය ඔබ තෝරා ගත යුත්තේ.
ඒ සඳහා මෙන්න මේ දේවල් ගැන සොයා බැලිය යුතුයි.
  • එමගින් ලැබෙන ලාභය
  • ඔබ දරන්නට කැමති අවදානමේ ප්‍රමාණය
  • ඔබගේ ආයෝජනය යළි මුදල් බවට පත් කරගැනීමට ගත වන කාලය
කොටස් මිලදී ගැනීම, ලාභය වැඩි, අවදානමකුත් තිබෙන, ඉතා ඉක්මනින් ආයෝජනයන් යළි මුදල් බවට පත් කරගත හැකි, අයෝජන ක්‍රමයක්.
ඔබ දරන්නට කැමති අවදානමේ තරම තමයි ඔබට තීරණය කරන්න වෙන්නෙ.
බය වෙන්න එපා. ඔබ වැඩේට බැස්සට පස්සෙ ඔබ තනියම නෙමෙයි ඉන්නෙ, ඔබේ ආයෝජන උපදේශකයා ඔබට හැම වෙලේම උපදෙස් දෙන්න සූදානමින් ඉන්නෙ. ඔහු/ඈය කියල දේවි, ඔබේ මුදල් වලින් උපරිම ලාභයක් ගන්න විදිහට ආයෝජනය කරන හැටි.

කොටස් වෙළඳපළ තත්වයට මූලිකව බලපාන ප්‍රධාන සාධක කිහිපයක් තිබෙනව.
  • පොළී අනුපාතික වල වෙනස් වීම්
  • රටේ ආර්ථික තත්වය
  • රටේ දේශපලනික ස්ථාවරත්වය
  • තවත් අන්තර්ජාතික තත්ව
මෙම සාධක එකතු වී, කොටස් වෙළඳපළ තත්වයට බලපෑම් ඈති කරනව.
උදා: රටේ පොළී අනුපාතික පහළ යන විට ආයෝජකයින් කොටස් වෙළඳපළ ආයෝජනය දෙසට හැරෙන්න ඉඩ තියෙනව, එමගින් කොටස් මිල ඉහළ යාමක් වෙන්න පුළුවන්.
රට තුළ ඡන්දයක්/දේශපාලනික අස්ථාවරත්වයක් ගොඩනැගෙනවනම් කොටස් මිල පහළ යනව.

එම නිසා, කොටස් වෙළඳපළ සම්බන්ධව හා රටේ ආර්ථික තත්වය සම්බන්ධව ලොකු දෑනුමක් නොමැති කෙනෙක්ට, කොටස් වෙළඳපළ ආයෝජනය තුළින් ලාභ ලබා ගන්න නම්, ඒ සම්බන්ධයෙන් හොඳ දැනුමක් ඈති තැරැව්කාර ආයතනයෙන් ඔබට ලබා දෙන ආයෝජන උපදේශකගෙ උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා.

තව ප්‍රශ්න වලට උත්තර ඉදිරියට.

කොටස් වෙළඳපළ සම්බන්ධ මුල් ලිපි කියවන්න.



Sunday, October 25, 2009

කොටස් වෙළඳපළ ආයෝජනයේ අනෙකුත් වාසි


සමාවෙන්න ඕනෙ ටිකක් පරක්කු උනාට. මේකෙ මුල් ලිපිය පළ කරල මාසෙකටත් වැඩියිනෙ. කමක් නෑ, එහෙනම් පටන් ගනිමු.

අර මුලින් කිව්ව ප්‍රධාන වාසි වලට අමතරව මොනවද තියෙන අමතර වාසි?

ඔබට අවස්ථාව ලැබෙනව එම සමාගම් වල වාර්ෂික රැස්වීම් වලට සහභාගි වීමට හා එම රැස්වීම වලදි ඡන්දය ප්‍රකාශ කිරීමට (ඔබ ඡන්ද බලය සහිත කොටස් නම් අරන් තියෙන්නෙ.) 
එම කොටස් හිලව්වට තබා බැංකු ණය ලබා ගැනීමට. 
තවත් කිහිපයක් තිබෙනව.
Right Issues, Bonus Issues සහ Share Splits

මොනවද මේ Right issues?
සමහර සමාගම්, කාලෙකට තමුන්ගෙ කොටස් අඩු මිලට මිලදී ගන්න කොටස් හිමි කරුවන්ට ඉඩ දෙනව. එම කොටස් වල වටිනාකම පෙර තීරණය කරනු ලැබූ අගයක්. ඒක බොහෝ විට සාමාන්‍ය වෙළඳපළ අගයට වඩා පහළ එකක්, හැබැයි එහෙම නොවෙන්නත් පුළුවන්. 
මෙහිදී වෙන්නෙ, එම සමාගමේ කොටස් හිමියන්ට පුළුවන්, අනුපාතයක් ලෙස අඩු මිලට එම සමාගමේ කොටස් මිලදී ගන්න. 
උදා: ABC සමාගම එම සමාගමේ කොටස් හිමියන්ට එක කොටසක මිල රු.10 බැගින් කොටස් 10කට එක බැගින් right issues නිකුත් කරනව. ඔබ ලඟ ABC සමාගමේ කොටස් 1000ක් තිබේ නම් ඔබට පුළුව්න් රු.10 බැගින් එම සමාගමේ කොටස් 100ක් right issues විදිහට මිලදී ගන්න.
සාමාන්‍යයෙන් right issues නිකුත් කරනව කිව්වම, එම සමාගමේ කොටස් වල මිල ඉහළ යනව, එතකොට ඔබට පුළුවන් ඉහල ලාභයක් තියාගෙන ඔබ ලඟ ඇති එම සමාගමේ කොටස් විකුණන්න. Right issues දුන්න කියල ඒක මිලදී ගැනීම අත්‍යවශ්‍ය නෑ, ඕනෙ නම් විතරයි ගන්න ඕනෙ. මෙහෙම දෙන්නෙ කාලෙකට විතරයි, එම කාල පරාසය එම right issues නිකුත් කිරීමත් සමඟම කියනව, ඒකට කියන්නෙ Ex-Rights Period ("XR") කියල.

එතකොට Share Splits?
සමහර වෙලාවට සමහර සමාගම්, තමුන්ගෙ කොටස් කැබලි වලට කඩනව. ඒකත් අර ඉස්සෙල්ල වගේම දවසක් තීරණය කරල කරන දෙයක්. 
මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ share volume එක ඉහළ නැංවීම හා කොටස් වල මිල පහළ හෙලීම වගේ දේවල් තමයි.
උදා: ABC සමාගම කියනව, මෙන්න මේ දවසින් පස්සෙ අපේ සමාගමේ කොටස් එකක් දෙකකට බැගින් බෙදනව කියල. ඔබ ලඟ ABC සමාගමේ කොටස් 100ක් තිබෙනවනම්, එම දිනෙන් පසු ඒක 200ක් වෙනව.

Bonus Issues හෙවත් Capitalization of Funds
සමහර වෙලාවට සමහර සමාගම් මෙහෙම වැඩත් කරනව, එයාල කියනව, අපේ කොටස් හිමිකරුවන්ට, අපි නොමිලේ කොටස් දෙනව කියල. මේකෙන් එම සමාගමට මුදල් ලැබෙන්නෙ නම් නෑ, නමුත් ඒ කොටස් වල වටිනාකම කොටස් හිමියාට ලැබෙනව. 
උදා: ABC සමාගමේ කොටස් හිමිකරුවන්ට කොටස් 10කට එක කොටස බැගින් නොමිලේ කොටස් දෙනව කිව්වොත්, ඔබ ලඟ එම සමාගමේ කොටස් 100ක් තිබෙනවනම්, ඔබට පුළුවන් මෙම නොමිලේ ලබා දෙන කොටස් 10 අරගෙන ඔබ ලඟ ඇති එම සමාගමේ කොටස් ටික 110ක් කරගන්න. පොඩි දුක හිතෙන කතාවක් නම් තියෙනව, bonus issues හුඟ කාලෙකින් කවුරුවත් දීල නෑ.

වාසි ඉවරයි, තවත් හොරතුරු ඉදිරියට.

Tuesday, October 20, 2009

කොටස් වෙළඳ පළ මේ දවස් වල


ළමයි දන්නවද මේ දවස් වල මාකට් එක ගන්නම දෙයක් නා, ඔක්කොම වගේ බැහැගෙන බැහැගෙන යනව. මේ ඔක්කොටම හේතුව අර දෙමළ ඇමරිකන් ඩයල් එක කරපු වංචාව. ඒ යකා හැම එකෙන්ම වගේ කොටස් අරන් තිබ්බ නිසා, 
දැන් මාකට් එක හිටු කියල බහිනව. පහු ගිය දවස් කිහිපයේම මාකට් එකේ තත්ත්වෙ ඍණ ගියේ. අදත් එහෙමම තමා. බලන්නකො අද තත්වෙ.

මෙහෙම බැස්මක් නම් මතක ඇති කාලෙක තිබ්බෙ නෑ. (දන්න කාලෙක.) හැබැයි ළමයිනේ ටික දවසකින් මේක ආපහු හරියනව, වැඩේට බැහල කොටස් ටිකක් අරන් තියන්න පුළුවන් නම් ගොඩේ ගොඩ තමා. ආයි හොඳ ලාභයක් ගන්න පුළුවන් වෙනව ෂුවර්.