Showing posts with label google. Show all posts
Showing posts with label google. Show all posts

Sunday, December 21, 2014

Google Translator හොඳ වගේම නරකත් තිබෙන දෙයක්


මුලින්ම කියන්න ඕනෙ ඔයාල හිතන්න එපා මම සෘණාත්මකව හිතන කෙනෙක් කියල. නමුත් මම ඕනෙම දෙයක සෘණාත්මක පැත්ත ගැනත් හිතන කෙනෙක්.
Google Translator කියන්නෙ ඇත්තමට හරිම වටිනා සේවාවක්. වෙනත් භාෂාවකින් තිබෙන දෙයක් කියවගන්න ඕනෙ උනොත් මමත් ඒකම තමා භාවිතා කරන්නෙ.
දින කිහිපයකට පෙර Google Translator එකට සිංහල භාෂාවත් එකතු උනා. ඒකත් ගොඩක් වටිනවා. වෙනත් භාෂා නොදන්න අයට (මමත් ඇතුළුව) යම් වෙබ් පිටුවක් සිංහලෙන්ම කියවගන්න පුළුවන් දැන්. 
සිංහල වචන හා වැකි එකතු කරල තියෙන්නෙ නම් තාම පොඩ්ඩක් පමණක් වෙන්න ඇති. සමහර වචන, වාක්‍ය ගූගල් ට්‍රාන්ස්ලේටර් එක භාවිතයෙන් පරිවර්තනය කළාම එන්නෙ තේරුම් ගන්න ඊටත් අපහසු දේවල්. 

ඒ නිසා සිංහල ඉංග්‍රීසි දන්න අයට ලොකු වගකීමක් තිබෙනවා මේ ලබා දීල තිබෙන වටිනා සේවාවේ ගුණාත්මක භාවය ඉහළ නංවන්න. 

මේකත් එක්ක ඇවිල්ල තිබෙන නරකම දෙයක් තමයි ඔන්න කියන්න යන්නෙ. 

ලංකාවෙ දැන් ගොඩක් බ්ලොග් ලියන්නන් ඉන්නව. සිංහල බ්ලොග් අඩවිත් දැන් විශාල ප්‍රමාණයක් තිබෙනව.  (සිම් වගේ තමා, එක්කෙනෙක්ට 10ක් විතර තියෙනවනෙ. :D ) ඒක ඉතාම හොඳ දෙයක්. මම ඒවයෙ ගුණාත්මක භාවය සහ ඒවායේ තිබෙන අන්තර්ගතය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. හුඟක් හොඳ බ්ලොග් අඩවිත් බොහොමයක් තිබෙනවා. 
කොහොම හරි එහෙම හරි අපේ අය බ්ලොග් ලිව්වනෙ. නමුත් දැන් ඇවිල්ල තිබෙන අලුත්ම ක්‍රමේ තමයි, නෙට් එකෙන් කොහෙන් හරි හොයාගන්න ලිපියක් කොපි කරල Google Translator එකට දාල සිංහලට හරවල ඒක එහෙමම කොපි කරගෙන තමන්ගෙ බ්ලොග් එකේ පේස්ට් කරල පබ්ලිෂ් කරන එක.
ඇත්තටම හුඟක් හොඳයි එහෙම ඉංග්‍රීසි ලිපි සිංහලට හරවන එක. නමුත් ඒ ලිපිය කියවල හරි ගස්සලවත් දානව නම් කොච්චර හොඳද. නමුත් අපේ කට්ටිය කරන්නෙ කොපි පේස්ට් පබ්ලිෂ්. ඉතින් ඒවයෙ තියෙන්නෙ අණ්ඩර දෙමළ. සමහර ඒවයේ තියෙන දේවල් වල මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. :( 
අන්තිමට ඒකෙන් මේකෙන් වෙන්නෙ ලාංකිය තරුණ ජනතාව ඉංග්‍රීසි ඉගෙන ගන්න එකත් නැවතිලා සිංහලත් ලියන්න දන්නෙ නැති වෙන එකයි. :( (අන්තර්ජාලයේ ඉන්න අය ගැනයි මේ, අන්තර්ජාලයත් එක්ක එතරම් සම්බන්ධයක් නැති අය ඉංග්‍රීසිත් සිංහලත් දෙකම ඉගෙන ගනී.) ඊට අමතරව, අන්තර්ජාලයේ තිබෙන සිංහල අන්තර්ගතයේ ගුණාත්මක භාවය ඉතාම බරපතල ලෙස හීන වෙනවා. 

මේක ඉතාම නරක තත්වයක්. 
ඉංග්‍රීසි කියන්නෙ අන්තර්ජාතික භාෂාවනෙ, ඉතින් එය දැන සිටීම ඉතාම අවශ්‍යයි ලංකාව වගේ රටකට. මොකද ලංකාව ස්වයංපෝෂිතත් නෑ, ලංකාවෙ මිනිස්සුන්ට ඕනෙ හැම දෙයක්ම ලංකාවෙ හදන්නෙත් නෑ, ලංකාවෙ උන් පිටරට යනව නම් ඉංග්‍රීසි ටිකක් බැරුව මොකුත් කරගන්නත් බෑ.
මේ හරහා තරුණ ජනතාවගේ ඉදිරි දියුණුවට යම් නරක බලපෑමක් වීමට හැකියාවක් තිබෙනවා.  

ඉතින් මේ ඔබට හිතන්නට යමක්.
නව්‍ය සේවාවක් පිළිබඳ සෘණාත්මක කතාවක් නෙමෙයි මේක. වෙන්න යන දෙයක් ගැන වෙනත් පැත්තකින් සිතා බැලීමක්.

Monday, March 29, 2010

අන්තර්ජාලය වෙනස් කළ වෙබ් අඩවි - 2



8. Apple

වෙබ් අඩවි වල සරළත්වය පෙන්නල දුන්න. වෙබ් අඩවි කිව්වම අපි වැඩිපුරම දකින්නෙ තොරතුරු වලින් පිරිච්ච ඒවනෙ. නමුත් ඇපල්ලගෙ වෙබ් අඩවි හරිම සරළයි. ඇපල් සමාගම ගැන කියන්නෙ ඕනෙ නෑ නෙ. ලෝකෙ තියෙන ලොකුම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදන ආයතනයක්.

අපි රසවිඳිනාඅකාරය වෙනස් කළා. Youtube කියන්නෙ ලෝකෙ තියෙන විශාලම video sharing වෙබ් අඩවිය.

ලුහුඩු දැන්වීම් පල කරන හැටි වෙනස් කලා. ඉතාම සරළව හා සිත් ඇදගන්නා විදිහට මෙම අඩවියේ ලුහුඩු දැන්වීම් පළ කරල තියෙනව. රටවල් හා නගර විදිහට තමා එන් කරල තියෙන්නෙ.

ඔන්ලයින් ප්‍රවෘත්ති වල වෙනසක් කලා. මේක ඇවිල්ල ලෝකෙ තියෙන හොඳම පුවත් අඩවියක්. (සයිට් එක නම් එච්චර ලස්සන නෑ. හික්ස්)

අන්තර්ජාලය පහසුවෙන් ලඟාවිය හැකි තැනක් කලා. නොමිලේ හා මුදලට වෙබ් ඉඩ දෙන්න යාහූ සමාගමෙන් හදපු වෙබ් අඩවියක් මේක, නමුත් දැන් නම් ක්‍රියාකාරී තත්වයේ නෑ. ටික කාලෙකට පෙර යාහූ ස්මාගම මෙම සේවය නවතා දැම්ම.

අපි තොරතුරු සොයාගන්නා හා බෙදා හදා ගන්නා ආකාරය වෙනස් කලා. දැනට තියෙන ලොකුම social bookmarking අඩවිය මේකයි කිව්වොත් නිවැරදියි.

මිලියන ගාණක් මිනිස්සුන්ට බ්ලොගිං කියන දේ හුරු කලා. අපි වැඩිපුරම බ්ලොගිං වලට පාවිච්චි කරන්නෙ බ්ලොගර් හා වර්ඩ්ප්‍රෙස් උනාට, මම හිතන්නෙ ලෝක ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් personal blogging වලට පාවිච්චි කරන්නෙ ලයිව් ජර්නල්. 

මෙන්න ඔක්කොටම වඩා ඩයක් එක. මෙයා හැම දෙයක්ම වෙනස් කලා. මෙයා ගැන නම් කියන්න දෙයක් නෑ නෙ. ගූගල් නැතුව දැන් කිසිම දෙයක් කරගන්න බැරි තත්වෙට ඇවිල්ල තියෙනව කිව්වොත් නිවැරද්යි මම හිතන්නෙ. 


Saturday, March 27, 2010

Google, MicroSoft හා Twitter


මේක තවත් පුංචී ගේමක්, ගේමක් කිව්වට දෙපිලක් අතර තියෙන තරඟයක්.
ඔයාල දන්නවනෙ, ගොඩක් අය micro blogging වලට පාවිච්චි කරන්නෙ ට්විටරය කියල. 
ඊළඟට තව දෙයක්, ගූගල් හා මයික්‍රොසොෆ්ට් දෙගොල්ලොත් ලොකු තරඟයක ඉන්නෙ කියලත් දන්නවනෙ? (competition in the enterprise application space) දැන් එයාල අලුත්ම තරඟයක් පටන් අරගෙන, Internal Micro Blogging. හිතන්නකො ට්විටරය, මොකක් හරි organisation එකක් ඇතුළෙ විතරක් පාවිච්චි වෙන වගේ දෙයක් කියල. 

ගූගල් Buzz කියන්නෙ හරියටම ට්විටර් ක්ලෝන් එකක් නෙමෙයි, නමුත් ගොඩක් සමානකම් තියෙනවනෙ. එයාල බස් ප්‍රසිද්ධ කරනවත් එක්කම කිව්ව, මේක ඉදිරියෙදි සංස්ථාපිත පරිසරයකට (corporate environment) ගැලපෙන විදිහට එනව කියල, ඒ කියන්නෙ මොකක් හරි organisation එකක් ඇතුළෙ විතරක් ක්‍රියා කරන්න පුළුවන් වෙන විදිහට. Google Apps හරහා සමාගම්, පාසල් වගේ තැන් වලට Google Buzz ක්‍රියාත්මක කරවන විදිහට එයාල වැඩ කරනව.

ඒ අතරෙ MicroSoftලත් ඔහොම එකක් හදමින් ඉන්නව, ඒකට එයාල දීල තියෙන නම Office Talk. මේක ඇවිල්ල කෙලින්ම ට්විටර් ක්ලෝන් එකක්ම තමා. (අකුරු 140යි ලියන්නත් පුළුවන්) නමුත් Google Buzz වලින් කරන්න පුළුවන් වැදගත්ම දේවල් ටිකත් කරන්න පුළුවන්. 

Office Talk - a Microsoft labs experiment

MicroSoftල මේක ගැන කියන්නෙ මෙහෙමයි.
"Ever wish you could share information broadly within your organization without emailing everyone? Ever wish you could keep the pulse of what people in your organization think is interesting? Microblogging has that potential. OfficeTalk is a concept test to explore the value of microblogging in the enterprise. OfficeTalk is deployed internally at Microsoft and has seen over 10,000 visitors and hundreds of messages posted daily. We're now making OfficeTalk available to a few customers in a small pilot test. Because this is an early-stage concept, the OfficeTalk microblogging experience itself looks very similar to other well-known services. The key difference is that the enterprise owns the data since the OfficeTalk server is hosted in the customer’s organization."

හොඳයි කියමුකො, හැබැයි Microsoftල ඔක්කොම දේවල් කොපි ක්‍රල නෙව. 

Wednesday, January 27, 2010

Google Docs, File Storage මාධ්‍යක් ලෙස භාවිතා කරන්න

Google Logo

GDrive ගැන අහල නැති අය නම් මේකෙන් හුඟක් සතුටු වෙයි.
Google Docs වල වැඩි දියුණු කිරීමක් වෙලා තිබෙනව, දැන් Google Docs වලට ඕනෑම ෆයිල් ජාතියක් අප්ලෝඩ් කරන්න පුළුවන්. ෆයිල් එකක විශාලත්වය 250MB වලට යටත්ව, 1GB දක්වා ඉඩ ප්‍රමාණයක් මේ සඳහා ඔබට ගූගල් විසින් ලබා දෙනව. එක පැත්තකින් පෙන් එකක් අරන් යනවට වඩා මේක හරිම ලේසි වැඩක්නෙ, නේද?
ඔබට ඒ ඉඩ ප්‍රමාණය මදි නම්, වසරකට 1GB වලට ඩොලර් 0.25 බැගින් ගෙවල වැඩි ඉඩ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්.
Chrome OS එකත් එක්කම ගූගල් විසින් යම් ආකාරයේ Cloud Storage විසඳුමක් ලබා දීමේ ආරම්භයක් ලෙස මෙම අවස්ථාව හිතන්න පුළුවන්.



Sunday, January 24, 2010

Avast වයිරස් ගාඩ් එක Google Pack එකට එකතු වෙයි

සතියක් විතර පරණ තොරතුරක්. ගූගල් පැක් එකත් සමඟ Avast Free Antivirus මෘදුකාංගයත් දැන් ගූගල් මගින් දෙනව. තාම Czech, French, German, Italian, Polish, Portuguese, Russian, හා Spanish කියන භාෂා 8 එක්ක විතරයි දෙන්නෙ. ට්‍රයි කරල බලන්නකො ඒ භාෂාවකින් පැක් එක බාල. 
මේකෙන් වැඩිපුරම බලාපොරොත්තු වෙන්නෙ Avast වලට තියෙන තැන ටිකක් උස්සල දෙන එකයි, තව පරිගණක කිහිපයක හරි මේ නිසා ඒක ස්ථාපනය වේවිනෙ.




අසාමාන්‍ය දෙයක් තමයි Avast නැතුව Spyware Doctor with Anti-Virus එක ගූගල් පැක් එක ඉංග්‍රීසි වලින් ඕනෙ කෙනෙක්ට දෙන එක. 

Sunday, December 20, 2009

ගූගල්ලගෙ තවත් වැඩක්


මෙන්න ගූගල්ලගෙ අළුත්ම වැඩක්. URL Shortner එකක්. මේක තියෙන්නෙ http://goo.gl/ වල. නමුත් මේක අපි වෙන ඒව පාවිච්චි කරනව වගේ අපේ වෙන වැඩ වලට පාවිච්චි කරන්න බෑ. පුළුවන් ගූගල්ලගෙ වැඩ වලට විතරයි. ඉස්සරහදි ඒකත් කරන්න දෙන්න පුළුවන් කියල තමා එයාල කියන්නෙ.



මේක එයාල, එයාලගෙ tool bar එකට share button එකක් ඇඩ් කිරීමත් එක්ක ආපු එකක්. ඊළඟට දැන් Feed Burner එකෙන් පුළුවන් අපේ ෆීඩ්ස් කෙලින්ම twitter එකට දාන්න.
මේ දෙක එක්ක තමා මේ අලුත් url shortner එක ක්‍රියාත්මක වෙන්නෙ.

ඔයාල දන්නවද, ඒ අස්සෙ මූණු පොතත් URL Shortner එකක් හදල. (http://fb.me/)


Sunday, December 6, 2009

ගූගල්ලගෙ අළුත්ම නිෂ්පාදනය - Google Dictionary


සමහරු නම් දන්නවත් ඇති, මේ ගූගල්ලගෙ අළුත්ම නිෂ්පාදනයක්. Google Dictionary
ගූගල් සමාගම දැන් එයාලගෙ searches වල වචන සෙවුමක් කළොත් ඒවයෙ definitions දෙනව. (ඉස්සර නම් ගූගල් කළේ usersලව answers.com වලට යවපු එක, දැන් කෙලින්ම Google Dictionary එකට යවනව.)



මේක නිකම්ම නිකං English to English Dictionary එකක් නෙමෙයි, භාෂා ගණනාවකම වචන වල තේරුම හරි ඒ වචනය ඉංග්‍රීසි වලට පරිවර්තනය කරල තේරුමත් කියන ජාතියෙ එකක්. දැනට භාෂා 30කට මේක support  කරනව. මේකෙන් වචනය ශබ්ද නගා කියවීමත් කරනව. (ඉංග්‍රීසි හැර වෙනත් භාෂා වල වචන)



මේකෙ තවත් විශේෂයක් තමයි වචන star කරලත් තියාගන්න පුළුවන් එක.


මේක මෙතනින් තව ඉදිරියට යාවි කියල තමා බලාපොරොත්තු වෙන්නෙ. ඒ අර කිව්ව definitions search එකත් එක්ක. 



Google Chrome Bookmarks Sync අත්හදා බැලුවෙමි.

මම මේක ගැන මීට පෙර ලිපියක් දැම්ම, නමුත් මම ඒක ට්‍රයි කරල බැලුවෙ අද. නරක නෑ.
මුලින්ම ක්‍රෝම් අප්ඩේට් කරගන්න ඕනෙ vision 4 වලට. ඊට පස්සෙ Settings > Bookmark Synced.. ක්ලික් කරන්න. නැත්තම් Settings > Options > Bookmark Sync.
මුල්ම වරට නම් මේක ක්ලික් කරන්නෙ, ඔයාගෙ ගූගල් ගිණුමට ලොග් වෙන්න අහනව.



ලොග් උනාට පස්සෙ ක්‍රෝම් මගින් ඔයාගෙ සියළුම Bookmarks, Google Docs වලට සේව් කරනව.



ඔන්න ඔහොමයි පේන්නෙ.
ඒව ඕනෙ නම් වෙන අය එක්ක බෙදා හදා ගන්න උනත් පුළුවන්.
මේ ටික වෙන පරිගණකයකට දා ගන්න ඕනෙ නම් කරන්න තියෙන්නෙ, ඒ පරිගණකයෙත් Chrome 4 දාල, ඉස්සෙල්ල කිව්ව පියවර ටික අනුගමනය කරන එක.
Sync කරපුවයින් කොයිකක හරි update එකක් කළොත්, කරන්න තියෙන්නෙ, හැමතැනම ආපහු Sync කරන එක විතරයි.

Sunday, November 22, 2009

Chrome OS අද හෙටම එනවා

පසුගිය නොවැම්බර් 17 වනදා ගූගල් මගින් Chrome OS සම්බන්ධව විශේෂ සම්මන්ත්‍රනයල් තිබ්බලු, Chrome OS සම්බන්ධ Demos හා එහි අඩංගු විවිධ දේ සම්බන්ධව විස්තර කරන. එය ලබන අවුරුද්ද මුලදී එළි දැක්වීමට බලාපොරොත්තු වෙන බවත් එහිදී සාකච්ඡා වී තිබෙනව.
ඒත් විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබිල තිබෙනව (මට නෙමෙයි හොඳේ, TechCrunch එකේ කට්ටියට), තව සතියක් පමණ ඇතුළත Google Chrome OS එළි දැක්වෙන වග.
Chrome OS එක open source, සරළ, වේගවත්, වඩා ආරක්ෂිත හා සැහැල්ලු OS එකක් කියලයි කියැවෙන්නෙ, විශේෂයෙන්ම NetBooks ඉලක්ක කරමින්ලු මේක එන්නෙ.


"We're designing the OS to be fast and lightweight, to start up and get you onto the web in a few seconds. The user interface is minimal to stay out of your way, and most of the user experience takes place on the web. And as we did for the Google Chrome browser, we are going back to the basics and completely redesigning the underlying security architecture of the OS so that users don't have to deal with viruses, malware and security updates. It should just work."

Chrome OS එක දුවන්නෙ Linux Kernel එකක් මත, අලුත් windowing system එකක් එක්ක. 
මෘදුකාංග ලියන්නන්ට platform එක වෙන්නෙ අන්තර්ජාලය. සියළුම web applications මේ මත ක්‍රියා කරන අතර, ඔබ කැමතිම ජාල ක්‍රමලේඛ මලින් අළුත් මෘදුකාංග ලියන්න පුළුවන්.

අපිත් බලා ඉමු නේද මේක එනකං?






Friday, November 20, 2009

මැක් වලටත් දැන් ගූගල් ක්‍රෝම්


2008 සැප්තැම්බර් ඉඳල හැමෝම ක්‍රෝම් පාවිච්චි කරද්දි මැක් පරිශීලකයින්ට හිතෙන්න ඇතිනෙ අනේ අපිට කෝ ක්‍රෝම් කියල. ඔන්න ඔයාලටත් ක්‍රෝම් ලැබෙන්නයි යන්නෙ. මැක් වෙනුවෙන් ක්‍රෝම් වල බීටා සංස්කරණයක් ඉදිරි දෙසැම්බර් මාසෙදි නිකුත් aකරන්න යනවලු.



කොහොම හරි මාස තුනක් විතර යයිලු ඒකෙ බීටා කියන කෑල්ල නැති වෙන්න, ඒ කියන්නෙ 2010 පෙබරවාරි වගේ වෙනකොට මැක් කස්ටියට ක්‍රෝම් එනව මුල්ම සංස්කරණය විදිහට.
මේව හරියටම හරි දවස් නෙමෙයි, නමුත් මේ කාලය තුළ මේව සිද්ද වෙන්න පුළුවන්.
මෙන්න මෙතන බලන්නකෝ.

Loading image
Click anywhere to cancel
Image unavailable


Tuesday, November 10, 2009

Google Wave - සරළව

ගූගල් සමාගම Google Wave ගිණුම් කස්ටියට බෙදුව මතක ඈතිනෙ, අපේ මේ බ්ලොගෝලයේ කිහිපොඅ දෙනෙක්ටත් ලැබුන කියල ආරංචියි, මට නම් ලැබුනෙ නෑ. :(
ඒකටත් වාසනාව ඕනෙ, හම්බ වෙච්චි අයට පුළුවන් තවත් අයට මේකට ඈරයුම් කරන්න, නමුත් ඒ අයටත් එක පාරටම දෙන්නෙ නෑ, ගූගල් කට්ටිය කැමති නම් විතරයි දුන්නෙ.



කොයික කෙසේ වෙතත් ඒ ගිණුම් ලබා ගත්තු හුඟක් අයට google wave ගැන හරි හැටි දැනුමක් නෑලු. ඉතින් මිනිස්සුන්ට දැන ගන්න ඕනෙලු මේක කොහොමද වැඩ කරන්නෙ කියල.
බලන්නකො මෙන්න මෙ විඩියෝ එක, ඒකෙ තියෙනව ගූගල්ල ගූගල් වෙව් ගැන කියල දුන්න හැටි.



මෙන්න මේවයෙ තියෙන්නෙත් ගූගල් වේව්හි විවිධ ක්‍රියාකාරිත්වයන්. හැබැයි මේව නම් හරිම පොඩි විඩියෝ ක්ලිප්ස්.












Google Wave තාම තියෙන්නෙ Preview කියල. අඩු ගානෙ Beta සංස්කරණයක්වත් නෙමෙයි. සමහර කොටස් තවම තියෙන්නෙ Under Construction තත්වයේ.
නමුත් ඒ සඳහා විවිධ gadgets නිෂ්පාදනය කිරීමට ගූගල් සමාගම ඉඩ දී තිබෙනව.

Friday, November 6, 2009

මමත් දැම්ම මගෙ බ්ලොග් එකට E-Newsletter එකක්


ඔන්න මම මගෙ බ්ලොග් එකට e-newsletter එකක් දැම්ම, එන කට්ටිය ඒකට subscribe වෙන්න හොදේ. කරදරකාර මේල් නම් එවන්නෙ නෑ, වැදගත් මේල් තමයි එවන්නෙ. හැමදාම එවන්නෙත් නෑ, කාලෙන් කාලෙට තමා එවන්නෙ.
මේක දැම්මෙ Google Friend Connect එකෙන්. බලන්නකො ගිහින්. එතන පහළින්ම මෙන්න මේ වගෙ එකක් තියෙනව, එතනින් තමයි මේක දා ගන්නෙ.


ඔයාලත් දාල බලන්න.

ගූගල් තුළ ඈති ඔබේ තොරතුරු එක වහලක් යටට

ගූගල් විසින් Google Dashboard කියල එකක් දියත් කරල තියෙනව. එමගින් ඔබ පාවිච්චි කරල සියළුම ගූගල් නිෂ්පාදන පිළිබඳ සියළු තොරතුරු, ලින්ක්, ඒවා කළමණාකරනය කරගැනීමට පහසුකම් සළසල තිබෙනව. 


Gmail, Calendar, Docs, Web History, Orkut, YouTube, Picasa, Talk, Reader, Alerts, Latitude, Friend Connect, Health, Profile, Contacts, Tasks, and Web History මෙන්න මේ ටික තමා දෑනට Googla Dashboard එකේ තියෙන්නෙ, Google Analytics, Checkout, App Engine, Bookmarks, Base, Groups, Sites, Knol, Local Business Center, Maps, Merchant Center, News, Notebook, Webmaster Tools, Subscribed Links, and Toolbar sync, මේ ටික තාම එතනට දාල නෑ, ලඟදිම දානවලු. 


මෙන්න මෙතනට ගියොත් ඔයාලට ඔයාලගෙ dashboard එකට යන්න පුළුවන්.
https://www.google.com/dashboard/


මෙන්න තියෙනව ඒක ගැන පොඩි විඩියෝ එකක්, ඒකත් බැලුවම හොඳ අදහසක් ඒවි.




ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයේ අලුත්ම බීටා සංස්කරණය bookmark sync පහසුකම සමඟින්



ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයේ අලුත්ම බීටා සංස්කරණය bookmark sync පහසුකම සමඟින් නිකුත් සර තිබෙනවා.
"For those of you who use several computers -- for example, a laptop at work and a desktop at home -- you've asked for a way to keep your Google Chrome bookmarks in sync across multiple computers," explains Google. "Today's new beta release allows you to do just that! You can keep your Google Chrome bookmarks synchronized and up-to-date across the multiple computers you use, without needing to manually recreate your bookmarks every time you use a different computer."
බලන්නකෝ මේක, මේකෙන් පෙන්නනව ඒක පාවිච්චි කරන හැටි.




මෙම පහසුකම ක්‍රියාත්මක කළ පසු, ඔබ පාවිච්චි කරන පරිගණක වලින් එකක හෝ bookmarks වල වෙනසක් කරන විට අනෙකුත් සියළුම පරිගණක වල එම වෙනස තත්පර කිහිපයකින් සිදු වෙනව.
තවත් කතාවක් ගූගල් කියනව, පෙර ස්ථායි සංස්කරණයට වඩා මෙම අළුත් සංස්කරණය 30% වඩා වේගවත්ලු, සහ එය ගූගල් ක්‍රෝම් පළමු සංස්කරණයට වඩා 400%ක වේගය වැඩි වීමක්.

මෙතන තියෙනව ඒක ක්‍රියා කරවන හැටි.
බීටා සංස්කරණය මෙතනින් බාගන්න.

Tuesday, October 27, 2009

Google Friend Connect එක දැන් Wordpress වලටත්



Google Friend Connect ගෑන දන්නවනෙ? ඔන්න දෑන් එම ප්ලගිනය Wordpress සඳහාත් සකසල. මෙමගින් කියවන්නන්ට මෙම wordpress බ්ලොග් සඳහාත් Google, OpenID, yahoo, AIM, හරහා ලොග් වෙන්න පුළුවන්. මෙමගින් ලොග් වන විට, එම ප්ලගිනය මගින් ඊට අදාල ලෙස wordpress ගිණුමක් අරඹනවාලු.


Google Friend Connect
කවුරු හරි ලිපියකට අදහස් දෑක්වු විට ඒවා Friend Connect activity stream එකේ පෙන්නනවා.
වෑඩි විස්තර සඳහා ගූගල් කෝඩ් වෙබ් අඩවියට යන්න.
උදාහරණ හා ආදර්ශන මෙතනින් හා මෙතනින් බලන්න.


Saturday, October 24, 2009

මයික්‍රොසොෆ්ට් හා ගූගල්, ට්විටරය සමඟ ගිවිසුම් ගසති



මේ දෙගොල්ලො, ට්විටරයේ ස්ටේටස් අප්ඩේට්ස් බිං හා ගූගල් සෙවුම් වලට ඇතුළත් කිරීමට අවසර ඉල්ලා ගිවිසුම් ගහලලු. මුහුණු පොත සමඟත් මෙහෙමම කතා කරල කියලත් ආරංචියි.

Google's Marissa Mayer writes:

...we are very excited to announce that we have reached an agreement with Twitter to include their updates in our search results. We believe that our search results and user experience will greatly benefit from the inclusion of this up-to-the-minute data, and we look forward to having a product that showcases how tweets can make search better in the coming months. That way, the next time you search for something that can be aided by a real-time observation, say, snow conditions at your favorite ski resort, you'll find tweets from other users who are there and sharing the latest and greatest information.


http://googleblog.blogspot.com/2009/10/rt-google-tweets-and-updates-and-search.html





හැබැයි මේකත් එක්ක තවත් අනතුරුදායක තත්වයක් එනව, තමුන්ගෙ යාළුවන්ට විතරක් දැනගන්න දාන ස්ටේටස් එක (සමහරවිට පෞද්ගලික දේවලුත් දානවනෙ.) මුළු ලෝකයාටම මේක නිසා පේන්න සැළැස්වෙනව.
නමුත් කියැවෙන්නෙ එහෙම වෙන්නෙ නෑ කියල. මුහුණු පොත එහෙම, එසේ සෙවුම් යන්ත්‍ර වල ලැයිස්තුගත වන ඒව සීමා කරන්න, තේරීමක් කරන්න, අවශ්‍ය තේරීම් කිරීමට හැකි ලෙස සැකසුම් හදාවිලු.

මොකද වෙන්නෙ කියල ඉතින් පොඩ්ඩක් බලා ඉන්න තමයි තියෙන්නෙ.

Friday, October 2, 2009

ගූගල් වෙබ් අඩවි පරිවර්තන ටූලය (Website Translator Gadget) නිකුත් කරයි


ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක වෙබ් අඩවියක් කියවන්න, එම භාෂාව අපි දැන සිටිය යුතු වෙනව. මේ ප්‍රශ්නය නිසා සමහර වෙබ් අඩවි ලොව පුරාම භාවිත වීම අඩු වෙනව. (එම භාෂාව දන්නා අය විතරනෙ ඒක බලන්නෙ.) මේ නිසා එම පුද්ගලයින්ට උදව් කිරීමට, ගූගල්, වෙබ් අඩවියක් වෙනත් භාෂාවකට පරිවර්තනය කළ හැකි ටූලයක් ඉදිරිපත් කරල තිබෙනව.
මේක ක්‍රියාත්මක වෙන්නෙ "Google Translate" හරහා. මේ මගින් ඔබේ වෙබ් අඩවිය භාෂා 51කින් පෙන්වීමට ඔබට හැකියාව ලැබෙනව. ඉතින් මේක දාගත්තට පස්සෙ. ඔබේ අඩවියට යමෙක් පැමිණෙන විට, ඔබේ අඩවියේ භාෂාව හා ඔහුගේ/ඇයගේ වෙබ් බ්‍රවුසරයේ භාෂාව නොගැළපෙනවනම්, ඔහුට හෝ ඇයට, ඔබේ අඩවිය විසින්, අඩවිය තුළ පවතින තොරතුරු, ඔවුන්ගේ භාෂාවට පරිවර්තනය කළ යුතුදැයි අසාවි.




මේක කරගන්න හරිම ලේසී. ඔබට තිබෙන්නෙ, ගූගල් විසින් ලබා දෙන පොඩි කේත කොටස ඔබේ වෙබ් පිටුවට ඇතුළු කිරීම පමණයි.
හැබැයි පොඩි දෙයක් කියන්න ඕනෙ, මේකෙන් හරියටම හරි විදිහටම පරිවර්තනය වෙන්නේ නෑ. පොඩි පොඩි වෙනස්කම්, අවුල් වෙනව. ඒ නිසා සමහර දේවල් පරිවර්තනයෙන් පස්සෙ තේරුම් ගැනීමේ අපහසුතා එන්න පුළුවන්. වෙබ් පිටුව තුළ හුඟාක් තාක්ෂණික දේවල් නම් තියෙන්නෙ මේක හුඟක්ම ලෙඩ දෙයි.


ඒ උනාට ඉතින් මේ වැඩේ අගයන්න ඕනෙ, මොකුත් නැතුවට වඩා මෙහෙම එකක් හරි තියෙන එක ලොකු දෙයක්නෙ. අනේ ඉතින් මේ භාෂා 51ට සිංහලත් දාගන්න පුළුවන් නම් ගොඩම තමා. ඒත් ඒක වෙයි කියල නම් හිතන්න ටිකක් අමාරුයි, මොකද ලෝකෙ සිංහල භාවිත කරන්නන් ප්‍රමාණය ඉතා සුළු ප්‍රමාණයක් නිසා.

Wednesday, September 9, 2009

නියම ගේම් එකක් - ගූගල් මැප්ස් එක්ක කරපු වැඩක්



මේ ගේම් එක රිලීස් කරන්නෙ අද (දැනටමත් කරලද දන්නෙ නෑ). ඔයාල සමහරෙක් දන්නව ඇතිනෙ "Travian" ගැන, ඒක මුළු ලෝකෙ පුරාම ඉන්න හැමෝම එකිනෙකාට විරුද්ධව සටන් කරන Stratergy ගේම් එකක්. මේකත් එහෙමම එකක් තමයි. නමුත් මේකෙ විශේෂත්වය තියෙන්නෙ මේ ගේම් එක පවතින්නෙ ඇත්තම ලෝකෙ තියෙන තැන් අනුව. ඒක කරල තියෙන්නෙ ගූගල් මැප්ස් වල සහයෙන්.
ගේම් එකේ නම "Monopoly City Streets". "Hasbro" කියන කට්ටිය තමයි මේක හදල තියෙන්නෙ. මේකෙත් කරන්න තියෙන්නෙ ලෝකෙ තියෙන ලොකුම අධිරාජ්‍යයට සටන් කරන්න. පාරක් අල්ලගත්ත, ගෙවල් හැදුව, වෙනත් ගොඩනැඟිලි හැදුව, බදු එකතු කළා, පෝසත් වෙලා ලෝකෙම අල්ල ගන්න තියෙන්නෙ.

Monopoly City Streets

මෙන්න මෙහෙමයි එයාලගෙ සයිට් එකේ තියෙන්නෙ.


"A live worldwide game of MONOPOLY using Google Maps as the game board. The goal is simple. Play to beat your friends and the world to become the richest property magnate in existence.
Own any street in the world. Build humble houses, crazy castles and stupendous skyscrapers to collect rent. Use MONOPOLY Chance Cards to sabotage your mates by building Hazards on their streets."


පටන් ගන්නකොට ඔයාලට ඩොලර් මිලියන තුනක් ලැබෙනව, ඒව වියදම් කරල වැඩ පටන් ගන්න තමයි තියෙන්නෙ.

Friday, September 4, 2009

ගූගල් තවත් භාෂා 9ක් පරිවර්තනය කරයි

ඔන්න ගූගල් භාෂා පරිවර්තකයට තවත් භාෂා 9ක් එකතු වෙලා. ඒවත් එක්ක දැන් ගූගල් භාෂා පරිවර්තකය, භාෂා 51ක් පරිවර්තනය කරනව, භාෂා යුගල 2550ක්, සියලූම යුරෝපීය භාෂා 23ත් සමඟ. 
අලුතින් එකතු වෙලා තියෙන භාෂා තමයි මෙන්න මේව.
- Afrikaans
- Belarusian
- Icelandic
- Irish
- Macedonian
- Malay
- Swahili
- Welsh
- Yiddish

තාමත් හැබැයි පරිවර්තන කාර්යයේදි පොඩි පොඩි ගැටළු තියෙනවලු, නමුත් ඒක එයාල වැඩි දියුණු කරගෙන යනවලු.
Google Translate
මෙම භාෂා පරිවර්තන හැකියාව ගූගල් හා සම්බන්ධ අනෙකුත් පහසුකම් වලටත් ඇතුළත් කරල තිබෙනව. දැනටමත් Gmail, Google Toolbar, Google Reader, and Google Docs කියන ඒව මේකට ඇතුළත්, නමුත් මේ අලුත් භාෂා 9 නම් තාම මේවට සහය දක්වන්නෙ නෑ. ඒත් ඒවත් ඉක්මනටම එතනට එයි. අනේ ඉතින් සිංහලත් මෙතනට ආව නම් අපේ කට්ටියට මෙච්චර දුක් විඳින්න ඕනෙ නෑනෙ නේද? අන්තර්ජාලය තුළ සිංහල අන්තර්ගතය වැඩි දියුණු කරන එක ගැන හිතන අතරෙ මේ ගැනත් ටිකක් හිතන්න පුළුවන් නම් අපේ දැක්ම ඉතා ඉක්මනින් සඵල කරගන්න පුළුවන් වෙයි නේද?