අප්පේ මේක ලියන්න ගිහින් මට එපා උනා. මගෙ යාලුවෙක්ගෙ බ්ලොග් එකක මිනිහ පෝස්ට් එකක් දාල, මට චැට් එකේදි කිව්ව උඹේ අදහසුත් ලියපන් කියල කමෙන්ට් එකක් විදිහට. ඉතින් මම ලිවුව.
මගෙත් ආසම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් තමා ඒ ලිපිය තිබ්බෙ, නිනිති තාක්ෂණය (nano technology). ඉතින් පොඩ්ඩක් වට පිටත් හොයල බලල පොඩි කමෙන්ට් එකක් ලිව්ව.
මොන පොඩිද?
මම එච්චර දිගට ලිපි ලියල තියෙන්නෙත් හරි අඩුවෙන්. ලියල ඉවර කරල පෝස්ට් කරල, ඒකෙ දිග දැක්කම හිතුන ඒක ලිපියක් විදිහටම ලිව්ව නම් හොඳයි කියල.
පොඩ්ඩක් ගිහිල්ලම බලන්නකො.
ඔයාලගෙත් අදහස් දෙන්න ඒ ලිපියට.