Wednesday, February 19, 2014

මම කැමතිම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලිස්ට් එක - 1

ඇන්ඩ්‍රොයිඩ් දැන් නැගලම යන OS එකක් වෙලානෙ. ඉතින් දැන් බොහොමයක් දෙනා භාවිතා කරන ෆෝන් ඇන්ඩ්‍රොයිඩ් ඒව වෙලා. ඉතින් මමත් ඒ ජාතියෙන් එකක් ගන්න ඉන්නෙ. තාම නම් ගත්තෙ නෑ. නමුත් මම BlueStacks App Player කියන මෘදුකාංගය භාවිතා කරල ඇන්ඩ්‍රොයිඩ් අත්දැකීම් ලබා ගන්නව, සහ ඇප්ස් ටෙස්ට් කරල බලනව. 
ඉතින් මම හිතුව කාටත් ප්‍රයෝජනවත් වෙයි කියල් හිතෙන ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග ලිස්ට් එකක් දෙන්න. 

මේ සියළුම මෘදුකාංග Google Play Store හරහා භාගත කරගන්න පුළුවන් ඒව.


මේක ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑනෙ. ලෝකයේ දැන් තිබෙන ජනප්‍රියම වෙබ් බ්‍රවුසරය මේකනෙ.


මේක ගැනත් කියන කිසිම දෙයක් නෑනෙ. මේක නොදන්න කෙනෙක් ඉන්නව කියල මම හිතන්නෙ නෑ.


ඔෆිස් වැඩ කරන්න ගැළපෙන මෘදුකාංගයක්. MS office ගොනු මේකෙන් එඩිට් කරන්න, හදන්න පුළුවන්. ගූගල් එකෙන්ම දෙන මෘදුකාංගයක්.

භාවිතය ඉතාම පහසු, ගූගල් වෙතින්ම ලබා දෙන ෆයිල් හොස්ටිං සේවාව.

වීඩියෝ / වොයිස් චැට් කරන්න, ලෝකයේ වැඩිමදෙනෙක් භාවිතා කරන මෘදුකාංගය.

ෆෝන් එකේ / ටැබ් එකේ තියෙන තාවකාලික ෆයිල්, කෑශ් ඒව මේව කුණු ගොඩවල් සුද්ද කරන්න කියාපු සොෆ්ට්වෙයා එක.

මේක ෆයිල් බ්‍රවුසර් එකක්. සාමාන්‍ය ෆෝන් එකේම තියෙන ෆයිල් බ්‍රවුසරයට වඩා දියුණු හා සංකීර්ණ දේවල් කරන්න පුළුවන්. ෆෝන් එක Root කළොත් අනිවාර්යයෙන්ම දාගන්න ඕනෙ ඇප් එකක්.

මේක ඉතාම හොඳ මීඩියා ප්ලේයර් එකක්. බොහොමයක් ෆයිල් වර්ග ප්ලේ කරන්න මේක භාවිතා කරන්න පුළුවන්.

ඔබට නෝට් කරගන්න ඕනෙ දේවල් නෝට් කරල තියාගන්න සුදුසුම ඇප් එක. සියළුම ඇන්ඩ්‍රොයිඩ් උපාංග වලින් ඒ Notes Sync කරන්න පුළුවන්.

Foursuare කියන්නෙ Location Sharing කරන Social Network එකක් කියන්න පුළුවන්. අපිට විවිධ ස්ථාන වලට Chekin වෙන්න, ඒ තැන් ගැන අදහස් දක්වන්න පුළුවන්. මේකට GPS ඕනෙ.

Google Calender එක මමත් ලඟදි තමයි හරියකට භාවිතා කරන්න පටන් ගත්තෙ. ඒක මට ගොඩක් හිතට අල්ලල ගියා. SMS Alerts, Daily Agenda EMail, Calender Event Email වගේ ගොඩක් ප්‍රයෝජනවත් ඔප්ෂන් ටිකකුත් මේකෙ තියෙනව. Google Calender ඔන්ලයින් එකත් එක්ක මේකෙ කැලැන්ඩරය Sync වෙනවා.

ලිස්ට් එක ඉවර නෑ. තව තියෙනව. තවත් ටිකක් තවත් ලිපියකින් දාන්නම්.

Thursday, February 13, 2014

Ingress සෙල්ලම් කළාද?

තවම ගොඩක් අය මේ ගේම් එක ගැන දන්නෙ නැතිවැති. නමුත් මේක 2012 සිට එන ගේම් එකක්. ගූගල් විසින්ම හදවපු ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් ගේම් එකක්. 2013 වසරෙදි හොඳම ගේම් එක විදිහටත් මේක සම්මාන දිනල තියෙනව. 
මේක Real World Reality Game එකක්. GPS හා ඉන්ටර්නෙට් ඕනෙ කරනව ගේම් එක සෙල්ලම් කරන්න.


මේක ගැන විස්තරයක් කිව්වොත් මෙහෙම පටන් ගමු.


පිටසක්වල සිට Exotic Matter අත්භූත ශක්ති විශේෂයක් අපේ ලෝකෙට එනවලු. ඒව පරිසරයට එන්නෙ ප්‍රසිද්ධ ස්ථාන, ප්‍රථිමා, වගේ තැන් වලින්ලු. ඒවට Portals කියල කියනව. ඒව හොඳයි ඒකෙන් මිනිසා දියුණු වෙනව කියල විශ්වාස කරන කණ්ඩායමක් ඉන්නව. එයාලට කියන්නෙ Enlightened කියල. ඒකට විරුද්ධ, ඒක අනතුරුදායකයි කියන තව කට්ටියක් ඉන්නව. එයාලට කියන්නෙ Resistance කියල. 

ඉතින් ගේම් එකේදි කරන්න තියෙන්නෙ මේ පිල් දෙකෙන් එකක් ඔයාලත් තෝරාගෙන ඒ පිලේ අභිමතාර්ථය වෙනුවෙන් වැඩ කරන එකයි. 

සෙල්ලම් කරන හැටි මේ විඩියෝ එකේ සරලව තියෙනව.


අර කිව්ව Portals තමන්ගෙ පිලට නතු කර ගැනීම, ඒවා පවත්වාගෙන යාම, විරුද්ධ පිලේ Portals වලට පහර දීම, එවා අල්ලා ගැනීම සිට තව ලොකු වැඩ තියෙනව. කණ්ඩායම් වශයෙන් එකතු වෙලා සෙල්ලම් කරන්න ඕනෙ ගේම් එකක්. 
හැබැයි මේක ගහනව නම් ඒ ඒ තැන් වලට යන්නම ඕනෙ. ඒ කිව්වෙ Portals වලට පහර දෙන්න, අල්ලා ගන්න, ඒක තියෙන තැනට යන්නම ඕනෙ. 
ලංකාවේ තවම එතරම්ම ජනප්‍රිය නොවුනත්, ලෝකය පුරා ඉතා වේගයෙන් ජනප්‍රිය හා ව්‍යාප්ත වෙමින් පවතින ගේම් එකක්. ලංකාවේ නම් කොළඹ අවට නම ගේම් එක ටිකක් ජනප්‍රියයි, නමුත් ඉන් පිටත ඉතාම අඩු Portals ගණනක් තමයි තවමත් හැදිල තිබෙන්නෙ. 


ඉතින් මමත් මේ ගේම් එක ගහන්න ලෑස්ති වෙන්නෙ. මගෙ යාලුවෙක් මේ ගැන මට මාස 3,4කට කලින් කිව්වෙ. දැක්ක ගමන් මාර ආසාවක් ආව. නමුත් අලුත් ෆෝන් එකක් ගන්න කිසිම උවමනාවක් තිබ්බෙ නැති නිසා ආසාව යටපත් කරගෙන හිටිය. ඒත් දැන් තත්වෙ වෙනස්. එන සතියෙ ෆෝන් එකක් ගන්නව. දැනට මම මේක මගෙ ලැප්ටොප් එකෙ BlueStacks Player දාල ඉන්ස්ටෝල් කරල චෙක් කරන ගමන් ඉන්නෙ. 

ඔයාලත් ට්‍රයි කරල බලන්න. මේකට 512MB RAM එකක් එක්ක 480*800px Screen එකක් තියෙන ෆෝන් එකක් අඩුම තරමින් තියෙන්නෙ ඕනෙ. 1GB RAM තියෙනව නම් කිසිම කරදරයක් නෑ. 
මම තෝරා ගත්තේ Enlightened පිල. ඔයාලටත් මම recommend කරන්නෙත් ඒකම තමයි. :)

විස්තර දැනගන්න, හා ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න www.ingress.com වෙත යන්න. ඔයාලට ගූගල් ගිණුමක් තිබිය යුතු වෙනවා. 

ඉතින්, එකතු වෙන්න ලෝකය දියුණු කරන්න / බේරා ගන්න. මම නම් දියුණු කරන්නයි කැමති. 

මෙන්න ගේම් එකේ ස්ක්‍රීන්ශොට්ස් ටිකක්. ඔක්කොම ගත්තෙ Google Play Store එකෙන්.




එහෙනම් Ingress ලෝකය තුලදී හමුවෙමු.

Saturday, December 21, 2013

ඔබගේ වෙඩ් අඩවිය Googleහි මුල් පිටුවට ගන්නා හැටි - 1

බ්ලොග් ලියන්නන් ගූගල් ගැන දැන සිටිය යුතු දේවල්
google
ගූගල් එකෙන් යම් අඩවියක් ලිස්ට් කරනකොට ඔවුන් දේවල් දෙකක් ගැන සළකනවා.
  • අදාලත්වය
  • ප්‍රසිද්ධිය
ඔබගේ අඩවිය, ඔබගේ මාතෘකාවට අදාල හොඳ අන්තර්ගතයක් සහිත ප්‍රසිද්ධ වෙබ් අඩවියක් / බ්ලොග් අඩවියක් කරගන්නනෙ ඔබට අවශ්‍ය වෙන්නෙ, නේද?
ප්‍රසිද්ධිය කියන එක පිටතින් ලැබෙන දෙයක්. ඒක ලැබෙන්නෙ වෙනත් අය ඔබගේ ලිපි, ඔබගේ අඩවිය ගැන කතා කරනවිට. ඔබගේ අඩවියට සබැඳි යොදන විට, Social Media වල ශෙයා කරන විටයි.
අදාලත්වය කියන එක ඇතුළත තියෙන දෙයක්. ඒක කරන්න ඕනෙ ඔබයි. ඔබගේ බ්ලොග් අඩවියේ අදාලත්වයක් සහිත ලිපි ලියන්න ඕනෙ. ඔබ කරන්න අවශ්‍ය වෙන්නෙ මෙන්න මේකයි.

වටිනාකමක් ඇති අන්තර්ගතයන් නිර්මාණය කරන්න.

value
හොඳ ප්‍රසිද්ධියක් ලබාගන්න නම් ඔබගේ ලිපි වල අන්තර්ගතය හොඳ වෙන්න ඕනෙ. එතකොටයි වෙනත් අය ඔබගේ ලිපි ගැන කතා කරන්නෙ. ශෙයා කරන්නෙ.

අලුත් දේවල් නිතර පෝස්ට් කරන්න.

වැඩිපුර ලිපි ලිවීම මගින් ඔබ සෙවුම් යන්ත්‍ර වලටත් වැඩිපුර දේවල් ලබා දෙනව ඔවුන්ට ලිස්ට් කරගන්න. ඉතින් එතකොට ඔබගේ බ්ලොග් අඩවියට ලැබෙන ලින්ක් ගණන් වැඩ්වන නිසා තවත් පිරිස ඔබගේ බ්ලොග් අඩවියට පැමිණෙනවා. වැඩිපුර කියන්නෙ වැල්වටාරම ඕනෙවට එපාවට ලියන එක නෙමෙයි හරිද.

ස්වභාවික වන්න.

ඔබගේ ලිපි කියවන්න පිරිසක් එන්න නම් ඔවුන් ඔබ ලියන මාතෘකාව සම්බන්ධයෙන් සෙවුම් යන්ත්‍ර වල සෙවුම් කරන්න වෙනව. එතකොට ඔවුන් ටයිප් කරන්නෙ මොන වගේ දේවල්ද කියල හිතල බලන්න. ඒ අනුව ලියන්න, ඒ අනුව keywords ලබා දෙන්න.

Keywords සම්බන්ධයෙන් සමීක්ෂණ කරන්න.

Google keyword Tool එක භාවිතා කරල විවිධ keywords වලට තිබෙන ඉල්ලුම ගැන හොයල බලන්න. ඉතින් එතකොට ඔබට පුළුවන් ඊට අදාල ලිපියක් ලියනවිට ඒ keywords යොදල ලියන්න සහ ඒ keywords යොදාගන්න පුළුවන් ලිපි ලියන්න.

Analytics වලින් ලැබෙන තොරතුරු භාවිතයට ගන්න.

මම දන්නව, ඔයාල හැමෝම විවිධාකාරයේ Analytics, Visitor Counters භාවිතා කරනව. ඒවයේ විස්තර බලනව. නමුත් ඒකෙන් ඔයාල ප්‍රයෝජනයක් ගන්නවද? බොහොමයක් දෙනාට තියෙන උත්තරය “නෑ” කියන එක තමයි. ඉතින් ඒ තොරතුරු භාවිතා කරන්න, මොන වචන සෙවුම් කරල ආපු අයද ඉන්නෙ, මොන රටවල් වලින්ද, ඔය වගේ වටිනා තොරතුරු රැසක් එතනින් එකතු කරගන්න පුළුවන්.

ඔබගේ පරණ ලිපි යළි බලන්න.

ඔබගේ බ්ලොග් අඩවියේ Analytics බැලුවොත් ඔබට පෙනේවි, ඔබ කාලෙකට ඉස්සර ලියපු ලිපි තිබෙනව, තවමත් බොහොමයක් පිරිසක් කියවන්න එන. ඉතින් ඒ ලිපි බලල ඒව අලුත් කරන්න, ඒවට තවත් දේවල් එකතු කරල ඒ ලිපි දියුණු කරන්න. හැම වෙලේම ඒ වගේ ලිපි up to date තියාගන්න.

වටින්නෙ ගණන නෙමෙයි තත්වයයි.

quality-assurance

සමහරු හිතනව ලිපි මහ ගොඩක් ලියන එක තමයි සෙනඟ ගෙන්නගන්න තිබෙන හොඳම ක්‍රමය කියල. නමුත් ඒක නෙමෙයි ඇත්ත. එතරම් වටිනාකමක්, ප්‍රයෝජනයක් නැති ලිපි 100ක් ලියල ගෙන්නගන්න පුළුවන් සෙනඟ ප්‍රමාණය වටිනා, ප්‍රයෝජනවත් ලිපි 1-2කින් උනත් ගෙන්නගන්න පුළුවන්. ඉතින් ලිපි මහ ගොඩක් ලියන එක ගැන හිතන්න එපා, ලියන එක ලිපිය උනත් හරියට ලියන්න. නමුත් ඇත්ත, ලිපි ලියන්න ඕනෙ. වටිනා ලිපි ටිකක් වටිනව වැඩක් නැති ලිපි ගොඩකට වඩා.

නොමිලේ සබැඳි ලබාගන්න.

බ්ලොග් එක අනිවාර්යයෙන්ම Google Web Master Tools වලට එකතු කරගන්න. ඒකෙ Crawl Errors වලින් හොයාගන්න පුළුවන් ඔබගේ බ්ලොග් එකේ dead links, invalid links තිබෙනවද කියල. ඒව බලල අනිවාර්යයෙන්ම හදන්න, ක්‍රියාකරන ලින්ක් හරහා ඔබගේ Search Engine Ranking එක ඉහළ යනව පමණක් නෙමෙයි, ඔබගේ අඩවිය ගැන එන අයට විශ්වාසයකුත් ඇති වෙනව.

කෙටි ක්‍රම, රැව්වටිලි වලින් වළකින්න.

සෙවුම් යන්ත්‍ර වල ඉහළටම යන්න කෙටි ක්‍රම, පහසු ක්‍රම නෑ. එහෙම ඒව ගැන කියන අයව විශ්වාස කරන්න එපා. වැඩේ හරියට කරල විතරයි මේක දිනන්න පුළුවන්.

ඊලඟ කොටස් වලින් කොහොමද වටිනා, වැදගත් අන්තර්ගතයක් නිර්මාණය කරගන්නෙ, Blogger, Wordpress අඩවියක් හරියට Optimize කරන්නෙ, කියල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනව.


2 කොටසට යන්න >>


"Get-Traffic" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Friday, December 6, 2013

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" දෙවන සංස්කරණය සකසමින්....

"ඔබගේ වෙබ් අඩවියේ ට්‍රැෆික් වැඩි කරගන්නේ කෙසේද?" කියල මම පොඩි පොත් පිංචක් ලියල ඔයාලට දුන්න මතක ඇතිනෙ?
දන්නෙ නැති අය මෙතනින් ගිහිල්ල ඒ ලිපිය බලල පොත භාගත කරගන්නකො. ඒකෙ පළමු සංස්කරණය මේ වෙනකොට භාගතකිරීම් 850ක් පමණ සිදුකරගෙන තිබෙනවා. මේ ලිපියත් තමයි මගෙ බ්ලොග් එකේ ලිපි වලින් වැඩිම පිරිසක් කියවපු ලිපිය. 
මේකෙ තව දියුණු කිරීම් ටිකක් සහ තව විස්තර ටිකක් එකතු කරල වඩා විස්තරාත්මක තොරතුරු එකතු කරල දෙවන සංස්කරණයක් සිදු කරන්න මම මේ දවස් වල සැලසුම් කරමින් ඉන්නෙ. ඒක අරඹන්න හුඟක් හිතන් හිටියට වඩා කාලයක් ගිය එකට නම් ටිකක් කණගාටුයි. 

හිතනවා ඔයාලටත් ප්‍රයෝජනවත් වේවි කියල. 

එහෙනම් නවතින්නම්. 

පළමු සංස්කරණයේ පිට කවරය


Wednesday, November 20, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 4 - අනාගතය

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි දෙක පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 
ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 2 - හැකියාවන්
ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 3 - වර්තමාන තත්වය

ඉස්සෙල්ල ලිපියෙන් කතා කළානෙ ඔබ වර්තමානයේ ඉන්නා තත්වය අනුව වෘත්තිය තෝරා ගන්නා ආකාරය. අද කතා කරමු, ඔයාගෙ අනාගතය ගැන හිතල වෘත්තියක් තෝරාගන්නා ආකාරය. 

1. ඔබට පහසුවෙන්ම ලඟා විය හැකි රැකියා අවස්ථා සළකා බලන්න.
මුලින්ම බලන්න ඕනෙ ඔයාලට පහසුවෙන්ම ඇතුළු වෙන්න පුළුවන් රැකියා අවස්ථා තිබෙනවාද කියල. මේ කියන්නෙ ඕනෙ කරන සුදුසුකම් හා යම් සම්බන්ධයක් තිබෙන රැකියා අවස්ථා.
උදා: ඔබගේ දෙමාපියන්ගේ, නෑදෑයෙකුගේ, මිතුරෙකුගේ ව්‍යාපාරයක් සඳහා සේවය කිරීම, යම් සබඳකමක් මත ලබා ගන්න පුළුවන් රැකියාවක් වගේ දේවල්. 
ඔයාට ඇතුළු වෙන්න පුළුවන් තැන් සීමාසහිත වගේ නම් පහසුවෙන්ම ඉක්මනින්ම ඇතුළු වෙන්න පුළුවන් එකක් තමයි හොඳම විකල්පය.

2. ඔබගේ අනාගත මූල්‍යමය ආරක්ෂාව සළකා බලන්න.
රැකියාවක් සොයනකොට මේක අනිවාර්යයෙන්ම සළකා බලන්න අවශ්‍ය දෙයක්. අපි රැකියාවක් සොයන ප්‍රධානම අවශ්‍යතාවය මුදල්නෙ. ඉතින් අනාගතයේදී අපේ හා අපගේ පවුලේ අවශ්‍යතා සපුරන්න හැකිවන තරම් මුදලක් අපේ අතට එන ආකාරයේ රැකියාවක් අපි සොයාගන්න ඕනෙ.  
මේකෙන් අදහස් වෙන්නෙ නෑ මහ ගොඩක් මුදල් තිබෙන්න ඕනෙ කියල හෝ වෙනත් කෙනෙක්ට අවශ්‍ය තරමක් මුදල් තිබෙන්න ඕනෙ කියල. මේ කියන්නෙ ඔබගේ හා ඔබගේ පවුලේ අවශ්‍යතා සපුරාගන්න මුදල් තිබිය යුතුයි කියන එකයි.

3. ඔබගේ අනාගත රැකියා ස්ථාවරත්වය ගැන සිතන්න.
ඔබ රැකියාවක් තෝරාගන්නකොට ඔබ හිතල බලන්න ඕනෙ මේ රැකියාව හැමදාම පවතින එකක්ද කියල. ඒ කියන්නෙ, සමහර රැකියා තිබෙනව, කාලෙකට ලොකු ඉල්ලුමක් තිබෙන, කාලෙකට ඉල්ලුම ගොඩක් අඩුයි. ඉතින් ස්ථාවර රැකියාවක් කියන්නෙ හැමදාම පවත්වාගෙන යා හැකි ඉල්ලුමක් තිබෙන රැකියාවකට.
උදාහරණයකට ඔබ කතුවරයෙක් වෙනව කියල හිතමු. (Freelance Creative Writer) කාලෙකට ඔයාට ඉහටත් උඩින් වැඩ ලැබෙන්න පුළුවන්, නමුත් කාලෙකට වැඩ නැත්තටම නැති වෙන්න පුළුවන්. තවත් උදාහරණයක් ගුරුවරයෙක් සළකමු. ගුරුවරයා කියන රැකියාවට සැමදාම ඉල්ලුමක් තිබෙනවා. 

4. හොයල බලන්න.
ඔබගේ හැකියාවන හා සුදුසුකම් අනුව ඔබට යන්න පුළුවන් රැකියාවන් ගැන හිතාගන්නට ඔබට අපහසු නම්, ඔබට පුළුවන් හොයල බලන්න. අන්තර්ජාලයේ නම් හොයාගන්න පුළුවන් ඒ ඒ සුදුසුකම් අනුව ගැළපෙන රැකියාවල් වල ලැයිස්තු.


තවත් ඉඟි

  • ඔබ දැනට කරන රැකියාවට අකමැති නම් එය මාරු කරන්න. සමහරක් විට ඒ හරහා ඔබට වැඩ වැඩි වෙන්න පුළුවන්. නමුත් ඔබට උත්සාහ කරන්න පුළුවන්.
  • කාටවත්ම එක පාරම තමන්ට ගැළපෙන වෘත්තිය තෝරා ගන්න බෑ. ඒකට ටික කාලයක් යන්න පුළුවන්. ඔබටත් එහෙම වෙලා ඇති අනිවාර්යයෙන්ම, නමුත් ඒ ගැන දුක් වෙන්න එපා. ඔබට විතරක් උනු දෙයක් නෙමෙයි ඒක. ඉතින් ඒ ගැන හිතන්න එපා.
  • ඔබ කරන්න ගත්තු රැකියාව ඔබ කුඩා කාලයේ ඉඳලා ආසාවෙන් හිටිය එක නොවුනට, හීන දැක්ක එක නොවුනට කණගාටු වෙන්න එපා. ඔබට ඒ රැකියාව සාර්ථකව කරගෙන යන්න පුළුවන් නම්, ඔබගේ අවශ්‍යතා ඒ හරහා සපුරාගන්න පුළුවන් නම්, ඔබගේ හා පවුලේ අනාගතය ආරක්ෂිත නම් ඔබට ඇත්තෙන්ම හිතෙයි ඔබගේ රැකියාවෙන් ඔබ කෙතරම් සතුටු වෙනවාද කියල. 

පොඩි අනතුරු ඇඟවීම් ටිකක්


  • පහසුවෙන් ලොකු මුදලක් ලබාගන්න පුළුවන් කියන රැකියා වලින් පරිස්සම් වෙන්න, මොකද එහෙම ඒව නෑ.
  • පිරමිඩ ක්‍රම වගේ දේවල් වලට එහෙම අහුවෙන්න එපා. අන්තිමට හිරේ යන්න උනත් සිද්ද වෙන්න ඉඩ තිබෙනවා.
  • පිටරට රැකියා වලට යන්න බලනවා නම් ඔබ සොයාගන්නා රැකියාව, අදාල ආයතනය, අනෙකුත් පසුබිම් විස්තර සියල්ලම සොයල බලන්න. හරියට හොයල බලන්නෙ නැතුව ගිහිල්ල ඔබ ලොකු අමාරුවක වැටෙන්න උනත් ඉඩ තිබෙනවා. සමහරවිට මරණය පවා. 

එහෙනම් මේ කොටස් 5කින් යුක්ත ලිපිය මෙතනින් අවසානයි, තවත් මේ සම්බන්ධ ලිපි මාලාවකින් මුණගැහෙමු.


"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


වෘත්තීය මාර්ගෝපදේශනය සම්බන්ධව ලිපි ලියවෙන වෙනමම බ්ලොග් අඩවියක් මම ආරම්භ කළා. ඔබ සැමට ආරාධනා කරනව ඊට එකතු වන ලෙස.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Sunday, November 10, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 3 - වර්තමාන තත්වය

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි දෙක පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 
ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 2 - හැකියාවන්

ඉස්සෙල්ල ලිපියෙන් කතා කළානෙ හැකියාවන් අනුව වෘත්තිය තෝරා ගන්නා ආකාරය. අද කතා කරමු, ඔයාගෙ වර්තමාන තත්වය/ස්වභාවය අනුව වෘත්තියක් තෝරාගන්නා ආකාරය. 

මේක සමහර වෙලාවට ටිකක් අපහසු වැඩක්. ඔයාට ඔයාගෙ ජීවිතෙන් මොනවද ඕනෙ, ඔයාට ඕනෙ කරන්නෙ මොනවද, වගේ දේවල් ගැන හිතල ඔයා ගැනම ඔයාට තේරුම් ගන්න අවශ්‍ය වෙනව. ඒකට සමහරවිට ටිකක් පැත්තකට වෙලා ඉඳගෙන කල්පනා කරන්න උනත් වෙන්න පුළුවන්. 

1. ඔබ වැඩිපුරම සතුටු වන දේ සළකන්න. 
ඔයාට ඕනෙ ඔයාගෙ හිත සතුටු වෙන රැකියාවක් නම් ඔයා හිතල බලන්න ඕනෙ ඔයා සතුටු වෙන්නෙ මොන වගේ දේවල් කරලද කියල. 
"කොයි වගේ වැඩ වලින්ද, කොයි වගේ දේවල් කිරීමෙන්ද මගෙ හිත සතුටු වෙන්නෙ? මට සතුටින් කරන්න පුළුවන් වැඩ මොනවද?"
මෙන්න මේ ප්‍රශ්න වලට සාර්ථකව උත්තර දුන්නොත් ඔයාට පුළුවන් ඔයාගෙ වෘත්තිය කරගන්න ඕනෙ මොකද්ද කියල තේරුම් ගන්න.

ඔබ වැඩිපුරම සතුටු වන්නේ මිනිස්සුන්ට උදව් කිරීමෙන් නම්, වෛද්‍යවරයෙක්, හෙදියක්, උපදේශකයෙක් වගෙ රැකියාවන් ඔබට ගැළපෙන්න ඉඩ තිබෙනවා. ඔබ වැඩිපුරම කැමති අනිත් අයට උගන්වන්න නම් ඔබට හරියන්නෙ බොහෝ විට ගුරුවෘත්තිය. 

2. ඔබගේ මූල්‍යමය තත්වය ගැන සළකන්න. 
මේ කියන්නෙ ඔයාට සල්ලි හොයන්න ඕනෙද කියන එක නෙමෙයි.
සමහර වෘත්තියන් සඳහා විශේෂ අධ්‍යාපනික අවශ්‍යතාවයන් සපුරන්න ඕනෙ වෙනව. උදාහරණයකට, වෛද්‍යවරයෙක් වෙන්නෙ ඔබ වෛද්‍ය විද්‍යාලයට ගිහිල්ල ඉගෙනගන්න වෙනව. ඒ වගේ සමහර වෘත්තීන් සඳහා වන වෘත්තීය නිපුණත්වය ලැබිය යුතු වෙනව. ඉතින් ඒ දේවල් සමහරකට මුදල් වියදම් වෙනව. 


මෙහෙම කිව්වම හිතන්නෙපා ඒ වගෙ රැකියා වලට යන්න සල්ලි ඕනෙ කියල. ලංකාවෙ තියෙන්නෙ නිදහස් අධ්‍යාපනයක්නෙ, ඉතින් ඒ හුඟක් ඒවට ලොකු මුදලක් වියදම් නොකර, අවශ්‍ය අධ්‍යාපන අවශ්‍යතා සපුරන්න ලංකාවෙ හැකියාව තිබෙනවා. එහෙම නොවෙන ඒවට මුදල් වියදම් කරන්න අවශ්‍ය වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ගැනත් සිතිය යුතු වෙනවා.

3. දැනට ඔබට ඇති අධ්‍යාපන මට්ටම සළකන්න.
ඔයා වෘත්තියක් අරඹන්න හදනකොට ඔයාට කොහොම අධ්‍යාපන මට්ටමක්ද තිබෙන්නෙ කියල බලන්න. ඔයාට යන්න ඕනෙ තැනට යන්න තරම් ඔබට තිබෙන අධ්‍යාපන මට්ටම සමහරවිට මදි වෙන්න ඉඩ තිබෙනවා. ඉතින් තවත් අධ්‍යාපනය හරහා ඉදිරියට යන්න මූල්‍යමය ප්‍රශ්න එහෙම තිබෙනවා නම් ඒවාට විසඳුම් හොයාගෙන ඉදිරියට තවත් ඉගෙනගන්නවද නැත්තම් දැනට තිබෙන් අධ්‍යාපන මට්ටමට සරිලනම රැකියාවක් හොයාගන්නවද කියන එක ඔබ තීරණය කරන්න ඕනෙ. 
ඔයාට හරියට ඒක තීරණය කරන්න අමාරු නම් වෘත්තීය උපදේශකයෙකු මුණගැහිල සාකච්ඡා කරල උපදෙස් ලබාගන්න ඔයාට පුළුවන්.

4. යළි ඉගෙනගන්නවද කියල හිතන්න.
උඩ කිව්ව එකට අදාලව තව ඉගෙනගන්න ඕනෙ කියල පේනව නම් ඊට හැකියාව (මුදල්, කාලය, වෙනත් දේ) තිබෙනවා නම් මේ ගැන හිතල බලන්න කියලයි මම කියන්නෙ. මොකද අපි ඉගෙනගන්න දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න අපිට යන්න පුළුවන් නව මාර්ග විවෘත වෙනවා. 
සාම්ප්‍රදායික ඉගෙනීම් (විවිධ අධ්‍යාපනික පාඨමාලා) හරියන්නෙ නෑ වගේ හිතෙනව නම් technical collage වගේ ආයතන හරහා සෘජු වෘත්තීය පාඨමාලා හදාරන්න පුළුවන්.

5. තවත් හොයල බලන්න.
හ්ම්ම්. තවමත් හිතාගන්න බැරිද? ඉතින් තව හොයල බලන්න. විවිධ ස්ථාන වලින් උපදෙස් ලබාගන්න. උපදේශකවරු, පාසල් ගුරුවරු, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු වැනි අයගෙන් උපදෙස් ගන්න. 

අන්තර්ජාලය කියන එක දැන් හැමෝම භාවිත කරන එකක්නෙ, ඒකෙ ඕනෙ තරම් තොරතුරු උපදෙස් හොයාගන්න පුළුවන්.


ඊලඟ ලිපියෙන් අපි කතා කරමු "අනාගතය" ගැන හිතල වෘත්තිය තෝරා ගන්නා හැටි. 

"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Monday, November 4, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 2 - හැකියාවන්

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි දෙක පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 

ඉස්සෙල්ල ලිපියෙන් කතා කළානෙ කැමැත්තන් අනුව වෘත්තිය තෝරා ගන්නා ආකාරය. අද කතා කරමු, ඔයාලගෙ හැකියාවන් අනුව වෘත්තියක් තෝරාගන්නා ආකාරය. 

1. ඔයා පාසලේදි වැඩිපුරම දක්ෂතා දැක්වූ විෂයන්, වෙනත් දේ මොනවාද?
පාසලේදී ඕනේම කෙනෙක් හැම විෂයකට නොවුනත්, සමහරක් විෂයන්ට වැඩිපුර දක්ෂයි. ඔබ එහෙම වැඩිපුරම දක්ෂතා පෙන්වූ විෂය / විෂයන් මොනවාද? ඒ හරහා ඔබගේ වෘත්තියක් තෝරා ගන්න පුළුවන් වෙයි.

උදා: ඔබ භූගෝල විද්‍යාව විෂයයට කැමතිද? එහෙම නම් භූ ගර්භ විද්‍යාඥයෙක්, භූ විද්‍යා සම්බන්ධ විශේෂඥයෙක් වෙන්න කැමැත්තක් ඇති නේද? ඔබ ගණිතය විෂයට කැමතිද? එහෙනම් ගණිතඥයෙක්, ගණකාධිවරයෙක් වෙන්න ඔයාට පුළුවන්.

2. ඔබ කුමනාකාරයේ හැකියාවන් වලින්ද විශිෂ්ඨත්වය දක්වන්නේ?
කැම කෙනෙක්ටම විවිධ දක්ෂතා තිබෙනව. සමහරු අඳින්න දක්ෂයි, සමහරු ගී ගයන්න දක්ෂයි, සමහරු විවිධ නිර්මාණ කරන්න දක්ෂයි, සමහරු උපකරණ අලුත්වැඩියා කරන්න දක්ෂයි. ඉතින් ඔයා දක්ෂ මොනවටද?
ඔයා ගී ගයන්න දක්ෂ නම් ඇයි ගායකයෙක් / ගායිකාවක් වෙන්න උත්සාහ කරන්නෙ නැත්තෙ?
ඔය ඉවුම් පිහුම් වලට දක්ෂ නම් කෝකියෙක් වෙන්න ආස නැද්ද?

3. ඔබගේ අන්තර් පුද්ගල සම්බන්ධතා සළකා බලන්න.
සමහරු, මිනිස්සු එක්ක කතා බහ කරන්න, අදහස් හුවමාරු කරගන්න, දක්ෂයි. මෙ කියන්නෙ නිකම්ම ඔහේ කියවන එක නෙමෙයි, අනිත් අයට සවන්දෙන්න, එයාලගෙ ගැටළු වලට උත්තර දෙන්න, අනිත් අයට උදව් කරන්න,  වගේ දේවල්.

ඉතින් ඔයා මේ දේට දක්ෂ නම් ඒ හරහා ඔබගේ වෘත්තිය තෝරා ගන්නත් පුළුවන්. 
අනිත් අයට උදව් කරන්න කැමති නම් හෙදියක් වෙන්න ඔබට පුළුවන්. හොඳ අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාවක් තිබෙනවා නම් කුමක් හෝ ආයතනයක මානව සම්පත් කළමණාකාර තනතුරක්, පාලක තනතුරක් ලබා ගන්න පුළුවන්.

4. ඔබගේ හැකියාවන් ඔබටම හඳුනා ගන්න අමාරුද?

එහෙනම් අහන්න. සමහර වෙලාවට අපිටම හිතාගන්න බෑ අපි මොනවටද දක්ෂ කියල. ඉතින් මොකද කරන්නෙ??? අහන්න. ඔබගේ පවුලේ අයගෙන්, නෑදෑයින්ගෙන්, මිතුරන්ගෙන්, ගුරුවරයාගෙන් අහන්න. ඔවුන් ඔබගේ හැකියාවන් හඳුනාගෙන සිටිනවා වෙන්න පුළුවන්. 


එහෙනම් ඊළඟ කොටසෙන් බලමු, ඔබ දැන් සිටින තත්වය අනුව කොහොමද ඔබගේ වෘත්තිය තෝරා ගන්නෙ කියල. 


"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

Saturday, November 2, 2013

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 1 - කැමැත්තන්

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි දෙක පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 
ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද?
ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම - 1

හරි. අපි අද ලිපියෙන් හඳුනාගැනීම ගැන තව දුරටත් කතා කරමු.

හඳුනාගැනීම කරන ආකාර 4ක් ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
1. ඔබගේ කැමැත්තන් ගැන සළකන්න.
2. ඔබගේ හැකියාවන් ගැන සළකන්න.
3. ඔබගේ වර්තමාන තත්වය ගැන සළකන්න.
4. ඔබගේ අනාගතය ගැන සළකන්න.

ඉතින් අංක එකෙන් පටන් ගනිමු. 

1. ඔබගේ කැමැත්තන් ගැන සළකන්න.

1. ඔබ සිහින දකින අනාගතය
පරණ කියමනක් තියෙනව දන්නව ඇති ඔයාල. "ඔයාට රු.මිලියනයක් හම්බුනොත් මොකද කරන්නෙ?" මේකට දෙන උත්තරෙන් ඔයාට ඕනෙ රස්සාව මොකද්ද කියල නම් කියන්න බෑ. නමුත් ඔයාගෙ හිත ඇතුළ ගැන අදහසක් ගන්න පුළුවන්. ටිකක් හිතල බලන්න.
  • ඔයාට ඕනෙ නම් සංගීත ලෝකයේ ඉහළින් වැජඹෙන්න, සංගීතය සම්බන්ධ පාඨමාලාවක් හදාරන්න, නැතිනම් ඒ සම්බන්ධ දෙයක් පටන් ගන්න පුළුවන්. ඒ හරහා අර සිහිනය ජයගන්න ආරම්භය ගන්න පුළුවන්.
  • ඔයාට ඕනෙ නම් ප්‍රසිද්ධ නළුවෙක් නැතිනම් නිවේදකයෙක් වෙන්න, සන්නිවේදනය / නාට්‍යකරණය සම්බන්ධ පාඨමාලාවක් හදාරන්න පටන්ගන්න, නැතිනම් ප්‍රාදේශීය ගුවන්විදුලි සේවයකට බැඳිල එතනින් පටන් අරගෙන ඉස්සරහට යන්න.
  • ඔයාගෙ ආසාව ලෝකෙ වටේ යන්න නම්, පයිලට් කෙනෙක් නැතිනම් ගුවන් සේවකයෙක්/සේවිකාවක් වෙන්න පුළුවන්. එතකොට රැකියාවකුත් එක්කම ඔබගේ සිහිනය සැබෑ කරගන්නත් ඔබට පුළුවන්. 
2. ඔබගේ විනෝදාංශ

ඔයාගෙ විනෝදාංශය ඔයාගෙ රැකියාව කරගන්න කිසිම අපහසුවක් නෑ. හුඟක් විනෝදාංශ සාමාන්‍යයෙන් ලෝකයෙ තියෙන රැකියාවකට සමාන කරන්න පුළුවන්. ඉතින් ඔයාගෙ විනෝදාංශයම කරගෙන යන්න පුළුවන් රැකියාවක් හොයාගන්න බැරි වෙන්නෙ නෑ.
  • ඔයා කැමතිද ගොඩක් පරිගණක ක්‍රීඩා කරන්න. ඉතින් එහෙනම් පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන Programmer කෙනෙක්, නැතිනම් පරිගණක් ක්‍රීඩා පරික්ෂා කරන QA Analyst කෙනෙක් වෙන්න උත්සාහ කරන්න.
  • ඔයා වනජීවී ඡායාරූපකරණයට කැමතිද? ඉතින් ඔයාට පුළුවන්නෙ වනජීවී ඡායාරූපශිල්පියෙක් වෙලා ඡායාරූප අරගෙන විකුණන්න. 
  • ඔයා කැමති චිත්‍ර අඳින්නද? එහෙනම් ඇයි ග්‍රැෆික් නිර්මාණකරණයට යොමු වෙන්නෙ නැත්තෙ? 
  • ඔබ කැමති ක්‍රීඩා වලටද? ඉතින් ඔබ කැමති ක්‍රීඩාවෙන් ඉස්සරහට ගිහිල්ල ඒ ක්‍රීඩාවල අදාල පුහුණුකරුවෙක් වෙන්න උත්සාහ කරන්න.
3. පාසලේදී කැමතිම දේවල්
පාසලේදී කැමති විෂයන් හරහා ඔයාලගෙ අනාගත රැකියාව හිතන්න පුළුවන්. නමුත් මේ හරහා එන රැකියා වලට මුල් ඒවාට වඩා අධාපනික දැනුම කාලය වියදම් වෙනව. ඒ නිසා මෙවට ටිකක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා.
  • ඔයා උසස්පෙළට විද්‍යා විෂයන් කරනව නම් රසායන විද්‍යාවට නම් වැඩිපුරම කැමති, රසායන විද්‍යාඥයෙක්, Lab Technician කෙනෙක්, Pharmacist වගේ රැකියාවකට යොමුවෙන්න පුළුවන්.
  • ඔබ ඉංග්‍රීසි භාෂාවට නම් වැඩිපුරම ඉංග්‍රීසි ගුරුවරයෙක්, පුවත්පත් කතුවරයෙක්, Copywriter කෙනෙක් වෙන්න පුළුවන්නෙ.
  • ගණිතයට, ගිණුම්කරණයට ගොඩක් කැමති නම්, ගණකාධිවරයෙක්, වගේ රැකියාවක් ගැන මොකද හිතන්නෙ?
ඔබගේ හැකියාවන් ගැන සළකල අනාගත වෘත්තිය තෝරාගන්න හැටි ඊලඟ ලිපියෙන් බලමු.


"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.