Tuesday, December 27, 2011

Widgets

ඔබගේ බ්ලොග් එකේ ට්‍රැෆික් වැඩි කරගන්න වසර අවසානය යොදාගන්නේ කොහොමද?


මේ වසර අවසාන නිවාඩුවෙ, ඔබ මොන ආකාරයේ බ්ලොග් ලියන්නෙක් වෙන්නද හිතන් ඉන්නෙ?
තමන්ගෙ බ්ලොග් එක තව ටිකක් වැඩි දියුණු කරගන්න හිතාගෙන ඉන්නවද, නැත්තම් බඩ පැලෙන්න කනවද? :D


නිවාඩු කාලෙ කියන්නෙ බ්ලොග් ලියන්නන්ට ලිපි ලියන එක අඩු කරගන්න කාලයක්. නමුත් හැමදාම ඔබ වෙත එන කියවන්නන් තවමත් ඔබත් එක්ක ඉන්න කාලයක්. ඉතින් ලිපි ලියවිල්ල අඩු උනත් ඔබට පුළුවන් මේ කාලයත් ඔබගේ බ්ලොග් අඩවියට තවත් ට්‍රැෆික් ටිකක් ගෙන්නගන්න කාලයක් කරන්නත්. 
බොහෝවිට, වසර අවසාන ලිපිය වෙන්නෙ වසර පුරා ජනප්‍රියම උනු ලිපි , හොඳම ලිපි වල ලැයිස්තුවක් තිබෙන හුඟක් සරළ ලිපියක් දෙකක් වෙන්න පුළුවන්. උදාහරණ ටිකක් සළකමු.

වසරේ හොඳම ලිපි
පහුගිය වසර තුළ ඔබ පළ කල ලිපි වලින් ඔබ හිතනාකාරයට හොඳම ලිපි, වැඩිපුරම කට්ටිය බලපු ලිපි, වැඩිපුරම කමෙන්ට් ආපු ලිපි, වැඩිපුරම ෂෙයා උනු ලිපි වගේ ලිපි ලැයිස්තුවක් ඔබට ඉදිරිපත් කරන්නට පුළුවන්. සීමාව ඔබ තීරණය කරන්න.
මේ හරහා ඔබට පුළුවන්, පහුගිය කාලෙ ජනප්‍රිය උනු ලිපි යළිත් කරළියට ගෙනල්ල ආපහු කියවන්නන්ගේ අවධානයට ඒ ලිපි යොමු කරන්න.

මේ වසර තුළ ඉගෙනගත්තු දේවල්
මෙ අවුරුද්දෙ කෙනෙක් ඉගෙනගත්තු අලුත් දෙයක් හොඳ දෙයක් තියෙනව නම් අනිත් අයත් කැමතියි ඒව දැනගන්න, ඒකෙන් තමුන්ටත් ගන්න දෙයක් තිබෙනවා නම් ගන්න. 
ඉතින් ඔබ මේ අවුරුද්දෙ ඉගෙනගත්තු දේවල් තිබෙනව නම් ඒව ගැන පොඩි ලැයිස්තුවක්, Tips, උපදේශ වගේ දේවල් වල සටහනක් දාන්න පුළුවන් නම් ඒක නම් ඉතාම හොඳ ලිපියක් වේවි.

වසරේ Top List එකක්
මේ වසර තුළ, ඔබට/ඔබගේ ජීවිතයට/ඔබගේ ඉගෙනුම් හෝ වෘත්තියට ලොකුම බලපෑමක් කළ දේවල්, පුද්ගලයින් ගැන ලියන්න. ඔබ මේ අවුරුද්දෙ කියවපු පොත්, බ්ලොග් ලැයිස්තුවක් හදන්න, ඒ ගැන කතා කරන්න. තව කොච්චර දේවල් තිබෙනවද ලියන්න. හිතල බලන්න.

පසුගිය වසර ගැන පසු විපරමක් කරන්න
පහුගිය වසර ඔබට/රටට කොහොමද කියල විමර්ශනයක් කරන්න, ඒක ඉදිරිපත් කරන්න. වසරේ ඔබට සිදුවූ හොඳම හා නරකම දෙවල් ගැන කතා කරන්න. මාසෙන් මාසෙට සිද්ද උනු දේවල් වෙන් කරගෙන ලියන්න උනත් ඔබට පුළුවන්නෙ. එහෙම කළොත් තේරුම් ගන්න ලේසි වෙයි.

ඉදිරි වසර ගැන ඔබේ අදහස් ලියන්න
ඉදිරි වසර කොහොම වෙයිද, මොන වගේ දේවල් වෙයිද, මොනව ගැන සැළකිළිමත් විය යුතුද, වගේ දේවල් ගැන කතා කරන්න. ඔබගේ කියවන්නන්ට දෙන්න පුළුවන් උපදෙස් දෙන්න. හැබැයි ඔබ එහෙම කියන්නෙ ඇයි කියලත් කියන්න, ඒවට හේතු දක්වන්න අමතක කරන්න එපා.

ඔබේ අනාගත සැලසුම් ගැන කියන්න
නව වසරේ ඔබ කරන්න ඉන්න දේවල් මොනවාද, මොන වගේ ඉල්ලක්කද ඔබට ඉදිරියෙදි තියෙන්නෙ, ඔබ මොන වගේ දේවල් ලබාගන්න, දිනාගන්න බලාපොරොත්තු වෙනවාද වගේ දේවල් කතා කරන්න. මේක නම් සම්පූර්ණයෙන්ම ඔබගේ පුද්ගලිකත්වය සම්බන්ධ දෙයක්. සමහරෙක් ඒ වගේ දේවල් දැනගන්න කැමති වෙන්න ඉඩ තිබෙනවා. ඒත් ඉතින් ඔබ එහෙම කියන්න කැමති නැත්තම් ලියන්නෙපා. 

වසරාවසාන දීමනා
ඔබ ඔබගේ යම් සේවාවක්/භාණ්ඩයක් විකුණනව නම් ඔබට පුළුවන් මේ වසර අවසානය භාවිතා කරන්න ඒකෙ වෙලඳාම් වැඩි කරගන්න. ඔබට පුළුවන් ඔබගේ බ්ලොග් කියවන්නන්ට එම භාණ්ඩය/සේවය වට්ටම් සහිත මිලකට ලබාදෙන්න. ඒ විතරක් නෙමෙයි, ඔවුන්ගේ මිතුරන්ට තෑගි ලෙස ඒවා ලබාදෙන්නත් අවස්ථාවක් සළස්වන්න.

ඉතින් මේව විතරක් නෙමෙයි, තව ඕනෙ තරම් දේවල් තිබෙනව. ඔබගේ හිතට ඉඩ දෙන්න එක එක අදහස් මවන්න. 
වසර අවසානයේ ඔබගේ අඩවියට එන පිරිස ඉහළ නංවාගන්න, ඔබත් එන්න ඉන්න අයට යමක් දෙන්න මේක හොඳ අවස්ථාවක් කරගන්න.


"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" EBook එක තාමත් භාගත කරගන්නෙ නැත්තම් දැන්මම බාගන්න. ඒක ඔයාලට හුඟක්ම ප්‍රයෝජනවත් වේවි කියල මම හිතනවා.

මේ බ්ලොග් අඩවියේ ලිපි ඔබගේ ඊමේල් ගිණුමට කෙලින්ම ලබාගන්න මගේ RSS Feed එකට එකතු වෙලා නැතිනම්, ඒකත් දැන්මම කරගන්න. පහළ text box එකට ඔයාගෙ ඊමේල් ලිපිනය දෙන්න.

7 comments:

  1. ඔහොම තියා මට කොහොමවත් එකක් ලියන්න හිතෙන්නෙ නැතුව ඉන්නෙ... :((((

    ReplyDelete
  2. අර කිව්වත් වගේ ඒක හොද වැඩක්. අපි ලියපු කියවපු බ්ලොග් පෝස්ට් අර විදිහට කැටගරි කරලා දෙන එක කියවපු නැති අයට කියවන්න දෙන එක ලොකු දෙයක්.

    මාධව අයියට සුබ නව වසරක් වේවා !!

    ReplyDelete
  3. මම ඔයාගෙ පොත බා ගත්තා...හරිම වැදගත් පොතක් බොහොම ස්තුතියි...
    පොතේ 43 වෙනි එකේ වෙබ් අඩවි ලැයිස්තුවේ ලින්ක් එක දෙන්න පුලුවන්ද?

    ReplyDelete
  4. මධුරංග: ඔබටත් සුභ නව වසරක් වේවා!!!

    හරි: බොහොම ස්තුතියි. ඔය ඉල්ලපු ලින්ක් එක මෙන්න.
    http://techbloggerpro.blogspot.com/2010/10/83-social-news-sites-categorized-by.html

    ReplyDelete
  5. අනිත් ලින්කුත් වැඩ නෑ වගේ සහෝ.. කරදරයක් නැත්නම් ඒවත් දෙන්න..එක්කෝ මම බාගෙන තියෙන්නෙ වැරදි කොපියක්ද දන්නේ නෑ...ඔයා පොත ලියපු කාලෙමයි මම ඒක බා ගත්තේ....

    ReplyDelete
  6. I have to thank you for the efforts you've put in penning this site.
    I'm hoping to view the same high-grade blog posts by you in the future as well.
    In fact, your creative writing abilities has inspired me to
    get my own, personal blog now ;)

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.