Monday, November 4, 2013

Widgets

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම 2 - හැකියාවන්

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 

මේ සම්බන්ධයෙන් ලිව්ව මුල් ලිපි දෙක පහත ලින්ක් වලින් කියවන්න ඔබට පුළුවන්. 

ඉස්සෙල්ල ලිපියෙන් කතා කළානෙ කැමැත්තන් අනුව වෘත්තිය තෝරා ගන්නා ආකාරය. අද කතා කරමු, ඔයාලගෙ හැකියාවන් අනුව වෘත්තියක් තෝරාගන්නා ආකාරය. 

1. ඔයා පාසලේදි වැඩිපුරම දක්ෂතා දැක්වූ විෂයන්, වෙනත් දේ මොනවාද?
පාසලේදී ඕනේම කෙනෙක් හැම විෂයකට නොවුනත්, සමහරක් විෂයන්ට වැඩිපුර දක්ෂයි. ඔබ එහෙම වැඩිපුරම දක්ෂතා පෙන්වූ විෂය / විෂයන් මොනවාද? ඒ හරහා ඔබගේ වෘත්තියක් තෝරා ගන්න පුළුවන් වෙයි.

උදා: ඔබ භූගෝල විද්‍යාව විෂයයට කැමතිද? එහෙම නම් භූ ගර්භ විද්‍යාඥයෙක්, භූ විද්‍යා සම්බන්ධ විශේෂඥයෙක් වෙන්න කැමැත්තක් ඇති නේද? ඔබ ගණිතය විෂයට කැමතිද? එහෙනම් ගණිතඥයෙක්, ගණකාධිවරයෙක් වෙන්න ඔයාට පුළුවන්.

2. ඔබ කුමනාකාරයේ හැකියාවන් වලින්ද විශිෂ්ඨත්වය දක්වන්නේ?
කැම කෙනෙක්ටම විවිධ දක්ෂතා තිබෙනව. සමහරු අඳින්න දක්ෂයි, සමහරු ගී ගයන්න දක්ෂයි, සමහරු විවිධ නිර්මාණ කරන්න දක්ෂයි, සමහරු උපකරණ අලුත්වැඩියා කරන්න දක්ෂයි. ඉතින් ඔයා දක්ෂ මොනවටද?
ඔයා ගී ගයන්න දක්ෂ නම් ඇයි ගායකයෙක් / ගායිකාවක් වෙන්න උත්සාහ කරන්නෙ නැත්තෙ?
ඔය ඉවුම් පිහුම් වලට දක්ෂ නම් කෝකියෙක් වෙන්න ආස නැද්ද?

3. ඔබගේ අන්තර් පුද්ගල සම්බන්ධතා සළකා බලන්න.
සමහරු, මිනිස්සු එක්ක කතා බහ කරන්න, අදහස් හුවමාරු කරගන්න, දක්ෂයි. මෙ කියන්නෙ නිකම්ම ඔහේ කියවන එක නෙමෙයි, අනිත් අයට සවන්දෙන්න, එයාලගෙ ගැටළු වලට උත්තර දෙන්න, අනිත් අයට උදව් කරන්න,  වගේ දේවල්.

ඉතින් ඔයා මේ දේට දක්ෂ නම් ඒ හරහා ඔබගේ වෘත්තිය තෝරා ගන්නත් පුළුවන්. 
අනිත් අයට උදව් කරන්න කැමති නම් හෙදියක් වෙන්න ඔබට පුළුවන්. හොඳ අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාවක් තිබෙනවා නම් කුමක් හෝ ආයතනයක මානව සම්පත් කළමණාකාර තනතුරක්, පාලක තනතුරක් ලබා ගන්න පුළුවන්.

4. ඔබගේ හැකියාවන් ඔබටම හඳුනා ගන්න අමාරුද?

එහෙනම් අහන්න. සමහර වෙලාවට අපිටම හිතාගන්න බෑ අපි මොනවටද දක්ෂ කියල. ඉතින් මොකද කරන්නෙ??? අහන්න. ඔබගේ පවුලේ අයගෙන්, නෑදෑයින්ගෙන්, මිතුරන්ගෙන්, ගුරුවරයාගෙන් අහන්න. ඔවුන් ඔබගේ හැකියාවන් හඳුනාගෙන සිටිනවා වෙන්න පුළුවන්. 

එහෙනම් ඊළඟ කොටසෙන් බලමු, ඔබ දැන් සිටින තත්වය අනුව කොහොමද ඔබගේ වෘත්තිය තෝරා ගන්නෙ කියල. 

"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.

ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:

FeedBurner අනුග්‍රහයෙනි.

12 comments:

  1. මම නිදහසේ හෙටම කියවනවා.

    ReplyDelete
  2. මේක තමයි අමාරුම වැඩේ.. මාධව ගෙ ලිපියෙ තියෙන පොඩි පොඩි ඉඟි බොහොම වටිනවා.. ඒත් කෙනෙකුට හොඳට ම ගැලපෙන වෘත්තියකට වඩා හොඳම විකල්පය තෝරගන්න තමයි සිදු වෙන්නෙ. මෙතන මං ලිවුවා ලිවුවා මේ ගැන මගේ අත්දැකීමෙන් බිඳක්..

    ReplyDelete
    Replies
    1. තමුන් කැමතිම වෘත්තිය ලබා ගන්න බැරි වෙන්න පුළුවන්, නමුත් විකල්පයන් හරහා ඔබගේ සිහිනය සැබෑ කරගන්න බැරි වෙන්නෙ නෑ.
      ඔයාගෙ ලිපියත් කියෙව්ව. ඒකෙනුත් අදහසක් ගන්න පුළුවන්. ස්තුතියි අදහසට.

      Delete
  3. වටිනා ලිපියක්

    ReplyDelete
  4. මම අද මේ කරන රස්සාවට මූලික අඩිතාලම දැම්මෙත් ගුරුවරුන්ම තමා. එයාල තමා කිව්වේ ඔයා මේ මාර්ගය තෝරගත්තා නම් හොඳයි කියලා. එක අතකට ඒක හොඳ තේරිමක්.. ඉතුරු ලිපියත් ඉක්මනටම ඕන :)

    ReplyDelete
    Replies
    1. ගුරුවරු අපිට ගැළපෙන දේ හඳුනාගෙන තිබෙන්න ඉඩ තිබෙනවා. නමුත් ඔවුන් සැමවිටම නිවැරදි නොවෙන්න පුළුවන්. :)

      Delete
  5. මගේ කමෙන්ට් එක ආවදෝ... මෙහෙ නෙට් සෑහෙන ස්ලෝ අප්පා :(

    ReplyDelete
    Replies
    1. ආව මල්ලි ආව. මම ඉතින් රෑට තමයි කමෙන්ට්ස් ටික ඇපෲව් කරන්නෙ. දවල් වරුවෙ වෙලාවක් නෑනෙ. :(

      Delete
  6. බොහොම වැදගත් ලිපි පෙළක්..
    හැබැයි තමන්ගෙ හැකියාව සහ කැමැත්ත තියෙන ක්ෂේත්‍රයේ ‍රැකියාවක් හොයාගන්න එකේ පොඩි අමාරුකමක් තියෙනව ලංකාවෙදි.
    උදාහරණයක් විදිහට ගත්තොත් ඉතිහාසයට කැමති ගවේෂණාත්මක හැතියාවක් තියෙන කෙනෙකුට පුරා විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. ඒත් අපේ රටේ ඒ ක්ෂේත්‍රයට තියෙන ‍රැකියා වෙළඳපළ ඉතාම අඩුයි (මට හිතෙන විදිහට... )
    ඊලඟ කාරණය තමයි හැකියාවට සහ කැමැත්තට සරිලන ‍රැකියාවක් ලැබුනත් ඊට සරිලන වැ‍ටුපක් නොලැබීම. මේ තත්වයත් බොහෝ දුරට ලංකාවෙදි දකින්න පුළුවන්.
    ඔය දෙවෙනි කාරණේ ගැන මගේ පෞද්ගලික අදහස කියනවනම් මම හිතන්නේ ‍රැකියාවෙදි වැ‍ටුප වගේම ඒ තුළින් ලබාගන්න පුළුවන් අත්දැකීම් ගැනත් සලකලා බලන්න ඕනේ. විශාල අත්දැකීම් සම්භාරයක් ගන්න පුළුවන්නම් වැ‍ටුප ගැන වැඩිය හිතන්නෙ නැතුව කාලයක් ‍රැකියාව කරන්න කියල තමයි මම නම් කියන්නේ. ඒ ලබාගන්න අත්දැකීම් අනාගතයෙදි වඩා හොඳ ‍රැකියාවක් ලබා ගැනීම සඳහා සාර්ථකව භාවිතා කරන්න පුළුවන්... (පෞද්ගලිකව අත්හදා බලා ඇත. අත් දු‍ටුවයි, සත්තයි...)
    හැබැයි ඔය මොනවා වුණත් තමුන් තුල සැඟවිලා තියෙන දක්ෂතා මතු කරගත්තොත් සහ ඒ දක්ෂතා market කිරීමේ තීක්ෂණ බුද්ධිය තියෙනවනම් ඕනෑම අවස්ථාවකදි තමුන්ගේ වෘත්තිය ගොඩනඟාගන්න පුළුවන්.
    තමුන්ගේ වෘත්තීමය ජීවිතයෙදි කෙනෙකුට යන්න පුළුවන් උපරිම තත්වය තම හැකියාවන් මත පදනම්ව තමුන්ගේම කියා ව්‍යාපාරයක් ගොඩනැඟීම කියලයි මගේ හැඟීම....

    ජය වේවා!!!

    ReplyDelete
  7. බොහොම වැදගත් ලිපි පෙළක්..

    1. ඔව්. ඔය කියන දේවල් ඉහළින්ම අනුමත කරනව.
      මගෙත් අදහස හොඳ ජොබ් හැම වෙලේම ඉහළම වැටුප ලැබෙන එක නෙමෙයි. නමුත් අත්දැකීම් එකතු කරගෙන ඒ ඉහළම වැටුපට හෝ තමුන්ගේ තිබෙන සැළසුම් සාර්ථක කර ගැනීමට යොදා ගන්න පුළුවන්.

      Delete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.