Saturday, November 2, 2013

Widgets

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 1 - කැමැත්තන්

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි දෙක පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 
ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද?
ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම - 1

හරි. අපි අද ලිපියෙන් හඳුනාගැනීම ගැන තව දුරටත් කතා කරමු.

හඳුනාගැනීම කරන ආකාර 4ක් ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
1. ඔබගේ කැමැත්තන් ගැන සළකන්න.
2. ඔබගේ හැකියාවන් ගැන සළකන්න.
3. ඔබගේ වර්තමාන තත්වය ගැන සළකන්න.
4. ඔබගේ අනාගතය ගැන සළකන්න.

ඉතින් අංක එකෙන් පටන් ගනිමු. 

1. ඔබගේ කැමැත්තන් ගැන සළකන්න.

1. ඔබ සිහින දකින අනාගතය
පරණ කියමනක් තියෙනව දන්නව ඇති ඔයාල. "ඔයාට රු.මිලියනයක් හම්බුනොත් මොකද කරන්නෙ?" මේකට දෙන උත්තරෙන් ඔයාට ඕනෙ රස්සාව මොකද්ද කියල නම් කියන්න බෑ. නමුත් ඔයාගෙ හිත ඇතුළ ගැන අදහසක් ගන්න පුළුවන්. ටිකක් හිතල බලන්න.
  • ඔයාට ඕනෙ නම් සංගීත ලෝකයේ ඉහළින් වැජඹෙන්න, සංගීතය සම්බන්ධ පාඨමාලාවක් හදාරන්න, නැතිනම් ඒ සම්බන්ධ දෙයක් පටන් ගන්න පුළුවන්. ඒ හරහා අර සිහිනය ජයගන්න ආරම්භය ගන්න පුළුවන්.
  • ඔයාට ඕනෙ නම් ප්‍රසිද්ධ නළුවෙක් නැතිනම් නිවේදකයෙක් වෙන්න, සන්නිවේදනය / නාට්‍යකරණය සම්බන්ධ පාඨමාලාවක් හදාරන්න පටන්ගන්න, නැතිනම් ප්‍රාදේශීය ගුවන්විදුලි සේවයකට බැඳිල එතනින් පටන් අරගෙන ඉස්සරහට යන්න.
  • ඔයාගෙ ආසාව ලෝකෙ වටේ යන්න නම්, පයිලට් කෙනෙක් නැතිනම් ගුවන් සේවකයෙක්/සේවිකාවක් වෙන්න පුළුවන්. එතකොට රැකියාවකුත් එක්කම ඔබගේ සිහිනය සැබෑ කරගන්නත් ඔබට පුළුවන්. 
2. ඔබගේ විනෝදාංශ

ඔයාගෙ විනෝදාංශය ඔයාගෙ රැකියාව කරගන්න කිසිම අපහසුවක් නෑ. හුඟක් විනෝදාංශ සාමාන්‍යයෙන් ලෝකයෙ තියෙන රැකියාවකට සමාන කරන්න පුළුවන්. ඉතින් ඔයාගෙ විනෝදාංශයම කරගෙන යන්න පුළුවන් රැකියාවක් හොයාගන්න බැරි වෙන්නෙ නෑ.
  • ඔයා කැමතිද ගොඩක් පරිගණක ක්‍රීඩා කරන්න. ඉතින් එහෙනම් පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන Programmer කෙනෙක්, නැතිනම් පරිගණක් ක්‍රීඩා පරික්ෂා කරන QA Analyst කෙනෙක් වෙන්න උත්සාහ කරන්න.
  • ඔයා වනජීවී ඡායාරූපකරණයට කැමතිද? ඉතින් ඔයාට පුළුවන්නෙ වනජීවී ඡායාරූපශිල්පියෙක් වෙලා ඡායාරූප අරගෙන විකුණන්න. 
  • ඔයා කැමති චිත්‍ර අඳින්නද? එහෙනම් ඇයි ග්‍රැෆික් නිර්මාණකරණයට යොමු වෙන්නෙ නැත්තෙ? 
  • ඔබ කැමති ක්‍රීඩා වලටද? ඉතින් ඔබ කැමති ක්‍රීඩාවෙන් ඉස්සරහට ගිහිල්ල ඒ ක්‍රීඩාවල අදාල පුහුණුකරුවෙක් වෙන්න උත්සාහ කරන්න.
3. පාසලේදී කැමතිම දේවල්
පාසලේදී කැමති විෂයන් හරහා ඔයාලගෙ අනාගත රැකියාව හිතන්න පුළුවන්. නමුත් මේ හරහා එන රැකියා වලට මුල් ඒවාට වඩා අධාපනික දැනුම කාලය වියදම් වෙනව. ඒ නිසා මෙවට ටිකක් මහන්සි වෙන්න සිද්ධ වෙනවා.
  • ඔයා උසස්පෙළට විද්‍යා විෂයන් කරනව නම් රසායන විද්‍යාවට නම් වැඩිපුරම කැමති, රසායන විද්‍යාඥයෙක්, Lab Technician කෙනෙක්, Pharmacist වගේ රැකියාවකට යොමුවෙන්න පුළුවන්.
  • ඔබ ඉංග්‍රීසි භාෂාවට නම් වැඩිපුරම ඉංග්‍රීසි ගුරුවරයෙක්, පුවත්පත් කතුවරයෙක්, Copywriter කෙනෙක් වෙන්න පුළුවන්නෙ.
  • ගණිතයට, ගිණුම්කරණයට ගොඩක් කැමති නම්, ගණකාධිවරයෙක්, වගේ රැකියාවක් ගැන මොකද හිතන්නෙ?
ඔබගේ හැකියාවන් ගැන සළකල අනාගත වෘත්තිය තෝරාගන්න හැටි ඊලඟ ලිපියෙන් බලමු.


"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.


ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

6 comments:

  1. මං නම් කැමති මගේම ආඅයතනයක් පටන් ගන්න... ඒ උනාට දැනට නම් අතේ සතේ නෑ. ඒත් බලමුකෝ.......

    ReplyDelete
    Replies
    1. බැරි නෑ මිත්‍රයා. පොඩියට පටන්ගන්නයි ඕනෙ. :)

      Delete
  2. බොහෝමයක් දෙනෙක්ට ලැබෙන්නේ තමන් කැමතිම වෘතිය නෙමෙයි කියලත් කියමනක් තියෙනවනේ..

    ReplyDelete
    Replies
    1. ඒක නරි. නමුත් පස්සෙ උනත් කැමැත්ත ඇති කරගන්න බැරි නෑ. :)

      Delete
  3. මම නම් කැමති මගේම කියලා මොකක් හරි පටන් ගන්ඩ... ග්‍රැෆික් ඩිසයිනින් වැඩක් පටන් ගන්ඩ හිතේ ලොකු ආසාවක් ඒ කාලේ ඉදන් තිබ්බා... බලමු නෙහ් :)

    හැබැයි ඉතුරු ටික කල් අරින්නේ නැතුව ලියන්ඩ ඕන හරිද :)

    ReplyDelete
    Replies
    1. මගෙන් ආසාවත් එහෙමම තමයි මල්ලි. බලමුකො. :) බැරි නෑ මල්ලි. පොඩියට පටන් ගන්න. :)

      Delete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.