Showing posts with label my web sites. Show all posts
Showing posts with label my web sites. Show all posts

Sunday, August 24, 2014

අලුත් වැඩක් - වෘත්තීය මාර්ගෝපදේශනය පිළිබඳව වෙබ් අඩවියක් සමඟ පොත් පිංචක්

ඔන්න ඉතින් මම මේ දවස් ටිකේම මහන්සි උනු දේ ඔයාලට දෙන්නයි මේ හදන්නෙ.

1. වෘත්තීය මාර්ගෝපදේශනය ගැන ලිපි ලියවෙන බ්ලොග් අඩවියක්.
2. "ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද" නමින් සරළ සිංහල බසින් ලියවුනු පොත් පිංච

මතක ඇතිනෙ මම පහුගිය ලිපි දෙකකින්ම ඔයාලට කිව්ව මම සිදුකරමින් පවතින සමීක්ෂණයක් පිළිබඳව.  මේකත් ඒකත් එකට සම්බන්ධයි. තවමත් මට අවශ්‍ය තරම් ඒකට කට්ටිය එකතු වෙලා නෑ නිවැරදිම ආකාරයට ඒ තොරතුරු විශ්ලේෂණය කරන්න. 
ඉතින් ඔයාලට මම නැවත වරක් ආරාධනා කරනවා ඔබ මීට සම්බන්ධ උනේ නැතිනම් ඊට සම්බන්ධ වෙලා මගේ සමීක්ෂණයට සහයක් වෙන්න කියල. එහි තොරතුරු අනුව මට පුළුවන් ඔයාලට ගැළපෙනම ආකාරයේ අධ්‍යාපනික ලිපි හා තොරතුරු ලබා දෙන්න. 
එහි අවසන් පිටුවේදී මම ඔබගේ ඊ මේල් ලිපිනය අසනවා. එහි ඔබගේ ඊ මේල් ලිපිනය ලබා දෙන අයට මම මේ ඉහත කිව්ව ඊ බුක් එක මුලින්ම ලබා දෙනවා. දැනටමත් ඊට සහභාගී උනු අයට මේ පොත් පිංච අද හෝ හෙට ලැබේවි. අනිත් අයට ඔබ සමීක්ෂණයට සහභාගී වී දිනක් ඇතුළත ලැබේවි. සහභාගී නොවන/ඊ මේල් ලිපිනය ලබා නොදෙන්නන්ට තව සතියකින් දෙකකින් මම භාගත කළ හැකි සබැඳියක් ලබා දෙන්නම්.
වෙබ් අඩවිය 


ඊ බුක් එක





Sunday, January 27, 2013

"SL Scientist" වෙබ් අඩවිය දියත් කෙරිණි

හුඟ කාලෙකට ඉස්සෙල්ල තිබ්බ හීනයක් තමයි මගෙ, සඟරාවක් කරන එක. නමුත් සැබෑ කරගන්න බැරි උනා.
මමයි මගෙ යාළුවො සෙට් එකයි  11 වසරෙදි සඟරාවක් කළා. සඟරාවක් කිව්වට ඒක ප්‍රින්ට් කළ එකක් නම් නෙමෙයි. අපේ යාලූවො සෙට් එක අතින් ලියල, පත්තර වලින් රූප කපල අලවල එහෙම කළ එකක්. ආසාවට කළා මිසක් ලොකු උවමනාවකින් කළ එකක් නෙමෙයි. ඒක අපි මාසයකට එක ගාණෙ මාස කිහිපයක් කළා. ඒකෙ නම උනේ "ලොව වටා". A5 සයිස් එකේ පිටු 20ක් විතර ඒකෙ තිබ්බ. කට්ටිය ලිපි හදනව, එකෙක් හිටිය අපේ ලස්සනට අකුරු ලියන්න පුළුවන්, ඌ කොපිරයිට් කරල ඔක්කොම ලස්සනට ලියනව. ඒ කාලෙ ඉතින් පරිගණක භාවිතය තිබුණත් අපිට එහෙමට දෙයක් හරි හැටි තිබ්බෙ නෑ. 
ඒ කෙසේ වෙතත් ඉතින් ඒක අපේ පංතිභාර මිසුත් හුඟක් හොඳයි කිව්ව, හැමෝම කියෙව්වත් එක්ක. ඒත් ඉතින් මාස කිහිපයකින් ඒක යට ගියා.
ඊට පස්සෙ ඉතින් කැම්පස් යන්න පටන් ගත්තට පස්සෙ තමා අන්තර්ජාලයේ කරක් ගහන්න ගත්තෙ. එතකොටනෙ මේ බ්ලොග් කියන එක සෙට් උනේ. මුලදි ඉංග්‍රීසි බ්ලොග් එකක් ලිව්ව, එතරම් ලොකුවට නෙමෙයි, පස්සෙ 2009දි තමා සිංහල බ්ලොග් ලියන්න ගත්තෙ. 
බ්ලොග් කියන එකත් එක්තරා ආකාරයක සඟරාවක් කියන්න බැරි කමක් නෑ. ඒත් එහෙමම නෙමෙයිනෙ. ඉතින් ඔහොම ඉන්න අතරෙ, මේ මාසෙකට දෙකකට උඩදි යාලුවෙක් එක්ක කතා කර කර ඉන්නැද්දි ආපහු මේ සඟරා කතාව එලියට ආව. ඉතින් ඌත් හෙල්ප් එක දෙන්නම් කියල වැඩක් පටන් ගත්ත. ඒත් ඉතින් උගෙන් නම් හෙල්ප් එකක් ලැබුණෙ නෑ. නමකුත් තෝරගෙන, ග්‍රැෆික් වැඩ වලට හැමදාම මට හෙල්ප් කරන මනුෂාන් මල්ලිට කියල ලෝගෝ එකක් එහෙම් හදාගෙන වැඩේ පටන් ගත්ත.
මගෙ අදහස තිබ්බෙ, මුලින් ඊ මැගසින් එකක් කරල පස්සෙ ටිකක් සල්ලි එකතු කරගෙන ප්‍රින්ටඩ් එකක් කරන්න.
ඉතින් LinkedIn එකේ එහෙම පෝස්ට් කරල කට්ටියක්ව සෙට් කරගත්ත ලිපි ලියන්න. හුඟක් අය කැමති උනා. මමත් ලිපි කිහිපයක් ලිව්ව. තව ටික දෙනෙක්ට කිව්ව, එක ලිපියක් හරි ලියල දෙන්නම් කියල කිව්ව.
ඒත් දුකයි කියන්න, අර LinkedIn එකේ මේ වැඩේට සහයක් දෙන්නම් කිව්ව අය එක්කෙනෙක්වත් මට ලිපියක් ලියල දුන්නෙ නෑ. :'(. 
මම, අපේ කැම්පස් එකේ නංගි කෙනෙක්, මල් කැකුළු බ්ලොග් එක කරන කෙනා, දුන්නු ලිපි ටික විතරයි. තවත් බ්ලොග් ලියන්නන් 2,3න් දෙනෙක් ලිපි ලියල දෙන්නම් කිව්ව. එච්චරම තමා.
මේ වැඩේ පටන් ගත්තෙ නොවැම්බර් මාසෙ. මගෙ ඉලක්කෙ තිබ්බෙ ජනවාරි මැද ඊ මැග් එකක් පබ්ලිෂ් කරන්න. ඒත් මේ ජනවාරි අග වෙනකොටත් ලිපි කිහිපයයි එකතු උනේ. 
ඉතින් මේක මට අතෑරලම දාන්න හිතුන. මොකද තව වැඩ ටිකක් නිසා, මේකට වෙලාව මදි වෙයිද කියලත් හිතුන. ඒත් ඔන්න ඔහේ සයිට් එකවත් පබ්ලිෂ් කරනව කියල හිතල අද සයිට් එක පබ්ලිෂ් කළා.

ඉතින් මොකද්ද මේ "SL Scientist"???


මේ අඩවිය තනිකරම විද්‍යාව සම්බන්ධ ලිපි ලියවෙන වෙබ් අඩවියක්. ඔන්ලයින් සඟරාවක්. වයස අවු:16-22 අතර අය තමා ඉලක්ක කරන්නෙ. පාසලේ උගනින පාඩම් ගැන අපි කියන්නෙ නෑ. නමුත් ඒ තියරි සම්බන්ධ වෙන වෙනත් දේවල් අපි කතා කරනව. ඉතින් මේ ලිපි හරහා ලැබෙන දැනුම A/L විද්‍යාව කරන නංගිල මල්ලිලට තමන්ගෙ අමතර දැනුම දියුණු කරගන්නත්, ඒ තියරි වල භාවිත ඉගෙන ගන්නත් ප්‍රයෝජනවත් වේවි.
A/L කරන අයට විතරක් නෙමෙයි, විශ්ව විද්‍යාල වලට යන්න පටන් ගත්තු නංගිල මල්ලිලටත් මේකෙ දැනුම ලබා ගන්න පිලි තියේවි. එයාලටත් විෂය කරුණු පහසුවෙන් තේරුම් ගන්න මේ ලිපි සහය වේවි.

කියවන්න විතරක් නෙමෙයි නංගිල මල්ලිලට ලියන්නත් පුළුවන් "SL Scientist" එකට. ඔයාලගෙ දැනුම දියුණු කරගන්නවත් එක්කම, දන්න දේවල් අනිත් අයට කියල දුන්නම තවත් දැනුම දියුණු වෙනව කියල ඔයාල දන්නවනෙ නේද. 

ඉතින් ඔයාලටත් ආරාධනා කරනව වෙබ් අඩවියට ගිහිල්ල ලිපි කියවන්න, තාම නම් දාල තියෙන්නෙ ලිපි කිහිපයයි. 
ඔයාලත් කැමති නම් ලිපි ලියන්න එකතු වෙන්න, සයිට් එකේ තියෙන Contact Form එකෙන් කතා කරන්න.
ඒත් එක්කම ෆෑන් පේජ් එකටත් ලයික් එකක් දාන්න. ලිපියක් එකතු උනු වහාම මේල් එකටම ගෙන්නගන්න Subscribe වෙන්නත් පුළුවන්. සයිට් එකට ඔයාලගෙ මුහුණුපොතේ ගිණුමෙන් ලොග් වෙන්න පුළුවන්, එහකොට ලිපි වලට කමෙන්ට් කරන්න, ෆෝරම් එකේ පෝස්ට් කරන්න, ලිපි ලියන්න ඔයාලටත් පුළුවන්.




ආ ඒත් එක්කම, අමතක උනානෙ. අද මගෙ උපන්දිනේ. හැබැයි විශේෂයක් නම් නෑ. ගෙදරටම වෙලා ඔහේ  ඉන්නව. :)

Saturday, May 15, 2010

මම හදපු මුල්ම flash අඩවිය

පොඩ්ඩක් හැකියාව පරික්ෂා කරන්නත් එක්ක මම සරළ Flash වෙබ් අඩවියක් හැදුවලු. පොඩි පොඩි අවුල් ටිකක් තියෙනව, ඒව ටිකත් ගොඩ දාන්න ඕනෙ. එතකං පොඩ්ඩක් බලල කියන්නකො හොඳ නරක. තාම ඉන්නෙ ප්‍රාථමික අවධියේ. මම දැන් ගමනක් යනව, ඉතින් වැරදි ටික හදන්න වෙන්නෙ අද රෑට තමා.