Wednesday, June 24, 2015

Group Buying සයිට් වලින් බඩු ගැනීම


මොනවද මේ Group Buying Sites?
තේරුම නම් අහන්නෙපා. උදාහරණෙකින් කියන්නම්.
ඩිස්කවුන්ට් සයිට්.
උදා: buynow.lk, mydeal.lk, anything.lk, easy.lk ....................

මේවයෙ හරි ලාභෙට බඩු තියෙනවනෙ. ඔයාල දැකල ඇති.
එයාල කියන විදිහට සමහර බඩු වල ඔරිජිනල් මිලෙන් 50%කට වඩා අඩු මිලකට එයාල සමහර බඩු අපිට දෙනවා.

ඒ කියන තරම් එච්චර අඩු මිලට දෙන්නෙ කොහොමද ඇත්තටම?
මම නම් වැඩිපුර දන්නෙ නෑ. නමුත් දේවල් දෙකක් දන්නව.
1. එයාලට Showroom maintenance වියදමක් යන්නෙ නෑ. (ඒකට අදාල විදුලිය, කුලිය, සේවකයින් සඳහා වැටුප්, අදාල වෙනත් වියදම්)
2. එයාල සමහර බඩු කොරියාව, චීනය, වියට්නාමය වගේ රටවලින් කෙලින්ම ගෙන්වනවා. ඉතින් ගොඩක් අඩු මිලට ගන්න පුළුවන්.

එතකොට ඔය එයාල කියන ඔරිජිනල් මිල?
ඒක මාකට් එකේ තියෙනව කියන මිලනෙ. හැබැයි සමහර දේවල් මම දැකල තියෙනව මාකට් එකේ තියෙන මිලටත් වඩා එයාල දාල තියෙන මිල වැඩියි. එක දන්නෙ නැති අය හිතන්නෙ මේව පට්ටම ලාභයිනෙ කියල.
හෝටල් වලටත් එහෙමයි. හුඟක් හෝටල් වල ඇත්ත මිල ගණන් මෙයාල දාල තියෙන මිල ගණන් වලට වඩා හුඟක් වෙලාවට අඩුයි.

මම කියන්න ආවෙ මේ දේවල් නෙමෙයි. මෙයාල කියන සමහර උපකරණ වල ක්‍රියාකාරිත්වය ගැන ගැටළු තිබෙනවා. ඉලෙක්ට්‍රොනික උපකරණ ගැන තමා මම කියන්නෙ.
සමහර වෙලාවට ඒවා සම්බන්ධ ගැටළු වලට ඔවුන් සාර්ථකව පිළිතුරු දෙන්නෙ නෑ.

උදා: මම easy.lk එකෙන් ගත්ත Pest Reject (කෘමීන් එලවන) උපකරණයක්. ගෙනල්ල පාවිච්චි කරල බැලුවම ඒකෙන් වැඩක් නෑ. ඒක දාල තිබ්බට මැස්සො, මදුරුවො, කැරපොත්තො එලවනව කියල. ඒක ඉස්සරහින් ඒ ඔක්කොම සත්තු ආතල් එකේ එහෙ මෙහෙ යනව. උන්ට කිව්වම කේස් එක උන් කියපි මේක මැස්සන්ට මදුරුවන්ට වැඩ නෑ කියල. ඊට පස්සෙ මම කිව්ව item description එකේ නම් ඒ ඔක්කොමල්ලටම වැඩ කියල දාල තියෙනව කියල. ඊට පස්සෙ කිව්ව එහෙනම් ඒක ගෙනත් දෙන්න refund කරන්නම් කියල. මට නිවාඩු දාගෙන නුගේගොඩට යන්න වෙලාවක් නැති නිසා ඒ රු.1250ට සමු දුන්න.

ඉතින් ඔන්න ඔහොම කේස් වෙන්න පුළුවන් කියලයි මට කියන්න ඕනෙ උනේ. ඕවායෙ තියෙන බඩු හරියට වැඩ කරනවද කියල ඇත්තටම ශුවර් නෑ. හොඳ ඒවත් අනිවාර්යයෙන් තියෙනව,
මම mydeal.lk එකෙන් ගත්තු 10000mAh Power bank එක දැන් කාලාන්තරයක් සුපිරියට වැඩ.

අනිත් එක, ඔය සයිට් වල තියෙන දේවල් වලින් 70-80%ක්ම ebay එකේ තියෙනව ඒ දාල තියෙන මිලට වඩා ගොඩක් අඩුවට. සමහර දේවල් 90%ක් වගේ අඩු මිලට.
උදා: Selfie Stick එකක් ඔය සයිට් වල 1000-1500/- අතර මිලකට විකිණෙනකොට ඒක ebay එකෙන් ගන්න පුළුවන් 200-300/= වගේ මිලකට.

Hotel Bookings ඔය සයිට් වලින් බලල කරන්න හිතනව නම් ඊට ඉස්සෙල්ල ඒ හෝටල් වලට කතා කරල බලන්න, සහ අනිවාර්යයෙන්ම agoda.com, bookings.com වල ඒ හොටෙල් වල මිල ගනන් චෙක් කරන්න. agoda වල එහෙම ගොඩක් වෙලාවට ගොඩක් අඩු මිලට තියෙනව.

හරි.
කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරි උනු නිසා හදිසියෙ හිතුනු දේවල් ටිකක් එකතු කරල මේ ලිපිය ලිව්වෙ. කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතනවා.