Friday, December 7, 2012

Widgets

Cylon Linux සමඟ වරුවක්


හුඟක් අය දන්නව ඇති මේ දවස් වල ලංකාවෙ අපේ දක්ෂයො ටිකක් එකතු වෙලා ලිනක්ස් OS එකක් රිලීස් කරල තිබෙනව. ඒක තමයි Cylon Linux. උබුන්ටු පාදක කරගෙන තමා මේක නිර්මාණය කරල තිබෙන්නෙ.
ඉතින් මමත් ඉතින් මේක භාගත කරගෙන දාල බැලුව. ටොරන්ට් එකක් හරහා තමයි භාගත කරගන්න තිබෙන්නෙ. 2.5GB වෙනම ISO Image එක. පැය 6ක් වගේ කාලයකින් මට නම් භාගත කරගන්න පුළුවන් උනා.




මේ තියෙනෙ ඒ ඕඑස් එකට අදාල තාක්ෂණික දත්ත.
Package Management : Debian Packager with APT
Desktop Environment : Gnome Classic (also contains Unity & Gnome Shell)
Kernel Version : 3.2.0.30.32
OS Family : Unix-like
Source Model : Partially Open Source (Contains non-free applications)
Current Version : 12.04.1
Parent Distribution : Ubuntu Linux 12.04 LTS
License : Mainly the GNU GPL and various other free software
Architecture : Intel x86 (32bit)
Installation Medium : 2.5 GB ISO image
MD-5 Checksum : ba092dad03317677887565a4aa0a59f1
ඉතින් මේ ඕඑස් එක හදල තියෙන්නෙ දැනට භාවිත වෙන පරණ පරිගණකයකත් වැඩ කරන්න පුළුවන් වෙන්නයි. මේ තියෙන්නෙ තියෙන්න ඕනෙ System Requirements. 
Processor : 1.7 GHz
R. A. Memory : 1GB
V.G.A. Memory : Doesn't matter how much you got, but will be awesome if it supports 3D acceleration.
ඉතා හොඳ මෘදුකාංග එකතුවකුත් එක්කම නිපදවා ඇති නිසා භාවිතය ඉතාම පහසු වෙයි. මොකද මෘදුකාංග හොයන්න ඕනෙ නෑනෙ.
මේ තියෙන්නෙ තිබෙන ප්‍රධාන මෘදුකාංග ලැයිස්තුව.
Artha Dictionary
BleachBit
Docky
Xpad
CryptKeeper
CuttleFish
CCSM
Compiz (Patch)
GnomeSplit
RedShift
Qreator
Gloobus Preview
Ultra Copier
KGeography
KMPlot
KAlarm
Firestarter
Qucs
Step
PCSX (with spu,gpu plugins)
PlayStation Helper
Play on Linux
Inkscape
Blender (with Cycles)
Scribus
Hardware Lister
RawTherepy
Gimp 2.8 (with Plugin Registry)
MyPaint
Krita
Facebook
Pinta Image Editor
LibreCad
Scan2PDF
Dia
Rekonq Web Browser
Tor Web Browser
Rekonq Web Browser
Nightly Web Browser
Chrome Web Browser
Prozilla Download Accellerator
Deluge Bittorrent Client
V Mobile Broadband
FileZilla
gFTP
GnomePredict
Ticker
WiFi Radar
XHydra
Fogger
KeepInternet
Calibre Book Library
View Your Mind
Korganizer
GNUCash
KmyMoney
OCRFeeder
BlueFish Web Editor
Komposer Web Editor
Eclips IDE
Eric Python IDE
Dr.Python
Gambas 2.0
Quickly
Avogadro
Kalzium
Stellarium
Synaps
Screenlets
KdenLive
OpenShot
K3B
Acetone ISO
ConvertMe
Arista Trascoder
WinFF
Amarok
Smplayer
VLC Media Player
Audicious
Play it Slowly
Miro
Auducty
Lmms (No launcher)
Mix
Asunder CD Ripper
EasyTag
DeVeDe
DVD Styler
OGMRip
Imagination
Cheese Web Cam Booth
Guvc Webcam view
Kazaam Screencaster
RecordMyDesktop
Dvdisaster
Xfce Taskmanager
Web Content Control
Replay Video Cache Viewer
Synaptic Package Manager
Wine
Wicid
Xine
YPPA
ඔය ඉහත තොරතුරු ටික නම් ඔවුන්ගේ වෙඩ් අඩවියෙන්ම තමයි උපුටා ගත්තෙ. 
ඔවුන්ගේ වෙබ් අඩවියෙන් හා ඔවුන්ගේ මුහුණු පොත රසික පිටුවෙන් ඔබට තවත් විස්තර දැනගත හැකියි.

Graphic Designersලගෙ ජනප්‍රියම FOSS එක වෙන Gimp, Animatorsලගෙ ජනප්‍රියම FOSS එක වෙන Blender, ජනප්‍රියම FOSS Media Player එකක් වෙන VLC Player, ජනප්‍රියම වෙබ් බ්‍රවුසර් වන Firefox හා Chrome වෙබ් බ්‍රවුසරත්, ජනප්‍රියම චැට් මෘදුකාංගය වන Skype, Wine යොදාගනිමින්, ඔෆිස්, ෆ්ලෑෂ්, ඩ්‍රීම්වීවර් සහ ගොඩක් මෘදුකාංග මේක තියෙනවා. 





මම හැම දෙයක්ම කළේ නම් VirtualBox හරහා. සියළුම අත්දැකීම් ලැබීමට එය වඩා හොඳයි, කෙලින්ම ස්ථාපනයට පෙර.
මට පෙනෙනා ආකාරයට නම් අත්‍යවශ්‍ය සියළුම මෘදුකාංගත් එක්කම නිපදවල තිබෙන මෙම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ඉතා හොඳ එකක් විදිහටයි. 
ඊලඟ ලිපියෙන් තවත් විස්තර ටිකකුත් ස්ථාපනය කරගන්නා ආකාරය සරළව රූප සමඟ ඉදිරිපත් කරන්නම්.

ඉතින් ඔබත් භාගත කරගෙන DVD එකක් write කරගෙන Live රන් කරල හරි බලන්න.

ඒත් එක්කම කැම්ති අනිත් අයටත් භාගත කරගන්න සහය වෙන්න ටොරන්ට් එක සීඩ් කිරීම මගින්.

ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් මෙන්න.

22 comments:

  1. පෙනුම නම් බොහොම හිත් ඇදගන්නා සුළුයි. මාත් ඉස්සර Windows අතෑරල Linux එක්ක වැඩකරන්න හිතාගෙන හිටියා. ඒත් දැන් කරන ජොබ් එකේ හැටියට Windows අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනෙ නිසා ඒ අදහස අල්ලල දැම්මා...

    උදිත

    ReplyDelete
    Replies
    1. ඉතින් dual boot විදිහට දෙකම use කරානම් හරිනේ...

      Delete
    2. ඇත්ත. උබුන්ටු ඉතාම හොඳ උනාට, මෘදුකාංග දාන්න, සින්දුවක් අහන්න, ෆිල්ම් එකක් බලන්න ප්ලගින් දාන්න ගියාමම ඒක එපා වෙනව.
      ඒ අතින් මේකෙ ඒ හැම දෙයක්ම තියෙන නිසා ඉතාම පහසුයි. :)

      Delete
  2. ඕකනන් මරු මං බාගන්න කල් ඇර ඇර හිටියා. බාගන්න බැරි උනා. සික අපරාදේ... අනික ඔය ඩිරෙක්ට් වැඩ නැ.. රැපිඩ්ෂෙයාවලට දැම්මට එව්වයේ ඩවුන්ලොඩ් කරන්න බෑ අයියා. File owner's public traffic exhausted..

    free ඇකවුන්ට්වලට උන් ඕකට දෙන brandwidth එක 1GB එකක්ද කොහෙද. ඒකයි අවුල. අනික රැප්ඩ්ෂෙයා ඉස්සර වගේ free දෙන්නේ නැ. ඉස්සර Free දිලා කෙලවගෙන ඉන්නේ දැන් නිකං දෙන්නේ නැ. මේ සති 3 කලින් ඔය සයිට් එකේ සිස්ටම් එක සම්පූර්නයෙන්ම update උනා.. අපිට බාගන්නන් අප්ලොඩ් කරපු කෙනා premium account එකක් හදන්න ඕන..

    හැමදේම ලිමිට් කරලා.. rapidshit :/ සික් අපරාදේ අප්ලෝඩ් කරන්න ගිය කාලේ..

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා. හැබෑ නේන්නම්. දුක තමයි. :( ටොරන්ට් පිහිටම තමයි. :(

      Delete
    2. හැබැයි එයාල සීඩී ත් එවනව. පොඩ්ඩක් බලන්නකො.

      Delete
    3. මාත් මැසේජ් එකක් දැමම්මා.. බලමු බලමු ගෙදරටම එවි.. :D :D good luck..

      Delete
  3. Replies
    1. සමාවෙන්න, මම ඒක භාවිතා කරල නෑ. ඉතින් ප්‍රායෝගික භාවිතයේ සැසඳිමක් කරන්න බෑ. :(
      හැබැයි ඒකට වඩා මේකට ඕනෙ කරන System Resources නම් අඩුයි.

      මේක හදල තියෙන්නෙ උබුන්ටු පාදක කරගෙන. උබුන්ටු end usersල වෙනුවෙන්ම හදපු එකක්.
      හන්තාන හදල තියෙන්නෙ ෆෙඩෝරා පාදක කරගෙන. ෆෙඩෝරා වැඩිපුර හදල තියෙන්නෙ නම් Development පැත්තට. නමුත් හන්තාන නම් enduser පැත්තට optimise කරල තියෙනව.

      Delete
    2. ප්‍රතිචාරයට ස්තුතියි මාධව

      Delete
    3. මම හන්තාන දින කිහිපයක් භාවිතා කළා. මගෙ හිතට ඒක ඒ තරම් ඇල්ලුවෙ නෑ. මම කියන්නෙ පරිගණකයේ තිරයේ පෙනුම.. :D නමුත් වින්ඩොව්ස් වලට පුරුදු වුණ අපි වාගෙ අයට මේක හොඳ ආදේශකයක් වෙයි..මේක ඇත්තටම සිත් ඇඳගන්නා සුලු පෙනුමක් නම් තියෙනවා...ඔව්වා තනියම දාගන්න බෑනෙ..බලමු...කො අලුත් ලැප් එක ගත්තාම උඩම ඇනෝ කියපු විදිහට දා ගන්නවා.

      Delete
    4. මම installation guide එකක් දාන්න හිතාගෙන ඉන්නෙ. :)

      Delete
  4. උබුන්ටු වල වෙඩ කරල තියා දැකලවත් නැත. Photoshop, AUTOCAD ඔකේ වැඩ කරනවද ?...

    ReplyDelete
    Replies
    1. Photoshop වෙනුව්ට හොද ආදේශකයක් තියෙනව Gimp කියල. නෙත්තම් PS CS4 දාගන්න පුලුවන් Wine කියන ම්රුදුකාංගය හරහා.
      Autocad ගැන නම් මතකයක් නෑ. බලල ක්ඉයන්නම්.

      Delete
  5. Office softwear ekak thiyanawada meke....

    ReplyDelete
    Replies
    1. Libre Office කියන FOSS Office Package එක තියෙනව. නැත්තම් Wine හරහා MS OFFICE 2010 උනත් දාගන්න පුළුවන්.

      Delete
  6. මම නිතරම භාවිතා කරන මෘදුකාංග තමයි පොටෝෂොප්, පිරිමියර් දෙක. සිංහල යුනිකෝඩ් වැඩ කරනවා නම්, අනෙක් ඕනේ සිංහල ඉංග්‍රීසි ෆොන්ට් එකක් පේනවා නම් මට කොයි ඕ එස් එකත් හොඳයි මාධව අයියෙ. අනික මේකෙ පෙනුමට නම් මගෙ හිත ඇඳුණා..ඇත්තටම..මම හිතන්නෙ Gimp පොඩ්ඩක් ඉගෙන ගත්තා නම් හොඳයි වාගෙ නේද? ඕකෙ වීඩියෝ එඩිට් කළ හැකිද? එහෙම සොෆට් එකක් තියෙනවාද?

    ReplyDelete
    Replies
    1. Premiure වලට ආදේශකයක් තිබුණද කියල නම් මතක නෑ. බලල දාන්නම්.
      නමුත් Photoshop වලට Gimp තියෙනවා. නැත්තම් Wine හරහා PS දාගන්න පුළුවන්.
      ෆොන්ට් නම් ඉතින් සපෝර්ට් ඇතිනෙ.

      Delete
  7. මාදව හෑමදාම වටින දෙයක් අරන් තමයි එන්නනෙ නේද?දිගටම ලියන්න අපේ සුභ පෑතුම්

    ReplyDelete
  8. Windows 7 ekka dual boot karanne kohomada? install karana widiha poddak pehedili karanna puluwanda?

    ReplyDelete
  9. හ්ම්ම්ම් වැදගත් ලිපියක් ට්‍රය් කරලා බලන්න ඕනේ වෙලාවක
    කෝරලේ වලව්ව

    ReplyDelete
  10. ලංකාෙව් අය කරපු නිසා ෙගාඩක් වටිනවා. ඉෙගන ගන්නවා නම් මම හිතන්ෙන් නැ ෙගාඩක් අමාරැ ෙවයි කියලා. මම නම් ඉතින් භාවිතා කරන්ෙන් මැක් තමයි.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.