Showing posts with label books. Show all posts
Showing posts with label books. Show all posts

Thursday, October 4, 2018

මෙවර පොත් සල්පිල, මගේ අත්දැකීම් හා අදහස්

වෙනදා මෙන්ම මේ වසරේදීත් අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුනා. පසුගිය වසරවල දී වගේම මේ වසරේදීත්  මම පොත් ප්‍රදර්ශනය බැලීමට සහ පොත් මිලදී ගැනීමට ගියා. 

පෝය දිනයේ දවල් 12ට ගත්තු ඡායාරූප දෙකක්

මේ ලිපිය ලියන්න ආරම්භ කළේ ප්‍රදර්ශනේ පටන් ගත්තු දවසට පස්සෙ දවසෙ උනත් මට මේක ඉවර කරල දාන්න වෙලාවක් ලැබුණේ නෑ. :( 

ගිය වසරේදී රාත්‍රි කාලයේ ගොස් ලබාගත් අත්දැකීම නිසා මේ වසරේදීත් පොත් ප්‍රදර්ශනේට ගියේ රාත්‍රී කාලයේ. පොත් ප්‍රදර්ශනය ආරම්භ කළ දිනයේ ම හවස 6 සිට 9 දක්වා මම පොත් ප්‍රදර්ශනය බැලීම සහ පොත් මිලට ගැනීම සිදු කළා
අන්තර්ජාලයේ ෆේස්බුක් හරහා පොත් සල්පිල සම්බන්ධ විවිධ ආකාරයේ tips share කිරීම නිසා මෙවර පොත් සල්පිල බැලීමට සහ පොත් මිලදී ගන්නා අයට ඒක ඉතා විශාල පහසුවක් වුණා. මමත් ඒ දේවල් වලින් යම් යම් අදහස් අරගත්ත. ඔය මුහුණුපොතේ කණ්ඩායම් අතරින් ඉදිරියෙන් හිටියෙ  "පොත් කියවන අය | Srilankan Book Readers" ගෲප් එක. 

මමත් පොත් ප්‍රදර්ශනේට පළමු දිනම සහභාගී වූ නිසා ලබාගත් අත්දැකීම් අනිත් අයට විවිධ ආකාරයෙන් ප්‍රයෝජනවත් විය හැකි දේවල් පිළිබඳව ෆේස්බුක් මත මගේ අදහස් පළ කළා. ඉන් ප්‍රයෝජන ලබා ගත් බොහෝ දෙනෙක් මට ස්තුති කරලා තිබුණා. 
හැමෝම මේ පාර කියල තිබ්බෙ මුලින්ම බාගේන් හෝල් එකෙන් පටන් ගන්න කියල. ගිය වසරේ මගේ අත්දැකීම් මත මමත් මුලින්ම ගියේ ඉතින් බාගේන් හෝල් එකට තමයි. 
බාගෙන් හෝල් එකේ තිබ්බ ස්ටෝල්ස් වක පොත් රාක්ක රාත්‍රී කාලයේ වනවිට ඉතාම අපිළිවෙල තත්ත්වයට පත් වී තිබුණත් යම් ආකාරයක හොඳ පොත් ලබා ගැනීමට හැකියාව තිබුණා. 
බාගේන් එකට යනවා නම් උදේ පාන්දරින්ම යා යුතුයි. මක්නිසාදයත් උදේ පාන්දර පොත් පිළිවෙළට තිබීම හා නව පොත් උදයෙන්ම එකතු කිරීමයි. මම දෙවන දිනයකුත් ගියානෙ. ඒ ගියේ පෝය දවසෙ. එදත් බාගෙන් එකටම තමා මුලින්ම ගියේ. හැබැයි සෙනඟ නම් පිරිල.
මුල් දිනයේ මම හා මගේ බිරිඳ පොත් මිලට ගත්තෙ, වැඩිපුරම ඉලක්ක කළේ අපේ අවු:3 පොඩි පුතුට ඉදිරියට ගැළපෙන පොත් ගන්න එක. දෙවනුව මගෙ ලඟ අඩු පාඩු තිබෙන පරිවර්තන කිහිපයක් හා තෙවනුව මනෝ විද්‍යා, ධනාත්මක චින්තන පොත් ටිකක් මිලට ගන්න. ඔයත් එක්කම මට අලුත්ම ආසාවක් ඇවිල්ල තිබ්බ ජන කතා පොත් එකතුවක් හදාගන්න. ඉතින් ඒකට ගැළපෙනපොත් ලිස්ට් එකක්ම මම ලියාගෙන තිබ්බෙ, ඒවත් ගන්න අදහස් කරගෙන හිටිය. 

ඉතින් දැන් මේ ඉවර වෙච්චි ප්‍රදර්ශනේ ගැන කියල වැඩක නෑනෙ. ඊලඟ අවුරුද්දෙ එකටත් ගන්න පුළුවන් අදහස් කිහිපයක් විතරක් කියන්නම්.
  1. ආරම්භ කරන්න බාගේන් එකෙන්. ඒකෙන් ඇති තරම් පොත් ගන්න. ඒකෙ 40% ඩිස්කවුන්ට් එකකට තියෙන පොත් අනිත් තැන් වල 20%ට තියේවි. ඉතින් ඒක බාගේන් එකෙන් අරගන්නෙ නැතිව අතාරින එක අපරාදෙ.
  2. ලිපි ද්‍රව්‍ය සම්බන්ධ කුටි ගොඩක් තිබුණත් අනිත් කොටස් වල, ඒවත් යම් ප්‍රමාණයක් බාගේන් එකෙන්ම ගන්න පුළුවන් වෙයි. ඒකත් සළකල බලන්න.
  3. පොඩි අයගෙ පොත් උනත් සාමාන්‍යයෙන් වැඩියෙන්ම තියෙන්න පුළුවන් තැන තමයි බාගේන් එක. (මේ අවුරුද්දේ නම් උඩින්ම)
  4. වාහනේක යනව නම් පාක් කරගන්න ටිකක් කට්ටක් කන්න වෙනව අනිවා. මොකද BMICH තුළ හා අවට පාකිං ස්පේසස් ගොඩක් නෑ. ගිය වසරෙ නම් ඇතුළෙම පාක් කරගන්න පුළුවන් උනාට මේ පාර නම් ඇතුළට යන්න හිතන්නවත් බැරි උනා. මුල්ම දිනයේ හවස 5ට යනකොටත් පාකිං ෆුල්. හෙවෙනිය ගිය දිනයේ උදේ 8.45ට යනකොටත් පාකිං ෆුල්. පොඩි කට්ටක් කාල එලියෙ හදල තිබ්බ පාක් එකේ දාගත්තෙ. 
  5. මැගී කාල බඩගින්න නිවා ගන්න හිතනව නම් ඒක අමතක කරන්න. යන්න මවුන්ට් ලැවීනියා එකෙන් දාල තියෙන ගමේ කඩේට. කඩල, මය්යොක්ක, බතල, රොටී, නූඩ්ල්ස්, කාල බඩ පුරවගන්න සමානම මිලට. සරුවත් එකක්, දොඩම් වීදුරුවක් බොන්න පිපාසයට. (මුදල් ගෙවා පළ කල ඇඩ් එකක් නොවේ)
  6. යන්න ඉස්සෙල්ල මැප් එක හොයනව නම් Colombo International Book Fair Facebook Page එකේ චෙක් කරන්න මුලින්ම. 
  7. පොත් හා කතුවරු හොයන්න මම භාවිතා කළේ grantha.lk වෙබ් අඩවිය. ඒකෙ All Books ගිහිල්ල පිටුවෙන් පිටුව බල බල පොත් තේරුව. ඒව Google Keep එකේ ප්‍රකාශකගෙ නමත් එක්ක දාගත්ත. එතකොට අදාල ප්‍රකාශක කුටියට ගියාම බලාගෙන බලාගෙන අරගෙන අරගෙන ගියෑකි. 
  8. ක්‍රෙඩිට් කාඩ්, අර ගිය අවුරුද්දෙ දුන්නු MyBookClub කාඩ් එකට කියල නම් කිසිම අමතර වාසි නම් තිබුණෙ නෑ මේ පාර. නමුත් ඒව අරගෙන යන්න එන පාරත්. සමහරවිට තිබ්බොත් එහෙම. 
  9. ෆේස්බූක් පොත් සම්බන්ධ ගෲප් වල සාමාජිකයින්ට අමතර වට්ටම් දෙන වෙළඳ කුටි තිබ්බ. ඒ නිසා එවත් පොඩ්ඩක් මතක තියාගෙන ගිහිල්ල මුදල් ගෙවනකොට අහන්න. මට එකක්වත් කියන්න මතක් උනේ නෑනෙ.
ඔය ටික තමා කියන්න තියෙන්නෙ. 
මේ ලිපිය මීට ඉස්සෙල්ල හාන්න තිබ්බ නම් තව ගොඩක් දේ ලියන්න තිබුණ. :( සමාවෙන්න ඒක බැරි උනාට.


මම හා මගෙ නෝන මිලට ගත්තු පොත් එකතුව මම මුහුණු පොතේ දැම්ම. මේ පහළ තියෙන්නෙත් ඒවමයි. 











කවුරු හෝ මිතුරන් හමුවෙයි කියල හිතුව. හමු උනේ නම් එකම එක මිත්‍රයයි. මාව දැකල ඇවිල්ල කතා කළාට ඔහුට මගේ ස්තුතිය.



එහෙනම් ලබන වසරේ පොත් ප්‍රදර්ශනයේදී හමුවෙමු.


Wednesday, September 27, 2017

මේ පාර බුක් ෆෙයා ගමන

කට්ටිය සෙට් උනෙත් නෑ.
මුලදි පෝස්ට් එකක් දෙන්නත් බැරි උනා ඉස්සර අවුරුදු වල වගේ.
මේක ලියන්නත් පරක්කු උනා.

ගත්තු පොත් වලින් කොටසක්

කොහොම හරි, මම මේ පාර පොත් සල්පිලට ගියේ මගෙ නෝනත් එක්ක ටිකක් රෑ වෙලා. මොකද පොඩ්ඩගෙ වැඩත් එක්ක නිවඩු දවසක දවාලක යන එක ඉම්පොසිබල්. :)

කොහොම හරි මේ පාර ගත්තු මගෙ පොත් ලැයිස්තුව තමයි මේ.

Book Name
Author
Publisher
Price
පුනර්භව ගවේශන
පරි: කුමාර සිරිවර්ධන
දයාවංශ ජයකොඩි
400.00
අරලිය මල් ආරාමය
ජයසේන ජයකොඩි
දයාවංශ ජයකොඩි
350.00
පිච්ච මල
ජයසේන ජයකොඩි
දයාවංශ ජයකොඩි
350.00
සිල් සුවඳ
ජයසේන ජයකොඩි
දයාවංශ ජයකොඩි
400.00
සුදු නෙළුම
ජයසේන ජයකොඩි
දයාවංශ ජයකොඩි
350.00
සැඟවුණු මහද්වීපය
පරි: ප්‍රභාත් මිරිහාගල්ල
ප්‍රතිභා ප්‍රකාශකයෝ
350.00
තැනිතලාවේ පිහිටි කුඩා නිවස
පරි: ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද
විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
360.00
රාමා උයන
පරි: එස්. එම්. බන්දුසීල
S & T Group
750.00
රාමා  - 2
පරි: එස්. එම්. බන්දුසීල
S & T Group
700.00
අඟහරු මිනිසා
පරි: තත්සරණි බුලත්සිංහල
S & T Group
650.00
ඔබේ යටි සිත හඳුනා ගන්න
පරි: විශ්රාවන ගලප්පත්ති
අරටුව ප්රකාශන
400.00
Secret - The Power
Rhonda Byrne
Simon & Schuster, UK
2,050.00
Secret - The Magic
Rhonda Byrne
Simon & Schuster, UK
1,160.00
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අත්හැරීම 3
ඉන්ද්‍රජිත් සුබසිංහ
-
140.00
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ - අත්හැරීම 5
ඉන්ද්‍රජිත් සුබසිංහ
-
115.00
භාවනාවේ ප්‍රවීනයෙකු වන මඟ
නිලන්ත හෙට්ටිගේ
සුසර ප්‍රකාශකයෝ
200.00
තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමිපාණෝ
රියර් අද්මිරාල් සරත් වීරසේකර
ආකර්ෂා ප්‍රකාශකයෝ
400.00
ජේන් අයර්
පරි: එන්. පී. විජේරත්න
ආශිර්වාද ප්‍රකාශකයෝ
700.00
ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා අන්දර
පරි: චාමිකර වීරසිංහ
ෆාස්ට් පබ්ලිෂිං
250.00
මනරන්ජන මිත්‍යා කතා
තිලක් සේනාසිංහ
සරසවි ප්‍රකාශකයෝ
275.00
රාවණා මෙහෙයුම - 2
සුසිත රුවන්
ෆාස්ට් පබ්ලිෂිං
375.00
රාවණ යළි නැගිටියි
මිරැන්ඩෝ ඔබේසේකර
සමන්තී
350.00
ශ්‍රී ලංකාවේ රාවණ අධිරාජ්‍යයාගේ සංස්කෘතික උරුමය
මිරැන්ඩෝ ඔබේසේකර
සමන්තී
350.00
සිරිත් මල්දම
ඇම්. එල්. සිල්වා ගුරු මුහන්දිරම් තුමා
සුසර ප්‍රකාශකයෝ
70.00
නායකයෙක් වන්න
අනු: ලීලානන්ද ගමාච්චි
විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
200.00

ජයසේන ජයකොඩිගෙ පොත් ලිස්ට් එකෙන් කොටසක් දෙන්නම කියවල තිබ්බත් නෝනට ඒ පොත් ටික ඕනෙ කිව්ව නිසා ගත්ත. (ඒත් ගෙදර ඇවිල්ල බැලුවම දැක්කෙ අපි අරගෙන තියෙන්නෙ අතරින් පතර කියල. :( )
මේ සමහර පොත් ගත්තෙ තෑගි දෙන්න. 
මෙතන සඳහන් නොවුන පොඩිම පොඩි ළමයින්ට පොත් කිහිපයක් හා Nursing පොතකුත් තිබෙනවා.
ඉහත සඳහන් කරල තිබෙන්නෙ ඩිස්කවුන්ට් නැති ඔරිජිනල් මිල.
20-30%අතර ඩිස්කවුන්ට් තිබ්බ. 

ලොකු වැරැද්දක් උනා. මුලින්ම යන්න තිබ්බේ බාගේන් හෝල් එකට. ඒකට අන්තිමට ගියේ. වෙලාව මදි උනා. එතනට යනකොට 8.45යි. :( ඊලඟ පාර නම් ඒ වැරැද්ද කරන්නෙ නෑ කියල හිතාගත්ත.

යාළුවො නම් කවුරුවත් සෙට් උනේ නෑ. 
අපේ මිතුරු සෙට් එකටත් මේ පාර සෙට් වෙන්න බැරි උනානෙ. :(

Monday, December 14, 2015

"රැකියා වෙළඳපළ ජය ගනිමු" ග්‍රන්ථය ඔබත් ලබාගන්න



මාස කිහිපයක උත්සාහයකින් පසුව ඔන්න ඔයාල බලාගෙන හිටිය අත්පොත එළිදක්වන්න තමයි මේ සූදානම් වන්නෙ.

පිටු 50කින් යුත් මේ පොතෙන් අන්තර්ගතය ගැන මුලින්ම කියන්නම්.
  1. "රැකියාවක්” කියන්නෙ මොකද්ද ඇත්තටම???
  2. ඇයි අපිට රැකියාවක් ඕනෙ කරන්නෙ?
  3. සාර්ථක CV එකක් සාදා ගනිමු
  4. මොකද්ද මේ CV එකක් කියන්නෙ?
    1. CV එකක් හදන්න ස්ථිර ක්‍රමයක් තිබෙනවද?
    2. CV එකක් භාවිතා කළ යුත්තේ ඇයි?
    3. ඔබ CV කීයක් සෑදිය යුතුද?
    4. ඔබගේ CV එකේ තිබිය යුතු ගුණාංග මොනවාද?
    5. CV එක තුළ තිබිය යුතු විස්තර මොනවාද?
    6. සාර්ථක CV එකක් කොහොම විය යුතුද?
    7. මෙන්න මේ දේවල් CV එකක තිබිය යුතුයි
    8. තම CV එක හදද්දි අයදුම්කරුවන් සිදු කරන වැරදි මොනවාද
    9. සාර්ථක CV එකක දිග
    10. සාමාන්‍ය CV එකක තිබිය යුතු Formatting
    11. ඔබගේ CV එක ඉලක්ක කිරීම
    12. මුද්‍රිත CV, ඊමේල් CV, වෙබ් CV
  5. ඔබගේ සුදුසුකම් ෆයිල් එක සකසා ගන්නේ කෙසේද
  6. Cover Letter එකක් නිවැරදිව සාදාගනිමු
  7. ජොබ් එකකට හරියට අයදුම් කරන්නේ කොහොමද
  8. සම්මුඛ පරීක්ෂණයකට හරියට මුහුණ දෙමු
    1. සම්මුඛ පරීක්ෂණයකට සූදානම් වන්නේ කොහොමද
    2. සම්මුඛ පරීක්ෂණයට අඳින්නෙ පළඳින්නෙ මොනවද
    3. සම්මුඛ පරීක්ෂණය දවස
    4. සම්මුඛ පරීක්ෂණයට මුහුණදෙමු
    5. සම්මුඛ පරීක්ෂණයින් පස්සෙ
  9. Professional Online Profile එකක් පවත්වාගෙන යන්න
    1. මොකද්ද මේ Professional Online profile එකක් කියන්නෙ?
    2. ඔන්ලයින් ප්‍රොෆයිල්, රැකියා සෙවීමට භාවිතා කළ හැක්කේ කෙසේද?
    3. LinkedIn හරහා Online Profile එකක් සාදාගන්න.
    4. මොකද්ද මේ LinkedIn?
    5. මොකද්ද LinkedIn වල අවශ්‍යතාවය?
Demo එකක් පහත ලින්ක් එකෙන් බලාගන්න.
https://drive.google.com/file/d/0B_fIzm0oL4ONUlZtWkhGc2liRFU/view?usp=sharing

මේ පොතත් එක්ක ඔයාලට නොමිලේ ලැබෙන දේවල්
  1. CV Templates
  2. Cover Letter Template
  3. බහුල සම්මුඛ පරීක්ෂණ ප්‍රශ්න වලට නිදසුන් පිළිතුරු
  4. "ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්නේ කෙසේද" නොමිලේ බෙදා හැරුණු ඊබුක් එක
  5. අත්වැල් කිහිපයක්
  6. ඒත් එක්කම ඔයාල ඉදිරියට හදන CV එකක දුර්වලතා හඳුනාගෙන, ඒවා නිවැරදි කරල, අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ නිවැරදි කරල ඒක හොඳ ආකාරයට හදල දෙනව. (එක් CV එකක් සඳහා) 
මේ දේවල් 6 ලැබෙන්න නම් ඔයා මේ පොත මිලට ගැනීම සිදු කළ යුතුම වෙනවා. 

අංක 6 ගැන කතා කළොත්, ඊට පස්සෙ උනත් ඔයාලට ඒ සේවාව ලබා ගන්නට හැකියාව තිබෙනවා. ඒ ගැන දැනගන්න මෙම සබැඳිය හරහා යන්න.
http://careerguidancelk.blogspot.com/p/cv-correction-service.html

මගෙ අත්දැකීම් හා දැනුම එකතු කරල තමයි මේ පොත නිර්මාණය කරල තිබෙන්නෙ. ඉතින් මම උනු මහන්සියට හා ගත කළ කාලයට ඔයාලගෙන් පොඩි මුදලක් අය කරනවා. ඒ වෙනුවෙන් ඔයාල තරහ වෙන එකක් නෑ කියල හිතනව. ඒ මිලටත් වඩා වටිනා දේවල් ටිකක් මේ හරහා ඔබට ලැබෙනව කියල මම ස්ථිරවම කියා සිටිනවා.
මම මීට පෙර, නොමිලේ ඔයාලට ලිපි රැසක්, කෙටි අත්වැල් දෙකක්, "ඔබට ගැළපෙන වෘත්තිය තෝරාගන්නේ කෙසේද" යන්න ගැන කතා කරන ebook එකක් ලබා දුන්නා.

ලොකු මුදලක් වෙන්නෙ නෑ. $1.49. (ඒ කියන්නෙ රු.200-220ක් වගේ පොඩි මුදලක්)

පහත Buy Now බොත්තම හරහා ඔබට මේ පොත මිලට ගන්නට හැකියාව තිබෙනවා. PayPal මගින් කෙලින්ම ඔබට මුදල් ගෙවිය හැකියි 
 Buy Now
$1.49

PayPal නොමැති අය සිටිනවා නම් මට ඊ මේල් ලිපියක් එවන්න. මම eZCash / mCash / Bank Transfer සඳහා අවශ්‍ය විස්තර එවන්නම්.

වැදගත් කරුණක් කියන්නට තිබෙනවා.
මේ පොත මම ඔයාල වෙනුවෙන් ගොඩක් මහන්සියෙන් ලියපු පොතක්. ඉතින් මම මිලක් නියම කරල තිබෙන මෙම පොත නොමිලේ බෙදා හරින්නට එපා යයි කාරුණිකව ඉල්ලා සිටිනවා. එසේ සිදුවන තැනක් දුටුවහොත් ඒ පිළිබඳ මා වහාම දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. 
ලංකාවේ බුද්ධිමය දේපළ පණත යටතේ එය ඉතාම වැරදි ක්‍රියාවක් කියලත් ඔබට මතක් කරන්නට කැමතියි.

ඉතින් ඔබ මෙම පොත ඔබගේ මිතුරන් හා බෙදා හදාගන්නා විට ඔවුන්ටත් මෙය මිලට ගැනීමට මෙම පිටුව වෙත ඔවුන්ව එවන්න කාරුණික වන්න.

Buy Now


මගේ Affiliate කෙනෙක් වී ඔබත් උපයන්න. 


මෙම පොත ඔබට පුළුවන් ඔබගේ වෙබ් / බ්ලොග් අඩවි හරහාත් විකුණන්නට. මම ඒ වෙනුවෙන් ඔබට 33%ක Affiliate Commission එකක් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නෙ ඔබගේ Affiliate Link එකකින් මගෙ පොත මිලට ගන්නා වාරයක් පාසා ඔබගේ Affiliate ගිණුමට $0.50 බැගින් බැර වෙනවා.
මේ මුදල් ඔබට ඔබගේ Paypal ගිණුමට කෙලින්ම ලබා ගන්නට පුළුවන්. 100%ම ලැබෙනව.
ඒත් එක්කම eZCash, mCash, Bankd Transfer (Commercial/Sampath) හරහාත් ඔබට ඒ මුදල් ලබා ගන්නට පුළුවන්. හැබැයි ඒවට නම් 5%ක service charge එකක් ගන්න වෙනව. 

වැඩි විස්තර සඳහා පහත සබැඳිය ක්ලික් කරන්න.
http://careerguidancelk.blogspot.com/2015/12/ebook-affiliate-programme.html

හැකියාවක් තිබුණොත් මෙම පොත තවත් වැඩිදියුණු කොට මුද්‍රණය කිරීමේ කැමැත්තකුත් මට තිබෙනවා. මේ උත්සාහය ඇගයීමකට ඔබත් බලාපොරොත්තු වනවා නම් ආරාධනා කරනවා මා වෙත ඔබට හැකි අයුරින් කුඩා ආධාරයක් වුවත් කරන ලෙස ආරාධනා කරනවා. 

 

වෙනත් කිසියම්ම හෝ ගැටළුවක් ඇති නම් cglk [at] consultant [dot] com හෝ madhawa.h [at] mail [dot] com හරහා මා හා සම්බන්ධ වන්නට ඉල්ලා සිටිනවා.

UPDATE:
මෙම පොත ඉදිරියට අන්තර්ජාලය හරහා සෘජුව මිලට ගැනීමට නොහැක. ඔබට මෙම පොත අවශ්‍ය නම් cglk [at] consultant [dot] com හෝ madhawa.h [at] mail [dot] com හරහා මා හා සම්බන්ධ වන්න. එවිට සියළුම විස්තර ඔබ වෙත නොපමාව ලැබෙනු ඇත. 

Digital Delivery by E-junkie