Saturday, August 4, 2012

Widgets

වෙබ් අඩවි සෑදීමේදී ඔබ නොකළ යුතු දේවල් - 4 කොටස (අවසාන කොටස)

මින් පෙර ලිපි තුනක් හරහා අපි සාකච්ඡා කළා වෙබ් අඩවි සාදනකොට බහුතරයක් දෙනා කරන පොඩි පොඩි වැරදි සම්බන්ධයෙන්. ඉතින් මේ ඒ ලිපි පෙළෙහි අවසාන ලිපිය. මුල් ලිපි 3 කියෙව්වෙ නැති අය පහත සබැඳියන්ගෙන් යන්න.
පළමු ලිපිය | දෙවන ලිපිය | තෙවන ලිපිය

ඔන්න අද කොටස.



31. සබැඳියන් පෙන්වන්න.
අඩවියට පැමිණෙන්නාට හැකියාව තිබෙන්න ඕනෙ, ක්ලික් කළ හැකි සබැඳියන් මොනවාද සබැඳියන් නොවන්නේ මොනවාද යන්න තේරුම් ගන්න. සාමාන්‍යයෙන් නම් සබැඳියක් යටින් ඉරකින් හා තද නිල් පැහැයෙන් තමයි දැක්වෙන්නෙ. ඔබගේ අඩවියේ වර්න තේමාවට අදාල ආකාරයට, ගැළපෙන වර්ණ යොදාගන්න.

32. සාමාන්‍ය වැකි වල වර්ණ වෙනස් කරන්නට හා යටින් ඉරි අඳින්නට එපා.
අත්‍යවශ්‍යම අවස්ථාවක හැරුනුවිට සාමාන්‍ය වාක්‍ය කොටස් වල අකුරු වර්ණය වෙනස් කරන්නටවත් යටින් ඉරි අඳින්නටවත් එපා. එමගින් කියවන්නා නොමඟ යා හැකියි. සබැඳියන් මොනවාද යන්න පැහැදිලිව පෙනෙන ආකාරයට වර්ණ හා ඉරි යොදාගන්න.

33. ක්ලික් කරන ලද සබැඳියන් වල වර්ණය වෙනස් කරන්න.
වෙබ් අඩවියක් භාවිතයේදී මේක ඉතා වැදගත්. කියවන්නාට හැකියාව තිබිය යුතුයි, තමුන් බලපු පිටු මොනවාද නොබලපු පිටු මොනවාද යන්න පැහැදිලිව බලාගන්නට. බලපු පිටු වලට යළි යළිත් නොගිහින් සිටීමට හා අඩවිය භාවිතයට මින් ලොකු සහයක් කරනවා.

34. Animated Gif යොදාගන්නට එපා.
දැන්වීම් සඳහා banners යොදාගැනීමට අවශ්‍ය අවස්ථාවක හැරුණුකොට වෙනත් ස්ථාන වල මේවා භාවිතා කරන්නට එපා. එමගින් එම අඩවියට unprofessional ගතියක් එකතු කරනවා සහ භාවිතා කරන්නාගේ අවධානය වෙනතකට යොමු කරනවා.

35. රූප සඳහා “ALT” හා “TITLE” attributes අනිවාර්යයෙන්ම යොදන්න.
එමගින් ඔබගේ අඩවියේ SEO වලට විශාල සහයක් ලබාදෙනවා පමණක් නොව, රූප රහිතව අන්තර්ජාලයේ සැරිසරන්නන්ට, අන්ධ පුද්ගලයින්ට, ඉහළ සහයක් ලබා දෙනවා.

36. ඇසට අපහසු වර්ණ යොදාගන්න එපා.
ඔබගේ වෙබ් අඩවියට ඇවිල්ල විනාඩි 10කින් ඒ පුද්ගලයාට හිසේ කැක්කුමක් ඇහේ අමාරුවක් හැදෙනව නම් ඔබ ආපහු හිතල බලන්න වෙනව ඔබගේ අඩවියේ වර්ණ සංකලනය සම්බන්ධයෙන්. අඩවියේ අරමුණට කියවන්නාව නාභිගත කරන ආකාරයේ හා ඇසට පහසු ආකාරයේ වර්ණ සංයෝජනයක් සිදු කරන්න.

37. Popups භාවිතයෙන් වළකින්න.
මේ කියන්නෙ සියළුම ආකාරයේ popups ගැන. පොප් අප් එකක් කියන්නෙ අඩවියට පැමිණෙන්නාව තරහ ගස්වන ආකාරයේ දෙයක්. මේක කොතරම් කරදරයක්ද කියල හිතාගන්න පුලුවන්නෙ දැනට තිබෙන Popup Blockers මෘදුකාංග ගණන දිහා බැලුවම.

38. Javascript සහිත සබැඳියන් යෙදීමෙන් වළකින්න.
මේවා මගින් සබැඳියන් සමඟ කුඩා javascript කේතයන් දුවවනවා. මේව භාවිතා කරන්න එපා. මොකද හුඟක් වෙලාවට මේවා, භාවිතා කරන්නාට ප්‍රශ්න ඇති කරනවනවා.

39. අඩවියේ Footerහි, අත්‍යවශ්‍ය දේ සඳහා සබැඳියන් යොදන්න.
හුඟක් අය, තමුන්ට අවශ්‍ය දේ සොයාගන්න අපහසු උනාම අඩවියේ ෆුටරය බලන්න පෙළඹෙනවා. ඉතින් අඩවි පරිශීලකයාට අත්‍යවශ්‍යම වෙයි කියල හිතෙන දේ වලට සබැඳියන් ෆුටරයේ යොදන්න. උදා: Contact Us

40. ඉතා දිගු පිටු සකසන්න එපා.
අඩවි පරිශීලකයාට සිද්ධ උනොත් පිටුවේ ඇති දේවල් කියවන්න, ඉවරයක් නැතිව පහලට ස්ක්‍රෝල් කරන්න, අනිවාර්යයෙන්ම ඔහු ඒ අඩවිය අත ඇරල යනව. ඉතින් කළ යුත්තේ කෙටි පිටු සකසමින්, පිටු අතර ගමන් කිරීමේ ක්‍රම පහසු හා වේගවත් කිරීමයි.

41. හරස් අතට ස්ක්‍රෝල් කරන්න පිටු සකසන්න එපා.
දිගු අතට ස්ක්‍රෝල් කිරීම අත්‍යවශ්‍ය වුවත් හරස් අතට ස්ක්‍රෝල් කරන්න නම් කවුරුවත් කැමති නෑ. ඉතින් දැනට බහුලව භාවිතා වන 1024 x 768 pixels resolution එකටවත් ගැළපෙන ආකාරයට අඩවිය සකසන්න.

42. අක්ෂර වින්‍යාස හා භාෂා වින්‍යාස වැරදි තබන්න එපා.
මේක ඇත්තෙන්ම web design වැරැද්දක් නෙමෙයි. නමුත්, වෙබ අඩවියක සමස්ථ තත්වය සඳහා බරපතලවම බලපාන දෙයක්. වෙබ් අඩවිය තුළ තිබෙන වචන හා වගන්ති වල වැරදි නැති බවට සහතික කරන්න.

43. CAPTCHA භාවිතා කරනවා නම් ඒවායේ අකුරු කියවිය හැකි මට්ටමට සකසන්න.
ස්පෑම් කරදර වලින් මිදීමට, බොහොමයක්ම දෙනා තම අඩවි සඳහා captcha භාවිතා කරනවා. නමුත් මේ සමහරක් ඒවා කියවන්න මුළු පවුලම ඇවිල්ල බැලුවත් හරියන්නෙ නැති වෙනවා. මමත් පෞද්ගලිකව සමහරක් අවස්ථා වල අපහසුතාවයට පත් වෙලා තිබෙනවා මේ captcha කියවගන්න අමාරු වෙලා.

ඔන්න ඉතින් ඒ ලිපි පෙළත් අදින් අවසානයි. මින් ඔබ යමක් ඉගෙනගන්නට ඇතැයි සිතනවා.
කොච්චර කිව්වත් මමත් මේ වැරදි කරනවා/කර තිබෙනවා. නමුත් අඩු කරගන්න/වළක්වාගන්න උත්සාහ කරනවා.
ඔබට ජය.





11 comments:

  1. ලිපි 4ම කියෙව්ව. වැදගත් කරුණු ටිකක් තියෙන්නෙ. මේ ලිපිපෙල බ්ලොග්කරුවන් කියවනවනං ඉතාම හොඳයි. මොකද සමහර බ්ලොග් අඩවි කියවන්න ගියාම එපාවෙනව.
    මේ අඩවිය ගැනත් කියන්නම්. කිහිප දෙනෙකුගෙන් අහල බලන්න කමෙන්ට් බොක්ස් එක වෙනම තිබීම ගැන? මම නං කැමති නෑ.

    ReplyDelete
  2. අනිවා සහෝ. මේ ලිපි 4 හොඩක් ප්‍රයෝජනවත්. ඇත්තටම මමත් වෙබ් සයිට් හදනවා. මම මේ ලිපි පෙලින් ගත් දේ බොහොමයි. ජය වේවා!

    ReplyDelete
  3. :) මම උඩ කිව්ව 37 උල්ලංඝනය කරනව නේද මමම? මම එහෙම දාල තිබෙන්නෙ සයිට් එකේ එකම පිටුව කිහිප වතාවක් ලෝඩ් කරල වෙන කරදරය අඩු කරන්න. පිටුවෙම පහල කමෙන්ට් බොක්ස් එක දැම්මම කමෙන්ට් එක පබ්ලිශ් කරනකොට පේජ් එක තව පාරක් ලෝඩ් වෙනවනෙ, ඒක කරදරයක් නෙමෙයිද ඔයාලට? එහෙම නැත්තම් මම කමෙන්ට් බො‍ක්ස් එක ලිපියට යටින් දාන්නම්.

    ReplyDelete
  4. ඇත්තටම ඉතාම වටිනා පෝස්ට් එකක්.ගොඩාක් ස්තූතියි සහෝ.....

    ReplyDelete
  5. සෑහෙන්ඩ වටින පෝස්ට් එකක්. මාත් පුද්ගලිකව ජාවා ස්ක්‍රිප්ට් ලින්ක් වලට විරුද්ධයි. ඒවා උඩ අයිට් ක්ලික් කරලා ඕපන් කරන්නත් අමාරුයි !

    ReplyDelete
  6. ඇති යන්තන්...මෙන්න මම හොය හොයා හිටිය තැනක් හම්බුනා.දිගටම ලියන්න.මේක අපට සෑහෙන්න වැදගත්...

    ReplyDelete
  7. @කෝඩුකාරයා: ස්තුතියි, ප්‍රයෝජනවත් දෙයක් ලැබුනා නම් සතුටක්.

    @මධුරංග: ඔව් සමහර වෙලාවට නම් එපාම වෙනවා.

    @A Wickz: ස්තුතියි. තවත් මේ වගේ ලිපි ටිකක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න. එකතු වෙලා ඉන්න.

    ReplyDelete
  8. කියන්න සතුටුයි මං මේ කියපු කරුණු වලිං උල්ලංගය කරන්නෙ 2යි 3යි.. අද ඉදං ඒකත් නවත්තනව.. ගොඩක් ස්තූතියි මාධව අයියේ.. මරු ලිපි ටික... ජය වේවා!

    ReplyDelete
  9. CAPTCHA hari widiyata ape website ekakata daganne kohomada??

    ReplyDelete
    Replies
    1. http://www.captcha.net/
      මේ වෙබ් අඩවිය හරහා ගියාම ඉතා පහසුවෙන් ඔයාගෙ වෙබ් අඩවියකට captcha එකක් එකතු කරගන්න.

      Delete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.