Sunday, April 19, 2020

Hosted wordpress අඩවියකට wordpress.com වල ඇති පහසුකම් හා තවත් බොහෝ දේ ලබා ගන්න Wordpress JetPack



මේක මේ කාලෙ වැඩිපුරම භාවිත වෙන ප්ලගින් එක වෙන්නත් පුළුවන්.
මේකෙත් ෆ්‍රී හා ප්‍රිමියම් දෙකක් තියෙනව. ෆ්‍රී එකෙත් ගොඩක් පහසුකම් තියෙනව.
මේකෙ තියෙන පහසුකම් රාශිය අතරින් මම කැමතිම හා වඩාත්ම වැදගත් පහසුකම් මෙන්න මේව.

1. සයිට් එකට බරක් නැතිව Site #statistics ගන්න හා බලන්න.
මොකද මේකෙදි සයිට් ස්ටැට්ස් දෙන්නෙ wordpress.com එකත් එක්ක. ඉතින් සයිට් එකට කිසිම බරක් නෑ ඒකෙන්.

2. #Brute force attacks වැළැක්වීම.
සයිට් එකක පාස්වර්ඩ් එක හොරාගන්න භාවිත කරන මූලිකම ක්‍රමයක් තමයි bruteforce කියල කියන්නෙ. ඇඩ්මින් username එක හොයාගෙන ඒකට විවිධ පාස්වර්ඩ් ලක්ෂ ගණන් දාගෙන දාගෙන ගිහිල්ල බලන එක. ඒව මේකෙන් බ්ලොක් කරන්න පුළුවන්.

3. #Downtime monitoring
සයිට් එක ඩවුන් උනාද, ආපහු අප් උනාද කියල ඩිටෙක්ට් කරල අපිට ඊ මේල් එවනව. හොස්ට් එක reliable නම්
හා ප්ලගින්, තීම් වල ප්‍රශ්න නැතිනම් ඉතින් කේස් එකක් නෑ.

4. Performance & speed improvements.
image loading time, static pages loading time, lazy image loading හරහා සයිට් එකේ වේගය වැඩි කරනවා.

5. Publicize connections
Social network connectivity එක improve කරන එක හා පහසු කරන එක මේකෙන් කරනව.

5. Let visitors use a WordPress.com, Twitter, Facebook, or Google account to comment
කෙනෙක් මගෙන් ඇහුව #Disqus comment system එක ගැන. මේකෙන් කරන්නෙත් ඒකමයි. ඉතින් මොකටද fb, twitter, google account එකෙන් කමෙන්ට් කරන්න හදන්න වෙනමම ප්ලගින් එකක්?

pro එකට අප්ග්‍රේඩ් කරගත්තොත්, තව පහසුකම් මහ ගොඩයි.
Generate income with high-quality ads., Boost your search engine ranking with the powerful SEO tools in Jetpack, Connect your site to Google Analytics in seconds with Jetpack,

Image එකේ පෙන්වන්නෙ, මගෙ එක් වෙබ් අඩවියක, Jetpack plugin එකෙන් වසර 3ක් තුළ වළක්වපු bruteforce attacks ප්‍රමාණය.