Showing posts with label tutorials. Show all posts
Showing posts with label tutorials. Show all posts

Tuesday, September 17, 2019

ඔබගේ ඉංග්‍රීසි හැකියාව දියුණු කරගන්න ක්‍රම 100ක් - පළමු 25

ඉතින් ආයුබෝවන්!.
මේ මාතෘකාව එක්ක මම ඉතා දිග ලිපියක් ලියාගෙන යනව.
නමුත් පෙනුනු කාරණය, කාලය එක්ක ලිපිය ඉවර කරන්න යන කාලය ඉතා වැඩියි. ඉතින් මේ tips 100, 25 කොටස් වලට කඩල දෙන්න හිතුව. එතකොට ඔයාලට බලන්නත් ලේසී, මට ලියන්නත් ලේසී.
මීට පෙර මම ලියපු, "සාර්ථකව ඉංග්‍රීසි කතා කරමුද" ලිපිය කියවන්න මෙම සබැදියෙන් යන්න.

ඉංග්‍රීසි කියන්නෙ මේ කාලෙ අත්‍යවශ්‍යම දෙයක් වෙලා.
රැකියාවේ වැඩකටයුතු, අන්තර්ජාලය සම්බන්ධව වැඩ කටයුතු වලට පමණක් නෙමෙයි, බොහොමයක් එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලටත් ඉංග්‍රීසි අත්‍යවශ්‍ය දෙයක් වෙලා.
ඉතින් ඔබ ඉංග්‍රීසි දැනුම ලබා ගැනීමට උත්සාහ කරන, යම් අපහසුතා තිබෙන කෙනෙක් නම්, මේ තොරතුරු ටික ඔබට ඉතාමත්ම ප්‍රයෝජනවත් වේවි.
ඔබගේ ඉංග්‍රීසි, ලිවීමෙ, කියවීමේ, තේරුම් ගැනීමේ හා කතා කිරීමේ හැකියාව දියුණු කර ගැනීමට මම ඔබට කෙටි උපදෙස් 100ක ලැයිස්තුවක් ලබා දෙනවා. 

  1. වැරදීම් සිදු කරමින් කතා කිරීමට බිය වන්නට එපා. ඔබ ගැන විශ්වාසය ඇති කරගන්න. අනෙකුත් අයට ඔබව නිවැරදි කළ හැක්කේ ඔබ වැරදීම් සිදු කරමින් කතා කරනවානම් පමණයි. 
  2. ඔබව ඉංග්‍රීසි වලින් වට කරගන්න. ඉංග්‍රීසි කථා කරන වටපිටාවක ජීවත් වීමට උත්සාහ කරන්න. එවිට ඔබට සක්‍රිය හා අක්‍රිය ව ඉංග්‍රීසි ඉගෙන ගැනීම සිදු කළ හැකි සිදුකළ හැකි වනවා. ඉංග්‍රීසි ඉගෙනීමට හොඳම ක්‍රමය ඉංග්‍රීසි කතා කිරීමයි.
  3. දෛනිකව ඉංග්‍රීසි පුහුණු වන්න. ඉංග්‍රීසි අධ්‍යයන සැලැස්මක් සකසා ගන්න. ඔබට සතියකට ඉංග්‍රීසි ඉගෙනීම වෙනුවෙන් වෙන්කළ හැකි කාලය තීරණය කර එයට අනුගත වන්න. කාල සටහනකට අනුව වැඩ කරන්න.
  4. ඔබගේ ඉංග්‍රීසි අධ්‍යයන සැලැස්ම සම්බන්ධයෙන් ඔබගේ පවුලේ අයට සහ මිතුරන්ට පවසන්න. එම සැලැස්මට අනුගත වීමට ඔබට බල කරන්නැයි ඔවුන්ට පවසන්න. ඊට අවහිර කිරීමට ඔවුන්ට ඉඩ නොදෙන්න.
  5. භාෂාවේ මූලිකාංග 4 පුහුණු කරන්න. කියවීම, ලිවීම, කතා කිරීම හා සවන් දීම. ඔබට ඉංග්‍රීසි වැඩි දියුණු කරගැනීමට මෙම 4ම අත්‍යවශ්‍ය වෙනවා. 
  6. ඔබ සමඟ සැම විටම කුඩා සටහන් පොතක් තබාගන්න. ඔබ ඉගෙන ගන්නා නව වචන එහි ලියන්න. ඒවා වාක්‍ය වල භාවිතා කරන්න. ඒවා භාවිතා කරමින් කතා කරන්න.
  7. දිනකට එක් වරක්වත් ඔබගේ ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් පාඩම් කටයුත්තක් සිදු කරන්න.
  8. කට පාඩම් කිරීම කියන්නෙ විභාගයක් ලිවීමට වගේ දේකට මතක තබා ගන්නා ආකාරයක්. නමුත් මෙහිදී එය අසාර්ථකයි. මොකද කට පාඩම් කළ දේ විභාගයෙන් පසුව මතකයෙන් ගිලිහෙනවා. ඉතින් ඉංග්‍රීසි කඩ පාඩම් කරන්න යන්න එපා. කළ යුතු වන්නේ භාවිතයයි. 
  9. ඔබගේ ශරීරයේ ඔරලෝසුවට අනුව වැඩ කරන්න. ඔබට උදේ වරුවේ ඉගෙනීම් කරන්නට බැරි නම් හවස් වරුවේ හෝ රාත්‍රියේ ඉගෙනීම් කටයුතු සිදු කරන්න. 
  10. ඔබ නව වචන ඉගෙනීමට උත්සාහ දරන විට එය වාක්‍යයක් තුළ යොදා මතක තබා ගැනීමට උත්සාහ කරන්න. එවිට වචන මතක තබා ගැනීම ඉතා පහසු වනු ඇති. 
  11. විභාගයක් වෙනුවෙන් පමණක් ඉංග්‍රීසි ඉගෙනීම සිදු නොකරන්න. ඔබට හොඳ ඉංග්‍රීසි හැකියාවක් තිබෙන විට එය ඔබට, ඔබගේ ජීවිතයට ධනාත්මකව බලපානා ආකාරය සිතට ගන්න. 
  12. ඔබ, ඔබට දිගු කාලීන ඉලක්කයක් ලබා දෙන්න (ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය වෙනුවෙන්). ඒ වෙනුවෙන් වැඩ කරන්න. 
  13. ඔබ, ඔබගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය වෙනුවෙන් කෙටි කාලීන ඉලක්ක ඔබගේ සිතට ලබා දෙන්න. ඒවා ජය ගන්න. ඒ ජයග්‍රහණ වෙනුවෙන් ඔබටම තෑගි, ප්‍රශංසා ලබා දෙන්න. 
  14. ඔබ "ඉංග්‍රීසි ඉගෙන ගත යුතු නිසා ඉගෙන ගනිමි" යන සංකල්පයෙන් බැහැරව, ඔබට ඉංග්‍රීසි ඉගෙන ගැනීම අවශ්‍යයි යන සිතිවිල්ලේ සිට ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඔබ කැමැත්තෙන් ඉගෙන ගන්නවා නම් ඔබ වඩා හොඳින් ඉගෙනගන්නවා. 
  15. ඔබට ගැළපෙන ක්‍රම තේරුම් ගන්න. මීට පෙර ඔබට සාර්ථක වූ ක්‍රම මේ වෙනුවෙනුත් භාවිතා කරන්න. 
  16. ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට පහසුම ක්‍රමය තේරුම් ගන්න. එය, කියවීමෙන්, ලිවීමෙන්, කතා කිරීමෙන් හෝ සවන් දීමෙන් සිදු වන්නට පුළුවන්. ඔබට සාර්ථක ක්‍රමය හඳුනා ගෙන ඒ ඔස්සේ ගොස් ඉගෙනගන්න.  සමහර අවස්ථා වලදී ඒ ක්‍රම වල සම්මිශ්‍රණයක් වන්නටත් පුළුවන්. 
  17. ඔබට නොතේරෙන යමක් ඇති නම් ඔබගේ නෑදෑයෙකුගෙන්, ගුරුවරයාගෙන්, මිතුරන්ගෙන් හෝ වෙනස් අයගෙන් ඒවා අසා තේරුම් ගන්න. 
  18. පුණරීක්ෂණය කරන්න, පුණරීක්ෂණය කරන්න, පුණරීක්ෂණය කරන්න. ඔබ උගත් දේ යළි යළිත් අධ්‍යයනය කරමින් අභ්‍යාස කරන්න. 
  19. තනිවම අධ්‍යයනය කරන විට මිනිත්තු 30කට වඩා අධ්‍යනයන් කරන්න එපා. නිති පරිදි කුඩා විවේක ලබා ගන්න. පොඩ්ඩක් නැගිටල එලියට ගිහිල්ල හුළං ටිකක් වැදිල, අත පය දික් කරල හිරි ටිකක් ඇරල මිනිත්තු කිහිපයකට පස්සෙ ආපහු ආරම්භ කරන්න. 
  20. ඉක්මනට ඉක්මනට Level Up වෙන්න උත්සාහ කරන්න එපා. ඉන්න level එකට හිත යොමු කරල එම මට්ටමේ හැකි තරම් දියුණු වෙන්න උත්සාහ කරන්න. ඒ මට්ටම ගැන ඔබ ඇත්තටම සෑහීමකට පත් වනතුරු ඒ මට්ටමේම ඉඳන් වැඩ කරන්න. 
  21. TV එකේ ෆිල්ම් බලනවට වඩා DVD එකක් ගෙනත්, නැතිනම් පරිගණකයේ ෆිල්ම් එකක් බලන එක තමා වඩා හොඳ. මොකද ඔයාලට මොනව හරි තැනක් මිස් උනොත්, ආපහු අහල තේරුම් ගන්න ඕනෙ උනොත්, ඒක ඉතාම පහසුවෙන් කරන්න හැකියාව තිබෙන නිසා. 
  22. රූපවාහිනියෙන් දේවල් බලනකොට ඒක යලිත් අහන්න බැරි වෙන නිසා, දෙයක් මුල් වතාවෙම තේරුම් ගන්න උත්සාහ කරන්න ඔයාලට ඒකෙන් අවස්ථාවක් ලැබෙනව. මේක ගොඩක් හොඳයි යම් ඉංග්‍රීසි දැනුමක් තියෙන අයට. අනිත් එක, මේක හුඟක් ප්‍රයෝජනවත් වෙනව ඉංග්‍රීසි තමන්ගෙ මව් භාෂාව උනු කෙනෙක් එක්ක කතා කරනකොට. මොකද එයාලට එයාල කියපු දෙයක් ආපහු කියන්න කියල ඔයාලට කියන්න ඕනෙ වෙන්නෙ නෑ. 
  23. විවිධ වයස් මට්ටම් වලට / විවිධ ඉංග්‍රීසි දැනුම මට්ටම් වලට වෙන් කරලම සකස් කරපු කතා පොත් තිබෙනවා. ඒවායෙන් ඔබගේ ඉංග්‍රීසි දැනුමට ගැළපෙන ආකාරය් පොත් තෝරාගෙන කියවන්න. එය කියවීම ඔබට පහසුවෙන් කළ හැකි වනවා පමණක් නොවෙයි, ඔබට මුළු පොතම කියවා අවසන් වූ පසු ලොකු සතුටකුත් දැනේවි. 
  24. ඉහත කිව්ව වගේ විවිධ දැනුම මට්ටම් වලට සකස් කරපු පොත් නොමැති උනත් ළමා පොත් කියවීම සිදු කිරීම ඉතාම පහසුයි. මොකද ඒවා ඉතාම සරළ බසින් ලියා ඇති නිසා. ඒවායින් ආරම්භ කරන්න, ටික ටික ඉහළට එන්න, 
  25. පුවත්පත් කියන්නෙ හොඳම මාධ්‍යයක් වාක්‍ය රටා, කර්මකාරක වාක්‍ය, වාර්තානුකූල ආකාරයේ වාක්‍ය ඉගෙනගන්න. ඇයි අලුත් වචන. ඉතින් පුවත්පත් කියවල ඒ දේවල් ඉගෙනගන්න උත්සාහ කරන්න.

හරි අදට ඇති. මේ මාතෘකාව යටතේ එතකොට තව ලිපි 3ක් එනව. මම 100ක ලිව්වට පස්සෙ ඒ 100 එකතු කරල තව දේවලුත් එකතු කරල PDF එකක් වශයෙන් ඒක ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනව ඔයාලට අත් පොතක් වශයෙන් භාවිතා කරන්න ලබා දෙන්න. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න.
මගෙ බ්ලොග් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා නැතිනම් දැන්මම සබ්ස්ක්‍රයිබ් වෙන්න. එතකොට අලුත් ලිපි ඔයාලගෙ ඊ මේල් ඉන්බොක්ස් එකට එවෙලෙම එනව. ඒකට පහත බොක්ස් එක භාවිතා කරන්න. 

Enter your email address:


Delivered by FeedBurner

තව දෙයක් කියන්න තියෙනව. මම අලුත් ප්‍රොජෙක්ට් එකකටත් සම්බන්ධ වෙලා ඉන්නව. සමහර විට ඔයාල දන්නවත් ඇති. #The කඩ්ඩ.
ඒ වෙබ් අඩවියටත් ගිහිල්ල බලන්න. ඔයාලට ඉගෙනගන්න ගොඩක් දේවල් තියේවි. Avanthi Niroshani එයාගෙම ආරකට ඉංග්‍රීසි උගන්වනව. ඔයාලටත් ආස හිතේවි.




Tuesday, June 11, 2019

Arduino වලින් Remote Controlled Car එකක් - ඊළඟ ප්‍රොජෙක්ට් එක

මේ මගෙ තුන්වන ආර්ඩුයිනෝ ප්‍රොජෙක්ට් එක.

1. Arduino Smart Home with NodeMCU, IFTTT, Blynk, Google Home (සමාවෙන්න. ඒ ගැන ලියන්න බැරි උනා)
2. Arduino වලින් වෙසක් සැරසිලි with Pixel LED 
3. මේක. Arduino RC car with Radio Control (433MHz)

ඉතින් දැනට අවශ්‍ය දේවල් හැම දෙයක්ම ඕඩර් කරල තියෙන්නෙ. (AliExpress සහ එහෙන් මෙහෙන් හොයාගත්තුව)
උපකරණ දෙක එනකම් ඉවසන් බලන් ඉන්න තියෙන්නෙ.

අවශ්‍ය උපකරණ
පරණ කැඩුනු සෙල්ලම් කාර් එකක්. (චැසිය හා රෝද හොඳින් තිබිය යුතුයි)

Arduino Uno Boards 2ක්

TT Gear Motors 4ක් (ප්ලාස්ටික් Gear wheel තියෙන ඒව ඉක්මනින් කැඩෙනව කිව්ව නිසා Metal gear wheel තියෙන මෝටර් 4ක් ඕඩර් කළේ.)

L298N Motor Driver Controller Board Module 2ක්

2.4G wireless modules 1100-Meters Long-Distance NRF24L01+PA+LNA wireless modules (with antenna) 2ක්


Joystick Shield for Arduino Expansion Board

5-6V බැටරි පැක් 2ක් (කාර් එකට එකයි, රිමෝට් එකට එකයි) Power Bank එකක් උනත් හරියාවි.
(මම භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ 9V  battery එකක් හා Power Bank එකක්.)


Mini USB Cable 1ක් (රිමෝට් එකට Power දෙන්න. Power Bank එකකින් දුන්නොත්)

Jumper Wires අවශ්‍ය තරමට (Male-Male, Male-Female)

Mini Bread Board එකක්


ලයිට් එකක්, හෝන් එකක් එහෙම දාගන්න ඕනෙ නම් ඒවට ඕනෙ කරන LED, Buzzer, Resisters (220 ohms). 

පරණ සෙල්ලම් කාර් එක රැනුනම අනිත් උපකරණ ඔක්කොම aliexpress එකෙන් ඕඩර් කළේ. 
මුළු වියදම ගියේ රු. 3500ක් වගේ. (සෙල්ලම් කාර් එකේ මූලික වියදම නැතිව)
දැනට මගෙ ගාව තියෙන්නෙ, mini bread board, Uno 1, Jumber wires, mini usb cable, battery holder, හා කැඩුනු සෙල්ලම් කාර් එකක් විතරයි.

වයි ෆයි කැමරාවක් සවි කරන්නත් අදහස තිබෙනවා. 
ඒ අතරෙම පුළුවන් උනොත් ට්‍රයි එකක් දෙනව, මේකටම Obstacle Avoiding පහසුකමත් ලබාදෙන්න පුළුවන්ද කියල. 

එහෙනම් උපකරණ ටික එනකම් වැඩේ පටන් ගන්න බලාපොරොත්තුවෙන් දැන් නවතිනවා.

UPDATE (01/07/2019):
ඔන්න අද වෙනකොට ඔක්කොම උපකරණ ටික ලැබිල තියෙනව. 
මේ දවස් වල පොඩ්ඩක් වෙන දෙයකට හිර වෙලා ඉන්න නිසා තව ටික දවසක් මේක පටන් ගන්න ඉවසන්න වෙනව. ඉක්මනටම හදන්න ආරම්භ කරල ලියන්නම්. 

Tuesday, May 21, 2019

පොසොන් එකට NeoPixel LED වලින් අපේම මෝස්තර වලින් ගෙදර සරසමු

මේ වෙසක් එකට ඉතින් මම අපේ ගෙදර ලයිට් වලින් සැරසුවෙ NeoPixel LED  වැලකින්. වෙනත් තැන් වල තියෙන වර්ණ කිහිපයක් පමණක් තියෙන LED Lights වැල් වෙනුවට විව්ධාකාරයේ patterns හා දේදුන්නේ වර්ණ වලින් අපේ ගෙදර සැරසුනා.

ඒ ආර්ඩුයිනෝ වලින් කරපු තවත් වැඩක්. (ආර්ඩුයිනෝ වලින් කරපු වැඩ ගැන කියන්නම් කියල කිව්වට කියන්න බැරි උනු එකට සමාවෙන්න. i.e. Smart Home, remote controlling, etc)

පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්ත. මෙන්න පහලින් ඒක. 



ඔක්කොටම වඩා ලොකුම කතාව තමයි මෙන්න මේක.


ඉතින් මම හිතුව මේ කරපු එක ගැනවත් කියන්න.

මේක කළේ කොහොමද?

ආර්ඩුයිනෝ හා Addressable LED වැලක් උපයෝගී කරගෙන තමා මේක නිර්මාණය කළේ.

අවශ්‍ය දේවල් මොනවද?
  1. Arduino Development Board එකක්
  2. DC 5V ස්ථාවර විදුලි සැපයුමක්
  3. WS2811 NeoPixel LED වැලක් (හෝ කිහිපයක්)
  4. Arduino Development Board එක ප්‍රෝග්‍රෑම් කරගන්න පරිගණකයක් හෝ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් (Arduino IDE Install කර තිබිය යුතුයි.)
  5. ප්‍රමාණවත් තරමේ ක්‍රමලේඛනය පිළීබඳ දැනුමක්.
  6. Jumper Cables කිහිපයක්. 

මේ දේවල් ගැන තවත් විස්තර කළොත්.

  1. මේ සඳහා Uno, Nano ආදී ඕනෑම බෝඩ් එකක් භාවිතා කරන්න පුළුවන්. ඉතා කුඩා මෙමරි ප්‍රමාණයක් තමයි යන්නෙ.
  2. මේ සඳහා ripples එන්නෙ නැති 5V සැපයුමක් අවශ්‍ය වෙනව. සාමාන්‍යයෙන් එක් බල්බ් වැලක් දැම්මොත් ඒකට උපරිමම 3A ඕනෙ වෙනව. නමුත් අපි බල්බ් 50ම සුදු පැහැයෙන් දැල්වීමක් වෙන්නෙ නැති නිසා එච්චර ඕනෙ නෑ. ඒ නිසා 2A ෆෝන් චාජර් එකක් උනත් ඇති. හරියට ගන්නව නම් 5V 5A Power Supply / 5V 5A Buk converter එකක් ඕනෙ. එක් බල්බ් වැලක RGB LED 50ක් තිබෙනවා. බල්බ් එකක් සුදු පැහැයෙන් දැල්වුනොත් ඒක 60mA වගේ ගන්නව. ඒකයි 3A ඕනෙ කිව්වෙ. 
  3. මේ NeoPixel Addressable LED බල්බ් වැල් වල තියෙන විශේෂය තමයි මුලු බල්බ් වැලේම තියෙන එක එක බල්බයකට වෙන් වෙන්ව අණ දීමේ හැකියාව. ලොකුම විශේෂය තමයි බල්බ් 1000ක් තිබ්බත් ඒවට කමාන්ඩ්ස් දෙන්නෙ එකම එක ඩිජිටල් පින් එකකින් වීම. (එතකොට බල්බ් වැලේ තියෙන්නෙ වයර් 3යි. විදුලිය + හා - සමඟ සිග්නල් ලබා දෙන වයරය.)
  4. ප්‍රොග්‍රෑම් එක අප්ලෝඩ් කරන්න Arduino IDE එක හෝ වෙනත් Development Platform එකක් භාවිතා කරන්න පුළුවන්. ෆෝන් එකෙන් කරනව නම් ෆෝන් එක OTG Support කරන්නත් ඕනෙ.
  5. Sample Codes වලින් ගොඩක් දේවල් කරන්න පුළුවන්. නමුත් ඒව වෙනස් කරගන්න ඕනෙ උනොත්, ඔයාලගෙන patterns හදන්න හිතුනොත් Arduino Programming ගැන නම් පොඩි හරි දැනුමක් ඕනෙ වෙනව. ගොඩක් දේවල් ඕනෙ නෑ For loop වගේ දේවල් ගැන දැනන් හිටිය නම් හොඳටම ඇති.
මිල ගණන් ගැන කිව්වොත්.
  1. නැනෝ බෝඩ් එකක් ලංකාවෙ රු. 700ක් වගේ වෙනව. නමුත් අලි එකෙන් වගේ ගන්නව නම් ඊට ගොඩක් අඩු මිලකට ගන්න පුළුවන්.
  2. ඉස්සෙල්ල කිව්ව වගේ චාජර් එකක් භාවිතා කළොත් වියදම බිංදුවයි. නමුත් 230V-5V Power supply එකක් ගත්තොත් නම් රු. 500-1000 අතර මිලක් යයි. නැත්තම් මම කළා වගේ 12-5V Buk converter එකක් භාවිතා කළොත් රු. 350/=යි.
  3. එක් බල්බ් වැලක් මම මිලට ගත්තෙ රු. 1350/=කට නමුත් හුඟක් තැන් වල රු. 1100-1200 වගේ මිලට තිබුණ කියල හුඟක් අය කිව්ව. කොටුවෙ රු. 600-800ට වගේ තියෙන ඒව නම් තත්ත්වයෙන් බාලයි කියල සමහරු කියල තිබ්බ. 
ඉතින් වියදම බැලුවොත් රු. 2300/-කින් වගේ බල්බ් 50ක් එක්ක හදාගන්න පුළුවන්. 

බඩු ටික ගත්තෙ කොහෙන්ද?

හොඳ ප්‍රශ්නයක්. බොහොමයක් දෙනාට තියෙන ප්‍රධානම ප්‍රශ්නෙ.
තමයි මම දන්න හොඳ තැන්. මේව නම් ඉතින් කොළඹ දිස්ත්‍රික්කය තුළ. නමුත් මේ හැමෝම වගේ ලංකාව පුරා එයාලගෙ භාණ්ඩ බෙදා හරිනව. 


හදාගන්න කොහොමද?

වැල්වටාරම් කියෙව්ව ඇති. හදාගන්න විදිහ ගැන කතා කරමු.
ඉතින් අර කිව්ව බඩු ටික එකතු කරගන්න.
ඊට පස්සෙ ඒව මේ විදිහට අමුණගන්න.

මම භාවිතා කළේ නැනෝ බෝඩ් එකේ D2 Pin එක සිග්නල් යවන්න. ඔයාල කැමති පින් එකක් භාවිතා කරන්න පුළුවන්. 
පරිගණකයේ Arduino IDE එක open කරන්න. 
ඒකෙ Library Manager ඕපන් කරගන්න. 
ඒකට FastLED Library එක ස්ථාපනය කරගන්න.
දැන් ඉතින් ප්‍රෝග්‍රෑම් එක ලියන්න පටන් ගන්න.

#include <FastLED.h>  //FastLED LIbrary එක ඉම්පෝර්ට් කළා. 

#define DATA_PIN     2 //Data send කරන pin එක 2 කියල කිව්ව. 
#define NUM_LEDS    50 //අපි සවි කරල තියෙන්නෙ බල්බ් 50යි කිව්ව. 

CRGB leds[NUM_LEDS]; //අපි වර්ණ දෙන්නෙ RGB Color Codes වලින් කිව්ව. 

void setup() {
  FastLED.addLeds<WS2811, DATA_PIN, RGB>(leds, NUM_LEDS);

}

void loop() {

//මෙතන දැන් අපේ ඕනෙ කෝඩ් එකක් ලියන්නයි තියෙන්නෙ. 

  }

කෝඩ් එක ලියල ඉවර උනාට පස්සෙ ඒක ඩේටා කේබල් එක මාර්ගයෙන් බෝඩ් එකට අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් උනු ගමත් ඉතින් ලස්සනට ලයිට් ටික පත්තු වෙන්න ඕනෙ.

FastLED Library එකත් එක්ක සාම්පල් කෝඩ් සෙට් එකකුත් ලැබෙනව. ඔයාලට ඒව ට්‍රයි කරල බලන්න පුළුවන්.


අපේ නිසල් මිත්‍රයා තවත් කෝඩ් ටිකක් හදල එයාගෙ GitHub එකටත් දාල තිබුණ. ඒවත් ට්‍රයි කරන්න. 





මම උඩ මගෙ විඩියෝ එකේ දාල තියෙන Patterns Mix එකට අදාල කෝඩ් එක ඕනෙ නම් මේ පහල OneDrive ලින්ක් එකෙන් ගන්න. 



එහෙනම් එන පොසොන් එකට Arduino and NeoPixel වලින් ගෙවල් සරසගන්න ආරාධනා කරනව.
තාක්ෂණික ගැටළුවක් ආවොත් අහන්න. පුළුවන් විදිහට කියල දෙන්නම්. දන්නෙ නැති නම් දන්න තැනකට යොමු කරන්නම්. 

ඊලඟට කරන්න ඉන්නෙ ප්‍රොජෙක්ට් එක. රිමෝට් කන්ට්‍රෝල් කාර්.

Thursday, January 3, 2019

සාර්ථකව ඉංග්‍රීසි කතා කරමුද?



ඉංග්‍රීසි
හුඟක් අයට තියෙන ප්‍රශ්නයක්

ඉංග්‍රීසි කතා කිරීම
හුඟක් අයට තියෙන බයක්. 

ඉතින් මගෙ අදහස් ටිකකුත් කියන්න හිතුව.

මුලින්ම මගෙ කියවන්නන් සියළුම දෙනාට සුභම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. ඔබ සියළු දෙනාගේම සියළුම අනාගත සැලසුම් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!

ආපහු සබ්ජෙක්ට් එකට. 
මම පාසලේදී පමණක් නෙමෙයි, අමතර පංතියක් හරහාත් ඉංග්‍රීසි හොඳින් ඉගෙනගත්ත. ඔව්. මට සා. පෙළ වෙනකොට ඉතා හොඳින් ඉංග්‍රීසි ලියන්න හා කියවන්න පුළුවන්. නමුත්, මට කතා කරන්න ඉතාම අපහසුතාවයක් තිබ්බ. 
මම සිංහල සාහිත්‍ය සංගමයේදී, පාසල් රැස්වීම් වලදී සිංහලෙන් කතා පවත්වා පවා තිබුණත් ඉංග්‍රීසියෙන් කතා කිරීම මට හරිම අපහසුවක් තිබුණ. මම හරිම බය උනා. 
ඉතින් මම මොකද කළේ? ටික ටික කතා කරන්න ආරම්භ කළා. උසස් පෙළදී මම පාසලේ පංතියේ ඉංග්‍රීසි කාල පරිච්ඡේදයේදී ඉංග්‍රීසියෙන් කතාවක් කළා. ඒකත් එක්ක මටම තේරුනා මට කතා කරන්න පුළුවන් කියල. ටික ටික ප්‍රසිද්ධි‍යේ කතා කරන්න හුරු උනා. 
විශ්ව විද්‍යාලයේදී කථිකාචාර්ය වරු එක්ක කතා කරනකොට, ප්‍රශ්න අනහකොට, ප්‍රශ්න වලට උත්තර දෙනකොට තව තවත් හුරු උනා. 
මම රැකියාවට එනකොටත් හොඳින් මට ඉංග්‍රීසි කතා කළ හැකියි. රැකියාවේදී ඉංග්‍රීසි භාවිතය ඉතාම ඉහළයි. ඉතින් තව තවත් හැකියාව ඉහළ නංවා ගත්ත. අපි පිටරට අය එක්කත් සම්බන්ධතා පවත්වනවා. ඔවුන් එක්ක උනත් ඉතා පහසුවෙන් ඉංග්‍රීසියෙන් කතා කිරීමට පවා හැකියාව දැන් දියුණුයි.

ඉතින් මේ පහත දේවල් ටික කළොත් ඔයාලටත් හොඳින් බය නැතිව ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලබා ගන්න පුළුවන්. 

අංක 1.
"අනිත් අය මට හිනා වෙයිද!"
"අනේ මට වරදීද!"
"වෙන අය මගෙ ගැන මොනව හිතයිද!"
ඔබත් මෙහෙම හිතන කෙනෙක්ද?
එහෙනම් මුලින්ම මේ සිතිවිල්ල ඉවත් කරගන්න. මොකද මේ සිතිවිල්ල එක්ක නම් සාර්ථකව ඉංග්‍රීසි කතා කිරීම සිහිනයක්ම පමණයි.
බය නැති කරගන්න. මේක තමා සාර්ථකව ඕනෑම භාෂාවක් කතා කිරීමට අවැසි වන මූලිකම හා ප්‍රධානතම අවශ්‍යතාවය.
තමන් ගැන විශ්වාසය ගොඩ නඟාගන්න. වැරදීමට බිය වෙන්න එපා. 
ඔබ පොඩි කාලයේදී එක පාරම නැගිටල දිව්වෙ ඇවිද්දෙ නෑ නේද? භාෂාවකටත් ඒක පොදුයි.
වෙන අයට පුළුවන් නම් ඇයි ඔබට බැරි?

"ඔව්. මට පුළුවන්. මම බය නෑ" 
එහෙම හිතන්න.


......................................................................
......................................................................

මේ ලිපියේ තව මේ වගේ වටිනා tips 9ක් තියෙනව. සම්පූර්ණ ලිපිය කියවන්න මගෙ අලුත් personal web site එකේ ලිපියට මේ පහත සබැඳියෙන් යන්න.



-----------------------------------------------------------------------------------------
BONUS
-----------------------------------------------------------------------------------------


I will be talking about tips and tricks on improving your English speaking, reading, writing and listening skills on my podcast. You can listen to them also. 


All these are the recordings I did for "OpenTalk" App.
You can view my OpenTalk profile by going through the below link.

OpenTalk is an android/iphone app which can be used to talk with people all around the world to improve your language speaking skills. It is not limited to English, but many other languages. You can create your account, follow me and add me as a buddy to listen to my podcasts on the app and also talk with me to improve your English language skills. 
-----------------------------------------------------------------------------------------

මෙවන් ප්‍රයෝජනවත් ලිපි ඔබගේ ඊ මේල් ගිණුමටම ලබා ගන්න, මා සමඟ Subscribe වන්න පහත ඔබගේ ඊ මේල් ලිපිනය එකතු කරන්න.


Enter your email address:


Delivered by FeedBurner