Tuesday, September 17, 2019

Widgets

ඔබගේ ඉංග්‍රීසි හැකියාව දියුණු කරගන්න ක්‍රම 100ක් - පළමු 25

ඉතින් ආයුබෝවන්!.
මේ මාතෘකාව එක්ක මම ඉතා දිග ලිපියක් ලියාගෙන යනව.
නමුත් පෙනුනු කාරණය, කාලය එක්ක ලිපිය ඉවර කරන්න යන කාලය ඉතා වැඩියි. ඉතින් මේ tips 100, 25 කොටස් වලට කඩල දෙන්න හිතුව. එතකොට ඔයාලට බලන්නත් ලේසී, මට ලියන්නත් ලේසී.

මීට පෙර මම ලියපු, "සාර්ථකව ඉංග්‍රීසි කතා කරමුද" ලිපිය කියවන්න මෙම සබැදියෙන් යන්න.

ඉංග්‍රීසි කියන්නෙ මේ කාලෙ අත්‍යවශ්‍යම දෙයක් වෙලා.
රැකියාවේ වැඩකටයුතු, අන්තර්ජාලය සම්බන්ධව වැඩ කටයුතු වලට පමණක් නෙමෙයි, බොහොමයක් එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලටත් ඉංග්‍රීසි අත්‍යවශ්‍ය දෙයක් වෙලා.
ඉතින් ඔබ ඉංග්‍රීසි දැනුම ලබා ගැනීමට උත්සාහ කරන, යම් අපහසුතා තිබෙන කෙනෙක් නම්, මේ තොරතුරු ටික ඔබට ඉතාමත්ම ප්‍රයෝජනවත් වේවි.
ඔබගේ ඉංග්‍රීසි, ලිවීමෙ, කියවීමේ, තේරුම් ගැනීමේ හා කතා කිරීමේ හැකියාව දියුණු කර ගැනීමට මම ඔබට කෙටි උපදෙස් 100ක ලැයිස්තුවක් ලබා දෙනවා. 

  1. වැරදීම් සිදු කරමින් කතා කිරීමට බිය වන්නට එපා. ඔබ ගැන විශ්වාසය ඇති කරගන්න. අනෙකුත් අයට ඔබව නිවැරදි කළ හැක්කේ ඔබ වැරදීම් සිදු කරමින් කතා කරනවානම් පමණයි. 
  2. ඔබව ඉංග්‍රීසි වලින් වට කරගන්න. ඉංග්‍රීසි කථා කරන වටපිටාවක ජීවත් වීමට උත්සාහ කරන්න. එවිට ඔබට සක්‍රිය හා අක්‍රිය ව ඉංග්‍රීසි ඉගෙන ගැනීම සිදු කළ හැකි සිදුකළ හැකි වනවා. ඉංග්‍රීසි ඉගෙනීමට හොඳම ක්‍රමය ඉංග්‍රීසි කතා කිරීමයි.
  3. දෛනිකව ඉංග්‍රීසි පුහුණු වන්න. ඉංග්‍රීසි අධ්‍යයන සැලැස්මක් සකසා ගන්න. ඔබට සතියකට ඉංග්‍රීසි ඉගෙනීම වෙනුවෙන් වෙන්කළ හැකි කාලය තීරණය කර එයට අනුගත වන්න. කාල සටහනකට අනුව වැඩ කරන්න.
  4. ඔබගේ ඉංග්‍රීසි අධ්‍යයන සැලැස්ම සම්බන්ධයෙන් ඔබගේ පවුලේ අයට සහ මිතුරන්ට පවසන්න. එම සැලැස්මට අනුගත වීමට ඔබට බල කරන්නැයි ඔවුන්ට පවසන්න. ඊට අවහිර කිරීමට ඔවුන්ට ඉඩ නොදෙන්න.
  5. භාෂාවේ මූලිකාංග 4 පුහුණු කරන්න. කියවීම, ලිවීම, කතා කිරීම හා සවන් දීම. ඔබට ඉංග්‍රීසි වැඩි දියුණු කරගැනීමට මෙම 4ම අත්‍යවශ්‍ය වෙනවා. 
  6. ඔබ සමඟ සැම විටම කුඩා සටහන් පොතක් තබාගන්න. ඔබ ඉගෙන ගන්නා නව වචන එහි ලියන්න. ඒවා වාක්‍ය වල භාවිතා කරන්න. ඒවා භාවිතා කරමින් කතා කරන්න.
  7. දිනකට එක් වරක්වත් ඔබගේ ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් පාඩම් කටයුත්තක් සිදු කරන්න.
  8. කට පාඩම් කිරීම කියන්නෙ විභාගයක් ලිවීමට වගේ දේකට මතක තබා ගන්නා ආකාරයක්. නමුත් මෙහිදී එය අසාර්ථකයි. මොකද කට පාඩම් කළ දේ විභාගයෙන් පසුව මතකයෙන් ගිලිහෙනවා. ඉතින් ඉංග්‍රීසි කඩ පාඩම් කරන්න යන්න එපා. කළ යුතු වන්නේ භාවිතයයි. 
  9. ඔබගේ ශරීරයේ ඔරලෝසුවට අනුව වැඩ කරන්න. ඔබට උදේ වරුවේ ඉගෙනීම් කරන්නට බැරි නම් හවස් වරුවේ හෝ රාත්‍රියේ ඉගෙනීම් කටයුතු සිදු කරන්න. 
  10. ඔබ නව වචන ඉගෙනීමට උත්සාහ දරන විට එය වාක්‍යයක් තුළ යොදා මතක තබා ගැනීමට උත්සාහ කරන්න. එවිට වචන මතක තබා ගැනීම ඉතා පහසු වනු ඇති. 
  11. විභාගයක් වෙනුවෙන් පමණක් ඉංග්‍රීසි ඉගෙනීම සිදු නොකරන්න. ඔබට හොඳ ඉංග්‍රීසි හැකියාවක් තිබෙන විට එය ඔබට, ඔබගේ ජීවිතයට ධනාත්මකව බලපානා ආකාරය සිතට ගන්න. 
  12. ඔබ, ඔබට දිගු කාලීන ඉලක්කයක් ලබා දෙන්න (ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය වෙනුවෙන්). ඒ වෙනුවෙන් වැඩ කරන්න. 
  13. ඔබ, ඔබගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය වෙනුවෙන් කෙටි කාලීන ඉලක්ක ඔබගේ සිතට ලබා දෙන්න. ඒවා ජය ගන්න. ඒ ජයග්‍රහණ වෙනුවෙන් ඔබටම තෑගි, ප්‍රශංසා ලබා දෙන්න. 
  14. ඔබ "ඉංග්‍රීසි ඉගෙන ගත යුතු නිසා ඉගෙන ගනිමි" යන සංකල්පයෙන් බැහැරව, ඔබට ඉංග්‍රීසි ඉගෙන ගැනීම අවශ්‍යයි යන සිතිවිල්ලේ සිට ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඔබ කැමැත්තෙන් ඉගෙන ගන්නවා නම් ඔබ වඩා හොඳින් ඉගෙනගන්නවා. 
  15. ඔබට ගැළපෙන ක්‍රම තේරුම් ගන්න. මීට පෙර ඔබට සාර්ථක වූ ක්‍රම මේ වෙනුවෙනුත් භාවිතා කරන්න. 
  16. ඔබට ඉංග්‍රීසි ඉගෙනීමට පහසුම ක්‍රමය තේරුම් ගන්න. එය, කියවීමෙන්, ලිවීමෙන්, කතා කිරීමෙන් හෝ සවන් දීමෙන් සිදු වන්නට පුළුවන්. ඔබට සාර්ථක ක්‍රමය හඳුනා ගෙන ඒ ඔස්සේ ගොස් ඉගෙනගන්න.  සමහර අවස්ථා වලදී ඒ ක්‍රම වල සම්මිශ්‍රණයක් වන්නටත් පුළුවන්. 
  17. ඔබට නොතේරෙන යමක් ඇති නම් ඔබගේ නෑදෑයෙකුගෙන්, ගුරුවරයාගෙන්, මිතුරන්ගෙන් හෝ වෙනස් අයගෙන් ඒවා අසා තේරුම් ගන්න. 
  18. පුණරීක්ෂණය කරන්න, පුණරීක්ෂණය කරන්න, පුණරීක්ෂණය කරන්න. ඔබ උගත් දේ යළි යළිත් අධ්‍යයනය කරමින් අභ්‍යාස කරන්න. 
  19. තනිවම අධ්‍යයනය කරන විට මිනිත්තු 30කට වඩා අධ්‍යනයන් කරන්න එපා. නිති පරිදි කුඩා විවේක ලබා ගන්න. පොඩ්ඩක් නැගිටල එලියට ගිහිල්ල හුළං ටිකක් වැදිල, අත පය දික් කරල හිරි ටිකක් ඇරල මිනිත්තු කිහිපයකට පස්සෙ ආපහු ආරම්භ කරන්න. 
  20. ඉක්මනට ඉක්මනට Level Up වෙන්න උත්සාහ කරන්න එපා. ඉන්න level එකට හිත යොමු කරල එම මට්ටමේ හැකි තරම් දියුණු වෙන්න උත්සාහ කරන්න. ඒ මට්ටම ගැන ඔබ ඇත්තටම සෑහීමකට පත් වනතුරු ඒ මට්ටමේම ඉඳන් වැඩ කරන්න. 
  21. TV එකේ ෆිල්ම් බලනවට වඩා DVD එකක් ගෙනත්, නැතිනම් පරිගණකයේ ෆිල්ම් එකක් බලන එක තමා වඩා හොඳ. මොකද ඔයාලට මොනව හරි තැනක් මිස් උනොත්, ආපහු අහල තේරුම් ගන්න ඕනෙ උනොත්, ඒක ඉතාම පහසුවෙන් කරන්න හැකියාව තිබෙන නිසා. 
  22. රූපවාහිනියෙන් දේවල් බලනකොට ඒක යලිත් අහන්න බැරි වෙන නිසා, දෙයක් මුල් වතාවෙම තේරුම් ගන්න උත්සාහ කරන්න ඔයාලට ඒකෙන් අවස්ථාවක් ලැබෙනව. මේක ගොඩක් හොඳයි යම් ඉංග්‍රීසි දැනුමක් තියෙන අයට. අනිත් එක, මේක හුඟක් ප්‍රයෝජනවත් වෙනව ඉංග්‍රීසි තමන්ගෙ මව් භාෂාව උනු කෙනෙක් එක්ක කතා කරනකොට. මොකද එයාලට එයාල කියපු දෙයක් ආපහු කියන්න කියල ඔයාලට කියන්න ඕනෙ වෙන්නෙ නෑ. 
  23. විවිධ වයස් මට්ටම් වලට / විවිධ ඉංග්‍රීසි දැනුම මට්ටම් වලට වෙන් කරලම සකස් කරපු කතා පොත් තිබෙනවා. ඒවායෙන් ඔබගේ ඉංග්‍රීසි දැනුමට ගැළපෙන ආකාරය් පොත් තෝරාගෙන කියවන්න. එය කියවීම ඔබට පහසුවෙන් කළ හැකි වනවා පමණක් නොවෙයි, ඔබට මුළු පොතම කියවා අවසන් වූ පසු ලොකු සතුටකුත් දැනේවි. 
  24. ඉහත කිව්ව වගේ විවිධ දැනුම මට්ටම් වලට සකස් කරපු පොත් නොමැති උනත් ළමා පොත් කියවීම සිදු කිරීම ඉතාම පහසුයි. මොකද ඒවා ඉතාම සරළ බසින් ලියා ඇති නිසා. ඒවායින් ආරම්භ කරන්න, ටික ටික ඉහළට එන්න, 
  25. පුවත්පත් කියන්නෙ හොඳම මාධ්‍යයක් වාක්‍ය රටා, කර්මකාරක වාක්‍ය, වාර්තානුකූල ආකාරයේ වාක්‍ය ඉගෙනගන්න. ඇයි අලුත් වචන. ඉතින් පුවත්පත් කියවල ඒ දේවල් ඉගෙනගන්න උත්සාහ කරන්න.

හරි අදට ඇති. මේ මාතෘකාව යටතේ එතකොට තව ලිපි 3ක් එනව. මම 100ක ලිව්වට පස්සෙ ඒ 100 එකතු කරල තව දේවලුත් එකතු කරල PDF එකක් වශයෙන් ඒක ඔයාලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනව ඔයාලට අත් පොතක් වශයෙන් භාවිතා කරන්න ලබා දෙන්න. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න.
මගෙ බ්ලොග් එකට සබ්ස්ක්‍රයිබ් වෙලා නැතිනම් දැන්මම සබ්ස්ක්‍රයිබ් වෙන්න. එතකොට අලුත් ලිපි ඔයාලගෙ ඊ මේල් ඉන්බොක්ස් එකට එවෙලෙම එනව. ඒකට පහත බොක්ස් එක භාවිතා කරන්න. 

Enter your email address:


Delivered by FeedBurner

තව දෙයක් කියන්න තියෙනව. මම අලුත් ප්‍රොජෙක්ට් එකකටත් සම්බන්ධ වෙලා ඉන්නව. සමහර විට ඔයාල දන්නවත් ඇති. #The කඩ්ඩ.
ඒ වෙබ් අඩවියටත් ගිහිල්ල බලන්න. ඔයාලට ඉගෙනගන්න ගොඩක් දේවල් තියේවි. Avanthi Niroshani එයාගෙම ආරකට ඉංග්‍රීසි උගන්වනව. ඔයාලටත් ආස හිතේවි.




4 comments:

ලිපිය කියෙව්වාට ගොඩාක් ස්තුතියි. ඒත් එක්කම ඔබගේ අදහස් මට ගොඩක් වටිනවා. අදහස් උදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටළු, මෙහි ලියන්න.