Showing posts with label blogger. Show all posts
Showing posts with label blogger. Show all posts

Thursday, September 21, 2017

අලුතින් බ්ලොග් අඩවියක් අරඹමු

අපේ අදහස් ප්‍රකාශ කරන්න, අපේ නිර්මාණ එළිදක්වන්න බ්ලොග් එකක් පවත්වාගෙන යන එකදැන් හරි පහසුම මාධ්‍යයක් වෙලා. අන්තර්ජාලය හරහා තමන්ගේ අදහස් එළිදැක්වීම සඳහා තමන්ගේ හැකියාව එලිදැක්වීම සදහා හොඳම මාධ්‍ය විදිහට විදියට දැන් හුඟක් අය පාවිච්චි කරන්නේ කරන්නෙ blog. 

බ්ලොග් එකක් කියන්නේ මොකද්ද 
බ්ලොග් එකක් කියන්නේ සරලව කිව්වොත් online journal එකක්. ඉස්සර බ්ලොග් කියන එක online dairy කියලත් හැඳීින්වුණා. නමුත් දැන් බ්ලොග් හරහා දහස් ප්‍රකාශ කිරීම පමණක් නෙමෙයි වෙබ් අඩවි සෑදීමට පවා හුඟක් දෙනෙක් යොමු වෙලා ඉන්නවා. විවිධාකාරයේ themes යොදාගෙන බ්ලොග් එකක් හරහා වෙබ් වෙබ් අඩවියක් හදා ගැනීම ඉතාම පහසු දෙයක්. 

බ්ලොග් එකක් හදන්න හොද ප්ලැට්ෆෝම් එක මොකක්ද 
බ්ලොග් සෑදීම සඳහා විවිධාකාරයේ blog platform පාවිච්චි කරන්න පුළුවන් 
ප්‍රධානම ඒව තමයි Wordpress සහ blogger කියන මාධ්‍යයන් දෙක. 
ඊට අමතරව තවත් විවිධ ආකාරයේ online blog සාදාගත හැකි වෙබ් අඩවි තිබෙනවා. මේ කාලයේ ප්‍රසිද්ධ වෙමින් පවතින තවත් එකක් තමයි medium කියන වෙබ් අඩවිය 
වර්ඩ්ප්‍රෙස් ගැන කතා කළොත්, එහි blogger ආකාරයේ version එකකුත්, අපේම හොස්ට් එකක ස්ථාපනය කරගෙන සාදාගත හැකි self hosted wordpress version එකකුත් තිබෙනවා. 

ඉතින් සෑදිම පහසුම සහ වැඩිම අන්තර්ජාල ප්‍රසිද්ධියක් ලබා ගත හැකි බ්ලොගර් වෙබ් අඩවිය හරහා බ්ලොග් එකක් සාදාගන්නා ආකාරය අපි සාකච්ඡා කරමු. 

www.blogger.com හරහා බ්ලොගර් අඩවියට ඔබට පිවිසිය හැකියි.

පහළින් තිබෙන්නේ blogger වෙබ් අඩවියේ ප්‍රධාන මුහුණතයි. 
ඔබගේ gmail ගිණුම භාවිතා කර ඔබට මෙම අඩවියට පිවිසිය හැකියි. (මෙම අඩවිය භාවිතයට google ගිණුමක් අත්‍යවශ්‍යයි.) 
ඔබ gmail account එකක් තිබෙන පුද්ගලයෙක් නම් දකුණු පස ඉහළ කෙළවරේ තිබෙන sign in සබැඳිය හරහා හරහා ගොස් username password ඇතුළු කිරීමෙන් බ්ලොගර් වෙබ් අඩවියට ඇතුළුවීමට පුළුවන්. 

Blogger Home page

blogger වෙබ් අඩවියට ඇතුලු වූ පසු බ්ලොගර් ඩෑෂ්බෝර්ඩ් එක පහත ආකාරයට ඔබට දැකගත හැකියි. මින් පෙර බ්ලොග් අඩවියක් සාදා නොමැති නම් මෙය මේ පහත ආකාරයට හිස්ව පවතී. 

අලුත් බ්ලොග් අඩවියක් නිර්මාණය ආරම්භය
වම් පස ඉහළ කෙළවරේ තිබෙන new blog සබැඳිය හරහා ඔබට නව බ්ලොග් අඩවියක් සෑදීම ආරම්භ කළ හැකියි.
Blogger Dashboard

එම සබැඳිය ක්ලික් කළ විට කල විට පහත ආකාරයේ වින්ඩෝවක් විවෘත වනු ඇති. 
මෙතැනදී ඔබ ඔබගේ බ්ලොග් අඩවියට ගැලපෙන නමක් හා ඊට ගැළපෙන වෙබ් ලිපිනයක් නිර්මාණය කළ යුතු වනවා. ඊට අමතරව ඔබගේ නව බ්ලොග් අඩවියට ගැළපෙන තීම් එකක්ද තේරිය හැකියි. 
Create new blog

බ්ලොග් අඩවියේ නම් කැමති ආකාරයකට සාදාගැනීමට පුළුවන් වුවත්, වෙබ් ලිපිනය (domain name), දැනට භාවිතා කර නොමැති එකක් තෝරාගත යුතු වෙනවා. ඔබට නොමිලේ ලැබෙන්නේ blogspot.com හි සබ් ඩොමේනයක්. ඒ කියන්නෙ http://yourname.blogspot.com ආකාරයේ වෙබ් ලිපිනයක්. ඔබට www.yourname.com වැනි Top level domain ලිපිනයක් මිලට ගෙන මෙම බ්ලොග් අඩවියට සම්බන්ධ කරගැනීමත් කළ හැකියි. 

Create new blog - select a name
ඉන්පසු create blog යන බොත්තම මත ක්ලික් කිරීමෙන් ඔබට ඔබගේ නව බ්ලොග් අඩවියක් නිර්මාණය කරගත හැකියි.
බලන්න කෙතරම් පහසුද කියල.

මූලික අතුරු මුහුණත (Dashboard)
මේ පහතින් දිස් වන්නේ ඔබ අලුතෙන් නිර්මාණය කරගත් බ්ලොග් අඩවියේ dashboard එකයි. (බ්ලොග් අඩවි කිහිපයක් හැදුවොත් වම් පස ඉහළ කෙළවරට වන්නට තිබෙන බ්ලොග් අඩවි නම් ක්ලික් කිරීමෙන් ඔබගේ බ්ලොග් ලැයිස්තුව ලැබෙනවා.)
එහි වම් පස පේනුවේ විවිධාකාරයේ සබැඳිද දකුණු පස පේනුවේ ඔබගේ බ්ලොග් අඩවියට publish කර ඇති ලිපි ද පෙන්වනවා. (දැනට කිසිදු ලිපියක් නැති නිසා දකුණුපස කොටස හිස්ව තිබෙන්නෙ)

new blog dashboard

ලිපි ලිවීම 
ඉහත වම්පසට වන්නට තැඹිලි පාටින් පෙන්වන new post බොත්තම ක්ලික් කිරීම හරහා ඔබට නව ලිපියක් ලිවීම ආරම්භ කළ හැකියි. එය ක්ලික් කළ විට පහත ආකාරයේ වෙබ් පිටුවක් open වනවා. 
මෙහි work area එකෙහි ඔබට අවශ්‍ය ලිපිය සාමාන්‍ය word document එකක් නිර්මාණය කරගන්නා ආකාරයට ලිවිය හැකියි. ඉහතින් ඇති tool bar එකෙහි තිබෙන විවිධ පහසුකම් ඔබට භාවිතා කළ හැකියි . අමතක නොකර ඔබගේ බ්ලොග් ලිපියට ලිපියට ගැලපෙන මාතෘකාවක්ද යොදන්න. 
Create new post

අකුරු bold, underline, italic, color, highlight, bullet-ed list, numbered list, ප්‍රමාණය වෙනස් කිරීම වැනි පහසුකම්, රූපයක් එක් කිරීම, hyperlink එකක් එක් කිරීම වැනි දේ මෙම පහසුකම් අතර වනවා.

බ්ලොග් ලිපියට රූපයක් ඇතුළු කිරීම 
එම ටූල් භාරයේ ඇති image අයිකනය ක්ලික් කිරීම හරහා ඔබට ඔබගේ බ්ලොග් ලිපියට රූපයක් ඇතුළත් කළ හැකියි. එය ක්ලික් කළ කල විට පහත ආකාරයේ dialog box එකක් විවෘත වනවා. ඒ හරහා ඔබගේ පරිගණකය තුල ඇති හෝ ඔබගේ google drive ගිණුමේ ඇති හෝ අන්තර්ජාලය තුල ඇති images ඔබට ඔබගේ බ්ලොග් පිටුවට ඇතුලත් කර හැකියි. 
රූපය තේරීමෙන් පසුව එය අප්ලෝඩ් කිරීම හරහා එය ඔබට බ්ලොග් ලිපියට ඇතුළු කළ හැකියි. 
Add images to posts

ලිපියට ඉමේජය ඇතුළත් කළ පසු මෙසේ දිස් වනු ඇති.

Labels 
මෙතනදි මම labels ගැනත් කියන්නම්. ඔබ ලියන ලිපි විවිධ ප්‍රවර්ග (categories) යටතේ පෙළගස්වන්න ඕනෙ නම් ඒකට labels භාවිතා කළ හැකියි. ලිපියක් ලියන විට දකුණුපස පේනුවේ තිබෙන labels මත ක්ලික් කිරීමෙන් එය ඕපන් කරගන්න. ඉන්පසු අවශ්‍ය ලේබල් යොදන්න. එකක් හෝ කිහිපයක් විය හැකියි. කිහිපයක් නම්, කොමා යොදා වෙන් කරන්න.
උදා: මෙවන් ලිපියකට යොදා ගැනීමට හැකි ලේබල් වෙන්නෙ blogger, guides වගේ කියන ඒව.
Writing a blog post and adding labels

ඉන්පසු ඔබේ ලිපිය ලිවීමට බලාපොරොත්තු වෙන අන්තර්ගතය work area එකෙහි ටයිප් කිරීමෙන් ඔබට බ්ලොග් ලිපිය complete කර ගත හැකියි. (සිංහලෙන් ලියනව නම් ඔබ භාවිත කළ යුතු වෙන්නේ සිංහල යුනිකෝඩ් ක්‍රමයයි.)
අවසානයේ Publish බොත්තම ක්ලික් කර ඔබට එම බ්ලොග් ලිපිය ඔබගේ ඔබගේ බ්ලොග් අඩවියේ publish කරගත හැකියි. 
ඔබ ඔබගේ google+ ගිණුම ඔබගේ බ්ලොග් අඩවිය හා සම්බන්ධ කර ඇතිනම් ඔබ ලියූ බ්ලොග් ලිපිය Google+ හරහා ශෙයා කිරීමට ඔබට වින්ඩොවක් විවෘත වනු ඇති. මෙය හරහා ඔබට ඔබගේ අලුතෙන් publish කරන ලද ලිපිය ඔබගේ Google+ followers හට share කරන්න පුළුවන්. 
Saving and Google+ sharing

ඔබගේ බ්ලොග් අඩවියේ ඔබ ලියූ සියලුම ලිපි මේ ආකාරයෙන් දිස් වෙනු ඇති.
Blog Posts list

Blog Statistics
වම් පස පේනුවේ ඔබට පෙනෙනවා ඇති statistics යනුවෙන් සඳහන්ව ඇති සබැඳියක්. ඒ හරහා ගොස් ඔබට ඔබගේ බ්ලොග් අඩවියට පැමිණි අයගේ විස්තර බැලිය හැකියි. මොන වෙබ් අඩවි හරහාද, මොන රටවල් වලින්ද, කෙතරම් පුද්ගලයන් ප්‍රමාණයක් පැමිණියාද වැනි විස්තර ඔබට එම පිටුව හරහා බලා ගත හැකියි.
Blog Statistics
ඔබගේ බ්ලොග් අඩවියට ගිය විට එය මේ ආකාරයට දැක ගත හැකියි.

Blog Site

Edit the blog site Layout
වම් පස පේනුවේ ඇති layout තුලට ගිය විට එහි ඔබගේ බ්ලොග් අඩවියේ බ්ලොග් පිටුවේ widget සකසා ගැනීම කර ගත හැකියි. මෙහි විජට් යනුවෙන් හඳුන්වන්නේ, බ්ලොග් අඩවියේ පෙනුමට එකතු කළ හැකි කොටස්.
උදා: ඔබගේ පුද්ගලික ප්‍රොෆයිලය (Profile), බ්ලොග් අඩවියේ ලේබල් ලැයිස්තුව (Labels), රූපයක් (Image), කුමක් හෝ ලියූ text area එකක් (HTML/JavaScript), සෙවුම් පහසුකම (Blog Search). 

Blog page layout

Add widget මත ක්ලික් කළ විට මේ ආකාරයේ වින්ඩෝවක් පෙනෙනු ඇති. එම වින්ඩෝව හරහා ඔබට කැමති ආකාරයේ ගැජට්ටුවක්  ඔබගේ බ්ලොග් අඩවියට එකතු කරගැනීමට පුළුවන්. 

Adding gadgets to the blog page

Blog Settings 
මෙහි පහතින් තිබෙන්නේ ඔබගේ බ්ලොග් අඩවියේ setting පිටුවයි ඒ හරහා ඔබගේ බ්ලොග් අඩවියේ ලිපිනය වෙනස් කිරීම, නම වෙනස් කිරීම, email subscription සම්බන්ධ වෙනස්කිරීම් හා තවත් විවිධ දේ වෙනස් කිරීම් සිදු කර ගත හැකියි. 
Basic Blog settings 

Blog Theme එක වෙනස් කිරීම
ඔබගේ බ්ලොග් අඩවියේ theme එක වෙනස් කිරීමට මෙම themes පිටුව භාවිතා කිරීමට පුළුවන් blogger හි තිබෙන themes භාවිතා කිරීම හෝ අලුත්ම theme එකක් වැක් කර ගැනීම මේ පිටු හරහා සිදුකරගත හැකියි. 

Blog themes

නව බ්ලොග් ලිපිය වෙනත් social networks හරහා ශෙයා කිරීම
ඔබගේ බ්ලොග් ලිපිය open කල විට මේ පහත ආකාරයෙන් දිස් වෙයි. එහි දකුණු පස ඉහළ ඉහළ කෙළවරේ තිබෙන v හැඩති සලකුණ මත ක්ලික් කල විට සෝශල් ශෙයාරිං menu එක open වනු ඇති. 
Share Posts via Social networks

මෙහි පහත පෙනෙන්නේ එම මෙනුවයි.
මෙම මෙනුව හරහා ඔබගේ බ්ලොග් ලිපිය Facebook විට ආදී සමාජ ජාල වෙබ් අඩවි තුළ ශෙයා කළ හැකියි. 
Share Posts via Social networks
බ්ලොග් අඩවියක් මුල සිට සාදා ගන්නා ආකාරය, මූලික වෙනස් කිරීම් කරන ආකාරය, බ්ලොග් ලිපියක් ලියන ආකාරය, පළ කරන ආකාරය සහ එය සමාජ ජාල හරහා share කරන ආකාරය අපි කතා කළා. 

මේ සරල මාර්ග උපදේශනය හරහා ඔබට අලුතෙන්ම බ්ලොග් අඩවියක් සාදා ගැනීම කළ හැකි යැයි මා සිතනවා.
ඔබගේ බ්ලොග් අඩවියේ වැඩිදියුණු කිරීම්, අලුතින් පහසුකම් එක් කිරීම් වැනි දේ සිදු කළ හැකි ආකාරයන් ගැන අන්තර්ජාලයේ විවිධ ලිපි අති විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා පරික්ෂා කර ඔබගේ බ්ලොග් අඩවිය තවත් වැඩි දියුණු කර ගැනීමට ඔබට පුළුවන්.

වෙනත් තාක්ෂණික උපදෙස් අවශ්‍ය නම් ඊට හැකි අයුරින් සහය දෙන්නම්.

මම මේ පෝස්ට් එක පොඩි ebook එකකට කැටි කරල තියෙනව. ඔයාලට පහත සබැඳියෙන් ගිහිල්ල ඒක භාගත කරගෙන කියවන්න උනත් පුළුවන්.

කට්ටියත් එක්ක බෙදා හදා ගන්න ඔබට නිදහස තිබෙනවා.

https://goo.gl/9AR2GW
හෝ
https://www.mediafire.com/file/zc3je7sbyrc127d/Blogger+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B6%B8%E0%B7%94+Madhawaweblog.pdf



Saturday, July 10, 2010

ඔබගේ බ්ලොග් අඩවිය ජංගම දුරකථන වලිනුත් බලන්න පහසු කරන්න

මේ කාලෙ ජංගම දුරකථන හරහා අන්තර්ජාලය හා සම්බන්ධ වීම ඉතාම ජනප්‍රියයිනෙ. විවිධ මෘදුකාංග වගේම 3G වගේ වේගවත් අන්තර්ජාල සබදතාත් තියෙනවනෙ දැන් දුරකථන වලට. ඉතින් ඔයාලගෙ බ්ලොග් අඩවියටත් ජංගම දුරකථන හරහා පැමිණෙන්න පුළුවන් වෙන්න හදා ගත්තොත් කොහොමද? ඒ හරහාත් ඔබට කියවන්නන් පැමිණෙනවනෙ.
නිකනුත් පුළුවන් තමා, නමුත් බ්ලොග් එකේ බර ජංගම දුරකථන browser එකට බර වැඩි නිසා ලේසියෙන් ලෝඩ් වෙන්නෙ නම් නෑ. ලෝඩ් වෙන්න හුඟක් වෙලා යනවා වගේම හරියට දුරකතනයේ තිරයට ගැළපෙන්න පෙන්නන්නෙත් නෑ.
ඉතින් මෙන්න ඒකට විසඳුම.
ඔබගේ බ්ලොග් අඩවිය ජංගම අන්තර්ජාලය හරහා පහසුවෙන් බලන්න සකසා ගන්නෙ මෙහෙමයි.


යන්න බ්ලොග් අඩවියේ Design > Edit html
ඊට පස්සෙ මෙන්න මේ කෝඩ් එක හොයාගන්න.


<b:include data='blog' name='all-head-content'/>
මේ පහළ තියෙන කෝඩ් එක, ඒකට පහළින් පේස්ට් කරන්න.


<meta content='IE=EmulateIE7' http-equiv='X-UA-Compatible'/>
<b:if cond='data:blog.isMobile'>
<meta content='width=device-width, initial-scale=1.0, user-scalable=0' name='viewport'/>
<b:else/>
<meta content='width=1100' name='viewport'/>
</b:if>


දැන් කෝඩ් එක සේව් කරන්න.

එච්ච්රයි. දැන් ඔබේ බ්ලොග් අඩවිය ජංගම දුරකථන හරහා ඉතා වේගයින් බලාගන්න පුළුවන්.

Sunday, July 4, 2010

තවත් ලස්සන Blogger Templates ටිකක්

මම ඉස්සෙල්ල ලිපියකත් Blogger templates ටිකක් ගැන කිව්ව, ඒක දැක්කෙ නැත්තම් මෙතනින් ගිහින් බලන්න.
අදත් එහෙමම ලිපියකට තමා සැරසෙන්නෙ. තවත් ලස්සන බ්ලොගර් ටෙම්ප්ලේට්ස් ටිකක් ගැන කියන්න.






Bluefolio



ඔයාගෙ ඔන්ලයින් Portfolio එකට ගැළපෙන තීම් එකක්. හුඟක්ම සරලයි, ඕනෙ නම් photo gallery එකකුත් මේකෙ දාල හදාගන්න බැරිකමක් නෑ.






මේක හොඳයි online magazine එකකට එහෙම. තනිකරම නිල් පාටයි, වටේ තියෙන නිල් වර්ණය සහිත හිස් ඉඩට නම් සමහරුන් අකමැති වෙන්න ඉඩ තියෙනව.
Diadema



මේකත් online magazine එකකට ගැළපෙනව. අඳුරු පැහැ තීම් එකක්. නමුත් ඉතාම ලස්සනයි. social bookmarking buttons ටිකකුත් තියෙනව. header එකෙත් වෙළඳ දැන්වීමකට ඉඩ තිබෙනව. මගෙත් හිතට අල්ලපු තීම් එකක්.



මේක වර්ණවත් තීම් එකක්. මේකත් ගැළපෙන්නෙ magazine එකකට වගේ තමයි. අඳුරු පසුබිමේ තැඹිළි පැහැය ඉතාම ලස්සනට කැපිල පේනව. ඉහළම විජට්ටුව ටැබ් සහිත එකක්. Social Bookmarking සැබැඳි කිහිපයකුත් තීම් එකේම තියෙනව.




මේකත් මගෙ හිතට හොඳටම අල්ලපු තීම් එකක්. සහ විශේෂ එකක්. තීම් එකේ ලිපි ලියන කොටසයි විජට් ටිකයි එතරම්ම ලස්සන නම් නෑ, නමුත් මේකෙ Header එකේ තමා විශේෂය තියෙන්නෙ. ඔයාලම බලන්නකො මොකද්ද කියල, අනිවා ඔයාලගෙ හිතත් ඇදිල යනවා.
Todays News




පුවත් අඩවියක් වෙනුවෙන්ම හදපු තීම් එකක්. තද අඳුරු වර්ණය එක්කම ලිපි වසුබිම සඳහා සුදු වර්ණය යොදල තියෙනව, Social Sharing icons සමඟින්ම එන තීම් එකක්. side bars දෙකක් තිබෙනව පළල වෙනස්, වෙළද දැන්වීම් පළ කරන්න නම් හොඳට ගැළපෙනව කෙළවරේම side bar එක.




මේ දවස් වල Foot Ball උණ තියෙන කට්ටියට ගැළපෙන තීම් එකක්. පසුබිම ඉතාම වර්ණවත්ව හා පාපන්දු ක්‍රීඩකයින්ගේ රූපත් සමඟ තියෙන තීම් එකක්. 2 column ටෙම්ප්ලේට් එකක්. නමුත් මම දැක්ක අවුලක් තමයි හරියට Blog title එක පේන්නෙ නැති එක. ඒක නම් හදා ගන්න බැරි වෙන එකකුත් නෑ, පොඩ්ඩක් html/css දන්නව නම්. තීම් එක ලෝඩ් වෙන්න නම් ටිකක් වෙලා යනවා.




Computer Games වලට කැමති කට්ටියට ගැළපෙන තීම් එකක්. හුඟක්ම අඳුරුයි, නමුත් ලස්සනයි, side bar එක කොටස් දෙකටට තමා තියෙන්නෙ.

හරි මේ ඇති වගේ. :)
ඉස්සෙල්ල කතාවම තමා කියන්න තියෙන්නෙ. ඔයාලත් දන්න අඩවි තියෙනව නම් හොඳ බ්ලොගර් තීම් තියෙන, ලියල යන්න අමතක කරන්න එපා.


Saturday, June 26, 2010

ලස්සන Blogger Templates ටිකක්

මම ඉතින් මගෙ බ්ලොග් වලින් වැඩි ප්‍රමාණයක් හොස්ට් කරන්නෙ Blogspot උඩනෙ, ඉතින් blogger templates  ගැන මම ගොඩක් හොයනව, ලස්සන ටෙම්ප්ලේට්ස් හොයනව. (හැබැයි මේ බ්ලොග් එකේ, රූසර බ්ලොග් එකේ, මගෙ ඉංග්‍රිසි බ්ලොග් එකේ එහෙම තියෙන්නෙ මමම හදපු තීම්ස්) මම විතරක් නෙමෙයි අපේ Bloggersල ගොඩක් අය ඉන්නෙ Blogspot උඩනෙ. මේක එයාලටත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව.
මම අද හිතුව ලස්සන බ්ලොගර් ටෙම්ප්ලේට්ස් ටිකක් ගැන කියන්න. මීට වඩා ලස්සන ඒව ඕනෙ තරම් ඇති, නමුත් මම ඉතින් ඔය වටපිටාවෙ ඇවිදිනකොට හම්බ වෙච්චි ටිකක් තමා මේ. හුඟක් ඒව ඉතාම සරළයි, නමුත් professional look එකක් තියෙනව.






Aparatus



Blogger Template Image

Aparatus කියන තීම් එකට සරළ නමුත් professional look එකක් තියෙනව. උඩ තියෙන රතු පාට කොටස කැපිල පේන විදිහට තමා හදල තියෙන්නෙ, හොඳට ඉඩ තියෙනව.Twitter update icon එකක් උඩින් තියෙනව, අළුත්ම twitter update එකත් එක්ක. අඩවියේ නම දාන්න තියෙන තැන හොඳට ඉඩ තියෙනව, ඔබේම logo එකකුත් දාගන්නත් එක්ක.


Notepad



Blogger Template Image

අත් අකුරු වගේ text තියෙන කඩදාසි වගේ පසුබිම් තියෙන බ්ලොග් ඕනෙ තරම් ඔයාල දැකල ඇති, නමුත් මේ notepad layout එක අළුත්ම ලස්සන නිමාවක් එක්ක තියෙන ටෙම්ප්ලේට් එකක්. Social media links ටිකකුත් තියෙනව ටෙම්ප්ලේට් එකේම, ඒ එක්කම search bar එකකුත් තීම් එකටම ලස්සනට ගැළපෙන විදිහට දාල තියෙනව. ලිපියේ දිනය ලිපියට වම් පැත්තෙන් පේන විදිහට තියෙන එකත් ලස්සනයි.


Clean Type



Blogger Template Image
ඔබ සරළත්වයට කැමති නම් Clean Type කියන තීම් එකත් ඔබට හොඳට ගැළපෙනව. හුඟක් සුදු අවකාශයක් තිබෙන තීම් එකක්. තැඹිලි වර්ණය ලස්සනක් එකතු කරනවා. වම් පැත්තෙන් ඔයාලගෙ logo එක එක්ක නම දාන්න ඉඩත් දකුණු පැත්තට වෙන්න subscribe links ටිකක් තියෙනව. ඒ ටිකත් තැඹිලි වර්ණයේ ප්‍රභේද වලින්ම තිබ්බොත් කැපිල පේන header එකක් ඔයාලට හදාගන්න පුළුවන්.

Twitter



Blogger Template Image

මෙන්න මට නියමෙටම හිතට අල්ලපු එක. මේක දාල මමත් හදන්න ඕනෙ බ්ලොග් එකක්. Blogger වෙනුවෙන් හදල තියෙන Twitter layout එකට සමීපතම replica එක මේක තමා. ට්විටරයේ layout එක එහෙමම පේන්න මේක හදල තියෙනව. හැම ලිපියක්ම ට්වීට් එකක් වගේ තියේවි, Side bar එක ලස්සනට අරගෙන තියෙනව ඔයාලගෙ profile info එහෙම දාන්න පුළුවන් වෙන්න. ගැළපෙන widgets කිහිපයක් එක්ක, ඔයාලට ෂුවර් එකටම පුළුවන් කිහිප දෙනෙක්ව හරි රවටන්න.


Tune Up



Blogger Template Image

ඔයා කැමතිම වර්ණය නිල් පැහැය නම්, මේක නියම තීම් එකක්. සරළ වගේම හොඳ තීම් එකක්. Header එක්ට පහලින් තිබෙන පටිය ත්‍රිමාණ බවක් එකතු කරනවා, ඒ එක්කම ඔයාලගෙ widgets ලස්සන shade එකක් එක්ක සුදු පැහැයෙන් පෙන්වනවා. අනිත් ඔක්කොම සුදු පාට නිසා ලිපි වල තියෙන graphics වලට කවදාවත් කරදරයක් වෙන්නෙ නෑ.


Indicator



Blogger Template Image

පොඩ්ඩක් අඳුරු පැහැයක් තියෙන තීම් එකක්. තද පසුබිමක් එක්ක යන්තම් අඳුරු පැහැයක් සහිත පසුබිමක් ලිපි සඳහා සකසල දීල තියෙනව. විශාල රූප, Youtube video වගේ තියෙන widgets දාගන්න පුළුවන් විදිහෙ පළල් side bar එකකුත් මෙහි තිබෙනවා. Side bar එකේ widgets title එක පෙන්නන කොටසෙ තියෙන ඊ හිස වගේ කොටසින් තීම් එකට ලස්සනක් එකතු කරල තියෙනව.


Vio



Blogger Template Image

බ්ලොග් එකට ටිකක් කෝමල ගතියක් දෙන්න ආස නම් රෝස පාටත් එක්ක Vio තීම් එක ගැන පොඩ්ඩක් හිතල බලන්න. රෝස පාට header එකකුයි හොඳට ඉඩ කඩ ඇතුව ඉන්න පුළුවන් white space එකකුයි, unique layout elements ටිකකුයි මේකෙ තියෙනව. මේක ඇවිල්ල 2 column බ්ලොග් ටෙම්ප්ලේට් එකක් නමුත් එක column එකක් දෙකට කපල වගේ. ඒව හුඟක්ම සිහින් නිසා ඔයාට ඒව පාවිච්චි කරන්න පුළුවන් ඔයාගෙ ප්‍රේක්ෂකයින්ට ඕනෙ දේවල් හොඳට පේන්න දාන්න, නැතිනම් දැන්වීම් එහෙම දාන්න. තව ලස්සන දෙයක් තමයි ලිපියක මාතෘකාවත් එක්ක තියෙන comment bubble එක.


Colorbold



Blogger Template Image

Colorbold කියන්නෙ තද පැහැ වර්න තියෙන කලු පසුබිමක අඩවියේ නම තියෙන තද නිල් පැහැ menu bar එකක් එක්ක පළල් සුදු පැහැ කොටසක ලිපි ලියන්න තියෙන තීම් එකක්. දැන්වීම් පළ කරන්නත් කොටසක් වෙන් කරල තියෙනව.


Arclite



Blogger Template Image

Arclite කියන්නෙ උණුසුම් වර්ණ තියෙන තීම් එකක්. දුඹුරු පාට header එකත් එක්ක ලොකු හිස් ප්‍රදේශයක් තිබෙනව. නිල් පැහැති රවුම් menu bar එකත්, රෝස පැහැ title එකක් තියෙන widgets ටිකක් පිටුවට කැපිල පේන ගතියක් දෙනව. ඕනෙම වැඩකට ගැළපෙන තීම් එකක්.


DailyNotes



Blogger Template Image

දෙපැත්තෙම සිදුරු තියෙන pin feed printer paper එක දන්නව නම්, මේ ලස්සන design එක්ට නම් ඔයාලගෙ හිත යන්න ඕනෙ. මේකත් ලස්සන තීම් එකක්. ටිකක් සංකීරණ පෙනුමක් නම් තියෙනව තමයි, නමුත් ඉතාම හොඳට හදල තියෙන තීම් එකක්. මේක සාමාන්‍ය two-column layout එකක් එක්ක තියෙන කඩදාසි වල පෙනුම දීල තියෙන තීම් එකක්. කඩදාසි පෙනුමත් එක්ක ඔයාලගෙ logo එක ටිකක් නොගැළපෙන්න ඉඩ තියෙනව, ඒ නිසා ඒක ගැනත් හිතන්න, නැතිනම් ඉතින් දීල තියෙනව වගේ සුදු පැහැති අකුරුම යොදන එකම හොඳයි.

__________________________________________________________________
මේවට හිත ගියානම් හෝ, තව ඔයාලගෙ අදහස් තියෙනව නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා. තව ඔයාල දන්න templates තියෙන අඩවිත් කියන්න.