Showing posts with label twitter. Show all posts
Showing posts with label twitter. Show all posts

Wednesday, May 26, 2010

ට්විටරය තුළ files share කරන්න

FileTwt කියන්නෙ Twitter Application එකක්,. ඔයාලට ඒකට ෆයිල් අප්ලෝඩ් කරල ඒව ට්විටරය තුළ බෙදා හදා ගන්න පුළුවන්. ෆයිල් එක ප්‍රයිවට් තියාගෙන ඒක අනිත් අයටත් දෙන්න ඕනෙ නම් ඒකෙ ලින්ක් එකක් ඩිරෙක්ට් මැසේජ් එකක් විදිහට යවන්නත් මේකෙම පහසුකම් තියෙනව.


Saturday, March 27, 2010

Google, MicroSoft හා Twitter


මේක තවත් පුංචී ගේමක්, ගේමක් කිව්වට දෙපිලක් අතර තියෙන තරඟයක්.
ඔයාල දන්නවනෙ, ගොඩක් අය micro blogging වලට පාවිච්චි කරන්නෙ ට්විටරය කියල. 
ඊළඟට තව දෙයක්, ගූගල් හා මයික්‍රොසොෆ්ට් දෙගොල්ලොත් ලොකු තරඟයක ඉන්නෙ කියලත් දන්නවනෙ? (competition in the enterprise application space) දැන් එයාල අලුත්ම තරඟයක් පටන් අරගෙන, Internal Micro Blogging. හිතන්නකො ට්විටරය, මොකක් හරි organisation එකක් ඇතුළෙ විතරක් පාවිච්චි වෙන වගේ දෙයක් කියල. 

ගූගල් Buzz කියන්නෙ හරියටම ට්විටර් ක්ලෝන් එකක් නෙමෙයි, නමුත් ගොඩක් සමානකම් තියෙනවනෙ. එයාල බස් ප්‍රසිද්ධ කරනවත් එක්කම කිව්ව, මේක ඉදිරියෙදි සංස්ථාපිත පරිසරයකට (corporate environment) ගැලපෙන විදිහට එනව කියල, ඒ කියන්නෙ මොකක් හරි organisation එකක් ඇතුළෙ විතරක් ක්‍රියා කරන්න පුළුවන් වෙන විදිහට. Google Apps හරහා සමාගම්, පාසල් වගේ තැන් වලට Google Buzz ක්‍රියාත්මක කරවන විදිහට එයාල වැඩ කරනව.

ඒ අතරෙ MicroSoftලත් ඔහොම එකක් හදමින් ඉන්නව, ඒකට එයාල දීල තියෙන නම Office Talk. මේක ඇවිල්ල කෙලින්ම ට්විටර් ක්ලෝන් එකක්ම තමා. (අකුරු 140යි ලියන්නත් පුළුවන්) නමුත් Google Buzz වලින් කරන්න පුළුවන් වැදගත්ම දේවල් ටිකත් කරන්න පුළුවන්. 

Office Talk - a Microsoft labs experiment

MicroSoftල මේක ගැන කියන්නෙ මෙහෙමයි.
"Ever wish you could share information broadly within your organization without emailing everyone? Ever wish you could keep the pulse of what people in your organization think is interesting? Microblogging has that potential. OfficeTalk is a concept test to explore the value of microblogging in the enterprise. OfficeTalk is deployed internally at Microsoft and has seen over 10,000 visitors and hundreds of messages posted daily. We're now making OfficeTalk available to a few customers in a small pilot test. Because this is an early-stage concept, the OfficeTalk microblogging experience itself looks very similar to other well-known services. The key difference is that the enterprise owns the data since the OfficeTalk server is hosted in the customer’s organization."

හොඳයි කියමුකො, හැබැයි Microsoftල ඔක්කොම දේවල් කොපි ක්‍රල නෙව. 

Monday, February 15, 2010

ලෝකය වටා සිටින ව්‍යවසායකයන් සමඟ සම්බන්ධ වන්න



දවස් කිහිපයක් තිස්සෙ මට සෙම්ප්‍රතිශ්‍යා උණ, තාම සනීපයක් නෑ, ඒත් ඉතින් පොඩ්ඩක් මේ පැත්තත් බලන්න එපැයි.
ලෝකය වටා සිටින ව්‍යවසායකයන් (entrepreneurs) සමඟ සම්බන්ධ වන්න කැමති නම් මෙන්න ගැළපෙන වෙබ් අඩවියක්. මේකත් ටිකක් ට්විටරය වගේමයි. හැබැයි මේකෙ ඉන්නෙ පට්ට ඩයල්ස්. ලෝකෙ ලොකු ලොකු කස්ටිය මේකෙ ඉන්නව, ඔයාල කරන දේවල් සම්බන්ධයෙන් උපදෙස් ගන්න, අළුත් අළුත් අදහස්, නව නිර්මාණාත්මක අදහස්, ලබා ගන්න පුළුවන් මේ හරහා. ප්‍රශ්න අහන්න, ප්‍රශ්න වලට උත්තර දෙන්න, ඔය වගේ වැඩ කරන්න පුළුවන් මේ වෙබ් අඩවිය හරහා.










මේ තියෙන්නෙ මගෙ පිටුව.






ගිහිල්ලම බලන්නකෝ.
http://sprouter.com/

http://sprouter.com/madhawa

Friday, November 13, 2009

ට්විටරය දැන් තවත් දියුණුයි

දැනට ට්විටරය පාවිච්චි කරන්න පුළුවන්, ඉංග්‍රීසි හා ජපන් භාෂාවෙන් පමණයි, නමුත් එය ප්‍රංශ, ඉතාලි, ජර්මන් හා ස්පාඤ්ඤ භාෂා වලිනුත් භාවිතා කළ හැකි ලෙස සකසන්නට එහි නිර්මාපකයන් වෙහෙසෙනවා.



ඔයාලටත් කෑමති නම් සහභාගි වෙන්න පුළුවන්.  ඔවුන් කුඩා ස්වේච්ඡා කණ්ඩායම් වලට ආරාධනා කරනව, ඔවුන් සමඟ එකතු වෙන්න කියල, පරිවර්තන කටයුතු සඳහා.
මේකෙන් ට්විටරය සමඟ සසම්බන්ධ වන පිරිස ඉතා විශාල ලෙස ඉහළ යාවි යෑයි එහි නිර්මාපකයන් බලාපොරොත්තු වෙනවලු.

Saturday, October 24, 2009

මයික්‍රොසොෆ්ට් හා ගූගල්, ට්විටරය සමඟ ගිවිසුම් ගසති



මේ දෙගොල්ලො, ට්විටරයේ ස්ටේටස් අප්ඩේට්ස් බිං හා ගූගල් සෙවුම් වලට ඇතුළත් කිරීමට අවසර ඉල්ලා ගිවිසුම් ගහලලු. මුහුණු පොත සමඟත් මෙහෙමම කතා කරල කියලත් ආරංචියි.

Google's Marissa Mayer writes:

...we are very excited to announce that we have reached an agreement with Twitter to include their updates in our search results. We believe that our search results and user experience will greatly benefit from the inclusion of this up-to-the-minute data, and we look forward to having a product that showcases how tweets can make search better in the coming months. That way, the next time you search for something that can be aided by a real-time observation, say, snow conditions at your favorite ski resort, you'll find tweets from other users who are there and sharing the latest and greatest information.


http://googleblog.blogspot.com/2009/10/rt-google-tweets-and-updates-and-search.html





හැබැයි මේකත් එක්ක තවත් අනතුරුදායක තත්වයක් එනව, තමුන්ගෙ යාළුවන්ට විතරක් දැනගන්න දාන ස්ටේටස් එක (සමහරවිට පෞද්ගලික දේවලුත් දානවනෙ.) මුළු ලෝකයාටම මේක නිසා පේන්න සැළැස්වෙනව.
නමුත් කියැවෙන්නෙ එහෙම වෙන්නෙ නෑ කියල. මුහුණු පොත එහෙම, එසේ සෙවුම් යන්ත්‍ර වල ලැයිස්තුගත වන ඒව සීමා කරන්න, තේරීමක් කරන්න, අවශ්‍ය තේරීම් කිරීමට හැකි ලෙස සැකසුම් හදාවිලු.

මොකද වෙන්නෙ කියල ඉතින් පොඩ්ඩක් බලා ඉන්න තමයි තියෙන්නෙ.

Wednesday, October 21, 2009

ට්විටරය ට්වීට් බිලියන 5 ඉක්මවයි


මොකද්ද දන්නවද ඒ ට්වීට් එක? "Oh Lord"
මේක ආවෙ ට්විටරයේ සේවකයෙන්ගෙන්වත්, ප්‍රසිද්ධ පුද්ගලයෙකුගෙනවත් නෙමෙයි, "bio writer and web generalist" කෙනෙකුගෙන්. නම Robin Sloan.




Thursday, August 27, 2009

මුහුණු පොතෙන් දැන් ට්විටරය යාවත්කාලීන කරන්න පුළුවන්


Facebook to Twitter

ඔන්න දැන් මුහුණු පොතේ සිට ට්විටරයට updates යවන්න පුළුවන්. මේක මේ මුහුණු පොතට එන application එකක් නෙමෙයි, කෙලින්ම මුහුණු පොත, ඔබට ඔබේ status updates, events, photo updates, links වගේ හැම දෙයක්ම ඔබේ ට්විටර් stream එකට දාන්න හැකියාව ලබා දෙනව.
ඔබ ක්‍රියාත්මක කරන මුහුණු පොතේ පිටු තියෙනවනම් ඒවයෙ updates උනත් ඊට අදාළ ට්විටර් ගිණුමකට යවන්න පුළුවන්.
ඔබට කරන්න තියෙන්නෙ http://www.facebook.com/twitter/ එකට ගිහින් ඒ විකල්පය සක්‍රිය කරන්න විතරයි, එතැන් සිට මුහුණු පොත ඔබේ ට්විටර් stream එක යාවත්කාලීන කරනව.
ඔබට පුළුවන් ට්විටරයට යවන්න ඕනෙ දේවල් මොනවද කියල තෝරන්න.
ගිහින්ම බලන්න.

Friday, July 17, 2009

සියලු Status Updates එකම වහලක් යටින්


අපේ profiles එක එක සයිට් වල අපි හදාගෙන තියෙනවනෙ. ඒවයෙ තියෙනව status updates දාන්න. ඉතින් හැමදාම ඒ හැම සයිට් එකකටම යන්නෙ නෑනෙ. (අනිත් අය කොහොමද දන්නෙ නෑ, මම නම් එහෙමයි. )
ඉතින් එක තැනක ඉඳන් ඒ හැම එකක්ම අප්ඩේට් කරන්න තියෙනව නම් හොඳයි නේද?
මෙන්න මේ සයිට් එක එහෙම එකක්. http://ping.fm/


මේකෙන් පුලුවන් social networkings sites (FaceBook, LinkedIn, Yahoo 360), Chat Client status (GTalk, Yahoo Massenger, Skype, AOL, Windows Live) වල අප්ඩේට්ස් දාන්න, ඒ වගේම, මේල් යවන්න, sms කරන්න, බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්න උනත් පුලුවන්.
ආ අමතක උනානෙ, ට්වීට් කරන්නත් පුලුවන්.

ඒ එකවුන්ට්ස් කිහිපයක් එකතු කරල ගෲප් එකක් හදා ගත්තම, එක පාර කිහිපයක් අප්ඩේට් කරන්න පුලුවන්.
මේකට සපෝට් කරන iphone app එකක්, iGoogle Widget එකක් එහෙමත් තියෙනව. තව ගොඩක් දේවල් ඒකෙ තියෙනව.
ගිහිල්ලම බලන්නකො, මට නම් මේක හුඟක් ප්‍රයෝජනවත් සයිට් එකක්.

Thursday, July 16, 2009

ට්විටරයේ ගූගල්


මම මගෙ ඉංග්‍රීසි බ්ලොග් එකේ නම් ට්විටරය ගැන හුඟක් කියල තියෙනව, මේකෙ ඒ ගැන ලියන පළවෙනි බ්
ලොග් පෝස්ට් එක. ගූගල් එක, එයාලගෙ එක එක නිෂ්පාදන සඳහා ට්විටරයේ එකවුන්ට් හදල තියෙනව. ඔයාලත් ට්විටරයේ ඉන්නව නම් කැමත්තක් තියෙන ඒව follow කරන්න. මෙතනින් ඒ ලිස්ට් එක බලන්න.