Monday, July 1, 2013

Widgets

ඔබට ගැළපෙන වෘත්තිය තෝරගන්නේ කෙසේද? - හඳුනාගැනීම - 1

මුල් ලිපියට හිතපු තරම් නම් අදහස් ලැබුනෙ නෑ. මේ ලිපි එක්ක ඔයාලගෙ අදහස් මග ඕනෙ කරනව, ඒවත් එක්ක ඒවට අනුකූලව තමයි මම ඉදිරි ලිපි ලියන්න අදහස් ගන්නෙ. 
කමක් නෑ. දැනට අපි කතාව ආරම්භ කරමුකො එහෙනම්. 



යමෙක්, යම් මාර්ගයක යන්න තෝරාගන්න එක් හේතුවක් හෝ හේතු කිහිපයක් තිබෙන්නට පුළුවන්. බහුල හේතු ගත්තොත්,
  • එම විෂය පරාසයට දක්වන කැමැත්ත
  • කුඩා කාලයේදී ඇතිවුණු යම් තදබල කැමැත්තක්
  • දෙමාපියන්ගේ / නෑදෑයින්ගේ බලපෑම්
  • විවිධ අය හමුවීමත් සමඟ ඇතිවන කැමැත්තක්
  • රූපවාහිනී වැනි මාධ්‍ය හරහා දකින දේ සමඟ එන අදහස්

මේ වගේ විවිධාකාරයේ හේතු තිබෙන්න පුළුවන්. සමහරවිට ගිය ආත්ම වලින් එන සිතුවිලි නිසා පවා.

ඉතින් ඔබ යම් මාර්ගයක් තෝරාගන්න හේතුව කුමක්ද?
ඔබට යම් දෙයක් තමුන්ගේ අනාගත වෘත්තිය කරගන්න තරම් ඒ දේට කැමැත්තක් ඇතිවෙන්න හේතුව කුමක්ද?
මුලින්ම අන්න ඒ ප්‍රශ්නෙට උත්තර දීල ඉන්න වෙනව.

සාමාන්‍යයෙන් Career Guidance වලදි අහන පළමු ප්‍රශ්නය මේක නෙමෙයි. ඔවුන් කියන්නෙ මුලින්ම තමුන්ගේ හැකියාවන් / කැමති දේ හඳුනා ගන්න කියල. නමුත් මගේ ප්‍රවේශය ඊට ටිකක් වෙනස්. වෙන පාරකින් අර පාරට එන්නයි මම හදන්නෙ.
ඉතින්? 
මුලින්ම අර ප්‍රශ්නෙට උත්තරයක් හිතන්න. 
හැබැයි හිතන්න ඕනෙ ඔබ සාමාන්‍ය පෙළ කරන්න ඉස්සෙල්ල කාලෙ හිතුව / හිතන විදිහට.

බලමු හිතල......
"මම පොඩි කාලෙ මට උගන්නපු ටීචර් හරිම හොඳයි, ඉතින් මටත් ඕනෙ උනේ ඒ කාලෙ ඒ වගේ ළමයි ගොඩක් ආදරේ කරන ලස්සනට උගන්නන ටීචර් කෙනෙක් වෙන්න" කියල කෙනෙක් හිතන්න පුළුවන්. ඒක කුඩා කාලයේදී ඇසුරු කරන කෙනෙක් නිසා හටගත්තු ආසාවක්.

"මම ආසයි එක එක දේවල් හදන්න, නව නිර්මාණ කරන්න. ඒක නිසා මට විද්‍යාඥයෙක් නැත්තම් ඉංජිනේරුවෙක් වෙන්න ඕනෙ" කියල තව කෙනෙක් හිතයි. ඒක තමුන්ගේ යම් හැකියාවක් හඳුනා ගත්තු කෙනෙක් හිතන විදිහ.

"මම ආසයි අහසින් යන්න, රට රට වල යන්න. ඉතින් මට පයිලට් කෙනෙක් වෙන්න ඕනෙ". ඒ තව කෙනෙක්ගෙ ආසාවක් නිසා ඇති උනු ඉලක්කයක්.

"මට පුළුවන් අනිත අයට හොඳට දේවල් කියල දෙන්න, උගන්නන්න. ඉතින් මට ඒක නිසා ගුරුවරයෙක් වෙලා අනිත් අයට දේවල් කියල දෙන්න ඕනෙ" ඒ තමුන්ගෙ ඉගැන්වීමේ හැකියාව ගැන තේරුම් ගත්තු කෙනෙක් හිතන විදිහ.

ඉතින් ඔයාල කොහොමද හිතුවෙ / හිතන්නෙ?



"Career-Guidance" කියන ටැගය යටතේ ඔයාලට මේ මාතෘකාව සම්බන්ධ සියළු ලිපි කියවන්න පුළුවන්. 
ඔයාලගෙ ඊමේල් ඉන්බොක්ස් එකටම ලිපි ගෙන්නගන්න පහත ඔබගේ ඊ ලිපිනය ඇතුළු කරන්න.



ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළු කරන්න:


FeedBurner අනුග්‍රහයෙනි.

5 comments:

  1. වටින ලිපියක්.... දිගටම ෙම් විදිෙය ලිපි ලියන්න

    ReplyDelete
  2. මගෙ නම් ආසාව තිබ්බේ නිකං ඉඳලා සල්ලි හම්බ කරන්න :D :D

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙත්???!!!
      මම කතා කරන්නෙ ඕලෙවල් කරන්න ඉස්සෙල්ල කාලෙ සිතිවිලි ගැන.

      Delete
  3. ඒ දවස් වල විද්‍යාඥයෙක් වෙන්න උවමනාව තිබ්බේ, දැන්නම් වෙන්න ඔනෙ කෙනා කව්ද කියල හිතගන්න බැරුව ඉන්නේ

    ReplyDelete

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.