Showing posts with label games. Show all posts
Showing posts with label games. Show all posts

Saturday, March 15, 2014

Ingress සෙල්ලම් කරන්න ඇරඹුමක්

Ingress කියන ක්‍රීඩාව ගැන මම මීට පෙර ලිපියක ලිව්ව. Ingress හැඳින්වීම ලිපිය කියෙව්වෙ නැති අය ඒක කියවල බලන්න.
ඒක කියෙව්වොත් ගොඩක් අයට මූලිකව මේකෙ වෙන්නෙ මොකද්ද කියල තේරුම් ගන්න පුළුවන්. මම ඒ ලිපිය ලිව්වෙ ක්‍රීඩාව ක්‍රීඩා කරන්නෙ නැතිව. මොකද මට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ඒ කාලෙ නොතිබුණ නිසා. නමුත් මම දැන් එය ක්‍රීඩා කරනව.
Ingress Logo

Enlightened Logo
Resistance Logo

මුලින්ම ආපහු මූලික අවශ්‍යතා ටිකක් කතා කරමු.
ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක්
Google ගිණුමක්
512MB RAM මතකයක්
31MB ROM මතකයක්
GPS හැකියාව
Internet හැකියාව

එන්න ඒව තියෙනව නම් මේ ගේම් එක සෙල්ලම් කරන්න පුළුවන්. Ingress වෙබ් අඩවියෙන් ගේම් එක ගැන විස්තර හා භාගතකර ගැනීම කරන්න පුළුවන් Google Play හරහා. මුලදි මෙය Invitees Only උනාට දැන් ඕනෑම කෙනෙකුට ක්‍රීඩා කරන්න පුළුවන්.

ආ.. ඔය උඩ ඔක්කෝමට වඩා වැදගත් අවශ්‍යතාවයක් තිබෙනවා. මේ ගේම් එක ප්ලේ කරන්න ඕනෙ නම් ඔයාලට හැමතැනම ඇවිදින්න වෙනව. ඒ කියන්නෙ මේක Field එකේ කරන්න තියෙන ගේම් එකක්. ඉතින් එහෙම කරන්න බැරි නම් මේක සෙල්ලම් කරන්න හිතන එක අමතක කරන්න.

හරි. ඉතින් ඒ අවශ්‍යතා ඔක්කොම තිබෙනවා නම් ඔබට මෙය ආරම්භ කරන්න පුළුවන්. 

ඇප් එක ඕපන් කරල ලොග් උනාට පස්සෙ ඒකෙ ඔබට පෙන්වනවා සිතියමක්. ඒක තමයි Intel Scanner එකේ පෙන්වන ඔබ අවට ප්‍රදේශය. ඒකෙ තමයි ඔබට ක්‍රීඩා කරන්න තිබෙන්නෙ. 

හරි. දැන් සරළව කියන්නම්කො මේකෙ කරන්න තිබෙන දේ. 
මේකෙ තිබෙනවා කණ්ඩායම් දෙකක්. එකක් Enlightened අනික Resistance. Enlightened පිල මේ කියන Exotic Matter හරහා ලෝකය වෙනස් වීමට සහය දෙන්නන්. Resistance පිල ඒකට කැමති නෑ, ඔවුන් කරන්නෙ ඒකට විරුද්ධව සටන් කරන එක.
ඒ කතාව අමතක කරමුකො.
ඔයා මුලින්ම පිලක් තෝරා ගන්න වෙනව. ඊට පස්සෙ ඔබට පුළුවන් සෙල්ලම් කරන්න පටන් ගන්න.
ඔබ කරන්න ඕනෙ ඒ තෝරාගත් පිලට අදාලව ලෝකය පුරා තිබෙන Portals හා සියළුම ප්‍රදේශ ඔබගෙ යටත් පිලට ලබා ගැනීමයි. ඒක කරන්නෙ, Portals යටත් කරගැනීම හා ඒවා සම්බන්ධ කරමින් මුළු මැප් එක පුරා Fields හදන එක. එතකොට ඒ ආවරණය වූ කලාපය තුළ සිටින ජනඝණත්වයට සාපේක්ෂව ඔබ පිලට ලකුණු ලැබීමක් වගේ දෙයක් වෙනව, ඒ ලකුණු වලට කියන්නෙ Mind Units කියල. ඉතින් MU වැඩිම ගණනක් ලබා සිටින පිල තමයි ජය ගන්නා පිල. මේක හැම වෙලේම වෙනස් වෙනවා. එක් පිලක් Fields හදනකොට අනිත් අය ඒව කඩනව. අනිත් පිලේ Portals වලට පහර දෙමින් ඒවා විනාශ කරල ඒවා තම පිලට යටත් කරගන්නවා.
Ingress Intel Map එක බැලුවම ඔයාලට ලෝකෙ පුරා මොකද වෙන්නෙ කියල හිතාගන්න පුළුවන්. ඒක බලන්න Intel Map එකට යන්න.


ලංකාවෙ කොටසක මැප් එක මේ. මේකෙන් ඔයාලට අර කිව්ව Mind Fields ටිකක් බලාගන්න පුළුවන්. 


ඔය මල් වගේ පොඩියට තියෙන්නෙ Portals. කොල පාට ඒව Enlightened Portals, නිල් පාට ඒව Resistance Portals. එක එක හැඩයෙ වර්ණ පෙදෙස් තියෙන්නෙ. ඒව තමයි Fields. Portals 3ක් එකට ත්‍රිකෝණාකාරව සම්බන්ධ කළාම ඒ යටත් පෙදෙස Mind Field එකක් වෙනවා. 

Portals තමා යටතට පත් කරගන්නේ ඒවාට Resonators සවි කිරීම (Deploy) මගිනුයි. ඒ මගින් Portal එක ආරෝපණය වෙනව වගේ දෙයක් තමයි වෙන්නෙ. සතුරන් පහර දෙනකොට ඒවායේ ශක්තිය හීන වෙනව. (පහර දෙන්න එයාල භාවිතා කරන්නෙ XMP Busters.) ඉතින් Resonators යළි යළිත් ආරෝපණය (Recharge) කළ යුතුයි. මේ හැම දෙයක්ම කරන්න ඒ අදාල Portal එක ලඟට යන්න වෙනවා. ඔයා මැප් එක බලාගෙන අදාල ස්ථානයට යායුතු වෙනවා. යන්නෙ නැතිව දුර ඉඳල කරන්න පුළුවන් එක දෙයක් තිබෙනවා. ඒ තමයි Remote Recharging. හැබැයි ඒක කරන්න ඒ අදාල Portal එකේ Portal Key එකක් අවශ්‍ය වෙනවා.

ඒත් එක්කම Portals සතුරන්ගෙන් බේරාගන්න ඒවා ආරක්ෂා කිරීමට ඒවා ආයුධ සන්නද්ධ කළ යුතු වෙනවා. ඒ සඳහා Portals Shields, Turrrets කියල විවිධ නම් වලින් තිබෙන උපකරණ තිබෙනවා. ඒවාට කියන්නෙ MODs කියල. ඒව Portal එකට සවි කිරීමෙන් විවිධ අමතර හැකියාවන් Portal එකකට ලැබෙනවා.
ඊට අමතරව තවත් විවිධ දේ කරන MODsත් තිබෙනවා.

හරි. මොන දේ කරන්නත් මේවා ඔයාලට ලැබෙන්නෙ කොහොමද?
Resonators, XMP, MODs, Portal Keys ලැබෙන්නෙ ඔයාල Portal එකක් Hack කරනකොටයි. ලෙවල් අප් වෙනකොට ෆ්‍රී ටිකකුත් ලැබෙනවා. බලන්න ඔයාලගෙ Inventory ටැබ් එකට ගිහිල්ල.


වැදගත් දෙයක් කියන්න අමතක උනා. ඔයාලට මේ හැම වැඩක්ම කරන්න ශක්තිය ඕනෙ වෙනවා. 
ශක්තිය මේකෙදි හැඳින්වෙන්නෙ XM කියල. Exotic Matter කියන එක තමයි ඒ. ඒව මේ අවට හැමතැනම තිබෙනවා. ඉතින් වටේ ගිහිල්ල XM තියෙන තැන් හොයාගෙන ඒව එකතු කරගන්න එක තමා කරන්න ඕනෙ. Portals අවට එහෙම XM ගොඩක් තිබෙනවා.


මේ උඩ තිබෙන්නෙ Portal එකක් මැප් එකේ පෙන්වන හැටි. ඒ වටේ සුදු පාට තිත් තිත් තිබෙනවා පේනව නේද? අන්න ඒව තමයි ඔය XM කියන්නෙ. අර කහ පාට රවුම තමයි අපේ බලය දැනෙන ප්‍රදේශය. මැද චූටි ත්‍රිකෝණයක් පේනවද? ඒ තමයි මම. Portal ඒක ගාවම? එතකොට අපේ අර කහ පාට රවුම ඇතුළට XM ආවොත් ඒව අපිට එකතු වෙනවා. අපි කරන වැඩ වල බලපෑම පවතින්නෙත් ඔය කහ පාට රවුම ඇතුළෙ තමයි.
වින්ඩෝ එකේ උඩම කොල පාට බාර් එකක් පේනවද? ඒ තියෙන්නෙ XM Bar එක. එතන පෙන්වනව අපි ගාව කොච්චර XM දැනට තිබෙනවද කියල.
ඉතින් එක එක දේවල් කරනකොට XM වැය වෙනව. ඒව ඉවර උනාම මොකුත් කරන්න බෑ. තව XM ටිකක් එකතු කරගන්න වෙනව. එකතු කරගන්න බැරිම වෙලාවට කරන්න පුළුවන් දෙයක් තියෙනව. ඒ තමයි Power Cubes භාවිතා කිරීම. ඒවත් අපිට එකතු වෙන දෙයක්. ඒවායින් පුළුවන් XM ගන්න.

හරි. ඊලඟට,
අපි අර කිව්ව වගේ එක එක දේවල් කරනකොට අපිටම කියල ලකුණු ලැබෙනව. ඔය වෙන ගේම්ස් වල තියෙන්නෙ Experience Points (XP) කියල. අන්න ඒවගේ දෙයක්. මේකෙදි ඒවට කියන්නෙ Actions Points නැත්තම් AP කියල.
මේ මගෙ අද Profile එක. පේනවද 32,430AP කියල? අන්න ඒක තමයි මගෙ දැන් ලකුණු මට්ටම.


ඒ පවතින ලකුණු ගාණ අනුව අපිව Level Up වෙනවා. පළමු එකෙන් දෙවැන්නට යන්න AP 2500ක් ඕනෙ. දෙකෙන් තුනට යන්න AP 20,000ක් ඕනෙ. 3න් 4ට AP 70,000ක් ඕනෙ. අන්න එහෙම.
ලෙවල් එක උඩට යන්න යන්න, භාවිතා කරන්න පුළුවන් වෙන Resonators, XMP, MODs වල ශක්තිය වැඩි වෙනවා. ඒ කියන්නෙ L1, L2, L3.... L8 ආදී වශයෙන් විවිධ ශක්ති මට්ටම් වල Reso, XMP තිබෙනවා. ඒවා භාවිත කරන්න පුළුවන් අපි අදාල ලෙවල් එකට ආවාමයි.

අපිට අපිත් එක්ක සෙල්ලම් කරන අය එක්ක චැට් කරන්න මේකෙ COMM එකකුත් තියෙනව. ඒකෙ කොටස් 3ක් තිබෙනවා. All කියන එකේ Enlightened, Resistance දෙකටම පේනව. Faction Tab එකේ දාන ඒව පේන්නෙ අදාල පිලේ කට්ට්ටියට විතරයි. Alerts එකේ පෙන්වන්නෙ තමන්ව mention කරල දාන චැට්ස්.



 මේ තියෙන්නේ Portal එකක් ලභට ගිහිල්ල Portal එක උඩ ක්ලික් කලාම ඕපන් වෙන වින්ඩෝ එක. ඒක තමයි අපි භාවිතා කරන්නෙ Portal එක හැක් කරන්න, Mods ස්ථාපනය කරන්න, Resonators සවි කරන්න, Charge කරන්න, තවත් Portal එකක් සමඟ Link කරන්න කියන හැම දෙයක්ම කරන්න.



Portals හැදෙන්නෙ කොහොමද? 
කෙනෙක්ට මුලින්ම නැගෙන ප්‍රශ්නයකට අවසානව උත්තර දෙනව.
Portals හදන්නෙත් අපිමයි. 
Portal එකක් වෙන්න හොඳයි ගැළපෙනවා කියල හිතන තැනක ෆොටෝ එකක් අරගෙන අපිම ඒක submit කරන්න ඕනෙ. හැබැයි මතක තියාගන්න, Portal එකකට ෆොටෝ එකක් යවනකොට ගොඩක් නීති තිබෙනවා. ඒව Google කට්ටියම කියල තියෙනවා.
සරළව කිව්වොත් Portal එකක් කරන්න පුළුවන්, පිළිම (statues, monuments, special structures), පූජනීය ස්ථාන (පන්සල්, පල්ලි, බෝ ගස්, බුදු පිළිම), ඔරලෝසු කණු, විශේෂ ගොඩනැඟිලි වගේ දේවල්.
ඉතින් එහෙම සබ්මිට් කරන Portal Request එකක් approve/reject වෙන්න සති දෙකක් සිට මාසයක කාලයක් ගත වෙන්න පුළුවන්.

ඔන්න මම ඉතින් Ingress ගැන මූලික දේවල් ටික කිව්ව. youtube එකේ නම් මහ ගොඩක් විඩියෝ එහෙම තියෙනව. මගෙම ෆෝන් එකෙන් විඩියෝ capture එකක් කරල මොනව හරි අරන් එන්න ට්‍රයි කරන්නම්, ඒත් root කරන්නෙ නැතිව screen record කරන්න පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හම්බුනේ නෑනෙ. :(

එහෙනම් කට්ටිය අපිත් එක්ක එකතු වෙලා මේ ලෝකය අලුත්ම ලෝකයක් කරන්න සහය දෙයි කියල බලාපොරොත්තු වෙනවා. ;)

Ingress Sri Lanka කියල ලංකාවෙ ඉන්න Ingress සෙල්ලම් කරන කට්ටිය හදාගත්තු ගෲප් එකකුත් තිබෙනවා. සෙල්ලම් කරන්න පටන් ගත්තම ඒකටත් ජොයින් වෙන්න.

Thursday, February 13, 2014

Ingress සෙල්ලම් කළාද?

තවම ගොඩක් අය මේ ගේම් එක ගැන දන්නෙ නැතිවැති. නමුත් මේක 2012 සිට එන ගේම් එකක්. ගූගල් විසින්ම හදවපු ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ගේම් එකක්. 2013 වසරෙදි හොඳම ගේම් එක විදිහටත් මේක සම්මාන දිනල තියෙනව. 
මේක Real World Reality Game එකක්. GPS හා ඉන්ටර්නෙට් ඕනෙ කරනව ගේම් එක සෙල්ලම් කරන්න.


මේක ගැන විස්තරයක් කිව්වොත් මෙහෙම පටන් ගමු.


පිටසක්වල සිට Exotic Matter අත්භූත ශක්ති විශේෂයක් අපේ ලෝකෙට එනවලු. ඒව පරිසරයට එන්නෙ ප්‍රසිද්ධ ස්ථාන, ප්‍රථිමා, වගේ තැන් වලින්ලු. ඒවට Portals කියල කියනව. ඒව හොඳයි ඒකෙන් මිනිසා දියුණු වෙනව කියල විශ්වාස කරන කණ්ඩායමක් ඉන්නව. එයාලට කියන්නෙ Enlightened කියල. ඒකට විරුද්ධ, ඒක අනතුරුදායකයි කියන තව කට්ටියක් ඉන්නව. එයාලට කියන්නෙ Resistance කියල. 

ඉතින් ගේම් එකේදි කරන්න තියෙන්නෙ මේ පිල් දෙකෙන් එකක් ඔයාලත් තෝරාගෙන ඒ පිලේ අභිමතාර්ථය වෙනුවෙන් වැඩ කරන එකයි. 

සෙල්ලම් කරන හැටි මේ විඩියෝ එකේ සරලව තියෙනව.


අර කිව්ව Portals තමන්ගෙ පිලට නතු කර ගැනීම, ඒවා පවත්වාගෙන යාම, විරුද්ධ පිලේ Portals වලට පහර දීම, එවා අල්ලා ගැනීම සිට තව ලොකු වැඩ තියෙනව. කණ්ඩායම් වශයෙන් එකතු වෙලා සෙල්ලම් කරන්න ඕනෙ ගේම් එකක්. 
හැබැයි මේක ගහනව නම් ඒ ඒ තැන් වලට යන්නම ඕනෙ. ඒ කිව්වෙ Portals වලට පහර දෙන්න, අල්ලා ගන්න, ඒක තියෙන තැනට යන්නම ඕනෙ. 
ලංකාවේ තවම එතරම්ම ජනප්‍රිය නොවුනත්, ලෝකය පුරා ඉතා වේගයෙන් ජනප්‍රිය හා ව්‍යාප්ත වෙමින් පවතින ගේම් එකක්. ලංකාවේ නම් කොළඹ අවට නම ගේම් එක ටිකක් ජනප්‍රියයි, නමුත් ඉන් පිටත ඉතාම අඩු Portals ගණනක් තමයි තවමත් හැදිල තිබෙන්නෙ. 


ඉතින් මමත් මේ ගේම් එක ගහන්න ලෑස්ති වෙන්නෙ. මගෙ යාලුවෙක් මේ ගැන මට මාස 3,4කට කලින් කිව්වෙ. දැක්ක ගමන් මාර ආසාවක් ආව. නමුත් අලුත් ෆෝන් එකක් ගන්න කිසිම උවමනාවක් තිබ්බෙ නැති නිසා ආසාව යටපත් කරගෙන හිටිය. ඒත් දැන් තත්වෙ වෙනස්. එන සතියෙ ෆෝන් එකක් ගන්නව. දැනට මම මේක මගෙ ලැප්ටොප් එකෙ BlueStacks Player දාල ඉන්ස්ටෝල් කරල චෙක් කරන ගමන් ඉන්නෙ. 

ඔයාලත් ට්‍රයි කරල බලන්න. මේකට 512MB RAM එකක් එක්ක 480*800px Screen එකක් තියෙන ෆෝන් එකක් අඩුම තරමින් තියෙන්නෙ ඕනෙ. 1GB RAM තියෙනව නම් කිසිම කරදරයක් නෑ. 
මම තෝරා ගත්තේ Enlightened පිල. ඔයාලටත් මම recommend කරන්නෙත් ඒකම තමයි. :)

විස්තර දැනගන්න, හා ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න www.ingress.com වෙත යන්න. ඔයාලට ගූගල් ගිණුමක් තිබිය යුතු වෙනවා. 

ඉතින්, එකතු වෙන්න ලෝකය දියුණු කරන්න / බේරා ගන්න. මම නම් දියුණු කරන්නයි කැමති. 

මෙන්න ගේම් එකේ ස්ක්‍රීන්ශොට්ස් ටිකක්. ඔක්කොම ගත්තෙ Google Play Store එකෙන්.




එහෙනම් Ingress ලෝකය තුලදී හමුවෙමු.

Saturday, October 2, 2010

චුට්ටිම චුට්ටි ගේම් එකක් හැදුවෙමි



ඔන්න මම චුට්ටිම චුට්ටි ගේම් එකක් හැදුවලුනෙ. :D
වැඩි දෙයක් නෑ හරිම සරළ ගේම් එකක්. අර පොඩිම පොඩි උන්ට තියෙන ජාතියෙ එකක්. මේක ඇවිල්ල මගෙ මංගල පරිගණක ගේම් එකනෙ. ඉතින් පොඩ්ඩක් බලන්නකො. හිනා වෙන්න එපා හොඳේ, Tutorial එකක් බලාගෙන හැදුවෙ. 
කරන්න තියෙන්නෙ නම් බෝම්බ වලින් බේරිලා පලතුරු එකතු කරන එක තමා.




බාගෙන බලන්නකො. මෙන්න ලින්ක් එක. 


Wednesday, May 19, 2010

ඔබේ අඩවියට ලස්සන games එකතු කරගන්න

Heyzap කියන්නෙ ඔබගේ වෙබ් අඩවියට, නැත්තම් බ්ලොග් අඩවියට එක එක විදිහෙ flash games එකතු කරගන්න පුළුවන් අඩවියක්. ඒකෙන් ඔයාලට පුළුවන් වැඩි කාලයක්, ඔබේ අඩවිය පාවිච්චි කරන අය අඩවිය තුළ තියාගන්න වගේම traffic වැඩි කරගන්න. ඔබට තෝරාගන්න games 12,000කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනව.


Sunday, September 13, 2009

පරණ DOS මතකය අලුත් කරගන්න



ළමයි ඩොස් ගේම්ස් ගහල ඇතිනෙ. අනේ මම නම් හරිම පොඩ්ඩයි ගහල තියෙන්නෙ, මොකද මට පරිගණකයක් එක්ක හැප්පෙන්න ලැබුනෙ වින්ඩෝස් 98 කාලෙ වගේ ඉඳල. ඉතින් මට දකින්න ලැබුන ලස්සන සයිට් දෙක තුනක්, මොනවද මේ? පරණ ඩොස් ගේම්ස් නොමිලේම ගන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයක්. මීට අමතරව තව සයිට් ඇති මේ වගේ පරණ දේවල් ගන්න පුළුවන්, මම හොයල බැලුවෙ නම් නෑ, ඔයාල හොයල බලන්නකෝ.



Wednesday, September 9, 2009

නියම ගේම් එකක් - ගූගල් මැප්ස් එක්ක කරපු වැඩක්



මේ ගේම් එක රිලීස් කරන්නෙ අද (දැනටමත් කරලද දන්නෙ නෑ). ඔයාල සමහරෙක් දන්නව ඇතිනෙ "Travian" ගැන, ඒක මුළු ලෝකෙ පුරාම ඉන්න හැමෝම එකිනෙකාට විරුද්ධව සටන් කරන Stratergy ගේම් එකක්. මේකත් එහෙමම එකක් තමයි. නමුත් මේකෙ විශේෂත්වය තියෙන්නෙ මේ ගේම් එක පවතින්නෙ ඇත්තම ලෝකෙ තියෙන තැන් අනුව. ඒක කරල තියෙන්නෙ ගූගල් මැප්ස් වල සහයෙන්.
ගේම් එකේ නම "Monopoly City Streets". "Hasbro" කියන කට්ටිය තමයි මේක හදල තියෙන්නෙ. මේකෙත් කරන්න තියෙන්නෙ ලෝකෙ තියෙන ලොකුම අධිරාජ්‍යයට සටන් කරන්න. පාරක් අල්ලගත්ත, ගෙවල් හැදුව, වෙනත් ගොඩනැඟිලි හැදුව, බදු එකතු කළා, පෝසත් වෙලා ලෝකෙම අල්ල ගන්න තියෙන්නෙ.

Monopoly City Streets

මෙන්න මෙහෙමයි එයාලගෙ සයිට් එකේ තියෙන්නෙ.


"A live worldwide game of MONOPOLY using Google Maps as the game board. The goal is simple. Play to beat your friends and the world to become the richest property magnate in existence.
Own any street in the world. Build humble houses, crazy castles and stupendous skyscrapers to collect rent. Use MONOPOLY Chance Cards to sabotage your mates by building Hazards on their streets."


පටන් ගන්නකොට ඔයාලට ඩොලර් මිලියන තුනක් ලැබෙනව, ඒව වියදම් කරල වැඩ පටන් ගන්න තමයි තියෙන්නෙ.