Wednesday, September 30, 2009

Widgets

[තොටගමුවේ හිමියන්ගේ ජනප්‍රවාද] ගුරු හිමියන්ට බළල් වසුරු කැවීම



කට්ටිය බලයි මොකද්ද බොලේ මේ කියල. 
මේක තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගැන තියෙන ප්‍රවාදයක්. අහගන්නකො එහෙනම්. 
මේක රාහුල හාමුදුරුවො පොඩි කාලෙ වෙච්චි දෙයක්. 

තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගෙ ගුරු හාමුදුරුවො තමා වීදාගම මෛත්‍රී හාමුදුරුවො. මහණ උනාට මේ පොඩි හාමුදුරුවන්ගෙ දඟ වැඩ නම් තාම එහෙමමයි. 
ඔන්න ඉතින් රාහුල පොඩි හාමුදුරුවො දවසක්දා බෝ මළුව අමදිනකොට කවුරු හෝ දායකයෙක් දමල ගිය චූටි පූස් පැටියෙක් දැක්ක. ඉතින් පොඩි හාමුදුරුවන්ටත් හරි සතුටුයි, මොකද කළේ කන්න බොන්න දීල හදා වඩා ගත්ත.  
හැබැයි ඉතින් ලොකු හාමුදුරුවො මේකට කැමති නෑ, මොකද මේ පූස් පැටියගෙන් ලොකු හාමුදුරුවන්ට හරියට කරදර, හැමතැනම රිංගනව, හැමතැනම ජරා කරනව, හාමුදුරුවන්ට භාවනා කරන්නත් නෑ හරියකට. කාලයක් යනකොට ලොකු හාමුදුරුවන්ට මේ පූස් පැටියව දකින එකත් තිත්ත උනා. ගුරු හාමුදුරුවො පොඩි හාමුදුරුවන්ට කරුණාවෙන් කියල බැලුව, මොන. පොඩි හාමුදුරුවන්ට ගානක්වත් නෑ. 
තව ටික කාලයක් යනකොට ගුරු හාමුදුරුවන්ට මේ පූස් පැටියව දකිනකොට හොඳටම තරහ යනව. අන්තිමට තරහ ඉවසගන්න බැරුව මොකද දන්නවද ගුරු හාමුදුරුවො කළේ? කතා කළා පොඩි හාමුදුරුවන්ට. කිව්ව මෙන්න මෙහෙම, 
"රාහුල, නුඹගේ බළල් පැටවා.. අදම උපාසක උන්නැහට දීපන්. එහෙම නැතිව හේ එහෙම බණ මඩුවේ වසුරු දමා තිබුණොත් ඒ වසුරු සේරම උඹට කව්වනවා".
අනේ අපෝයි වෙච්චි දෙයක්. ගුරු හාමුදුරුවො එහෙම කිව්වම පොඩි හාමුදුරුවන්ට හොඳටම බය හිතුන, ලොකු හාමුදුරුවො එහෙම කිව්වෙ එවෙලෙ තිබ්බ තරහට උනත් ඒක එහෙමම වෙනව කියල පොඩි හාමුදුරුවන්ට හොඳටම විශ්වාසයි. 
ඒ උනාට මොකද කරන්නෙ, ඌව යවන්නත් දුකයි, ඒ මදිවට කොච්චර කළත් ඌ පොඩි හාමුදුරුවන්ගෙ පස්සෙමයි. මොකද කරන්නේ කියල දැන් හාමුදුරුවො කල්පනා කළා. 
ආව හොඳ අදහසක්. පොඩි හාමුදුරුවො උපාසක තැනට කියල හකුරු මුලකුයි, තල මුලකුයි ගෙන්න ගත්ත. ඒව කලවම් කරල හොඳින් අඹරල ගුලි හදල තියල නිදාගත්ත. උදේ පාන්දරම අවිදි වෙච්ච පොඩි හාමුදුරුවො, බණ මඩුවෙ තිබ්බ සියළු වසුරු අයින් කරල අර හදාගත්තු ගුලි වසුරු වගේ පේන්න තිබ්බ. 
මොකද උනේ කියල හිතා ගන්න පුළුවන්නෙ? උදේ අවදි උනු ගුරු හාමුදුරුවො ගියා බලන්න, පොඩි නම කිව්ව විදිහට කරලද කියල. දැක්ක දෙයින් ගුරු හාමුදුරුවො හොඳටම කෝප උනා. 
මොකද්ද දැක්කෙ, වෙනදටත් වඩා වසුරු බණ මඩුව ඇතුළෙ. ගුරු හාමුදුරුවො කතා කලා පොඩි හාමුදුරුවන්ට, බැන්න හොඳට, අණ කළා ඔක්කොම වසුරු ටික කන්න. අනේ ඉතින් පොඩි හාමුදුරුවොත් දොළොස් අවුරුද්දක් හාමතේ හිටිය වගේ ඔක්කොම වසුරු ටික වැළඳුව.  
"හපෝයි, මේක නම් මනුස්ස පුතෙක් නෙමෙයි" කියල හිතමින් ලොකු හාමුදුරුවො එතනින් ඉවත් වෙලා ගියා.
එතනින් ඒ පරිච්ඡේදය ඉවරයි.

5 comments:

  1. ඔබේ නිර්මාණය හරිම අගෙයි.
    මෙබඳු දෑ අද පරපුරට කියවන්නට ඉඩ හසර ලබා දීම, පින් කමක් ලෙසිනුයි, මට නම් පෙනෙන්නෙ. ඔබට ජය!

    ReplyDelete
  2. මරු අයියේ නියම කතාව තව ලියන්න.

    ReplyDelete
  3. හික් මොනා උනත් පට්ට සීන් එක :D

    ReplyDelete
  4. Meke maathrukava tikak veradiy wage neda?

    ReplyDelete
    Replies
    1. ??? ඇයි? මේ ඒ කතාවෙ පළමු කොටස. :)

      Delete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.