Thursday, October 27, 2011

Widgets

බ්ලොග් එකට එන අයව ඇදල බැඳල තියාගන්නෙ කොහොමද?

මතකයිනෙ මම දුන්න ඔයාලට ඔයාලගෙ බ්ලොග් එකේ ට්‍රැෆික් වැඩි කරගන්න උපදෙස් 100ක් තියෙන පොතක්. (ගත්තු නැති අය මෙතනින් ගන්න. සරළ සිංහලෙන් තියෙන්නෙ.) ඉතින් මේවත් ඒ වගේම දේවල් තමයි. 
මිනිස්සු හරිම අකමැතියි, එයාලට ඕනෙ විස්තර, ගොඩක් හොය හොයා ඉන්න එයාල අකමැතියි.  ගූගල් එකේ සෙවුකම් කළාම, ඉතාම ලේසියෙන් ඕනෙ විස්තර තිබෙන අඩවි ඕනෙ තරම් හොයාගන්න පුළුවන්. ඉතින් ඒකෙන් කියවෙන්නෙ, පුද්ගලයෙක් එක් වෙබ් අඩවියක ගත කරන කාලය ඉතාම අඩුයි කියන එක නේද? ඉතින් මේක වළක්වාගෙන තමුන්ට එන visitorsල තමුන්ගෙ අඩවියට ඇදල බැඳල තියාගන්න, එන අය අඩවිය තුළ ගතකරන කාලය වැඩි කරගන්න ඔබ ඔබගේ වෙබ්/බ්ලොග් අඩවිය ඉතා හොඳින් සකසා ගත යුතුයි. 

මම දැන් කියන්න යන්නෙ, ඒ දේ කරගන්න, සරළ නමුත් ඉතාම බලවත් පියවර කිහිපයක්. ඒ හරහා ඔබගේ අඩවියට එන කියවන්නන්ගේ බ්ලොග් එක ගැන තිබෙන අදහස හොඳ එකක් කරල, ඔබ තොරතුරු ලබාදෙන ආකාරය වඩාත් ඵලදායී කරල, ඒ හරහා ඔබගේ visitorsල ඔබගේ අඩවියට ඇදල තියාගන්නට ඔබට හැකි වේවි.

මුල්ම තත්පර 10 තමයි වැදගත්ම

ඔයාගෙ අඩවියට එන කෙනෙක් සමහරක් විට වැඩක් නැති අඩවි හම්බෙලා ඒව බලල එපා වෙලා එන කෙනෙක් වෙන්න පුළුවන්. මෙච්චර වෙලා හරියකට හදල නැති, තියෙන අන්තර්ගතය හරියට නැති අඩවි වලට ගිහිල්ල ඔහුට/ඇයට දැන් එපා වෙලා ඉන්නෙ. ඉතින් ඔබේ අඩවියත් එහෙම උනොත්, එයාල ආපු ක්ෂණයෙන් ආපහු යාවි. හුඟක්ම අය මුල් තත්පර 10-20 ඇතුළත ඔබේ අඩවියෙන් පිට වෙලා යාවි. 
නැතිනම් මුලින්ම ආවෙ ඔයාගෙ අඩවියට වෙන්නත් පුළුවන්. එහෙම උනත් අර වගේ අවුල් නම් අනිවා එන අය හැරිල යාවි. 
අන්න ඒකයි කියන්නෙ මුල්ම තත්පර 10 තමා වැදගත්ම කියල. ඉතින් ඒ කාලය පන්නගන්න පුළුවන් උනොත් ඔබට වාසනාව තිබෙනවා ඔහුව/ඇයව තවත් වෙලා රඳවා ගන්න.

විශ්වාසවන්තභාවය ඉතාම වැදගත්

කියවන්නා අඩවිය කෙරෙහි දක්වන විශ්වාසවන්තභාවය ඉතාම වැදගත් වෙනවා ඔවුන්ව අඩවිය හා තබාගන්නට. කියවන්නන්ට අවිශ්වාස බවක් ගොඩනැඟුනොත් ඔවුන් කවදාවත් ආපහු එන එකක් නෑ. බ්ලොග් අඩවිය පසුපස ඉන්නෙ කවුද, ලිපිය පසුපස ඉන්නෙ කවුද කියල ඔවුන්ට පෙන්වීම වැදගත්. 
බ්ලොග් එකේ පෙනුමෙන් මුලින්ම විශ්වාසවන්ත බව දිනාගන්න. හුඟක් බ්ලොග් වල පෙනුම ඉතාම ප්‍රාථමිකයි. බ්ලොග් එකට Professional look and feel එකක් දෙන්න. හොඳ තීම් එකක් දාගන්න. (හොඳ කීවෙ වෛවරණ එකක් නෙමෙයි, Professional පෙනුමක් තියෙන සරළ එකක්.) ඒව මේව ඇඩ් පිරිච්ච, scripts ගොඩක් තියෙන අඩවි වලට ගොඩක් අය කැමති නෑ. 
Professional Header Image එකක් යොදාගන්න අඩවියට. ඔබම හදාගත්තු, අඩවියේ අන්තර්ගතයට ගැළපෙන එකක් වෙන එක තමා ඉතාම හොඳ. ලිපි ඇතුළත තිබෙන රූප පැහැදිලි හොඳ quality එකේ ඒව වෙන්න ඕනෙ. පැහැදිලි බව ඉතාම වැදගත්. පහසුවෙන් අඩවිය පුරා යන්නට (navigation) පැහැදිලි පිරිසිදු ක්‍රමයක් තිබෙන්නට ඕනෙ, අදාල සැබැඳි හරිහැටි යොදන්න. 
ඒත් එක්කම ඉතාම වැදගත් දෙයක් තමයි, හරියට ලියන්න. හොඳ භාෂා විලාසයක් තිබීම ඉතාම වැදගත්. මේ කියන්නෙ ලිඛිත භාෂාවෙන් ලියන්න කියල නෙමෙයි, නමුත් පිරිසිදු, පැහැදිලි, තේරුම් ගැනීමට පහසු විදිහට ලියන්න කියන එක.

සරළ බව තමයි රහස

90%කටම වඩා අය ලිපියක් සම්පූර්ණයෙන් කියවන්නේ නෑ. තැනින් තැන කියවගෙන යමින් ඕනෙ කරන වචන, වාක්‍ය හොයාගන්නව. බොහොමයක් දෙනා පහළට scroll කරගෙන යන්න පවා කැමති නෑ. ලිපිය හුඟක් දිගයි වගේ පෙනුනොත් කියවීම සම්පූර්ණයෙන්ම නවත්වන අයත් ඉන්නව. හුඟක් අය ලිපියෙ අන්තිමට යන්නෙ නැති තරම්. (ඔයාල තාම මාත් එක්ක ඉන්නවද??? :) )
සමීක්ෂණ වලින් හොයාගෙන තිබෙනවා සාමාන්‍යයෙන් වැඩි වෙලාවක් වෙබ් අඩවියක් තුළ ගතකරන්නෙ එන අයගෙන් 20% පමණයි කියල හා, Page Break එකෙන් පහළට ගිහිල්ල මොනව හරි ක්ලික් කරන්නෙ තියෙන්නෙ 20%ක් දෙනා පමණයි. ඉතින් ඔබේ ලිපිය දිග වැඩි වෙන්න වැඩි වෙන්න, එන කෙනා ගතකරන කාලය අඩු වෙනවා. 
ඉතින් මොකද්ද මේ කියන්නෙ? මේ කියන්නෙ ඔබගේ ලිපිය පුළුවන් තරම් කෙටියෙන් ලියන්න කියන එක තමා. 
ඒක කරන්නෙ කොහොමද?? 
හරියටම ඕනෙ දේ ගැන කියන්න. වැල්වටාරම් කියන්න යන්නෙපා. අදාල දේ පමණක් ලියන්න. ලිපියේ තිබෙන අන්තර්ගතය, සරළ, සෘජු හා ඉලක්කගත විය යුතුයි. 
ලියන්න, වෙනස් කරන්න, අනවශ්‍ය කොටස් ඉවත් කරන්න, සරළ වෙන්න.

කියවන්න පහසු විදිහට ලිපිය සකසා ගන්න

අඩවියට එන අය තව වැඩි කාලයක් අඩවිය තුළ රඳවාගන්නට, ඔබ ලිපිය පැහැදිලි, කියවීමට පහසු, කියවීමට ආස හිතෙන විදිහට සකසා ගත යුතුයි.
  • අභ්‍යන්තර සබැඳි: ලිපියක් තුළ තිබෙන සබැඳි මත ක්ලික් කිරීමට ඕනෑම කියවන්නෙක් පෙළඹෙනවා. ඉතින් අඩවියේ වෙනත් ලිපි වලටම ලිපිය තුළ සැබැඳි යෙදීම හරහා ඔබට පුළුවන් එන අයව තවත් වෙලා අඩවිය තුළ රඳවා ගන්නට.
  • ඡේද: හරි හැටි ඡේද වෙන් කරල ලියන්න. දිග ඡේද කියවන්නට හුඟක් අය අකමැතියි. එහෙමයි කියල වාක්‍යයෙන් වාක්‍යයෙට ඡේද කඩන්නෙපා. ඒක අරකට වඩා එපා කරපු වැඩක්.
  • එක ඡේදෙකට එක අදහසක්: එක ඡේදෙකට එක අදහස ගානෙ දාන්න. මොකද මුල ටික බලනකොට කියවන්නාට ඕනෙ නැති දෙයක් නම් ඉතිරි ටික කියවන්නෙ නැතිව එයා යන්න යනවා. ඔබ පස්සෙ ලිව්ව දේ වඩා වැදගත් උනත් ඒක අපතේ යනවා.
  • අනු මාතෘකා: ඡේද කඩනකොට හොඳ අනු මාතෘකා දාල ලිපිය වෙන් කරගන්න.
  • බහුමාධ්‍ය භාවිතය: රූප, විඩියෝ ලිපිය තුළ භාවිතා කරන්න. ඒ හරහා කියවන්නන්ව ඇදල තියාගන්න පුළුවන්.
  • ඉස්මතු කිරීම් (Highlight): ඉතාම වැදගත් කොටස් highlight කරල පෙන්නන්න. Bold, Underline, Highlight, font color මේ සඳහා යොදාගන්නට පුළුවන්. ඒ හරහා ලිපියට ලස්සනක් එකතු කරන්නත් ඔබට පුළුවන්. 
  • ලැයිස්තු: ලිපියේ සමහරක් කොටස් ලැයිස්තු විදිහට දාන්න., ඒක කියවන්නාට ඉතාම පහසුවෙක් වෙනවා තේරුම් ගන්න. 
  • වැදගත් වෙනත් දේ: ලිපියට අදාල වෙන වැදගත් දේවල්/ලිපි තිබෙනවා නම් ඒවට අදාල සබැඳි ලිපිය අවසානයේ දාන්න. ඒ හරහා එහ්ටකොට ඔවුන්ට පුළුවන් තවත් වැඩිදුර විස්තර ලබාගන්න. Wordpress වලට තිබෙන Related Posts ප්ලගිනය, එහෙම මේකට කියාපු විසඳුමක්. 
ඉතින් මෙන්න මේ දේවල් ගැන හිතල පොඩ්ඩක් ඔයාලගෙ වෙබ් අඩවිය/බ්ලොග් අඩවිය හදාගන්න පුළුවන් නම් ඔබගේ අඩවියට එන අයව ඔබේ අඩවියත් එක්ක හැමදාම තියාගන්න ඔබට පුළුවන් වෙනවා. 
තවත් මේ වගේ දේවල් ඉස්සරහට බලපොරොත්තු වෙන්න. 

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" EBook එක තාමත් භාගත කරගන්නෙ නැත්තම් දැන්මම බාගන්න. ඒක ඔයාලට හුඟක්ම ප්‍රයෝජනවත් වේවි කියල මම හිතනවා.

මේ බ්ලොග් අඩවියේ ලිපි ඔබගේ ඊමේල් ගිණුමට කෙලින්ම ලබාගන්න මගේ RSS Feed එකට එකතු වෙලා නැතිනම්, ඒකත් දැන්මම කරගන්න. පහළ text box එකට ඔයාගෙ ඊමේල් ලිපිනය දෙන්න.

8 comments:

  1. ඔයාගෙ ලිපියෙ නම දැක්ක ගමන් මට හිතුනෙ ලනුවක් දාලා ඇදලා බැදලා තියා ගන්නවා කියලයි.ඔන්න ඒකම කිව්වා...:)))

    ReplyDelete
  2. එහෙම කරන්නෙ කොහොමෙයි අලෝ??? :D

    ReplyDelete
  3. මෙහෙම කිව්වම තමා මතක් වෙන්නේ සමහර බ්ලොග් ලෝඩ් වෙන්නම ගියාම හැට පැයක් විතර යනවා. තවත් සමහර බ්ලොග් ලෝඩ් වෙනකොට වීඩියෝ ඕඩියෝ වගේ බර අවි ලෝඩ් වෙනවා. මෙහෙම උනාම එකපාරක් ආපු එකා තවපාරක් එන්නේ නෑ.

    අයියා කියපු කතාවත් හරි. ලිපිය ගොඩක් දිග වෙන්න දිගවෙන්න කියවන ප්‍රමාණය අඩුයි. එතකොට උඩින් පල්ලෙන් ස්ක්‍රොල් කරලා යන්න යනවා. ලිපිය කෙටිවට පැහැදිලිව ලියන්න ඕනා.

    අයියෑ ලිපිය නම් පට්ට !!!

    ReplyDelete
  4. සෝක් ලිපියක් මාධව...ටෙක් බ්ලොග් බලද්දී නම් මමත් ඔය වගේ තමයි ...ඒත් සිංහල බ්ලොග් බලද්දී හොඳ ලිපියක් දිග වෙන තරමට මම කැමතියි :D

    ReplyDelete
  5. ම් වැදගත් අදහසක්..මම නම් මාධවගේ ලිපි ගොඩක් වෙලාවට අන්තිම වෙනකම් බලනවා...5 වසරේ ශිෂ්‍යත්වෙට රචනා ලියන්න උගන්නපු හැටි මතක් වුනා මේ පෝසටුව දැකලා...

    ReplyDelete
  6. ස්තූතියි උපදෙස් වලට අය්යා.අපිට පුලුවන් නම් ප්‍රොෆෙශනල් ලුක් තියන බ්ලොග් ටෙම්ප්ලෙට්ස් ටිකක් සජෙස් කරන්නකො.

    ReplyDelete
  7. @මධුරංග: අනිවා. මමත් එහෙම බ්ලොග් නම් කියවන්නෙ නෑ. කෙලින්ම ටැබ් එක ක්ලෝස්. :)
    ඔව් කෙටි වෙන්න ඕනෙ. කතාන්දර ගැන නෙමෙයි මේ, තොරතුරු ලබාදෙන ලිපි ගැන. ලිපියෙන් දෙන්න හදන දේ කෙටියෙන්ම දුන්නම තමා කියවන කෙනා කැමති. ඊට පස්සෙ තව කෙනෙක්ට කියයි. "මචන් මෙන්න මේ සයිට් එකට පලයන්, ඒකෙ පට්ටම සිම්පල් විදිහට වැඩේ කියල දීල තියෙනව" කියල.

    @සයුරි: ඔව් ඔව්. මේ කියන්නෙ තොරතුරක් දෙන්න ලියන ලිපි ගැන. සිංහල බ්ලොග් උනත් එකයි, නමුත් කතාවක් වගේ තියෙන ලිපිවලට මේක වලංගු නෑ. ඒකෙ රසය තියෙන්නෙ කතාව විශේෂණ දාල ලස්සන කරල ගත්තමනෙ.

    @රූ: ඔව් ඔබ හරි. ඔබටත් කියන්න තියෙන්නෙ සයුරිට කීව ටිකම තමා.

    @නදී: මම බලන්නම් හොඳ තීම් ටිකක් දෙන්න. :)

    ReplyDelete
  8. හුම්ම්ම්............. ඇත්තටම වටින අදහස් ටිකක්. ගොඩක් වැදගත් උනා මටත්.

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.