Tuesday, September 27, 2011

කොටස් වෙළඳපළ ආයෝජනය ගැන කණෙන් අහලම දැනගන්න


ඔන්න ඔයාලට අවස්ථාවක් තිබෙනවා කොටස් වෙළඳපළ ගැන කොටස් වෙළඳපළ ආයෝජනය ගැන කණෙන්ම අහල දැනගන්න.
බස් රේඩියෝවේ (දන්නෙ නැති අයට: බස් රේඩියෝව කියන්නෙ සිංහල බ්ලොග්කරුවන් කණ්ඩායමක් විසින කරගෙන යනු ලබන අන්තර්ජාල ගුවන්විදුලි වැඩසටහනක්.) අද රාත්‍රී "බස් මැගසින්" වැඩසටහනෙන් මම එනවා ඔබත් එක්ක මේ ගැන කතා කරන්න.
ඔබත් කැමති නම් එන්න, සවන්දෙන්න බස් රේඩියෝ මැගසින් එකට.

වෙබ් අඩවිය : www.buzzradio.lk

වේලාව : රාත්‍රී 8.30 - 10.00
ඉතින් පොඩ්ඩක් අහගන්නකො මොනව ගැනද අපි කතා කරන්නෙ කියල.
  • කොටස් වෙළඳපළ කියන්නෙ මොකද්ද, ඒකෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද
  • කොටස් වෙළඳපළ ඉතිහාසය
  • ආයෝජකයෝ, තැරැව්කරුවෝ
  • කොහොමද සම්බන්ධ වෙන්නෙ
  • ආයෝජනයේ වාසි හා අවාසි
  • කොටස් මිල ඉහළ පහළ යන්න හේතු
  • පාඩු නොවී ආයෝජනය කරන්නෙ කොහොමද
  • බහුලව ඇසෙන ප්‍රශ්න
ඉතින් ඔයාලටත් කොටස් වෙළඳපළ ගැන තිබෙන ගැටළු වලට උත්තර හොයාගන්න මේක හොඳ අවස්ථාවක් වෙයි කියල හිතනවා. අසන්නන්ගේ ප්‍රශ්න වලටත් ඉඩක් ලබා දෙන්න තමා ඉන්නෙ, නමුත් වෙලාව පිළිබඳ ප්‍රශ්නය තමා තිබෙන්නෙ. බලමුකො අපි.

Monday, September 26, 2011

වැඩිපුරම භාගත කරගෙන ඇති Wordpress Plugins 20



මේ වන විට අන්තර්ජාලය තුළ තිබෙන ජනප්‍රියම Blogging Platform එක තමයි වර්ඩ්ප්‍රෙස්. මේ වෙනකොට self hosted wordpress අඩවි මිලියන 50කට අධික ප්‍රමාණයක් තිබෙනවාලු.
ඉතින් මේ කතාකරන්න යන්නෙ මේ මිලියන 50ට යන අතරෙ, ඒ භාවිතා කරන්නන් වැඩිපුරම භාගත කරගෙන තිබෙන ප්ලගින 20 ගැනයි.

ස්වයංක්‍රීයවම ඔබගේ බ්ලොග් අඩවිය හා ලිපි SEO කරන ප්ලගිනයක් තමයි මේක. ඒ ඒ ලිපි වලට වෙන වෙනමම ටැග් දාන්න, සෙවුම් යන්ත්‍ර වලට හොයාගන්න ලේසි වෙන්න විවිධ දේ කරන්න මේ හරහා පුළුවන්. තවත් මේ වගේ ඒව තියෙනව, නමුත් මේක තමා මම දැකල තිබෙන හොඳම එක. ටිකක් සංකීර්ණයි, වැඩ කෑලි ගොඩායි.
Downloads 8,208,465

ඔබගේ අඩවියට එන කමෙන්ට්ස්, ස්පෑම් සඳහා පරික්ෂා කරන එක තමයි මේකෙන් කරන්නෙ. මේක ඉතාම ප්‍රයෝජනවත් ස්පෑම් වලින් වැළකීම සඳහා. මම නම් මේක අනිවා දාගන්නව මොනව නැතත්.
Downloads 7,010,496

ගූගල් සෙවුම් යන්ත්‍රයට ඔබගේ අඩවිය පහසුවෙන් index කිරීම සඳහා සයිට් මැප් එකක් සකසා දීම මෙම ප්ලගිනය මගින් කරනවා. ගූගල් සර්ච් වල ඔයාගෙ බ්ලොග් එක හොඳට ලිස්ට් වෙන්න නම් මේක අනිවා දාගන්න.
Downloads 5,386,430

මේක තවත් කන්ටැක්ට් ෆෝම් එකක් විතරයි, නමුත් ගොඩාක් භාවිතය පහසු, සරළ නමුත් ඉතාම හොඳ එකක්.
Downloads 4,203,678

ගොඩාක් ඔප්ෂන් තියෙන image gallery plugin එකක්. 
Downloads 3,494,547

ඔයාගෙ සර්වර් එකට ලෝඩ් එකක් නැතිව ඔයාගෙ අඩවියෙ stats බලාගන්න පුළුවන් ප්ලගින් එකක්. මේකෙන් කරන්නෙ wordpress.com වල stats හරහා සම්බන්ධ වෙන එකයි.
Downloads 2,589,702

මේකෙන් කරන්නෙ ඔයාගෙ අඩවියෙ තිබෙන දේවල් වල static html ෆයිල් හදන එක. ඒකෙන් අඩවිය client side එකෙන් ලෝඩ් වෙන එක ඉතාම වේගවත් වෙනව. (සයිට් එකේ ස්ටැටික් කොටස් ඔක්කොම කෑශ් කරගන්නව පරිගණකයට). හැබැයි මගෙ බ්ලොග් එකක නම් මට මේක කරදරයක් වෙලා අයින් කළා. මොකද අඩවිය ස්ටැටික් කොටස් කෑෂ් කර ගත්තම, අපී ඒකෙ වෙනසක් කලත් බොහෝ වෙලාවට ඒක අඩවියට එන්නන්ට පේන්නෙ නැතුව යනව, ඔවුන්ට පේන්නෙ අර කෑෂ් වෙලා තියෙන එක තමයි. ඒ කියන්නෙ පරන එක. :(
Downloads 2,391,929

ඔයාගෙ බ්ලොග් එක ජංගම දුරකථන වලින් පහසුවෙන් බලන්න පුළුවන් කරන ප්ලගිනයක් තමා මේක. මේකෙන් බ්ලොග් එක iPhone App එකක් වගේ කරනව. :)
Downloads 2,228,517

මෙක මොකද්ද කියල නම් කාටවත් කියන්න ඕනෙ නෑනෙ. ගූගල් මගින් ලබාදෙන වෙබ් සයිට් ඇනෑලිටික්ස් සේවාව තමා මේක. සාමාන්‍යයෙන් අපි කරන්නෙ ඒකෙන් දෙන කෝඩ් එක අපේ පිටුවකට එකතු කරන එකනෙ. නමුත් මේකෙන් කෙලින්ම ප්ලගිනය හරහා ඔබට ඒ වැඩ ටික කරගන්න පුළුවන්.
Downloads 2,037,340

මේක ඇවිල්ල සෝශල් ශෙයාරිං ප්ලගිනයක්. ඔබගේ ලිපි, ප්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවි වලට ශෙයා කරන්න පුළුවන් මේක හරහා. නමුත් මම නම් මේකට වඩා කැමතියි Sexy Bookmarks කියන ශෙයාරිං ප්ලගිනයට.
Downloads 1,850,470

සමහරක් බ්ලොග් අඩවි වල පහලින් පිටුවෙන් පිටුව යන්න ඉලක්කම් එක්ක තීරුවක් තිබෙනවා ඔබ දැකල ඇති. අන්න ඒක දාගන්නෙ මේකෙන් තමා. මේක අඩවියේ ලිපි අතර යනකොට හරිම පහසුවක් ලැබෙනවා.
Downloads 1,713,578

මේකත් contact form එකක් තමා. අපිට ඕනෙ විදිහට වෙනස් කරගන්න පුළුවන්. කරදරකාර ටෙම්ප්ලේට් නෑ. ස්පෑම් ඇටෑක් එන්නෙත් නෑ. contact forms ප්ලගින වලින් මේක හා Dragon Design Form Mailer තමයි මම කැමතිම contact forms ප්ලගින.
Downloads 1,586,123

ඉස්සෙල්ල එකම වගේ එකක්. ගූගල් ඇනැලිටික්ස් වලට ඕනෙ කරන ජාවාස්ක්‍රිප්ට් එක පිටු වලට දාල දෙනවත් එක්කම මේකෙ තිබෙනව ඇනැලිටික්ස් වල විස්තර අඩවියේ මුල් පිටුවට එකතු කරන්න පුළුවන් විජට්ටුවකුත්.
Downloads 1,433,450

ගූගල් එකෙන් දෙන භාෂා පරිවර්තකය අඩවියට එකතු කරන්න පුළුවන් මේකෙන්. ඔයාගෙ අඩවියේ තියෙන අන්තර්ගතය ක්ලික් දෙකකින් භාෂා 58කින් ඕනෙම එකකට කියවන්නාට පරිවර්තනය කරන්න පුළුවන් මේකෙන්. (සිංහල නම් ගූගල් තාම දන්නෙ නැතිලු.)
Downloads 1,215,595

මේක ඇවිල්ල e-commerce වලට තිබෙන හොඳ Web 2.0 වර්ඩ්ප්‍රෙස් ප්ලගිනයක්. ඔබේ අඩවියේ තිබෙන දේවල් විකුණන්න පුළුවන්, ෂොපිං කාට් එකක් දාගන්න පුළුවන් ප්ලගිනයක් තමා මේක.
Downloads 1,208,872

මේ ප්ලගිනය හරහා ඔබට පුළුවන්, ස්වයංක්‍රීයවම ඔබ ලිපියක් දැම්ම ගමන්ම ඔබ එකතු කරල තිබෙන social bookmarking අඩවි වලට ඒ ලිපිය එකතු කරන්න.
Downloads 1,155,054

social sharing වලට මම නම් කැමතිම ප්ලගිනය තමා මේක. මේක හරහා social sharing buttons සෙට් එකක් ඔයාගෙ ලිපි වලට එකතු කරගන්න පුළුවන්. ලස්සන පෙනුමකුත් තිබෙනව මේකට.
Downloads 1,089,436

ඔබ ලිව්ව ලිපියට relate වෙන ලිපි වල ලැයිස්තුවක් ඒ ලිපිය යටින් පෙන්වන එක තමයි මේකෙන් කරන්නෙ. tags, categories වලින් තමයි මේ ලිපි තේරිම සිදු කරන්නෙ.
Downloads 1,067,965

වර්ඩ්ප්‍රෙස් export file එකකින්, ලිපි, පිටු, අදහස්, ප්‍රවර්ග, තව ගොඩාක් දේවල් මේ ප්ලගිනය මගින් අලුත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකට import කරගන්න මේක හරහා පුළුවන්.
Downloads 1,050,154

ඉතා පහසුවෙන්, ඔබගේ වර්ඩ්ප්‍රෙස් ඩේටාබේස් එක බැකප් කරගන්න මේකෙන් පුළුවන්.
Downloads 1,044,319

ඉතින් ඔබ මොකද හිතන්නෙ? මේ අඩවියත්, එකක් ඇරුනම මගෙ බ්ලොග් අඩවිත් තිබෙන්නෙ බ්ලොග්ස්පොට් වල තමයි. නමුත් මේක ප්‍රයෝජනවත් වෙන ගොඩක් අය මේ සිංහල බ්ලොගෝලයේ ඉන්නවා. ඉතින් ඔවුන්ට ප්‍රයෝජනවත් වේවි කියල හිතනවා.
අනිත් එක ඔයාලත් වර්ඩ්ප්‍රෙස් වලට මාරු වෙන්න හිතන් ඉන්නව නම් ඒක ඉතාම හොඳයි. නමුත් හොස්ට් කරන්න තැනක් ඕනෙ කරනව. ෆ්‍රී හොස්ටිං එකක කරන්න පුළුවන් පහසුවෙන්ම, ටෙස්ට් කරන්න, පරික්ෂා කරන්න, පුරුදු වෙන්න නම්. (භාවිතයට උනත් නරකම නෑ.) ඔයාලගෙ ඩොමේන් එකකම අඩවිය දාගන්න පුළුවන්නෙ. ඩොමේන් එකක් නැත්තම් ඩොට්.ටීකේ වලින් ෆ්‍රී ඩොමේන් එකක් ගන්න. හොස්ට් එකක් නැත්තම් බයිට්හොස්ට් එකෙන් ෆ්‍රී හොස්ටිං ගන්න. (මම භාවිතා කරන, මට හොඳයි කියල හිතෙන හොඳම ෆ්‍රී හොස්ටිං එක.)
වර්ඩ්ප්‍රෙස් වලින් බ්ලොග් එකක් හදන්නෙ කොහොමද කියල නම් ගොඩාක් අය කතා කරල තිබෙනවා. ඒ නිසා ඒ ගැන කතා කරන්න ඕනෙ නෑ කියල මම හිතනවා.

Monday, September 19, 2011

පොත් ප්‍රදර්ශනේ බලන්න ගියෙමි සහ යන්න ඉන්න අයට උදව්වක්

ඔන්න ඉතින් මම ගියාලු පොත් ප්‍රදර්ශනේ බලන්න. ගියේ මගෙ නංගියයි, උදිතයි, උගෙ මල්ලියි, නිසුපයි, එයාගෙ නංගියි තමා. එහෙට ගිහිල්ල ගෝල්ඩ් ෆිෂ් සහ මෑන්ස්ගෙ මිත්තරයෙක් සෙට් උනා. අපේ මුහුණු පොතේ මෙගා ත්‍රෙඩ් එකේ කතා උනු විදිහට BMICH එක ඉස්සරහ පොකුණ ගාවට තමා අපි නම් ඒ ආවෙ, ඒත් 10ට පැය බාගයක්ම තියෙන නිසා අනිත් අය එනකම් කියල අපි ඇතුළට ගියා. අනිත් අය කීවෙ, චාපා, ශිරෝෂි, මධුරංග, දඟයා, අර මෙගා ත්‍රෙඩ් එකේ මූලික ලක්මිණි, සහ තවත් අය. අනේ සමාවෙන්න අමතක උනු නම් සම්බන්ධයෙන්. ඉතින් 10ට කියල කතා වෙලා ඔය සමහරු ආවෙ 11ත් පහු වෙලාලු. :D ඔය වෙලාවට එන්නම් කීව නෙරන්ජි, අපි යන්න ඔන්න මෙන්න තියල මෙන්න මූණ පෙන්නගෙන මතු උනානෙ කොහෙන්ද මන්ද පුෂ්පා ආන්ටි එක්ක. :( බැලුවම එයා උදේ 10 ඉඳල ප්‍රදර්ශනේ බලල. :D

බලපල්ලකො ගෝල්ඩ් ෆිෂ් කාරය අපෙන් අවසරයක්වත් නැතුව ෆොටෝ එකේ උගෙ නම දාගෙන තියෙන හැටි. 

පට්ටම සෙනඟක්. ඔයාල අනිවා මැප් එක අරගන්න ටිකට් ගන්නකොට. (රු. 10යි ටිකට් එකක්). නැතත් ඇතුළට ගිහිල්ලත් ගන්න දෙතුන්පලකින් පුළුවන්. තවත් විශේෂ දෙයක්. ටිකට් එකත් එක්ක "Minute Maid" බීම එකකට ටෝකන් එකක් දෙනව, ඒකත් ගන්න. හැබැයි ඒ ටෝකන් එකෙන් බීම ගන්න පුළුවන්, ටිකට් ගන්න තැනට එහා පැත්තෙ තියෙන තැනින් විතරයි, ඇතුළෙ කොහෙනවත් බෑ. ඒ නිසා ඒක ගන්නව නම් ඇතුළට යන්න ඉස්සෙල්ල හෝ ප්‍රදර්ශනේ බලල ඉවර වෙලා යන ගමන් තමා ගන්න වෙන්නෙ. ඒත් එලියට යනකොට ගන්න යනව නම් ඔයාලට නොමිලේ දෙන ප්‍රවාහන සේවය ලබා ගන්න බැරි වෙනවා. මොකද ඒක ගන්න පුළුවන්, සිරිමාවෝ එක ඉස්සරහින් තියෙන ගේට්ටුවෙන් ගියොත් තමා. කොහෙට කොහෙට ඒව යනවද නම් දන්නෙ නෑ, බොරැල්ල, මරදාන පැත්තට නම් එකක් යනව. 
බිම උනත් ඉඳගන්න බලාන යන්න, මොකද හරියකට ඉඳගන්නවත් බැරි තරම් සෙනඟක් ඇතුළෙ ඉන්නව. ඒත් කඩ කිහිපයක් ඇරුනම අනිත් හැම එකකටම කරදරයක් නැතිව ගිහිල්ල පොත් තෝරන්න පුළුවන්. සෙනඟ ගොඩක් ඉන්නව, නමුත් පොත් තෝරන්න ඉඩ ඇති. (අපි ගිය වෙලාවෙ නම් යම් අපහසුතාවයක් ආවෙ ගුණසේන, සරසවි පමණයි. සමයවර්ධන එක ඇතුළට යන්න බැරි තරම් සෙනඟ නිසා ගියේ නෑ.) ඉංග්‍රීසි පබ්ලිශර්ස්ල ඔක්කොම වගේ හිටියෙ A හෝල් එකේ, ඒ කියන්නෙ සිරිමාවෝ එකේ වම් පැත්තෙ හෝල් එක. විදර්ශනා, දයාවංශ ජයකොඩි, සූරිය, රත්න, ආරිය වගේ ප්‍රසිද්ධ කට්ටිය හිටියෙ B හෝල් එකේ. ඒ කියන්නෙ සිරිමාවෝ එකේ දකුණු පැත්තෙ. ගුණසේන හිටියෙ වෙනද වගේම සිරිමාවෝ එක ඉස්සරහ වම් පැත්තෙ විශාල ස්ටෝල් එකක. සරසවි හිටියෙ සිරිමාවෝ එක එහා පැත්තෙ තියෙන කැන්ටින් එකක් එක්ක තිබෙන තාවකාලික Conference Hall එකේ.
කන්න නම් ඇති වෙන්න තියෙනව, හැබැයි හුඟක් ඒවයින් කන්න නම් ඇති වෙන්න සල්ලිත් තියෙන්න ඕනෙ. අපි ඉතින් නූඩ්ල්ස් කෑව, ගෙදර එනකොට බඩේ පණුවන්ට බොක්සිං ගහල එපා වෙලා අත ඇරල දාල. බඩ ඉරිඟු තිබ්බනෙ, කන්න ඕනෙ උනා ඒත් නූඩ්ල්ස් කෑවෙ. අරකක් කෑව නම් ආයි බඩගිනි එන්නෙ නෑ ගෙදර එනකම්. :(

හරි දැන් පොත් කතා වලට එමු. මගෙ ඉස්සෙල්ල පෝස්ට් එක කියවපු නැති අය මෙතනින් ගිහිල්ල කියවන්නකෝ. මම හිතන් ගියේ, චින්ගීස්ගෙ තවත් පොත් කිහිපයක්, පවුලෝගෙ පොතක් දෙකක්, ජස්ටින් ගාඩර්ගෙ පොතක්, බෞද්ධ පොත් කිහිපයක්, විද්‍යා ප්‍රබන්ධයක්, වීර චාරිකා නව කතාවක්, මනෝ විද්‍යා පොතක් වගේ දේවල් ටිකක් ගන්නයි. ඒත් කළ දේ ටිකක් වෙනස් උනා.
මෙන්න මෙහෙමයි උනේ.

පංච තන්ත්‍රය - අනුවාදක හේමපාල මුණිදාස
ගුණසේන; රු. 350/=
ඉන්දියානු පොතක්. උපදේශාත්මක කතා තමයි තිබෙන්නෙ. 

ඈ හෙවත් අයේෂා (කොටස් 1,2) - රයිඩර් හැගාඩ් | කේ. පී. කරුණාතිලක
දයාවංශ ජයකොඩි; රු. 350*2 = 700/=
මේ ඇලන් ක්වාටර්මෙන්ගේ කතා මාලාවේ එකක්. මේකට පස්සෙ ඈ සහ ඇලන්, අයේෂා නැවත එයි, ඇලන් හා ඔහුගේ බිරිඳ කියල කතා ටිකක් තියෙනව. මේව එකටම ගලාගෙන යන කතා. මේවා වැටෙන්නෙ Adventure Novels ගණයට.

පියෙද්රා ගඟබඩ අසල හිද මම වැළපුනෙමි - පාවුලෝ කොයියෝ
විදර්ශනා; රු. 300/=
කාන්තාවක් හා තවෙකෙක් යන සංචාරයක් ගැනයි කියවෙන්නේ. තමන්ගේ සිහින, බලාපොරොත්තු හා ආදරය සොයා යන්නියකගේ කතාවක්.

යක්ෂයා සහ ප්‍රයිම් මෙනෙවිය - පාවුලෝ කොයියෝ
විදර්ශනා; රු. 350/=
කෑදරකම, භීතිය, බියගුළුකම විසින් ගිලගනු ලැබූ ප්‍රජාවක්, සිය වේදනාබර අතීතයෙ අවතාරයන්ගෙන් වද විඳිනා මිනිසෙක්, සතුට සොයා යන තරුණියක්. ආලෝකය අඳුර අතර පවතින අරගලය, අපේ දෛනික ජිවන අරගලය හා එහි අබැඳියාව 

වෙරෝනිකා මැරෙන්නට තීරණය කරයි - පාවුලෝ කොයියෝ
විදර්ශනා; රු. 300/=
ජීවිතයේ සතුට සොයා ගොස් බැරි තැන සිය දිවි නසා ගන්නට ගොස් අවසානයේ පිස්සන් කොටුවක සිහිය ලබා ජීවත් වීමට තවත් දින කිහිපයක් පමණක් තිබෙන රූමත් තරුණ කාන්තාවකගේ කතාවක්.

මිනිත්තු එකොළහේ කතාව - පාවුලෝ කොයියෝ
විදර්ශනා; රු. 420/=
ජීවිතය සොයා යෑමේදී, ආදරය, ලිංගිකත්වය හාආත්මීය අර්බුද හා ගැටෙමින් ඇය තුළින් ඇයවම මතු කෙර ගැනීමට කෙරෙන නිර්දීත ගවේෂණයක්.

වීදි දරුවෝ - බර්ලි ඩොරති
baby Bee; රු. 280/=
තම මව මිය යාමෙන් පසුව, විවිධ දුක් කම්කටොළු වලට මුහුණ දෙන අසරණ කුඩා දරුවෙක් ගැන කියවෙන කතාවක්.

නිරුවත් වානරයා - ඩෙස්මන් මොරිස් | එස්. එම්. බන්දුසීල
S & T Group; රු. 450/=
මේක ගැන නම් මම ඉස්සෙල්ල ලිපියෙත් කිව්වනෙ. කියවල තිබුනත් ගන්න හිතුන. මිනිසාගේ සමාජීය හැසිරීම් රටා, ආලයෙන් බැඳිම, හැඟීම්, ලිංගික රටා ගැන විමසුමට ලක් වෙන මනෝ විද්‍යාත්මක පොතක්.

අවසන් සිද්ධාන්තය - ආතර් සී. ක්ලාක්
S & T Group; රු. 750/=
ආතර් සී. ක්ලාක්ගේ අවසාන විද්‍යා ප්‍රබන්ධය තමයි මේක. අනාගතයේ පෘථිවියට පැමිණෙන පිටසක්වල ආක්‍රමණයක් ගැනයි කියවෙන්නේ. ඒ ආක්‍රමණයට හේතු වන්නේ පෘථිවියේ සිදුවන පරමාණුක පිපිරීම් වැනි දේ නිසා මිනිසා තර්ජනාත්මක සත්වයෙක් යයි සිතා මිනිසාව විනාශ කර දැමීමට ඔවුනට අවැසි වීමයි.

ඉතින් ඔන්න ඔය පොත් ටික තමා මම ගත්තෙ. අපේ උදිත සහෝදරයාත්, නිසුපා සහෝදරියත් නම් ලොරි දෙකකට විතර පොත් ගත්තා. :D බර වැඩි කමට එක්කෙනෙක්ගෙ කකුලකුත් මොකද්ද වෙලා තිබුනා. :D

මේ පොත් වලට අමතරව තව ‍යෝජනා ටිකක් තිබෙනවා.
ආතර් සී. ක්ලාක්ගෙ 2001, 2010, 2016, 3001 එක පොත් ගැන ඔබ දන්නවා ඇති. ඒ පොත් සියල්ලම S & T Group ස්ටොල් එකේ තිබෙනවා. ඊට අමතරව චන්ද්‍ර ගවේෂණය කියන පොතත් ගොඩක් හොඳයි.

මම හිතන් ගිය විදිහට චින්ගීස්ගෙ පොත් එකක්වත් ගන්න බැරි උනා. මොකද මම හෙව්ව පොත් තිබුනෙ නෑ හොයාගන්න. නමුත්  හැමතැනම තිබුනා ජමිලා හා ගුරු ගීතය. සමහරක් තැන් වල ඒ පොත් වලට ඉතා විශේෂ තැනක් දීල තිබුන, හේතුව නම් මොකද්ද කියල හිතාගන්න බෑ. 
බෞද්ධ ග්‍රන්ථ මන්දිරයට යන්න බෞද්ධ පොත් ගන්නව නම්. මට යන්න බැරි උනානෙ. ඇතුළෙ නම් තිබුන පිටිදූවෙ හාමුදුරුවන්ගෙ පොත්ම තිබෙන ස්ටෝල් එකක්. කිරිබත්ගොඩ හාමුදුරුවන්ගෙ පොතුත් තිබුන ස්ටෝල් කිහිපයක. 
වානරයා පොත නම් තිබුනේ නෑ හොයාගන්න. මම දැක්කෙම නෑ. 
ඡායාරූපකරණය ගැන පොත් හෙව්ව. Expographic එකේ තිබ්බ ඉංග්‍රිසි පොත් ටික විතරමමයි මම දැක්කෙ. :( ඒව නම් පට්ට ගණං. 
කොටස් වෙලඳපළ ගැන උනත් පොතක් හොයාගන්න බැරි උනා. පොඩි පොත් පිංචක් ලිව්ව නම් කීයක් හරි හොයාගන්නත් පුළුවන් වෙයි නේද කියල හිතුන.:D

පූසො ගැන පොත් කිහිපයක් තිබ්බ. ෂෝක් අප්ප ඒව. පිටු දෙක තුනක ඉංගිරිසි අකුරු ටිකක් තියෙනව, ඉතුරු පිටු ඔක්කෝම පුසන්ගෙ එක එක ෆොටෝ වලින් පිරිල. :) හරිම හුරතල්. ඒත් Expographic එකේ තමා තිබුනෙ. 

බාගේන් පොත් විකුණන වෙනමම සෙක්ෂන් එකක් තිබුනා. ඒකටත් යන්න බැරි උනානෙ. ගියත් වැඩක් නෑ. අතේ තිබ්බ සල්ලි ඉවර වෙලා. :( 
කොහෙද ක්‍රෙඩිට් කාඩ් එක අරගෙන ගියේ ඒකෙන් ගෙවල ලබන මාසෙට ණය වෙන්න, ඒත් දයාවංශ එකේ, විදර්ශනා එකේ එහෙම ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවන්න පහසුකම් තිබුනෙ නෑ නෙ. :( අපරාදෙ. නැත්තම් තව පොත් ටිකක් ගන්නවා. 

හ්ම්ම්. ඔන්න ඕක තමයි අද ඉස්ටෝරිය. දැන් නිදිමතයි. එහෙනම් ඉස්සරහට යන කට්ටියට සුභ පතනවා හොඳ පොත් ගන්න. 

Saturday, September 17, 2011

පොත් ප්‍රදර්ශනේ බලන්න මම හෙට යමි

ඔන්න ඉතින් සමහරෙක් අද යන්න ඇති ප්‍රදර්ශනේ බලන්න. මම ඉතින් යන්න ඉන්නෙ හෙට තමා. මම කිව්වට මාත් එක්ක, උදිතයි, නිසුපයි එනව.
මුහුණු පොතේ අපේ මෙගා ත්‍රෙඩ් එකේ කතා උනු විදිහට හෙට උදේ 10ට BMICH එක ඉස්සරහ පොකුණ ගාවට කස්ටිය සෙට් වෙන්නයි කල්පනාව. ගෝල්ඩ් ෆිෂ් එහෙමත් එනව කිව්ව. තව කට්ටිය ගොඩක් එයි. :)
ඔයාලත් එනවද? එහෙනම් අපි එතනට සෙට් වෙමුද?

ඒක නෙමෙයි, කට්ටිය ගන්න ඕනෙ පොත් එහෙම හිතාගෙනද ඉන්නෙ? මොකද මට ආරංචි උනු හැටියට, අද නම් ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති තරම් සෙනඟ උන්නලු. :( පොත් කියව කියව තෝර තෝර ඉන්න නම් ලේසි වෙන එකක් නෑ කියලයි හිතෙන්නෙ. හෙට තවත් සෙනඟ වැඩි වෙයි.
මගෙ පොත් තෝර ගන්න උදව්වක් ලිපිය කියෙව්වද? සමහරක් විට සමහරෙකුට ඒක ප්‍රයෝජනවත් වෙයි කියල හිතෙනව.
එහෙනම් හෙට හම්බුවෙමු.

Thursday, September 15, 2011

පොත් ප්‍රදර්ශනෙන් පොත් තෝරන්න මගෙනුත් උදව්වක්

හෙට අනිද්ද පටන් ගන්නවනෙ ලංකාවේ මහා පොත් ප්‍රදර්ශනේ. මේ පාර BMICH එකත් නැති නිසා පට්ටම තදබදයක් නම් තියෙයි. තෙරපිලා මැරෙයිද දන්නෙ නෑ. :D
ඉතින් ඕකෙන් අපි පොත් ගන්නවනෙ. මමත් ගන්නව. ඔයාලත් ගන්නව. ඉතින් ඔයාලට මමත් පොඩි සහයක් වෙන්න හිතුව පොත් ටිකක් තෝරගන්න.
මේ කියන්න යන්නෙ නම් මගේ රසාස්වාදයේ හැටියට මම තෝරල තිබෙන පොත්. (මගෙ ලඟ, මගෙ කාමරේ, මගෙ පොත් රාක්කෙ තිබෙන මගෙ පුද්ගලික පුස්තකාලෙ තිබෙන මම එකතු කරල, මිලට අරන් තිබෙන පොත්) ඉතින් මේ පොත් වලට ඔයාලත් කැමති නම් ඔයාලටත් මිලට ගන්න ආරාධනා කරනවා. 

මම කැමතිම පොත් රචකයෙක් තමයි චින්ගීස් අයිත්මාතව්.


ඔහුගේ පොත් කිහිපයක්ම මගෙ ලඟ තිබෙනවා. මම ඔහුගේ පොත් එකතු කරනවා. මොහු කිර්ගීසියානු ගත් කතුවරයෙක්. කිර්ගීසියාව කියන්නෙ සෝවියට් රුසියාවත් එක්ක තිබෙන රටක්. ඉතාම ලස්සන පරිසරයක් ඇති රටක්ලු. හරි දැන් පොත් වලට යමු.

අංක එකේ පොත: "ගුරු ගීතය"
මේ පොත ඉතා කුඩා නවකතාවක්. නමුත් අයිත්මාතොව්ගෙ ඉතාම ප්‍රසිද්ධ වුනු නවකතාව කියල කියන්න පුළුවන්. ලස්සන කතාවක් තියෙන්නෙ. කිර්ගීසියාවේ රුසියානු බලය ස්ථාපිත වෙන කාලයේ කතාවක්. සමහරෙක් අහල ඇති, "පොප්ලර් ගස් දෙක" ගැන. අයිත්මාතොව්ගෙ ගොඩක් කතා වල මේ පොප්ලර් ගස් ගැන කියවෙනවා. 
මිල වෙන්නෙ රු. 100ක් පමණ.

අංක දෙක: "ජමිලා"
මෙයත් ඉතාම ප්‍රසිද්ධ වුනු පොතක්. මේකත් ගුරු ගීතය වගේම ඉතාම කුඩා නව කතාවක්. නමුත් මේක තමා අයිත්මාතොව්ගෙ ප්‍රථම විශාල නවකතාව. ජමිලා නම් කාන්තාවක් වටා ගෙතිල තිබෙන, ආදරය, ජීවිතය, ගැන කියවෙන සරළ නමුත් ගැඹුරු අරුතක් දෙන කතාවක්.
මේකත් රු. 100 අවට මිලක තමයි පවතින්නෙ.

මගේ තෙවන තේරීම: "ධීවර ගීතය"
මේක ටිකක් ලොකු පොතක්. නමුත් ගොඩාක් ලොකු නෑ. දාර්ශනික නව කතාවක්. ආත්ම පරිත්‍යාගය, ආත්ම විශ්වාසය ගැන කියවෙන ඉතාම ලස්සන කතාවක්. අයිත්මාතොව් ලිව්ව පොත් වලින් ඔහු කැමතිම පොත මේකයි. 
සාගරයේ අතරමං වන කුඩා දරුවෙක් වටා තමයි කතාව ගලාගෙන යන්නෙ. දෙබස් ගොඩාක් අඩුයි. තිබෙන්නෙ, හිතේ ඇතිවන හැඟීම්, අතීතය මතක් වීම් තමයි ගොඩාක් තිබෙන්නෙ. සමහරෙක්ට නම් කියවගෙන යනකොට එපා වෙන්නත් ඉඩ තිබෙනවා. 
මිල රු.220ක් තමා වෙන්නෙ. (විදර්ශනා ප්‍රකාශන)

මගේ සිව්වන තේරීම: "සමුගනිමි ගුල්සාරි"
සමහරෙක් මෙය පළමු තේරීම කරන්නට ඉඩ තිබෙනවා. මේක ඒ තරම්ම ප්‍රසිද්ධ හොඳ කතාවක්. මහළු මිනිසෙක් හා මහළු අශ්වයෙක් අතර තිබෙන අපූර්ව සම්බන්ධතාවයක් ගැන කියවෙන කතාවක් මේක. දුක්බර අවසානයක් තිබුනත්, ඉතාම හැඟීම්බර, ලස්සන කතාවක්. 
මිල රු. 350යි (විදර්ශනා ප්‍රකාශන)

තවත් පොත් ගොඩාක් තිබෙනවා චින්ගීස් අයිත්මාතව්ගෙ. "සුදු නැව" නමින් තවත් පොතක් තිබෙනවා. (ගිය අවුරුද්දෙ ප්‍රදර්ශනෙන් මම අරන් ආව, තාම මට කියවන්න බැරි උනා, නමුත් මගෙන් ඉල්ලගෙන ඒක කියෙව්ව කිහිපදෙනෙක්ම)

ඊලඟ කතුවරයා "පවුලෝ කොයියෝ". ඉතා ප්‍රසිද්ධ ලතින් ඇමරිකානු ලේඛකයෙක්. 
මොහුගේ පොත් නම් මගෙ ලඟ තිබෙන්නේ එකයි, ඒක සුපිරි. "සන්තියාගෝ නම් සැරිසරන්නා". කවුරුත් දන්න නමින් කිව්වොත් "The Alchemist".


නිධානයක් සොයා යන කොලු ගැටයෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නෙ. නමුත් මෙහි ඒ නිධානෙට වඩා ගොඩාක් දේවල් තිබෙනවා. උත්සාහය, ආදරය, .... ගොඩක් දේවල්...
මිල රු. 230යි. (විදර්ශනා ප්‍රකාශන)

ඊළඟට ඉන්නෙ "යුස්ටයින් ගෝඩර්"



"සොෆීගේ ලෝකය" නම් ලෝක ප්‍රසිද්ධ නවකතාව රචනය කළ මොහු, නෝවීජියානු ලේකකයෙක්. 
මම කතා කරන්න ලෑස්ති වෙන පොත තමයි, "අඳුරු පළිඟුතල මැදින්" කියන පොත. මරණාසන්න ගැහැණු ලමයෙක් හා ඇය හමුඅට එන සුර දූතයෙන් අතර ඇතිවන ජීවිතය, මරණය ගැන කතා කරන කතාබහ ගැන තමයි මෙහි තිබෙන්නෙ. හුඟක් සුන්දර, අනුවේදනීය කතාවක්. දාර්ශනික ප්‍රශ්න, අසන මේ ගැහැණු ළමයාත් ඒවාට සරළ පැහැදිලි කිරීම් කරන මේ සුර දූතයාගේත් කතා බහ එක හුස්මට කියවන් යන්න පුළුවන්. 
මිල: රු. 220යි. (baby Bee Publishers)

ඔන්න එනව ලොකු ලොක්කෙක්. කවුරුත් දන්න "ඇන්ටන් චෙකෝෆ්", ලෝක ප්‍රසිද්ධ රුසියානු කෙටි කතා රචකයෙක්.

මම කියන්න යන පොත තමයි, "කළු සිවුරුධර භික්ෂුව" (The Black Monk)
පොඩි පොතක්. හැබැයි ගොඩක් ගැඹුරු පොතක්. (ඇත්තම කියන්න, මටත් මේක හැරියට තේරුනේ නෑ) පුරාවෘත්තයක් වන භික්ෂුවකුත්, ලෞකික ජීවිතයේ සුන්දරත්වය පෙන්වන උයනකුත්, උත්තම මිනිසෙක් වෙන්න හදන පාරලෞකික දැක්මක් සහිත පුද්ගලයෙකුත් වටා ගෙතෙන කතාවක්. 
මිල රු. 120යි. (ගොඩගේ ප්‍රකාශකයෝ)

පරිවර්තන ඉවරයි. දැන් ලංකාවෙ කතාවක් ගැන කියන්නම්.
කතුවරයා රත්නසිරි අබේවර්ධන
පොත "නිහඬ ගිගුරුම"
කොටි ත්‍රස්තවාදයත් එක්ක හැප්පෙන අහිංසක මිනිස්සුන්ගේ විනාස උනු, හෙම්බත් උනු ජීවිත අතරෙ හිටපු එක් දිරිය කාන්තාවක් ගැන කියවෙන මේ පොත, කාන්තාවගේ ලාලිත්වය, සුකොමලත්වයට වඩා, ඇය තුල ඇති ශක්තිය, අධිෂ්ඨානය හුවා දක්වන ආධුනික කතුවරයෙක්ගේ විශිෂ්ඨ නව කතාවක්.
මිල රු.495යි. (කතුවරයාගේම ප්‍රකාශනයකි)

මම ගොඩාක්ම කැමති කතා පොතක් තිබෙනවා, මගෙ ලඟ නම් නෑ, නමුත් කිහිපවරක්ම කියවල තිබෙනවා. 
"වානරයා". (නැත්තම්, "අමරණීය වානර මුණිවරයා") චීන පුරාඩෘත්තයක් ඇසුරෙන් ගොඩනැඟුනු ලස්සන කතාවක්. ඔයාලට මතක නම් කාලෙකට ඉස්සර රූපවාහිනියේ කාටූන් එකකුත් ගියා "වානර රජු" කියල. (ඒ වගේ නම, මතක නෑ හරියට). ත්‍රිපිටකය ලබා ගැනීමට චීනයේ සිට ඉන්දියාවට යන හාමුදුරු නමකට සහයට එන, දෙව් ලොවටත් කරදරයක් අභියෝගයක් වූ, අමරණීය වානර රජෙකුගේ කතාවත්, මේ හාමුදුරුවො එක්ක යන මෙ වානර රජු හා සෙට් එක මුහුණදෙන විවිධ කරදර බාධා ගැනත් කියවෙන කතාවක්. මාරම ආසයි මම මේකට. මිල නම් මතකයක් නෑ. පළවෙනි පාර මම කියෙව්වෙ 10 වසරෙදි හරි ඊටත් ඉස්සෙල්ල හරි. ඒ කාලේ මගෙ කියවීමේ හොඳ ස්පීඩ් එකකුත් තිබ්බ. එක හුස්මට පුටුවෙන් නැගිටින්නෙ නැතිව පැය 8කින් කියවල ඉවර කළා. (තේකත් අම්ම ලඟට ගෙනත් දුන්නු නිසා බිව්ව.)
පහළ රූපෙ දැක්කම ඩයල් එකව මතක් වේවි.
මතකද "The Forbidden Kingdom" ෆිල්ම් එක? අන්න ඒකෙ හිටියෙ මෙයා තමයි. :)

තව එකක් මතක් වෙනවා, "ඇපොකැලිප්ටස්". මේකත් ටිකක් ලොකු පොතක්. වහලුන්ගේ ගැලවුම් කාරයෙක් වන ඇපොකැලිප්ටස් වහලුන් නිදහස් කරගෙන ඔවුන්ගේම රාජ්‍යයක් සඳහා සටන් වැදී ජයගෙන අලුත් ජීවිතයක් අරඹන හැටි තමා මේ නව කතාවෙහි කියවෙන්නෙ. 

දැන් කියන්න යන්නෙ බෞද්ධ පොත් කිහිපයක් ගැන.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ පොත් ගොඩාක් තිබෙනව ඉතාම හොඳ ඒවා. ඒවායේ තිබෙන විශේෂත්වය වෙන්නෙ, සරළ බස්වහර, පහසුවෙන් තේරුම් ගත හැකි බව, ඒත් එක්කම ගොඩක් පොත් තරුණ පාඨකයා ඉලක්ක කරල තමා ලියල තිබෙන්නෙ. "අඳුර විනිවිද එළිය දකින්නට" (දයාවංශ ජයකොඩි; රු.180), "සිත දියුණු කරන ක්‍රම" (මහමෙව්නා ප්‍රකාශන; රු. 160), තව බොහොමයක් පොත් තිබෙනවා.

බෙල්ලන ඤාණවිමල මහා නාහිමිගේ "පෙනෙන ලොඅ තුළ නොපෙනෙන ලොවක්" කියන පොතත් මම ගොඩක් කැමති පොතක්. විද්‍යාව, බුදුදහම, පුනරුප්පත්තිය, සිත ගැන ගොඩක් දේවල් කියවෙන, බෞද්ධ, විද්‍යාත්මක පොතක්. (දයාවංශ ජයකොඩි; රු. 180)

ඔබට ඕනෙ නම් නිනිති තාක්ෂණය (නැනෝ තාක්ෂණය) ගැන දැන්ගන්න මම දන්නා තරමින් තිබුනු එකම පොත, චින්තක නදුන් රත්නවීරගෙ "ඉසුරු පිරි යුගයකට - නිනිති තාක්ෂණය" කියන පොතයි. දැන් නම් තවත් පොත් තිබෙනවාද නම් දන්නේ නෑ. නැනෝ තාක්ෂණයේ න්‍යායන් හා ප්‍රායෝගික භාවිත ගැන සරළව මෙහි ඉදිරිපත් කර තිබෙනවා. (කතෲ ප්‍රකාශනයකි; රු.200)

සාපේක්ෂතාවාදය ගැන අහල ඇතිනෙ? අවකාශයය, කාලය, කාලයේ වක්‍ර වීම, ආලෝකයෙ වේගය ඉක්මවා යෑම.... ඔව තේරෙනවද?


මෙන්න තියෙනව ඉතාම හොඳ, පොඩි පොතක් සාපේක්ෂතාවාදයේ ගැඹුර නැත්තටම නැති කරල ඉතාම සරළව පැහැදිලි කරල දෙන. මේක පරිවර්තනයක්.
"සාපේක්ෂතාවාදය යනු කුමක්ද?" පරිවර්තකයා ඩී. එස්. එස්. මායාදුන්නේ. මිල වෙන්නෙ රු.150ක් පමණයි. මේක විසිදුනු ප්‍රකාශනයක්. 

මෙන්න හොද පොතක් විශේෂයෙන්ම පාසල් සිසුන්ට. විභාග වලට බයද? එහෙනම් මේක කියවන්න, භාවිතා කරන්න. දායා රෝහණ අතුකෝරළයන්ගේ, "විභාග ජය ගත හැකි පහසු මඟ". (ශික්ෂා මන්දිර; රු.150)
ගොඩක් හොඳ පොතක්. දයා රෝහණයන් කියන්නෙ, ධනාත්මක චින්තනය ගැන නිතර කතා කරන, ගත් කතුවරයෙක්, විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක්. මොහුගේ පොත් ඉතාම ජනප්‍රිය උනා. මෙතුමාගේ "සිත් දිනාගැනීමේ මඟ" කියන පොතටත් මම ගොඩාක් කැමතියි.

ඉතින් තව පොත් නම් ගොඩාක් තිබෙනවා. මම කියවපු, නමුත් මගෙ ලඟ නැති පොත් ගොඩක් තිබෙනවා, ඉතාම හොඳ. කියවපු පොත් ගොඩක් මට මතකත් නෑ, අන්න ඒක තමයි දුක. :(

ඉතින් මේකෙන් ඔයාලට ප්‍රයෝජනයක් උනොත් සතුටුයි. ඒ එක්කම මටත් මේ ලිපිය කියවන අනිත් අයටත් සහයක් වෙන්න, තවත් හොඳ පොත් අදහස් මගින් කියල.
එහෙනම් සමහරක් විට පොත් ප්‍රදර්ශනයේදී ඔබව හමුවන බලාපොරොත්තුවෙන් ලිපිය අවසන් කරනවා. මාව දැක්කොත් කෑගහල හරි කතා කොරන්ඩ හොඳේ. (දන්න කෙනෙක් නම් අඳුනගන්න බැරි උනොත් සමාවන සේක්වා, මට ටිකක් එක පාරක් දැක්ක මුහුණු මතක හිටින්නේ නැත.)
(මම යන්න ඉන්නෙ 18 වෙනිදා.)

සටහන:
මේ මිල ගණං ටිකක් පරණ ඒව නිසා වෙනස් වෙන්න ඉඩ තිබෙනවා.

අලුතින් එකතු කිරීමක් (2011.09.15; 19:30):
තව ඉතාම හොඳ පොතක් මතක් උනා, ඩෙස්මන් මොරිස්ගේ පොතක් වන "Naked Ape" පොතෙහි සිංහල අනුවාදය "නිරුවත් වානරයා". මේක මනෝ විද්‍යාව, ජීව විද්‍යාව කැටි උනු පොතක්. මිනිසාගේ ක්‍රියාකාරකම් ගැන අතීත වර්තමාන ගොඩක් දේවල් තිබෙන විද්‍යාත්මක පොතක්. ඩෙස්මන් මොරිස් කියන්නෙ සිග්මන් ප්‍රොයිඩ් වගේම අතිශය අග්‍ර ගණයේ මනෝ විද්‍යාඥයෙක්.


අලුතින් එකතු කිරීමක් (2011.09.15; 20:55):

ශ්‍රීමත් ආතර් කොනන්ඩොයිල්ගෙ "ෂර්ලොක් හෝම්ස්" රහස් පරික්ෂක කතා පෙළ ලෝක ප්‍රසිද්ධ වුනු කතා පෙළක් කියල කියන්න පුළුවන්. මුලින් ඔහු මේ කතා ලිව්වෙ පුවත්පතකට. පස්සෙ තමා පොතක් වශයෙන් එළි දැක්වුනේ. කොනන්ඩොයිල්ට එපා වෙලා ඔහු එක් තැනකදි ෂර්ලොක් හෝම්ස්ව මරල දාල කතාව අවසන් කරනවා. නමුත් පාඨකයන්ගේ දැඩි ඉල්ලීම නිසා ඔහු යළිත් හෝම්ස්ට පණ දීල කතාව යළිත් ලියනව.

ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා මාලාවෙ කොටස් 60 ක් තිබෙනවා. කෙටි කතා 56කුත් දිගු කතා 4කුත් මේ 60ට ඇතුළත්. මේවායින් ප්‍රසිද්ධම කතාව තමයි "බැස්කවිල් ශාපය".
චන්දන මෙන්ඩිස් කියන පරිවර්තකයාට ස්තුතිවන්ත වෙන්න, ඔහු තමයි පාඨකයාට ඉතාම හොඳින් හිතට වැදෙන විදිහට මේ කතා පරිවර්තනය කළා. නමුත් ඔහු පස්සෙ කළ දේ නම් මම අනුමත කරන්නෙ නෑ. ඔහුම කතා ලියමින් ෂර්ලොක් හෝම්ස්ගේ කතා නමින් විකිණුවා.
ආතර් කොනන්ඩොයිල්ගේ තවත් කතා චන්දන මෙන්ඩිස් පරිවර්තනය කර තිබෙනවා. ඒවත් ගොඩක් ලස්සනට රසවත්ව පරිවර්තනය කර තිබෙනවා.


අලුතින් එකතු කිරීමක් (2011.09.16; 10:45):

කමෙන්ට් එකක් නිසා මතක් උනු පොත් කිහිපයක් දාන්නම්. මේවත් ඉතාම විශිෂ්ට ගත් ඉංග්‍රීසි කතුවරයෙක් වන හෙන්රි රයිඩර් හැගාඩ්ගෙ පොත් කිහිපයක්.
එකම චරිත ටිකක් මේවයෙ තිබෙන්නෙ. මේ කතා ටික ටික එකිනෙකට සම්බන්ධයි.
1. දියමන්ති නිම්නය (King Sollomon's Mines)
අප්‍රිකානු දියමන්ති නිධියක් සොයාගෙන යන කණ්ඩායමක් හා ඔවුන් මුහුණදෙන ත්‍රාසජනක අත්දැකීම් සමූහයක්. ගෝත්‍රිකයන් සමඟ කරන සටන්..... මේක  වීර වික්‍රම පිරි කතාවක්. \
මිල නම් කොහොමද දන්නේ නෑ, මගෙ ලඟ තිබෙන පොත මම ගත්තෙ 1999දි රු. 90කට. දැන් රු.200-250 ක්වත් ඇති. 

2. ඉස්සෙල්ල එකටත් වඩා හොඳ කතාවක්. අරකෙ ඉන්න සෙට් එකම යන තවත් වික්‍රමයක්, "ඇලන් ක්වාටර්මෙන් වීර චාරිකා". සැඟවුණු ශිෂ්ටාචාරයක් සොයා යන ත්‍රාසය භීතිය පිරි කතාවක්. මේකෙ මිල නම් රු. 300-400 ක්වත් ඇති කියල හිතනවා.


3. "ඈ", "අයේෂා" සහ "ඈ සහ ඇලන්" කියන කතා දෙකත් එකිනෙකට සම්බන්ධයි. මේ ඇලන්ම තමයි ඉස්සෙල්ල කතා දෙකේම හිටි ඇලන් ක්වාටර්මෙන්. 


Saturday, September 10, 2011

ඊයෙ ගොඩක් විශේෂ දවසක්

ඊයෙ, 2011 සැප්තැම්බර් 9 වනදා. ගොඩාක් විශේෂ දවසක් මට. මට විතරක් නෙමෙයි තවත් එක පුද්ගලයෙකුට. අද විශේෂයක් වෙන්න හේතු උනේ, 2009 සැප්තැම්බර් 9 වනදා විශේෂ දෙයක් සිද්ධ උනු නිසා. මගෙ ජීවිතේ උනු ගොඩක්ම ලස්සන දෙයක්. මම හොය හොයා උන්නු දෙයක් මට හම්බ උනු දවසක්. :) 
ඒ සිදුවීම සිද්ධ වෙලා ඊයෙට හරියටම වසර දෙකක් උනා. ඊයෙ මේ ගැන ලියන්න හිටියත් වෙලාවක් හම්බ උනේ නෑ. ඉතින් ඔය කියන දේ උනේ 2009 අවුරුද්දෙ 9 වෙනි මාසෙ 9 වෙනිද උදේ 9 වෙනි පැයේදි (හරියටම කිව්වොත් 08:30 ට. ) 
මොකද්ද කියල හිතාගන්න පුළුවන්නෙ? 


බලන්නකො, ක්ලික් එකක් දාල ලොකු කරල.
විස්තර කියන්න යන්නෙ නෑ, ඔයාල අදහස් දක්වල යන්නකො...

Thursday, September 1, 2011

ඔබත් තරබාරුකමින් දුක් විඳිනවාද?



මේ ප්‍රශ්නෙ තිබෙන ජනතාව නම් ගොඩක්ම ඉන්නව ලෝකෙ පුරාම. මේකට හේතුව මොකද්ද??? ප්‍රධානම හේතුව තමයි, ජීවන රටාවේ වැරදි, දෙවනුව ආහාර රටාවේ වැරදි. මම වෛද්‍යවරයෙක් නම් නෙමෙයි. නමුත් මේ පියවර ටික අනුගමනය කරල ඔබගේ බර අඩු කරගැනීමට හොඳ සහයක් ගන්න පුළුවන් වේවි කියල හිතනවා. 

බර අඩු කර ගැනීම

·      ඔබගේ බර කෙතරම් අඩු විය යුතුදැයි දැනගන්නඒ අනුව බර අඩු කර ගැනීමේ කෙටිකාලීන අරමුණු හා ඉලක්ක සාදාගන්න
·      ඔබ ලඟාකරගන්නා ඉලක්කය ඔබ විසින්ම ඇගයීමට ලක් කරන්න කුඩා ප්‍රමාණයක බර අඩු වීමක් වුවද වැඩදායී වේ
·      ඔබගේ ඉලක්ක සපුරාලීමට හැකිවන පරිදික්‍රමානුකූලවආහාර ගැනීමේ පුරුදු වෙනස් කරන්න
·      ඔබ අහාර වලින් ලබාගන්නා ශක්ති ප්‍රමාණයට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක්ශරීරය වෙහෙසීම හරහා දහනය කිරීමෙන් ඔබගේ බර අඩු කරගත හැකිය
·      හොඳ ආහාර පුරුදු මගින් ඔබගේ ශරීර බර වැඩි වීම පාලනය කරගත හැකිය .ඔබගේ ශරීර බර අඩු කර ගැනීම නිතර අභිප්‍රේරණය කරන්න
·      සෙමින් ක්‍රමානුකූලව බර අඩු කර ගැනීමආරක්ෂිත හා වඩා ඵලදායී ක්‍රමයයික්‍රමානුකූලව බර අඩුවීමදීර්ඝ කාලීනව ශරීරයේ මේද ප්‍රමාණය අඩු කිරීමට හේතු වේ
·      මධ්‍යස්ථ ක්‍රියාකාරී පුද්ගලයෙකුගේ ශරීර බර පවත්වාගෙන යාමටශරීර බර කිලෝග්‍රෑමයකට කැලරි 33ක  ආහාර අවශ්‍ය වේ
·      දවසකට ගන්නා ආහාර වල කැලරි ප්‍රමාණය 300කින් අඩු කිරීමෙන් හා වැඩ කිරීමෙන් දවන කැලරි ප්‍රමාණය 200කින් වැඩි කිරීමෙන්සතියක් තුළ ශරීර බර ග්‍රෑම් 400කින් අඩු කර ගත හැකිය
·      මූලික පෝෂණ අවශ්‍යතා සපුරාලීමටඑක් ප්‍රධාන වේලක් සඳහා විවිධ ආහාර වර්ග වලින් (කිරිමස්/මාළු/බිත්තර වැනි මාංශජනක ආහාරඑළවළුධාන්‍යපළතුරුඑක බැගින් තෝරාගන්න
·      සැම විටමආහාර ගැනීමේ රටාව ඇගයීම්කට ලක් කරන්න .අධික පිෂ්ටය හා ලිපිඩ (තෙල්) අඩංගු ආහාර ගැනීම හැකිතාක් දුරට අවම කරන්න
·      සාර්ථක බර අඩුකිරීමේ සැලසුම් මගින් ආහාරයට ගන්නා මේද ප්‍රමාණය හා කැලරි ප්‍රමාණය අඩු වේ

භෞතික ක්‍රියාකාරකම්

·      ඔබගේ ජීවන රටාවට ගැළපෙන භෞතික ක්‍රියකාරකම් (ව්‍යායාමතෝරාගන්න
·      කඩිසර ගමනින් ඇවිදීමව්‍යායාම සඳහා දිවීමපිහිනීම වැනි ස්වායු ව්‍යායාමශරීර බර ස්ථිරවම අඩු කිරීමට හේතුවන ක්‍රියාකරකම් වේ
·      සෑම දිනකම මිනිත්තු 30ක් ස්වායු අභ්‍යාස වල යෙදීම ප්‍රමාණවත් වේ (නමුත් එය කරනු ලබන ව්‍යායාම අනුව වෙනස් වේ)
·      රාත්‍රී ආහාරයට පසුව ඇවිදීමසෝපානය වෙනුවට පඩිපෙළ භාවිතා කිරීමවාහනය තරමක් ඈතින් නවතා අවශ්‍ය තැනට පයින් ඇවිද යාම වැනි සරළ ක්‍රියාකාරකම් බර අඩු කර ගැනීමට උපකාර කරයි.
·      ව්‍යායාම කිරීම මගින් නිරෝගීභාවය පිළිබඳ හැඟීම වැඩිවන අතර මානසික ආතතියද අඩු කිරීමට හේතු වේ.

ඉතා වැදගත් උපදෙස්

·      ආහාර තෙලින් බැද සකස්කිරීමේදී, මේද අඩු තෙල් වර්ගයක් සමඟ නොඇලෙන (nonstick) බඳුන් භාවිතා කිරීමෙන්ආහාරයට එක් වන මේද ප්‍රමාණය අවම කර ගත හැකිය
·      ආහාර බැදීම වෙනුවට තම්බා ගැනීම හෝ පුළුස්සා ගැනීම (bake) වඩා යෝග්‍ය වේ
·      කෙඳි සහිත ආහාරබහුලව ආහාරයට එකතු කරගන්න
·      බීම හා ආහාර රස කිරීම සඳහා සීනි වෙනුවට Solo Sucralose වැනි සීනි රහිත ආදේශක රසකාරක භාවිතා කරන්න
·      කැලරි ප්‍රමාණය අඩු මේදය ඉවත් කළ ආහාර මිලදී ගැනීම හා ආපනශාලා වලදී කැලරි ප්‍රමාණය අඩු ආහාර වට්ටෝරු (වැඩිපුර එළවළු හා පළතුරු අඩංගුතෝරාගැනීමට පුරුදු වන්න 
·      ආහාර වේල් මඟ හැරීමෙන් වළකින්න. වේල් 3 සිට 6ක් දක්වා වේල් ගණනක්එම අවස්ථාවේ කුසගින්න නැතිකර ගැනීමට සෑහෙන පරිදි පමණක් ගන්න
·      ආහාර ගැනීමටනොගැඹුරු හා ප්‍රමාණයෙන් කුඩා පිඟානක් භාවිතා කරන්න. පිරුනු ආහාර පිඟානක් ගැනීමේ මානසික අවශ්‍යතාවය සපුරාලමින්ගන්නා ආහාර ප්‍රමාණය අඩු කර ගැනීමට මෙය වැදගත්වේ
·      ආහාර ගැනීමේදී සපමින් වැඩි වෙලාවක් ගත කර ආහාර ගන්න. සම්පූර්ණයෙන් බඩ පිරීමට පෙර ආහාර ගැනීම නවත්වන්න. බඩ පිරුණු බවට මොළයට සංඥා නිකුත් වීමටආහාර ගැනීම ආරම්භ කළ මොහොතේ සිට සාමාන්‍යයෙන් මිනිත්තු 20ක් පමණ ගත වේ
·      ක්‍රමවත් කාලසටහනකට අනුවශරීර බර මැනීමට පුරුදු වන්න
·      වඩා කැමති ආහාර ගැනීමෙන් ලබන තෘප්තිය වෙනුවට විවිධ ඇඳුම් ගැනීමටචිත්‍රපට බැලීමටවිවිධ කොණ්ඩා මෝස්තර සකස්කිරීමමිතුරන් සමඟ ගත කිරීම වැනි තෘප්තිමත් අවස්ථා පිළිබඳව අවධානය යොමුකරන්න

මේ පහතින් තියෙනව ඔබට අනුගමනය කරන්න පුළුවන් ස්වායු ව්‍යායාම සහිත වීඩියෝ කිහිපයක්. ඔබ YouTube එකට ගියොත් මේ සම්බන්ධව ඇති තරම් විඩියෝ සොයාගන්න පුළුවන්.