Sunday, September 26, 2010

ඔබගේ වෙබ් අඩවියයේ Traffic වැඩි කරගන්නේ කොහොමද? - 3



හුඟ කාලෙකට පස්සෙ ආවෙ. වැඩ ඉවරයක් නෑ නෙ. විභාග තිබ්බ, ඒක ඉවර උනාම EXMO, ඊට පස්සෙ ප්‍රොජෙක්ට් රිපෝට්, දැන් presentation වලට ලෑස්ති වෙන්න ඕනෙ,  ඒ අස්සෙ ටෙක්නෝ එකෙත් වැඩ ටිකක් තියෙනව. ඉතින් බ්ලොග් ලියන්න වෙලාවක් නෑ, වෙලාවක් ආවත් මේක ලියන්නෙ නැතිව වෙන වැඩනෙ. :( සමාවෙවෙන්න ඕනෙ මට.

හරි අද මේ ලිපිය පටන් ගමුකො.

පළමු ලිපියට මෙතනින් යන්න.
දෙවන ලිපියට මෙතනින් යන්න.

අද තෙවන කොටස.

අද පටන් ගන්න තියෙන්නෙ අංක 28න්.



තරඟාවලි

28. Reweet Contest එකක් පවත්වන්න. ඔබට පුළුවන් ඔබගේ ලිපි Reweet කරන්න කියල කියවන්නන්ට කියන්න, හැබැවි එයාලට ඒ වෙනුවෙන් වටිනා යමක් ඔබට ලබා දිය යුතු වෙනවා. ඔබගෙ අඩවියට අනුග්‍රාහකයින් සිටිනවා නම් ඔවුන්ගෙන් යමක්, නැති නම් වෙනත් තරඟයකට ඇතුළු වෙන්න අවස්ථාවක් දෙන්න මේ තරඟ්ය හේතු වන විදිහට.

29. Comment Contest එකක් පවත්වන්න. මේක නම් කට්ටියට අළුත් නෑ මම හිතන්නෙ. මොකද සිංහල බ්ලොගෝලය තුළ පසුගිය කාලයේ මෙහෙම ඒව කිහිපයක්ම තිබ්බ මට මතකයි. මේක හරහා ගොඩක් ට්‍රැෆික් ගන්න පුළුවන්, මොකද ඔබගේ RSS subscribersලට පවා අඩවියට එන්න වෙනවානෙ කමෙන්ට් කරන්න.

30. Review Contest එකක් පවත්වන්න. ඔබගේ අඩවිය ගැන අනිත් අයට ලියන්න කියල ඔබට තරඟයක් පවත්වන්න පුළුවන්. මේ හරහා ඔබට, අළුත් පිරිසක් එකතු කරගන්න පුළුවන් වෙනවා වගේම ගූගල් රෑන්කිං වලටත් මේක බලපෑමක් කරනව. (හොඳ බලපෑමක්) හැබැයි ඉතින් ඔබගේ අඩවිය ගැන නැතිනම් මේ තරඟය ගැන අනිත් අය ලියන්න යොමු කරවන්න, හොඳ තෑග්ගකුත් දෙන්න වෙයි. 

31. ඡන්දය ලබා දීමේ තරඟයක් (Voting Contest) පවත්වන්න. තරඟ කරුවන්ම ලබා දෙන යම් දෙයකට නැති නම් ඔබ කියන දෙයකට ඡන්දය ලබා දෙන්න අනෙකුත් කියවන්නන් යොමු කරන්න පුළුවන් එකක් මේක. තරඟකරුවන්ට පුළුවන් ඔබ ලබා දෙන යම් දෙයක් ගැන කියන්න. උදා: online money making tips ලබා දෙන්න කියල තරඟකරුවන්ට කියනවා. ඒ ටිප්ස් වලට ඡන්දය ලබා දෙන්න අනෙකුත් කියවන්නන්ට අවස්ථාව සලසල දෙනවා. හොඳම ටිප් එකට තෑග්ගක් දෙනවා.

32. Traffic Contest එකක් පවත්වන්න. ඔබගෙ අඩවියේ යම් පිටුවකට (තරඟයක් ගැන විස්තරයක්, ඊ බුක් එකක් ලබාදෙන පිටුවක් ගැන විස්තරයක්, වෙනත් දෙයක්) traffic ගෙනැල්ල දෙන්න කියල තරඟයක් තියනව. අපි කියමුකො සතියකට කියල, තමුන්ගෙ අඩවියක හරි වෙනත් ක්‍රමයකින් හරි ඔබගේ අඩවියට traffic එවන්න කියල තරඟයක් පවත්වනවා. එකිනෙකාට referral link එක ගානෙ දීල හරි අවසානයේ ඔබගේ traffic analytics බලල පුළුවන්නෙ ජයග්‍රාහකයව තීරණය කරන්න.

Multimedia

33. විඩියෝ සමඟ පරීක්ෂණ කරල බලන්න. විඩියෝ දර්ශන කියන්නෙ මේ දවස් වල ඉහළ ප්‍රසාදයක් තිබෙන දෙයක්. ඔබත් ඒක පරික්ෂා කරල බලන්න. උදා: ඔබට පුළුවන් වෙබ් කැම් එකකින් ඔබේම විඩියෝ එකක් අරගෙන දාන්න. හැබැයි ඉතින් ඔබ කතා කරන දෙයෙහි ප්‍රයෝජනයක් තිබෙන්න ඕනෙ ඔබගේ ලිපි කියවන අයට, නැත්නම් කට්ටිය බලන්නෙ නෑ නෙ. 

34. Screen Cast එකක් කරන්න. විඩියෝ දර්ශනයක් කරන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි ඔබගේම පරිගනකයේ මුහුණත විඩියෝ කරන එක මොකක් හරි වැඩක් කරන ගමන්. උදා: ඔබට පුළුවන් යම් මෘදුකාංගයක් භාවිතා කරන හැටි ගැන පොඩි විඩියෝ දර්ශනයක් පිළියෙල කරල ඔබගේ අඩවියේ පෙන්නන්න.

35. ඔබගේ විඩියෝ දර්ශන විවිධ අඩවි වල ප්‍රකාශයට පත් කරන්න. YouTube වගේ අඩවි වලට ඔබගේ විඩියෝ දර්ශන upload කරන්න, ඒ හරහා ඔබට ඉහළ traffic එකක් ගෙන්නගන්න පුළුවන්. 33, 34 අංක වල කිව්ව විඩියෝ එකකින් පොඩි කොටසක් කපල youtube වගේ අඩවියකට දාල විඩියෝ එක ඇතුළෙම ඔබගේ අඩවියයේ ලින්ක් එක පෙන්වන්න, සම්පූර්ණ විඩියෝ එක බලන්න මෙන්න මේ අඩවියට එන්න කියල. http://www.tubemogul.com කියන අඩවිය හරහා මේ ක්‍රියාවලිය පහසු ක්‍රගන්න පුළුවන් වේවි.

36. Podcast එකක් දාන්න. Podcasting කියන area එක පොඩි නිසා ඔබට මේ හරහා නම් ලොකු දෙයක්කරගන්න පුළුවන්, සමහර විට ඔබ තෝරා ගන්නා විෂය පරාසය තුල ඔබගේ පොඩ්කාස්ට්ස් මූලිකයා වෙන්නත් ඉඩ තිබෙනවා. අවශ්‍ය වන්නේ යම් කාලය කැප කිරීමක්, නිශ්ශබ්ද පරිසරයක් හා මයික්‍රෆෝනයක් පමණයි. සහ ගැළපෙන විෂය පරාසයක්. 

37. Audio Interviews ප්‍රකාශයට පත් කරන්න. text interviews වලට වඩා audio interviews වලට තියෙන ඩිමාන්ඩ් එක වැඩියි. මේකත් ට්‍රැෆික් වැඩි කරගන්න කියාපු ක්‍රමයක්. ලේසිම ක්‍රමයක් තමයි skype හරහා call කරල, ඒකරෙකෝඩ් කරගන්න එක.

මතු සම්බන්ධයි.


මෙම ලිපි මාලාවට Subscribe වන්න. මෙතන කොටන්න.
මෙම බ්ලොග් අඩවියේ ලිපි වලට එකතු වන්න:  

Monday, September 13, 2010

EXMO 2010 - උත්කර්ෂවත් ලෙස නිමා වුනි

EXMO තාක්ෂණික ප්‍රදර්ශනය, මොරටුව සරසවිය තුළ කාලෙකින් පවත්වපු දැවැන්තම ප්‍රදර්ශනය කියන්න පුළුවන්. මේක පැවැත්වුවේ ඉංජිනේරු පීඨය මගිනුයි.
සියළුම දෙපාර්තමේන්තු මීට සහභාගි වුනා.
මම, ද්‍රව්‍ය විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ සිසුවෙක්. අපේ දෙපාර්තමේන්තුවත් මේ සඳහා ඉහළ සහභාගිත්වයක් ලබා දුන්නා.
අපගේ දෙපාර්තමේන්තුවේ සිටින සිසුන් සංඛ්‍යාව අනෙකුත් දෙපාර්තමේන්තු වලට සාපේක්ෂව අඩු උනත්, අපි අනෙකුත් දෙපාර්තමේන්තු මට්ටමටම ඉතාම ඉහළින් මෙම ප්‍රදර්ශනය සිදු කළා.
අපගේ දෙපාර්තමේන්තුවට ඉතා ඉහළ ජනකායක් පැමිණියා. EXMO ප්‍රදර්ශන කමිටුවේ ප්‍රධානි මහාචාර්ය සී. කේ. පෙරේරා කථිකාචාර්යතුමන් පැවසූ ආකාරයට වැඩිම ජනකායක් පැමිණ ඇත්තේ ද්‍රව්‍ය විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවටයි. (මෙම තොරතුර, එතුමන්ම අපගේ දෙපාර්තමේන්තුවේ, කමිටු සාමාජික කථිකාචාර්යතුමන්ට පවසා ඇත.)
ද්‍රව්‍ය විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුව තුළ පැවති ප්‍රදර්ශන භාණ්ඩ අතුරින් ඉහළම ජනප්‍රියත්වයක් ලබාගත් අංග මෙන්න මේවායි.

1. Materials Selection of an Armoured Vehicle (Vehicle was BTR 80A)
2. Materials Selection of a Jet Engine
3. Ultrasonic Testing (Non Destructive Testing method)
4. Fabrication of Silicon Wafers
5. Defects in Ceramic tiles
6. Different metal forming processes
7. Scanning Electron Microscopy
8. Failure Analysis of Kafeer Jet parts
9. FTIR
10. Polarizing polymers
11. Why Titanic failed

මෙන්න මේව තමයි ඉතින් ඉහළම ජනප්‍රියත්වයක්  ඉහළම ප්‍රතිචර ලබා ගත්තු ප්‍රදර්ශන භාණ්ඩ.
ආපු අය නම් ගොඩාක් දේවල් බලන්නැති, ආපු නැති අයට ගොඩාක් දේවල් මිස් වෙන්න ඇති. දුක් වෙන්නෙපා, ලබන අවුරුද්දෙ මීටත් වඩා හොඳ ප්‍රදර්ශනයක් බලාගන්න ඔයාලට පුළුවන් වේවි.




Sunday, September 5, 2010

ආපහු ආවා සහ EXMO 2010

විභාග වැඩ නම් ඉවරායි. අපේ කැම්පස් ජීවිතෙත් ඉවරයි වගේ තමයි ඉතින් මේ අන්තිමම විභාගෙත් එක්ක.
ඒත් ඉතින් තව Final Year Project report, presentation දෙනකොට මේ මාසෙත් ඉවරවෙනකම් කැම්පස් ගාටන්න වෙනවා.
විභාගෙ ඉවර උනාට දැන් ඊටත් වඩා වැඩ අධිකයි නෙව. ඇයි අපේ ExMO 2010 මහා ඉංජිනේරු ප්‍රදර්ශනය.
ඒකට මේ දවස් වල හෝ ගාල වැඩ. ඉතින් එ වැඩ නිසා අලුතින් හරි හමන් ලිපියක් නම් ලියා ගන්න බැරි වෙනව මේ සතියෙත්. :(
වට් ටු ඩූ කිව්වලු. ඉතින් මගෙ පාඨකයො (මහ ගොඩක් නෑ ඒත් ඉන්න ටික මසුරං වටිනව.) පොඩ්ඩක් ඉවසල ඉන්න අළුතින් ලිපි ටිකක් දානකම් මගෙ බ්ලොග් අඩවි තුනට. මේක, Guide To CSE, Photography සිංහලෙන්.

ඉතින් මේ ලෑස්ති උනේ, අපේ EXMO 2010 බලන්න කස්ටියට එන්න කියල ආරාධනා කරන්නයි.
මම ඉන්නෙ Department of Materials Science and Engineering එකේ. ආවොත් මාවත් බලල කතා කරල යන්නකො. :) 
තියෙන දවස් දන්නවනෙ? මේ මාසෙ, ඒ කියන්නෙ සැප්තැම්බර් 9, 10, 11 දින තුන පුරා උදේ 9 සිට හවස 7 වනතෙක්.
එහෙනම් හම්බවෙමු, ප්‍රදර්ශනයේදී...